Translate

Tuesday, April 9, 2019

12 වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරිය

15
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරන 12 වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරිය මෙවර වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යපීඨයේදී 2019 අප්‍රේල් මස 06 සිට 08 දක්වා පෝතක බාලදක්ෂ දරුවන් 7500 කගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් වසර 03කට වරක් ජාතික මට්ටමින් සංවිධානය කරන ජාතික කබෝරිය, අපේ උරුමය මව්බිමයි, තේමාව යටතේ බාලදක්ෂ දිස්ත‍්‍රික්ක සියල්ල නියෝජනය කරමින් පෝතක බාලදක්‍ෂයන් 7500 පමණ සහභාගී විය. ලෝකයේ ළමුන් වෙනුවෙන් බිහි වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ලෝක බාලදක්ෂ ව්‍යාපාරය රටවල් 168ක් තුළ මිලියන 40කට අධික සාමාජික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරයි. 12වැනි ජාතික කබෝරි පදක්කම නිළ වශයෙන් එළි දැක්වීම ජනවාරි මස 23වන දින අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විය.


ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ මේ වන විට 50000කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය උසුලයි. පළමු වරට දකුණු ආසියාතික රටවල බාලදක්ෂ දරුවන් සහ නායක නායිකාවන් 300 ක් පමණ කබෝරිය සදහා එක් වූ අතර මාලදිවයින, ඉන්දියාව ඇතුලු සාක් කලාපීය රටවල් නියෝජනය කරමින් පෝතක බාලදක්ෂයන් පැමිණීම ද සිදුවුණා. මෙම කබෝරිය සඳහා ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි වයස අවුරුදු හතත්, එකොළහත් අතර වයසේ පසුවන පෝතක බාලදක්ෂයින් 7500 ක් ද ආචාර්යවරුන් හා වරියන් 750 ක් පමණ එක්ව සිටින අතර ප්‍රථම වරට දකුණු ආසියාතික රටවල්වල පෝතක බාලදක්ෂ දරුවන් හා නායක නායිකාවන් 300ක් පමණ ඊට එක්ව සිටී. තෙදිනක් පුරා පැවැත්වෙන කබෝරිය විශේෂාංග රැසකින් සමන්විත අතර එම දරුවන්ගේ වයසට ඔබින විෂය නිර්දේශ යටතේ පුහුණුවීම් ලබාදීම සිදු කෙරෙන අතර විනෝදජනක අවස්ථා මගින් දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

12 වෙනි ජාතිත බාල දක්‍ෂ කබෝරිය ආරමිභක උත්සවයවයේ ප්‍රධාන ආරාධිත වශයෙන් වත්මන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය. කබෝරි පදක්කම් කට්ටලය කබෝරි සංවිධායක කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය. කබෝරි සමරු ඵලකය කබෝරි ලේකම් රේණුකා සිල්වා මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ප්‍රධාන උත්සවය අවසානයේ ජනාධිපති වරයාද නොසිතූ ලෙස පෝතක දරුවන් ගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම හමුවේ පිටව යාමට ගිය ජනාධිපතිවරයාට මාර්ගය ද වැරදුණු අතර දරුවන්ගේ ඇවටිලි කිරීමි හේතුවෙන් වේදිකාවෙි බිම සිටි දරුවන්ගේ රංගන බලා සතුටුවීම සදහා ඔවුන් වෙත යාමට ද සිදුවිය. උත්සවයේ මූලික කටයුතු අවසන්වී පිටවයන අතර තුර  ජනපතිවරයා  දරුවන් අතරට ගියේ තමුන් පිටව යන බව හැගවීමටය. නමුත් දරුවන් ජනපතිවරයා ඉතා උනුසුම්ලෙස පිළිගත් බැවින් ජනාධිපතිතුමාට එම දරුවන් දමා පිට ව යාමට හිත් නොදෙන තරමට ය. පසුව යන්න ගිය ගමන නවතා දැමූ ජනාධිපති වරයා පහල සිටම තවත් රංගනයක් බලා දරුවන් සමග සමූහ ඡායාරූපයක්ද ගෙන පිටව ගියේය.

ප‍්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනාධිපතිවරයා ශිෂ්‍යත්ව විභාගය නවතන බවට මේසා දරුවන් විශාල පිරිසකට එකවර පැවසූ ප‍්‍රථම අවස්තාව ද මෙය විය. 



-------------------------------------

ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්..

දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්විණි.












------------------------------------- 
ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය ද කාලානුරූපීව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ වේයන්ගොඩ, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වුණු දොලොස්වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේදී අවම වශයෙන් එය පාසල් දරුවන්ගෙන් 25% වත් නියෝජනයවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා, ගුණදහම්වලින් පොහොසත් අනාගත පරපුරක් ගොඩනැගීමට බාලදක්ෂ ව්‍යාපාරය වැදගත් බව කියා සිටියේ ය.
ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් වසර 03 කට වරක් ජාතික මට්ටමින් සංවිධානය කරන ජාතික කබෝරිය – අපේ උරුමය මව්බිමයි – තේමාව යටතේ හෙට දක්වා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වේ.

The scout Movement is important to build a generation rich with discipline and virtues - President

2019 Apr 06,Colombo: Sri Lanka President Maithripala Sirisena says, the Scout movement should be subjected to timely changes, without damaging its policies and objectives.

The President made this observation at the inaugural ceremony of the 12th National Cubboree of Sri Lanka Scouts held at the Siyane National College of Education, Veyangoda today (06) under his patronage.

Speaking at the event, the President highlighting the importance of expanding the Scout movement with the representation of at least 25 percent of school children, said the movement is very important in building a generation rich with discipline and virtues.

The President further stated that special attention has been paid to the changes that need to be made in the education system in order to build an excellent future generation in the country and the relevant program is being prepared according to advice of education experts.

The National Cubboree is organized by the Sri Lanka Scout Headquarters at national level in every three years. This year the National Cubboree will be held under the theme "Our Heritage is Motherland" at the Siyane National College of Education, Veyangoda from today to April 08.

This year 7500 cub scouts of 7-11 years of age and 750 scout teachers from across the country will participate in the event.

For the first time 300 cub scouts and their leaders from Asian countries are participating in the Cubboree. The Scout Association of Maldives arrived in Sri Lanka with its Cub Scout Contingent and the Little Cubs and Bulbuls of Bharat Scouts and a Guides of India arrived yesterday to take part in the three-day event.

The three-day Cubboree will feature several programs including age appropriate training on various discplines and entertainment events.

Mrs. Wathsala Wijewickrama, the Cubboree commissioner presented the Cubboree Medal to the President and Secretary Mrs Renuka Silva presented the Cubboree plaque to the President.

State Minister Ajith Mannapperuma, Member of Parliament Lasantha Alagiyawanna and Chief Scout Engineer Meryll Gunatilake also participated in the event.

-----------------------------
NEWS ON



No comments:

Post a Comment