Translate

Tuesday, March 19, 2013

පූර්විකාව


SCOUTING MAGAZINE®- SRI LANKA 2012 | VOLUME 01 | ISSUE 01 | ISSN 2279-1310

කතුවැකිය

අදින් සිව්මසකට පෙර මා සිත්හි ඇඳුනු අපූරු සිතුවිල්ල ඇත්තක් බවට පරිවර්තනය වී තිබේ.

    ශී‍්‍ර ලංකාවට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දී වසර සියයක් ගත වී ඇත. බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 95කි. ශී‍්‍ර ලංකාවේ බාලදක්ෂයින් සහ බාලදක්ෂිකාවන් ලක්ෂ හතරක් දෙනා වෙනුවෙන් ම මුද්‍රණය වන මාසික ‘සඟරාවක්’ මෙතෙක් බිහි වී නො මැත. සියවස සමරණ බාල දක්ෂයින් වෙනුවෙන් මෙම සඟරාව ලාංකේය බාල දක්ෂ මුද්‍රණ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනු නො අනුමාන ය. බාලදක්ෂ ව්‍යාපාරයෙහි අලූත්වන දැනුම සෘජුව ම  බාලදක්ෂයින් වෙත ගෙනයාහැකි මාධ්‍ය දායකත්වයක් මේ දක්වාත් බිහි නො වීම ය. ඒ වෙනුවෙන් නිරන්තරව ම අප දිරිමත් කළ වත්මන් ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස් සී. බටුවන්ගල මහතාගෙන් ලැබෙන සහයෝගය ‘ශී‍්‍ර ලංකා ස්කවුටින් මැගසීනයේ’ ඉදිරි ගමනට මහත් රුකුලක් වී ඇත. නව ශිල්පීය දැනුම හා ප‍්‍රවෘත්ති ලබා දෙමින් බාලදක්ෂයාගේ ලොග් පොතට අත්‍යාවශ්‍ය බොහෝ දෑ නිර්මාණශීලී ආකාරයෙන් සෑම බාලදක්ෂයකු අතට ම ලබාදීම අපගේ අරමුණ වේ. ගැටුම් අවම රටක යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට බාලදක්ෂයින් පෙරගමන් කරුවන් කරන ‘ශී‍්‍ර ලංකා ස්කවුටින් මැගසිනය’ පරිගණකයට හිරවුනු ළමා මනස ඉන් මුදවනු නො අනුමාන ය.
    බාලදක්ෂයින් හා නායකයින් මෙතෙක් සිදුකල මෙහෙවර අර්ථවත් කරන ‘බාලදක්ෂ පොරොන්දුවට හා නීතියට’ ගරුකරන බාලදක්ෂ ජීවයෙන් පිරිපුන් සහෝදරත්වයක් ළමා සිත්හි පෝෂණය කරන්නට ‘ශී‍්‍ර ලංකා ස්කවුටින් මැගසීනය’ ට හැකිවනු ඇත. සමස්ත ශී‍්‍ර ලාංකේය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමසකට වරක් මුද්‍රණය කරනු ලබන මෙම සඟරාව දෙමසකට වරක් කළ එළි දකිනු ලැබේ.ඔබේ නිර්මාණාත්මක දායකත්වය වෙනුවෙන් ඉඩක් වෙන් කිරීම ද අපගේ උත්සාහය යි. ඒ ස`දහා බාලදක්ෂ සහෝදරත්වයට අපි ආරාධනා කර සිටින්නෙමු.
    බාලදක්ෂ සියවසේ චින්තන විප්ලවය ශී‍්‍ර ලංකාවෙන් ඇරඹෙනුයේ ලෝකයේ සුවිශාලත ම ළමා ව්‍යාපාරය වන ලෝක බාලදක්ෂ ව්‍යාපාරය නාමයෙනි. මේ ඒ වෙනුවෙන් තැබෙන සටහනකි.

සුබ දඩයම්

ප්‍රධාන කර්තෘ,
‘ස්කවුටින් මැගසිනය’
අංක: 26 කැන්දහේන වත්ත පාර, දෙපානම, පන්නිපිටිය. 10230

© All rights reserved.
Please note that all images displayed here are Copyrighted material and cannot be used anywhere without the authors express written permission.

No comments:

Post a Comment