Translate

Tuesday, August 8, 2023

Switching and Swapping මාරු කිරීම සහ හුවමාරු කිරීම

Scout SWAPs

 

වෙළඳාමට පදනම වූ භාණ්ඩ හා සේවා හුවමාරුව මානවයා විසින් ආරම්භ කළේ ලිඛිත ඉතිහාසය බිහිවන්නට බොහෝ ඈත කාලයක සිටයි. මුල දී මුදල් පරිහරණයක් තිබුණේ නැහැ. භාණ්ඩ හුවමාරුව පමණයි, සිදු වුණේ. අතරමැදියන් නගර හා ගම්මාන අතර යමින් ඔවුන්ට අත්‍යවශ්‍ය ‍දෑ ගෙන ගොස් ඒවා ඔවුන්ගේ නිෂ්පාදනවලට හුවමාරු කරමින් ඒවා රැගෙන වෙනත් ප්‍රදේශවලට ගොස් ප්‍රජාව සමග හුවමාරු කිරීමයි. ඉල්ලුම අනුව මේ ක්‍රමය වැඩි දියුණු වුණා. මේ ක්‍රමය වඩාත් ව්‍යාප්ත වෙත්ම තවත් අපූරු දෙයක් සිද්ධ වුණා. ඒ විවිධ පළාත්වල සිදුවන ආරංචි හුවමාරු වීමයි. ඒ සමග ම රටපුරා පවතින ජනකතා, උපමා කතා, උපහැරණ ආදියත් ව්‍යාප්ත වුණා. අදවන විට වෙළඳ ආම්පන්න හුවමාරු අලෙවිය වෙබ් අඩවිය පුරා පැතිර තිබේ. 
 
 
වෙළඳාම බිහි වීමට මුල් වූ ඒ භාණ්ඩ හුවමාරුව මිනිසා ආර්ථික හා සාමජීය වශයෙන් දියුණුවට පත්වූවද පැරණි භාණ්ඩ හුවමාරු ක්‍රමයේ පැවති දුර්වලතා හා ගැටලු කෙසේ වෙතත් ලොව පුරා බාලදක්ෂයෝ තවද එම ක්‍රමයට අනුව සුහදත්වය හුවමාරු කරති.


 
 
ගනු දෙනු
ටී-ෂර්ට්, කරලේන්සු, බාලදක්ෂ ලාංඡන, පදක්කම්, පින්තූර සහ වෙනත් ඕනෑම සමරුවක් මෙලෙස හුවමාරු වේ. මූලිකවම ගැනීම හා දීම පදනම් වූ මෙහි ඇති සුවිශේෂත්වය වනුයේ ‍භාණ්ඩයේ වටිනා කමට වඩා සුහදත්වය හුවමාරු වීමයි. විටෙක රසකැවිලි කිහිපයක් සමඟ කඳවුරු පදක්කම් කීපයක් ද බඳපටියක් සමඟ කුඩා සත්ව අනුරූ ද හුවමාරු වේ. හුවමාරු වන භාණ්ඩය නිශ්චිතව තීරණය කළ නොහැකි අතර ඇතැම් විට පදක්කමක් සමඟ රාත්‍රී ආහාරය ද හුවමාරුවනු දැකිය හැකිය.
 


 
විදෙස් කදවුරු වලදී ලොව පුරා සිටින බාලදක්ෂයන් සමඟ පදක්කම් වෙළඳාම් කරන අතර මෙවර ලෝක ජම්බෝරියේදීත් ඒ සඳහා සුවිශේෂී ඉඩක් වෙන් කර දි තිබිණ. ලෝක බාලදක්ෂ ජම්බෝරියේදී දවස අවසන් වීමට පෙර තිබෙන නිවාඩු කාලයේදී කම්මැලිකම නැති කරගන්න තියෙන හොඳමා ක්‍රමය තමා swapping කරන එකයි. කඳවුර අවසන්වන වෙලාවේ ඉතිරිවෙලා තියෙන හැමදේම අනිත් අයත් එක්ක හුවමාරු කරලා සමහර විට ඇදුම් පැළදුම්, කෑම, රැගෙන ආපු බෑග්, කූඩාරම්, මාරු කාසි, මුද්දර, මුදල් නෝට්ටු, කොඩි පවා හුවමාරුවට යොද ගනු දැකිය හැකියි.

ඒක ඇත්තටම පිස්සුවක්. සෙනඟ පිරී ඉතිරී ගිය අතර, ඔබට සෙලවීමටවත් නොහැකි තරමට එකිනෙකාට සමීප ව සිට ගෙන පොරකෑමකින් තොරව හුවමාරුවීම් සිදුකරති. මම හිතන්නේ මම ඒ සෙනඟ අතරින් එළියට එන්න උත්සාහ කරලා අතරමං වුණා කියලා. කැනඩාවේ බාලදක්ෂ කණ්ඩායම කීප දෙනෙක් එංගලන්තයේ බාලදක්ෂයින් කිහිප දෙනෙකුගෙ පදක්කම් හුවමාරු කරන හැටි බලන්න ලස්සනට තිබුණා. අනිකව රටව්වටල තමන්නට ආර්ථික වාසියක් ගන්න නෙමේ ඇත්තටම ‍මෙකෙදි හුවමාරු වෙන්න‍ෙ බාලදක්ෂ සහෝදරත්වයයි.
 
 
මෙලස එකතු කරගන්නා වූ සමරු පදක්කම් කරලේන්සු ආදී බොහෝ දෑ කඳවුරු ජැකට්ටුවටත්, කෑම්ප් ෆයර් කෝට් එකටත් මසා ගන්නා අතර ඇතැම් විට පෞද්ගලික සමරු එකතු වලටත් ලොග් පොත්වලටත් ගොනුවන අතර කාලයත් සමග ඉතිහාසයට එක්වී සුන්දර මතක ලෙස ඉතිරිවනු ලැබේ. මෙවන් එකතු වලින් ඇතැම් විට අලිඛිත බාලදක්ෂ ඉතිහාසයේ නොවිසිඳුණු බාලදක්ෂ ඉතිහාස තොරතුරු සොයා ගැනීමට හේතු වී තිබේ. 


What is a Scout swap?
 
SWAPS stands for “Special Whatchamacallits Affectionately Pinned Somewhere.” They are small tokens of friendship that Girl Scouts exchange with one another, and each SWAP uniquely reflects a fellow Girl Scout, their troop, or a memory of a special event.
 

https://www.facebook.com/BADGE.INFOSriLanka

No comments:

Post a Comment