නින්ද
ගියහම මෙලෝ දෙයක් දන්නෙ නෑ… සමහර ගෑණු ළමයිනුත් ඉතින් අනේ දෙයියනේ කියලා
නින්දෙන් අඩුවක් නම් වෙන්නෙම දෙන්නෙ නෑ තමන්ගෙ ශරීර සෞඛ්‍යයට…. හොරණෑ
කෝටියක් කන ඇතුලට දාලා පිම්බත් ඉතින් හ්ම්ම්… කියන්නෙවත් නැති කට්ටිය ඉන්නව
ඕන තරම් අපි දන්න….. කෑම්ප් ගියහම ඉතින් වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න
දෙයක් නෑනෙ ඉතින්.. දවසම එක එක වැඩවල යෙදිලා හිටපු නිසා ඇගේ අමාරුවටත් එක්ක
කණ පැලෙන්න නින්ද යනවා….. ඒ මදිවට සීනියර්ස්ලා නිදා ගන්න දෙන්නෙත් පරක්කු
වෙලා.. එයාලා නිදි වෙලාවට ඇහරවන්නත් තහනම්…. මේ කතා දෙකම පදනම් වෙන්නෙ ඔන්න
ඔය සුප්‍රසිද්ධ න්‍යායන් දෙක මත තමයි………
පළවෙනි කතාව පදනම් වෙන්නෙ අර කණ පැලෙන්න නින්ද යන න්‍යායට අදාලව….වටේ වැඩක් නෑ… කෙලින්ම කතාවට බහිමු….
සදලංකාව
මධ්‍ය මහා විද්‍යාලය සංවිධාන කරපු පොඩි පහේ බාලදක්ෂ කදවුරක තමයි මේක උනේ…..
දවස අවසන් වෙලා පොඩ්ඩො ඔක්කොම නිදා ගත්තා…. එතන අංජන කියලා මල්ලි කෙනෙකුත්
හිටියා…. මිනිහත් ටෙන්ට් එකක් ඇතුලට ගිහින් නිදා ගත්තා.. පොර අර මම කිව්ව
ජාතියේ කොල්ලෙක්.. කන ලග තියලා හොරණෑ 100ක් ගැහුවත් මිනිහා නෙවෙයි
නැගිටින්නෙ….
ඉතින් මේ
කියන දවසෙ අපි ඔක්කොම පිට්ටනියෙ කූඩාරම් ගහගෙන මහ රෑ නිදාගෙන ඉන්නවා… එක
පාරටම මහ වැස්සක් කඩාගෙන වැටුනා…. අපි සීනියර්ස්ල විදිහට පුළුවන් තරම්
ඉක්මනට පංති කාමරයක් ලෑස්ති කරලා පොඩ්ඩො ටික ඒකට යැව්වා.. අන්තිමේට ගැනලා
බලද්දි එකෙක් අඩුයි…. පොඩ්ඩක් හෝදිසි කරලා බලනකොට අංජන එතන නෑ.. එහෙම කියලා
අත අරින්නත් බෑනෙ… ආයෙත් කුඩ ඉහලගෙන ගියා මිනිහා හොයන්න..
කොහොමහරි ඒ
මල්ලිව හම්බ උනේ මෙච්චර සන්තෑසියක් වෙලා තියෙද්දිත් අර වතුරෙ කූඩාරමක්
ඇතුලට වෙලා නිදාගෙන ඉන්නකොට….. දෙයියනේ කියලා කන ලගට වතුර.. මුට ගානක්වත්
නැතුව නිදි… දැන් මෙන්න අපේ එකාගෙයි අංජනගෙයි දෙබස……..
සීනියර් : මල්ලි නැගිටපන්.. අර පන්ති කාමරේට ගිහින් නිදා ගනින් බන්
අංජන : ම්… ම්…. ඇ….. ඈ………
සීනියර් : ඒ නැගිටපන් බන්.. ගිහින් ඇතුලෙන් නිදාගනින්
අංජන : ආ යන්.. යන්…….. ම්…… ම්….. අ……..ඈ……. හා…
සීනියර් : මොකක්ද බන් නැගිටපන්කො කන පලාගන්නෙ නැතුව (මේකනම් ටිකක් සැරෙන් කිව්වෙ ඔන්න)
අංජන දඩි
බිඩි ගාල නැගිට්ටා… තේරුනා ඇග පුරාම වතුර කියලා….. මූට එක පාරටම මීටර් උනේ
නෑ මොකද වෙලා තියෙන්නෙ කියලා… අංජන මල පැනලා වගේ අපේ එකාට මෙහෙම කිව්වා……..
මොකක්ද අය්යෙ බලු වැඩ කරන්නෙ…. ඇයි මේ මහ රෑ අපිට වතුර ගහන්නෙ…….
හිතාගන්න පුළුවන්නෙ ඊට පස්සෙ වෙන්න ඇති දේ………
කතා අංක
දෙක පදනම් වෙන්නෙ දෙවෙනි තියරිය මත.. ඒ කියන්නෙ සීනියර්ස්ලා නින්දෙන්
ඇහැරවීම අත්‍යාවශ්‍ය කරුණකදී හැර නොකල යුතුයි කියන න්‍යාය…
මේ කතාව
සිද්ද උනේ බලපිටියෙ තිබ්බ ජාතික ජම්බෝරියේදි.. අපි එකට සහභාගි උනෙත් ආදී
බාලදක්ෂයන් විදිහට…. අන්තිම දවසට කලින් දවසෙ අපි ගියා බාලදක්ෂ වලින්ම
හිතවත් උනු උපුල්ගෙ ගෙදර…තිබ්බෙ ගාල්ලෙ.. ආපහු බලපිටියට එද්දි ටිකක් රෑ
වුනත් අපි දෙන්න ඉක්මනට නිදාගත්තෙ හෙට උදේම කුරුණෑගල බලා පිටත් වෙන්න
තියෙනව කියලයි.. රැය පහන් උනාආ අපූරුවට…
එක පාරටම
ටෙන්ට් එක එතුලෙ හිටපු මට දරාගන්න අමාරු සීතලක් ආවා.. ඒ එක්කම ඇස් දෙක
අරිද්දි අහසෙ තරු පෙනවා…. මම කල්පනා කලේ ටෙන්ට් එකක් ඇතුලෙ නිදා ගත්ත මට
කොහොමද අහසෙ තරු පේන්නෙ කියලා… තව ටිකක් බලපුවාම දමින්දත් ලගම නිදි… එකම
අවුලකට තිබ්බෙ නිදාගෙන හිටපු ටෙන්ට් එක ගලවගෙන ගිහින්…. මලේ උපරිමේටම පැනපු
මම නැගිටලා වට පිට බලද්දි අපි දෙන්න නිදාගෙන හිටපු ග්‍රවුන්ඩ් ශීට් එක ඇර
අනිත් ඔක්කොම ආපහු ගෙන යන්න පැක් කරලා.. මම දමියට ඇනලා ඌවත් ඇහැරවලා
ගත්තා.. අපි දෙන්න පොඩ්ඩක් පැත්තකට උනා විතරයි පොඩි උන් දෙන්නෙක් ඇවිත්
ඒකත් නමාගෙන ගිහින් පැක් කරගත්තා.. පොඩ්ඩෙකුට කතා කරලා දමිය කිව්වා.. “ඉතිං
කතා කරන්න තිබ්බනෙ බන් එහෙනම් අපි නැගිටිනවනෙ” කියලා… පොඩ්ඩ දුන්න
උත්තරයක්
අයියලව නැගිට්ටවලා වැඩ කරන අස්සෙ බැනුම් අහන්නෙ මොකටද කියලා හිතුනා…
අපිත් පාඩුවෙ යන්න සෙට් උනා මොකුත් නොවිච්ච ගානට..
සටහන
අභීත
උපුටා ගැනීම http://luckradio.com වෙතින්
No comments:
Post a Comment