Translate

Saturday, August 1, 2020

බාලදක්ෂ අගෝස්තුව

 - ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය - 

එංගලන්තයේ ඉංග්රිසි ඕඩයේ බ්රවුන්සි දූපතේ ලොව ප්රථම අත්හදා බැලීමේ බාලදක්ෂ කඳවුර ගැන ඔබත් අසා ඇති. අගෝස්තු 01 දින ඇරඹි ලෝක බාලදක්ෂ ව්යාපාරය ආරම්භයට තුඩුදුන් අද වැනි දිනෙක 2020 වර්ෂයට 113 වෙනි වසර යෙදී තිබෙනවා. 1907 අගෝස්තු 01 දින සිට 08 දක්වා පැවති කඳවුරට එංගලන්තයේ ග්රාමීය ප්රදේශයන්හි ළමුන් 20 දෙනෙක් සහභාගි වුනා. ලෝක බාලදක්ෂ ව්යාපාරයට හිරු උදාවූ දිනය වූ අගෝස්තු පළමු දිනය සිහිකරමින් ලොව පුරා බාලදක්ෂයෝ "ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය" සමරණු ලබනවා. සෑම වසරකම අගෝස්තු 01දින ලොව පුරා දසත විසිරී සිටින බාලදක්ෂයින් කරලේන්සු දිනය හා හිරු උදාවූ දිනය ලෙස විවිධ සැමරුම් අභිමානයෙන් යුක්තව පැවැත්වෙනවා. 


කොරෝනා සමයේ බාලදක්ෂ බ්ලොග් පිටු යාවත්කාලීන කර දැනුම බෙදා ගනිමු!

නිවාඩු කාලේ බාලදක්ෂයෝ හැමෝටම එකතුවෙලා කරන්න වැඩ ගොඩක් තියෙනවා. අහම්බෙන් ලැබුණු මේ කොරොනා නිවාඩු කාලේ නිකන්ම නාස්ති කර ගන්නෙ නැතිව හැමෝටම බාලදක්ෂ දැනුම බෙදාගන්න පුළුවන් විධි ගොඩක් අපි අත්හදා බැලුවා. ඉතින් අන්තර්ජාලයේ වැඩක් කරලා දක්ෂතා පෙන්නලා තියෙන හැමෝටම තමන්ගෙම කියලා බාලදක්ෂ වෙබ් පිටුවක්, බාලදක්ෂ බ්ලොග් අඩවියක්, බාලදක්ෂ යූ ටියුබ් චැනලයක් ආරම්භ කරන්න අපි ආරධනා කරනවා. තාක්ෂණික සහය ස්කවුටින් සඟරාවේ අපි ඕනෑම වෙලාවක දෙන්න සූදානම්. ඒ ගැන අපේ  Baladaksha Sri Lanka මුහුණු පොත හරහා විමසීම කලහැකියි.
  • https://web.facebook.com/groups/ScoutingBloggers/
   Scouting Bloggers
  • https://web.facebook.com/groups/scoutingyoutubers/
 


ඒ වෙනුවෙන් බාලදක්ෂ වෙබ් පිටු හා බ්ලොග් අඩවි පවත්වන්නන් සඳහා ගෘෘප් දෙකක් ආරම්භ කර තිබෙනවා. ඔබත් බාලදක්ෂ කටයුතු සම්බන්ධයෙන් නිර්මාණාත්මක ප්‍රවේශයක් සඳහා යොමු වූ දක්ෂයෙක් නම් අපේ කඳවුරට එකතු වෙන්න පුළුවන්.


අගෝස්තු 01 දින කර ලේන්සු විප්ලවය

ඔබ බාලදක්ෂයෙකු නම් ලෝක බාලදක්ෂ වාර්ෂික කැලැන්ඩරයේ කැපී පෙනෙන දිනය වන අගෝස්තු පළමු වෙනිදා බාලදක්ෂ කරලේන්සු දින සැමරුමට එක්වන්න. එදිනට කරලේන්සුව පැළඳ ගනිමින් එම දිනය ගත කිරීමෙන් ලෝක බාලදක්ෂ කරලේන්සු දින සැමරුමට එක්විය හැක. නිවසේ විවේකීව සිටින ආදි බාලදක්ෂයකු නම් නිවසේ හිඳිමින් කර ලේන්සුව පැළඳිය හැක. ඔබ කාර්යාල සේවකයකු නම් එදිනට ටයි පටිය වෙනුවට කරලේන්සුව පැළඳිය හැකියි. එපමණක් නොව පාසල් යන ඔබ පාසලේ නිල ඇඳුමේ කමිසයට කරලේන්සුව පැලඳිය හැක. ඔබ බාලදක්ෂ සමූහයේ සමූහ නායක ලෙස විදුහල්පතිතුමා හෝ තුමිය වෙතද කරලේන්සුවක් පළඳවා ලෝක බාලදක්ෂ කර ලේන්සු දිනය නිල වශයෙන් විදුහල තුළ චාම් උත්සවයක් සංවිධාන කළ හැක. ඔබ සිටින ස්ථානය, රුකියාව, තරාතිරම කුමක් වුවද ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී බාලදක්ෂයකු වීමේ අභිමානය සිහිපත් කිරීම මෙයින් සිදුවෙයි.

එමෙන්ම ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී තවත් අපූරැ දෙයක් ද සිදුවෙයි. ඔබ කැමතිම යහළුවා හට කරලේන්සුවක් පැළඳවීමට අවස්ථාවක් ලැබෙයි. එතැනින් නොවතින ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී ඔබ ආදරය කරන සුරතලාට ද කරලේන්සුවක් පැළඳවීමට අවස්ථාවක් ලැබෙයි.

2020 ලෝක බාලදක්ෂ කර ලේන්සු දිනය සැමරුමට එක්වූ අයුරු අපට එවන්න. අපේ මාසික බාලදක්ෂ පුවත් විකාශයට එය ඇතුලත් කරන්න අපි සූදානම්.



පෙර දා සටහන්
https://baladakshaya.blogspot.com/2019/07/blog-post.html

No comments:

Post a Comment