ප්‍රවීනතා පදක්කම් ඉතිහාසය
බේඩන් පවල් සාමිවරයා විසින් 1910 දී
ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය එවක් පටන් කෙතරම් වෙනස් වී සහ ජනප්‍රිය වී
තිබෙන්නේද යත් බ්‍රිතාන්‍යයේ පමණක් තරුණ, තරුණියන් 51,000 ක් එයට සම්බන්ධවීම පිණිස පොරොත්තු ලේඛණයේ රැඳී සිටි බවට තොරතුරු තිබේ. එකල නිසි
පරිදි ගැටයක් ගැසීමේ සිට කඳවුරකදී ගිනිමැලයක් දැල්වීම සහ ඡායාරූප ශිල්පය
වැනි විවධ අංශවල දක්වන දස්කම් වෙනුවෙන් පදක්කම් දිනාගැනීම බොහෝ බාලදක්ෂයන්ගේ
බලාපොරොත්තුව වූයේය. එය ලොව පුරා සිටි දරුවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය සඳහා ලැබුණු කදිම අවස්තාවක් විය.
අතීතයේදී බොහෝ පදක්කම් එංගලන්තයෙන් ගෙන්වනු ලැබූ අතර අධික මිලක් හා ආනයනයෙහි පැවති දුෂ්කරතා හේතුවෙන් ඒවා අතින් මසා නිර්මාණය කරනු ලැබීයත පසු කාලයේදී එම්බ්‍රොයිඩර් ක්‍රමය යටතේ ද අනතුරුව ඒවා පරිගණක ගත කල මහන මැෂින් ඔස්සේ ද වඩා නිමාවකින් හා ප්‍රමිතියකින් යුක්තව නිර්මාණය කරනු ලැබිණ. දේශීය වශයෙන් ද බොහෝ ප්‍රවීණතා පදක්කම් හදුන්වා දී ඇති අතර එසේ රැස්කල පැරණි ප්‍රවීණතා පදක්කම් මෙම ලින්ක් එක තුලින් දැකිය හැක.
එදා සිට අද දක්වා ඒ පදක්කම් විකාශනය වූ ආකාරය ඔබ දැන සිටියාද?
1911 දී පිරිනැමුණු පදක්කම්
මී මැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා පූර්ණ දැනුමක් ලබාගැනීමෙන් අනතුරුව මී මැසි පාලනය පුහුණුවීම් පදක්කම දිනාගත හැකිය.
භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම දිනාගැනීම පිණිස අදාළ
භාෂාවෙන් සරල සංවාදයක යෙදී, සරල ලිපියක් ලියා, සිය මවු භාෂාව නොවන වෙනත්
භාෂාවකින් ප්‍රකාශයට පත්කෙරුණ පොතකින් ඡේදයක් කියවා එය පරිවර්තනය කළයුතුය.
සරල විද්‍යුත් චුම්බකයක් නිර්මාණය කිරීම, බිඳවැටුණු
විදුලි පරිපථ ඛණ්ඩනයක් සහ විදුලි පරිපථයක් (fuse) අලුත්වැඩියා කිරීම,
විදුලි කම්පනයකට මුහුණදුන් පුද්ගලයකුට ප්‍රතිකාර කරන අන්දම ඇතුළු කරුණු
පිළිබඳව අවබෝධයක් තිබීම 'විදුලි කාර්මිකයා' පදක්කම දිනාගැනීම පිණිස සැපිරිය
යුතු සුදුසුකම් වේ.
පැහැදිලි අත් අකුරු, යතුරු ලියනය භාවිත කිරීමේ
හැකියාව, කියවන විට ලිවීමේ හැකියාව, විනාඩි පහකට පෙර කියවණු ලැබූ ඡේදයක්
මතකයෙන් යළි ලිවීමේ හැකියාව ඇතුළු කරුණු 'ලිපිකරු' පදක්කම දිනාගැනීම පිණිස
සැපිරිය යුතු සුදුසුකම්ය.
2017 පදක්කම්
අන්තර්ජාල ක්‍රියාකාරකමක නිරතවීම සහ සමාජයේ යහපත පිණිස
සමාජ ජාල සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගත හැකි ආකාරය සොයාබැලීම 'ඩිජිටල්
නිර්මාණකරු' පදක්කම දිනාගැනීම පිණිස අත්‍යවශ්‍ය කරුණු වේ. අන්තර්ජාලය මගින්
එල්ලවන තර්ජන පිළිබඳවද අවබෝධයක් තිබිය යුතුය.
මේ පදක්ක දිනාගැනීම පිණිස බාලදක්ෂයා නිරන්තරයෙන්
පුවරුවක් මත ලිස්සා යන skateboarding වැනි ක්‍රීඩාවක නිරතවිය යුතු අතර, සිය
ක්‍රීඩා කුශලතාව වැඩි දියුණු වී ඇති බව පෙන්වීම පිණිස ක්‍රීඩා තරගාවලියකටද
සහභගි විය යුතුය.
සිය ආගම නොවන ආගමකට අයත් සිද්ධස්ථානයකට ගොස් එම ආගමේ
නිර්මාතෘවරයාගේ ජීවිතය පිළිබඳව හැදෑරීම මෙම පදක්කම දිනාගැනීම පිණිස
අත්‍යවශ්‍ය කරුණකි.
පුවීණතා පදක්කම් පිළිබද වැඩි තොරතුරු දැනගැනීම සඳහා මුහුණු පොතෙහි https://www.facebook.com/BADGE.INFOSriLanka/ වෙත එකතු වන්න
විශේෂ ස්තූතිය
බීබීසී නිව්ස් බීට් වැඩසටහන ඇසුරෙන් http://www.bbc.com/sinhala හි අන්තර්ගත ලිපියකි
No comments:
Post a Comment