Translate

Thursday, May 16, 2019

සූදානම් ව සිටිනු



" සූදානම්ව සිටිනු "

බාලදක්ෂ ආදර්ශ පාඨය වන අතර එයට අප්‍රේල් 23 දිනය හා බැඳුණු සම්බන්ධතාවක් ඇතිබව ඔබ දන්නවාද ?

එංගලන්තය ඇතුළු බොහෝ රටවල අශ්වාරෝහක හමුදාවල මෙන්ම බාලදක්ෂයන්ගේත් අනුශාසක ශාන්තුවරයා ලෙස සලකනු ලබන ශාන්ත ජෝර්ජ් තුමාගේ දිනය (St.George day )ලෙස සලකනු ලබන්නේ අප්‍රේල් 23 දාය.බොහෝ ක්‍රිස්තියානි රටවල බාලදක්ෂයන් ශාන්ත ජෝර්ජ් දිනයේදී පොරොන්දුව අළුත් කරති.
ක්‍රි:ව: 1000 දී පමණ යුරෝපයේ නයිට්වරුන් මිත්‍යාදෘෂ්ටික අරාබිවරුන්ට විරුද්ධව කල සටනේදී ඔවුන් විසින් ස්වකීයන් හඳුන්වාගනු ලැබුවේ කුරුසය ආරක්ෂා කරන්නවුන් ලෙසිනි .ඔවුන් කල සටන් අතරින් දරුණුම හා විශාලතම සටන ලෙස සැලකෙන්නේ 1097 දී නයිට්වරුන් 7000 ක් පමණ අරාබි අශ්වාරෝහක 25000ක් අතර ඇතිවූ සටනය.මෙහිදී නයිට්වරුන්ගේ සුවිශේෂී හා වීරෝධාර සටන් විලාසය නොතිබෙන්නට සංඛ්‍යාවේ පරතරය අනුව නයිට් වරුන්ට පරාජය අත්වීමට තිබුනි.තමන්ට එරෙහිව ආ විශාල අරාබි හමුදාව පරාජය කිරීමට ඔවූහු අවසාන මොහොතේ එල්ල කල තීරණාත්මක ප්‍රහාරය සමත්විය .

මෙහිදී නයිට්වරුන් අතරින් මතුවූ සුදු අසුන් පිට නැගි යුධ සන්නාහ සැට්ටයකින් සැරසුණු දෙදෙනකු ජයග්‍රහණය කරා තමුන් මෙහෙයවූ බවත් ඔවුන් "ශාන්ත ජෝන් " හා " ශාන්ත ඩෙමිට්‍රියස් " යැයි නයිට්වරුන් විශ්වාස කලහ.එයින් අවුරුදු 100 පසුව එනම් 1187 සිදුවූ තවත් එවැනි සටනකදී පෙර පරිදිම ඔවුන් අතරින් මතුවූ සුදු අශ්වයෙකු පිට නැගුණු අයෙක් ඔවුන් දිරිමත් කරමින් ජයග්‍රහණය කරා සටන මෙහෙය වූ බවත් අවසානයේදී හෙතෙම මැරී වැටුනු බවත් ඒ ශාන්ත ජෝර්ජ් යැයි නයිට්වරුන් විශ්වාස කලහ.

එසේ ඔවුන් දිරිමත් කරමින් සටන මෙහෙයවා දිවිපිදූ ශාන්ත ජෝර්ජ්, අශ්වාරෝහකයන්ගේ ශාන්තුවරයා ලෙසින් පිළිගැනීම එලෙස සිදුවිණි .

සුදු පාට පසුබිමේ රතු කුරුසය සහිත කොඩිය ශාන්ත ජෝර්ජ්ගේ කොඩියයි.මෙම සළකුණ එංගලන්තයේ නයිට්වරුන් පළඳිති.එමෙන්ම ඔවුන්ගේ ගේ් යකඩ යුධ සැට්ටය (සන්නාහය) වසා අඳින සුදු කමිසයේද රතු කුරුසය තිබේ.මෙම කමිසය " JACQUE " නමින් හැඳින්වූ අතර වත්මන් ජැකට් යන වචනය ඒ අනුසාරයෙන් සැදී ඇත .එමෙන්ම බ්‍රිතාන්‍යය කොඩියට පාදකවූ කොඩි අතර ශාන්ත ජෝර්ජ්ගේ කොඩියද අයත්ය.එමෙන්ම බ්‍රිතාන්‍ය කොඩිය හැඳින්වීමට භාවිතා කරන Union Jack යන්නද jacque වචනයෙන් බිඳී ආවකි.

තමන්ට අසීරු අවස්ථාවලදී තම සහායට ජෝර්ජ් තුමා පැමිණේ යැයි නයිට්වරුන් විශ්වාස කරති. සෑම වසරකම අප්‍රේල් 23 වනදා සමස්ත එංගලන්ත වාසීන් මෙන්ම බාලදක්ෂයන් ශාන්ත ජෝර්ජ්ගේ වර්ණය වන රතු හා සුදු රෝස මල් පළඳිති. සටනට ශූර නයිට්වරුන් සටන් රහිත සාමකාමී අවස්ථාවේදී උදව් අවශ්‍ය ඕනෑම කෙනෙකුට උපකාර කිරීමට බැඳී සිටින අතර ඔවුන්ගේ ආදර්ශ පාඨය වනුයේ " සැමවිට ම සූදානම් ව සිටිමු "යන්නයි. බාලදක්ෂයන්ද නයිට්වරුන් මෙන්ම සැමවිටම අනුන්ට උපකාර කිරීමට බැඳී සිටින හෙයින් ඔවුන්ද නයිට්වරුන්ට සමාන යැයි යන අදහසින් බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාතෘ රොබට් බේඩ්න් පවෙල් සාමිතුමා බාලදක්ෂ ව්‍යාපාරයේ ආදර්ශ පාඨය ලෙසින් " සූදානම් ව සිටිනු " යන්න ඇතුළත් කරන ලදී .

විශේෂ ස්තූතිය
ධර්මලාල් ගුණවර්ධන

No comments:

Post a Comment