Translate

Sunday, November 6, 2016

ශ්‍රී ලංකාවේ බාලදක්‍ෂයන්ටත් වසර 100 සම්පූර්ණයි

සියවසක අභිමානය

2012 වර්ෂය ශ්‍රී ලංකාවේ බාලදක්‍ෂ ව්‍යාපාරයට සුවිශේෂ සංධිස්‌ථානයකි. ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 100 වැනි සැතපුම් කණුව පසුකළ වර්ෂය වූ බැවිනි. 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා සේවය කළේය. ඉංජිනේරු නිල නිවසට යාබඳව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය තෝරා ගත්තේ ය. එවකට ප්‍රධාන පෙළේ වැවිලි කරුවෙකු ද වූ ප්‍රැන්සිස්‌ ජෝර්ඡ් ස්‌ටීවන් මහතා විසින් මාතලේ ක්‍රිස්‌තුදේව විද්‍යාලයෙහි ප්‍රථම බාලදක්‍ෂ කණ්ඩායම ආරම්භ කෙරිණි. බේඩන් පවල් සාමිතුමා විසින් 1907 එංගලන්තයේදී ආරම්භ කරන ලද ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරය වසර තුනක් යන්නටත් පෙර එනම් 1912 වැනි කෙටි කලක්‌ තුළදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණ. එතෙකින් නොනැවතුණු ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා මෙවැනි දේශණ මාලාවක් රට පුරා පැවැත් වූයේය. ඒ අනුව බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර 1913 දී 1වැනි මහනුවර ධර්මරාජයේ ද, 1914 දී 1වැනි ගාල්ල මහින්දයේ ද 1වැනි කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ ද ආරම්භ කළේ ය. ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. මින්පසු සෙසු දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පුරා බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරන ලදී.

ලෝක බාලදක්ෂ සියවස් සමරු මුද්දර කවරය
ලෝකයෙහි සහ ශ්‍රී ලංකාවෙහි සියවසරක සංවත්සරය සිහිපත් කරමින් රු.5.00 වටිනා මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කරනු ලැබූ අතර ලෝකයේ විවිධ රටවල් විසින් මෙම සැමරුම සඳහා විවිධ ආකාරයේ සමරු සිහිවටන නිකුත් කරනු ලැබිණ. රු. 2ක වටිනා කමින් යුත් නිකල් කාසි 2,000,000 නිකුත් කෙරුණු අතර එය මෙරට බාලදක්ෂයන් අතරට ලැබුණු කදිම සමරු සිහිවටනයකි.

2012 අප්‍රේල් 01 දින නිකුත් කෙරුණු සියවස් සමරු කාසිය

 කාසියේ විස්තරය
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ශත සංවත්සරය
මුහුණත වටිනාකමරුපියල් 2
නිකුත් කළ වර්ෂය2012
කාසියේ උස1.5 mm
ලෝහයනිකල් ආලේපිත
වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය
මි.මි.
28.5 mm
බර(ග්‍රෑම්)7.0 gms
කාසි වර්ගයසාමාන්‍ය සංසරණය
ටංකනය කල කාසි ගණන 2,000,000

සියවස් බාලදක්ෂ පාපැදි සවාරිය

බාලදක්ෂ ව්‍යාපාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් උතුරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙවුන්දර තුඩුව දක්වා ජනාධිපති බාලදක්ෂයින් 100ක් සහභාගීවන බාලදක්ෂ පාපැදි සවාරියක් ද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලැබුවා.  පූර්ණ නිදහස ලැබූ ශ්‍රී ලංකාවේ සෑම ජාතියකට ම සමාන ව කටයුතු කළ හැකි බව ලොවට පෙන්වීමට සහ ඒ සඳහා ක්‍රියා කළ අතිගරු ජනාධිපතිතුමාට ප්‍රණාමය දැක්වීමේ අරමුණින් මෙම පාපැදි සවාරිය පෙබරවාරි 14 සිට 22 දක්වා ගමන් ගනු ලැබුවා. පෙබරවාරී 14 දින යාපනයෙන් ආරම්භ වූ පාපැදි සවාරිය කිළිනොච්චිය, වව්නියාව, අනුරාධපුරය, මාතලේ, මහනුවර, කෑගල්ල, කොළඹ, කළුතර හා ගාල්ල හරහා පෙබරවාරි 22 දින මාතරට ළඟාවුනා.


සියවස් ජම්බෝරිය

බාලදක්‍ෂ ව්‍යාපාරය පවතින ලෝකයේ සෙසු රටවල් 267 අතරින් ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්‌ථානයක්‌ ලැබුණු අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බාලදක්‍ෂ සියවස් ජම්බෝරියට සමගාමීව 29වැනිආසියා පැසිපික්‌ කලාපීය බාලදක්‍ෂ ජම්බෝරිය අප්‍රේල් 1 සිට 7 දින දක්‌වා දඹුල්ලේ කණ්ඩලම ඩී. එස්. සේනානායක විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කරනු ලැබිණ. මේ සඳහා විදෙස්‌ නේවාසික බාලදක්‍ෂයන් 600 කට ආසන්න පිරිසක්‌ සහභාගි වූ අතර දේශීය බාලදක්‍ෂයන් 6500 ක්‌ පමණ මේ සඳහා සහභාගි විය. පළමු වරට ජම්බෝරියට සහභාගී වූ සියලුදෙනා වෙත මෙරට ප‍්‍රමුඛතම රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම විසින් ජම්බෝරිය අතරතුර සිදුවිය හැකි හදිසි අනතුරු රැකවරණයන් හා රෝහල්ගත කිරීම් සඳහා රැකවරණයන් සාපයින. ප්‍රධාන බාලදක්ෂයා වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා දිවයිනට පැමිණ සිටි පිලීපිනයේ උප ජනාධිපති මෙන්ම ආසියානු - පැසිපික් බාලදක්‍ෂ සංගමයේ සභාපති ජේජොමා බිනේ මහත්වරු විසින් ජම්බෝරිය උත්කර්ෂවත්ව විවෘත කරනු ලැබීය. මෙරට පැවැත් වූ අති දැවැන්තම ජාත්‍යන්තර ජම්බෝරිය ලෙස හැදින්විය හැකි මෙම ජම්බෝරියේදී ද රු.5.00ක් වටිනා සමරු මුද්දරයන් සහ මුල් දින කවරයක් නිකුත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සියවස් සමරු මුද්දර කවරය
ශ්‍රී ලංකා බාලදක්ෂ සියවස් සමරු මුද්දරය
ගතවූ වසර 100 තුළ ශ්‍රී ලංකාව තුළ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඉතා ශීඝ්‍රයෙන් බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට 40000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින සුවිශාලතම ස්‌වේච්ඡා ළමා ව්‍යාපාරය බවට පත්ව තිබේ.

100 වසක් සම්පූර්ණ කළ බාලදක්ෂ කණ්ඩායම් විසින් ස්වකීය අභිමානවත් ඉතිහාසය පෙන්වමින් අපූරු ක්‍රියාකාරකම් රැසක් පසුගිය වකවානුවෙහි දියක් කරනු ලැබූහ.

---------------------------------

ඔබේ බාලදක්ෂ දිසාවට හෝ බාලදක්ෂ කණ්ඩායමටත් වසර 100 සම්පූර්ණ නම් පදක්කම් හා තොරතුරු ද සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට තොරතුරු අප වෙත යොමු කරන්න. scoutingmagazine@gmail.com

No comments:

Post a Comment