Translate

Saturday, February 9, 2019

33 වැනි ජාතික මානවක බාලදක්ෂ සමුළුව - මානවක බාලදක්ෂයෝ සියවස සමරති

ශ්‍රී ලංකාවේ මානවක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර සියයක් ගෙවී ඇත. ඒ වෙනුවෙන් වූ 33 වැනි ජාතික මානවක බාලදක්ෂ සමුළුව වත්තල ජාඇල දිසා බාලදක්ෂ සංගමයේ සත්කාරකත්වයෙන් රාගම දියගල ළමා නගරයේ දී පැවැත්විණ. යහපත් ලොවක් ගොඩනගන මානවක බාලදක්ෂයෝ මෙවර මානවක සමුළුවේ තේමා පාඨය විය. 

ජාතික මානවක සමුළුව, මහා ගිනිමැල සංදර්ශනය සහ මානවක බාලදක්ෂ රාත්‍රිය මානවක සමුළුව අතරතුර දී පැවැත්වූ සුවිශේෂී ක්‍රියාකාරකම් අතර කැපී පෙනුණ බව ජාතික මානවක සමුළු සංවිධායක කොමසාරිස් ශ්‍රී ලත් ද සිල්වා විජය බාලදක්ෂ කඳවුරට පැවසීය. ජාතික මානවක සමුළුවට මානවක බාලදක්ෂයෝ තුන් දහසක් සහභාගි වූහ. එහි ඡායාරෑප ඇතුළත් විශේෂාංගය ඉදිරියේ දී බාලදක්ෂ කඳවුරින් බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment