Translate

Thursday, March 7, 2019

BACK to BP - Commemoration of 162nd Founders' Day


ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයින් B.P යන ආදර නාමයෙන් හඳුන්වන “ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමිවරයා” බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. 1857 පෙබරවාරි මස 22 දින එංගලන්තයේ ලන්ඩනයේ උපත ලැබීය. මෙතුමා ගේ පියා “ඔක්ස්ෆර්ඩ් හි මහාචාර්ය බේඩන් පවෙල්”ය. මව “හෙන්රියේටා ග්‍රෙස් ස්මිත් බේඩන් පවෙල්” මැතිණියයි. B.P ට වයස අවුරුදු 03 දී තම පියා මිය ගියේය. පවුලේ දරුවන් 09 දෙනෙකි බී.පී 06 වෙනියා විය.

“ට්‍රම්බිජ් වේල්ස්හි රොස්හිල්” පාසලෙන් තම මූලික අධ්‍යාපනය ලද B.P වයස අවුරුදු 13 දී ශිෂ්‍යත්වයක් ලබා “චාර්ටර් හවුස්” විද්‍යාලයට ඇතුළත්විය. ඔහු ඉගෙනීමට එතරම් දක්ෂයකු නොවීය. කුඩාකළ සිටම තම සොයුරන් සමඟ කඳවුරු බැඳීම, කඳු නැගීම, බෝට්ටු පැදීම වැනි එළිමහන් ක්‍රියාවල යෙදීම නිසා ක්‍රියාශීලි ළමයෙකු ලෙස පාසලේදී පාපන්දූ ක්‍රීඩාවට, චිත්‍ර ඇඳීමට, රඟපෑමට විශේෂ දක්ෂතා පෙන්වීය. වයස අවුරුදු 19 දී අධ්‍යාපනය අවසන් කොට උප ලුතිනන් වරයෙකු ලෙස හමුදාවේ අශ්වාරෝහක බලකායට බැඳී ඉන්දියාවට ගියේය.පසුව අප්‍රිකාවට ගිය ඔහු අප්‍රිකාවේ සූළුවරුන්,නපුරු අෂාන්ති ගෝත්‍රිකයින්,වනචාරී මැට බෙල්ලන්ට විරුද්ධව සටන් මෙහෙය විය.

“ඉම්පිසා” එනම් කිසිදා නොනිදන වෘකයා යන නමක්ද, ලොකු තොප්පිකාරයා අරුත් ඇතිව “කැන්ටැන්කි” යන නමක්ද පට බැඳුනි. B.P ගේ ධෛර්යය, ගවේෂණ දක්ෂතාවය, පියවර අනුව යාම යන දක්ෂතාවයින් නිසා මෙම නම් පට බැඳීමට හේතුවිය. සූළු නායකයා “දිනිසූළු” අඩි 24ක් දිග සතුන්ගේ ඇට වලින් සාදන ලද පබළු මාලයක් දීමත්, වමතින් අතට අත දීමත් පසු කාලයේ බාලදක්ෂ කටයුතු වලට වැදගත් විය. 1889 දී දකුණු ඇමරිකාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැළකූ මැෆකින් නගරය පුරා දින 217 වටලා ගෙන සිටි සතුරන්ගෙන් ආරක්ෂා කර බේරා ගන්නා ලදී.

බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරනු ලැබූ ලුතිතන් ජෙනරාල් රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් විසින් ලියූ ‘Scouting for Boys’ නම් ග්‍රන්ථය, 1908 වසරේ ජනවාරි 08 වන දින ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම විය. බේඩ්න් පවල් සාමිවරයා ලියූ ග්‍රන්ථයේ අන්තර්ගත දෑ ප්‍රායෝගිකව සිදුකර බැලීම උදෙසා සහ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා 1907 ගිම්හාන කාලයේ එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ කඳවුරක් පැවැත්වීය. එය ලොව විශාලම ස්වේච්ඡා සංවිධානයේ ආරම්භය විය. බේඩ්න් පවල්ට බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ජීවිතයම වූයේය, එහෙයින් මෙතෙක් සේවය කළ හමුදා සේවයෙන් ඔහු අස්වී මුළු ජීවිත කාලයම මෙයට කැප කරමින් ලොව වටා සංචාරය කරමින් එය ව්‍යාප්ත කළේය.
1901 දී B.P බ්‍රිතාන්‍යයට පැමිණියේ වීරයකු ලෙසිනි. ඔහු සොල්දාදුවන් සඳහා ලියන ලද “බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස්” යන පොත ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි.මෙමගින් ළමයින්ට විශාල සේවයක් කළ හැකි බව අවබෝධ කරගත් B.P 1907 අගෝස්තු 01 සිට 08 දක්වා එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී ළමයින් 20 දෙනෙකුගෙන් ලෝකයේ ප්‍රථම බාලදක්ෂ කඳවුර පැවැත්වීය. එහි සාර්ථකත්වය නිසාම 1908 වර්ෂයේදී “බාලදක්ෂ විද්‍යාව” ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ හේතුවෙන් බාලදක්ෂ ව්‍යාපාරය අන් රටවලටද පැතිර ගියේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් සේවය සඳහා 1910 දී ලුතිනන් ජෙනරල් පදවියට පත්ව සිටි B.P යුධ සේවයෙන් ඉල්ලා අස්විය. ඔහු 1912 දී “ඔලෙව් සෙන්ටි ක්ලෙයාර් සොමෙන්ස්” මෙනවිය සමඟ විවාහ විය. 1920 දී ලොව මුල්ම බාලදක්ෂ සමුළුවේදී B.P ලෝක බාලදක්ෂ නායකයා විය. 1929 දී V වන ජෝර්ජ් රජු ඔහුට “ගිල්වෙල්හි බේඩන් පවෙල්” යන වංශාධිපති පදවියකින් ගෞරව කරන ලදී. 84 වන ඡන්ම දිනයට ආසන්නව තිබියදී 1941 ජනවාරි 08 වන දින B.P පරලොව සැපත් විය.
————————————————–

https://youtu.be/Bqu5ugfcURA 
Lord BP's Back නමින් ලෝක බාලදක්ෂ නායක යුවලගේ යූ ටියුබ් කතා මාලාවක් මෙවර 162 බී.පී. දිනයේ සිට අපගේ යූ ටියුබ් නාලිකාවෙන් විකාශය කිරීමට SCOUTING සඟරාවේ අපි සූදානම්. Scouting for Boys කෘතියෙන් හා බාලදක්ෂ විද්‍යාවේ අපට මඟහැරුණු බෙහෝ බාලදක්ෂ කරුණු සාකච්ඡා කිරීමටත් කුඩා සිඟිති, පෝතක, සමනල, කුඩා මිතුරියන්ට පමණක් නොවේ...

————————————————–
SCOUT PUPPET MASTER’s
————————————————–
Puppet Theater – Scouting Magazine – Sri Lanka
Design Concept – W.A.Gihan
Puppet Art – Mr.Muditha Thotagamuwa
Lord BP Voice Narrator – Mr. Chaminda Wariyapperuma
Lady Olave St. Clair Voice Narrator – Miss. Indika fernando
Special Thanks – Sisira Kumara Karagoda Gamage / Dinithi Nuwanthiks/ G.C.Perara / Kasun Wikramasinghe / Indika fernando /
————————————————–

https://youtu.be/Bqu5ugfcURA

https://youtu.be/Bqu5ugfcURA 

https://youtu.be/Bqu5ugfcURA
 subscribe us on youtube - https://youtu.be/Bqu5ugfcURA

බාලදක්ෂ, බාලදක්ෂිකාවන්ටත් දැනුම විනෝදය සපිරි වැඩසටහනක් නිර්මාණය කරදීම අපගේ අරමුණයි. ඒ සඳහා ඔබටත් දායක විය හැකියි... අප හා එක්වන්න.. 
  1. බාලදක්ෂ විද්‍යාව - (ආරම්භය) ලෝක බාලදක්ෂ නායක රොබට් බේඩන් පවෙල් සහ පවෙල් ආර්‍යාව
  2. කඳවුරු කතාන්දර 001 - 
  3. කඳවුරු කතාන්දර 002 -


--------------------------------------------------------------------------------------------------------

Lord Baden Powell’s Back

Lord Robert Baden-Powell, (February 22, 1857 – January 8, 1941) was a soldier, writer and founder of the world Scouting movement. He was the sixth of eight sons amongst ten children. His father served as the Savilian Professor of Geometry at the University of Oxford and died when Robert was just three years of age.
His first introduction to scouting skills was stalking and cooking animals, and avoiding teachers, in nearby woods, which were strictly out-of-bounds for the school that he attended. He also played the piano and violin, was an ambidextrous artist of some talent, and enjoyed acting. Holidays were usually spent on yachting or canoeing expeditions with his brothers.
Baden-Powell served in the British Army from 1876 until 1910 in India and Africa. In 1899, during the Second Boar War in South Africa, Baden-Powell successfully defended the town in the Siege of Mafeking. A Boer army of in excess of 8,000 men surrounded him and his troops. Although wholly outnumbered, the garrison withstood the siege for 217 days, and much of this is attributable to some of the cunning military deceptions instituted at Baden-Powell’s behest as commander of the garrison. As a result, Baden-Powell became a national hero back home.
On his return home, Baden-Powell found that his military training manual “Aids to Scouting” had become something of a best seller, and was being used by teachers and youth organizations. Following a meeting with the founder of the Boys’ Brigade, Sir William Smith, Baden-Powell decided to re-write Aids to Scouting to suit a youth readership, and in 1907 held a camp on Brownsea Island for 22 boys of mixed social background to test out some of his ideas, which is now seen as the beginning of the Scouting movement.
“Scouting for Boys” was subsequently published in 1908 in six installments. Boys spontaneously formed Scout troops and the Scouting movement had inadvertently started, first a national, and soon an international obsession.
Although he could have continued his military career, Baden-Powell decided to retire from the Army in 1910 on the advice of King Edward VII, who suggested that he could better serve his country by promoting Scouting.
Under his leadership, Baden-Powell brought Scouting to the youth of the world and the world Scouting movement grew. By the end of 1910, there were over 100,000 Scouts in England. In 1922, there were more than a million scouts in 32 countries and by 1939; the number of Scouts had grown in excess of 3.3 million. Baden-Bowell became appropriately known as the “Chief Scout of the World”



back bluebackback blue


Baden-Powell was born Feb. 22, 1857, which is more than 162 years ago. Scouts worldwide roughly 30 million in 161 countries celebrate his birthday each year as Founder’s Day. You can join the celebration in a number of ways. Here are seven ideas:

1. Learn a little about Baden-Powell

Just who was Robert Stephenson Smyth Baden-Powell? Read and find out:
  • Mark Ray’s “Faces of the Founders” article from Scouting magazine introduces you to B-P and the BSA’s other founding fathers.
  • This World Organization of the Scout Movement profile of B-P is comprehensive and interesting.

2. Read his words of wisdom

Three of my favorite quotes from the Scouting legend speak for themselves:
  • “It is risky to order a boy not to do something; it immediately opens to him the adventure of doing it.”
  • “The open-air is the real objective of Scouting and the key to its success.”
  • “There’s nothing like ‘Being Prepared,’ is there? For what might seem possible, even if it may not seem probable.”

3. See his final message to Scouts

Baden-Powell prepared a farewell message to Scouts that was meant to be shared after his death. He died at age 83 in 1941.

4. Become a Messenger of Peace

In the October 1932 issue of Jamboree, Baden-Powell wrote: “Our aim is to bring up the next generation as useful citizens with a wider outlook than before and thereby to develop goodwill and peace in the world through comradeship and co-operation.”

5. Consider how you pronounce B-P’s name

This one comes with a little controversy. I’ve heard Baden-Powell’s name pronounced two ways — the Powell part, at least.
Some say it like “POW-ull,” while others pronounce it more like “pole.”
B-P himself once address the pronunciation in a short poem:
Man, Nation, Maiden
Please call it Baden.
Further, for Powell
Rhyme it with Noel
Remember that B-P was British, so “noel” is pronounced like this. In other words, I’ve been pronouncing it wrong pretty much all my life, and it is more like “pole.”

7. Watch this video about B-P

https://youtu.be/Bqu5ugfcURA

 








No comments:

Post a Comment