Translate

Tuesday, October 15, 2024

විජය පත්තරේට 45යි බාලදක්ෂ කඳවුරට 33යි ! විජය බාලදක්ෂ කඳවුරේ 33වැනි සංවත්සරය

ඔක්තොබර් 15 වන අද දිනට 45 වසරක් සමරන ‘විජය’ පුවත්පත මෙවර ඔබ අතට පත්වන්නේ විජය පුවත්පතේ විජයග්රාහී ගමනේ තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එමිනි.
 
කවරය - පියල් උදය සමරවීර මහතාගේ සිතුවමකි

1980 ජුලි 20 වැනි දිනෙන් ඇරඹුණු විජය මෙරට ළමයින්ට කියවන්නට තවත් ළමා පුවත්පතක් ලෙස එක් වූයේ දින වේ.  1980 ජනවාරි 01 වැනිදා අලුතින් ආරම්භ කරන ලද විජය පුවත්පත් සමාගම විසින් " විජය" ළමා පුවත්පත ප්රකාශයට පත් කිරීම ළමයින් සඳහා කරන ලද මාහැඟි සේවාවක් බව අද වන විට අප පවසන්නේ නිහතමානීවය.

ලේක් හවුස් පුවත්පත් සමාගමේ සිට පැමිණි ජ්යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන්ගේ දායකත්වයෙන් හැඩ ගැන්වුණු පුවත්පත් හතරක් අතරින් එකක් ලෙස විජය පුවත්පත බිහි වූයේ එවකට ජනප්රියම ළමා පුවත්පත වූ මිහිර සමඟ තරගයක් ඇති කරමිනි. දශක පහකට ආසන්න කාලයක් ජීව ගුණයෙන් සපිරිව ළමයින් පෝෂණය කරන විජය ළමා පුවත්පතට දායකත්වය ලබා දුන් සියලු දෙනා අප සිහිපත් කරන්නේ ඉතාමත් කෘතවේදීව ය.

එසේම විජය ළමා පුවත්පතේ ආරම්භක කර්තෘ වූ කිත්සිරි සමරනායක ජ්යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන් වැනි අය සිහිපත් කරමින්, පර්සි ජයමාන්න මහතා, පියල් උදය සමරවීර වැනි විශිෂ්ටයන්ගේ මතක ආවර්ජනයන් මෙවර විජය පුවත්පතින් කියවන්න. විජයට නම ලැබුණ හැටි වගේම මල්මාගේ නහයේ මලක් පැලවුණු හැටි මෙවර විජය පුවත්පතින් කියවන්න ඔබටත් පුළුවන්. කෙතරම් බාධක හමුවේ වුවද තවත් බොහෝ කල් නවීන තාක්ෂණය සමග මුසුවෙමින් ඔබට දැනුම ආකල්ප සමගින් පාඩම්පොතට වැඩි යමක් ගෙන ඒම අපගේ බලාපො⁣රොත්තුවයි. විශේෂයෙන් අනාගත ලෝකයට කියවන පරපුරක් ඉතිරිකිරීමට වෑයම් කිරීම අපගේ උත්සාහයයි..එය ඉටු කිරීමට දායකත්වය ලබා දීම ඔබ සැමගේ යුතුකමයි..
 
විජය ශ්‍රී ලංකාවේ සතිපතා ප්‍රකාශනයට පත්වන ළමා පුවත්පත් අතරින් වැඩිම ආකර්ශනයක් දිනාගත් පුවත් පතකි.  සීමාසහිත විජය ප්‍රකාශන ලෙසින් හැඳින්වුණු සීමාසහිත විජය පුවත්පත් සමාගම (WNL), 1979 වසරේදී රංජිත් සුජීව විජේවර්ධන නැතිනම් පොදුවේ හැඳින්වෙන පරිදි රංජිත් විජේවර්ධන විසින් ආරම්භ කරන්නට යෙදිණි. ඔහු ප්‍රකට ජනමාධ්‍ය හිමිකරුවෙකු වූ ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයායි. ඩී.ආර්. විජේවර්ධන විසින්, 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් රජයට පවරා ගැනීමට පෙර, 1926 දී සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL නැතිනම් ලේක්හවුස් ලෙසින්ද හැඳින්වෙන) ආරම්භ කළ පුරෝගාමියා වේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආරම්භ සභාපති මෙන්ම බහුතර කොටස් හිමිකරු ලෙසින්ද රංජිත් අප්පො ක්‍රියා කරයි.
 
 
මෙම සමාගම සීමාසහිත විජය ප්‍රකාශන යන නම යටතේ 1979 දී ආරම්භ වූවද, එය සතිපතා ඉරිදා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ 1986 දී වන අතර, ඊට යම් කාලයකට පසු 1991 දී දිනපතා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කෙරිණි. මීට අමතරව ලේක් හවුස් හිද 0.57% ක කොටස් රංජිත් අත තිබේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති තනතුර දැරීමට අමතරව, ඔහු සීමාසහිත ලේක් හවුස් මුද්‍රණකරුවෝ සහ ප්‍රකාශකයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයද, සීමාසහිත ලේක් හවුස් පොත් හල (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත එල්.එච්.ප්ලාන්ටේෂන්ස් (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත රන්වැලි හෝල්ඩින් විලේජ් සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත සාරතී සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත විජය ග්‍රැ‍ෆික්ස් (පුද්.) සමාගමේ සභාපති ධූරයද දරයි. එසේම ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයද හොබවයි. මීට අමතරව ඔහු සීමාසහිත ෆ්‍රොයෙඩන්බර්ග් සහ සමාගම (ලංකා)හි සහ සීමාසහිත ආර්.එස්.ප්‍රින්ටෙක් (පුද්.) සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටී. මීට අමතරව සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගමේ නිර්මාතෘ උපාලි විජේවර්ධන යනු රංජිත්ගේ ඥාති සොහොයුරා වෙයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු රංජිත්ගේ බෑනනුවන් ද වේ. රංජිත් විජේවර්ධන, ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ ඩී.එස්.සේනානායකගේ මිණිබිරිය වූ රංජිනී නීලා සේනානායක හා විවාහ විණි. රංජිනීගේ පවුලේ අනෙකුත් අවධානයට ලක්වන පවුල් සාමාජිකයින් අතරට ලංකාවේ දෙවෙනි අග්‍රාමාත්‍ය වූ ඩඩ්ලි සේනානායක (මාමා) සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රුක්මන් සේනානායක අයත් වේ. රංජිත් හට දරුවන් තිදෙනෙකු. මේ අතරට වර්තමාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ විජේවර්ධන ව්‍යාපාර සමූහයට අනුබද්ධ සීමාසහිත ලේක් හවුස් මුද්‍රණකරුවෝ සහ ප්‍රකාශකයෝ සමාගමේ විධායක අධ්‍යක්ෂ සුජාන් විජේවර්ධන ද අයත් වේ.
 
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආනන්දි බාලසිංහම් හැරෙන්නට සමාගමේ අනෙකුත් සියලුම කොටස් හිමිකරුවන් විජේවර්ධන පවුලේ සාමාජිකයින් වේ. විජය පුවත්පත් සමාගමේ කොටස් හිමිකාරීත්වය ඇති සීමාසහිත සාරතී යනුද විජේවර්ධන පවුලට අයත් සමාගමකි. විජය පුවත්පත් සමාගමේ නිර්මාතෘ රංජිත් විජේවර්ධන, තම පියාගේ සමාගම වන සීමාසහිත ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති තනතුර, එය 1973 දී රජයට පවරා ගැනීමට පෙර දරා තිබිණි. 

විජය පුවත්පත් සමාගම ආරම්භ කිරීමෙන් පසු රංජිත් විජේවර්ධන විසින් සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා පුවත්පත් කිහිපයක්ම දියත් කරන්නට යෙදිණි. ඒවා නම් ඉරිදා ලංකාදීප (1986), සන්ඩේ ටයිම්ස් (1987), ලංකාදීප (1991) සහ ඩේලි මිරර් (1999) වේ. මීට අමතරව විජය පුවත්පත් සමාගමට අයත් ප්‍රකාශනයන් අතර අද, බිළිඳු, ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් (Daily FT), Go: Guys only සඟරාව, Hi!! සඟරාව, LW (Lanka Woman සඟරාව, මිරර් ස්පෝර්ට්ස්, පරිගණක, සිරිකත, ටැමිල් මිරර්, තරුණයා, විජේයි සහ විජය පුවත්පත් අයත් වේ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික පුවත්පත් ප‍්‍රකාශකයා වන විජය පුවත්පත් සමාගම (WNL) Oracle Cloud භාවිතා කරමින් සිය මාර්ගගත (online) ප‍්‍රකාශන 25 හි වර්ධනය වෙමින් පවතින පාඨකයන්ගේ කියවීමේ අත්දැකීම ඉහළ නැංවීමට කටයුතු කර ඇත. Oracle Cloud Infrastructure (OCI) භාවිතා කිරීම නිසා විජය පුවත්පත් සමාගමට Multimedia අන්තර්ගතයන් තම පරිශීලකයන්ට පෙරට වඩා සියයට 20 ක වේගයෙන් ලබා දීමට හැකි අතර මේ හරහා පද්ධතිය අඛණ්ඩවම පවත්වා ගනිමින් පිරිවැය සියයට 40 කින් ද අඩු කර ගැනීමට හැකි වී ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් සම්බන්ධතා රහිත ඩිජිටල් වේදිකා සඳහා ඉහළ ඉල්ලූමක් ඇති වූ අතර WNL ග‍්‍රාහකයන් බොහෝ සංඛ්‍යාවක් නවතම පුවත් දැනගැනීම සඳහා සිය ඩිජිටල් වේදිකා වෙත යොමුවන බව ඔවුන්ට දැකගත හැකි විය.

විජය පුවත් පත (Wijeya Child Periodical)
 
විජය පුවත්පත මෙරට ළමා පුවත්පතක් වන හෙයින් ඒවායේ ඉලක්ක ගත පාඨක කණ්ඩාම ළමා පරපුරවේ. එම නිසා විජය පුවත්පත් සමාගමේ ළමා පුවත්පහි පරමාර්ථ ළමා අධ්‍යාපනය සැකසිමට ඉවහල්වන ආකාරයේ පුවත් සහ දැනුම ලබාදීමේ අරමුණු සමග පෙරදැරිව ඇත. ළමා පුවත් පතකින් ඉටුවිය යුතු කාර්යභාරය කුමක්දැයි මුලින්ම වටහා ගැනීම වැදගත්ය. ජාතික පුවත්පතකින් බොහෝදුරට එදිනෙදා ප‍්‍රවෘත්ති පාඨකයන් වෙත ගෙනයාම සිදුවන බව නොරහසකි. එසේ නොවුණ හොත් ජාතික පුවත්පතකින් ඇති ප‍්‍රයෝජනතාව බිඳ වැටේ.එමෙන්ම ළමා පුවත්පතකන් ඉටුවිය යුතු කාර්යය වන්නේ ළමයින් වෙත ප‍්‍රවෘත්ති ගෙනයාම නොව ළමා අධ්‍යාපනය සාරවත් කරගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම වේ. මේ කර්තව්‍ය සිදුකිරීම එතරම් පහසු නොවේ. 
 
ළමා අධ්‍යාපනය නැංවීම පාසල තුළින් සහ අනෙකුත් අධයාපනික ආයතන තුළින් සිදුවේ. පාසල තුළින් ලබා දෙන අධ්‍යාපනයම පුවත්පතක් තුළින් ලබා දීම ප‍්‍රායෝගික නොවන බව විජය කර්තෘ ම්ඩලයේ හැඟීමයි. මුද්‍රිත මාධ්‍යක් ලෙස ළමා පුවත්පතකට සුවිශේෂී කාර්යයක් පැවරී ඇති බව හඳුනාගත හැකිය. ළමා අධ්‍යාපනය ගොඩනැංවීමේ අරමුණින් ප‍්‍රකාශ වන ළමා පුවත්පත්වලට ඒ අනුව ජයගත යුතු අභියෝග පවතින පෙන්වා දිය හැකි අතර ඒවා නිරාකරණය කරගැනීම මත පුවත්පතේ පැවැත්ම තහවුරු වන බව සඳහන් කළ හැකිය. විජය පුවත්පත ළමා අධ්‍යාපනය සඳහා දක්වන දායකත්වය වටහා ගැනීම පහසු වනු ඇත.

පාසල තුළින් ලැබෙන දැනුමට අතිරේක ලෙස විකල්ප අධ්‍යාපයක් ලබා දෙමින් මෙරට සිසුන් දැනුමින් පෝෂිත කිරීම විජය පුවත්පතේ මුලික පරමාර්ථ ලෙස දැක්විය හැකිය. විජය පාසල තුළ පවත්නා අධ්‍යාපනය සහ ළමා පුවවත්පතකින් දය යුතු අධ්‍යාපනය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරයි. පාසල තුළින් සේම ළමා පුවත්පතින් ද ඉටුවිය යුතු අධ්‍යාපනික මෙහෙවරවන්නේ දුවා දරුවන් දැනුම, කුෂලතා, ආකල්ප වර්ධනය කරවීමයි. ඒ අනුව මොළය සහ හදවත සහ හසුරු කුසලතා හෙවත් 3H (Head, Hart,Hand) සංකල්පය සංවර්ධනය කරමින් රටට වැඩදායි දරුවන් පිරිසක් බිහි කිරීම පාසලේ මුලික අධ්‍යාපන අරමුණ වනවා සේම ළමා පුවත්පත ද අවසන් අරමුණ විය යුත්තේ එයමය. විජය පුවත්පත ද ඒ සඳහා කැප වී සිටින අතර වඩා නිර්මාණශිලී ලෙස මෙම සංකල්පයන් වර්ධනය කිරිමට උත්සහ ගන්නා ආකාරය ඔබට හඳුනගත හැකිය. ඒ අනුව විජය පුවත්පතේ අධ්‍යාපනික අරමුණු 3 H සංකල්පය වටා ගොඩනංවා ඇත.

 

රංජිත් විජයවර්ධන මහතා විජය පුවත්පත් සමාගම ආරම්භ කරන්නේ සුබසිංහ මහතා හා ඔහුගේ අගසව් පර්සි ජයමාන්න මහතාත් සමගය. ඉන්පසු රෝලන්ඩ් අබේසිංහ දසනායක යන මහත්වරුන් සම්බන්ධ කරගත් අතර කර්තෘ මණ්ඩලයට ලක්ෂ්මන් ජයවර්ධන හා දෙල්තොට චන්ද්‍රපාල යන මහත්වරු සම්බන්ධ වූහ. 1980 වර්ෂයේ මාර්තු 21 වැනිදා ‘සතුට’, අප්‍රේල් 30 වැනිදා ‘සිරිකත’, ජූලි 20 වැනිදා ‘විජය’ පුවත්පත, විජය පුවත්පත් සමාගම ආරම්භ කළ අතර 1983 වසරේ ජූලි 21 වැනිදා ‘තරුණයා’ ද 1984 වසරේ ‘සුරතලා’, 85 වසරේ ‘ලිට්ල් ස්ටාර්’ පුවත්පත ද 1986 වසරේ පෙබරවාරි 23 වැනිදා ‘ඉරිදා ලංකාදීප’ පත්‍රය ද 1989 වසරේ ජුනි මාසයේ පෙබරවාරි 23 වැනිදා ‘වනිතා විත්ති’ පත්‍රය ද ආරම්භ කර ඇත.

විජය පුවත්පත මෙරට ළමා පරපුර උදෙසා බිහි වූ පුවත්පත් අතර සුවිශේෂි ළමා පුවත්පතකි. ළමා පුවත්පතක් ලෙස විජය පුවත්පත ආරම්භ වන්නේ 1980 ජූලි 20 දාය. ආරම්භක කතුවරයා වන්නේ කිත්සිරි සමරනායක මහතා ය. ඉන්පසුව දෙල්තොට චන්ද්‍රපාල මෙහි කතුවරයා වූයේය. ආරම්භයේ දී පිටු 16 කින් සමන්විත වූ විජය පුවත්පත ප්‍රධාන කර්තෘ පියල් උදය සමරවීර මහතාගේ වන විට පිටු 32ක් දක්වා වර්ධනය වී ඇත. මෙම කාල පරාසය තුළ ගැබ්ව ඇති අධ්‍යාපනික කරුණු ඔවුන් සහ විජය පුවත්පත අධ්‍යාපනය ලබන 6 වසරේ සිට 12 වසර දක්වා වූ වස අවුරුදු 11ත් 17 අතර ශිෂ්‍ය කණ්ඩායම් විජය පුවත්පතෙහි ඉලක්කගත කණ්ඩායම් වේ. ඔවුන් සඳහා ගැපපෙන අධ්‍යාපනික තොරතුරු විජය පුවත්පත තුළින් හැම විටම ඉදිරිපත් කෙරේ. 
 
වත්මන් ප්‍රධාන කර්තෘ විජය පුවත්පත සහ අද පුවත්පත නියෝජ්‍ය කර්තෘකර්තෘ දුමින්ද සංජීව බාලසූරිය මහතාගේ යුගය වන විට සතිපතා පලවන විජය පුවතපත සෑම සතියකම අඟහරුවා දා දින ප‍්‍රකාශයට පත්වේ. විජය පුවත්පත මුද්‍රණයේ දී එක් එක් පළාත් සඳහා විශේෂ වූ අතිරේක ද මුද්‍රණය කරයි.එවැනි අතිරේක හතරක් මුද්‍රණයවේ. රන්මුතු (කොළඹ, ගම්පහ කළුතර) ගජමුතු (මහනුවර, නුවරඑළිය, ති‍්‍රකුණාමලය, අනුාධපුර, පොලොන්නරුව, කෑගල්ල, කුරුණෑගල) මිණිමුතු (ගාල්ල, මාතර, අම්පාර, මොනරාගල, රත්නපුර) දිරියමුතු (හම්බන්තොට විශේෂ කලාපය) විජය පුවත්පතෙහි මෙම අතිරේක හතර ඒ ඒ ප‍්‍රදේශ වලට අදාල පරිදි ප‍්‍රාදේශීය ළමා පුවත්, එකි ප‍්‍රදේශවලට අයත් පාසල් දුවා දරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනු ලැබේ.


 
මකාගේ යලක් - පියල් මාමාගේ මල් මාමා කතාව
 
ශ්‍රී ලාංකික දුවා දරුවන් බොහෝ දෙනෙකු විජය පුවත්පත කියවා ඇති අතර විජය ලාංඡනය ඕනෑම අයෙකුගේ මතකයේ රැදී ඇති චිත්‍ර කතාවෙ ප්‍රධාන චරිතය තමයි මල්මාමා. මල්මාමා පෙනී සිටින මකාගේ යලක් කතාවේ. විජය පුවත්පතේ පළ වන ”මල් මාමා” කාටුන් කතාව නොදත් 80 දශකයෙන් පසු ඉපදුන දරුවෙකු ලංකාවේ නොමැති තරම්. පියල් උදය සමරවීර මහතා විසින් සතිපතා අඳිනු ලැබූව.


• කැලේ කතාව (ආරම්භය ඇත්තෙ මෙතනින්) කතාවෙ හැටියට මනුස්සයෙක් මලක සුවඳ බලන්න ගිහින් ඒ මලේ තිබ්බ ඇටයක් නහයෙ හිරවෙනවා. පස්සෙ ඒ ඇටේ මනුස්සයගෙ නහයෙ පැල වෙලා නහයෙ මලක් පිපෙනවා. ඉතින් එයාට තමා මල් මාමා කියලා කියන්නෙ. මේකට කැලෑ ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් එන අතරෙ අලිරාලගෙ ඇගේ හැපිලා දෙන්නගෙ බෙහෙත් බෝතල් මාරු වෙනවා. වගාවට ගහන්න ගත්ත පොහොර තියෙන බෝතලේ මල් මාමා පාවිච්චි කරපු නිසා ඊළග දවසේ.. නහයෙ තිබ්බ මල් ඇටය... මල් ගහක් වෙනවා. ඉතින් එයා විවිධ උත්සාහයන් ගන්නවා මේ මල ගලවගන්න. පරීක්ෂා කරපු අය කිව්වෙ මල ගැලෙව්වොත් එයා මැරෙනව කියලා. පස්සෙ තීරණය කරනවා මලත් එක්කම ජීවිතය ගෙවන්න. මල් මාමාගෙ කතාව මේ විදිහට තමයි ආරම්භ වෙන්නෙ. කතා නායකයා තමා මල් මාමා. ඒ විදිහට කතා මාලාව විවිධ පැතිවලට දිවෙනවා. හරිම සුන්දර කතාවක්. පුදුම කුතුහලයක් තිබ්බෙ ඊලග සතිය වෙනකන්. මල්මාමා නැති සතියක් ආවාම පත්තරේ බලන්නෙත් නැති තරම්. පොඩි අයට කරන්න දෙයක් නැතිම තැන පරන පත්තර සෙට් එකම අරං යකාගේ මලක් කතාව මුල ඉදං  කියවන එක පුරුද්දක්.

• යකාගේ මලක්

• මකාගේ යලක්

• ටකටකස්

• මල්මාමා සමග පංපෝරිය (මේකේ නම් තිබ්බේ කෑලෑවක ගෝත්රික මිනිස්සු ටිකක් තමන් දෙවියෝ කියලා පෙන්නගෙන රවට්ටගෙන තමන්ගේ වැඩ කරගන්න මනුස්සයෙක්ගෙන් ගෝත්රිකයෝ ටික බේරගන්න මල්මාමා ගහන දහංගැටයක් ගැන තාමා කතාව ගියේ)

• මල්මාමා සමග කුංබිංඩෝ (විද්යාත්මක පරීක්ෂණයක් වැරදිලා මනුස්සයෙක් බිංකුංඩ්ඩෙක් තරම් පොඩි වෙලා ඉතින් මේ මනිස්සයාට ආය යථා තත්වෙට එන්න මල්මාමා උදව් කරන හැටි මේකේ තිබ්බේ)

•මල්මාමා සමග ඩයිනෝපූස් (කතාවේ හැටියට නම් පූසෙක් ඩයිනෝසිරස් කෙනෙක් තරම් ලොකු වෙලා වෙන අකරතැබ්බයක් වගේ මේක තමා අලුත්ම කතාව)


කොහොමහරි මල් මාමාට මොකද උනේ කියල ගොඩක් අය දන්නෙ නැහැ. ඇත්තටම පියල් මහත්තයගේ මේ ෆැන්ටසිය ගැන කොහෙ හරි ලියවිලා තියෙන එක වටිනවා.  විජය පත්තරේ ගොඩාක් සාර්ථක වුනේ මං නම් හිතන්නේ පියල් මාමාගේ මල්මාමා නිසා කිව්වොත් නිවැරදියි. ඒක නිසා පියල් මාමා ජීවත්ව ඉන්නකන් විජය පත්තරේ මල් මාමාත් ඉදීවි කියලා හිතනවා. 
 
එතුමා ප්‍රධාන කර්තෘ විදිහට ඉන්න කාලේ විජය බාලදක්ෂ කඳවුරට ලැබුණ සහයෝගය කියලා නිමකරන්න බැහැ. එතුමත් ඒ වගේම නිහතමානී හොඳ මනුස්සයෙක්. ඒ නිසා මේ සටහනක් තබන්න හිතුනා. මල්මාමා ගැන වැඩි තොරතුරු දිගුව මෙතනින්.
 
විජය පත්තරේට 45යි බාලදක්ෂ කඳවුරට 33යි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුවත්පත් සමාගම වන විජය පුවත්පත් සමාගම පසුගිය දා සිය 45වැනි සංවත්සරය සැමරීය. ඇත්තටම විජය පුවත්පත කියන්නේ ළමා විශ්ව කෝෂයක්. ආරම්භ කරපු කාලේ දැන් තරම් ඇඩ්නම් තිබ්බෙ නෑ. පත්තරෙ අතට ගත්ත ගමන් මුලින්ම බලන්නෙ අන්තිම පිටේ තියෙන චිත්තර කතා 2ක. 1994 රුපියල් 5කට විජය පත්තරේ අරගෙන කියෙව්වා මට තාම මතකයි. 2007 කාලේ විජය පත්තරේ ගත්තේ රු.20ට. දැන් නම් රු.40යි.
 
විජය බාලදක්ෂ කඳවුර
 
සිඟිති, පෝතක, බාලදක්ෂ දරුවන්ට සිය හසුරු කුසලතා වර්ධනය කර ගැනීමටත්, බාලදක්ෂ ව්‍යාපාරය දේශීය ළමා පරපුරට සමීපව කටයුතු කිරීමටත් ලබා දී ඇති අමිල සහයෝගය සැබවින්ම අගයකලයුතු වේ. වසර 45වැඩි ඉතිහාසයකට උරුමකම් කියන විජය පුවත්පත් සමාගමේ ප්‍රධානතම ළමා පුවත්පත වන විජය පුවත් පත හා ළබැදිව වසර 33කට වඩා අතීතයක සිට දිග හැරෙන විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂිකා ආලෝකය, විජය බාලදක්ෂිකා කඳවුර මෙරට බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් අතර සමීපව බැඳී ඇති විශේශාංගයකි. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය දේශීය ළමා පරපුරට සමීපව කටයුතු කිරීමටත් ලබා දී ඇති අමිල සේවය වචනයකින් හෝ අගය කිරීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් කටයුතු කර නොමැත. හිටපු බාලදක්ෂිකා කොමසාරිස් තිළිණි අතුකෝරළ මැතිණිය විසින් විජය බාලදක්ෂ කඳවුර සඳහා ස්තූති සම්මානයකින් අගය කරනු ලැබූ බව ප්‍රශංසනාත්මකව සිහිපත් කල යුතුය.
 
විජය බාලදක්ෂ කඳවුර
 
 
විජායි බාලදක්ෂ කඳවුර (දමිල මාධ්‍ය පුවත්පත)

විජය පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලබන විජය පුවත්පතේ සහෝදර පුවත්පත වන විජායි ළමා පුවත්පත දමිළ මාධ්‍ය දරුවන්ගේ දැනුම, කුසලතා ආකල්ප පෝෂණය කිරීම වෙනුවෙන්නිර්මාණය කරනු ලැබූ දමිල මාධ්‍ය ළමා පුවත් පතයි. විජායි පුවත්පතේ ප්‍රධාන කර්තෘ වි.රෙඩ්ලි හැරිසන් මහතා කටයුතු කරනු ලැබේ.
 
 Tamil Wijaya paper Cover page for jamboree 2016 

 
විජය බ්‍රේල් පුවත් පත 
 
ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිතයන් වෙනුවෙන් මෙරට ප්‍රථම බ්‍රේල් පුවත් පත ලෙස පාසල් දරුවන් සදහා “විජය බ්‍රේල්” පුවත්පත හදුන්වා දෙනු ලැබිණ. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම බ්‍රේල් පුවත්පත ”විජය බ්‍රේල්” නමින් රත්මලාන අන්ධ විද්‍යාල ශ‍්‍රවණාගාරයේ දී එළිදැක්විණි. විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ සුජාන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය රත්මලාන අන්ධවිද්‍යාලයේ දරු දැරියන්ගේ රැඟුම් ගැයුම්වලින් හැඩ ගැන්විණි. 
 
විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ ලාල් ජයවර්ධන සහ ”විජය බ්‍රේල්” පුවත්පතේ  කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරු පුවත්පතේ මංගල කලාපය විද්‍යාලයයේ සිසුන් දෙදෙනකුට දුන්හ. ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප‍්‍රධානි බන්දුල පී. දයාරත්න, ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ ජාතික උපදේශක තිස්ස රාජගුරු යන මහත්වරු විජය පුවත්පත් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද අන්ධ විද්‍යාලයයේ අධ්‍යක්‍ෂ එක්සිත් ප‍්‍රනාන්දු, විදුහල්පති සන්ධ්‍යා කෝඩුරුආරච්චි යන මහත්වරුද වූහ.
 
බාලදක්ෂ ව්‍යාපාරයේ JOTA /JOTI ජම්බෝරිය වෙනුවෙන් රත්මලාන අන්ධ විද්‍යාලයේදී පැවති උත්සවයකදී මේ සඳහා මූලික පිඹුරු පත් සැකසුණු අතර පසුව එය ජාත්‍යාන්තරයේද අවධානයක් දිනාගත් පුවත් පතක් බවට පත්විය. ඇගයීමක් වශයෙන් බාලදක්ෂයන් සඳහා ද පිටුවක් වෙන්කරනු ලැබිණ. 



විජය බාලදක්ෂ කඳවුරේ ආරම්භය 
 
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සජීවී බව පවත්වා ගැනීම උදෙසා ළමා පුවත්පතක් ලෙද ලබාදුන් දායකත්වයට සමස්ත බාලදක්ෂ සහෝදරත්වයම ස්තූතිවන්ත වියයුතුය. කලුසුදු අකුරින් මුද්‍රණය කල කාලයේ ආරම්භ කෙරන බාලදක්ෂ කඳවුරු මුලින්ම ලියන්න ගත්තෙ රොෂාන් වටවල නම් විශිෂ්ට බාලදක්ෂ සොහොයුරායි. 10 වන කොළඹ ආනන්ද විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ කීර්තිමත් ජනාධිපති සම්මානය දිනූ බාලදක්ෂයන් අතරින් දක්ෂතම මාධ්‍යෙව්දියෙකු ලෙස රොෂාන් හදුන්වා දියයුතුයි.  
 
මේජර් ජෙනරල් කමල් ගුණරත්න, මේජර් ජෙනරල් චාගි ගාල්ලගේ, හිටපු නාවික හමුදාපති අද්මිරල් වසන්ත කරන්නාගොඩ, බ්‍රිගේඩියර් ජගත් අල්විස්, එයා වයිස් මාර්ෂල් හර්ෂ කරන්නාගොඩ, භාතිය ජයකොඩි (BnS), අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, ප්‍රවීණ මාධ්‍යවේදි රොෂාන් වටවල ආදි කීර්තිමත් ආදි ආනන්දිය ජනාධිපති බාලදක්ෂයන්ගේ නම් සඳහන් කළ හැකියි.
 


රොෂාන් වටවල පුවත්පත් කලාවට එක්වනු ලබන්නේ ලංකාදීම පුවත්පත් සමාගමේ විජය ළමා පුවත්පතින්. එතෙක් වරින් වර බාලදක්ෂ තීරු ලිපි පළවෙමින් පැවති යුගය අවසන් කරමින් බාලදක්ෂ කටයුතු සඳහා පිටුවක් වෙන්කරදීමට "විජය බාලදක්ෂ කඳවුර " ලිපි පෙළ අරභමින් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්යාපාරයට දුන් දායකත්වය අනභිබවනීය බව සිහිපත් කලයුතුමයි. රොෂාන් වටවල, ඔබේ උපන්දියට 06.07.2024 බාලදක්ෂ කඳවුරේ උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු.
 
 
රොෂාන් වටවල විසින් විජය බාලදක්ෂ කඳවුරේ පළමු ලිපි පෙළ සඳහා සූදානම් වෙමින්
 
මාධ්‍යවේදියෙකු ලෙස රොෂාන් වටවල මහතා සිරස ආයතනයට එකතු වන විට විජය පත්තරයට එකතු වන්නේ චමින්ද වාරියප්පෙරුම මහත්මයයි. එම වකවානුවේදී බාලදක්ෂිකා ආලෝකය නමින් වෙනම පිටුවක් ද විජය පත්තරයට එක්කෙරිණ.
 
විජය බාලදක්ෂ කඳවුරේ මෙහෙවර
 
පසුගිය වසර 30 තුළ සිදුකළ සමාජ සේවය වර්තමානය වන විට ප්‍රායෝගිකව සමාජ යථාර්ථයක් බවට පත්ව ඇත. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විජය බාලදක්ෂ කඳවුරට සහ Scouting සගරාව වෙත ලබාදුන් දැවැන්ත සහයෝගය හමුවේ ශ්‍රී ලංකා බාලදක්ෂ කටයුතු සජීවී ව පවත්වා ගැනීම උදෙසා සක්‍රීය දායකත්වයක් ලබා දෙනු ලැබිණ. ඒ අනුව විජය බාලදක්ෂ කඳවුර විශේෂාංගය ශ්‍රී ලාංකික බාලදක්ෂ ඔබ අන්තර්ජාල ගත කිරීමේ සුවිශේෂ වැඩසටහන් රැසක් අරඹා පවත්වාගෙන යනු ලැබිණ.
 
 
එවකට ක්‍රියාත්මක නොවී තිබූ ජොටා ජොටී අන්තර්ජාල ජම්බෝරිය හා ගුවන් ජම්බෝරියට බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් එක්කරමින් ගුවන් විදුලි සංගමය හා එක්ව බලපත්‍රලාභී හැම්වරුන් ගණනාවක්ම මෙම වකවානුවේදී බිහිකරනු ලැබිණ. දිසාමට්ටමින් පමණක් නොව ජාතික කඳවුරු ආවරණය කරමින් මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙමින් මෙරට බාලදක්ෂ ව්‍යාපාරය නැංවීම වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් සිදුකරනු ලැබූවද මේ දක්වාම වචනයකින් හෝ අගය කිරීමක් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සිදුකර නොමැත. එසේ වූවද ලෝක ජම්බෝරි ආවරණය වෙනුවෙන් විවිධ නාලිකාවන්හි මාධ්‍ය සගයන් නොමිලේ විදෙස් සංචාර ලබාදීම පසුගිය දශකයේදීම සිදුවීම ශෝචනීය තත්වයක් වූවද අවම වශයෙන් බාලදක්ෂයන් පිළිබඳ තත්පර කීපයක් හෝ ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළ ප්‍රචාරණය වීම අංශු මාත්‍රයක හෝ සතුට ගෙන දෙන්නකි.
 
එසේ තිබියදීත් බාලදක්ෂිකා ව්‍යාපාරය වෙනුවෙන් ලබාදුන් මාධ්‍ය දායකත්වය වෙනුවෙන් බාලදක්ෂිකා ප්‍රධාන කොමසාරිස් තිළිණි අතුකෝරාළ මැතිණියගේ යුගයේදී ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් බාලදක්ෂිකා ස්තූති සම්මානයක් ද පිරීනැමීම අගය කල යුත්තකි. 

කොරොනාවෙන් අඩපණ වූ බාලදක්ෂ කටයුතු
 
උදාවූ කොරෝනා තත්ත්වයේ දී ලැබුණු දිගු නිවාඩු කාලය තුළ බාලදක්ෂ ක්‍රියාකාරකම් නොකඩවා පවත්වාගෙන යාමට ලෝක බාලදක්ෂ සංගමය සියලුම රටවල්හි බාලදක්ෂ සංගම් වෙත උපදෙස් ලබා දී ඇති පසුබිමක ශ්‍රී ලංකා බාලදක්ෂයන් උදෙසා ද විශේෂිත කොරෝනා අන්තර්ජාල ජම්බෝරියක් ආරම්භ කෙරිණ. ඩිජිටල් අවකාශය අතික්‍රමණය කරමින් කිසිවක් කර කියා ගත නොහැකිව බාලදක්ෂ කටයුතු ඇණහිට තිබූ අවස්ථාවේ මුහුණු පොත සහ සූම් ඔස්සේ බාලදක්ෂ කටයුතු පවත්වා ගැනීමටත් වැඩි අවධානයක් යොමු වුයේ අප විසින් මෙතෙක් සකසනු ලැබූ පසුබිම ඔස්සේය.
 
ඒ අනුව ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් පෞද්ගලිකව කණ්ඩායම් මට්ටමින් දිසා සංගම් මට්ටමින් සහ ජාතික මට්ටමින් අන්තර්ජාලය ඔස්සේ සන්නිවේදනය ආරම්භ කරන ලදී. අප විසින් හඳුන්වා දුන් ඩිජිටල් ගිණිමැලය දෙස බලමින් තව තවත් ඉදිරි පියවරයන් තැබූ අතර විවිධ ආයතන සම්බන්ධ කර ගනිමින් පුළුල් වේදිකා ඔස්සේ කඳවුරු පවත්වනු ලැබිණ.
 
ඒ වෙනුවෙන් ප්‍රවීනතා පදක්කම් සඳහා දරුවන් උනන්දු කරවීමද, ලෝකයේ පළමු සංස්කෘති ජම්බෝරිය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම සඳහා මූලික අදහද හා යෝජනාව කරනු ලැබුවේද මූලස්ථාන කොමසාරිස් චමින්ද වාරියප්පෙරුම මහතා විසිනි.
  
විජය බාලදක්ෂ කඳවුරු අඛණ්ඩව මේ දක්වාත් පවත්වාගෙන යෑම වෙනුවෙන් ඒ වෙනුවෙන් දායකත්වයක් දැක්වූ සැමට එහි තෘප්තිය හා සතුට අත්වේවා යි අපි ප්‍රාර්ථනා කරමු !  
 

 
 
 
 
සහ වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ බාලදක්ෂ කටයුතු යතාවත් කරමින් අවසන් ප්‍රාණයද නිරුද්ධ නොවී පවත්වා ගැනීම සඳහා කටයුතු සිදු කරනු ලැබිණ. යායුතු හෝ කළයුතු දෙයෙක් නොමැතිව නිවාස තුළට කොටු වූ තෙවසරක කාලය තුළ දිසා බාලදක්ෂ සංගම් සහ බාලදක්ෂ කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ සන්නිවේදන කටයුතු කෙරෙහි යොමු කරමින් දිනෙන් දින ශක්තිමත් කිරීමට දැවැන්ත දායකත්වයක් බාලදක්ෂ කඳවුර හා Scouting සගරාව විසින් සිදුකරනු ලැබිණ. 
 
 
විශේෂ බාලදක්ෂ සමරු වෙනුවෙන් ලබාදුන් දායකත්වය
බාලදක්ෂ පියාගේ උපන් දිනයයි.. ඒ බාලදක්ෂ දිනයයි...
 

 බාලදක්ෂිකාලෝකය


 

ජාතික ජම්බෝරි

බාලදක්ෂ ජම්බෝරි වෙනුවෙන් විජය බාලදක්ෂ කඳවුර විසින් දැවැන්ත දායකත්වයන් රැසක් දක්වා තිබේ.
 

 

Wijaya paper Cover page for jamboree 2016

 Tamil Wijaya paper Cover page for jamboree 2016


දිසා රැළි වෙනුවෙන් ලබාදුන් දායකත්වය
 

 
කොළඹ බාලදක්ෂ කැම්පෝරිය 2018
ලංකාව බාලදක්‍ෂ සංගමයේ කොළඹ දිසාව මගින් 'Today's Scouts, Tomorrow's Legend' යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන 53 වැනි වරට කොළඹදී පවත්වන බාලදක්‍ෂ කැම්පරිය 10 වැනිදා ආරම්භ විය. 14 වැනිදා දක්වා විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ති‍බේ. කොමසාරිස් අමිල අබේසුන්දර, සහය දිසා කොමසාරිස් සහ ඔහුට සහාය වන පරිනත කණ්ඩායමක් විසින් මෙවර කැම්පෙරිය සංවිධානය කර ඇත. අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දැයේ දරු දැරියන්ගේ මෙම කඳවුර සඳහා තවත් සිවිල් සංවිධාන සමග සම්පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත.

මෙවර කඳවුර සඳහා කොළඹ දිසාවේ පාසල්වලින් එකී පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ විදුහල්පතිනියන්ගේ ආශීර්වාදය ඇතිව සිඟිති බාලදක්‍ෂයන් 1172ක්, පෝතක බාලදක්‍ෂයන් 2400ක්, බාලදක්‍ෂයන් 2350ක්, මානවක බාලදක්‍ෂයන් සහ නායක ආචාර්යවරු 420ක් පමණ සහභාගි වී සිටි. ශ්‍රී ලංකා ජාතික බාලදක්‍ෂ මූලස්ථානය සමග දිස්ත්‍රික් බාලදක්‍ෂ මානවකයන් සහ මානවිකාවන්ද සහයෝගය දක්වන අතර යාපනය ඇතුළු වෙනත් දිස්ත්‍රික්කවලින්ද සහෝදර බාලදක්‍ෂයන් සමූහ වශයෙන් සහභාගි වනු ඇත. #childrensnewspaper #Wijeya #45yearsannivasary #educational
 
https://www.wijeya.lk/photos/26647/56-26647
https://www.wijeya.lk/boys-scouts/%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c/165-26838 


 

 
විජය බාලදක්ෂ කඳවුරේ විශේෂාංග
  • හැඩ වැඩ පෝතකයා
දක්ෂ පෝතක බාලදක්ෂ යෙක් තමයි චනිදු දිල්මිත්. එයා බටහිර නැටුම් ඉදිරිපත් කරලා ජාත්‍යන්තර සම්මානත් දිනාගෙන තියෙනවා. ඒ වගේමයි එයා අත්කම් නිර්මාණ සිදු කරන්නත් දක්ෂයි. ඉතින් පුංචි සිඟිති බාලදක්ෂයින් හට අත්වැඩක් කියා දෙන්න හැඩ වැඩ පෝතක බාලදක්ෂ චනිදු දිල්මිත් විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාළිකාවට එනවා. මේ සතියේ එයා කියා දෙන්නෙ පොල් කොළ දෙකකින් පත්තෑයෙක් හදන විදිහයි. ඉතින් විජය බාලදක්ෂ කඳවුර කියවන පුංචි සිඟිති පෝතක බාලදක්ෂයින්ට පුළුවන් චනිදුත් එක්ක පොල් කොළ පත්තෑයෙක් හදන්න උත්සාහයක් ගන්න.
 

  • කඩිසර බාලදක්ෂයා
ව්‍යායාම ඔබට කායික සහ මානසික සෞඛ්‍යය සඳහාත්, ආතතිය දුරු කරගැනීමටත් ඉතා වැදගත් වේ'. ව්‍යායාම කිරීම සඳහා විශේෂඥයින් දිනකට විනාඩි 30 ක් බැගින් සතියකට දින 5 ක් නිර්දේශ කරයි. ව්‍යායාම කිරීම කල් දැමීමෙන් හෝ මග හැරීමෙන් ඔබ ව්‍යායාම වලින් මෙතෙක් ලබාගත් ප්‍රගතිය අහිමි වෙනවා පමණක් නොව, ඔබේ මුළු ව්‍යායාම වැඩසටහනම නැවත මුල සිටම ආරම්භ කිරීමට සිදු වෙයි. ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ව්‍යායාම කරන්න. ආහාර ජීර්ණය සඳහා රුධිර සැපයුම යොමුවී ඇති අවස්ථාවක ශරීරයේ අනෙකුත් කොටස්වලට රුධිර සැපයුම අඩු වන නිසා, ඔබේ කෙන්ඩා පෙරළීම හෝ මස් පිඬු වල අබාධ සිදුවිය හැකියි. ඒ නිසා කෙසෙල් ගෙඩියක් හෝ යෝගට් එකක් වැනි සැහැල්ලු ආහාරයක් පමණක් ව්‍යයාම කිරීමට පෙර ලබා ගන්න. ශරීරය උණුසුම් කරන ව්‍යායාම වලින් තොරව ව්‍යායාම කිරීම ආරම්භ කිරීමෙන් වළකින්න. ශරීර උෂ්ණත්වය ඉහළ නංවා ගැනීම සහ මාංශ පේශි වලට රුධිරය ගලා යාම සැලැස්වීම සඳහා ඔබේ ශරීරය උණුසුම් කරගැනීම ඉතා වැදගත් වේ. එමගින් මාංශ පේශි ලිහිල් කිරීම හා ඒවාට වැඩි චලනයක් ලබා දීමද සිදු වේ. ඒ සඳහා විනාඩි 5-10 ක් සෙමෙන් එක තැන දිවීම හෝ අත් පා චලනය කිරීම වැනි සැහැල්ලු ව්‍යායාම කරන්න. 
මාංශ පේශි ලිහිල් කරන (stretching) ව්‍යායාම කරන අතරතුර අනවශ්‍ය ශාරීරික චලන සිදු කිරීමෙන් මාංශ පේශි වලට හානි සිදුවීම හෝ ඒවා වඩාත් තද වීම් සිදු විය හැකියි. මාංශ පේශි ලිහිල් කරන (stretching) ව්‍යායාම කරන විට එකම ඉරියව්වකින් තත්පර 20 ක් 30ක් පමණ නොසෙල්වී සිටින්න. 
 

ව්‍යායාම කිරීමේදී නිවැරැදි ඉරියව් ගැන ප්‍රවේශම් වන්න. උදාහරණයක් වශයෙන් ට්‍රෙඩ්මිල් (Treadmill) උපකරණ භාවිතා කිරීමේදී ට්‍රෙඩ්මිල් එක මත ඉදිරියට නැමී සිටීමෙන් වළකින්න. බර ඉසිලීමේදී කොන්ද කෙලින් තබාගෙන උරහිස් ලිහිල්ව පසුපසට වන්නට තබාගන්න. ඒ වගේම දණහිස් තද කරගෙන සිටීමෙන් වළකින්න. 
ව්‍යායාම කිරීමේදී හුස්ම තද කරගෙන සිටීමෙන් ඔබේ ශරීරයට ඔක්සිජන් සැපයීම අඩාල වනු ඇත. දිගු වෙලාවක් හුස්ම තද කරගෙන සිටීමෙන් ඔබ සිහිසුන් වීමටද ඉඩ ඇත. බර ඉසිලීමේදී, පළමුව ගැඹුරු හුස්මක් ගෙන පසුව සෙමෙන් හුස්ම පිට කරන්න. බර ඉසිලීමෙන් කරන ව්‍යායාම වලදී නිවැරදි බර භාවිතා කිරීමට ප්‍රවේශම් වන්න. වැඩි බරක් යොදා ගැනීමෙන් ශාරීරික හානි සිදුවීමට අමතරව, ඔබ එම බර යොදාගෙන කිරීමට සැලසුම් කල මුළු ව්‍යායාම මාලාවම කිරීමට නොහැකි වනු ඇත. තමන්ගේ ශාරීරික හැකියාවන් වල සීමාවන් ගැන සැලකිලිමත් වෙමින්, පළමුව අඩු බරකින් පටන්ගෙන ක්‍රමානුකූලව බර වැඩි කරන්න. අනිත් අය සමඟ තරඟයට ව්‍යායාම නොකරන්න. 
 
කාලයක් ව්‍යායාම කල කෙනෙකු සමඟ ඔබව සංසන්දනය කරමින්, ඉක්මනින් එම පුද්ගලයා බවට පත්වීමට අනවශ්‍ය දේවල් නොකර, ඔබේ හැකියාවන් හඳුනාගෙන ක්‍රමානුකූලව ඔබේ ඉලක්කය වෙත ලඟාවන්න. ඔබ කැමති ව්‍යායාම පමණක්ම නොකරන්න. ඔබට පහසු ව්‍යායාමයක් නිතරම කිරීමට ඔබ කැමති වුවත්, ශරීරයේ සෑම පේශි පද්ධතියකටම ව්‍යායාම අවශ්‍යයි. එකම පේශි පද්ධතියක් ඉලක්ක කරගෙන ව්‍යායාම කිරීමෙන්, එම පේශි පද්ධතියට ප්‍රකෘතිමත් වීම (recover) දුෂ්කර විය හැකියි. එම නිසා ශරීරයේ විවිධ කොටස්වලට හා විවිධ පේශි පද්ධතිවලට සමානව ඉලක්ක කර ව්‍යායාම කරන්න. 
 
ඔබගේ ශරීරය සිසිල්ව තබාගැනීමට, හොඳින් රුධිරය සංසරණය සිදුවීමට සහ විජලනයට ලක්වීම වළක්වා ගැනීමට, ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට පෙර හා ව්‍යායාම කරන අතරතුරත් සෑම මිනිත්තු 15 කට වරක් හොදින් වතුර පානය කරන්න. ව්‍යායාම කිරීම අවසන් කල යුතු නිවැරැදි වේලාව මතක තබාගන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා ව්‍යායාම කාලය දික් වීමෙන්, මාංශ පේශි වලට හානිවීම හා වෙනත් අතුරු අබාධ වලට ලක්විය හැකියි. ව්‍යායාම කිරීම අවසන් කල පසු රුධිර පීඩනය, උෂ්ණත්වය, හෘද ස්පන්දනය නැවත නියමිත මට්ටමට ගෙන ඒමට, මාංශ පේශි ලිහිල් කරන (stretching) ව්‍යායාම නැවත මඳ වේලාවක් කරන්න. 
 
නිරෝගී සිරුරක් සඳහා ව්‍යායාම් අතවශ්‍ය සාධකයක් බව අද සියලු දෙනාම දන්න දෙයක්.රට පුරා ඇති ව්‍යායාම් මධ්‍යස්ථාන සහ ඇවිදින මංතීරු මේ සඳහා හොඳම සාක්ෂි සපයනවා.ඒත් මේ ව්‍යායාම් කරන සියලු දෙනා ඒවා කරන්නේ අවබෝධයකින්ද යන්න පිලිබඳ ගැටළු පවතිනවා. අන්‍යයන් කරන නිසාවෙන් නොව ව්‍යායාම් කිරීමේ අරමුණු තමා තේරුම් ගෙන ඒ අනුව තමාට සුදුසු ව්‍යායාම තෝරාගෙන අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්. 

  • නව නිර්මාණ ශිල්පියා
 

 
  • හැඩ වැඩ බාලදක්ෂයා


 
  • සුහුරු බාලදක්ෂයා
 

  • මණ්දාකිනිය 
 

  • බාලදක්ෂ වීදිය
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් ආදිකතෘ තුමාගේ 166 ගුණ සමරුව වෙනුවෙන් "බාලදක්ෂ වීදිය" එළි දක්වන්නෙමු. බාලදක්ෂ ගීත සාහිත්‍යයක් ගොඩනැගීම අපගේ ඒකායන අරමුණයි.රසවින්දනය. ගීත රසාස්වාදනය සහ බාලදක්ෂ ව්‍යාපාරය තව තවත් මහජනයා අතර සමාජ ගත කිරීම අපගේ දැක්මයි. අද සිට බාලදක්ෂ වීදියේ රෝද බඳින්න ඔබටත් ඇරයුම් කරන්නෙමු .

  • බාලදක්ෂ ගීත පොත
දේශීය බාලදක්ෂ ගීත කලාවක් අාරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය Scouting Song Book–Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගත්තා. විදෙස් ගතවන බාලදක්ෂයන් වගේම ජාත්‍යන්තර ජම්බෝරිවලින් ලබන අත්දැකීම් එක්ක විදෙස් බාලදක්ෂ ගීත මෙරටට රැගෙන එන බාලදක්ෂයන් වගේම නායකයන් අතීතයේදී ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ අපටත් බාලදක්ෂ ගීත කලාවක් උරුම වෙලා තිබෙනවා.
 

දැනටත් බාවිතා නොකිරීම නිසා අස්ථාන ගත වූ, කොළවලට සීමා වී නැති වී ගිය අතීත බාලදක්ෂ ගීත බොහෝ තිබේ. අමතක වී යන පැරණි බාලදක්ෂ ගීත මෙන් ම බාවිතයෙන් තොරව නැති වී යන අලුත් බාලදක්ෂ ගීතත්, කදවුරු අවසානයෙන් පසු සියල්ලන්ට ම අමතක වන දිසා කදවුරුගීතත්, දැනටත් මුල් පටිගත කිරීම් නැති වී ඇති ජාතික ජම්බෝරි ගීත, කබෝරි ගීත අාදියත් අතීතයේ කාණ්ඩ කදවුරු ගිනිමැල වලදී ගැයූ රසවත් ගීතත්, බාලදක්ෂ නාට්‍යය, යාන් හෑලි, රසකතා වගේම ගිනිමැල සිදුවීම් ආදියත් ආදී ඒකී මෙකී නොකී කදවුරු ගිනිමැල සදහා යොදාගත හැකි ඕනෑම දෙයක් ඩිජිටල් මානයේ අාරක්ෂා කර තැබීම උදෙසා මෙහි ලියා තබන්න. ඔබත්, අපිත් නොමැති මතු දිනෙක කවුරුන් හෝ බාලදක්ෂයෙකුට හෝ බාලදක්ෂිකාවක් විසින් සිංහලෙන් ලියැවුණු මෙම බාලදක්ෂ ගීත රස විඳිනු ඇත. කඳවුරු ගිනිමැලයකට මෙය ප්‍රයෝජනවත්වනු අැත. අප නොදන්න බාලදක්ෂ ගීත ඔබ සතුව ඇත්නම් මෙහි පහළින් කමෙන්ටුවක් ලෙස ඇතුලත් කර දැනුම අන් අය හා බෙදාගැනීමට කරුණික වන්න.
  • සිගිති ගී

  • බාලදක්ෂ කවිතාව 
බාලදක්ෂ දුවලා පුතාලගේ කවීත්වය ඉහළ නංවන එකයි අපේ අරමුණ. ඉතින් ඔබටත් අවස්ථාව තිබෙනවා කවියක් ලියන්න. අපි මේ වැඩේ පටන් ගන්නේ කැකිරාවේ දිවි ගෙවන රුසිරු සුපුන් බාලදක්ෂයා අපට හමු වූ අලුත් කවියෙක්. කවි රසය මතුකළ ශිරෝමි වීරසිංහ කිව්දියට ත් අපගේ ස්තුතිය හිමිවෙනවා.
 

  • මැහුම් ගෙතුම්

  • HUB LIFE

  • බාලදක්ෂ පුවත්

විජය මාධ්‍ය වැඩමුලු මෙහෙයවීම
 

Monday, October 14, 2024

ඩයස් ගුණරත්න උපහාර ගුණ සමරුව 2024

බොහෝ දෙනාට බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසයේ මුල් පුරුක් අමතක වී යන යුගයක අන්තර්ජාලය ඔස්සේ කිසිදු ඇගයීමකින් තොරව අප විසින් සිදුකරගෙන යන මේ කර්තව්‍ය මතු දවසක කවුරුන් හෝ වටිනාකම දන්නා අයෙකුගේ නෙත ගැටෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් මැකී යන බාලදක්ෂ ඉතිහාසය මෙලෙස ලියා තබන්නෙමු.
 

මෙතැන් පටන් ඉදිරියට ඔක්තෝබර් මාසයට යෙදෙන සෑම ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය JOTA/JOTI යේ ගිනිමැලය බාලදක්ෂයන්ගේ හඬ අවධිකල ඩයස් ගුණරත්න මහතා වෙනුවෙන් දැල්වීමට ඩයස් ගුණරත්න පදනමේ අනුශාසකතුමිය ඇතුලු Scouting සඟරාවේ සහ විජය බාලදක්ෂ කඳවුරේ අපි කතිකා කරගත්තෙමු. ඒ අනුව මෙවර 2024 Jamboree On The Air - Jamboree On The Internet (JOTA-JOTI) සිට නවමු බාලදක්ෂ පිටුවක් ඇරඹෙන අතර එහි පළමු ගිනිමැලය මොරටුව පිළියන්ද බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල රජමහා විහාරයේ විවෘත බාලදක්ෂ සමූයේ පූර්ණ සත්කාරකත්වය යටතේ 2024.10.19 දින පස්වරවේදී සුන්දර අත්තිඩි කුරුළු අභය භූමිය ආශ්‍රිත ගිනිමැල භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඩයස් ගුණරත්න උපහාර ගුණ සමරුව 2024

බාලදක්ෂයන්ගේ හඬ ගුවන් ගත කිරීමේ පුරෝගාමීයා වු මෙතුමන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සුමනසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ජෝර්ජ් වීදාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතර ඩයස් ගුණ‍රත්න මහතා එහි පූරකවරයා විය. "බාලදක්ෂ හඬ" නමින් 1965 වසරේ සිට බාලදක්ෂ ඉතිහාසයේ පළමු වරට ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ බාලදක්ෂ වැඩසටහනක් සම්පාදනය කර ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාව මෙය විය. ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ කටයුතු සිදුකෙරුණු අවදියක ඈත දුෂ්කර ගම්වල දරුවන්ට පවා බාලදක්ෂ කටයුතු හඳුන්වාදීමේ ආරම්භය ලෙස මෙම සිංහල භාෂාවෙන් සිදු කෙරුණු "බාලදක්ෂ හඬ" වැඩසටහන හඳුන්වා දිය යුතුවේ. ඩයස් ගුණරත්න මහතා 1998 ඔක්තෝබර් 24 දා අප අතරින් වියො වී 26 වසරක් ගතවී තිබේ. මේ ඒ වෙනුවෙන් Scouting සඟරාවේ සහ විජය බාලදක්ෂ කඳවුරේ අපි විසින් තබන සටහනකි.


හුදෙක් රැකියාවක් ලෙස නොසලකමින් ගුරු වෘත්තිය හා දැරූ සෙසු තනතුරු සියල්ල ඉතා ආදර්ශවත් අන්දමින් මහජනතාව වෙත සේවය සැපයීම පිණිසම කටයුතු කල එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත බාලදක්ෂ ආචාර්යවරයෙකි.

දේශීය බාලදක්ෂ ගීත කලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය තමා බාලදක්ෂ ගීත කලාව පෝෂණය කිරීම. ඒ වෙනුවෙන් මුහුණුපොතේ Scouting Song Book - Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගණනාවක්ම ගනු ලැබුවෙමු. විදෙස් බාලදක්ෂ ගීත හා හරි හරියට තරඟ කල හැකි මෙරට බාලදක්ෂ ගීත කරළියට එනු ලැබුවේ ඩයස් ගුණරත්න වැනි බාලදක්ෂ නායකයින් විසින්. ආර්.ක්රිශ්ණරාජා, අයි.කේ.ජී.චන්ද්රසේන,

එවැනි නායකයන් අතීතයේදී ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ අපටත් බාලදක්ෂ ගීත කලාවක් උරුම වෙලා තිබේ.  

ගිනි දළු නැග යති (බාලදක්ෂ ගිණිමැල ගීතය) - බාලදක්ෂ ගීත කලාව පෝෂණය කිරීම

ඩයස් ගුණරත්න මහතා විසින් පහත දක්වා ඇති බාලදක්ෂ ගිනිමැල ගීතය 1948දී නිර්මාණය කළ බව පැවසේ. බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ හඩ වැඩ සටහන් සඳහා ඉදිරිපත් කිරීමත් පල්ලියෙන් ලැබූ අභාෂයත් ගීතිකා ලිවීම‍ට මෙන්ම ගැයීමේ හැකියාවත්, විවිධ ස්ථානයන්හි බාලදක්ෂ කණ්ඩායම් කීපයක්ම ආරම්භ කර පවත්වා ගෙන යාමත් නිසාවෙන් මෙම ගිනිමැල ගීතයට ප්‍රාණය ආදේශ වන්නට පටන් ගත්තේය.
 
සමූහ මට්ටමින් ගැයෙමින් තිබූ එම ගීතය පසුව කලුතර දිසාව තුළ ද වසර කීපයක් යන්නට මත්තෙන් ලංකාව පුරා බාලදක්ෂයන් අතරට ව්‍යාප්ත වී ගියේ ය. වර්තමානයේදී බාලදක්ෂිකාවන් විසින් පද කීපයක් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ ද කඳවුරු ගිනිමැල ගීතයක් බවට ද මෙය පත්කරගෙන තිබෙනු දක්නට හැකිය.
 
පැරණිතම බාලදක්ෂ ගිණිමැල ගීතය

ගිනි දළු නැගයති - රත් පැහැ වී දිලී
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//
 
සම ලෙසේ සැමදෙසේ ගිනිකඳේ රැස් වැටී
පැතිරෙති බබලතී වැඩවෙතී
මේ ලෙසේ සිත් වැඩී සමගිදම් ඔද වැඩී
වැඩ ඇතී පරහට අදරැතී// 
 
බාලදක්ෂයන්ගේ ගිනිමැල සන්දර්ශණයක් කියන්නේ හරිම සුන්දර මොහොතක්. ඒ සුන්දරත්වය හැමෝටම විඳින්න බැහැ. ඒ කදවුරු ගිනිමැලයක් ආරම්භයට ප්‍රථම ගිනිමැලය දල්වා මුලින්ම ගායනා කරන්නේ ඉහත සඳහන් කෙරුන ගිනිදළු ගීතයි. ලංකා බාලදක්ෂ ඉතිහාස සම්ප්‍රදායේ තියෙන බාලදක්ෂ ගීතයකි. ඒ වන විට සිරිලක පුරා බාලදක්ෂයන් අතර පොදු ගීතයක් ලෙස ජනප්‍රිය වෙමින් තිබූ ගිනි දළු ගීතය පළමු දියලගොඩ බාලදක්ෂ සමූහයේ කණ්ඩායම් නායකව සිටි ඩබ්ලිව්.ජේ.ඩයස් ගුණරත්න විසින් රචනා කරනු ලැබූවකි.
 
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත බාලදක්ෂ ආචාර්යවරයෙකු වූ ඩයස් ගුණරත්න මහතා විසින් පහත දක්වා ඇති බාලදක්ෂ ගිනිමැල ගීතය 1948දී නිර්මාණය කළ බව පැවසේ. බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ හඩ වැඩ සටහන් සඳහා ඉදිරිපත් කිරීමත් පල්ලියෙන් ලැබූ අභාෂයත් ගීතිකා ලිවීම‍ට මෙන්ම ගැයීමේ හැකියාවත්, විවිධ ස්ථානයන්හි බාලදක්ෂ කණ්ඩායම් කීපයක්ම ආරම්භ කර පවත්වා ගෙන යාමත් නිසාවෙන් මෙම ගිනිමැල ගීතයට ප්‍රාණය ආදේශ වන්නට පටන් ගත්තේය. සමූහ මට්ටමින් ගැයෙමින් තිබූ එම ගීතය පසුව කලුතර දිසාව තුළ ද වසර කීපයක් යන්නට මත්තෙන් ලංකාව පුරා බාලදක්ෂයන් අතරට ව්‍යාප්ත වී ගියේ ය. වර්තමානයේදී බාලදක්ෂිකාවන් විසින් පද කීපයක් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ ද කඳවුරු ගිනිමැල ගීතයක් බවට ද මෙය පත්කරගෙන තිබෙනු දක්නට හැකිය. 
 
කොළඹ රේස්කොස් පිටියේ 1952දී පැවති පළමු ජම්බෝරියේ සමස්ත ලංකා කඳවුරු ගිනිමැලයේදී ද ආරම්භක ගීතය ලෙස යොදා ගැණුන මෙය 1994දී කුරුණැගල වෙලෙගෙදර ක්‍රීඩාංගණයේ පැවති  සිව්වන ජාතික ජම්බෝරියේදී ගැයුනේ තරමක වෙනස් ආකාරයකිනි.

ගිනි දළු නැගයති
රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන්
වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතවු//

අපි තමයි මේ රටේ - බාලයෝ..
අපි තමයි මතුවට - කළ යුතු...

රට පුරා පියඹමින්
රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම්
නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්
 
ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//

අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...

රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..

අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති

ගිනි දළු නැගයති.....

බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි

ගිනි දළු නැගයති.....
 


පසු කාලයකදී මෙම තනුවට දමිළ කොටසක් ද එක් වූ අතර එහි තොරතුරු සොයා ගැනීමට නැතත් එම පද වැල මෙසේය.
 
බාවිතයේ ඇති පොදු ගිනිමැල ගීතය 
 
ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතවු// 
 
ත්‍රී වුඩර් වේලලුම් සෙන්නිරම් පරවිඩුම්
කාරිරුල් මංගියේ ඔලිවරුම්
නාට්‍ට සයිය පාලතාම් වීරකොණ්ඩු වීරරායි
තානිලත්නින් තමතෛ එණ්ඩුම් පෝටුවෝම්
 
අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...
 
රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..
 
ජාතික ජම්බෝරි, ජරම්බොරේට, කැම්පොරි, කැම්පොරේට්, දිසාකඳවුරු, ආදියේදී භාෂා අනුව ගායනා කලහැකි පරිදි පොදු තනුවක් යොදාගනිමින් ගිනිමැල ගීතයක් වර්තමානයේදී බාවිතාවනු දැකිය හැකිය. එය දමිල ප්‍රදේශවල බාලදක්ෂයන් දමිල භාෂාවෙන්ද සෙසු පිරිස් සිංහල බසින්ද යොදනු ලැබේ. ඇතැම් විට භාෂා දෙකින්ම ගයන අවස්ථාද දැකිය හැකිය.

වගකිවයුතු පුද්ගලයෙකු යටතේ මනා විනයක් සහ ආරක්ෂාවක් සහිතව සංදර්ශනාත්මක කඳවුරු ගිනිමැළ පැවැත්විය යුතු ය. එසේ ම කදවුරු ගිනිමැළය මෙහෙයවීම සඳහා නායකයන් කීපදෙනෙකු යොදාගතහැකි වේ. සම්පත්දායකයන් නොමැකි සමූහ ගිනිමැලයකදී හෝ එවැනි කාණ්ඩ ගිනිමැලයකදී කාණ්ඩනායකයන් යොදා ගැනීමට ද හැකිය.ඕනෑම ගිනිමැළ සංදර්ශනයක් පැයකට සීමාවීම අනිවාර්්‍ය වේ. පෙර පුහුණුවීමකින් තොරව මහජනතාව රැස්කරන කඳවුරු ගිනිමැල තැබීම නොකල යුතුය. ඉදිරිපත් කිරීම් සැලසුම් කළයුතු අතර එක් එක් අංග සඳහා උපරිම ලෙස විනාඩි පහක කාලයකට නොවැඩිවීමත් ක්‍රමානුකූලව නැගීයන ආකාරයටත් ක්‍රමානුකූල අවසානයකටත් ගෙනඒමත් කලයුතුය. සුදුසු නම් පමණක් අවසානයේ දී ජාතික ගීය ගායනා කිරීමෙන් සංදර්ශනය අවසන් කෙරේ. නොමැති නම් අපි වෙමු එක මවකගේ දරුවෝ ගීතය ගායනා කරනු ලැබේ. බාලදක්ෂිකාවන් සූර්යා බස්නා සැන්දෑවේ ගීතය ගායනා කරති.

1995/1996දි පානදුර ශ්රී සුමංගල විද්යාලයේ පැවති 2 අදියර පාඨමාලවකට පාඨමාලා නායක වර්තමාන ජාතික පුහුනු කිරීමේ කොමසාරිස් පද්මලාල් පෙරේරා මහතා. ආචාර්ය මණ්ඩලය- හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් ගාමිනී සෝමතිලක මහතා, ඩයස් ගුණරත්න මහතා,සිරිසේන සිල්වා මහතා, ලසන්ත කුරේ මහතා, ගාමිනී කරුණාරත්න මහතා, ගුණතිලක මහතා, ආනන්ද කුලසිරි මහතා, සෝමදාස මහතා. මෙහි සේවා බාලදක්ෂයන් ලෙස කටයුතු කල මා ඇතුලු සියලු දෙනා අද ජාතික පුහුණ කිරීමේ මණ්ඩලයේ සාමාජිකයන් වේ. දකුණු කෙලවරේ සිට වමට සුරත් ඇදුරාපොල LT, ගයාන් රංජුල ALT, බුද්ධික උදයංග CALT, නිවන්ත නුවන් CALT සහභාගී වූ අයුරු.

වස නිමාව

දවස ගෙවෙයි - හිරු බැසය යි
සයුරෙන් - ශිඛරෙන් - අඹරෙන්
දීර්ඝායු දෙවමින් - දෙවිඳුන් දයාවෙන්
සුරිඳුන් දකිම් //

ජයෙන් සැපෙන් තෙදින්
සැවොම සුවෙයි - නිවුනු සිතින්
ලොවේ සෙමින් - බෝ කල් නිදුකින්
දීර්ඝායු දෙවමින් //

ළමුන් පිරිසකට එක්ව ගායනා කලහැකි දේශීය ගීත ගොන්නක් බාලදක්ෂ ක්ෂේත්‍රයට දායාද කිරීමට. සතුට, ප්‍රීතිය, සාමය, මිතුරුකම, සුහදත්වය හා බාලදක්ෂ පුහුණුව ගැනත් දේශීය ළමා ගීත ආරක් සහිත සිඟිති පෝතක, බාලදක්ෂ කෙටි ගීත ලිවීමට හැකියාවක් තියෙන් හැමෝටම ආරාධනා කරනවා. මේ scouting සඟරාවේ පර්යේෂණ අංශයේ අපි ලියපු අලුත් බාලදක්ෂ ගීත කීපයක්. පුංචි උත්සාහයක් ගන්නව අලුත් මෙලඩි කීපයක් දාලා පරණ බාලදක්ෂ ගීත කවර් කීපයක් අලුත් ආරෙකින් එලිදක්වන්නත්.

---------

ළමා ගීත අතරින් වැඩි සංඛ්‍යාවක් අද අසන්නට නම් ලැබෙන්නේ නැත. සුභාවිත ගීතය වෙනුවට වෙනත් ගීත රූපවාහිනිය මෙන්ම ගුවන්විදුලිය ද ආක්‍රමණය කිරීම එයට හේතුවයි. තබා ළමා ගීත නිර්මාණ අලුතින් නිර්මාණය වීමද බොහෝ අඩුවී තිබේ. පැරණි බාලදක්ෂ ගීත කීපයක් හැරෙන්නට ඒවා ගායනයටද පෝතකයින් මෙන්ම බාලදක්ෂයන්ද දක්වන උනන්දුව ගැන ඇත්තේ ශෝචනීය තත්වයකි. බොහෝ දරුවන්ට එක පෙළට බාලදක්ෂ ගී 10 කියවීමටද නොහැකි බව දිසා කඳවුරුවල සිදුකල සංචාරවලදී අත්දැක තිබේ. 

දැනටත් බාවිතා නොකිරීම නිසා අස්ථාන ගත වූ, කොළවලට සීමා වී නැති වී ගිය අතීත බාලදක්ෂ ගීත බොහෝ තිබේ. අමතක වී යන පැරණි බාලදක්ෂ ගීත මෙන් ම බාවිතයෙන් තොරව නැති වී යන අලුත් බාලදක්ෂ ගීතත්, කදවුරු අවසානයෙන් පසු සියල්ලන්ට ම අමතක වන දිසා කදවුරුගීතත්, දැනටත් මුල් පටිගත කිරීම් නැති වී ඇති ජාතික ජම්බෝරි ගීත, කබෝරි ගීත අාදියත් අතීතයේ කාණ්ඩ කදවුරු ගිනිමැල වලදී ගැයූ රසවත් ගීතත්, බාලදක්ෂ නාට්‍යය, යාන් හෑලි, රසකතා වගේම ගිනිමැල සිදුවීම් ආදියත් ආදී ඒකී මෙකී නොකී කදවුරු ගිනිමැල සදහා යොදාගත හැකි ඕනෑම දෙයක් ඩිජිටල් මානයේ ආරක්ෂා කර තැබීම උදෙසා මෙහි ලියා තබන්න. 

ඔබට ඒ අතරින් විශිෂ්ටයි හිතෙන මෙහි සඳහන් නොවන බාලදක්ෂ ගී පද රචනා මතකයේ ඇතොත් ඒවා කමෙන්ටුවක් ලෙස අමුණන්න. මේ වගේ ගීත දන්නවානම් කරුණාකර මෙහි කමෙන්ටුවක් ලෙස අමුණන්න. හැබැයි ගීතයේ නම (හෝ වෙලාව ඇති නම් සම්පූරණ ගීතයම) දාන ගමන් ඒ ගීතයේ පද මාලාවට දායක වුනු ජන කවිය මොකක්ද කියලා දාන්න නම් අමතක කරන්න එපා.

---------------------

බාලදක්ෂ ඔබේ අවධානයට!
අපගේ උත්සාහය ඇගයීම සදහා ඔබත් අත්වැල් බැද ගන්න. LikeShareCommentSubscribe ✓ කල හැකියි. කමෙන්ටුවක් එක්කර වැඩි දැනුමක් එක්කර අනෙකා සමග බෙදා ගන්නටත් නොදන්නා දේ බෙදා ගැනීමටත් පුළුවන්.

ඔබත්, අපිත් නොමැති මතු දිනෙක කවුරුන් හෝ බාලදක්ෂයෙකුට හෝ බාලදක්ෂිකාවක් විසින් සිංහලෙන් ලියැවුණු මෙම බාලදක්ෂ ගීත රස විඳිනු ඇත. කඳවුරු ගිනිමැලයකට මෙය ප්‍රයෝජනවත්වනු අැත. අප නොදන්න බාලදක්ෂ ගීත ඔබ සතුව ඇත්නම් මෙහි පහළින් කමෙන්ටුවක් ලෙස ඇතුලත් කර දැනුම අන් අය හා බෙදාගැනීමට කරුණික වන්න. 
 
------------

මින් පෙර පළකරනු ලැබූ ලිපි
දියලගොඩ දයාහඬ - http://baladakshaya.blogspot.com/2017/09/blog-post_4.html