Ging Gang Goolie

1920 පළමුවැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියෙදී බාලදක්ෂයන්ට ගායනා කිරීම පිණිස බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙඩ්න් පවල් සාමිවරයා විසින් තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. මේ සින්දුව තියෙන විශේෂත්වය තමයි කුමන මව්බසක් පාවිච්චි කරන කෙනෙකුට වුනත් මේ සින්දුව ඉතා පහසුවෙන් ගායනා කල හැකියි. මේ ගීතය නාදමාලාව පදනම වෙලා තියෙන්නේ මොසාර්ට්ගේ පළමුවැනි සන්ද්වනිය ඇසුරින්. ඒ සන්ද්වනිය මොසාර්ට් තමන්ට වයස 8 ක් වෙද්දී තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ගොඩක් කාලයක් ගොඩ දෙනෙක් මේ සින්දුව කිව්වට ඒකෙ තේරුම එලිවුනේ 1991 දී Dorothy Unterschutz නම් කැනේඩියානු බාලදක්ෂිකාව විසින් "The Leader" නම් සගරාවට ලියූ ලිපියක් මගින්. ඒ වගේම තමයි මේ සින්දුව පහුකාලීනව ගොඩක් නවීකරණ වෙලා තියෙනවා. ඒය ලංකාවේ ජනපිය වෙන්නේ 'සෙනෙහෙබර ඩොලී' නාට්‍යයට අැතුලත් කර තිබුණ රොඩ්නි වර්ණකුල රංගන ශිල්පියා විසින් ගායනා කරන සිංහල සින්දුව. ලංකාවේ මෙම ගින් ගැං ගුලි සින්දුව නෙගැයුන පැදුරැ සාජ්ජයක් හෝ විනෝද ගමනක් නැති තරම්.

ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ...
ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච
ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ...
හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:
Ging gang goolie goolie goolie goolie watcha,
Ging gang goo, ging gang goo.
Ging gang goolie goolie goolie goolie watcha,
Ging gang goo, ging gang goo.
Hayla, oh hayla shayla, oh hayla shayla, shayla, oh-ho,
Hayla, oh hayla shayla, oh hayla shayla, shayla, oh.
Shally wally, shally wally, shally wally, shally wally
Oompah, oompah, oompah, oompah
ඉන්කයි ඩලිමුනි ඩිලිමුනි නාසේ ඉන්කයි කෝ.. ඉන්කයි කෝ.. //
හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:
ඕ..වන් ජන්ටිකි ජින්ටිකි චුසා ජුම්පන් ගෝ ජම්බන් ගෝ
හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:
රුම්දා චිනඩි චුනඩි ගෙම්බා ලන්ෂම් දෝ ලන්ෂම් දෝ //
හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕ... //
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔම්ප: ඔම්ප:
ෂලවල ෂලවල ෂලවල ෂලවල ඔම්ප: ඔම්ප: ඔ:

ඉතින් මේ අලි අවතාරය "වච්චා" කියන ගම හරහා අවුරුදු 3 ක්ම ගමන් කරලා තියෙනවා.ඉතින් මේ දිගින් දිගටම එළබෙන දුර්භික්ෂ කාලය නිසා ගමේ කස්ටිය එක්කහු වෙලා ගමේ නායකයා වුනු "ගින් - ගැන්" සමග අලි අවතාරය ගමට ඇතුලුවෙන තැන හරස්කරලා ඉදගෙන අලි අවතාරය බයකරලා එලවන්න ප්ලෑන් කරලා තියෙනවා.ඒ අතරේම මේ කස්ටියගේ සපෝට් එකට ගමේ යකදුරා වුනු "ශේය්ලා" විසින් ඔහුගේ ගෝල බාලයන් එක්ක ඔවුන්ගේ මැජික් ආම්පන්න වලින් "ශල - වල"කියන ශබ්දේ නංවලා මේ අලි අවතාරේ බයකරලා තියෙනවා.ඉතින් කොහොමහරි කස්ටියගේ ප්ලෑන වැඩකරලා අලි අවතාරේ "ඕම්ප්‍රාහ..." කියන ශබ්දේ නංවමින් ගම වැටේ ගමන් කරලා තියෙනවා.ඉතින් ගමේ ජනතාව තමන්ගේ ප්‍රීතිය පල කරලා තියෙන්නේ මේ ගීතය ගායනා කරලා.
https://www.facebook.com/baladaksha.srilanka
තව විස්තරය
http://en.wikipedia.org/wiki/Ging_Gang_Goolie
විශේෂ ස්තූතිය http://hasarallak.blogspot.com/2013/04/blog-post.html ට
විශේෂ ස්තූතිය http://hasarallak.blogspot.com/2013/04/blog-post.html ට
No comments:
Post a Comment