Translate

Thursday, August 9, 2018

2018 අභිමානවත් කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියේ අපි..!

 53rd Colombo Camporee - 2018 කැම්පෝරියේ අපි..!

ශ්‍රි ලංකා බාලදක්‍ෂ සංගමයේ කොළඹ දිසාව මගින් 'Today's Scouts, Tomorrow's Legend' යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ 53 වැනි වරට කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පවත්වන බාලදක්‍ෂ කැම්පරිය සාර්ථකව අද නිමාවට පත් කෙරිණ. කඳවුර පසුගිය 9 වැනිදා ආරම්භ විය. දිසා කොම සරිස් අමිල අබේසුන්දර, සහය දිසා කොමසාරිස් සහ ඔහුට සහාය වන පරිනත කණ්ඩායමක් විසින් මෙවර කැම්පෙරිය සංවිධානය කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම කඳවුර සඳහා තවත් සිවිල් සංවිධාන සමග සම්පූර්ණ සහයෝගය ලබා දී තිබිණ. 
 
 
මෙවර කඳවුර සඳහා කොළඹ දිසාවේ පාසල්වලින් එකී පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ විදුහල්පතිනියන්ගේ ආශීර්වාදය ඇතිව සිඟිති බාලදක්‍ෂයන් 1172ක්, පෝතක බාලදක්‍ෂයන් 2400ක්, බාලදක්‍ෂයන් 2350ක්, මානවක බාලදක්‍ෂයන් සහ නායක ආචාර්යවරු 420ක් පමණ සහභාගි වී සිටි. ශ්‍රී ලංකා ජාතික බාලදක්‍ෂ මූලස්ථානය සමග දිස්ත්‍රික් බාලදක්‍ෂ මානවකයන් සහ මානවිකාවන්ද සහයෝගය දක්වන අතර යාපනය ඇතුළු වෙනත් දිස්ත්‍රික්කවලින්ද සහෝදර බාලදක්‍ෂයන් සමූහ වශයෙන් සහභාගි වනු ඇත.
 


හෙට 12 වැනිදා සිඟිති බාලදක්‍ෂයන්ට ද, 13 වැනිදා පෝතක බාලදක්‍ෂයන්ටද කඳවුර විවෘත කර ඇති අතර, පෝතක බාලදක්‍ෂයන් විසින් එදින කඳවුර වටා පෙළපාළියක්ද සංවිධානය කර ඇත. මෙම කඳවුරේ ක්‍රියාකාරකම් සඳහා සහභාගි වන බාලදක්‍ෂයන්ට විශේෂ ප්‍රවීණතා පදක්කම් 06ක් දිනා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, එයින් බලාපොරොත්තු වන්නේ වීරත්ව්‍යය, ධෛර්යයසම්පන්න බව, විනයගරුක බව, අභියෝග ජයගැනීම ආදී කරුණු ඔවුන් තුළ වර්ධනය කිරීමය. කඳවුර තුළ විශේෂ ප්‍රදර්ශනයක්ද සංවිධානය කර ඇත.
 





































53rd Camporee at Colombo - Sri Lanka

The 53rd Colombo camporee was held in Viharamahadevi Park, Colombo on the 9th - 14th of August 2018. Annual district camp, 53rd Colombo Scout Camporee organized by the Sri Lanka Scout Association(SLSA) Colombo District Branch was held from 9th to 14th August 2018 at Viharamahadevi Park, Colombo. 60 Scouts and 5 Scout leaders have participated in the camp representing 43rd Colombo Thurstan College Scouts. Our Scouts had a memorable 6 days and 5 nights with new experiences and new friends.



Tuesday, July 31, 2018

මහාචාර්ය සෝමරත්න බාලසූරිය නැමති බාලදක්ෂයා

මෙරට සිටින ප්‍රවීණ සාහිත්‍යධරයකු ද වන මහාචාර්ය සෝමරත්න බාලසූරිය සිය මතක අවදි කරමින් අද අප සමඟ මෙලෙස සංවාදයට එක් වේ.

• ඔබේ ළමාවියේ මතකවලින් ම අපි මේ සංවාදය අරඹමු?
මම ඉපදුණේ කුලියාපිටියට ආසන්න එළතලව ග්‍රාමයේ. ඒක විශාල ගමක්. ගමෙන් බාගයක් ම කුඹුරු තිබුණෙ. වැඩිදෙනාගේ ජීවනෝපාය ගොවිතැන. මං කුඩා කාලයේ හැදුණේ වැඩුණේ වැව් කුඹුරු කැලෑ ඇසුරේ. ඒ නිසා මම නිතර ම ගහකොළට සතා සීපාවාට ආදරය කරනවා. අපේ ගමේ විශාල ගව සම්පතකුත් තිබුණා. බොහෝ පවුල්වලට ගව පට්ටියක් තිබුණා.
මම පස්වැනි පන්තිය දක්වා ගියේ ගමේ පාසලට. ඒ අවධිය ගැන මගේ මතකය අඩුයි. හේතුව විශේෂිත සිදුවීම් නොමැතිවීම. ඉස්කෝලෙ ඇරිල පයින් ම ගෙදරට එන්න සෑහෙන කාලයක් ගතවෙනවා. මොකද අතරමඟදි වෙරළු, දිවුල්, දං, හිඹුටු වගේ ගමේ පලතුරු කඩාගෙන කාලා හෙමින් එන්නෙ. මේ පමාව ගැන‍ අම්මා, තාත්තා ප්‍රශ්න කළෙත් නෑ. හැමදාම මෙහෙම තමයි ආවෙ. කැලෑවෙ ඇවිදින්න සතුන් බලන්න අපි හුඟක් ආස කළා. වැවේ පීනුවා නෑවා. වැවට නැමුණු අතුදිගේ ගිහින් තමයි වැවට පැන්නෙ.



• 5 වැනි පන්තියෙන් පසුව ඔබේ පාසල වෙනස් වෙනවා?

ඔව්! කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය. එහාට ගියාට පස්සෙ මට සෑහෙන දුරට ගමෙන් ඈත් වුණා. හැබැයි පිළිවෙළට වැඩක් කරන හැටි ගැන වගේ ම විනය ගැනත් අපි හරියට ඉගෙන ගත්තා. මේ පාසල මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේ වුණා. විශේෂයෙන් සෑම ඉසව්වක ම වගේ ක්‍රීඩාවලට සම්බන්ධ වුණා. ස්කවුටින්, කැඩෙටින් කළා. බාලදක්ෂ කණ්ඩායම භාරව හිටියෙ විජේසිංහ සර්. එතුමා තරුණ ආචාර්යවරයෙක්. විජේසිංහ සර් නිසා මගේ ජීවිතයෙ යම් වෙනසක් ඇති වුණා. මොකද අපිව පොතපත පත කියැවීමට නැඹුරු කළා. ඒ දිනවල භාෂා තුනේම යම් දැනුමක් ලබන්න පුළුවන් වුණා.

මම වඩාත් ප්‍රිය කළේ බාලදක්ෂ කටයුතුවලටයි. විජේසිංහ සර් අපිව ශ්‍රමදාන ව්‍යාපාරවලටත් මෙහෙයවූවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා ගම්මාන දෙකක් දියුණු කිරීම ඒකෙ අරමුණ. ඉතින් අපි හැම සිකුරාදාම කැති උදලු වගේ ආම්පන්න අරගෙන ඒ ගම්වලට ගිහින් ශ්‍රමදාන කටයුතු කළා.

• ඔබ බාහිර කටයුතුවලදි කැපීපෙනුණු ශිෂ්‍යයෙක් වුණා ද?
ක්‍රීඩා නම් හැම ඉසව්වක් ම වගේ කළා. නේවාසිකාගාර ජීවිතය ප්‍රියජනකයි. බොහෝ නේවාසිකාගාර වල සිදුවන දෙයක් තමයි, කෑම වලට උද්ඝෝෂණ කිරීම. මෙහෙත් එහෙම උද්ඝෝෂණ තිබුණා. මම ශිෂ්‍ය නායකයෙක්. මුලින් කනිෂ්ඨ, පසුව ජ්‍යෙෂ්ඨ හා ප්‍රධාන ශිෂ්‍ය නායකත් වුණා. පරිපාලනය අපව කැඳවලා මේකට විසඳුම් යෝජනා කරන්න කිව්වා. අපි ආහාර කමිටුවක් හැදුවා. ඒ කමිටුව ආහාර වට්ටෝරු හැදුවා. ඒ ගැන වාද - විවාද කළා. ඉරිදට කහබත්, තේ වෙලාවට අතුරුපසක්, පාඩම් කරන වෙලාවට තේ එකක් ලබා දෙන්න තීරණය වුණා. අනෙක පිරිසුදුකමත් ඉහළින් ම බැලුවා. මේ වෙනස්කම් සිදුවු‍ණත් සමඟ උද්ඝෝෂණත් නතර වුණා.

• හොස්ටල් ඉන්න අතර පුංචි දඟකාරකම් කරන්නත් ඇති?
මෙහෙමයි, අගමැති ඩඩ්ලි ඒ කාලෙ ශිෂ්‍යයන්ට බස් පාස් එකක් දුන්නා. අපි කණ්ඩායමකුත් බස් පාස් ඉල්ලුවා. අපට එය ලැබුණේ නෑ. මොකද අපි හොස්ටල් නිසා. කොහොම හරි මේකත් අරගෙන පන්ති මඟ හැරල බස්වල කුරුණෑගල, හලාවත වගේ යාබද ප්‍රදේශවලට ගියා. අපි කළේ ඇවිදීම. මේක හැමදාම කරන්න බෑ. අවේලාවෙ යන නිසා අල්ලගන්නවා. අපේ මිතුරෙක් වතාවක් අල්ලා ගත්තා. ඊට පස්සෙ අපි බයිසිකල් අරන් ගියා. කඳු නැග්ගා, පන්සල්වලට ගියා. ඔය අතරවාරයේ අපේ නේවාසිකාගාර ජීවිතය වඩාත් පූර්ණත්වයට පත්කරන්න විවිධ අදහස් දස්කම් දරන අය අපත් සමඟ සිටීම බලපෑවා. අපේ ජීවිතාවබෝධ වැඩි වුණා කියන්න පුළුවන්. විහිළු තහළු කිරීමටත් ආසයි. නේවාසිකාගාරෙ තිබුණේ ‘බෝනෝ’ ස්ප්‍රිං මෙට්ට. යකඩ ඇඳන් තිබුණෙ ශාලාව එක දිගට. අපි 3 - 4 දෙනෙක් එකතු වෙලා එක තැනකින් පුංචි කරන්ට් එකක් දුන්නා. මේක කළේ මොහොතකටයි. ඔය වගේ අන්තරාදායක විහිළුත් කළා. නේවාසිකාගාරයෙ කලා කවයකුත් තිබුණා. කලා අංශයට දක්ෂ අය ගායන වාදන නර්තන නාට්‍ය කළා. කලා කටයුතුවලදි ගැහැනු - පිරිමි නේවාසිකාගාර දෙකේ ම ළමයි එකතු වෙනවා. මේ නිසා පුංචි පුංචි ආදර සම්බන්ධතාත් ළමයි අතර ඇතිවුණා.

• බාහිර වැඩ හුඟක් කරන අතරේ ඉගෙනීමේ කටයුතු වලට මොකද වුණේ?
ඉගෙනීම කරන අතර බාහිර වැඩ කළේ. බාහිර වැඩ වැඩිවීමත් එක්ක මුලදි පන්තියෙ 1, 2, 3 වුණු මම 5, 6 ට බැස්සා. එස්.එස්.සී. විභාගය සමත් වුණේ යන්තම්. එච්.එස්.සී කරන්න පුළුවන් වුණා. හැබැයි දැනුම තිබුණා. මොකද විජේසිංහ සර් පොත - පත කියවන්න අපව නැඹුරු කරල තිබුණ. පුස්තකාලයට අලුතෙන් පොත් ගෙනාවම අපට දෙනව කියවල ගෙනැත් දෙන්න කියලා. කියෙව්වද බලන්න ආපහු බාරදෙන කොට ප්‍රශ්න අහන සිරිතකුත් සර්ට තිබුණා. ඉතිං අපේ දැනුම හොඳයි. සිංහල ඉංගිරිසි දෙකම කියෙව්වා.

• විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පදනම වැටෙන්නේ කොහොමද?
සඟරාවල ලිපි කියවීම නිසා විශ්වවිද්‍යාලයට යන්න තරම් දැනුමක් අපි ලැබුවා. ආසාවකුත්, උනන්දුවකුත් ඇතිවුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලබන්නත් විභාගයක් ලියන්න ඕන. අපට තවත් අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා. මමත් තවත් මිතුරන් දෙදෙනකුත් කල්පනා කළා. හැබැයි පාස‍ලේ නීති - රීති වලට පටහැණියි. අපට හැඳුනුම්පත් තිබුණෙත් නෑ. කොහොමහරි හැඳුනුම්පත් ප්‍රශ්නය විසඳාගන්න අපේ ආචාර්යවරයෙක් ම අපට මඟ පෙන්වුවා. තැපැල් හැඳුනුම්පත ලබාගත්තා. සඟරාවලින් කරුණු හැදෑරුවා. ප්‍රශ්න පත්‍ර කළා. අන්තිමේ අපට විභාගයට ප්‍රවේශපත්‍ර ලැබුණා. විභාග මධ්‍යස්ථානය කුරුණෑගල. සැතපුම් 20ක් විතර තිබුණා. නවාතැන් ප්‍රශ්නයත් විසඳාගෙන අපි විභාගයට ලිව්වා. ඊට පස්සෙ විනෝදයට හා ආසාවට කළ මේ වැඩේ අපටත් අමතක වුණා. අපි ආයෙමත් ඉගෙනීමේ කටයුතු කළා.
ඔහොම ඉන්න අතර දවසක් ලිපියක් ලැබුණා අපිට විශ්වවිද්‍යාලයට යන්න තුන්දෙනාගෙන් දෙදෙනෙක් ම සුදුසුකම් ලබලා කියලා. මේක රහසක් ලෙස තියාගත්තෙ නැත්නම් දඬුවම් ලැබෙන්න තිබුණා. ඒ නිසා ප්‍රසිද්ධියක් නොදී හෙමින් ම අපි විශ්වවිද්‍යාලයට ගියා.

• විශ්වවිද්‍යාල ජීවිතය කොහොමද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. මහාචාර්ය සරච්චන්ද්‍ර, මහචාර්ය සිරි ගුනසිංහ, මහාචාර්ය ආරිය රාජකරුණා ව‍ගේ අයත් හමුවුණා. මම කළේ සිංහල, ආර්ථික විද්‍යාව සහ ඉන්දියා - ලංකා ඉතිහාසය. විශේෂයෙන් ඉන්දියානු ඉතිහාසයට මම හුඟාක් ප්‍රිය කළා.
මේ අතරවාරයේ සඟරාවක් කිරීමට අදහසක් ඇති වුණා. තනිය ම බැරි නිසා තවත් දෙදෙනකුත් එක්ක ‘වීමංසා” සඟරාව පටන් ගත්තා. පාසල් කාලයේ හුරුව තිබුණා. ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබුණෙ ‘සංස්කෘති’ සඟරාව. අපේ වීමංසා සඟරාවත් ඉල්ලුමක් ඇති මට්ටමට ගේන්න හැකිවුණා. සරච්චන්ද්‍ර, සිරිගුණසිංහ, රාජකරුණා වගේ මහාචාර්යවරුන්ගෙනුත් විශ්වවිද්‍යාලයට බාහිර බුද්ධිමතුන්ගෙනුත් ලිපි ලබාගත්තා. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගෙන් එහෙමත් ලිපි ලබාගැනීමට හැකිවුණා.

• විශ්වවිද්‍යාලයෙදි දේශපාලනය ගැන උනන්දුවක් තිබුණේ නැති ද?
මම ශිෂ්‍ය සංගමයකට බැඳුණෙ නැතත් මහජන එක්සත් පෙරමුණට සම්බන්ධව ක්‍රියාකාරීව වැඩ කළා. දේශපාලනය ගැන උනන්දුවක් තිබුණේ පාසල් වියේ පටන්මයි. 56’ දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා බලයට පත්වුණා. ම.එ.පෙ. රැස්වීම බලන්න නොවැරදී ම යනවා.

• බාහිර වැඩ නිසා අධ්‍යාපනයට බාධා වුණේ නැද්ද?
පන්ති සාමර්ථ­්‍යයක් සහිතව මම සමත් වුණා.
බාහිර වැඩ නිසා මට වැදගත් චරිත ගණනාවක් හඳුනාගන්න ලැබුණා. ඒක මගේ ජීවිතයේ හැරවුමක් වුණා කියල මට හිතෙනවා.

• ඔබ ප්‍රංසයට ළැදි බවක් පෙන්වනවා?
ඔව්! මට ප්‍රංසයට යන්න ආශාවක් තිබුණා. පස්සෙ ආචාර්ය උපාධිය කරන්න විදේශගත වීමට සිදුවුණා. ශිෂ්‍යත්ව 8ක් සඳහා කැඳවීම් කර තිබුණත් ප්‍රසිද්ධ කරද්දි එකක් අඩුවෙලා. මට අයදුම්කරන්න බැරිවුණා. පසුව මේ ගැන එවක අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල මහත්මයා මගෙන් ඇහුවා. සිදුවුණ දේ කීවා ම මට කියන්නනෙ තිබුණෙ. එහෙනම් මම මේක කරනවනෙ කිව්වත් මං කැමැති වුණේ නෑ. ඊළඟ අවුරුද්දෙ අයදුම් කරල පැරිසියට ගියා සෝබෝන් විශ්වවිද්‍යාලයට. පැරිසිය හරියට කලාගාරයක් වගේ නගරයක්. මං නතර වුණේ විශ්වවිද්‍යාල නගරයේ. රටවල් අනුව නේවාසිකාගාර තිබුණා. මට ලැබුණේ ඉන්ටර්නැෂනල් හොස්ටල් එක. ඒ නිසා විවිධ රටවලින් ආ අය මට හමුවුණා. මේ සරසවි නගරයේ සියලු පහසුකම් තිබුණා. මං නගරයේ, කලාගාරවල ඇවිද්දා. එහෙදි වල්පොල රාහුල හිමියන් හමුවීම විශාල ශක්තියක් වුණා. මහාචාර්යවරයා හමුවුණාද කියල උන්වහන්සේ මගෙන් විමසුවා. ඉන්පසුවයි මම එතුමා හමුවීමට ගියේ. උමං දුම්රියෙන් යද්දි ස්ටේෂන් එකක් මඟ හැරිලා නියමිත වේලාවට පැය 1/2 ක් ප්‍රමාද වුණා. මං යද්දි එතුමා කොරිඩෝරයේ ඒ මේ අත ඇවිදිමින් ඉන්නවා.
හමුවෙලා මා ගැන කීවාම ප්‍රංසයේ සිතියමක් පෙන්වලා කොයි පළාතෙ තියෙන විශ්වවිද්‍යාලයටද යන්න කැමැති ඇහුවා. මං ටිකක් මවිත වුණා. මොකද මං සෝබොන්වලට ගියේ. මට කිව්වා අවුරුද්දක් මේ විශ්වවිද්‍යාලෙ වැඩ කරලා ඉතිහාසය ප්‍රංස භාෂාව එහෙම ඉගෙනගෙන එන්න කියලා. ඒ සියලු කටයුතු විශ්වවිද්‍යාලයට කතා කරල පිළියෙල කළා. මම අවුරුද්දක් එහෙම ගත කරල ආපහු සෝබොන් ආවා. ඒ කාලයේ පැරිසියේ සිංහල අය 50ක් වත් සිටියේ නෑ. ශිෂ්‍යයො නම් 10 - 12ක් වගේ ඉන්න ඇති.
ඒ අතර අපට යාබද නේවාසිකාගාරයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකත් සිටියා. සිංහල සිසුන් අපි කවුරුත් දෙසතියකට වරක් එකතු වෙනවා. කෑම හදාගෙන කාලා අධ්‍යාපන කටයුතුත් සාකච්ඡා කළා.
මේ හොස්ටල් එකේ ඉන්නැද්දි උදෑසන ව්‍යායාමයට ඇවිදින්න එන අතර වල්පොල රාහුල හාමුදුරුවො මට හමුවෙනවා. වෙලාවට වැඩ කරන්න මට කියල දුන්නෙ හාමුදුරුවො. මම චිත්‍රපට නාට්‍ය බලන්නත් කාලය සොයා ගත්තා.

• 71 කැරැල්ල ගැන ඔබට මොන වගේ මතකයක්ද තියෙන්නේ
මම ප්‍රංසයේ ඉන්නකොටයි ලංකාවේ 1971 කැරැල්ල ඇතිවුණේ. මම ප්‍රංසයේ ‘ල මොන්ද’ පුවත්පතේ වාර්තාකරුවකු ‍හැටියට ඒ විස්තර වාර්තා කළා. මේ තරුණ පිරිස ඝාතනය නොකර පුනරුත්ථාපනය කළ යුතු බවට අපි එහෙ බුද්ධිමතුනුත් සම්බන්ධ කරගෙන හඬක් නැඟුවා. අගමැතිතුමියගෙනුත් ඉල්ලීම් කළා. චන්ද්‍රිකාත්, මමත් සන් පෝල් සාත්‍රෙ හමුවෙලා ඒ සඳහා සහාය ඉල්ලා සිටියා. ඒත් ලංකාවේ මේ ප්‍රශ්නය ගැන ඔහුට අව‍බෝධයක් නැති බව ඒ වෙලාව සාත්‍රෙ අපට කිව්වා. මේ ගැන හදාරන්න ඕනෑ බවත් දැන්වුවා.
මගේ අධ්‍යයන කාලසීමාව වන වසර 4 අවසන් වෙද්දි මට තව ටික කලක් ප්‍රංසයේ ඇවිදීමට නතර වෙන්න ආසා හිතුණා. මේ කැමැත්ත ගැන මගේ මහාචාර්යතුමාට කීවාම එතුමා මට තවත් මාස 6 ක් අනුමත කරන බව මෙහෙට දන්වා එව්වා. ඉතින් මං කළේ හොඳට ඇවිදපු එක. චිත්‍රපට බැලුවා, කලාගාරවලට ගියා. විශාල දැනුමක් ලැබුවා.
මාස 6 අවසන් වෙලා ආපහු ලංකාවට ආවම මෙහෙ මහාචාර්යවරයා මගේ සහතිකය බලලා “මාස 6 කට කලින් උපාධි ලබල තියෙන්නෙ ඉතිරි මාස 6 මොකද කළේ” නිදහසට කරුණු විමසුවා. උසස්වීම ලබාදුන්නෙත් නෑ. මං කිව්වා රජයට හෝ විශ්වවිද්‍යාලයට ඒ වෙනුවෙන් අලාභයක් සිදුනොවූ බව. පිළිගත්තේ නෑ. කාලයක් ගතවූ පසු මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණි අවස්ථාවක එවක ලේකම්ව සිටි ආචාර්ය කමල් කරුණානායක මේ බව ලිපිවලින් දැන සිටීම නිසා මගෙන් විමසුවා. එතුමා මැදිහත්වෙලා මගේ උසස්වීම ලබා දුන්නා.

• නිර්මාණකරණයට යොමුවුණේ?
පාසල් කාලයේ පටන් ම නිර්මාණ කළා. විශ්වවිද්‍යාලයෙදි වැඩිපුර නැඹුරු වුණා. මගේ උසස් පෙළ සාහිත්‍ය ගුරුතුමා ප්‍රේමචන්ද්‍ර දිසානායක. එතුමාත් මට විශාල මඟ පෙන්වීමක් කළා. පළමු කෙටිකතා සංග්‍රහය “පඳුරු ගසා කිරිවැදිලා”. පළමු නවකතාව “ගරා වැටුණු බිත්ති”. පළමු කෙටි කතාව ලියල අපේ කුලපතිව වැඩ සිටි යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන්ට බලන්න දුන්නා ම පසු දිනෙක මට එන්න කියල පොත අතට දෙමින් කිව්වෙ මේකෙ වැරැදි අඩුපාඩු මම හැදුවා. අවුරුදු 40ක් විතර වෙද්දි හොඳට ලියයි කියලා. ඉතින් මම ඒ වයස වෙනකල් දීර්ඝ නිහැඬීයාවක සිටියා. ඊට පස්සෙ ලියූ ‘කරත්තය’ ට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා.
• ඔබ වරෙක අත්අඩංගුවටත් පත්වුණා නේද?

ඔව්. 1989 - 90 යුගයෙදි. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ පත්‍රිකාවක මගේ නම පළවුණා. පොල්හේන්ගොඩ නි‍ෙවසට සරසවි සිසුන් ආවා ගියා. දවසක් සී.අයි.ඩී. යෙන් බව පවසමින් ගෙදරදි මාව අත්අඩංගුවට ගත්තා “වප්මඟුල” පොත ලිවීමත් හේතුවක්. මරා දමපු තරුණ තරුණියන්ගෙ ඡායාරූප රාශියක් මා ගාව තිබුණා. ඒවාත් මගේ කැමරාවත් සමඟ අරගෙනගියා. දීර්ඝව ප්‍රශ්න කරලා සී.අයි.ඩී. යෙ අධ්‍යක්ෂවරයා ඒ නිලධාරීන්ට කිව්වා මාව පරිස්සමින් නිවෙසට ම ඇරලවන්න කියලා.
ඉන්පසු අවස්ථාවක මං නගරයේ ඇවිදිමින් සිටියදී එක්වර ම ජීප් රියක් නතර කළා. එය පොලිස් ජීප් රියක් බව මා දැනගත්තා. එයින් බැහැලා ආවෙ මගෙන් ප්‍රශ්න කළ එක් නිලධාරියෙක්. ඔහු මට කිව්වා මේ කාලයේ මෙහෙම ඇවිදින්න සුදුසු නෑ. විවිධ සන්නද්ධ කණ්ඩායම් සිටිනවා. ඔබට අනතුරක් වෙන්න පුළුවන්. වහාම නිවෙසට යන්න මෙහෙ ඉන්නත් එපා කියලා. ඉතින් අපි කාලයකට රටින් පිටවුණා. මමත් බිරිඳත් පුතාත් භීෂණ සමය අවසන් වෙලා ඉන්දියාවේ සිට ආපසු ලංකාවට පැමිණියා.

• ඔබ විවිධ රාජ්‍ය ආයතනවල නිලතල දැරුවා?
ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ සභාපති, ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආදී තනතුරු ගණනාවක් දැරුවා.

• පවුලේ තොරතුරු කොහොමද?
මගේ බිරිය සෝමා බාලසූරිය. පුතා වසබ විදේශගතව ඉන්නෙ.


ස්තූතිය
සටහන – තුෂාර ප්‍රනාන්දු / ඡායාරූප - ධම්මික සෙනෙවි­රත්න 
http://www.silumina.lk/2018/06/23

Sunday, January 28, 2018

1st National Scout Jamboree, Bullers Road, Colombo, 1952

1st National Scout Jamboree - 1952

After 5 years from the inception of Scouting in 1907 by St. Baden Powell, Mr. S. G. Stevens started the scouting in Sri Lanka from Christ Church College of Matale in the year 1912.


Bullers Road, Kumbikele in the heart of Colombo 7 is Way back in 1952 the first Boy Scouts National Jamboree after Independence was held there. That's where the BMICH stands today on Bauddhaloka Mawatha (then Bullers Road).


Ceylon continued to use the British national anthem as its official national anthem after independence. At the first independence day ceremony held on 4 February 1949 at the Independence Memorial Hall in Torrington Square both Namo Namo Matha and Sri Lanka Matha Pala Yasa Mahima were sung, in Sinhala. “Namo Namo Matha” was not written originally for the purpose of being a national anthem. Its genesis is interesting. Samarakoon used to pay frequent trips to India even after his academic pursuit at “Shanthiniketan” had ended. this is the only song ever song in Bullers Road 1st Jamboree in sri lanka.


Samarakoon wrote late into the night and the immortal “Namo Namo Matha” was born. He then took it to Mahinda College where he was teaching and taught it to Students after setting it to music. The song became popular and was included in a musical record in 1946. Being a fine singer himself Samarakoon recorded the song with his partner Swarna de Silva the sister of famous flautist Dunstan de Silva.

The song was also included in a book of poems published by him. It was called “Geetha Kumudini”. Sadly Samarakoon was unable to re-imburse the printing costs incurred to the printer RKW Siriwardena and handed over copyright to him.Samarakoon was to regret this later when his creation was acknowledged as national anthem.

When the Gandarva Sabha conducted the competition to select a national song Samarakoon was away from the Island in India but his wife and brother had submitted “Namo Namo Matha” for the competition. Though fully deserving it was overlooked and “Sri Lanka Matha ,Yasa Mahima” by the Illengesinghe-Edirisinghe duo was selected.

Despite “winning” the competition “Yasa Mahima” was spurned by most people because of the manner in which it was declared winner. “Namo Namo Matha” without any official status was enjoying wide exposure and popular acclaim. Its popularity among ordinary people was so great that public opinion favoured “Namo Namo Matha” over “Yasa Mahima”.

The song became famous after a 50 member choir from Museus College, Colombo sang it on a public occasion. It was also broadcast on Radio frequently. “Namo Namo Matha” though without official recognition was now becoming popular as a “de-facto” national anthem.

All Ceylon Rally
    1st All Ceylon Rally, Havelock Race Course, Colombo,1917
    2nd All Ceylon Rally, Barracks,Kandy,1918
    3rd All Ceylon Rally, Kandy,1919
    4th All Ceylon Rally, Havelock Race Course,Colombo,1921 (Lord & Lady BP Arrivals)
    5th All Ceylon Rally, Kandy,1922 (Eastern tour of the Prince of Wales 23 March 1922)
    6th All Ceylon Rally, Colombo,1924 (Farewell Ceremony of The British Governor William Manning)

National Scout Jamboree
    01. 1st National Scout Jamboree, Bullers Road,Colombo, 1952
    02. 2nd National Scout Jamboree, Havelock Race Course, Colombo,1962
    03. 3rd National Scout Jamboree, Harischandra Ground, Anuradhapura - 26 February to 4 March 1983
    04. 4th National Scout Jamboree, Welagedara Ground, Kurunegala,1992
    06. 6th National Scout Jamboree, Balapitiya, 2002
    07. 7th National Scout Jamboree, Nuwara Eliya, 2006
    08. 8th National Scout Jamboree, Angunakolapelessa, 2010
    09. 9th National Scout Jamboree, Jaffna, 20 to 26 February 2016 (https://youtu.be/-_k9N1XxFYs)
    10. 10th National Scout Jamboree Pending 2020 (Trincomalee or Batticaloa?)

Saturday, December 9, 2017

52nd Colombo Scout Camporee - 2017

the Colombo Scout 52nd Camporee from 9th to 13th December 2017 at Ygro Camp Site, Dummalasooriya, Madampe.
 



Friday, October 27, 2017

වසර 100 සැතපුම පසුකළ බාලදක්ෂයෝ

බාලදක්ෂ සියවස් සැමරුම

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට සියවසක් 1912-2012 සම්පූර්ණ කිරීමෙන් පසු දිවයින පුරා විසිරී සිටින බාලදක්ෂ කණ්ඩායම් විසින් ස්වකීය අභිමානවත් සියවසක් ඉතිහාසය පෙන්වමින්... අපූරු ක්‍රියාකාරකම් රැසක් පසුගිය 2012 වසරින් පසු වකවානුවෙහි දියක් කරනු ලැබූහ. ගතවූ වසර 100 තුළ ශ්‍රී ලංකාව තුළ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඉතා ශීඝ්‍රයෙන් බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට 40000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින සුවිශාලතම ස්‌වේච්ඡා ළමා ව්‍යාපාරය බවට පත්ව තිබේ. දසත විසිරී ඇති බාලදක්ෂ සියවස් සමරුව වෙනුවෙන් නිර්මාණය වූ බාලදක්ෂ ගීත එකතුකර Scouting සඟරාවේ අන්තර්ජාල බාලදක්ෂ ගීත පොතෙහි සියවස් සමරු පරිච්ඡේදය තුළ එකතුවක් ලෙස ලියා තැබීම වෙනුවෙන් ගත් උත්සාහයයි.

01. JAMBORICH SONG - https://youtu.be/F8BsdQKtNZU
02. Ananda Scouts Centenary Celebration Song - https://youtu.be/
03. CCISJ JAMBOREE SONG (1914-2014) - https://youtu.be/KLv-rnrGsoc
04. CENRAC SONG (1917-2017) - https://youtu.be/gP2vdskfYFg
05. 
RISGO Theme Song - 2013 - https://www.youtube.com/watch?v=3RoG0he9zMs
06.

* අපට මගහැරුණු ඔබේ සමූහයේ සියවස් සමරු ගීත වෙතොත් විද්‍යුත් ලිපිනයට යොමුකරන්න...

  ---------------------------------

මහනුවර දිසාව

'රිස්ගෝ' ජාත්‍යන්තර බාලදක්‍ෂ ජම්බෝරිය

ශත සංවත්සර බාලදක්ෂ ජම්බෝරි මාලාවෙහි සමාරම්භය ගනිමින් වසර ගණනාවක සිට පූර්ව සූදානමක් සහිත ව සංවිධානය කරනු ලැබූ මහනුවර ධර්මරාජ විද්‍යාල බාලදක්ෂයන්ගේ 'RISGO' ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය මෙතෙක් ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයෙහි බාලදක්ෂ සමූහයක් විසින් පවත්වනු ලැබූ දැවැන්ත සංධිස්ථාන කිහිපයක්ම පිහිටවනු ලැබිණ.

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාල දක්ෂ සමූහයේ ශත සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ රිස්ගෝ 2013 ජත්‍යන්තර බාල දක්ෂ එකමුතුවේ ක්‍රියාකාරකම් අතරතුර දින 06ක් තුළ බාල දක්ෂයන් 20කගේ සහභාගීත්වයෙන් මේ මන්ත ලේන්සුව හා වෝගලය නිරිමාණය කරනු ලැබූහ. ලොව විශාලතම මන්ත ලේන්සුව හා වෝගලය නිර්මාණය කරමින් ගිනස් කාර්යාලය මඟින් පිළිගනු ලැබූ අතර ඒ සඳහා සහතිකය ‍පත්‍රයක් ද පිරිනැමිණ. මේ අනුව ගිනස් වාර්තාවක් පිහිට වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ සමූහය බවට ද පත්විය. ධර්මරාජ බාල දක්ෂයන් නිර්මාණය කළ මන්ත ලෙන්සුව දිගින් මීටර 53.1ක්ද පළලින් මීටර 37.1ක් ද වෙයි. ඒ සඳහා වැය කර තිබෙන රෙදි ප්‍රමාණය මීටර 960 කි.වේවැල් උපයෝගී කර ගනිමින් නිර්මිත වෝගලය මීටරයක් උසකින් යුක්ත වූයේය.

 

'රිස්ගෝ 2013' ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියේ සමාප්ත උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානකත්වයෙන් පැවැත්විණ. මේ සඳහා රටවල් 31 ක සහභාගීත්වය පැවැති අතර එම රටවල්හි නියෝජිතයන්ට ජනාධිපතිතුමන් අතින් සමරු පදක්කම් ලබාදීම සිදු විය.


මහනුවර කිංස්වුඩ් බාලදක්ෂයන්ගේ සියවස් සමරුව

ඇල්.ඊ බ්ලසේ මහතා විසින් මහනුවර පැවිලියන් වීදීයේ උසස් බාලක විද්‍යාලය නමින් 1891 අරඹන ලද මහනුවර කිංස්වුඩ් විද්‍යාලය පුද්ගලික පාසල් සදහා රජයේ අනුග්‍රහයක් නොලැබුණ හෙයින් පාසල මෙතෝදිස්ත මිෂනාරි සභාවට භාර දීමට බ්ලසේ මහතාට සිදුවිය. බ්ලසේ මහතා විසින් විද්‍යාලයටම අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දෙන ලදී. බ්‍රිතාන්‍ය රජයේ පාසල් ව්‍යුහයට සමාන ව්‍යුහයක් විද්‍යාලය තුළ ඇති කෙරුණු අතර පාසල ඇරඹිමෙන් වසර විසිතුනකට පසු මෙරටට බාලදක්ෂ කටයුතු හදුන්වා දීමත් සමඟ ආරම්භ කෙරුණු සෙසු බාලදක්ෂ සමූහයන්ට නොදෙවෙනි ව 1914දී 2වැනි මහනුවර නමින් කිංස්වුඩ් විද්‍යාලයේ බාලදක්ෂ සමූහයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරන 'Centennial ROKS' - CENTINNIAL RALLY OF KINGSWOOD SCOUTS සිව් දින කදු ගවේෂණ තරගාවලිය ඔක්තෝබර් 23 සිට 26 දක්වා අම්බුළුවව, හන්තාන කදු සහ මහවැලි නදිය අසල පැවැත්විය. 

  ---------------------------------

කොළඹ දිසාව


කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට වසර සියයක් පිරිම නිමිත්තෙන් “කොළඹ ශත සංවත්සර සැමරුම් ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය ලබන මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වා මාදම්පේ දුම්මලසූරියෙහි පිහිටි  “වයි ග්‍රෝ“ කඳවුරු භූමියේදි පැවැත් විය.  පෝතක බාලදක්ෂයින් 1500 ක් මෙම කඳවුරට සහභාගි වු අතර ඉන් 200 දෙනෙකු ප්‍රථම වතාවට දින දෙකක් පුරා කඳවුරෙහි රැඳී සිටියහ. සාමාන්‍ය බාලදක්ෂ ජම්බෝරි සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය විචිත්‍රවත් සැණකෙළි ස්වාභාවයකින් සමන්විතව දැවැන්ත අත්දැකීම් මෙම කඳවුරේදි ලබාගත හැති වූ අතර සංස්කෘතික සංදර්ශන, සංගීත සංදර්ශන, ගිණිමැළ, රංග භූමියන්ගෙන් සමන්විත විය.

වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර, ලෝක බාලදක්ෂ කමිටුවේ සභාපති සයිමන් හැංග් බෝක් රී, ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ කම්ටුවේ සභාපති ආචාර්ය චෝ ෂෝ පෝ ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූ අතර ඕස්ට්‍රේලියාව, කැනඩාව, මාලදිවයින, බංගලිදේශය, ඉන්දියාව, පකිස්තානය, කසකස්ථානය හා  එංගලන්තයෙන්ද විදෙස් බාලදක්ෂයෝ රැසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 02 වන දින නිල වශයෙන් කඳවුර නිමාවිය.

කොළඹ ආනන්ද විද්‍යාලයීය බාලදක්ෂයන්ගේ සියවස් සමරුව

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය විසින් 1886 වර්ෂයේ නොවැම්බර් මස පළමුවෙනි දින කොළඹ ආනන්ද විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් අතරින් එකක් මෙන් ම ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෞද්ධ පාසලක් ද වේ. ආරම්භයේදී එය හඳුන්වනු ලැබුවේ ඉංග්‍රීසි බෞද්ධ පාසල ලෙසිනි. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබීමට මිෂනාරි පාසල්වලට යාමට සිදුවන බෞද්ධ සිසුනට, බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි බසින් ශිල්ප හැදෑරීමට අවකාශ සලසනු ලැබූ අතර 2014දී කොළඹ දිසා සංගමය ආරම්භ කිරීමෙන් අනතුරුව 1916 දී 10වන කොළඹ බාලදක්ෂ සමූහය පිහිටවනු ලැබිණ.

මේජර් ජෙනරල් කමල් ගුණරත්න, මේජර් ජෙනරල් චාගි ගාල්ලගේ, හිටපු නාවික හමුදාපති අද්මිරල් වසන්ත කරන්නාගොඩ, බ්‍රිගේඩියර් ජගත් අල්විස්, එයා වයිස් මාර්ෂල් හර්ෂ කරන්නාගොඩ, භාතිය ජයකොඩි(BnS), අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, ප්‍රවීණ මාධ්‍යවේදි රොෂාන් වටවල ආදි කීර්තිමත් ආදි ආනන්දිය ජනාධිපති බාලදක්ෂයන් රැසක් බිහිකළ 10 වන කොළඹ ආනන්ද විද්‍යාලයීය බාලදක්ෂ සමූහය 2016 වර්ෂයේදී සිය ශත වර්ෂ පූර්ණය සමරනු ලැබේ. සම්ප්‍රදායික බාලදක්ෂ කටයුතු අතික්‍රමනය කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය හා අධීක්ෂණය යටතේ 2016 දෙසැම්බර් මස 19 වන සහ 20 වන දින "Adventure of a Century" නමින් සිය සියවස් සැමරුම් වැඩසටහනක් සංවිධානය කර ඇති අතර මෙම දැවැන්ත වීර චාරිකාවෙහි සමාරම්භය සිහිපත් කරමින් විශේෂ සැමරුමක් ද පවත් වනු ලැබූහ.  

 

---------------------------------

100 Years of Scouting at Zahira

Zahira College 11th Colombo Scout Group celebrated 100 Years of Scouting in a grand manner with a Jamboree from 13 to 15 July 2018 at the College Grounds. 40 Scout Troops representing leading Schools from Colombo and outstations along with a few Open Troops participated at the Jamboree.

---------------------------------

ගාල්ල දිසාව

ගාල්ල මහින්ද බාලදක්ෂයන්ගේ සියවස් සමරුව

ගාල්ල මහින්ද විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර සියයක් පිරීම නිමිත්තෙන් ‘ෆිගාමාස් සෙන්චනරි‘ නමින් සංවිධානය කරන ලද පා ගමන සහ ජම්බෝරිය 2016 ඔක්තෝම්බර් 22 ගාල්ල සමනල පාලම ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා පාපන්දු පිටියේනගරයේ දී පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු ෆිගාමාස් සියවස් ජම්බෝරිය විවෘත කෙරුණු අතර 1914 වර්ෂයේ දී මහින්ද බාලදක්ෂ සමූහය ආරම්භ කර ඇති අතර එය පළමු ගාලු බලදක්ෂ සමූහය හා ශ්‍රී ලංකාවේ තෙවැනි බාලදක්ෂ සමූහය වේ. 


ගාල්ල රිච්මන්ඩ් බාලදක්ෂයන්ගේ සියවස් සමරුව 

JAMBORICH

 

රිච්මන්ඩ් විදුහල් බාලදක්ෂ සමූහයට වසර 100ක් පිරීම නිමිත්තෙන් අාරම්භ කෙරුණු වැඩසටහන් මාලාවේ අාකර්ශනීයම අංගය වූයේ දැවැන්ත බාලදක්ෂ පාගමනකිනි. 1915 -2015 වසර දක්වා විහිද යන පෞඩ ඉතිහාසයක් ඇති දක්ෂිණ ලංකාවේ ප්‍රමුඛ පෙළ අධ්‍යාපන ආයතනයක් වන රිච්මන්ඩ් විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ සියවස් සැමරුම, බාලදක්ෂ ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත JAMBORICH - 2015 නමින් අති උත්කර්ශවත් ජම්බෝරියක් පසුගිය දා පැවැත්වූහ. පෝතකයන් බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් 1500ක පමණ පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් කඳවුරට සහභාගී වූ අතර මෙම සියවස් ජම්බෝරියේ කඳවුරු ප්‍රධානි ලෙස වර්තමාන රිච්මන්ඩ් විද්‍යාලෙය් නියමුවා වන විදුහල්පති ඒ්කනායක මහතා කටයුතු කරනු ලැබීය. 

1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළක් ආරම්භ කරන ලද්දේය. ඒ අනුව එවකට දීප්තිමත් ම බාලදක්ෂ සමූහය වූ 2 වැනි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙහි පෝතක බාලදක්ෂයන් 50 දෙනෙකුගෙන් යුත් රැළක් පිහිටවනු ලැබිණ. එවකට රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්‍ෂ ආචාර්ය ඡේ. වී. මෙන්ඩිස්‌ සහ එහි සහාය බාලදක්‍ෂ ආචාර්ය මෙන්ම වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්ය එස්‌. සී. වික්‍රමරත්න, සහාය වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්යවරුන් වූ ටී. යූ. ද සිල්වා සහ එස්‌. විඡේසූරිය යන මහත්වරු කටයුතු කළහ. ඒ අනුව 2016 වනවිට රිච්මන්ඩ් විදුහල් පෝතක බාලදක්ෂ සමූහයට වසර 100ක් පිරීම නිමිත්තෙන් ද 'කබෝරිච්' යනුවෙන් සිය සියවස් සමරුව ද 11වැනි ජාතික කබෝරියට සමගාමී ව පාසල් භූමියෙහි පවත්වනු ලැබිණ.


---------------------------------

යාපනය දිසාව

යාපනයේ සියවස් සැමරුම් බාලදක්‍ෂ ජම්බෝරිය

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ඉතා උත්කර්ෂවත් යාපනය මධ්‍ය මහා විද්‍යාලය ක්‍රීඩාංගනයේ දී පැවති අතර සමාරම්භක උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. බාලදක්ෂ ජම්බෝරිය යාපනය නගර සභා ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර ඒ සඳහා දෙස් විදෙස් බාලදක්ෂයින් 10,000 ට අාසන්න ප්‍රමාණයක් සහභාගී විය. ජම්බෝරියට සමගාවී ව යාපනය දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර සියයක් සැපිරීම නිමිත්තෙන් සිදු කරනු ලබන යාපනය දිස්ත්‍රික්කයේ බාලදක්ෂ සියවස් සැමරුම ද පැවැත්වනු ලැබිණ.

1st Jaffna Celebrates Scouting Centenary - 1916 to 2016

























4th Jaffna Hindu College Scouting Centenary - 1916 to 2016















----------------------
Help Me +10,00 Subscribers:
More Scouts Centenary Songs on :
01. JAMBORICH SONG - https://youtu.be/F8BsdQKtNZU
02. Ananda Scouts Centenary Celebration Song - https://youtu.be/
03. CCISJ JAMBOREE SONG (1914-2014) - https://youtu.be/KLv-rnrGsoc
04.

ඔබේ බාලදක්ෂ දිසාවට හෝ බාලදක්ෂ කණ්ඩායමටත් වසර 100 සම්පූර්ණ නම් පදක්කම් හා තොරතුරු ද සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට තොරතුරු අප වෙත යොමු කරන්න. scoutingmagazine@gmail.com