Translate

Tuesday, December 16, 2014

නාවික සංඥා කොඩි 26


අප බාවිතා කරන මාර්ග සංඥ වගේ ම මුහුදු ගමනටත් විශෙෂ සංඥා ඇත. ඒ ජාත්‍යයන්තරව පිලිගත් නාවික ගමන් වලට පොදුවෙ (ජාත්‍යයන්තරව) යොදා ගන්න කොඩි සංඥා (Navy Flag) විදිහට. මේවගෙ ප්‍රධානතම කොඩි 26 ක් ඉංගී‍්‍රසි හෝඩියට අනුව නම්කර ඇත්තේ නාවික කොඩි හෝඩිය කියල. ඒ ඒ කොඩිවලින් දෙන අදහස් විවිධ වෙනවා.

Navy Flag Alphabet

මේ නැවක කොඩි අකුරු පිළිවෙලට - අරන් තියන තැනක් අවශ්‍යය වූවිට අවශ්‍යය කොඩිය ගෙන නැවේ කුබගහේ රදවයි.
A-Alfa
ඇල්ෆා - මෙම මොහොතේ මෙම නව්කාවේ කපිතාන් බැහැරව ඇති නමුත් අඩු වේගයක් පවත්වාගෙන ඉදිරියට යමි .

B - Bravo
බ්‍රාවො - මෙම නව්කාවේ මේ අවස්ථාවේ අණතුරු දායක දෑ ප්‍රවාහණය කරමින් - බාමින් - පටවමින් හෝ හමුදාමය පුපුරණ ද්‍රව්‍යය ප්‍රවහනයේ යෙදෙමින් සිටී .

C - Charlie
චා(ර්)ලි - මෙය අවස්ථාණු කූලව යෙදෙන්නකි . උදා - නැවක තොරතුරු සංනිවේදන පද්දතියේ දෝශයක් ඇතිවිට යම් හේතුවකට නැව්ට අවශ්‍යය නම් (ඔව්)  කියා හෝ (සහතික ලෙස කියන) අදාළ කාරනේ සත්‍යය බාවය කියන්න බාවිතාකරන කොඩිය මෙයයි තව තේරුම් නම් අස්ත්‍යර්ථ - තරයේ කියන - සත්තක - සහතික ලෙස කියන
D - Delta
ඩෙල්ටා - මෙම කොඩියෙන් කියවෙන්නේ මේ අවස්ථාවේ මෙම නැවෙන් දුරස්ව ඉන්න මෙය අකරතැබ්බියකට - දුෂ්කරතාව මුහුණපා ඇත . අනතුරක් ඇගවීමේ කොඩියකි .
E - Echo
එකෝ - මෙයත් අවස්ථා කිපයකදිම යොදාගනී . උදා - මේ මොහොතේ ගමන් මග මදක් වෙනස් කරමින් .      (වරාය ආශ්‍රිතව)
F - Foxtrot
ෆෝක්ස්-රොට් - මෙම නව්කාව අබලන්ව ඇත . හෝ  මෙම නව්කාව අබලන් බැවින් මෙය සමග සංනිවේදනය කරන්න - සබධතාවය දිගටම තියාගන්න .
G - Golf
ගෝල්ෆ් - නැවක මෙම කොඩිය දා ඇත්නම් නැවේ ඒ මොහොතේ කපිතාන් නැත . නැවෙන් බැහැරව ඇත යන්නයි .

H - Hotel
හොටෙල් - මේ මොහොතේ මේ නැවතුල කපිතාන් ඇත . නැවට කපිතාන් ආවා - වාර්ථාකලා .

I - India

ඉන්ඩිආ - මේ මොහොතේ ගමන් මග මදක් වෙනස් කරමින් . (නැවත) වරාය දෙසට පදවනවා
J - Juliet
මෙම අවස්ථාවේ මෙහි අනතුරු දායක ගින්නක් - කාන්දු වීමක් . මෙයින් ඉවත්වී සිටින්න - යන්න .
K - Kilo
කිලො - මෙය තවත් නව්කාවකට දෙන පනිවුඩයකී එනම් . (මා කැමතී ඔබත් සමග පණිවුඩ හුවමාරුවේ යෙදෙන්න) යන අරුතයි . මෙය බොහෝ දුරට මුහුදු මංකොල්ල කාරය්න්ගේ ග්‍රහණයට හසුවූ නැවක් සමග පණිවුඩ හුවමාරු කිරීමට කැමැත්තෙමි යන්න හමුදාව විසින් යොදාගනී.
L - Lima
ලීමා - මෙය තව යාත්‍රාවකට තමාවිසින් දෙන පනිවුඩයකි  එනම් ඔය නව්කාව වහාම නවත්වන්න . යන විධානයයි . බොහෝ දුරට බාවිතාකරන්නේ හමුදාව පමණි .
M - Mike
මෙම නැව ක්‍රියා විරහිතයි . 
N - November
නොවැම්බ(ර්) - නැත යන අර්ථය දේ (C - Charlie) හීම විරුද්ධ පදය .
O - Oscar
ඔස්කා(ර්) - මනුස්සයෙකු හෝ කිහිප දෙනෙකු නැවෙන් වැටී ඇත - ඒ නිසා නවත් වා ඇත . යන අර්ථය දේ
P - Papa 
පපා - මෙය තව එකකින් තව එකකට හෝ කීපයකට දෙන පණිවුඩයකි ඒ මුහුදේ ඇති බාධාවක්  වැන්නක් ගැනයි .
Q - Quebec
මේ යාත්‍රාව සාමාන්න්‍යයි (හොදින්) . වරායකනම් ඇතුල් වීමේ බලපත්‍රය හා රදවා තබා ගැනීමේ බලපත්‍රය සහිතව නවත්වාගෙන සිටී .
R - Romio
රොමි(ඔ) - ගමන් මග අවසානයි . ගමනාන්තයට පෙමිණීම පැමිණ ඇති බව කියා පෑමට යොදා ගනී .
S - Sierra
සි(ඒ)රා - මෙම නව්කාව පසුපසට පදවනවා . අනතුරට පත්වූ කොඩියක් සමග වෙදුවොත් තල්ලුවී යනවා . යන අරුත දේ .
T - Tango
ටැංගො - මෙම යාත්‍රාව නිදහස්කර යවන්න මුලින් යවන්න . (යාත්‍රා දෙකක් එකට ක්‍රියාකාරකමක යෙදෙන අවස්ථාවන් හී යොදන්නකි)
U - Uniform
යුනිෆෝ(ර්)ම් - මෙය තව යාත්‍රාවකට දෙන පණිවුඩයකි - ගමන් ගන්නේ අවදානමක - ගමන් කරන්නේ අවදානමක් තුල යන්න අනතුරු ඇගවීමකි .
V - Victor
වික්ට(ර්) -  උදව් - පිහිටක් - සහනයක් - උපකාරයක් අවශ්‍යයි උවමනායී 
W - Whiskey
විස්කි -  මේ කොඩිය දා ඇත්නම් එම නැවට දොස්තර කෙනෙකු හෝ බෙහෙත් අවශ්‍යයි .
X - Xray
එක්ස්-රේ - තව යාත්‍රාවකට දෙන විදානයකි එනම් පදවාගෙන යාම නවත්වන්න මාගේ අණ හෝ විධාණය ලැබෙනතුරු ඉන්න . යන අරුතයි .
Y - Yankee
යැන්කී - මෙම කොඩිය බාවිතා කරන යාත්‍රාවක් වේනම් එය නැන්ගුරම අකුලමින් සිටිමි යන්න දෙන පණිවුඩයයි .
Z - Zulu
ෂූළු - මෙම නැවට නැව් ඇදගෙන යන (ටග්) බෝට්‍ටුවක් උවමනායි . යන අරුත මේ කොඩියෙන් දේ.


විශේෂ ස්තූතිය
තිලංග සජාන්

No comments:

Post a Comment