Translate

Wednesday, May 20, 2015

ශ්‍රී ලංකා ප්‍රධාන බාලදක්ෂතුමා දිවුරුම් දුන් වගයි..!


New Sri lankan Chief Scout, His Excellency President Maithripala Sirisena investiture Ceremony
'මාගේ අාගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට ද 
සෑමකල්හීම අනුන්ට උපකාර කිරීමට ද 
බාලදක්ෂ නීතිය කීකරු වීමට ද 
මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ 
උත්සාහය යෙදවීමට පොරොන්දු වෙමි....'

1951 වසරේ සැප්තැම්බර් තුන්වැනිදා පොළොන්නරුවේ ලක්ෂඋයන ගම්පියසේ දීී  මෙලොව එළිය දුටු පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත‍්‍රීපාල යාපා සිරිසේන  මහතා වසර 47 ක දීර්ඝ දේශපාලන ගමනේ  සංධිිස්ථානය සනිටුහන් කරමිින් නිදහසින් පසු රජරටින් බිහි වූ ප‍්‍රථම රාජ්‍ය පාලකයා ලෙස ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස පසුගිය දා තේරී පත් වූයේ ය. 
පොළොන්නරුවේ ලක්ෂඋයන කණිෂ්ඨ විදුහලෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ එතුමා පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයෙන් හා රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර සිරිසේන මහතා දේශපාලනයට අත්පොත් තැබූවේ පාසල් සිසුවකු ලෙස 17 හැවිරිදි වියේදී ය.

තෝපාවැව විද්‍යාලයීය බාලදක්ෂයෙකු ලෙස බාලදක්ෂ පුහුණුවෙහි පෙරගමන් අැරඹූ එතුමා 2015/05/20 දින ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ උත්සවයක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපතිධුරය සහ අනුශාසකධුරයට පත්කෙරිණ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය නායකයා හෝ නායිකාව එහි ප්‍රධාන බාලදක්ෂතුමා ලෙස ජාතික කරලේන්සුව පළදවා බාලදක්ෂයෙකු ලෙස පත් කිරීමේ ප්‍රතිපත්තිය මත මෙම ධුරයන් ප්‍රධානය කිරීම සිදු විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් සිරාස් සාලි යන මහත්වරුන් ඇතුළු මූලස්ථාන කොමසාරිස්වරුන්, සහාය කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


President Sirisena takes oath as Chief Scout of Sri Lanka!


HE President of the Democratic Socialist Republic of Sri Lanka, becomes the Chief Scout & the Patron of the Association & HE President Maithripala Sirisena took oaths as the 9th Chief Scout of Sri Lanka and Patron of the Sri Lanka Scout Association. Sri Lanka's President Maithreepala Sirisena took oaths as Chief Scout of Sri Lanka & Patron of the Guild on Tuesday (May 20) at a special ceremony held at the President's Office. Chief Commissioner of Sri Lanka Scouts Prof.Nimal de Silva administered the oath and adorned him with a national scarf.

Sri Lanka Scouts constitution provides that the President of the country is the Chief Scout.The President was enlightened on future activities and special programmes to be carried out by the Sri Lanka Scouts Association.
During the function the president instructed the relevant officials to provide all assistance to the Nation Scout troops. The President recalled the experiences he gained during his schooling period as a Scout. He said that the experience gained at that time helped him to strengthen his future activities. Deputy Chief Commissioner of Scout Shiraz Salih and several other officers of the Scouts Movement attended this function.

Chief Commissioner of Sri Lanka Scouts Pro. Nimal De Silva, Silva administered the oath and adorned HE President with a National Scout Scarf of Sri Lanka Scout Association. During the function the President instructed the relevant officials to provide all assistance to the nation scout troops. The President recalled the experiences he gained during his schooling period as a scout. He said that the experience gained at that time helped him to strengthen his future activities. President was enlightened on future activities and special programs to be carried out by the Sri Lanka Scouts Association.

 







No comments:

Post a Comment