Translate

Monday, March 21, 2016

හිමාල ගවේෂණයේ දම්රද බාලදක්ෂ සලකුණ...



විදේශීය රටවල ඉතා ප්‍රචලිත සහ වෘතීය මට්ටමින් සිදු කරන ක්‍රීඩාවක් වන කඳු තරණය කිරීම වර්තමානය තුල ලංකාව තුළ ද ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින ක්‍රීඩාවක් වේ. ලාංකීය කදු තරණයට ක්‍රීඩාවක් ලෙස නිශ්චිත ප්‍රාරම්භක ඉතිහාසයක් නොමැති වුවද, වර්ෂ 1982 දී ආදී ධර්මරාජික බාලදක්ෂ අජිත් ජයසේකර නාමය ස්වෝත්සහයෙන් හිමාල ගවේෂණයේ යෙදීම ජාත්‍යන්තර කදු තරණ  ක්ෂේත්‍රය තුල ශ්‍රී ලාංකීය සලකුණ පළමු වරට සටහන් කරන ලද අවස්ථාවක් ලෙස ඉතිහාසයෙහි ලිය වී තිබේ. 

officially hand over the national flag from His Excellency Maithripala Sirisena, The President of Democratic Socialist Republic of Sri Lanka

හිමාල ගවේෂණයේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන 1වන මහනුවර ධර්මරාජ බාලදක්ෂ සමුහය දිවයිනෙන් ප්‍රථම වරට හිමාල ගවේෂණය කරන ලද කණ්ඩායම බිහි කර තිබේ. ලංකාවේ වැඩිම වාර ගණනක් හිමාල ගවේෂණය කල බාලදක්ෂ සමුහය වන්නේ ද 1වන මහනුවර බාලදක්ෂ කණ්ඩායම යි. වර්ෂ 1985 දී නැසී ගිය ආදී ධර්මරාජික අජිත් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමක් ප්‍රථම වරට හිමාලය වෙත ගිය අතර එතැන් පටන් මේ දක්වා කණ්ඩායම් 9ක් ධර්මරාජයෙන් හිමාලය වෙත ගොස් තිබේ. 

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හිමාල ගවේෂණ කණ්ඩායම වෙත මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය හා මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ සභාපති සරත් ඒකනායක මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදුන් අවස්ථාව.

අජිත් ජයසේකර නාමය හා බැදුණු හිමාල ගවේෂණ ඉතිහාසය

ධර්මරාජයේ කීර්තිමත් ආදී බලදක්ෂයෙකු වූ පසුගිය දා අප අතරින් සදහටම වෙන්ව ගිය අජිත් ජයසේකර මහතා ජනාධිපති බලදක්ෂයෙකි. ලී පදක්කමලාභී  සහය දිසා කොමසාරිස්වරයෙකි. 1982 දී කිසිදු රාජ්‍ය අනුග්‍රාහකත්වයක් නොලබා ස්වෝත්සාහයෙන් හිමාලය වෙත ගොස් එහි ගිය පළමු ශ්‍රී ලාංකිකයා ද වේ. එතෙකින් නොනැවතී 1985 වසරේදී ධර්මරාජ බාලදක්ෂ කණ්ඩායමක් හිමාලය වෙත ගෙන ගොස් ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වතාවට පාසලක් ලෙස හිමාලය ගවේෂණයෙහි යෙදුනේය. ඒසේම හිමාල ගවේෂණයක් සිදුකළ ශ්‍රී ලංකාවේ පලමු බාලදක්ෂ කණ්ඩායම බවට ද ධර්මරාජ බාලදක්ෂයන් ඉතිහාස ගතවිය. 1957 ජුලි 24 වන දින උපත ලැබූ මෙතුමා 2015 නොවැම්බර් 25 වන දින අප අතරින් සමු ගත්තේය. මිය යන විට 17 වතාවක් එවරස්ට් ගවේෂණයේ යෙදී සිටි මෙතුමා ලංකාවෙන් වැඩිම වාර ගණනක් එවරස්ට් වෙත ගිය පුද්ගලයා මෙන්ම ශ්‍රී ලාංකිකයෙකු එවරස්ට්හි ගිය වැඩිම උසට හිමි වාර්තාව අැත්තේ ද මෙතුමා සතුව ය.

මෙවර ගවේෂණ වැඩ සටහන

ඉලක්කය-Island peak (6189m)

2016 මාර්තු 26 – 2016 අප්‍රේල්  27 දක්වා දින සැලැසුම
  • 2016 මාර්තු 25 –ලංකාවෙන් පිටත් වීම  
  • මාර්තු 26 දහවල් කත්මන්ඩු වෙත ලඟා  වීම
  • මාර්තු 27 -ජිරි වෙත පා ගමනින්
  • මාර්තු 28– අප්‍රේල්02 – ලුක්ල-පක්දින්
  • අප්‍රේල්03 – නම්චේ බසාර්
  • අප්‍රේල්04 – විවේකය -නම්චේ බසාර්
  • අප්‍රේල්05 –ටෙන්ග්බෝචේ 
  • අප්‍රේල් 06 -පෙරිචේ
  • අප්‍රේල්07 – ලොබුචේ
  • අප්‍රේල්08 –ගොරක්ෂේප් - එවරස්ට් මුල කඳවුර
  • අප්‍රේල්09 –කලපතර් ගොස් නැවත ලොබුචේ වෙත
  • අප්‍රේල්10 –දින්ග්බුචේ
  • අප්‍රේල්11 –චුකුන්ග්  
  • අප්‍රේල්12 –මුල කඳවුර
  • අප්‍රේල්13 –ඉහල කඳවුර
  • අප්‍රේල්14 –ඉහල කඳු මුදුනට ගොස් ආපසු මූල කඳවුරට
  • අප්‍රේල්15 -ටෙන්ග්බෝචේ
  • අප්‍රේල්16 –  නම්චේ බසාර්
  • අප්‍රේල්17 –ලුක්ල
  • අප්‍රේල්17-23 –ජිරි
  • අප්‍රේල්24 –බසයෙන් කත්මන්ඩු වෙත
  • අප්‍රේල්24-26 –කත්මන්ඩු සංචාරය
  • අප්‍රේල්27 –ලංකාවට නැවත පැමිණීම

හිමාල ගවේෂණ 2016 කණ්ඩායම

Group of scouts from Dharmaraja College are hoping to rewrite the history books as the 10th scout group from the college to Climb Himalaya!

1. B.S.B.KARUNATHILAKE – Trekking Guide
2. Dr.K.C.RAMBUKWALLE – Assistant Scout Leader

3. H.A.N.H.B.SENANAYAKE
4. D.D.KULASOORIYA
5. D.C.A.SILVA
6. D.T.WAIDYASEKARA
7. C.S.B.EKANAYAKE
8. P.B.PERERA
9. C.MADUSHANKA
10. L.RATHNAYAKE
11. T.WEERATHUNGA

2016 Official theme Song 'හිමකඳු අතරේ '

Artist: Charindu Palipane
Lyrics: Palitha Weerasuriya
Music: Tharanga Rathnayaka
Recording Studio: Thathnim Vib Lab, Kandy.
Mix & Master by: Tharanga Rathnayaka



 















මෙවරත් පසුගිය හිමාල ගවේෂණයේදී මෙන්ම SCOUTING සඟරාවේ අපි ධර්මරාජ බාලදක්යන්ට අපට හැකි අාකාරයෙන් හැකි උපරිම මාධ්‍ය ශක්තියක් ලබාදෙනු ලබන අතර සියලු යාවත්කාලීන කිරීම් https://www.facebook.com/scouting.lk/ සහ අපගේ ප්‍රධාන fb ජාලය වන https://www.facebook.com/baladaksha.srilanka හි සිදුකරනු ලැබේ. ඔවුන්ට ශක්තියක් වීමට ඔබේ සුබ පැතුමත් ඊට ඒක්කරන්න.

සුබ පැතුම් ක්කරන්න

A Team that will be reaching the Island Peak in the Himalayan Range for the 1st time from Sri Lanka. Will also be the team from Sri Lanka who reached the maximum altitude! an altitude of 6189m above the sea level. We will bless the name of SCOUTING, successfully completed this expedition. keeping Dharmaraja name sky high forever & after!


Scout Media Partner: SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර, විජායි දමිල මාධ්‍ය බාලදක්ෂ කදවුර









No comments:

Post a Comment