මිරිගම බාලදක්ෂ පුහුණු කදවුරට කෝච්චියෙන් ගිය ගමන
මීරිගම දුම්රිය ස්ථානය අද දක්නට ලැබෙන අාකාරය |
කොළඹ කොටුවෙන් පිටත් වෙන අපේ දුම්රිය මග මරදාන දක්වා දිවෙන්නේ ඩී.ආර්.
විජේවර්ධන මාවතට සමාන්තරවය. කොටුව දුම්රිය ස්ථානයේ සිට මීටර 200ක් යන තැන
වම් අත දෙසට ශාඛා මාර්ගයක් දැකීමට ලැබේ. එම ශාඛා මාර්ගය බලවේග දුම්රිය
(Power Set) ධාවනාගරය හා දුම්රිය ගබඩාවකට දිවෙන අතර මරදාන දුම්රිය ස්ථානය
අසලදී නැවත ප්‍රධාන මාර්ගයට සම්බන්ධවේ. මෙම මාර්ග දෙකට මැදිව පවතින හින්දු
කෝවිලක් ඔබට දැකගත හැක. දුම්රිය මාර්ග දෙකකට මැදිව ඇති නිසා කෝවිලට යෑමට
ඩී.ආර්. විජේවර්ධන මාවත දෙසින් දුම්රිය මාර්ගයට ඉහලින් පාලමක් තිබේ. මෙම
පාලම කැප්ටන්ස් බ්‍රිජ් (Captains Bridge) ලෙස හැඳින්වේ. මෙම පාලම පසු
කරනවාත් සමගම වම් අත දෙසින් මා ඉහත සඳහන් කල බලවේග දුම්රිය ධාවනාගරයේ
කොටසක් ඔබට දැකගත හැක. මෙම ස්ථානය ධාවනාගාරයක් ලෙස භාවිත කිරීම පටන් ගන්නා
ලද්දේ වර්ශ 2000 දී එස්.9 පන්තියේ බලවේග කට්ටල ආනයනය කිරීමෙන් පසුවය. දැනට
මෙහි චීනයෙන් ආනයනය කරන ලද එස්. 9 සහ එස්. 10 පන්තියේ දුම්රිය නවතා තබයි.
ශාඛා මාර්ගය නැවත ප්‍රධාන මාර්ගයට එකතු වන්නේ මෙම ස්ථානයේදීය. ඊලඟට
හමුවන්නෙ දුම්රිය මාර්ගයට ඉහලින් මහා මාර්ගය දිවෙන මරදාන පාලමයි. කොටුව සිට
මරදාන දෙසට එන විට එක් වරම භූමිය උස් වීමක් ඇත. දුම්රියකට මෙවැනි නැග්මක
ගමන් කිරීමට නොහැකි නිසා භූමියේ කැපුමක් මත දුමරිය මග ඉදිව තිබේ. පාලම
අවසානයේ හමුවන මරදාන දුම්රිය පලෙහිද මේ නිසා විශේෂ වෙනසක් ඇතිව තිබේ.
දුම්රිය ස්ථානයේ කාර්යාල පිහිටා ඇත්තේ දුමරිය වේදිකාවට ඉහලිනි. ඒ නිසා
දුම්රිය ටිකට් පතක් ලබාගන්න ඔබට දුම්රිය වේදිකාවට ඇතුලුවීමට පඩිපෙලක්
බැසීමට සිදුවේ. මරදාන දුම්රිය ස්ථානයේ ඉතිහාසය ගැන සලකා බැලීමේදී 1887 දී
පමණ එය දුම්රිය නැවතුමක් (Train Halt) ලෙස පැවති බවද, 1893 දී දුම්රිය
ස්ථානයක් ලෙස සංවර්ධනය කර විවෘත වී තිබෙන බව පෙනේ. මරදාන ද කොටුව මෙන්ම
වැදගත් දුම්රිය ස්ථානයක් වන අතර මුහුදුබඩ මාර්ගයේ සියලුම ගමන් වාර ඇරඹෙන්නේ
මෙතැනෙනි. එනමුත් කොළඹින් ඉහලට ගමන් කරන සීඝ්‍රගාමී දුම්රිය වලින් දෙකක්
හැර අනෙක්වා සියල්ල මෙහි නවත්වන්නේ නැත.
14th Colombo Wesley Scout Troop went to camp at Mirigama Camp 1962 |
රාගම දුම්රිය ස්ථානයේ වැදගත් කම් කිහිපයකි. කොළඹ සිට ඇති ත්‍රිත්ව දුම්රිය මාර්ගය (දෙමටගොඩ – කැළණිය අතර ද්විත්ව මාර්ගයකි ) මෙතැනින් අවසන් වේ. රාගම සිට රඹුක්කන දක්වා ඇත්තේ ද්විත්ව දුම්රිය මගකි. ලංකාවේ ඉදිවූ ප්‍රථම ගුවන් පාලම ඉදිවූයේද රාගම දුම්රිය ස්ථානය අසලින් ඇති දුම්රිය හරස් මග සඳහාය. රාගම දුම්රිය මංසන්ධියක් ද වේ. පුත්තලම දක්වා දිවෙන දුම්රිය මග රාගම දුම්රිය ස්ථානයට මදක් එපිටින් වයඹ දෙසට විහිදේ. රාගම සහ ගම්පහ අතර වල්පොල, බටුවත්ත, බුලුගහගොඩ, ගනේමුල්ල සහ යාගොඩ යන කුඩා දුම්රිය ස්ථාන තිබේ. ගම්පහ දුම්රිය ස්ථානයට ලඟාවීමට පෙර තවත් වාර්තාගත ගුවන් පාලමක් හමුවේ. වැඩ ආරම්භ කර අවුරුදු 9 පමණ වන මෙම පාලමේ වැඩ තවමත් නිමවී නොමැති අතර ලෝකයේ ඉදිකිරීමට වැඩිම කාලයක් ගතවන ගුවන් පාලම මෙය වියහැක. ගම්පහ දුම්රිය ස්ථානය 1864 පලමු දුම්රිය ගමන සිදුකල කාලයේ සිට පවතී. එකල මෙය හෙනරත්ගොඩ නමින් හැඳින්වූ අතර පැරණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල දැනට අවුරුදු කිහිපයකට කලින් හොඳ තත්වයෙන් දක්නට තිබුණි. ඒත් මෑතකදී කල සංචාරයකදී මට දක්නට ලැබුණේ කෞතුක වටිනාකමකින් යුත් එම ගොඩනැගිල්ලේ නාම පුවරුවද ඉවත් කර ගරා වැටෙමින් තිබෙන අයුරුය. ලංකාවෙ පළමු රබර් ගස සිට වූ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය දුම්රිය ස්ථානයට පෙනෙන දුරින් පවතී.
මෙතැන් සිට පල්ලෙවල දක්වා යන අතරතුරේදී කෝච්චියට ගොඩ වෙච්ච සීයා කෙනෙක් අමතක නොවෙන කතාවක් කිව්වා. මේ ඒ කතාව.
අමතක නොවන විල්වත්ත දුම්රිය ඛේදවාචකය
ඉතිහාසයට ඛේදවාචකයක් එකතු
කරමින් මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී 1964
ඔක්තෝම්බර් මස 17 වැනිදා
ලංකාවේ සිදුවූ දෙවන බිහිසුනු දුම්රිය අනතුර සිදුවී අදට වසර පනස් ඒකක්
සැපිරේ. තලෙයිමන්නාරමේ සිට
කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අංක
400 දරණ ඉන්දු සිලෝන් නයිට්මේල් දුම්රිය මෙසේ අනතුරට පත්වූ අතර මෙම බිහිසුනු දුම්රිය
අනතුරෙන් මගින් 40 දෙනෙකු පමණ මරුමුවට පත් වූ අතර සියයක් පමණ දෙනා බරපතල තුවාල
ලබා රෝහල් ගත කරනු ලැබ තිබිනි.
1964දී මිරිගම බාලදක්ෂ පුහුණු කදවුරට පැමිණ සිටි බාලදක්ෂයින් පිරිසක් මගීන්ට උපකාර කළ අාකාරය |
ඔක්තෝම්බර් මස 16
වැනිදා රාති‍්‍ර 09.05 ට තලෙයිමන්නාරමෙන් ගමන් ආරම්භ කළ මෙම දුම්රිය මැදිරි 16 කින් සමන්විත ව තිබී ඇති අතර එහි මගි
මැදිරි මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මැදිරි ගණනාවකින් ද සමන්විත
තිබි ඇත. මෙම දුම්රියේ මැදිරි
සියල්ලක්ම තනා තිබුණේ ලී වලින් ය. දුම්රිය
භෝජනාගාර මැදිරිය සමග නිදන
මැදිරියක්ද මෙයට ඇතුලත්ව තිබිණ. එමෙන්ම
කොළඹට ගෙනඑන මාළු තොගයක්ද එළුවන්
වැනි සතුන් සහිත මැදිරිවලින් ද සමන්විත ව
තිබී ඇත.
පොල්ගහවෙල දී විනාඩි නවයක් නවතා
තිබීමෙන් අනතුරුව ගමන් ආරම්භ කර ඇති අතර
පෙරවරු 6.45
ට පමණ මෙම දුම්රිය පිලි පැනීමෙන් අනතුරට
ලක්ව තිබිණි. මිරිගම තවලම්පිටියේ මුදලිදු ලි දසනායක
බාලදක්ෂ පුහුණු කඳවුරේ පැවති
බාලදක්ෂ කදවුරකට පැමිණෙමින් සිටි
බාලදක්ෂයින් පිරිසක් ද මෙම දුම්රිය පිලිපැනිම දැන ගැනීමට ලැබී එහි
පැමිණ විපට පත්වූවන් බේරා ගැනීමට වෙහෙස දැරෑ බව වාර්තා වුණා. බාලදක්ෂයන්ගේ මෙම කාර්ය පැමිණ සිටි සියල්ලන් ම අගය කළා.
මෙම දුම්රිය අනතුර නිසා
දුම්රිය මාර්ගයේ අඩි පන්සීයයක පමන කොටසකට දැඩි ලෙස අලාභහානි වී ඇති බවද
සදහන්ය. අනතුරට පත් දුම්රියේ රියදුරු ලෙස ඊ.ආර්.ඇලෙක්සැන්ඩර්
නමැති අයෙකුද, සහායක ලෙස එච්.එම්.චන්ද්‍රසේකර නමැති අයෙකුද, නියාමක
ලෙස එස්.ඒ.ඩි.පෙරේරා නමැති අයෙකුද,
සේවය කොට ඇත. මේ කාලයේ විල්වත්ත දුම්රිය ගේට්ටුකරු
ලෙස සේවයේ යෙදි සිට ඇත්තේ එන්දෝරිස් නමැති අයෙකි.
මීරිගම විල්වත්තේ හරස් මාර්ගය අසල තවමත් පදිංචිව සිටින යූ.ඒ. වයලට් සෝමලතා 64 මහත්මිය මෙසේ පැවසුවාය.
සෙනග එකතු වුණා. මිනි එකතු කළා. තුවාලකරුවෝ රෝහලට ගෙන ගියා. මිනි වහන්න රෙදි පොල් අතු ආදිය මමත් හොයලා ගෙනවිත් දුුන්නා. අවුරුදු 12 ක විතර ළමයෙක් පෙට්ටියක හිරවෙලා ඉන්නවා මම දැක්කා. සෙනගට කෑගහලා කියලා ඒ ළමයා බේරා ගන්න පුළුවන් වුණා. පෙරළුණු කෝච්චියේ සිට තුවාල ලැබූ අය නැගිටලා යන ගමන් මැරී වැටෙනවා මම දැක්කා. එදා පල්ලි යන දවසක් වුණත් මම පල්ලි ගියේ නැහැ. දවල් වෙනකොට පල්ලියේ සිස්ටර්ලාත් ඇවිත් ලෙඞ්ඩු අදින්න උදව් වෙනවා මම දැක්කා. මගේ පෙට්ටියේ තිබූ ආප්ප කාක්කෝ ගස්වල ඉ`දගෙන කනවාත් මම දැක්කා.
එදා පෙරළුනේ තලෙයිමන්නාරමේ ඉදලා එන ”මාළු කෝච්චිය”යි. තවත් පෙට්ටි දෙකක් පාර හරහට නතරවෙලා තිබුණා. ඒකේ රියැදුරාගේ බිරියයි දරුවයි බේරිලා හිටියා. පොඩි දරුවන් තුන් දෙනෙක් දෙමළ මුදලාලිලා මරණයට පත්ව හිටියා. පනහක් විතර මියගිය බව දැන ගන්න ලැබුණා. ගැබිනි මවකුත් මැරිලා හිටියා. පෙට්ටි ඉවත් කරන්න ගෙනා දොඹකරයකුත් අනෙක් පැත්තට පෙරළී ගියා. එහි කි්රයාකරු රෝහල් ගත කරන්න සිදුවුණා. මේ සිද්ධිය කාලයක් යනතුරාම මනසේ රැව් පිළිරැව් දුන්නා. ටික දවසකට පස්සේ මම විභාගය ගත්තා. මාදුටු අමතක නොවන සිදුවීමක් යන මාතෘකාවත් තිබුණා. මම මේ සිදුවීම ගැන දීර්ඝ ව රචනාවක් ලිව්වා. මම අදටත් එදා වගේම දුම්රිය පාර අද්දරට වී ජීවිතය ගත කරනවා. හැමදාම උදේට මට මේ සිද්ධිය සිහිපත් වෙනවා.
මේ දුම්රිය අනතුර බැලීමට ආ මීරිගම බෝතලේ පී.ජයවර්ධන (61) මහතා අදහස් දක්වමින් මෙසේ පැවසී ය.
මෙම අනතුර සිදුවෙද්දී මගේ වයස අවුරුදු 10 ක් විතර ඇති. මගේ තාත්තා වැඩ කළේ ඩඞ්ලි සේනානායක මහත්තයගේ රියැදුරා ලෙසයි. අපි එදා සිටියේ බෝතලේ වලව්වේ. මේ සිද්ධිය වුණ දවසෙ තාත්තට පණිවුඩයක් ඇවිත් තිබුණ විල්වත්තෙ කෝච්චියක් අනතුරකට පත් වෙලා කියල.ඒක දැනගත්ත ගමන් මම තාත්තත් එක්ක අඹේපුස්සේ ඉඳල රේල්පාර දිගේ ඇවිදගෙන විල්වත්ත පැත්තට ගියා. ඒ යනකොට පොඩි අහස් යාත්‍රා එහෙම බොහොම පාතින් ගුවනේ කැරකෙනවා අපි දැක්කා. මේවායේ සද්දේ ඇහෙන කොටත් ටිකක් බයකුත් හිතුණා. අඹේපුස්සේ ගල්ගේ පහුවෙන කොට තමයි මේ සිද්ධිය දැක්කෙ ඒ දවස්වල මේ විල්වත්තෙ දුම්රියපොළ තිබුණේ නැහැ.
විල්වත්ත රේල් ගේට්ටුවට මෙහායින් කොට පෙට්ටි එක උඩ එක නැගල පෙරළිලා තිබුණා. මේ කෝච්චි පෙට්ටි ලෑලි ආවරණ පෙට්ටි. මේ සිද්ධිය වුණ වෙලාවෙම බාලදක්ෂයින් විශාල පිරිසක් රේල්පාර දිගේ යනව දැක්කා. එන්ජිම එක්ක පෙටිටි කිහිපයක් ඉතිරිවෙලා අනෙක් ඒවා ඔක්කොම පෙරැුළිලා තිබුණා. හතළිහක් විතර මිය ගොස් තිබුණා. තුවාල ලැබූ පිරිස සියයකටත් වැඩි බව කියනවා මට ඇහුණා.
ඒ කාලේ හැටියට මේක විශාල අනතුරක්. විශාල සෙනගක් එකතු වෙලා හිටිය මේක බලන්න. අවුරුදු 50 කට එපිට සිදුවුණ ඒ ඛේදවාචකය ජීවිතේ කිසිම දවසක මට අමතක වෙන්නෙ නැහැ.
මෙම අනතුරෙන් පසු වීඩියෝ ගත කර තිබුණා. මේ ලින්කුවෙන් ඒය නැරඹිය හැකියි.
පල්ලෙවල දක්වා දුම්රිය මගෙහි එතරම් විශේෂ දෙයක් නොමැත. ගම්පහ සිට පල්ලේවෙල දක්වා කොටසෙහි දාරලුව, බෙම්මුල්ල, මගලෙගොඩ, හීන්දෙනිය-පට්ටිගොඩ, වේයන්ගොඩ, වදුරව සහ කීනවල යන දුම්රිය ස්ථාන තිබේ. පල්ලෙවෙල ඇති විශේෂත්වය වන්නේ මරදාන දුම්රිය පාලක මැදිරියෙන් සිදුවන වර්ණ සංඥා මගින් දුම්රිය පාලනය කිරීම මෙතැනින් අවසන් වීමයි. මෙතැන් සිට රඹුක්කන දක්වා ද වර්ණ සංඥා පාලනයක් ඇති අතර එහි මෙහෙයුම් කටයුතු ප්‍රාදේශීය ව සිදුවේ. පල්ලෙවෙලින් පසුව ගනේගොඩ, විජය රජදහන, මීරිගම, විල්වත්ත පසුකර යනු ලැබේ. ගමන් ගන්නා දුම්රියේ නැවැත්වීම අනුව මීරිගමින් හෝ විල්වත්ත්තෙන් බැස මීරිගම බාලදක්ෂ කදවුට පැමිණිය හැකියි.
රාත්‍රි තැපැල් දුම්රියේ හඩ සෑම දිනකම රාත්තිරියේ මීරිගම බාලදක්ෂ කදවුරට අැසේ. කදවුරට ඒළිවන්නේද පාන්දර කාර්යාලයීය දුම්රියේ හඩිනි. අනතුරුව තොරතෝංචියක් නොමැතිව අැසෙන කෑදැත්තන්ගේ හා පක්ෂීන්ගේ ඝෝෂාව හැරෙන්නට මීරිගම බාලදක්ෂ කදවුර අදටත් නිස්කලංක පරිසරයක අැති මනරම් කදවුරු භූමියකි.
විශේෂ ස්තූතිය - කොටදෙණියාවේ කුමාරට හා තූර්යගේ සටහනට
ඉතිහාසයට
ඛේදවාචකයක් එකතු කරමින් මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී 1964
ඔක්තෝම්බර් මස 17 වැනිදා ලංකාවේ සිදුවූ දෙවන බිහිසුනු දුම්රිය අනතුර සිදුවී
අදට වසර පනහක් සපිරෙයි.
මෙසේ අනතුරට පත්වූයේ තලෙයිමන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අංක 400 දරණ ඉන්දු සිලෝන් නයිට්මේල් දුම්රියයි. මෙම බිහිසුනු දුම්රිය අනතුරෙන් මගින් 40 දෙනෙකු පමණ මරුමුවට පත් වූ අතර සියයක් පමණ දෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ තිබිනි.
- See more at: http://offair.nethfm.com/article/6406#sthash.LqfideCp.dpuf

ස්තූතියි! අපේ නමත් සඳහන් කර තොරතුරු යාවත්කාලීන කලාට -
ReplyDeletehttps://www.yamu.lk/blog/6-sad-train-accidents-srilanka#comments