Translate

Friday, March 8, 2013


නූතන කදවුරු කරණයේ ‘අ’ කියවමු. 

International Mother Language Day (Thursday, February 21, 2013)




‘මව්බස’ අපේ කොදුනාරටිය වේ. එය, බස්නාහිර පළාත් නායක හමුවේ දී ප‍්‍රධාන කොමසාරිස්තුමන් විසින් පැවසූ කරුණකි. රටක භාෂාව එම රටේ සංස්කෘතියත්, අනාගත පැවැත්මත් තහවුරු කරයි. ඒ වෙනුවෙන් හැකි උපරිම ආකාරයේ ව්‍යාකරණානුකූල නිවැරදි පද බෙදීම් සහිත ව භාෂාව භාවිතා කිරීම කෙරෙහි අප කර්තෘ මණ්ඩලයේ අවධානය යොමු ව තිබේ. බාලදක්ෂ පාරිභාෂික පද මාලාවක් ද ඒ වෙනුවෙන් සැකසෙමින් තිබේ. මෙතැන් පටන් එය වඩාත් නිවැරදි ව අත්දැකීමට පාඨක ඔබට හැකිවනු ඇත.

අප වාසය කරන සමාජයෙහි තොරතුරු සැගවිය නො හැක. තොරතුරු මානවයාගේ නැණ නුවණ පාද යි. සමාජය තුළ හුවමාරු වන තොරතුරු මිනිසා යාවත්කාලීන කරනු ලබ යි. බාලදක්ෂ ව්‍යාපාරයෙහි අලූත්වන දැනුම සෘජු ව ම බාලදක්ෂයින් වෙත ගෙන යා හැකි ප‍්‍රවේශයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ ය. කවරදාටත් වඩා වර්තමානයේ සිටින බාලදක්ෂයෝ දැනුම කෙරෙහි ආකර්ශනය වෙමින් අපගේ සගරාව කෙරෙහි දැඩි විස්වාසයකින් යුක්ත ව අගය කරනු ලබති. අප වෙත දිනෙන් දින ලැබෙන ස්තූති පූර්වක ලිපි ඒ සදහා කදිම සාක්ෂි වෙති. ඒ අප විසින් දක්වන අසීමිත කැපකිරීම් වෙනුවෙන් ලැබෙන අව්‍යාජ ප‍්‍රතිචාරයෝ ය. ශී‍්‍ර ලාංකේය ළමා පරපුරෙහි අනාගතය වෙනුවෙන් ඉදිරියේදී ද මෙම සගරාව ත්‍රෛමාසික ව ඔබ අතට පත්වනු ඇත.

මහජන සදාචාරය ආරක්ෂා වන අයුරින් ජනමාධ්‍ය හැසිරවීමට වෘත්තීය මාධ්‍යකරුවෝ් දනිති. ආචාරශීලී වෘත්තීය මාධ්‍යකරුවන් පනහකට වැඩි පිරිසක් Scouting Magazine හි සේවය කිරීම අපට ශක්තියකි. ඔවුහු දැන උගත්, උසස් අධ්‍යාපනයක් ලැබූ බාලදක්ෂ, බාලදක්ෂිකාවෝ ය. ගවේශනාත්මක වාර්තාකරණයක නියැලෙමින් Scouts Media Network (SMN) ආයතනයේ අපි ගුණාත්මක බාලදක්ෂයෙකු නිර්මාණය කිරීමේ සමාජයීය වගකීම කෙරෙහි ඇප කැප වී කටයුතු කරන්නෙමු.

සුබ දඩයම්!
ප‍්‍රධාන කර්තෘ
Organizing by Scout Media network, Sri Lanka.|Official Scout Media Partner|SCOUTING MAGAZINE


බාලදක්ෂ පාරිභාෂික වචන මාලාවක් ඒළිදැක්වීම



ඔබේ අදහස් හා යෝජනා අපට ලියන්න. කර්තෘ scoutingmagazine@gmail.com



 

No comments:

Post a Comment