Translate

Sunday, March 8, 2015

පළමු ගාලු මහින්දයට 100යි

ශත සංවත්සරය සමරන ගාල්ල මහින්ද බාලදක්ෂයෝ...

සෑම දෙයක ම අඳුරු පැත්ත දෙස නොව දීප්තිමත් පැත්ත දෙස බලන්න. පී‍්‍රතිය උදාකර ගැනීමේ නියම මාර්ගය නම් අනුන් පී‍්‍රතිමත් කිරීමයි. ඔබ මියයන විට ඔබ ලැබූ සතුට ට ස්වල්පයක් හෝ වැඩි සතුටක් ඉතිරිකර යාමට සිතාගන්න. කෙසේ වුවද කාලය නාස්ති නොකර හැකි පමණ දුරට ප්‍රයෝජන ගත් බව හැඟීමෙන් ඔබට පී‍්‍රතිය උදාකර ගත හැකිය. මේ අයුරින් හොඳින් ජීවත් වීමටද පී‍්‍රතියෙන් මිය යාමටද සූදානම් ව සිටින්න.”

 - ශී‍්‍රමත් R.S.S. බේඩ්න් පවල් 



1911 දී ‍පොදු වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු ලෙස ලංකාවට පැමිණි මෙතුමාට මාත‍ලේ දිස්ත්‍රික් ඉංජිනේරුවරයා ලෙස කටයුතු කිරීමට සිදු විය. 1907 දී බේඩ්න් පවල් සාමිතුමා විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ගැන පැහැදීමෙන් පසුව මෙතුමා 1912 දී පළමුවන මාත‍ලේ ක්‍රිස්තුදේව බාලදක්ෂ සමූහය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කරන ලදී.

සුදු රාජාලියා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මෙතුමාට එහි සේවය කළ හැකි වූයේ වසර 20 ක් පමණි.
ස්ටීවන්ස් මහතා බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර 1913 දී මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. මින්පසු මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1914 දී පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී.

1939 දී නැවත ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට ක්‍රියාකාරී ලෙස සම්බන්ද ව ශ්‍රී ලංකා සංගමයේ සභාපති බවට පත් විය. “ප්‍රධාන කොමසාරිස්” යන තනතුර ඇති කරන ලදී. වුඩ්වඩ් තුමාගේ දර්ශනය ක්‍රියාත්මක කිරීමේ දී සිය උපරිම දායකත්වය සපයමින් මිහිඳුවේ පුනරුදයට සවියක් වූ එෆ්. ජී. පියර්ස් මැතිතුමා විදුහ‍ලේ ප්‍රථම උප විදුහල්පතිවරයා වීමේ භාග්‍යය ද හිමිකර ගත්තේ ය. 1913 ඔක්තෝබර් 25 දින උප විදුහල්පති වශයෙන් පත්වීම් ලද පැමිණි පියර්ස් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙක් විය. බෞද්ධ දර්ශනය හා සිංහල සංස්කෘතිය පිළිබඳ මනා පැහැදීමකින් හා හසළ දැනීමකින් ද යුත් පියර්ස් පියතුමා විදුහල වෙනුවෙන් විවිධ දායාදයන් කළේ ය.

දකුණු ලක ප්‍රථම බාලදක්ෂ සමූහය මහින්ද විද්‍යාලය තුළ ස්ථාපිත කරමින් එහි ස්ථාවර පැවැත්ම සහ ශක්තිමත් පදනමක් උදෙසා පියවර ගැනීමට පියර්ස් මහතා සමත් විය. බාලදක්ෂ කටයුතු පිළිබඳ විශේෂ පළපුරුද්දක් මෙන්ම හැදියාවක්ද උරුම කරගත් පියර්ස් ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දී වසර 2 ක් ගත වීමට මත්තෙන් 1914 ජුනි මස ප්‍රථම ගාලු බාලදක්ෂ සමූහය අරඹන ලදී. දකුණු පළාත් බාලදක්ෂ සංගමයේ ‍ලේකම්වරයා වශයෙන් ද ගාලු දිසාවේ මෙන්ම දකුණු පළාතේ ප්‍රථම බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස ද සිය කාලය හා ශ්‍රමය කැප කළේ ය.   

නව ව්‍යාපාරයේ උදාර අරමුණ වරක් පියර්ස් විසින් විස්තර කළේ මේ අයුරිනි.

බාලදක්ෂයකු පුහුණු කිරීමේ පරමාර්ථය වන්නේ ලෝකයට වැඩදායී පුද්ගලයකු බිහි කිරීමයි. මෙයින් අදහස් වන්නේ ඔහු දක්ෂ සොල්දාදුවෙකු කිරීම නොවෙයි. සමාජයට වැඩදායී ළමයින් සහ මිනිසුන් බිහි කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නම් බාලදක්ෂයා ඉගෙනගත යුතු දෑ බොහෝය. ඔහු තුවාල වූවන්ට ප්‍රථමාධාර දීමට, පිහිනීමට හා ජීවිතාරක්ෂක කටයුතු කිරීමට, සංඥා පිළිබඳ යනාදී බොහෝ දේ ඉගෙනගත යුතුය. මන්ද අවස්ථාවක් පැමිණි විටදී වෙනත් අයට පිහිට වීමට ඒ සියල්ල අවශ්‍ය වන නිසාය.”

එම අරමුණු සැබෑ වීමට නම් බාලදක්ෂයා විනයගරුක, ගවේෂණශීලී සහ ප්‍රයෝජනවත් පුද්ගලයකු විය යුතු බව ඔහුගේ හැඟීම විය. “ලෝ වැඩ පිණිස සමගි වීමු” යන පාඨය මිහිඳු බාලදක්ෂයන්ට හඳුන්වා දුන් පියර්ස් සිය නිර්මාණශීලීභාවය පෙන්වා දෙමින් 1915 දී සමූහය වෙනුවෙන් බාලදක්ෂ ගීතයක් ද රචනා කරන ලදී.
විද්‍යාලයීය සමූහය වෙනුවෙන් පමණක් නොව දිස්ත්‍රික්කයේ බාලදක්ෂ සමූහයන් ඇරඹීමේ දී හා ඒවායේ කටයුතුවලදී සිය උපරිම දායකත්වය ඒ සඳහා දැක්වීය. 

මෙම වකවානුවෙහි ජාතික ව්‍යාපාරය නැගෙමින් තිබූ අතර පානදුරාවාදයේ තොරතුරු නිව්යෝර්ක් පුවත්පත්වල පළවීමෙන් පසු, ගාල්ලේ වරායෙන් ලංකාවට පැමිණී කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා රුසියානු ජාතික බ්ලැවැට්ස්කි මැතිනිය පරමවිඥානාර්ථ සමිතියේ බෞද්ධ ශාඛාවක් ලංකාවෙහි පිහිටුවූ අතර අනගාරික ධර්මපාලතුමා පරමවිඥානාර්ථ සමිතියේ අතිශය ක්‍රියාකාරී සාමාජිකයෙකු ද විය. පරම විඥානාර්ථවාදීන් වූ ඇනී බෙසන්ට් වැනි අය හින්දු මතයට මුල් තැන දුන් අතර පසුව ඉන්දීය මහාබෝධි සමාගම වෙනුවෙන් ශ්‍රීමත් ඇෂුටොප් මුකර්ජි, ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන් සහ ඇනී බෙසන්ට් මැතිනිය Annie Besant (1847–1933) කටයුතු කලේය. බෙසන්ට් මැතිනිය ඉන්දියාවේ දේශපාලනයට ඒක්ව ඉන්දියානු ජාතික කොන්ග්රසයට ද සම්බන්ධවී  කටයුතු කළාය. මේ අතර ඉන්දියාව පුරා බාලදක්ෂ කටයුකු වෙනුවන් නොගැලපීමක් උද්ගතවෙමින් පැවති අතර ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය දිවයින පුරා ප්‍රචලිත කිරීමේදී පියර්ස් මහතාගෙන් ලැබුණු දායකත්වය පිළිබඳව පැහැදී සිටි ඇනී බෙසන්ට් මැතිනිය ඉන්දියාවේ මදුරාසියේ බාලදක්ෂ කටයුතු අලුතින් අාරම්භ කිරීම සඳහා සුවිශේෂී ආරාධනයක් ද කළේය. 1918 දී ඉන්දියාව බලාගිය පියර්ස් මහතා විසන් ද නව බාලදක්ෂ සමූහයන් ආරම්භ කරමින් සිය වගකීම් නොපිරිහෙළා ඉටු කළේ ය. මේ හේතු නිසාවෙන් එෆ්. ජී. පියර්ස් මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පුරෝගාමී චරිතයක් ලෙස හඳුන්වා දිය හැක.

සියවසකට අධික කාලයක් තිස්සේ මහින්ද විදුහල් මෑණියන්ගෙන් සිප් සතර හදාරා මෙරට පමණක් නොව ලෝකයම දික් විජය කළ ආදි මහින්දියන්ගේ සංඛ්‍යාව දස දහස් ගණනකි. අපේ ටෙස්ට් ක්‍රිකට් නායකයකු වූ මාවන් අතපත්තු, ජයනන්ද වර්ණවීර, අතුල සමරසේකර, උපුල් චන්දන, ලසිත් මාලිංග වැනි දෙස් විදෙස් ප්‍රචලිත ක්‍රීඩකයින් බිහිවූයේ මහින්දයෙනි.
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිව සිටි මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය විනී විතාරණ, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කේ. පී. ආරියරත්න, මහාචාර්ය සිරි ගුණසිංහ, මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, මහාචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය දයා රෝහණ අතුකෝරළ වැනි විද්වතුන් බිහිවූයේ මහින්දයෙනි. 1972 වසරේදී උසස් පෙළ විභාගයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වශයෙන් වාර්තා තැබු ආචාර්ය නිහාල් සෝමරත්න ද සිප් සතර ලැබුවේ මහින්ද විද්‍යාලයෙනි. එම වාර්තාව තබා වසර හතළිහක් පමණ ගතවී ඇති නමුත් මේ වන තෙක් කිසිවකුට එම වාර්තාව බිඳීමට අවස්ථාවක් ලැබී නැත. මහින්දයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණි පිරිස අති විශාලය. පුවත්පත් කලාගුරු ඩී. බී. ධනපාල, එඩ්වින් ආරියදාස, ඉරිදා ලක්බිම කර්තෘ සුන්දර නිහතමානී ද මැල්, ලක්බිම කර්තෘව සිට නැසීගිය කිත්සිරි නිමල්ශාන්ත වැන්නවුන් ද විමුක්ති ජයසුන්දර වැනි අන්තර්ජාතික සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරුන් ද මහින්දයෙන් බිහිවූවෝ වෙති. දැවැන්ත ව්‍යාපාරිකයන් වූ මහින්දයේ සෙවනින් බිහි වූ විමලධර්ම සහෝදරයෝ, ඇල්බට් එදිරිසිංහ, ආතර් සේනානායක වැන්නවුන් අමතක කළ නොහැක.

මෙසේ ආරම්භ කළ පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහයට 2014 වසර වන විට සියවසක් පූර්ණය වේ. ඒ් වෙනුවෙන් පුරා දින හයක් පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී පැවැත් විය. කඳවුරේ සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බාලදක්ෂයන් 1500 ක් පමණ කඳවුරට සහභාගී වූ අතර මෙම සියවස් කඳවුරේ කඳවුරු ප්‍රධානි ලෙස වර්තමාන මහින්ද විද්‍යාලෙය් නියමුවා වන විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා සහ ආදි මහින්දීය සම්මාන දිසා කොමසාරිස් එන්. එස්. ද සිල්වා මහතා කටයුතු කරනු ලැබූහ.



පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහයට සගරාවේ සුබ පැතුම් මෙලෙස එක් කරන්නෙමු.



No comments:

Post a Comment