Translate

Sunday, August 19, 2018

කඳවුරු පදක්කම සහ පරිවාර පදක්කම් ක්‍රමය - 2018 කොළඹ බාලදක්ෂ කැම්පෝරි පදක්කම

බාලදක්ෂ පදක්කම් ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේ බේඩ්න් පවෙල් සාමිතුමාය. බාලදක්ෂයා තුළ වර්ධනය වන යම්කිසි හැකියාවක් වඩාත් හොඳින් කැපී පෙනෙන ලෙස නිල ඇඳුමේ ප්‍රදර්ශනය කිරීමෙන් ඔහු ධෛර්යමත් කිරීම එහි අරමුණයි. එසේ කිරීමෙන් බාලදක්ෂයා තුළ විවිධ විෂයයන් අලුතින් ඉගෙන ගැනීමට කැමැත්තක් ඇතිවෙයි. බාලදක්ෂයින් වයසින් මුහුකුරා යන්නේ විෂය ධාරා කිහිපයක දැනුම් සම්භාරයක් එකතු කරගනිමින්ය. ඒ අතරින් අනාගතයට වැදගත් වන තමන් කැමතිම විෂය ධාරාව වැඩිදුර ප්‍රගුණ කිරීමෙන් ඒ පිළිබඳ විශේෂඥයකු වීමට මග කියාදීම පදක්කම් පිරිනැමීමේ අරමුණයි. එබැවින් බාලදක්ෂ පදක්කම්වල සහ ප්‍රවීණතා පදක්කම් වල වටිනාකම බාලදක්ෂ ආචාර්යවරයා ගැඹුරින් වටහා ගත යුතුව ඇත. කිසිදු අවස්ථාවක බාලදක්ෂ පදක්කම් අනවබෝධයෙන් පිරිනැමීම නොකළ යුතුය. බාලදක්ෂයා පදක්කමක් සඳහා සූදානම් විය යුතු අවම කාලයක් ඇත. එම කාලය තුළ දී එම විෂය නියමාකාරයෙන් අධ්‍යයනය කිරීමට උනන්දු කළ යුතුය. නියම දිනයට පදක්කම් සමත් කිරීමට බාලදක්ෂයින් යොමු කළ යුතුව ඇත. එම ප්‍රමිතිය උල්ලංඝනය කරමින් ප්‍රවීණතා පදක්කම් පිරිනමා ජනාධිපති බාලදක්ෂ සම්මානය සඳහා උනන්දු කිරීම නොකළ යුතුය. 

විවිධ හැඩැති පදක්කම්

බාලදක්ෂ පදක්කම් වලට නියමිත හැඩයක් සහ ප්‍රමිතියක් ඇත. එය නිරන්තරයෙන් ආරක්ෂා කරමින් නිෂ්පාදනය කිරීමේ නිල වගකීම සහ අධිකාරය ඇත්තේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට පමණි. එහෙත් ඔබගේ කැමැත්තට සහ රුචියට පදක්කම් නිර්මාණය සඳහා එකම එක අවස්ථාවක් ලබා දී ඇත. එනම් යම් කිසි වැඩසටහනක්, ක්‍රියාකාරකමක්, දිසා කඳවුරක් කිරීම පදක්කමක් නිර්මාණය කිරීමේ දුර්ලභ අවස්ථාවයි. එවැනි පදක්කමක් නිර්මාණය කිරීමේ දී බාලදක්ෂ ආචාර්යවරයා, දිසා කොමසාරිස්වරයා බාලදක්ෂයින් වෙත උපදෙස් ලබාදිය යුතුය. එවැනි පදක්කමක් නිල ඇඳුමේ දකුණු කමිස සාක්කුවට ඉහළින්, දිසා බාලදක්ෂ පදක්කම අසල පැලඳිය යුතුය. එවැනි පදක්කමක් මාස තුනක කාලයක් පැලඳීමෙන් පසු නිල ඇඳුමින් ඉවත් කළ යුතුය.

පරිවාර පදක්කම් කලාව

යම් වැඩසටහනක ප්‍රධාන කඳවුරු පදක්කමට අමතර ව පරිවාර පදක්කම් කිහිපයකින් යුතු පදක්කම් කලාවක් බාලදක්ෂ ලෝකයට හඳුන්වා දුන්නේ ඇමරිකානු බාලදක්ෂ සංගමයයි. බාලදක්ෂ සංගමයට වසර සියයක් පිරීම නිමිත්තෙන් 2010 පැවැත්වූ ජාතික ජම්බෝරියේ දී එම පදක්කම එළිදක්වන ලදී. ඉන් පසු ඇමරිකාවේ ලින්කොන් හෙරිටේජ් කවුන්සලය (2010), මොන් මවුත් කවුන්සලය (2013), ට්‍රාන්ස්ට්ලන්ට් කවුන්සලය (2013), වෙස්ට් චෙස්ටර් පුටිනම් කවුන්සලය (2013), ක්‍රොසරෝඩස් ඔෆ් ඇමරිකා කවුන්සලය, කැතලීනා කවුන්සලය, ග්‍රීන් මවුත් කවුන්සලය (2017), මධ්‍යම ෆ්ලොරිඩා කවුන්සලය (2017), ගාර්ඩන් ස්ටේට් කවුන්සලය (2017) ගත වූ වර්ෂ කිහිපය තුළ පැවැත්වූ ජාතික ජම්බෝරි සඳහා ප්‍රධාන කඳවුරැ පදක්කමට අමතර ව පරිවාර පදක්කම් නිර්මාණය කරන ලදී.


ශ්‍රී ලංකාවේ පරිවාර පදක්කමේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ඉතිහාසය තුළ ප්‍රධාන කඳවුරු පදක්කමට අමතරව පරිවාර පදක්කම් සහිත කඳවුරු පදක්කමක් නිර්මාණය වී නැත. එවැනි අවස්ථාවක් වසර 106 කට පසු වාර්තා වන්නේ 2018 වර්ෂයේ පැවැත්වූ කොළඹ බාලදක්ෂ කැම්පෝරියේ දීය. මෙහි දැක්වෙන්නේ ඒ වෙනුවෙන් නිර්මාණය කළ කඳවුරැ පදක්කම ඇතුළු පරිවාර පදක්කම් හයකින් යුතු කඳවුරැ පදක්කමයි. එය කැම්පෝරි සංවිධායක කොමසාරිස්ගේ සංකල්පයක් මත නිර්මාණය කෙරිණ.

වැඩිදුරට යොමුව 

ශ්‍රි ලංකා බාලදක්‍ෂ සංගමයේ කොළඹ දිසාව මගින් 'Today's Scouts, Tomorrow's Legend' යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ 53 වැනි වරට කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පවත්වන බාලදක්‍ෂ කැම්පරිය සාර්ථකව අද නිමාවට පත් කෙරිණ. කඳවුර පසුගිය 9 වැනිදා ආරම්භ විය. දිසා කොම සරිස් අමිල අබේසුන්දර, සහය දිසා කොමසාරිස් සහ ඔහුට සහාය වන පරිනත කණ්ඩායමක් විසින් මෙවර කැම්පෙරිය සංවිධානය කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම කඳවුර සඳහා තවත් සිවිල් සංවිධාන සමග සම්පූර්ණ සහයෝගය ලබා දී තිබිණ. 

මෙවර කඳවුර සඳහා කොළඹ දිසාවේ පාසල්වලින් එකී පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ විදුහල්පතිනියන්ගේ ආශීර්වාදය ඇතිව සිඟිති බාලදක්‍ෂයන් 1172ක්, පෝතක බාලදක්‍ෂයන් 2400ක්, බාලදක්‍ෂයන් 2350ක්, මානවක බාලදක්‍ෂයන් සහ නායක ආචාර්යවරු 420ක් පමණ සහභාගි වී සිටි. ශ්‍රී ලංකා ජාතික බාලදක්‍ෂ මූලස්ථානය සමග දිස්ත්‍රික් බාලදක්‍ෂ මානවකයන් සහ මානවිකාවන්ද සහයෝගය දක්වන අතර යාපනය ඇතුළු වෙනත් දිස්ත්‍රික්කවලින්ද සහෝදර බාලදක්‍ෂයන් සමූහ වශයෙන් සහභාගි වනු ඇත.

 

Thursday, August 9, 2018

2018 අභිමානවත් කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියේ අපි..!

 53rd Colombo Camporee - 2018 කැම්පෝරියේ අපි..!

ශ්‍රි ලංකා බාලදක්‍ෂ සංගමයේ කොළඹ දිසාව මගින් 'Today's Scouts, Tomorrow's Legend' යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ 53 වැනි වරට කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පවත්වන බාලදක්‍ෂ කැම්පරිය සාර්ථකව අද නිමාවට පත් කෙරිණ. කඳවුර පසුගිය 9 වැනිදා ආරම්භ විය. දිසා කොම සරිස් අමිල අබේසුන්දර, සහය දිසා කොමසාරිස් සහ ඔහුට සහාය වන පරිනත කණ්ඩායමක් විසින් මෙවර කැම්පෙරිය සංවිධානය කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම කඳවුර සඳහා තවත් සිවිල් සංවිධාන සමග සම්පූර්ණ සහයෝගය ලබා දී තිබිණ. 
 
 
මෙවර කඳවුර සඳහා කොළඹ දිසාවේ පාසල්වලින් එකී පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ විදුහල්පතිනියන්ගේ ආශීර්වාදය ඇතිව සිඟිති බාලදක්‍ෂයන් 1172ක්, පෝතක බාලදක්‍ෂයන් 2400ක්, බාලදක්‍ෂයන් 2350ක්, මානවක බාලදක්‍ෂයන් සහ නායක ආචාර්යවරු 420ක් පමණ සහභාගි වී සිටි. ශ්‍රී ලංකා ජාතික බාලදක්‍ෂ මූලස්ථානය සමග දිස්ත්‍රික් බාලදක්‍ෂ මානවකයන් සහ මානවිකාවන්ද සහයෝගය දක්වන අතර යාපනය ඇතුළු වෙනත් දිස්ත්‍රික්කවලින්ද සහෝදර බාලදක්‍ෂයන් සමූහ වශයෙන් සහභාගි වනු ඇත.
 


හෙට 12 වැනිදා සිඟිති බාලදක්‍ෂයන්ට ද, 13 වැනිදා පෝතක බාලදක්‍ෂයන්ටද කඳවුර විවෘත කර ඇති අතර, පෝතක බාලදක්‍ෂයන් විසින් එදින කඳවුර වටා පෙළපාළියක්ද සංවිධානය කර ඇත. මෙම කඳවුරේ ක්‍රියාකාරකම් සඳහා සහභාගි වන බාලදක්‍ෂයන්ට විශේෂ ප්‍රවීණතා පදක්කම් 06ක් දිනා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, එයින් බලාපොරොත්තු වන්නේ වීරත්ව්‍යය, ධෛර්යයසම්පන්න බව, විනයගරුක බව, අභියෝග ජයගැනීම ආදී කරුණු ඔවුන් තුළ වර්ධනය කිරීමය. කඳවුර තුළ විශේෂ ප්‍රදර්ශනයක්ද සංවිධානය කර ඇත.
 





































53rd Camporee at Colombo - Sri Lanka

The 53rd Colombo camporee was held in Viharamahadevi Park, Colombo on the 9th - 14th of August 2018. Annual district camp, 53rd Colombo Scout Camporee organized by the Sri Lanka Scout Association(SLSA) Colombo District Branch was held from 9th to 14th August 2018 at Viharamahadevi Park, Colombo. 60 Scouts and 5 Scout leaders have participated in the camp representing 43rd Colombo Thurstan College Scouts. Our Scouts had a memorable 6 days and 5 nights with new experiences and new friends.



Tuesday, July 31, 2018

මහාචාර්ය සෝමරත්න බාලසූරිය නැමති බාලදක්ෂයා

මෙරට සිටින ප්‍රවීණ සාහිත්‍යධරයකු ද වන මහාචාර්ය සෝමරත්න බාලසූරිය සිය මතක අවදි කරමින් අද අප සමඟ මෙලෙස සංවාදයට එක් වේ.

• ඔබේ ළමාවියේ මතකවලින් ම අපි මේ සංවාදය අරඹමු?
මම ඉපදුණේ කුලියාපිටියට ආසන්න එළතලව ග්‍රාමයේ. ඒක විශාල ගමක්. ගමෙන් බාගයක් ම කුඹුරු තිබුණෙ. වැඩිදෙනාගේ ජීවනෝපාය ගොවිතැන. මං කුඩා කාලයේ හැදුණේ වැඩුණේ වැව් කුඹුරු කැලෑ ඇසුරේ. ඒ නිසා මම නිතර ම ගහකොළට සතා සීපාවාට ආදරය කරනවා. අපේ ගමේ විශාල ගව සම්පතකුත් තිබුණා. බොහෝ පවුල්වලට ගව පට්ටියක් තිබුණා.
මම පස්වැනි පන්තිය දක්වා ගියේ ගමේ පාසලට. ඒ අවධිය ගැන මගේ මතකය අඩුයි. හේතුව විශේෂිත සිදුවීම් නොමැතිවීම. ඉස්කෝලෙ ඇරිල පයින් ම ගෙදරට එන්න සෑහෙන කාලයක් ගතවෙනවා. මොකද අතරමඟදි වෙරළු, දිවුල්, දං, හිඹුටු වගේ ගමේ පලතුරු කඩාගෙන කාලා හෙමින් එන්නෙ. මේ පමාව ගැන‍ අම්මා, තාත්තා ප්‍රශ්න කළෙත් නෑ. හැමදාම මෙහෙම තමයි ආවෙ. කැලෑවෙ ඇවිදින්න සතුන් බලන්න අපි හුඟක් ආස කළා. වැවේ පීනුවා නෑවා. වැවට නැමුණු අතුදිගේ ගිහින් තමයි වැවට පැන්නෙ.



• 5 වැනි පන්තියෙන් පසුව ඔබේ පාසල වෙනස් වෙනවා?

ඔව්! කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය. එහාට ගියාට පස්සෙ මට සෑහෙන දුරට ගමෙන් ඈත් වුණා. හැබැයි පිළිවෙළට වැඩක් කරන හැටි ගැන වගේ ම විනය ගැනත් අපි හරියට ඉගෙන ගත්තා. මේ පාසල මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේ වුණා. විශේෂයෙන් සෑම ඉසව්වක ම වගේ ක්‍රීඩාවලට සම්බන්ධ වුණා. ස්කවුටින්, කැඩෙටින් කළා. බාලදක්ෂ කණ්ඩායම භාරව හිටියෙ විජේසිංහ සර්. එතුමා තරුණ ආචාර්යවරයෙක්. විජේසිංහ සර් නිසා මගේ ජීවිතයෙ යම් වෙනසක් ඇති වුණා. මොකද අපිව පොතපත පත කියැවීමට නැඹුරු කළා. ඒ දිනවල භාෂා තුනේම යම් දැනුමක් ලබන්න පුළුවන් වුණා.

මම වඩාත් ප්‍රිය කළේ බාලදක්ෂ කටයුතුවලටයි. විජේසිංහ සර් අපිව ශ්‍රමදාන ව්‍යාපාරවලටත් මෙහෙයවූවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා ගම්මාන දෙකක් දියුණු කිරීම ඒකෙ අරමුණ. ඉතින් අපි හැම සිකුරාදාම කැති උදලු වගේ ආම්පන්න අරගෙන ඒ ගම්වලට ගිහින් ශ්‍රමදාන කටයුතු කළා.

• ඔබ බාහිර කටයුතුවලදි කැපීපෙනුණු ශිෂ්‍යයෙක් වුණා ද?
ක්‍රීඩා නම් හැම ඉසව්වක් ම වගේ කළා. නේවාසිකාගාර ජීවිතය ප්‍රියජනකයි. බොහෝ නේවාසිකාගාර වල සිදුවන දෙයක් තමයි, කෑම වලට උද්ඝෝෂණ කිරීම. මෙහෙත් එහෙම උද්ඝෝෂණ තිබුණා. මම ශිෂ්‍ය නායකයෙක්. මුලින් කනිෂ්ඨ, පසුව ජ්‍යෙෂ්ඨ හා ප්‍රධාන ශිෂ්‍ය නායකත් වුණා. පරිපාලනය අපව කැඳවලා මේකට විසඳුම් යෝජනා කරන්න කිව්වා. අපි ආහාර කමිටුවක් හැදුවා. ඒ කමිටුව ආහාර වට්ටෝරු හැදුවා. ඒ ගැන වාද - විවාද කළා. ඉරිදට කහබත්, තේ වෙලාවට අතුරුපසක්, පාඩම් කරන වෙලාවට තේ එකක් ලබා දෙන්න තීරණය වුණා. අනෙක පිරිසුදුකමත් ඉහළින් ම බැලුවා. මේ වෙනස්කම් සිදුවු‍ණත් සමඟ උද්ඝෝෂණත් නතර වුණා.

• හොස්ටල් ඉන්න අතර පුංචි දඟකාරකම් කරන්නත් ඇති?
මෙහෙමයි, අගමැති ඩඩ්ලි ඒ කාලෙ ශිෂ්‍යයන්ට බස් පාස් එකක් දුන්නා. අපි කණ්ඩායමකුත් බස් පාස් ඉල්ලුවා. අපට එය ලැබුණේ නෑ. මොකද අපි හොස්ටල් නිසා. කොහොම හරි මේකත් අරගෙන පන්ති මඟ හැරල බස්වල කුරුණෑගල, හලාවත වගේ යාබද ප්‍රදේශවලට ගියා. අපි කළේ ඇවිදීම. මේක හැමදාම කරන්න බෑ. අවේලාවෙ යන නිසා අල්ලගන්නවා. අපේ මිතුරෙක් වතාවක් අල්ලා ගත්තා. ඊට පස්සෙ අපි බයිසිකල් අරන් ගියා. කඳු නැග්ගා, පන්සල්වලට ගියා. ඔය අතරවාරයේ අපේ නේවාසිකාගාර ජීවිතය වඩාත් පූර්ණත්වයට පත්කරන්න විවිධ අදහස් දස්කම් දරන අය අපත් සමඟ සිටීම බලපෑවා. අපේ ජීවිතාවබෝධ වැඩි වුණා කියන්න පුළුවන්. විහිළු තහළු කිරීමටත් ආසයි. නේවාසිකාගාරෙ තිබුණේ ‘බෝනෝ’ ස්ප්‍රිං මෙට්ට. යකඩ ඇඳන් තිබුණෙ ශාලාව එක දිගට. අපි 3 - 4 දෙනෙක් එකතු වෙලා එක තැනකින් පුංචි කරන්ට් එකක් දුන්නා. මේක කළේ මොහොතකටයි. ඔය වගේ අන්තරාදායක විහිළුත් කළා. නේවාසිකාගාරයෙ කලා කවයකුත් තිබුණා. කලා අංශයට දක්ෂ අය ගායන වාදන නර්තන නාට්‍ය කළා. කලා කටයුතුවලදි ගැහැනු - පිරිමි නේවාසිකාගාර දෙකේ ම ළමයි එකතු වෙනවා. මේ නිසා පුංචි පුංචි ආදර සම්බන්ධතාත් ළමයි අතර ඇතිවුණා.

• බාහිර වැඩ හුඟක් කරන අතරේ ඉගෙනීමේ කටයුතු වලට මොකද වුණේ?
ඉගෙනීම කරන අතර බාහිර වැඩ කළේ. බාහිර වැඩ වැඩිවීමත් එක්ක මුලදි පන්තියෙ 1, 2, 3 වුණු මම 5, 6 ට බැස්සා. එස්.එස්.සී. විභාගය සමත් වුණේ යන්තම්. එච්.එස්.සී කරන්න පුළුවන් වුණා. හැබැයි දැනුම තිබුණා. මොකද විජේසිංහ සර් පොත - පත කියවන්න අපව නැඹුරු කරල තිබුණ. පුස්තකාලයට අලුතෙන් පොත් ගෙනාවම අපට දෙනව කියවල ගෙනැත් දෙන්න කියලා. කියෙව්වද බලන්න ආපහු බාරදෙන කොට ප්‍රශ්න අහන සිරිතකුත් සර්ට තිබුණා. ඉතිං අපේ දැනුම හොඳයි. සිංහල ඉංගිරිසි දෙකම කියෙව්වා.

• විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පදනම වැටෙන්නේ කොහොමද?
සඟරාවල ලිපි කියවීම නිසා විශ්වවිද්‍යාලයට යන්න තරම් දැනුමක් අපි ලැබුවා. ආසාවකුත්, උනන්දුවකුත් ඇතිවුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලබන්නත් විභාගයක් ලියන්න ඕන. අපට තවත් අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා. මමත් තවත් මිතුරන් දෙදෙනකුත් කල්පනා කළා. හැබැයි පාස‍ලේ නීති - රීති වලට පටහැණියි. අපට හැඳුනුම්පත් තිබුණෙත් නෑ. කොහොමහරි හැඳුනුම්පත් ප්‍රශ්නය විසඳාගන්න අපේ ආචාර්යවරයෙක් ම අපට මඟ පෙන්වුවා. තැපැල් හැඳුනුම්පත ලබාගත්තා. සඟරාවලින් කරුණු හැදෑරුවා. ප්‍රශ්න පත්‍ර කළා. අන්තිමේ අපට විභාගයට ප්‍රවේශපත්‍ර ලැබුණා. විභාග මධ්‍යස්ථානය කුරුණෑගල. සැතපුම් 20ක් විතර තිබුණා. නවාතැන් ප්‍රශ්නයත් විසඳාගෙන අපි විභාගයට ලිව්වා. ඊට පස්සෙ විනෝදයට හා ආසාවට කළ මේ වැඩේ අපටත් අමතක වුණා. අපි ආයෙමත් ඉගෙනීමේ කටයුතු කළා.
ඔහොම ඉන්න අතර දවසක් ලිපියක් ලැබුණා අපිට විශ්වවිද්‍යාලයට යන්න තුන්දෙනාගෙන් දෙදෙනෙක් ම සුදුසුකම් ලබලා කියලා. මේක රහසක් ලෙස තියාගත්තෙ නැත්නම් දඬුවම් ලැබෙන්න තිබුණා. ඒ නිසා ප්‍රසිද්ධියක් නොදී හෙමින් ම අපි විශ්වවිද්‍යාලයට ගියා.

• විශ්වවිද්‍යාල ජීවිතය කොහොමද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. මහාචාර්ය සරච්චන්ද්‍ර, මහචාර්ය සිරි ගුනසිංහ, මහාචාර්ය ආරිය රාජකරුණා ව‍ගේ අයත් හමුවුණා. මම කළේ සිංහල, ආර්ථික විද්‍යාව සහ ඉන්දියා - ලංකා ඉතිහාසය. විශේෂයෙන් ඉන්දියානු ඉතිහාසයට මම හුඟාක් ප්‍රිය කළා.
මේ අතරවාරයේ සඟරාවක් කිරීමට අදහසක් ඇති වුණා. තනිය ම බැරි නිසා තවත් දෙදෙනකුත් එක්ක ‘වීමංසා” සඟරාව පටන් ගත්තා. පාසල් කාලයේ හුරුව තිබුණා. ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබුණෙ ‘සංස්කෘති’ සඟරාව. අපේ වීමංසා සඟරාවත් ඉල්ලුමක් ඇති මට්ටමට ගේන්න හැකිවුණා. සරච්චන්ද්‍ර, සිරිගුණසිංහ, රාජකරුණා වගේ මහාචාර්යවරුන්ගෙනුත් විශ්වවිද්‍යාලයට බාහිර බුද්ධිමතුන්ගෙනුත් ලිපි ලබාගත්තා. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගෙන් එහෙමත් ලිපි ලබාගැනීමට හැකිවුණා.

• විශ්වවිද්‍යාලයෙදි දේශපාලනය ගැන උනන්දුවක් තිබුණේ නැති ද?
මම ශිෂ්‍ය සංගමයකට බැඳුණෙ නැතත් මහජන එක්සත් පෙරමුණට සම්බන්ධව ක්‍රියාකාරීව වැඩ කළා. දේශපාලනය ගැන උනන්දුවක් තිබුණේ පාසල් වියේ පටන්මයි. 56’ දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා බලයට පත්වුණා. ම.එ.පෙ. රැස්වීම බලන්න නොවැරදී ම යනවා.

• බාහිර වැඩ නිසා අධ්‍යාපනයට බාධා වුණේ නැද්ද?
පන්ති සාමර්ථ­්‍යයක් සහිතව මම සමත් වුණා.
බාහිර වැඩ නිසා මට වැදගත් චරිත ගණනාවක් හඳුනාගන්න ලැබුණා. ඒක මගේ ජීවිතයේ හැරවුමක් වුණා කියල මට හිතෙනවා.

• ඔබ ප්‍රංසයට ළැදි බවක් පෙන්වනවා?
ඔව්! මට ප්‍රංසයට යන්න ආශාවක් තිබුණා. පස්සෙ ආචාර්ය උපාධිය කරන්න විදේශගත වීමට සිදුවුණා. ශිෂ්‍යත්ව 8ක් සඳහා කැඳවීම් කර තිබුණත් ප්‍රසිද්ධ කරද්දි එකක් අඩුවෙලා. මට අයදුම්කරන්න බැරිවුණා. පසුව මේ ගැන එවක අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල මහත්මයා මගෙන් ඇහුවා. සිදුවුණ දේ කීවා ම මට කියන්නනෙ තිබුණෙ. එහෙනම් මම මේක කරනවනෙ කිව්වත් මං කැමැති වුණේ නෑ. ඊළඟ අවුරුද්දෙ අයදුම් කරල පැරිසියට ගියා සෝබෝන් විශ්වවිද්‍යාලයට. පැරිසිය හරියට කලාගාරයක් වගේ නගරයක්. මං නතර වුණේ විශ්වවිද්‍යාල නගරයේ. රටවල් අනුව නේවාසිකාගාර තිබුණා. මට ලැබුණේ ඉන්ටර්නැෂනල් හොස්ටල් එක. ඒ නිසා විවිධ රටවලින් ආ අය මට හමුවුණා. මේ සරසවි නගරයේ සියලු පහසුකම් තිබුණා. මං නගරයේ, කලාගාරවල ඇවිද්දා. එහෙදි වල්පොල රාහුල හිමියන් හමුවීම විශාල ශක්තියක් වුණා. මහාචාර්යවරයා හමුවුණාද කියල උන්වහන්සේ මගෙන් විමසුවා. ඉන්පසුවයි මම එතුමා හමුවීමට ගියේ. උමං දුම්රියෙන් යද්දි ස්ටේෂන් එකක් මඟ හැරිලා නියමිත වේලාවට පැය 1/2 ක් ප්‍රමාද වුණා. මං යද්දි එතුමා කොරිඩෝරයේ ඒ මේ අත ඇවිදිමින් ඉන්නවා.
හමුවෙලා මා ගැන කීවාම ප්‍රංසයේ සිතියමක් පෙන්වලා කොයි පළාතෙ තියෙන විශ්වවිද්‍යාලයටද යන්න කැමැති ඇහුවා. මං ටිකක් මවිත වුණා. මොකද මං සෝබොන්වලට ගියේ. මට කිව්වා අවුරුද්දක් මේ විශ්වවිද්‍යාලෙ වැඩ කරලා ඉතිහාසය ප්‍රංස භාෂාව එහෙම ඉගෙනගෙන එන්න කියලා. ඒ සියලු කටයුතු විශ්වවිද්‍යාලයට කතා කරල පිළියෙල කළා. මම අවුරුද්දක් එහෙම ගත කරල ආපහු සෝබොන් ආවා. ඒ කාලයේ පැරිසියේ සිංහල අය 50ක් වත් සිටියේ නෑ. ශිෂ්‍යයො නම් 10 - 12ක් වගේ ඉන්න ඇති.
ඒ අතර අපට යාබද නේවාසිකාගාරයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකත් සිටියා. සිංහල සිසුන් අපි කවුරුත් දෙසතියකට වරක් එකතු වෙනවා. කෑම හදාගෙන කාලා අධ්‍යාපන කටයුතුත් සාකච්ඡා කළා.
මේ හොස්ටල් එකේ ඉන්නැද්දි උදෑසන ව්‍යායාමයට ඇවිදින්න එන අතර වල්පොල රාහුල හාමුදුරුවො මට හමුවෙනවා. වෙලාවට වැඩ කරන්න මට කියල දුන්නෙ හාමුදුරුවො. මම චිත්‍රපට නාට්‍ය බලන්නත් කාලය සොයා ගත්තා.

• 71 කැරැල්ල ගැන ඔබට මොන වගේ මතකයක්ද තියෙන්නේ
මම ප්‍රංසයේ ඉන්නකොටයි ලංකාවේ 1971 කැරැල්ල ඇතිවුණේ. මම ප්‍රංසයේ ‘ල මොන්ද’ පුවත්පතේ වාර්තාකරුවකු ‍හැටියට ඒ විස්තර වාර්තා කළා. මේ තරුණ පිරිස ඝාතනය නොකර පුනරුත්ථාපනය කළ යුතු බවට අපි එහෙ බුද්ධිමතුනුත් සම්බන්ධ කරගෙන හඬක් නැඟුවා. අගමැතිතුමියගෙනුත් ඉල්ලීම් කළා. චන්ද්‍රිකාත්, මමත් සන් පෝල් සාත්‍රෙ හමුවෙලා ඒ සඳහා සහාය ඉල්ලා සිටියා. ඒත් ලංකාවේ මේ ප්‍රශ්නය ගැන ඔහුට අව‍බෝධයක් නැති බව ඒ වෙලාව සාත්‍රෙ අපට කිව්වා. මේ ගැන හදාරන්න ඕනෑ බවත් දැන්වුවා.
මගේ අධ්‍යයන කාලසීමාව වන වසර 4 අවසන් වෙද්දි මට තව ටික කලක් ප්‍රංසයේ ඇවිදීමට නතර වෙන්න ආසා හිතුණා. මේ කැමැත්ත ගැන මගේ මහාචාර්යතුමාට කීවාම එතුමා මට තවත් මාස 6 ක් අනුමත කරන බව මෙහෙට දන්වා එව්වා. ඉතින් මං කළේ හොඳට ඇවිදපු එක. චිත්‍රපට බැලුවා, කලාගාරවලට ගියා. විශාල දැනුමක් ලැබුවා.
මාස 6 අවසන් වෙලා ආපහු ලංකාවට ආවම මෙහෙ මහාචාර්යවරයා මගේ සහතිකය බලලා “මාස 6 කට කලින් උපාධි ලබල තියෙන්නෙ ඉතිරි මාස 6 මොකද කළේ” නිදහසට කරුණු විමසුවා. උසස්වීම ලබාදුන්නෙත් නෑ. මං කිව්වා රජයට හෝ විශ්වවිද්‍යාලයට ඒ වෙනුවෙන් අලාභයක් සිදුනොවූ බව. පිළිගත්තේ නෑ. කාලයක් ගතවූ පසු මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණි අවස්ථාවක එවක ලේකම්ව සිටි ආචාර්ය කමල් කරුණානායක මේ බව ලිපිවලින් දැන සිටීම නිසා මගෙන් විමසුවා. එතුමා මැදිහත්වෙලා මගේ උසස්වීම ලබා දුන්නා.

• නිර්මාණකරණයට යොමුවුණේ?
පාසල් කාලයේ පටන් ම නිර්මාණ කළා. විශ්වවිද්‍යාලයෙදි වැඩිපුර නැඹුරු වුණා. මගේ උසස් පෙළ සාහිත්‍ය ගුරුතුමා ප්‍රේමචන්ද්‍ර දිසානායක. එතුමාත් මට විශාල මඟ පෙන්වීමක් කළා. පළමු කෙටිකතා සංග්‍රහය “පඳුරු ගසා කිරිවැදිලා”. පළමු නවකතාව “ගරා වැටුණු බිත්ති”. පළමු කෙටි කතාව ලියල අපේ කුලපතිව වැඩ සිටි යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන්ට බලන්න දුන්නා ම පසු දිනෙක මට එන්න කියල පොත අතට දෙමින් කිව්වෙ මේකෙ වැරැදි අඩුපාඩු මම හැදුවා. අවුරුදු 40ක් විතර වෙද්දි හොඳට ලියයි කියලා. ඉතින් මම ඒ වයස වෙනකල් දීර්ඝ නිහැඬීයාවක සිටියා. ඊට පස්සෙ ලියූ ‘කරත්තය’ ට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා.
• ඔබ වරෙක අත්අඩංගුවටත් පත්වුණා නේද?

ඔව්. 1989 - 90 යුගයෙදි. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ පත්‍රිකාවක මගේ නම පළවුණා. පොල්හේන්ගොඩ නි‍ෙවසට සරසවි සිසුන් ආවා ගියා. දවසක් සී.අයි.ඩී. යෙන් බව පවසමින් ගෙදරදි මාව අත්අඩංගුවට ගත්තා “වප්මඟුල” පොත ලිවීමත් හේතුවක්. මරා දමපු තරුණ තරුණියන්ගෙ ඡායාරූප රාශියක් මා ගාව තිබුණා. ඒවාත් මගේ කැමරාවත් සමඟ අරගෙනගියා. දීර්ඝව ප්‍රශ්න කරලා සී.අයි.ඩී. යෙ අධ්‍යක්ෂවරයා ඒ නිලධාරීන්ට කිව්වා මාව පරිස්සමින් නිවෙසට ම ඇරලවන්න කියලා.
ඉන්පසු අවස්ථාවක මං නගරයේ ඇවිදිමින් සිටියදී එක්වර ම ජීප් රියක් නතර කළා. එය පොලිස් ජීප් රියක් බව මා දැනගත්තා. එයින් බැහැලා ආවෙ මගෙන් ප්‍රශ්න කළ එක් නිලධාරියෙක්. ඔහු මට කිව්වා මේ කාලයේ මෙහෙම ඇවිදින්න සුදුසු නෑ. විවිධ සන්නද්ධ කණ්ඩායම් සිටිනවා. ඔබට අනතුරක් වෙන්න පුළුවන්. වහාම නිවෙසට යන්න මෙහෙ ඉන්නත් එපා කියලා. ඉතින් අපි කාලයකට රටින් පිටවුණා. මමත් බිරිඳත් පුතාත් භීෂණ සමය අවසන් වෙලා ඉන්දියාවේ සිට ආපසු ලංකාවට පැමිණියා.

• ඔබ විවිධ රාජ්‍ය ආයතනවල නිලතල දැරුවා?
ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ සභාපති, ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආදී තනතුරු ගණනාවක් දැරුවා.

• පවුලේ තොරතුරු කොහොමද?
මගේ බිරිය සෝමා බාලසූරිය. පුතා වසබ විදේශගතව ඉන්නෙ.


ස්තූතිය
සටහන – තුෂාර ප්‍රනාන්දු / ඡායාරූප - ධම්මික සෙනෙවි­රත්න 
http://www.silumina.lk/2018/06/23

Sunday, January 28, 2018

1st National Scout Jamboree, Bullers Road, Colombo, 1952

1st National Scout Jamboree - 1952

After 5 years from the inception of Scouting in 1907 by St. Baden Powell, Mr. S. G. Stevens started the scouting in Sri Lanka from Christ Church College of Matale in the year 1912.


Bullers Road, Kumbikele in the heart of Colombo 7 is Way back in 1952 the first Boy Scouts National Jamboree after Independence was held there. That's where the BMICH stands today on Bauddhaloka Mawatha (then Bullers Road).


Ceylon continued to use the British national anthem as its official national anthem after independence. At the first independence day ceremony held on 4 February 1949 at the Independence Memorial Hall in Torrington Square both Namo Namo Matha and Sri Lanka Matha Pala Yasa Mahima were sung, in Sinhala. “Namo Namo Matha” was not written originally for the purpose of being a national anthem. Its genesis is interesting. Samarakoon used to pay frequent trips to India even after his academic pursuit at “Shanthiniketan” had ended. this is the only song ever song in Bullers Road 1st Jamboree in sri lanka.


Samarakoon wrote late into the night and the immortal “Namo Namo Matha” was born. He then took it to Mahinda College where he was teaching and taught it to Students after setting it to music. The song became popular and was included in a musical record in 1946. Being a fine singer himself Samarakoon recorded the song with his partner Swarna de Silva the sister of famous flautist Dunstan de Silva.

The song was also included in a book of poems published by him. It was called “Geetha Kumudini”. Sadly Samarakoon was unable to re-imburse the printing costs incurred to the printer RKW Siriwardena and handed over copyright to him.Samarakoon was to regret this later when his creation was acknowledged as national anthem.

When the Gandarva Sabha conducted the competition to select a national song Samarakoon was away from the Island in India but his wife and brother had submitted “Namo Namo Matha” for the competition. Though fully deserving it was overlooked and “Sri Lanka Matha ,Yasa Mahima” by the Illengesinghe-Edirisinghe duo was selected.

Despite “winning” the competition “Yasa Mahima” was spurned by most people because of the manner in which it was declared winner. “Namo Namo Matha” without any official status was enjoying wide exposure and popular acclaim. Its popularity among ordinary people was so great that public opinion favoured “Namo Namo Matha” over “Yasa Mahima”.

The song became famous after a 50 member choir from Museus College, Colombo sang it on a public occasion. It was also broadcast on Radio frequently. “Namo Namo Matha” though without official recognition was now becoming popular as a “de-facto” national anthem.

All Ceylon Rally
    1st All Ceylon Rally, Havelock Race Course, Colombo,1917
    2nd All Ceylon Rally, Barracks,Kandy,1918
    3rd All Ceylon Rally, Kandy,1919
    4th All Ceylon Rally, Havelock Race Course,Colombo,1921 (Lord & Lady BP Arrivals)
    5th All Ceylon Rally, Kandy,1922 (Eastern tour of the Prince of Wales 23 March 1922)
    6th All Ceylon Rally, Colombo,1924 (Farewell Ceremony of The British Governor William Manning)

National Scout Jamboree
    01. 1st National Scout Jamboree, Bullers Road,Colombo, 1952
    02. 2nd National Scout Jamboree, Havelock Race Course, Colombo,1962
    03. 3rd National Scout Jamboree, Harischandra Ground, Anuradhapura - 26 February to 4 March 1983
    04. 4th National Scout Jamboree, Welagedara Ground, Kurunegala,1992
    06. 6th National Scout Jamboree, Balapitiya, 2002
    07. 7th National Scout Jamboree, Nuwara Eliya, 2006
    08. 8th National Scout Jamboree, Angunakolapelessa, 2010
    09. 9th National Scout Jamboree, Jaffna, 20 to 26 February 2016 (https://youtu.be/-_k9N1XxFYs)
    10. 10th National Scout Jamboree Pending 2020 (Trincomalee or Batticaloa?)