Translate

Sunday, August 19, 2018

කඳවුරු පදක්කම සහ පරිවාර පදක්කම් ක්‍රමය - 2018 කොළඹ බාලදක්ෂ කැම්පෝරි පදක්කම

බාලදක්ෂ පදක්කම් ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේ බේඩ්න් පවෙල් සාමිතුමාය. බාලදක්ෂයා තුළ වර්ධනය වන යම්කිසි හැකියාවක් වඩාත් හොඳින් කැපී පෙනෙන ලෙස නිල ඇඳුමේ ප්‍රදර්ශනය කිරීමෙන් ඔහු ධෛර්යමත් කිරීම එහි අරමුණයි. එසේ කිරීමෙන් බාලදක්ෂයා තුළ විවිධ විෂයයන් අලුතින් ඉගෙන ගැනීමට කැමැත්තක් ඇතිවෙයි. බාලදක්ෂයින් වයසින් මුහුකුරා යන්නේ විෂය ධාරා කිහිපයක දැනුම් සම්භාරයක් එකතු කරගනිමින්ය. ඒ අතරින් අනාගතයට වැදගත් වන තමන් කැමතිම විෂය ධාරාව වැඩිදුර ප්‍රගුණ කිරීමෙන් ඒ පිළිබඳ විශේෂඥයකු වීමට මග කියාදීම පදක්කම් පිරිනැමීමේ අරමුණයි. එබැවින් බාලදක්ෂ පදක්කම්වල සහ ප්‍රවීණතා පදක්කම් වල වටිනාකම බාලදක්ෂ ආචාර්යවරයා ගැඹුරින් වටහා ගත යුතුව ඇත. කිසිදු අවස්ථාවක බාලදක්ෂ පදක්කම් අනවබෝධයෙන් පිරිනැමීම නොකළ යුතුය. බාලදක්ෂයා පදක්කමක් සඳහා සූදානම් විය යුතු අවම කාලයක් ඇත. එම කාලය තුළ දී එම විෂය නියමාකාරයෙන් අධ්‍යයනය කිරීමට උනන්දු කළ යුතුය. නියම දිනයට පදක්කම් සමත් කිරීමට බාලදක්ෂයින් යොමු කළ යුතුව ඇත. එම ප්‍රමිතිය උල්ලංඝනය කරමින් ප්‍රවීණතා පදක්කම් පිරිනමා ජනාධිපති බාලදක්ෂ සම්මානය සඳහා උනන්දු කිරීම නොකළ යුතුය. 

විවිධ හැඩැති පදක්කම්

බාලදක්ෂ පදක්කම් වලට නියමිත හැඩයක් සහ ප්‍රමිතියක් ඇත. එය නිරන්තරයෙන් ආරක්ෂා කරමින් නිෂ්පාදනය කිරීමේ නිල වගකීම සහ අධිකාරය ඇත්තේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට පමණි. එහෙත් ඔබගේ කැමැත්තට සහ රුචියට පදක්කම් නිර්මාණය සඳහා එකම එක අවස්ථාවක් ලබා දී ඇත. එනම් යම් කිසි වැඩසටහනක්, ක්‍රියාකාරකමක්, දිසා කඳවුරක් කිරීම පදක්කමක් නිර්මාණය කිරීමේ දුර්ලභ අවස්ථාවයි. එවැනි පදක්කමක් නිර්මාණය කිරීමේ දී බාලදක්ෂ ආචාර්යවරයා, දිසා කොමසාරිස්වරයා බාලදක්ෂයින් වෙත උපදෙස් ලබාදිය යුතුය. එවැනි පදක්කමක් නිල ඇඳුමේ දකුණු කමිස සාක්කුවට ඉහළින්, දිසා බාලදක්ෂ පදක්කම අසල පැලඳිය යුතුය. එවැනි පදක්කමක් මාස තුනක කාලයක් පැලඳීමෙන් පසු නිල ඇඳුමින් ඉවත් කළ යුතුය.

පරිවාර පදක්කම් කලාව

යම් වැඩසටහනක ප්‍රධාන කඳවුරු පදක්කමට අමතර ව පරිවාර පදක්කම් කිහිපයකින් යුතු පදක්කම් කලාවක් බාලදක්ෂ ලෝකයට හඳුන්වා දුන්නේ ඇමරිකානු බාලදක්ෂ සංගමයයි. බාලදක්ෂ සංගමයට වසර සියයක් පිරීම නිමිත්තෙන් 2010 පැවැත්වූ ජාතික ජම්බෝරියේ දී එම පදක්කම එළිදක්වන ලදී. ඉන් පසු ඇමරිකාවේ ලින්කොන් හෙරිටේජ් කවුන්සලය (2010), මොන් මවුත් කවුන්සලය (2013), ට්‍රාන්ස්ට්ලන්ට් කවුන්සලය (2013), වෙස්ට් චෙස්ටර් පුටිනම් කවුන්සලය (2013), ක්‍රොසරෝඩස් ඔෆ් ඇමරිකා කවුන්සලය, කැතලීනා කවුන්සලය, ග්‍රීන් මවුත් කවුන්සලය (2017), මධ්‍යම ෆ්ලොරිඩා කවුන්සලය (2017), ගාර්ඩන් ස්ටේට් කවුන්සලය (2017) ගත වූ වර්ෂ කිහිපය තුළ පැවැත්වූ ජාතික ජම්බෝරි සඳහා ප්‍රධාන කඳවුරැ පදක්කමට අමතර ව පරිවාර පදක්කම් නිර්මාණය කරන ලදී.


ශ්‍රී ලංකාවේ පරිවාර පදක්කමේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ඉතිහාසය තුළ ප්‍රධාන කඳවුරු පදක්කමට අමතරව පරිවාර පදක්කම් සහිත කඳවුරු පදක්කමක් නිර්මාණය වී නැත. එවැනි අවස්ථාවක් වසර 106 කට පසු වාර්තා වන්නේ 2018 වර්ෂයේ පැවැත්වූ කොළඹ බාලදක්ෂ කැම්පෝරියේ දීය. මෙහි දැක්වෙන්නේ ඒ වෙනුවෙන් නිර්මාණය කළ කඳවුරැ පදක්කම ඇතුළු පරිවාර පදක්කම් හයකින් යුතු කඳවුරැ පදක්කමයි. එය කැම්පෝරි සංවිධායක කොමසාරිස්ගේ සංකල්පයක් මත නිර්මාණය කෙරිණ.

වැඩිදුරට යොමුව 

ශ්‍රි ලංකා බාලදක්‍ෂ සංගමයේ කොළඹ දිසාව මගින් 'Today's Scouts, Tomorrow's Legend' යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ 53 වැනි වරට කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පවත්වන බාලදක්‍ෂ කැම්පරිය සාර්ථකව අද නිමාවට පත් කෙරිණ. කඳවුර පසුගිය 9 වැනිදා ආරම්භ විය. දිසා කොම සරිස් අමිල අබේසුන්දර, සහය දිසා කොමසාරිස් සහ ඔහුට සහාය වන පරිනත කණ්ඩායමක් විසින් මෙවර කැම්පෙරිය සංවිධානය කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම කඳවුර සඳහා තවත් සිවිල් සංවිධාන සමග සම්පූර්ණ සහයෝගය ලබා දී තිබිණ. 

මෙවර කඳවුර සඳහා කොළඹ දිසාවේ පාසල්වලින් එකී පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ විදුහල්පතිනියන්ගේ ආශීර්වාදය ඇතිව සිඟිති බාලදක්‍ෂයන් 1172ක්, පෝතක බාලදක්‍ෂයන් 2400ක්, බාලදක්‍ෂයන් 2350ක්, මානවක බාලදක්‍ෂයන් සහ නායක ආචාර්යවරු 420ක් පමණ සහභාගි වී සිටි. ශ්‍රී ලංකා ජාතික බාලදක්‍ෂ මූලස්ථානය සමග දිස්ත්‍රික් බාලදක්‍ෂ මානවකයන් සහ මානවිකාවන්ද සහයෝගය දක්වන අතර යාපනය ඇතුළු වෙනත් දිස්ත්‍රික්කවලින්ද සහෝදර බාලදක්‍ෂයන් සමූහ වශයෙන් සහභාගි වනු ඇත.

 

Thursday, August 9, 2018

2018 අභිමානවත් කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියේ අපි..!

 53rd Colombo Camporee - 2018 කැම්පෝරියේ අපි..!

ශ්‍රි ලංකා බාලදක්‍ෂ සංගමයේ කොළඹ දිසාව මගින් 'Today's Scouts, Tomorrow's Legend' යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ 53 වැනි වරට කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පවත්වන බාලදක්‍ෂ කැම්පරිය සාර්ථකව අද නිමාවට පත් කෙරිණ. කඳවුර පසුගිය 9 වැනිදා ආරම්භ විය. දිසා කොම සරිස් අමිල අබේසුන්දර, සහය දිසා කොමසාරිස් සහ ඔහුට සහාය වන පරිනත කණ්ඩායමක් විසින් මෙවර කැම්පෙරිය සංවිධානය කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම කඳවුර සඳහා තවත් සිවිල් සංවිධාන සමග සම්පූර්ණ සහයෝගය ලබා දී තිබිණ. 
 
 
මෙවර කඳවුර සඳහා කොළඹ දිසාවේ පාසල්වලින් එකී පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ විදුහල්පතිනියන්ගේ ආශීර්වාදය ඇතිව සිඟිති බාලදක්‍ෂයන් 1172ක්, පෝතක බාලදක්‍ෂයන් 2400ක්, බාලදක්‍ෂයන් 2350ක්, මානවක බාලදක්‍ෂයන් සහ නායක ආචාර්යවරු 420ක් පමණ සහභාගි වී සිටි. ශ්‍රී ලංකා ජාතික බාලදක්‍ෂ මූලස්ථානය සමග දිස්ත්‍රික් බාලදක්‍ෂ මානවකයන් සහ මානවිකාවන්ද සහයෝගය දක්වන අතර යාපනය ඇතුළු වෙනත් දිස්ත්‍රික්කවලින්ද සහෝදර බාලදක්‍ෂයන් සමූහ වශයෙන් සහභාගි වනු ඇත.
 


හෙට 12 වැනිදා සිඟිති බාලදක්‍ෂයන්ට ද, 13 වැනිදා පෝතක බාලදක්‍ෂයන්ටද කඳවුර විවෘත කර ඇති අතර, පෝතක බාලදක්‍ෂයන් විසින් එදින කඳවුර වටා පෙළපාළියක්ද සංවිධානය කර ඇත. මෙම කඳවුරේ ක්‍රියාකාරකම් සඳහා සහභාගි වන බාලදක්‍ෂයන්ට විශේෂ ප්‍රවීණතා පදක්කම් 06ක් දිනා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, එයින් බලාපොරොත්තු වන්නේ වීරත්ව්‍යය, ධෛර්යයසම්පන්න බව, විනයගරුක බව, අභියෝග ජයගැනීම ආදී කරුණු ඔවුන් තුළ වර්ධනය කිරීමය. කඳවුර තුළ විශේෂ ප්‍රදර්ශනයක්ද සංවිධානය කර ඇත.
 





































53rd Camporee at Colombo - Sri Lanka

The 53rd Colombo camporee was held in Viharamahadevi Park, Colombo on the 9th - 14th of August 2018. Annual district camp, 53rd Colombo Scout Camporee organized by the Sri Lanka Scout Association(SLSA) Colombo District Branch was held from 9th to 14th August 2018 at Viharamahadevi Park, Colombo. 60 Scouts and 5 Scout leaders have participated in the camp representing 43rd Colombo Thurstan College Scouts. Our Scouts had a memorable 6 days and 5 nights with new experiences and new friends.