Translate

Thursday, September 1, 2016

මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් නැමති බාලදක්ෂයා

ඔබ වෙනුවෙන් සටහනක් තැබීමට මදක් ප්‍රමාද වුවා නොව ඔබ ඊලග පියවරත් තබන තුරු මදක් බලාසිටියා පමණි. එනමුත් හොරා කිහිපයකට පෙර සැලවුයේ ඔබගේ සේවය තවත් මව්බිමට අවැසි මොහොතේ ඔබ සේවයෙන් විශ්‍රාම ගෙන ඇති බවකි. 

මා නාලන්දාවේ බාලදක්ෂ කණ්ඩායම් උපනායක (ATL) ලෙස 2000 වර්ෂයේ කටයුතු කල දිනයක උදැසන බාලදක්ෂ ආචාර්යවරයා පවසා සිටියේ අප සමුහයේ ආදි ජනාදිපති බාලදක්ෂයකු පාසල් වෙලාව තුල පැමිණෙන බවත් ඔහුට අවශ්‍ය සියලුම ලිපිලේකන ලබාදෙන ලෙසත්ය. ඔහු කී ලෙසටම හෝරා කිහිපයකට පසු මා හමුවීමට පැමිණියේ උසස් යුද හමුදා නිලධාරියකි. 

සිනාමුසු මුහුණින් අතට අත දුන් ඔහු තමා හදුන්වා දුන්නේ "මල්ලි මම මිලින්ද පිරිස් " ලෙසය. එවකට යුද හමුදා කර්නල් වරයකුවූ ඔහු දියතලාව Military Academy හි ප්‍රදානියා වූ අතර යුද හමුදාව තුල තරමක් දැඩි තීරණ ගන්නා නිලදාරියකු ලෙස නම් කලද ඔහු ඉතා ප්‍රසන්න හා මිත්‍රශීලි අයෙකු බව හැගී ගියේය . මිලින්ද අය්යා පැමිණ තිබුනේ ඔහුගේ නායකත්වයෙන් මෙතෙක් ලංකාවේ බාලදක්ෂ ඉතිහාසය තුල ලංකාව වටා ගිය දිගම පාපැදි පාගමනේ (bicycle hike) සටහන් කිහිපයක් ලබාගැනීමටය. අනතුරුව යාමට ප්‍රථම මා ඇමතු මිලින්ද අය්යා මා හට පවසා සිටියේ බාලදක්ෂ කණ්ඩායමට උදව් අවශ්‍ය ඕනෑම වෙලාවක ඔහුව අමතන ලෙසය. ඒ අපගේ පළමු හමුවීම විය. 

2001 වර්ෂයේ බාලදක්ෂ කණ්ඩායම් නායකත්වයට(Troop Leader) පත්වූ මා කණ්ඩායමට මෙන්ම විද්‍යාලයට ලැබී ඇති මේ මහගු සම්පතතින් ප්‍රයෝජන ගැනීමට වගබලා ගතිමි. වාර්ෂික කාණ්ඩ නායක පුහුණු පාඨමාලා වලදී ප්‍රදාන දේශකයකු ලෙස මා මිලින්ද අය්යාට ඇරයුම් කලේ බාලදක්ෂයන්ගේ මොරාල් එක හැදීමට සුදුසුම පුද්ගලයා ඔහු වීම නිසාය. එයින්ද නොනැවතී එවකට බාලදක්ෂ නායකව සිටි Dharmalal Gunawardena මහතාගේ සහයෝගයද ගෙන නාලන්දා ජේෂ්ඨ බාලදක්ෂන් සදහා දියතලාව Military Academy හි පුරෝගාමී පුහුණු කදවුරක් පැවැත්වීමට මිලින්ද අය්යාගෙන් අවස්තාවක් ලබා ගතිමි .Military Academy සහ KDA Officer Cadets ලත් සමග එකට පැවැත්වූ එම කදවුර ජීවිතයේ අමතක නොවෙන අත්දැකීම් ගෙනත් දුනි. Jungle Training අවසන් රුය Foxy Hill කැලය මැද තද සීතලේ කුඩාරමත් ගිනිමැලයත් අතර තනිවූ අප බැලීමට පැමිණි මිලින්ද අය්යා සිනාමුසු මුහුණින් පැවසුයේ " කොහොමද මල්ලි හොදින්ද ? " කියාය. එදා එම අත්දැකීම් ලැබූ Rangana Shashika Bamunusinghe, Kanchana Dampahala බාලදක්ෂන් අද යුද හා නාවික හමුදාවේ නිලදාරීන් ලෙස සේවය කරනු දැකීම සතුටකි.

2001 වර්ෂයහි වාර්ෂික කම්පරිය සහ එයට යාබද සියලුම වර්ෂවල සියලු කදවුරු සදහා නාලන්දා බාලදක්ෂයන්ට අවශ්‍ය කුඩාරම් මිලින්ද අය්යාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ලබාගැනීමට මා කටයුතු කල අතර ඉන් නොනැවතී 2001 වර්ෂයහි වාර්ෂික කම්පරියහි පුරෝගාමී වියාපෘති සාර්ථක කර ගැනීමට ජාතික මුලස්ථානයට අවශ්‍ය වූ යුද හමුදා සහයෝගය එම වියාපෘති බාරව සිටි Hasanjith Kuruppuarachchi ලබා දීමට කටයුතු කලෙමි. මිලින්ද අය්යා අප සමුහයට මහත් ශක්තියක් විය. 

2002 වර්ෂය වන විට බ්‍රිගේඩියර්වරයකු වූ මිලින්ද අය්යා යාපනය බාර ප්‍රදාන අණදෙන නිලදාරියා විය. එවකට තාවකාලික සටන් විරාමයක් පවතී අතර Dharmalal Gunawardena හා මා ඔහුට කියා සිටියේ යාපනය බාලදක්ෂයන් සමග මිත්‍රත්ව කදවුරක් කිරීමට අවස්තාව සලසා දෙන ලෙසය. ඒ සදහා සියලුම කටයුතු සංවිදානය කල ඔහු කොටි පාලන සමයේ යාපනය මහ විද්‍යාල භූමියේදී නාලන්දා ජේෂ්ඨ බාලදක්ෂන් හට යාපනය බාලදක්ෂන් සමග කදවුරු බැදීමට අවස්තාව සලසා දුන්නේය. යාපනය මුහුදු බලදක්ෂයන්ගෙන්ද සමන්විත වූ මෙම කදවුර කිසිදා අමතක නොවෙන අත්දැකීම් රාශියක් ලගාකර දුනි. යුද්දය පවතී වකවානුවක් නිසා අප ගමන් කල බස් රියට ඉදිරියෙන් හා පිටුපසින් හැමවිටම ශ්‍රී ලංකා යුද හමුදා බෆල් රථ ආරක්ෂාව ලබාදුන් අතර ඕමන්තේ සිට මුහමාලේ දක්වා කොටින්ගේ පාලන ප්‍රදේශය තුල ගමන්කළ කිලෝමීටර 72 අප සැමට Colin Prasad Perera Kaushalya Tudugala,Rangana Shashika Bamunusinghe Buddhika Pandithasundara, Anuraj Indika Dissanayaka, Dimuthu WimalasenaKasun M Panagoda, Danushka Nadimal Silva,Don Tharindu කිසිදා අමතක නොවෙනු ඇත.

මේ ලෙසට ඕනෑම අවස්තාවක සමුහයට අවශ්‍ය සහයෝගය ලබාදීමට මිලින්ද අය්යා නොපැකිලිව ඉදිරිපත් විය. ඒ වෙනුවෙන් ඔබට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමි. මා පාසලෙන් පිටවූ පසු වරක් පමණක් නැවත මා හට ඔහු මුණ ගැසෙන්නේ 2005 වසරේ පමණ කොලබ වාර්ෂික කැම්පරියකදීය.ඉන් පසු ඔහු රජකරිකටයුතු සදහා ඇමරිකාව බලා යාමත් 2008 වසරෙන් පසු මා දිවයිනෙන් බැහැර වීමත් නිසා මේදක්වා නැවත මා හට ඔහු මුණ ගැසෙන්නේ නැත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකායේ කීර්තිමත් නිලදාරියකු වූ මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතා මෙරට හා විදේශ උපාදි රැසකින් සමන්විත වන අතර හෙබවූ තනතුරු අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර , මානුෂික මෙහෙයුම් සමයේ 22වන සේනාංකයේ සේනාධිපති ලෙස නැගෙනහිර මුදවා ගැනීම , මානුෂික මෙහෙයුම් සමයේ ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්ෂක තනතුර , වර්තමානයේ ඔහු හොබවමින් සිටි යුද හමුදා ප්‍රදාන මාණ්ඩලික ප්‍රදානි තනතුර කැපී පෙනෙයි. මේ අතර ජෙනරාල් සරත් පොන්සේකා මහතාට එරෙහිව තිබු යුද අදිකරණයේ විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙසද ක්‍රියා කළේය. 

මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතා කර්නල්වරයකුව සිටි අවධියේදී පවා අප තුල තිබු විස්වාසය නම් කෙදිනක හෝ යුද හමුදාපති තනතුරට ඔහු පත් වනු බවය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහුගේ දැනුම , විනය හා දක්ෂතාව නිසාය. පසුගිය වර යුද හමුදාපති තනතුරට නිර්දේශ වුවද තිබු දේශපාලනමය හේතුන් නිසා එය ඔබෙන් ගිලිහි ගියේයැයි තරයේ විස්වාශ කරමි. ඔබ ගැන සටහනක් තැබීමට බලා සිටියේ ඔබ හමුදාපති තනතුරට පත් වන තුරුය. නමුත් කම්පා නොවෙමි. ඔබ අද විශ්‍රාම යන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවනියා ලෙසය. ශ්‍රී ලංකා යුද හමුදාවට හා මාතෘ භූමියට ඔබකළ සේවය කිසිදා නොමියනු ඇත. ඔබට සුවබර විශ්‍රාම දිවියක් සෙන්පතියණනි .උදාර නාලන්දා පුතුනි නුබ උපන් බිමටත් වැදු මවටත් ණය නැත . 

චිරං ජයතු !!! 

රොෂාන් සමන්ත යාපා
ලන්ඩන් නුවර සිට

No comments:

Post a Comment