Translate

Monday, October 14, 2024

ඩයස් ගුණරත්න උපහාර ගුණ සමරුව 2024

බොහෝ දෙනාට බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසයේ මුල් පුරුක් අමතක වී යන යුගයක අන්තර්ජාලය ඔස්සේ කිසිදු ඇගයීමකින් තොරව අප විසින් සිදුකරගෙන යන මේ කර්තව්‍ය මතු දවසක කවුරුන් හෝ වටිනාකම දන්නා අයෙකුගේ නෙත ගැටෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් මැකී යන බාලදක්ෂ ඉතිහාසය මෙලෙස ලියා තබන්නෙමු.
 

මෙතැන් පටන් ඉදිරියට ඔක්තෝබර් මාසයට යෙදෙන සෑම ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය JOTA/JOTI යේ ගිනිමැලය බාලදක්ෂයන්ගේ හඬ අවධිකල ඩයස් ගුණරත්න මහතා වෙනුවෙන් දැල්වීමට ඩයස් ගුණරත්න පදනමේ අනුශාසකතුමිය ඇතුලු Scouting සඟරාවේ සහ විජය බාලදක්ෂ කඳවුරේ අපි කතිකා කරගත්තෙමු. ඒ අනුව මෙවර 2024 Jamboree On The Air - Jamboree On The Internet (JOTA-JOTI) සිට නවමු බාලදක්ෂ පිටුවක් ඇරඹෙන අතර එහි පළමු ගිනිමැලය මොරටුව පිළියන්ද බාලදක්ෂ දිසාවේ බෙල්ලන්විල රජමහා විහාරයේ විවෘත බාලදක්ෂ සමූයේ පූර්ණ සත්කාරකත්වය යටතේ 2024.10.19 දින පස්වරවේදී සුන්දර අත්තිඩි කුරුළු අභය භූමිය ආශ්‍රිත ගිනිමැල භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඩයස් ගුණරත්න උපහාර ගුණ සමරුව 2024

බාලදක්ෂයන්ගේ හඬ ගුවන් ගත කිරීමේ පුරෝගාමීයා වු මෙතුමන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සුමනසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ජෝර්ජ් වීදාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතර ඩයස් ගුණ‍රත්න මහතා එහි පූරකවරයා විය. "බාලදක්ෂ හඬ" නමින් 1965 වසරේ සිට බාලදක්ෂ ඉතිහාසයේ පළමු වරට ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ බාලදක්ෂ වැඩසටහනක් සම්පාදනය කර ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාව මෙය විය. ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ කටයුතු සිදුකෙරුණු අවදියක ඈත දුෂ්කර ගම්වල දරුවන්ට පවා බාලදක්ෂ කටයුතු හඳුන්වාදීමේ ආරම්භය ලෙස මෙම සිංහල භාෂාවෙන් සිදු කෙරුණු "බාලදක්ෂ හඬ" වැඩසටහන හඳුන්වා දිය යුතුවේ. ඩයස් ගුණරත්න මහතා 1998 ඔක්තෝබර් 24 දා අප අතරින් වියො වී 26 වසරක් ගතවී තිබේ. මේ ඒ වෙනුවෙන් Scouting සඟරාවේ සහ විජය බාලදක්ෂ කඳවුරේ අපි විසින් තබන සටහනකි.


හුදෙක් රැකියාවක් ලෙස නොසලකමින් ගුරු වෘත්තිය හා දැරූ සෙසු තනතුරු සියල්ල ඉතා ආදර්ශවත් අන්දමින් මහජනතාව වෙත සේවය සැපයීම පිණිසම කටයුතු කල එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත බාලදක්ෂ ආචාර්යවරයෙකි.

දේශීය බාලදක්ෂ ගීත කලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය තමා බාලදක්ෂ ගීත කලාව පෝෂණය කිරීම. ඒ වෙනුවෙන් මුහුණුපොතේ Scouting Song Book - Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගණනාවක්ම ගනු ලැබුවෙමු. විදෙස් බාලදක්ෂ ගීත හා හරි හරියට තරඟ කල හැකි මෙරට බාලදක්ෂ ගීත කරළියට එනු ලැබුවේ ඩයස් ගුණරත්න වැනි බාලදක්ෂ නායකයින් විසින්. ආර්.ක්රිශ්ණරාජා, අයි.කේ.ජී.චන්ද්රසේන,

එවැනි නායකයන් අතීතයේදී ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ අපටත් බාලදක්ෂ ගීත කලාවක් උරුම වෙලා තිබේ.  

ගිනි දළු නැග යති (බාලදක්ෂ ගිණිමැල ගීතය) - බාලදක්ෂ ගීත කලාව පෝෂණය කිරීම

ඩයස් ගුණරත්න මහතා විසින් පහත දක්වා ඇති බාලදක්ෂ ගිනිමැල ගීතය 1948දී නිර්මාණය කළ බව පැවසේ. බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ හඩ වැඩ සටහන් සඳහා ඉදිරිපත් කිරීමත් පල්ලියෙන් ලැබූ අභාෂයත් ගීතිකා ලිවීම‍ට මෙන්ම ගැයීමේ හැකියාවත්, විවිධ ස්ථානයන්හි බාලදක්ෂ කණ්ඩායම් කීපයක්ම ආරම්භ කර පවත්වා ගෙන යාමත් නිසාවෙන් මෙම ගිනිමැල ගීතයට ප්‍රාණය ආදේශ වන්නට පටන් ගත්තේය.
 
සමූහ මට්ටමින් ගැයෙමින් තිබූ එම ගීතය පසුව කලුතර දිසාව තුළ ද වසර කීපයක් යන්නට මත්තෙන් ලංකාව පුරා බාලදක්ෂයන් අතරට ව්‍යාප්ත වී ගියේ ය. වර්තමානයේදී බාලදක්ෂිකාවන් විසින් පද කීපයක් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ ද කඳවුරු ගිනිමැල ගීතයක් බවට ද මෙය පත්කරගෙන තිබෙනු දක්නට හැකිය.
 
පැරණිතම බාලදක්ෂ ගිණිමැල ගීතය

ගිනි දළු නැගයති - රත් පැහැ වී දිලී
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//
 
සම ලෙසේ සැමදෙසේ ගිනිකඳේ රැස් වැටී
පැතිරෙති බබලතී වැඩවෙතී
මේ ලෙසේ සිත් වැඩී සමගිදම් ඔද වැඩී
වැඩ ඇතී පරහට අදරැතී// 
 
බාලදක්ෂයන්ගේ ගිනිමැල සන්දර්ශණයක් කියන්නේ හරිම සුන්දර මොහොතක්. ඒ සුන්දරත්වය හැමෝටම විඳින්න බැහැ. ඒ කදවුරු ගිනිමැලයක් ආරම්භයට ප්‍රථම ගිනිමැලය දල්වා මුලින්ම ගායනා කරන්නේ ඉහත සඳහන් කෙරුන ගිනිදළු ගීතයි. ලංකා බාලදක්ෂ ඉතිහාස සම්ප්‍රදායේ තියෙන බාලදක්ෂ ගීතයකි. ඒ වන විට සිරිලක පුරා බාලදක්ෂයන් අතර පොදු ගීතයක් ලෙස ජනප්‍රිය වෙමින් තිබූ ගිනි දළු ගීතය පළමු දියලගොඩ බාලදක්ෂ සමූහයේ කණ්ඩායම් නායකව සිටි ඩබ්ලිව්.ජේ.ඩයස් ගුණරත්න විසින් රචනා කරනු ලැබූවකි.
 
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත බාලදක්ෂ ආචාර්යවරයෙකු වූ ඩයස් ගුණරත්න මහතා විසින් පහත දක්වා ඇති බාලදක්ෂ ගිනිමැල ගීතය 1948දී නිර්මාණය කළ බව පැවසේ. බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ හඩ වැඩ සටහන් සඳහා ඉදිරිපත් කිරීමත් පල්ලියෙන් ලැබූ අභාෂයත් ගීතිකා ලිවීම‍ට මෙන්ම ගැයීමේ හැකියාවත්, විවිධ ස්ථානයන්හි බාලදක්ෂ කණ්ඩායම් කීපයක්ම ආරම්භ කර පවත්වා ගෙන යාමත් නිසාවෙන් මෙම ගිනිමැල ගීතයට ප්‍රාණය ආදේශ වන්නට පටන් ගත්තේය. සමූහ මට්ටමින් ගැයෙමින් තිබූ එම ගීතය පසුව කලුතර දිසාව තුළ ද වසර කීපයක් යන්නට මත්තෙන් ලංකාව පුරා බාලදක්ෂයන් අතරට ව්‍යාප්ත වී ගියේ ය. වර්තමානයේදී බාලදක්ෂිකාවන් විසින් පද කීපයක් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ ද කඳවුරු ගිනිමැල ගීතයක් බවට ද මෙය පත්කරගෙන තිබෙනු දක්නට හැකිය. 
 
කොළඹ රේස්කොස් පිටියේ 1952දී පැවති පළමු ජම්බෝරියේ සමස්ත ලංකා කඳවුරු ගිනිමැලයේදී ද ආරම්භක ගීතය ලෙස යොදා ගැණුන මෙය 1994දී කුරුණැගල වෙලෙගෙදර ක්‍රීඩාංගණයේ පැවති  සිව්වන ජාතික ජම්බෝරියේදී ගැයුනේ තරමක වෙනස් ආකාරයකිනි.

ගිනි දළු නැගයති
රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන්
වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතවු//

අපි තමයි මේ රටේ - බාලයෝ..
අපි තමයි මතුවට - කළ යුතු...

රට පුරා පියඹමින්
රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම්
නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්
 
ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//

අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...

රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..

අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති

ගිනි දළු නැගයති.....

බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි

ගිනි දළු නැගයති.....
 


පසු කාලයකදී මෙම තනුවට දමිළ කොටසක් ද එක් වූ අතර එහි තොරතුරු සොයා ගැනීමට නැතත් එම පද වැල මෙසේය.
 
බාවිතයේ ඇති පොදු ගිනිමැල ගීතය 
 
ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතවු// 
 
ත්‍රී වුඩර් වේලලුම් සෙන්නිරම් පරවිඩුම්
කාරිරුල් මංගියේ ඔලිවරුම්
නාට්‍ට සයිය පාලතාම් වීරකොණ්ඩු වීරරායි
තානිලත්නින් තමතෛ එණ්ඩුම් පෝටුවෝම්
 
අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...
 
රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..
 
ජාතික ජම්බෝරි, ජරම්බොරේට, කැම්පොරි, කැම්පොරේට්, දිසාකඳවුරු, ආදියේදී භාෂා අනුව ගායනා කලහැකි පරිදි පොදු තනුවක් යොදාගනිමින් ගිනිමැල ගීතයක් වර්තමානයේදී බාවිතාවනු දැකිය හැකිය. එය දමිල ප්‍රදේශවල බාලදක්ෂයන් දමිල භාෂාවෙන්ද සෙසු පිරිස් සිංහල බසින්ද යොදනු ලැබේ. ඇතැම් විට භාෂා දෙකින්ම ගයන අවස්ථාද දැකිය හැකිය.

වගකිවයුතු පුද්ගලයෙකු යටතේ මනා විනයක් සහ ආරක්ෂාවක් සහිතව සංදර්ශනාත්මක කඳවුරු ගිනිමැළ පැවැත්විය යුතු ය. එසේ ම කදවුරු ගිනිමැළය මෙහෙයවීම සඳහා නායකයන් කීපදෙනෙකු යොදාගතහැකි වේ. සම්පත්දායකයන් නොමැකි සමූහ ගිනිමැලයකදී හෝ එවැනි කාණ්ඩ ගිනිමැලයකදී කාණ්ඩනායකයන් යොදා ගැනීමට ද හැකිය.ඕනෑම ගිනිමැළ සංදර්ශනයක් පැයකට සීමාවීම අනිවාර්්‍ය වේ. පෙර පුහුණුවීමකින් තොරව මහජනතාව රැස්කරන කඳවුරු ගිනිමැල තැබීම නොකල යුතුය. ඉදිරිපත් කිරීම් සැලසුම් කළයුතු අතර එක් එක් අංග සඳහා උපරිම ලෙස විනාඩි පහක කාලයකට නොවැඩිවීමත් ක්‍රමානුකූලව නැගීයන ආකාරයටත් ක්‍රමානුකූල අවසානයකටත් ගෙනඒමත් කලයුතුය. සුදුසු නම් පමණක් අවසානයේ දී ජාතික ගීය ගායනා කිරීමෙන් සංදර්ශනය අවසන් කෙරේ. නොමැති නම් අපි වෙමු එක මවකගේ දරුවෝ ගීතය ගායනා කරනු ලැබේ. බාලදක්ෂිකාවන් සූර්යා බස්නා සැන්දෑවේ ගීතය ගායනා කරති.

1995/1996දි පානදුර ශ්රී සුමංගල විද්යාලයේ පැවති 2 අදියර පාඨමාලවකට පාඨමාලා නායක වර්තමාන ජාතික පුහුනු කිරීමේ කොමසාරිස් පද්මලාල් පෙරේරා මහතා. ආචාර්ය මණ්ඩලය- හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් ගාමිනී සෝමතිලක මහතා, ඩයස් ගුණරත්න මහතා,සිරිසේන සිල්වා මහතා, ලසන්ත කුරේ මහතා, ගාමිනී කරුණාරත්න මහතා, ගුණතිලක මහතා, ආනන්ද කුලසිරි මහතා, සෝමදාස මහතා. මෙහි සේවා බාලදක්ෂයන් ලෙස කටයුතු කල මා ඇතුලු සියලු දෙනා අද ජාතික පුහුණ කිරීමේ මණ්ඩලයේ සාමාජිකයන් වේ. දකුණු කෙලවරේ සිට වමට සුරත් ඇදුරාපොල LT, ගයාන් රංජුල ALT, බුද්ධික උදයංග CALT, නිවන්ත නුවන් CALT සහභාගී වූ අයුරු.

වස නිමාව

දවස ගෙවෙයි - හිරු බැසය යි
සයුරෙන් - ශිඛරෙන් - අඹරෙන්
දීර්ඝායු දෙවමින් - දෙවිඳුන් දයාවෙන්
සුරිඳුන් දකිම් //

ජයෙන් සැපෙන් තෙදින්
සැවොම සුවෙයි - නිවුනු සිතින්
ලොවේ සෙමින් - බෝ කල් නිදුකින්
දීර්ඝායු දෙවමින් //

ළමුන් පිරිසකට එක්ව ගායනා කලහැකි දේශීය ගීත ගොන්නක් බාලදක්ෂ ක්ෂේත්‍රයට දායාද කිරීමට. සතුට, ප්‍රීතිය, සාමය, මිතුරුකම, සුහදත්වය හා බාලදක්ෂ පුහුණුව ගැනත් දේශීය ළමා ගීත ආරක් සහිත සිඟිති පෝතක, බාලදක්ෂ කෙටි ගීත ලිවීමට හැකියාවක් තියෙන් හැමෝටම ආරාධනා කරනවා. මේ scouting සඟරාවේ පර්යේෂණ අංශයේ අපි ලියපු අලුත් බාලදක්ෂ ගීත කීපයක්. පුංචි උත්සාහයක් ගන්නව අලුත් මෙලඩි කීපයක් දාලා පරණ බාලදක්ෂ ගීත කවර් කීපයක් අලුත් ආරෙකින් එලිදක්වන්නත්.

---------

ළමා ගීත අතරින් වැඩි සංඛ්‍යාවක් අද අසන්නට නම් ලැබෙන්නේ නැත. සුභාවිත ගීතය වෙනුවට වෙනත් ගීත රූපවාහිනිය මෙන්ම ගුවන්විදුලිය ද ආක්‍රමණය කිරීම එයට හේතුවයි. තබා ළමා ගීත නිර්මාණ අලුතින් නිර්මාණය වීමද බොහෝ අඩුවී තිබේ. පැරණි බාලදක්ෂ ගීත කීපයක් හැරෙන්නට ඒවා ගායනයටද පෝතකයින් මෙන්ම බාලදක්ෂයන්ද දක්වන උනන්දුව ගැන ඇත්තේ ශෝචනීය තත්වයකි. බොහෝ දරුවන්ට එක පෙළට බාලදක්ෂ ගී 10 කියවීමටද නොහැකි බව දිසා කඳවුරුවල සිදුකල සංචාරවලදී අත්දැක තිබේ. 

දැනටත් බාවිතා නොකිරීම නිසා අස්ථාන ගත වූ, කොළවලට සීමා වී නැති වී ගිය අතීත බාලදක්ෂ ගීත බොහෝ තිබේ. අමතක වී යන පැරණි බාලදක්ෂ ගීත මෙන් ම බාවිතයෙන් තොරව නැති වී යන අලුත් බාලදක්ෂ ගීතත්, කදවුරු අවසානයෙන් පසු සියල්ලන්ට ම අමතක වන දිසා කදවුරුගීතත්, දැනටත් මුල් පටිගත කිරීම් නැති වී ඇති ජාතික ජම්බෝරි ගීත, කබෝරි ගීත අාදියත් අතීතයේ කාණ්ඩ කදවුරු ගිනිමැල වලදී ගැයූ රසවත් ගීතත්, බාලදක්ෂ නාට්‍යය, යාන් හෑලි, රසකතා වගේම ගිනිමැල සිදුවීම් ආදියත් ආදී ඒකී මෙකී නොකී කදවුරු ගිනිමැල සදහා යොදාගත හැකි ඕනෑම දෙයක් ඩිජිටල් මානයේ ආරක්ෂා කර තැබීම උදෙසා මෙහි ලියා තබන්න. 

ඔබට ඒ අතරින් විශිෂ්ටයි හිතෙන මෙහි සඳහන් නොවන බාලදක්ෂ ගී පද රචනා මතකයේ ඇතොත් ඒවා කමෙන්ටුවක් ලෙස අමුණන්න. මේ වගේ ගීත දන්නවානම් කරුණාකර මෙහි කමෙන්ටුවක් ලෙස අමුණන්න. හැබැයි ගීතයේ නම (හෝ වෙලාව ඇති නම් සම්පූරණ ගීතයම) දාන ගමන් ඒ ගීතයේ පද මාලාවට දායක වුනු ජන කවිය මොකක්ද කියලා දාන්න නම් අමතක කරන්න එපා.

---------------------

බාලදක්ෂ ඔබේ අවධානයට!
අපගේ උත්සාහය ඇගයීම සදහා ඔබත් අත්වැල් බැද ගන්න. LikeShareCommentSubscribe ✓ කල හැකියි. කමෙන්ටුවක් එක්කර වැඩි දැනුමක් එක්කර අනෙකා සමග බෙදා ගන්නටත් නොදන්නා දේ බෙදා ගැනීමටත් පුළුවන්.

ඔබත්, අපිත් නොමැති මතු දිනෙක කවුරුන් හෝ බාලදක්ෂයෙකුට හෝ බාලදක්ෂිකාවක් විසින් සිංහලෙන් ලියැවුණු මෙම බාලදක්ෂ ගීත රස විඳිනු ඇත. කඳවුරු ගිනිමැලයකට මෙය ප්‍රයෝජනවත්වනු අැත. අප නොදන්න බාලදක්ෂ ගීත ඔබ සතුව ඇත්නම් මෙහි පහළින් කමෙන්ටුවක් ලෙස ඇතුලත් කර දැනුම අන් අය හා බෙදාගැනීමට කරුණික වන්න. 
 
------------

මින් පෙර පළකරනු ලැබූ ලිපි
දියලගොඩ දයාහඬ - http://baladakshaya.blogspot.com/2017/09/blog-post_4.html 

blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ,  Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lanka Scout, ශ්‍රී ලාංකික බාලදක්ෂයා, බාලදක්ෂ පොරොන්දුව, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය, SCOUTING SRI LANKA, බාලදක්ෂ ව්‍යාපාරය, කඳවුරු බැඳීම්, පා ගමන්, ජල ක්‍රීඩා, වන විද්‍යාව, බාලදක්ෂ ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම්, නොවිධිමත් අධ්‍යාපනය, ඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, බාලදක්ෂ නායකයින්‌, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම, බාලදක්ෂ ගීත එකතුව, ජනාධිපති බාලදක්ෂ සම්මාන, බාලදක්ෂ පදක්කම් පැළඳවීම, බාලදක්ෂ අවුරුදු, ලෝක බාලදක්ෂ, බාලදක්ෂ පොරොන්දු හා නීතීය, Our Blog, Scout Leaders Training Course, Scouts Sectio, Colombo Scout, Scouts Training, Active Cub Scouting, Scout outdoor activities, blog Style, Blog Grid, Bon Voyage Ceremony, Blog Grid, Scouting in Sri Lanka, Our Blog, All Ceylon Scout Movement, wonderful Aero experience, Sri Lanka Scouts, SLSA International Scouting, Scouting Bloggers, blogs on Scouting, Troop Profile, scouting magazine blog, The Scouts & Girl Guides of Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lankan Scout contingent Sri Lanka, boy-scouts Stock Photo, Annual General Meeting, Sri Lanka Scout Association, @srilanka_scouts, World Scouting, Gilwell-Song, wood badge song book, Back to Gilwell Song, Back to Gilwell Song lyrics
 

 

No comments:

Post a Comment