Translate

Tuesday, November 14, 2023

මීරිගම විත්ති - 04 (මීරිගම බාලදක්ෂ කඳවුරට කඳවුරට ගිහින් කරන්න තව වැඩ ගොඩක් තියෙනවා)

ජාතියේ පියාගේ තිඹිරිගෙය බෝතලේ "සේරුගොල්ලෑව" වලව්ව - මීරිගම බාලදක්ෂ කඳවුරට අවොත් ජාතියේ පියාගේ වලව්ව බලන්නත් යමූද?

අප "ජාතියේ පියා" ලෙසින් හැඳින්වෙන නිදහස් ශ්රී ලංකාවේ ප්රථම අග්රාමාත්ය මහාමාන්ය ඩී.එස් සේනානායක ශ්රීමතාණන් සහ සේනානායක පවුල සම්බන්ධව දේශපාලනික, සාමාජීය තොරතුරු රාශියක් ගැන ඔබ දැනුවත් බවට සැක නැත.මේ ලිපිය බෝතලේ වලව්ව සහ එය බිහිකිරීමට මුල්වූ සේනානායක පරපුරේ මූලයන් හා විකාශනය සම්බන්ධ හැදෑරීමකි.යටත්විජිත යුගයන්හී ලංකාවේ සමහර ප්රධාන පවුල් තම ආගම කිරීටයේ මව් ආගමට සාපේක්ෂව වෙනස් කලත් පහතරට ප්රමුඛතම බෞද්ධ පවුලක්වූ සේනානායක පරපුර තම ඉතිහාසීය බෞද්ධාගමික මූලය වරප්රසාදයන් උදෙසා වෙනස්කොට නැත.සේනානායක පරපුරේ මූලයන් අනුරාධපුර යුගය දක්වා දිවයයි.ගෝඨාභය රජුගේ පාලන සමයේදී (ක්රි.ව 253-266) ශ්රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රජ අණින් අත්තනගල්ල රජමහා විහාරය වෙත ගෙනයමින් සිටි දූත පිරිසක් මීරිගමට තදාසන්න ග්රාමයක විඩාලනු පිණිස ලැගුම්ගත් තැනක බෝධි අංකුරය පැලවිය.මේ සිද්ධිය හේතුවෙන් බෝධිය හටගත් තලය යන අර්ථයෙන් "බෝතලය" යන නමින් එම ග්රාමය නම්කල බවත් එම බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සහ සමෘද්ධිය උදෙසා "කුලවර්ධන සේනානායක බ්රාහ්මණ" නම් ඇමතිවරයෙකුට ගම්වරයක්දී ඔහු යටතේ අනුෂාංගික කුල 18කින් යුතු පිරිසක් පදිංචි කල බවත් ඉන්පසු ඒ ප්රදේශය කෘෂිකාර්මිකව, ආර්ථිකව ස්ථාවර කරවූ සේනානායක ඇමති අත්තනගල්ල විහාරය වැඩිදියුණු කොට පනාලිය ගෝඨාභයද විහාරය කරවූ බව ඉතිහාසගත ප්රවාදයකි.ගෝඨාභය විහාරය හා බෝධීන් වහන්සේ තවමත් නිරුපද්රිතව පවතින අතර සේනානායක පරපුර දඹදෙණිය හා කෝට්ටේ යුග වලද බෞද්ධාගමික පුනර්ජීවනය වෙනුවෙන් දායකවී ඇත.


මෑත ඉතිහාසයේ මේ පරම්පරාවේ ප්රධානියා වන්නේ අඹන්විට වලව්වේ කුලවර්ධන සේනානායක මුදියන්සේ රාලහාමිලාගේ දොන් බර්තොලමෙව්ස් සේනානායකයි.ඔහුගේ දරුවන් වන්නේ ආඳාගල වලව්වේ දොන් ඩොමින්ගෝ සේනානායක, පඹුරුගමුව වලව්වේ දොන් චාල්ස් සේනානායක, දොන් ලුවිස් සේනානායක, දොන් විලියම් සේනානායක හා බෝතලේ සේරුගොල්ලෑව වලව්වේ මුදලිඳු දොන් ස්පේටර් සේනානායක (21/08/1847-07-11-1907) මැතිතුමාය.ඔහුගේ බිරිඳ වන්නේ කෑගල්ලේ කෙහෙල්ඇල්ල වලව්වේ කැතරිනා එලිසබෙත් පෙරේරා ගුණසේකර සේනානායක මැතිණියයි.ඔවුන්ගේ දරුවන් වන්නේ දොන් චාල්ස් සේනානායක(02/01/1878-07-07-1931), දෝන මාරියා ෆ්රාන්සස් සේනානායක, දොන් ෆෙඩ්රික් රිචඩ් සේනානායක(20/10/1882-01/01/1926) හා දොන් ස්ටීවන් සේනානායක (20/10/1884-27-03-1952)යි.ඩී.සී සහ ඩී.එස් සහෝදරයන් විවාහ වූයේ නුවර එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක් වූ පිලිවෙළින් ග්රේස් හා මොලී දුණුවිල සමගය.ඩී එස්ගේ සොයුරිය වූ මාරියා විවාහවූයේ බන්ඩාරනායකවරයෙකු වූ ෆෙඩී බන්ඩාරනායක සමගය.ඩී.එස් ගේ සොයුරු එෆ්.ආර් සේනානායක එලන් ආටිගල හා විවාහවූ අතර මේ විවාහ තුලින් සේනානායක පවුල දහනවවෙනි සහ විසිවෙනි ශතවර්ෂවල ප්රබලම පවුල්වූ නිදහසෙන් පසු වැඩිම කාලයක් ලංකාව පාලනය කල කුටුම්භ කාටලයට ඇතුලත්විය.ඩී.එස් ගේ දරුවන් වූයේ දොන් ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක(19/06-1911-13/04/1973) සහ දොන් රොබට් පරාක්රම සේනානායක(1913-1986) දෙපලයි. 
 
මෙයින් ලංකාණ්ඩුවේ තෙවරක් අග්රාමාත්ය ධූරයට පත්වූ "බත්දුන් පියා" යන විරුදාවලි ලත් තම පියාගේ අභාවයෙන් අඩපණ වූ ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයට අමිල මෙහෙවරක් කල ඩඩ්ලි සේනානායක මැතිතුමා අවිවාහකවම මියගිය අතර රොබට් සේනානායකට පිරිමි දරුවන් තිදෙනෙක් (දේවින්ද,රන්ජිත්,රුක්මන්) සහ දියනියන් දෙදෙනෙකි(රංජනී සහ යස්මින්).ඔවුන් අතරින් බෝතලේ වලව්වේ හිමිකාරිත්වය දේවින්ද සේනානායකට හිමිවූ අතර ඩී.එස් සහ ඩඩ්ලි දෙදෙනාම වාසය කල බොරැල්ලේ වර්තමාන "හවුස් ඔෆ් ෆැෂන්ස්" විලාසිතාගාරය ඉදිරියේ මහ ගොඩනැගිලිවලින් වැසී අප්රකටව පවතින "වුඩ්ලන්ඩ්ස්" මන්දිරය එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වූ රුක්මන් සේනානායකට හිමිවිය.බොරැල්ල සේනානායක හන්දියේ වූ දොන් ස්පේටර් සේනානායක විසින් ඉදිකල "සිරිමැදුර" මන්දිරය අද පොලොවට සමතලාවී ඇති අතර අද එතැන ඇත්තේ සුපිරි නිවාස සංකීර්ණයකි.රන්ජිත් සේනානායකගේ පුත්රයා වූ වසන්ත සහ රංජනී+රන්ජිත් විජේවර්ධනගේ යුවලගේ පුත් රුවන් විජේවර්ධන පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කලේය.
 
සේනානායක පරපුරේ සම්භාවනීයත්වය පිටුපස වූ අයෝමය හස්තය නම් මුදලි දොන් ස්පේටර් සේනානායකය. මිනිරන් පතල් හා වතුපිටි වලින් ඔහු විසල් ධනස්කන්දයක් ඉපයූ අතර ස්පෙටර් සේනානායක මිනිරන් ව්යාපාරයේ කෙතරම් දැවැන්තයෙක් වූයේද යත් වර්ෂ 1907 දී අශ්ව බල තිස්හතරක, මෝටර් යාන්ත්රික ඇන්ජිමකින් ක්රියාත්මක වූ හාපිටිගම් කෝරළයේ අඹේපුස්ස මිනිරන් පතලේ පමණක් ඉංග්රීසි ජාතිකයින්ද ඇතුළු සේවකයින් 3000 ක් පමණ සේවය කොට ඇත.ඔහුට අයත් කොලඹ නගරයේ මිනිරන් නිස්සාරණ වැඩපල හා ගබඩාද පිහිටා තිබිණි.වර්ෂ 1865 වසරේදී මෙරට ප්රධාන දුම්රිය මාර්ගයේ පළමු නැවතුම ලෙස අඹේපුස්ස දුම්රිය ස්ථානය පිහිටුවීමට හේතුවූ ප්රධාන කරුණු ද්විත්වයකි. එක් කරුණක් වූයේ අඹේපුස්ස තානායම වෙත අශ්ව කරත්තයෙන් ගමන්කළ හැකි දුරකින් එය පිහිටීමයි. අනෙක් ප්රධාන හේතුව වූයේ බෝතලේ පිහිටා තිබූ දොන් ස්පෙටර් සේනානායකගේ මිනිරන් පතල් සංකීර්ණයයි. එකල යුරෝපයට මිනිරන් අත්යාවශ්යම නිෂ්පාදන අමුද්රව්යක් විය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය යන රටවලින්ද මිනිරන් සඳහා දැඩි ඉල්ලුමක් තිබුණි. එකල මිනිරන් “බ්ලැක් ගෝල්ඩ්" හෙවත් "කළු රන්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතර එමගින්ම එම අවධියේ මිනිරන්වලට හිමිව තිබූ වටිනාකම කෙතරම්ද යන්නද මනාව පැහැදිලි වෙයි. එකල මිනිරන් ව්යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා වූයේද දොන් ස්පෙටර් සේනානායකයි.මීගමු දිස්ත්රික්කයේ පමණක් අක්කර 600ක් වූ බෝතලේ වලව්ව සහ ඉඩමද ඇතුලත්ව අක්කර 2000 ක පමණ පොල් වතු හතරක්ද නාරම්මල වර්තමානයේ ජාතික වතු සංවර්ධන මණ්ඩලයෙන් පාලනය වන එකල අක්කර සියගණනක් වූ "කොවුල්වැව" වත්තද ඇතුලත්ව කුරුණෑගල දිස්ත්රික්කයේ පොල් වතු පහක්ද වීය.1890 ගනන්වල රේන්ද කටයුතුවලට පිවිසි ඔහු 1897දී මීගමු- ගිරිඋල්ල සහ පස්යාල ගිරිඋල්ල මාර්ගවල රේන්දද අත්පත් කර ගත්තේය.දහනවවෙනි ශතවර්ෂයේ දෙවෙනි භාගයේ කීර්තිමත් දානපතියකු ලෙස ප්රසිද්ධවූ දොන් ස්පේටර් සේනානායක තම කුළුඳුල් මුණුපුරා වන ඩඩ්ලි උපන්දා තම "තිරිවාන වලව්ව" සහ ඉඩම "සේනානායක මුදලින්දාරාමය" ලෙස නම්කොට සඟසතුකොට පූජාකලේය.තවද දොන් ස්පේටර් සේනානායක විසින් එවක කොළඹ - වික්ටෝරියා අනුස්මරණ අක්ෂි රෝහල වෙත සහ ඉන්දියානු නියං සහනාධාර අරමුදල වෙත සිදුකළ නිර්ලෝභී පරිත්යාග එම මෙහෙයට ගෞරවයක් ලෙස යටත්විජිත ආණ්ඩුකාර ශ්රීමත් ජෝශප් වෙස්ට් රිජ්වේ විසින් මුදලි තනතුරක් ලබාදීමට හේතුපාදක විය. 
 
 
  
 
මීරිගම ඉහළ බෝතලේ ප්‍රදේශයේ තමා මේ වලව්ව තියෙන්නේ. මේ වලව්වේ තමා අපේ රටේ පළමු අග්‍රා­මා­ත්‍ය­ව­රයා බිහිවන්නේ. ජාතියේ පියාගේ ජන්ම නිවහන මෙයයි. 1884 ඔක්තෝ­බර් 20 දා බෝතලේ වල­ව්වේදී දොන් ස්ටීවන් හෙවත් DS සේනානායකයන් උපන්නා. දොන් ස්පේටර් සේනා­නා­යක මුද­ලි­තු­මා­ගේත් කෙහෙල්ඇල්ල වලව්වේ කැත­රින් එළි­ස­බෙත් පෙරේරා කුමා­රි­හා­මි­ගේත් හත­ර­වැනි දරුවා විදි­යට තමා ඩී.එස් සේනාසනයකයන් උපන්නේ. 1865 දී දොන් ස්පේටර් සේනානායක විසින් තමා මේ විශාල තනි මහල් නිවස ඉදිකරලා තියෙන්නේ. එතුමා විවහ වෙලා තියෙන්නෙත් මේ නිවසේ. මේ බෝතලේ වල­ව් වත්තේ ඉඩම අක්කර 600 ක්. ඉඩම් පන­තෙන් ඔක්කොම ආණ්ඩු­වට ගත්තා. දැන් තියෙන්නෙ අක්කර 50 ටත් අඩු­වෙන්. බෝතලේ කුස්සිය හුඟක් ලොකුයි. දර පෝර­ණුම හතර පහක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඩී.එස්. මහතාගේ පියා හදවපු වී පෙට්ටියෙ ගම­ටම වුණත් කන්න දෙන්න පුළු­වන් තර­මට හාල් තිබුණා කියලයි කියන්නේ. මේ වලව්ව බලන්න ‍යන්න අවසර ගන්න ඕනේ. මෙම ලිපියේ සඳහන් සියලුම පින්තූර,ආශ්රිතයන් හා උපුටාගැනීම් අන්තර්ජාලයෙනි. මෙහි ප්රදර්ශිත දේපල පුද්ගලික වන හෙයින් යම් කෙනෙක් ඒවා නැරඹීමට කැමත්තේනම් ඒවායේ වර්තමාන හිමිකරුවන්ගෙන් අවසරගත යුතුය.  


1907 දී දොන් ස්පේටර් සේනානායක මහතාගේ මරණයෙන් පසු ඔහුගේ සොහොන බෝතලේ වලව්ව භූමියේ ඉදිකරලයි තියෙන්නේ. ඒ වගේම ඩී.එස්. සේනානායකයන්ගේ සමාධියද මේ වලව්ව ඉදිරිපිට තමා තියෙන්නේ.

බෝතලේ වලව්ව කිව්වාම ශ්‍රී ලංකාවේ දේශපාලනයට වගේම අලි ඇතුන්ට බොහෝම ප්‍රසිද්ධ ස්ථානයක්. මේ බෝතලේ අලි පන්තියේ ජීවත් වූ අවසාන හස්තියා ගාමිණී ඇතා (බෝතලේ වලව්ව)

පාරම්පරික අලි හාම්පුතුන්ගේ අලි - ගාමිනී ඇත් රාජයාගේ කතා පුවත

ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ ජීවිතයයේ ඉතාම සතුටුදායක දිනයක් ලෙස සනිටුහන් වී ඇති එදින තවත් සුවිශේශී සිදුවීමයක් සිදුවුනි.නොතාරිස්වරයෙකු මාර්ගයෙන් එම අලි ඇතුන් සිවු දෙනාගේ අයිතිය තම මුනුපුරන් තිදේනාට සහ මිනිපිරියට නීත්‍යානුකූලව පවරාදීමයි.ඩී.එස් සේනානායක මහතාගේ පුත්‍රරත්නයන් දෙදෙනාගේන් ඩඩ්ලි සේනානයක මහතා අවිවාහක වූ අතර විවාහකව සිටී රොබට් සේනානායක මහතාට ඒ වන විටත් පුතුන් තිදෙනෙක් හා එක් දියනියක් වූහ.එම පුතුන් තිදෙනා වූ දේවින්ද රංජිත් හා රුක්මන් යන මහතුන්ට මෙන්ම රංජනී නම් දියනියට මෙම අලි ඇතුන් සිවු දෙනාගේ අයිතිය හිමි විය.මේ අනුව ගාමිනී දළ ඇතා දේවින්ද සේනානායක මහතාටද කන්ඩුල නම් දළ ඇතා රුක්මන් සේනානායක මහතාටද ගජබා නැමති අලියා රංජිත් සේනානායක මහතාටද නීලගිරි නැමති අලියා රංජනී සේනානායක මහත්මියටද ලැබුණි. මෙම අලි ඇතුන් සිවු දෙනා අතරින් කුඩා කල සිටම නායක්තවය ගත්තේද බෙහෙවින් කැපී පෙනෙන ගති ලක්ශන පෙන්නුවේද ගාමිනී හස්තිරාජයාය.
ඩඩ්ලි හාමුට ඇත් බානයි අලි බානයි, එතකොට එතුමා රටේ අගමැතිතුමා

වසර හැත්තෑ පහක පමන කාලයක් ජීවත් වෙමින් එම දිගු කාලය තුල ආගමික ,සංකෘතික, ජාතික කටයුතු වලට අප්‍රමාන ලෙස දායක වෙමින් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කලහ.තම අයිති කරු වූ දේවින්ද සේනානායක මහතාට බක්තිය ඇත් ගොව්වාට දැක්වූ කීකරු බව කෙලෙහි ගුනය සැලකීමේ ගුනය බුද්දිමත් බව,ඉවසීම සන්සුන් බව මගුල් ඇතෙකුට හිමි ගති ලක්ශන වලින් මෙම තේජාන්විත හස්තියා සමන්විත විය. මත්පැන් පානය කොට තමා අසලට පැමිනෙන අයව නුරුස්සන ගාමීනි හස්තියා මහා සංඝරත්නය කෙරෙහී දැක්වූයේ අප්‍රමාන වූ ගෞරවයක් මෙන්ම පූජනීය බක්තියකී.
 
ගාමිණී ඇතා සහ නිලමේ අලි බාසුන්නැහේ

ඇතුගේ අවසන් අයිතිය හිමි වූයේ ඩී.ඇස්.සේනානායක මහතාගේ මුනුබුරු වූ දේවින්ද සේනානායක මහතාටය. ඩී එස් සේනානායක මහතාගේන් පසුව මෙම ඇතාගේ හිමිකරු වු දේවින්ද සේනානායක මහතා පවසන්නේ පුණ්‍යවන්ත හස්තියෙකු වූ ගාමීනී පුද්ගලයෙකුට හෝ දේපලකට කිසිදු හානියක් කර නොමැති බවය. මෙම හස්තියා මිය යන තෙක්ම වසර හැටක් පමන මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අලුත් නුවර දැඩුමුන්ඩ දේවාලය,සබරගමු මහ සමන් දේවලය,හුනු පිටිය ගංගාරාම විහාරය, කෝට්ටේ රාජමහා විහාරය, කැලනිය රාජමහා විහාරය, නවගමු පත්තිනි දේවාලය, බෙලිගල රාජමහා විහාරය, බෙල්ලන්විල විහාරය, බෝතලේ විහාරය ඇතුලු දිවයිනේ වෙනත් විහාර හා දේවාල රාශීයක වාර්ශිකව පවත්වන පෙරහැර මංගල්‍යය වල දේවාබරන, කරඩුව වැඩම වීමට සහබාගී වි ඇත. ගාමිණි ඇතා වර්ෂ 60ත් 65ත් අතර කාලයක් මහනුවර ශ්රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැරට සිය දායකත්වය ලබා දුන් අතර දළදා වහන්සේ වැඩම කරවීමේ දුර්ලභ භාග්යයද හිමිකරගන්නා ලදී.මෙම හස්තියා අවසන් වරට ශ්රී දළදා පෙරහැරට තම දායකත්වය ලබා දුන්නේ 2010 වර්ෂයේදීය. බෝතලේ සේනානායක පරපුරේ වන්දනාමානයට පාත්රවූ සර්වඥ ධාතූන් සහිත කරඬුව පූජා කිරීම නිමිත්තෙන් සිදු කෙරෙන බෝතලේ පෙරහරේ මෙතෙක් පැවති පෙරහැර 26 න් 23 ක දීම එම සධාතුක කරඬුව වැඩමවීම සිදු කෙරුනේද ගාමිණි ඇත් රජු විසිනි. මිල්ලන්ගොඩ රාජාගේ අභාවයෙන් පසුව දිවයිනේ සිටි වයස්ගතම හීලෑ ඇතා ලෙස සලකනු ලැබූයේ බෝතලේ වලව්වේ ගාමිණී ඇත් රජුය.

ගාමිණි ඇත් පැටවා එවකට රජය විසින් නිකුත් කල බල පත්රයක් මගින් අල්ලා ගත් හස්තියෙකි. ඒ පුත්තලම ගල්ඔය මිටියාවතේ ප්රදේශයේ වනාන්තරයකින් 1947 වර්ෂයේ අගෝස්තු 02වන දින තවත් හස්තියෙකු හා අලින් දෙදෙනෙකු සමගය. ගාමිනි ඇත් රජු 1947 වසරේදී බොතලේ වලව්වට රැගෙනවිත් හීලෑ කොට වසර විස්සකට අදික කාලයක් රැක බලාගන්නා ලද්දේ ආරෝන් බාස් උන්නැහේ විසිනි. ඔහුගේ මරනින් පසුව අරනෝරිස්, තලගම හේරත්, පිංචි අප්පුහාමී සහ විපුල සේනයන ඇත්ගොව්වන් එම කාරය ඉටුකරන ලදී. මෙම හස්තියා අවසන් වරට රැකබලා ගත්තේ විපුලසේන නම් අලි බාසුන්නැහේය. මෙම සියලු ඇත් ගොව්වන් ඇතා බාර ගැනීමට පෙර දේවින්ද සේනානායක මහතා සමග ගිවිසුමකට එල බීම අත්‍යවශ්‍ය වේ. නිසි පරිදි ඇතා රැක බලා ගැනීමේ නීතී හා කොන්දේසී රැසක් මේ ගිව්සුමට ඇතුලත් විය. එයින් එක් කොන්දේසියක් වූයේ සෑම සති අන්තයකම කොළඹ වුඩ්ලන්ඩ්ස් මන්දිරයේ සිට බෝතලේ වලව්ව වෙත පැමිනෙන දේවින්ද සේනානායක මහතා විසින් රැගෙන එන පළතුරු හකුරු වැනි දෑ පිලිගැන්වීමටත්, පශුවෛද්‍යවරයෙක් ලවා සෞඛ්‍ය තත්වය පරීක්ශා කිරීමටත් ඇතා සූදානම් කර තැබිය යුතුය යන්නයි. පශුවෛද්‍ය ආචාර්ය අශෝක දංගොල්ල, සහ පාරම්පරික හස්ති වෛද්‍ය ප්‍රදීප් මියනපලාව යන මහත් වරුන්ගෙ පරීක්ශාවට නිතර ගාමිනි ඇතා යොමු කිරීමට දේවින්ද සේනානායක මහතා කටයුතු කලහ.
 



 

වසර හැටක් පමන මහනුවර දළදා පෙරහැරට සහබාගි වී ඇති ගාමිනී ඇතා 2010 වසරේදී එම පෙරහැරට සහබාගී වූයේ මදක් අසනීප තත්වයේ සිටියදීය. තම දත් ගෙවීයාම හේතුවෙන් ආහාර ජීරනය නෝවීමේ ගැටලුවට මුහුන පා සිටි ගාමිනි ඇතා එවර පෙරහැර හමාර කොට දලදා මාලිගය ඉදිරි පිටට පැමින කදුලු පිරි දෙනෙතින් දණ නමා නමස්කාර කරන ලද්දේ තමාට යලි කිසි දිනෙක දළදා පෙරහැරට පැමිනෙන්න නොලැබෙන බව දලදා හාමුදුරුවන්ට පවසා සිටින්නාක් මෙනි. තම ජීවීතයේ අවසන් වර්ශයේදී ශරීරය දුර්වල වීම නිසා අදාරකයක් උපකාරයෙන් ඇත් ගාලේම කාලය ගත කල ගාමීනී ඇතාගේ සුවය පතා දේවින්ද සේනානායක මහතා සෑම කාර්‍යක්ම ඉටු කරන ලැබුවද වසර හැත්තෑවක් පමන ආයූ වලදා ඇත් රජු අවසන් හුස්ම හෙලුවේය. මේ ඇතු 2011 වර්ෂයේ සිව් මසක් තිස්සේ අසනීපව එක්තැන්ව සිට වර්ෂ 2011 වූ දෙසැම්බර් 20 දින පෙරවරුවේ මිය ගියේ ය. මිය යන විට මෙරට සිටි වයස්ගතම හස්තියා ගාමීනී විය. අවසන් ගමන් යන විට මේ ඇතු වයස අවුරුදු හැත්තෑව පසුකර සිටි අතර ඇතු අලව්ව කහඹිලියාව වත්තේ ඒ වන විට රදවා සිටියේය.බොහෝ කාලය ආයු වැලදූ ඇත් රජු ඒ වන විට වයෝවෘද්ධභාවය නිසා දැඩි ලෙස අසනීපව සිටියේ ය.

මීරිගම බාලදක්ෂ කඳවුරට කඳවුරට ගිහින් කරන්න තව වැඩ ගොඩක් තියෙනවා...

මීරිගම විත්ති - 01

මීරිගම විත්ති - 02

මීරිගම විත්ති - 03


Monday, November 6, 2023

පුරෝගාමී වැඩ ගැන සම්ප්‍රදායෙන් ඉගෙන ගන්න - කතුරු ඔන්චිල්ලාව

දේශීය ජන ක්රීඩා අතර වඩාත් ප්රචලිත ජන ක්රීඩා වලින් එකක් ලෙස ඔන්චිල්ලා පැදීම සඳහන් කළ හැකිය. ඔන්චිල්ලාව යනු සිංහල අවුරුදු සමයේ සෑම ගැමි ගෙදරක ම දැකිය හැකි දෙයකි. එනිසා මෙම ක්රීඩාව සඳහා කාන්තා පිරිමි භේදයක් නැතිව සහභාගී වේ. ශ්රී ලාංකික බෞද්ධ ජනතාවගේ පෞද්ගලික දුක් කම්කටොලු ආදියෙහිදි ඒ දුක් ගැන්නවිලි සියල්ලට සවන් දුන් පත්තිනි දේවිය තරම් වෙනත් දෙවියෙක් දේවතාවෙක් නොමැති තරම්. පහත රට ශාන්තිකර්ම සම්ප්රදාය තුළ වැඩි වැදගත්කමක් දරන දෙවොල් මඩු ශාන්ති කර්මයෙහි මූලිකත්වය ඇත්තේ පත්තිනි දේවියට. සිංහල සංස්කෘතිය පෝෂණය කරන ජන ක්රීඩා බොහෝ ප්රමාණයක් පත්තිනි ඇදහිල්ල සමඟ එක්කොට බැඳ ඇත පංච කෙළිය, ඔලිඳ කෙළිය, පොරපොල් කෙළිය, අං ඇදීම, කතුරු ඔන්චිල්ලාව ආදිය පත්තිනි ඇදහිල්ල සමග සම්භවය වූ ඒවා බව කියවේ. එය ඉතාමත් ප්රීතිමත් ක්රීඩාවකි.
 
9th National Scout Jamboree Giant Wheel Fun
Jaffna jamboree Katuru Inchillawa
 
උංචිල්ලාව, අඃසිල්ලාව යන විවිධ නම් වලින් හැඳින්වෙන ඔන්චිල්ලා වර්ග කීපයක් තිබෙනවා. අතීතයේ සිට අප රටේ විවිධ ඔංචිල්ලා ක්රම පැවතුණි. කූඩු ඔංචිල්ලා, බඹර ඔංචිල්ලා, වැල් ඔංචිල්ලා, දෙපට ඔංචිල්ලා හා රන් ඔංචිල්ලා ලෙස එවා වර්ගීකරණය කර හැඳින්විය හැකිය.
 
ඔන්චිල්ලාවේ ඉතිහාසය  
 
ඊශ්වර දෙවියන්ගේ අත්උදව්වට සිටි අසුර නැමැත්තා ඉතාම හිතවත්ව ඊශ්වර දෙවියන්ට සැලකීම් සිදු කළා. මේ අතර ඔහු දිනක් ඊශ්වර දෙවියන්ගෙන් තමන්ට වරයක් ඉල්ලා සිටියා. තමාට හොදින් උපස්ථාන කරන අසුරට ඔහු කැමැති වරයක් ඉල්ලා සිටින්නැයි ඊශ්වර දෙවියන් කියා සිටියා. අසුර ඉල්ලා සිටියේ අමුතුම වරයක්. ඔහු යම් කෙනෙකුගේ හිසට අත තැබූ විට ඔහු විනාශ වී යන වරයක් ඉල්ලා සිටියා. තමාට හිතවත් සේවකයා වෙනුවෙන් ඒ වරය ඊශ්වර දෙවියන් ලබා දුන්නා. ඒත් සිද්ධ වුනේ නොසිතූ දෙයක්. වරය ලබා ගත් අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තබන්න සූදානම් වුණා. එයින් පසුව සිද්ධ වෙන දේ ඊශ්වර දෙවියන් දන්නා නිසා වහාම අසුරගෙන් මිදී දුවන්න පටන් ගත්තා. ඊශ්වර දෙවියන් අපහසුවට පත්ව සිටින අන්දම දුටු සක්දෙවියන්, ඔන්චිල්ලාවක් බැද ගෙන කාන්තාවක් විදිහට එහි පදින්න පටන් ගත්තා. අසුර එන මග තිබුන කාන්තාවක් පදින ඔන්චිල්ලාව දැක අසුර එතැන නැවතුනා.අනේ මේ කාන්තාවක් මෙහෙම ඉන්නේ ඇයි තමාගේම හිසට අත ගසා ගෙන අසුර ඔහුගෙන්ම ප්‍රශ්න කළා. අසුර එතැනම දැවී අලු වුණා. ඊහ්වර දෙවියන්ගේ ජීවිතය බේරුනා.

17 වන සියවසේ බල්ගේරියාවේ මිනිසුන් විසින් විශාල ලී මුදු වලින් අත්හිටවූ පුටු මත හරවන ලද මගීන් ගමන් කරන "Pleasure wheels" ආරම්භ වූ බවටද මතයක් තිබේ. පීටර් මුන්ඩිගේ සංචාර 1620 මැයි 17 වන දින ඔලිප්ටොපොලිස් හි බල්කන්ස්හිදී "ඔවුන්ගේ බිරාම් මංගල්‍යයේ දී ඔවුන්ගේ මහජන ප්‍රීතියේ දී භාවිතා කරන ලද පැද්දීමේ වර්ග කිහිපයක්" යුරෝපයේ සහ ආසියාවේ තිබූ බව විස්තර කරයි.

like a Craine wheele att Customhowse Key and turned in that Manner, whereon Children sitt on little seats hunge round about in severall parts thereof, And though it turne right upp and downe, and that the Children are sometymes on the upper part of the wheele, and sometymes on the lower, yett they alwaies sitt upright.
1615 දී කොන්ස්තන්තිනෝපල්, පර්සියාව සහ ඉන්දියාවෙන් ලිපි එවූ රෝමානු සංචාරකයෙකු වූ Pietro Della Valle, කොන්ස්තන්තිනෝපල්හි රාමසාන් උත්සවයකට සහභාගී වි මහා රෝදය පැදීම ගැන අදහස් දක්වයි. ඔහු ගිනිකෙළි, පාවෙන සහ විශාල පැද්දීම් විස්තර කර ඇත. මේ හා සමාන රෝද පැද්දීම් අත්දැකීම් ගැන 17 වන සියවසේ එංගලන්තයේ ද පසුව ඉන්දියාව, රුමේනියාව සහ සයිබීරියාව ඇතුළු ලොව පුරා වෙනත් තැන්වල ද වාර්තා වේ. ප්‍රංශ ජාතික ඇන්ටෝනියෝ මැන්ගුයිනෝ 1848 දී ජෝර්ජියාවේ වෝල්ටන් ස්ප්‍රිං හි ඔහුගේ ආරම්භක ප්‍රදර්ශනයට අමුත්තන් ආකර්ෂණය කර ගැනීම සඳහා විනෝද ලී රෝදයක් හඳුන්වා දුන් බව පැවසේ.
 
Katuru Onchillawa (Giant Wheel Fun) Cultural Game

වැල් ඔන්චිල්ලා

සිංහල අවුරුදු සමයේ වඩා ප්‍රචලිත ඔන්චිල්ලාව වනුයේ රැහැන් ඔන්චිල්ලාවයි. ගැමි තරුණියන් වාරං කියමින් තමයි ඔන්චිලි පදින්නෙ. එය කාන්තාවන් සඳහා සුවිශේෂ වූවකි. අපේ පැරණි ගැමි ජනයා බොහෝ අවස්ථාවන්හිදී ගායනය යොදාගෙන තිබේ. ඒ අනුව ඔන්චිල්ලා සෑදීමේදී ද ගායනා ඉදිරිපත් කොට ඇත. මෙම ගායනා නිර්මාණය වීමේදී ඔන්චිල්ලාවේ චලනය සිදුවන ආකාරයට නාද මාලා නිර්මාණය කර ගෙන තිබේ. එනිසා ඊට ආවේණික නාද මාලාවක් පවතී. ඉතා සරල පද මාලා වලින් හා සංකේත පද මාලා වලින් මෙම ගායනා සමන්විත වේ. රිද්මයානුකූල ගායනා විශේෂයක් ලෙස ද ඔන්චිලි වාරම් කවි හඳුන්වා දිය හැකිය. 
 
එලිමහනේ බදින වැල් ඔන්චිල්ලාව බිමින් ඉහලට අඩි 20 සිට 25 ක් උස ගසක බදිනවා. ශක්තිමත් කඹ දෙපොටක් යොදා ගෙන ඉදිකරන වැල් ඔන්චිල්ලාවේ ක්‍රිඩා කරන්නේ දරුවන් සහ යෞවනියන් වීමත් විශේෂයි. පත්තිනි දෙවියන් සිහිපත් කරමින් කවි ගායනා කරන අතර වැල් ඔන්චිල්ලාවේදී වාරු ගැනීම හැදින්වෙන්නේ “රුකුල් ගැනීම” විදිහටයි.

සරණයි සරණයි බුද්ධං සරණයි
සරණයි සරණයි ධම්මං සරණයි
සරණයි සරණයි සංඝං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි…
 

 
පත්තිනි දෙවියන් වෙනුවෙන් බාර වී ඔන්චිල්ලා ඉදි කරන බව කියන අතර කූඩු ඔන්චිල්ලා, බඹර ඔන්චිල්ලා, දෙපට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, යතුරු ඔන්චිල්ලා සහ මල් ඔන්චිල්ලා ලෙස ප්රභේද ගණනාවකි. සිංහල අවුරුදු කාලයේදී පදිනු ලබන්නේ ලණු ඔන්චිල්ලාවයි. මෙහිදී දෙදෙනෙකුට වාඩි වී සිටිය හැකි අතර දෙන්නෙක්‌ දෙපැත්තේ සිට ඔන්චිල්ලාව පදවනු ලැබේ.
 
ඔන්චිලි චිලි චිල්ල මලේ 
වැල්ල දිගට නෙල්ලි කැලේ 
කඩන්න බැරි කටු අකුලේ 
කඩා දියන් මගේ මලේ

අත්ත උසං උසං උසං 
ජම්බු පොකුරු සිලිං බිලිං 
ලොකු අක්‌කේ පදිං පදිං 
ජම්බු කඩං බෙදං බෙදං
 
බඹර ඔන්චිල්ලාව
බඹර ඔන්චිල්ලා අවුරුදු කාලයට ජනප්‍රියයි. ලෑලි දෙකක් අරගෙන එකට තියලා බැඳලා පුවක් පටි ගහලා තමයි බඹර ඔන්චිල්ලාව හදන්නේ. ඒ කාලයේ ගැමි පිරිමි දරුවන් මෙන්ම ගැහැනු දරුවන් බඹර ඔන්චිල්ලා පදිනවා. කුඩා දරුවන් වෙනුවෙන් ඉදි කරන මෙම බඹර ඔන්චිල්ලාව ඉදි කරන්නේ කෙලින් සිටවනු ලබන ලී කොටයක දෙපැත්තට යන සේ ලෑල්ලක් සවි කරනවා. එම ලෑල්ල දෙපැත්තේ ඔන්චිල්ලාව බදිනවා. පුද්ගලයෙක් විසින් මෙය කරකවන විට දෙපස ඔන්චිල්ලාවේ දෙන්නා දෙපැතත්ට කැරකැවෙනවා.ඔන්චිල්ලා පදින විට ගැයෙන වාරම් කවි මගින්ද පෙනී යන්නේ පදින අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් නිතරම ආගම ධර්මය මුල් කර ගෙන කටයුතු කළ බවයි. ළමා උයන්වල ළමයි නැගී කැරකෙන රෝදය ඇසුරින් නිර්මාණය කරන්නට ඇති. බඹර ඔන්චිල්ලා 
 
Thiric Onchilla (Traditional Rotating flyer) Cultural Game බඹර ඔන්චිල්ලාව
 
 
කතුරු ඔන්චිල්ලාව
කතුරු ඔංචිල්ලාව යනු විශේෂ දෙයකි. කතුරු ඔන්චිල්ලාව පැදීම පිරිමින්ට හා ළමයින්ට සුවිශේෂ වූවකි. එහි දී කතිරයක් වන ලෙස ලෑලි සම්බන්ධ කොට ඒවා පොලුවලින් එකට යා කරනු ලැබේ. පසුව පුවක් පටි රවුම් යොදා ඔන්චිල්ලාව සකසයි. මෙම ඔන්චිල්ලාව පොළවට උඩින් සිටින සේ කතිර හැඩයට බඳින කණු මත රඳවා ඇත. පුවක් පටි රෝල් ඇතුලට හරහට ඇති පොලු පෑගීමෙන් මෙය කරකැවීම සිදු වේ. කතුරු ඔන්චිල්ලාව බැඳීමට ශුද්ධ භුමියක් තෝරා ගන්නා අතර පත්තිනි දෙවියන් වෙනුවෙන් පුද පූජාවන් පවත්වනවා.කිලි හෙවත් අපිරිසිදු අයට මෙම ස්ථානයට ඇතුලු වීමට අවසර නැහැ. මේ ඔන්චිල්ලාව වෙනුවෙන් නියමිත දිග පළල තිබෙන අතර එය දින හතක් ඇතුලත සාදා අවසාන කරන්න ඕන. මෙහි ක්රියාවලිය යාන්ත්රික ක්රියාවලියකි. එම නිසාම එය යතුරු ඔංචිල්ලාව යනුවෙන් ද නම් කරයි. යම් විදිහකින් ඒ දින හත ඇතුලත සාදා අවසාන කර ගැනීමට බැරි වුනොත් පඩුරක් ගැට ගසා තව දින හතක් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. 
 

දෙවියන් හා මිතුරුව පදින කතුරු ඔන්චිල්ලා..

බලංගොඩ රාස්සගල මහගෙදර ගිය ගමන් පොල්වතුගොඩ අලංකාරපන්ගුව ගම මැදින් ටික දුරක් ගිය තැන මේ කතුරු ඔන්චිල්ලාව පදින්න මට පුළුවන් වුනා. පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදය පතා වත් පිළිවෙත් මැද බඳින මේ කතුරු ඔන්චිල්ලාව දින හතකින් ගලවා ඉවත් කෙරෙන්නේ පුරාණ චාරිත්‍රයට අනුවයි. 
 
පොල්ලෙන් පොල්ලට ජෝඩු පාගලා 
පොල්ලෙන්පැන්නට බය නොවියල්ලා 
බැඳපු අයට අපි ආසිරි පතලා 
අපිත් පදිමු බැඳී රන් ඔන්චිල්ලා 
පොල් ගස් දෙක මැද බැඳි ඔන්චිල්ලා 
අට රියනක් දිග පොල් කඳ බැඳලා 
ලෑලි අටක් ගෙන එහි සවිකරලා 
පොලු හතරක් ගෙන රවුමට බැඳලා 
බංකු අටක් ගෙන අට කොන බැඳලා 
අට කොන අට දෙන වාඩි වෙයල්ලා 
 
 
ගැමි සිරිතට මුල්තැන දෙමීන් දීර්ගකාලයක සිට පේමදාස මාමා විසින් ඉදිකරන මහගම පොලේගොඩ කතුරුඔන්චිල්ලාව 
 
පිරිසක් ඔන්චිලි පදින අතර පිරිසක් උස් හඬින් කවි ගායනා කරන්නේ ප්‍රදේශය පුරාවට රැව් පිළිරැව් දෙනසේ ය. මේ ගී ගායනා ඇසෙන විට අවට නිවැසියන් ඔන්චිල්ලා බිමට එක්රොක් වන්නේ මහත් වූ බැතියකිනි. ඔන්චිල්ලා පැදීම සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවකි. එය පත්තිනි දෙවියන්ගේ ක්‍රීඩාවක් ලෙස ද සලකයි. ඔන්චිල්ලාවේ හිඳගන යාමට අමතරව ඔන්චිල්ලාව බැඳ ඇති දිගු පොල් කඳේ ගමන් කිරීම, ඔන්චිල්ලාව සවිකර ඇති පොල්ලකින් තවත් පොල්ලකට පැනීම වැනි ත්‍රාසජනක ක්‍රීඩාවන් ද කතුරු ඔන්චිල්ලාව පදින අතර සිදුකරන ක්‍රීඩාවන් ය. මෙසේ ක්‍රීඩා කරන සැම පත්තිනි දෙවියන්ගේ බැල්මෙන් ආරක්‍ෂා වන බව ක්‍රීඩා කරන්නන්ගේ අදහස යි. 
 
පරසිදු පත්තිනි සඳ සැනසෙන්නේ 
සැතපුණු නින්දට හීන නොදෙන්නේ 
පලඟ කඩුවක් ගත්තා වැන්නේ 
කඩුව නොවෙයි අඩුවයි දැන ගන්නේ

අවුරුදු උදාවට පෙර කතුරුඔන්චිල්ලාව හා බැඳි පත්තිනි පිළිවෙත දෙවරුවට ඔන්චිලි පැදීමයි. හිස තෙල් ගෑමෙන් පසු පෙරවරුවේ කතුරුඔන්චිල්ලාව පැදීම තහංචියක්. ඒ වුණත් ඔලබොඩුවේ කතුරු ඔන්චිලි ගායනා වත්පිළිවෙත් හා චාරිත්ර පමණක් නොව ඔලබොඩුව කතුරුඔන්චිලි සම්ප්රදාය ගැන බොහෝ අප්රකට ජනශ්රැති හැඳිනගැනීමට හැකි

බක්මහ අලුත් අවුරුද්දේ ප්රාදේශීය ජන උරුමයන් පැරණි පරම්පරාව වියැකී යන තුරු එකතු කිරීම හෝ මතු පරපුරට දැකගැනීමට සංරක්ෂණ වැඩපිළිවෙළක් මේ දකින කතුරු ඔන්චිල්ලා ජන උරුම බඳු අවුරුදු වටිනාකම් මියගිය පසු, එකසියවිස්සක පරමායුෂ තබා අවුරුදු විස්සක් වත් ජන උරුමයේ පවතීවි ද?

ලෝක බාලදක්ෂ ජම්බෝරියේ පුරෝගාමී පරීක්ෂණය 

දැවැන්ත පුරෝගාමී ව්‍යාපෘති යටතේ බාලදක්ෂයන් විසින් සිය නිර්මාණශීලීත්වය පෙන්වීම සඳහා මෙවැනි නිර්මාණ ඉදිකර තිබේ.



2011 ස්වීඩනයේ ක්‍රිස්ටියන්ස්ටාඩ් හි ලෝක බාලදක්ෂ ජම්බෝරියේ බාලදක්ෂයින් Tivoli ප්‍රදේශයේ ඉදිකරන ලද අතින් බලයෙන් ක්‍රියාත්මක වූ කතුරුඔන්චිල්ලාව ලෝක ජම්බෝරියට සහභාගී වූ සුවහසක් බාලදක්ෂයන්ගේ අසීමිත අවධානය දිනාගත් දැවැන්ත පුරෝගාමී ව්‍යාපෘතියක් විය. "Primitve Scouting" යටතේ කඳවුරු අත්දැකීම් විඳීමට කැමති බොහෝ දෙනා මෙහි පැද්දීමට එකතු වූ අතර ලණු හා කඹ ආධාරයෙන් රුකුල් රැඳවුම් හා බැමි මත ශක්තිමත්ව ඉදිකරනු ලැබූ දැවැන්ත පුරෝගාමී ව්‍යාපෘතිය බාලදක්ෂයන්ගේ නිර්මාණශීලීත්වය හා හැකියාව ලොවට පෙන්වූ අවස්ථාවක් කලේය.

Primitve big wheel 2011 World Scout Jamboree

 

Primitive Ferris Wheel - Ferris wheel - skyview ferris wheel

සර්කස් සංදර්ශන හා විනෝද මේලා තුළ වැඩි අවධානයක් ලබා ගන්නා යකඩින් නිම වූ කතුරු ඔන්චිල්ලා ඉදිකිරීමේ සම්ප්‍රදායක්ද ලෝකයේ දක්නට ලැබේ. Giant Ferris Wheel, සරළව Ferris wheel ලෙසද හඳුන්වනු ලබන අතර, එය ලොව පුරා පිළිගත් සුවිශේෂී විනෝද උද්‍යාන සවාරියකි. එහි නව නිපැයුම්කරු වන ජෝර්ජ් වොෂින්ටන් ගේල් ෆෙරිස් ජූනියර්ගේ නමින් නම් කරන ලද එය 1893 චිකාගෝ හි පැවති ලෝක කොලොම්බියානු ප්‍රදර්ශනයේදී ආරම්භ විය. 

මුල් ෆෙරිස් රෝදය අඩි 264 (මීටර් 80) උසින් යුක්ත වූ අතර එය පොළ භූමියට ඉහළින් විය. නවීන ෆෙරිස් රෝද ප්‍රමාණයෙන් හා සංකීර්ණත්වයෙන් වර්ධනය වී ඇති අතර සමහරක් උස අඩි 500 (මීටර් 150) ඉක්මවයි. ඒවා සාමාන්‍යයෙන් සමන්විත වන්නේ වට ප්‍රමාණය වටා සවි කර ඇති මගී කුටි හෝ ගොන්ඩෝලා සහිත විශාල සෘජු භ්‍රමණය වන රෝදයකිනි. observation wheels රෝදය සෙමින් භ්‍රමණය වන අතර, අසරුවන්ට ඔවුන් නගින විට සහ බැස යන විට අවට ප්‍රදේශයේ පරිදර්ශක දසුන් සපයයි. අද, ෆෙරිස් රෝද ලොව පුරා විනෝද උද්‍යාන, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ නගර අහසෙහි දක්නට ලැබේ. ඔවුන් විනෝදයේ සහ ත්‍රාසජනක සංකේත බවට පත් වී ඇති අතර, අසරුවන්ට අද්විතීය ඉදිරිදර්ශනයක් සහ අමතක නොවන අත්දැකීම් ලබා දෙයි.


ජම්බෝරිය තුළ කතුරු ඔන්චිල්ලා ඉදිකිරීමේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ දේශීය අනන්‍යාතාවය විහිදුවාලන පහත රටට සුවිශේෂී සංස්කෘතිකාංගයක් වූ කතුරු ඔන්චිල්ලාව ජන ගායනා සහ නර්තනයන් හා බැඳී පවතින්නකි. පහත රට බෙර වාදනයත්, ජන කවි හා ජන ගී, ජන නාද මාලා ගායනය සහ වාදනයත්, ‘ගොක් කොළ සැරසිළි’ආශිත විසිතුරු සැරසිළි කලා අංග ප්‍රදර්ශනයත්, ජන ක්‍රීඩාවක් ලෙෂ විනෝදය ලබා ගත හැකි ව්‍යාපෘතියකි. ඔන්චිල්ලා පැදීම සිරුරට ව්‍යායාම ලබා දෙන ක්‍රිඩාවක්. ඒ වගේම ඔන්චිලි පදින්නේ නිකම් නොවෙයි. ඒ වෙනුවෙන් වාරම් කවිත් ගායනා වෙනවා. මේ නිසා දරුවන්ගේ ගායනීය හැකියාවන්ද දියුණු වෙනවා.
 
Jamboree Katuru Onchillawa - Cultural Game

බොහෝ දෙනාගේ අද්දැකීමකින් තොර ව වියැකී යමින් තිබෙන මෙවැනි ස්වදේශීය දස්කම් බාලදක්ෂ ලෝකය වෙත ගෙනයෑමට ඇති හොඳම අවස්තාව වනුයේ දහස් ගණනින් බාලදක්ෂයින් රැස්වන ජම්බෝරි වැනි අවස්තාවන් වේ. බාලදක්ෂ ශිල්පීයමය කුසලතා අගයමින් ඒ ඔස්සේ විදේශිකයන් වෙත අපගේ ස්වදේශීය අනන්‍යතාවයන් උත්කර්ශයෙන් ප්‍රදර්ශනය කිරීම මෙහි ඇති මූලික අභිලාශය වේ.

2011 අවසන් වූ ලෝක බාලදක්ෂ ජම්බෝරිය තුළ ඉදි කොට තිබූ ‘අකාර්යක්ෂණීයතම කතුරු ඔන්චිල්ලාවෙහි ඇති අනාරක්ෂිත භාවයත් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන දේශීය කතුරු ඔන්චිල්ලාවෙහි ඇති ආරක්ෂාකාරී භාවය පෙන්වීමටත් මෙය කදිම අවස්ථාවක් වේ.

ලොව සෙසු බාලදක්ෂයින් විසින් සකස් කරනු ලැබූ කතුරු ඔංචිල්ලාවන් කීපයක ම ඡායාරූප අපසතුව තිබේ’ ඒවායෙහි ඇති අනාරක්ෂිත බව හා අපගේ ශ්‍රී ලාංකේය ඔංචිල්ලාවෙහි ඇති සුවිශේෂත්වය ඔබ කාගේත් අවධානයට ලක්විය යුතුව ඇත.


වැඩි පිරිසකට එක් ව විනෝද විය හැකි උපරිම සතුටක් උපදවන ‘දැවැන්ත පුරෝගාමී ව්‍යාපෘතියකි.’ මෙවැනි ව්‍යාපෘති බාලදක්ෂ ශිල්ප ක්‍රමය තුළ හඳුන්වන්නේ බාලදක්ෂ ඉන්ජිනේරු මහා පරිමාණ පුරෝගාමී ව්‍යාපෘති වශයෙක් ද (Scouting Engineer/ Mega Pioneering) ස්වදේශීය බාලදක්ෂයින්ට ද මෙය කදිම අත්දැකීමක් වනු ඇත. තනිකරම දැව යොදා නිර්මාණය කර ඇති මෙය අපේ ගැමියන්ගේ තාක්ෂණික හැකියාවන් පෙන්නුම් කරන අපුරු කැඩපතක්. ශ්‍රී ලාංකීක තාක්ෂණික දැනුම ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට හඳුන්වා දිය හැකි හොඳම අවස්ථාවක් වශයෙන් ද මෙම සංස්කෘතිකාංගය හඳුන්වා දියයුතු ම වේ. 

කතුරු ඔන්චිල්ලාවෙහි ක්‍රියාකාරීත්වය
කතුරු ඔන්චිල්ලා පදවන්නා විසින් පුවක් පටියෙන් වියන ලද කූඩුව තුළ සිට සමබර ව දීවීමෙන් එම වේගයට සාපේක්ෂ ව කතුරු ඔන්චිල්ලාව කැර කැවීම සිදු වේ. පළපුරුදු ශිල්පීන්ට එය පාලනය කිරීම පහසුය.

නිර්මාණය කිරීම
‘කප් සිටුවා’ සුබ නැකතකින් ආරම්භ වන කතුරු ඔන්චිල්ලාවේ ඉදිකිරීම සඳහා පුද්ගලයන් පස් දෙනෙකුගේ ශ්‍රමය කැප කිරීමට සිදු වේ. එතැන් සිට නො කඩවා දින හයක් ඇතුළත දී කතුරු ඔන්චිල්ලාවෙහි ක්‍රීඩා කිරීම සිදු කළ හැකි ය. කතුරු ඔන්චල්ලාව සකස් කිරීමට පුවක් පටි සහ හොර ලෑලි යොදා ගන්නවා. හොර ලෑලි කතිරයක් වන සේ තබා පොලු වලින් ඒවා සම්බන්ධ කර ගෙන පුවක්පටි රවුමට සිටින සේ තබා ගැට ගසා ගන්නවා. සවස් කාලයේ යෙදෙන ‘සුබ නැකතකින්’ කතුරු ඔන්චිල්ලාව විවෘත කරනු ලැබේ. එතැන් සිට ‘පිරිමි සහ කුඩා ගැහැණු ළමුන්ට කතුරු ඔන්චිල්ලාව පැදීමේ අවස්ථා ව හිමිවේ. හරහට බදින ලද පොලු පාගන විට ඔන්චිල්ලාව කැරකෙනවා. එක් වතාවකට අට දෙනෙකුට කතුරු ඔන්චිල්ලාවේ ගමන්ගත හැකියි. ඒ අතර දෙදෙනෙක් විසින් ඔන්චිල්ලාව කරකවනවා. පදින විට බුදුගුණ කවි, තුන්සරණ කවි සහ දෙවියන්ට පිං දෙන කවි ගායනා කරන අතර ඒවාට අත්වැල් අල්ලන අයද සිටිති.
 

 
කතුරු ඔන්චිල්ලාව දින සතකින් ගලවනවා. කප් සිට වූ දින 7 - 14 කට පස්සේ අන්තිම දවසේ ගරායක් නැටුම නටා දේව දානයක් දී කෙළිය අවසන් කෙරෙනවා. ගරායකා නැටීමෙන් පසුව ඔන්චිල්ලාවට නැගීම තහන්චි ය. ඊට හේතුව ඉඳගන්නා ලෑලි එල්ලා තිබෙන කාදු ගරා යකා විසින් කපා දැමීම යි. දෙවියන් පිළිබඳව ඇති භක්තිය නිසාම හැම දේම සාර්ථක වනනබවට අප තුළ විශ්වාසයක් තිබෙනවා. ඔන්චිලි පැදීමට මෙන්ම බොහෝ දෙනෙකු අවට රැස්වී සිටින්නේ මෙබඳු ත්‍රාසජනක දේ දැක ගැනීම සඳහායි. පත්තිනි දෙවියන් මුල් කර ගෙන සිදුවෙන මෙම කතුරු ඔන්චිල්ලා පැදීමේ අවසානයේදී වස් දොස් නැසීමක් විදිහට කෝලම් රංගනයක්ද ඉදිරිපත් කරනවා. ඔන්චිල්ලාව පැදීම නිමාවන අවසන් දිනයෙහි ‘වස් දොස්’ ඉවත යන ආකාරයෙන් ගාරා යක් නැටුමක් සහ කිරි අම්මාවරු සත් දෙනෙකුට ‘දානය’ පිරිනමනු ලැබේ. පත්තිනි දේව මෑණියන්ගේ ආරක්ෂාව හා සෙත් ශාන්තිය ලබා ගැනීම මෙහි ඇති සංස්කෘතිකමය අභිචාර විධික්‍රමය වේ. 
 

අතීතයේ සිංහල අවුරුදු සමයේ මෙබඳු ක්‍රීඩාවන් පැවැත්වීම සුලභ අංගයන් වී තිබුණ ද වර්තමානයේ මෙබඳු දේ දැක ගැනීමට ලැබීම ඉතාම දුලබ සිදුවීමකි. එසේම ඉතා නාගරික වූ කොහුවල වැනි ප්‍රදේශයක මෙබඳු සාම්ප්‍රදායික ක්‍රීඩාවක් ශේෂව පැවතීම සුවිශේෂී කාරණයකි. ජනශ්‍රති විද්‍යාව, ජන බස, ජන ඇදහිලි මෙන්ම ජන ක්‍රීඩා ආදිය පර්යේෂණ කරන්නන්ට කතුරු ඔන්චිල්ලාව හා ඒ හා බැඳි චාරිත්‍ර විදි අධ්‍යයනය වැදගත්. පත්තිනි දේවිය උදෙසා පවත්වනු ලබන විවිධ අභිචාර විධි අතර දේශීය ශාන්තිකර්ම අවස්ථාවක් ලෙස සැලකේ. සත් පත්තිනි ඇදහිල්ල, සුරබා වල්ලිය, කෝල් මුර, දෙවොල් දෙවියන්ගේ පුද පූජා, ශාන්ති කර්ම හා කිරි අම්මාවරුන්ගේ දානය හෝ ගරායක් නැටුම ආදී අවස්ථා මඟින් වස්දොස් හැරීම ඒ අතර ඉස්මතු වී තිබේ.

  • දේශීය ජන ක්‍රීඩාවකි.
  • පහතරට ජන ශ්‍රැති පදනම් කරගත් ශාන්තිකර්මයකි.
  • ජන ගී සම්ප්‍රදායක් ගොඩනැගුණු සංස්කෘතිගාංගයකි.
  • කොහුලණූ, පුවක් ගස්, පදම් කල පුවක් පටි සහ කිතුල් ලෑලි ආශ්‍රිත ව තැනූ දැවැන්ත පුරෝගාමී ඉදිකිරීමකි.
  • එකවර බාලදක්ෂයින් අට දෙනෙකු වෘත්තාකාර ගමන්මාර්ගයක කැරකැවීම මඟින් විනෝදය මෙන් ම ත්‍රාසයමුසු අද්දැකීමක් ලබාගැනීමේ අවස්ථාව උදා වේ.
  • ලෝකයේ දක්නට ලැබෙන අවදානම් සහිත ‘කතුරු ඔන්චිල්ලා’ ඉක්ම වූ ‘දියුණු දේශීය ශිල්පීය ක්‍රම’ ඇසුරින් නිර්මාණය වන ස්වදේශීය පුරෝගාමී ව්‍යාපෘතියකි. එය බාලදක්ෂ කටයුතු අනුව සැළකීමේ දී දැවැන්ත ඉන්ජිනේරුමය ඉදිකිරීමකි. (Scouting Engineer Mega Pioneering)

සහභාගීත්වය
■    ජම්බෝරි භූමියෙහි අත්විඳිය හැකි උපරිම විනෝදයක් නොමිලයේ ම ලබා දෙන ක්‍රියාකාරකමක් වශයෙන් කතුරු ඔන්චිල්ලාව හඳුන්වා දිය හැකිය.
■    මෙම දැවැන්ත ජම්බෝරිය සඳහා ලෝකයේ නන් දෙසින් පැමිණෙන බාලදක්ෂයින් ඇතුළු කතුරු ඔන්චිල්ලාවේ අත්දැකීම් නොලැබූ දේශීය බාලදක්ෂයින්ට
■    විවිධ රට රටවලින් පැමිණෙන ජනශුති පර්යේෂකයින්ට, තාක්ෂණය හා නිර්මාණ සංකල්පය ප්‍රායෝගික ව අධ්‍යනයට ලැබෙන කඳිම අත්දැකීමක්වනු ඇත.
■    ජම්බෝරි භූමිය නැරඹීම සඳහා දෙමාපියන් ඇතුලු සාමාන්‍ය මහජනතාව අති විශාල සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආරාධිත පාසල් වල දරු දැරියන් දෙමාපියන්, විදූහල්පතිවරුන්, ගුරු දෙගුරුන් හා වෙළඳ ආයතන සෙසු නරඹන්නන් සහ ත්‍රිවිධ හමුදාවේ හා ආරක්ෂක නිළධාරීන් ඇතුළු බාහිර පිරිස් ඇතුලු කඳවුරු භූමියෙහි රැදී සිටින උපරිම වශයෙන් 10,000 ක ධාරිතාවයක් සදහා පහසුකම් අවස්තතාව ලබා ගතහැකිවනු ඇත.
■    පෝතකයින්, බාලදක්ෂිකාවන් හා කඳවුරු ගිනිමැලය පවත්වන දිනයේ දී මෙම ප්‍රමාණය ඉකමවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

see the example hear-

01. https://www.facebook.com/photo.php?fbid=635704559881136&set=a.635704436547815.1073741848.100003247947404&type=3

02. https://www.facebook.com/baladaksha.srilanka/media_set?set=a.967906746660914.1073741998.100003247947404&type=3

hope lots of asians had this kind of parishioner traditions...
so this is the time we have to show our scouting power to world...
 

වෙනත් ඔන්චිල්ලා

ලෝකයේ කතුරු ඔන්චිල්ලාවට සමාන තවත් නිර්මාණ කීපයක්ම දක්නට ලැබේ.
 

ලංකාවේ භාවිත නොවන තවත් ඔන්චිලි වර්ග කීපයක්ම ලෝකයේ දක්නට ලැබේ.



සටහන - scouting Magazine
ඡායාරූප - Aruna Weerasinghe