Translate

Monday, October 9, 2023

පුරෝගාමී වැඩ ගැන අතීතයෙන් ඉගෙන ගන්න - ලංකා​වේ සංගිලි පාලම්

එල්ලෙන පාලම් Suspension Bridge නැත්තන් සංගිලි පාලම් කියන්නෙ ගඟක් හරහා දාලා තියන පටු පාලමකටනේ. මේක වැලක් ස්වරූපයෙන් තියන නිසා එල්ලෙන පාලම් කිව්වට වරදක් නෑ. ඉස්සර නම් මේ පාලම් හැදුවෙ ලණු යොදාගෙන. ඒත් දැන් වානේ කේබල් යොදාගෙන තමයි හදන්නේ. යාන්තමට දෙන්නෙකුට මාරු වෙන්න පුළුවන් පළලකට තමයි මේ පාලම් හදලා තියෙන්නෙ. කේබල් හරහා ලෑලි දාලා හදලා තිබ්බත් නඩත්තුවෙ හොඳකම නිසා ගොඩක් පාලම්වල ලෑලි ගැලවිලා තියනවා. මේ පාලම් වලින් එගොඩ වෙන එක ත්‍රාසජනක අත්දැකීමක් වගේම මාරම ෆන් එකක්. අඩියක් තියනකොට හෙලවෙන මේ පාලමක අත්දැකීම ගන්න ඒකකින් යන්නම වෙනවා.

1. රුවන්වැල්ල එල්ලෙන පාලම



රුවන්වැල්ල කියන්නේ ඓතිහාසික කෝට්ටේ, සීතාවක, මහනුවර යන රාජධානි සමයයන්හිදී බොහොම ප්‍රචලිත ගම්මානයක්. ලංකාවේ දිගම එල්ලෙන පාලම මේ ගමේ තමා තියෙන්නේ. කැළණි ගඟ හරහා වැටිලා තියන රුවන්වැල්ල සංගිලි පාලම දැනට ලංකාවේ තියන දිගම එල්ලෙන පාලමයි. කැළණි ගඟේ අතු ගංගාවක් වෙන ගුරුගොඩ ඔය හා කැළණි ගඟ හමුවෙන ඉසව්වේ තමා මේ සංගිලි පාලම පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ ගම්පොල කඳුවැටි ආශ්‍රිතව උපත ලබන ගුරුගොඩ ඔයත් ශ්‍රීපාද කඳු පන්තිය ආශ්‍රිතව උපත ලබන කැළණි ගඟත් රුවන්වැල්ලේදී එක්වෙනවා. මේ පාලම අඩි 550ක් විතර දිගයි කියලයි එහි සමරු ඵලකයේ සඳහන් වෙන්නේ. නිකවලමුල්ල, කුරුපැන්න ගම් හා රුවන්වැල්ල ගම යාකරමින් හැදිලා තියන මේ පාලම ගොඩක් හොඳ තත්ත්වයෙන් තාම තියනවා. පාළමෙන් එගොඩවෙන ප්‍රදේශය හඳුන්වන්නෙත් ‘පාලංගමුව’ කියලයි. ඊට එහා තියෙන්නේ නිකවලමුල්ල, කුරුපැත්ත වැනි ගම්මානයි. පාලම තියෙන්නේ ගගට අඩි 40ක් උඩින්.

කැළණි ගඟ හරහා වැටිලා තියන රුවන්වැල්ල සංගිලි පාලම දැනට ලංකාවේ තියන දිගම එල්ලෙන පාලම විදියටයි හඳුනාගෙන තියෙන්නෙ. කැළණි ගඟේ අතු ගංගාවක් වෙන ගුරුගොඩ ඔය හා කැළණි ගඟ හමුවෙන හංදියේ තමා මේ සංගිලි පාලම පිහිටලා තියෙන්නේ. ගම් එකට යාකරමින් මිනිස්සුන්ගේ පහසුවට ලොකු රුකුලක් වෙලා තියන මේ පාලම අඩි 550ක් විතර දිගයි කියලයි අපිට ආරංචි උනේ. නිකවලමුල්ල, කුරුපැන්​න ගම් හා රුවන්වැල්ල ගම යාකරමින් හැදිලා තියන මේ පාලම ගොඩක් හොඳ තත්ත්වයෙන් තාම තියනවා. හැබැයි යන අය පාලමෙන් වෙන වෙන ෆන් නම් ගන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේමයි යන ගමන් ගඟට එක එක එව්වා විසි නොකරන්නත් වගබලාගන්න ඕනේ. තැන මෙතනයි

2. කොස්ගුලන එල්ලෙන පාලම

කළුතර දිස්ත්රික්කයට අයත් ඉතා සුන්දර දියඇල්ලක් වන මාකෙළි ඇල්ල නිරමාණය වන්නේ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟෙනි. කලකට ඉහතදී අවුරුද්දේ සෑම කාලයකදීම මෙම දියඇල්ලෙන් ලොකු ජල ප්රවාහයක් ඇද හැලුණත් මෙම දියඇල්ලට කිලෝමීටර් කිහිපයක් පිටුපසින් ඉදිකර ඇති කුකුළේගඟ වේල්ල හේතුකොටගෙන වර්ෂාව අඩු සමයන්හිදී මෙමගින් ඇද හැලෙන ජල ප්රවාහය අඩු වන බව වාර්තා වේ. මෙම දියඇල්ල පාමුල ප්රදේශයේ දිය නෑම ඉතා අනතුරුදායක වන අතර එසේ දිය නෑමේදී අනතුරට ලක්ව කිහිප දෙනෙක් දැනට මියගොස් ඇති බව කණගාටුවෙන් කිව යුතු අතර දිය ඇල්ලට ඉහලින් මීටර් දෙතුන්සියයක් පිටුපසින් මෙහි පැමිණෙන සංචාරකයින්ට ආරක්ෂිතව දිය නෑ හැකි ස්වභාවික තටාකයක් නිර්මාණය වී ඇති බව සතුටට කරුණකි.

හොරණ හරහා බුලත්සිංහල නගරයට පැමිණ පාහියන්ගල මාර්ගයේ ගමන් කර පාහියන්ගලට හැරෙන තැන පසු කරමින් ගමන් කොට මෝල්කාව හන්දියට පැමිණ වමට දිවෙන කෙලින් කන්ද මාර්ගයේ ගමන් කිරීම එහෙමත් නැත්නම් මතුගම - අගලවත්ත පාරේ ගමන් කොට ලත්පඳුර හන්දියෙන් හැරිලා තරමක් දුර ගමන් කොට මෝල්කාව හන්දියට පැමිණ දකුණට දිවෙන කෙලින් කන්ද මාර්ගයේ ගමන් කිරීම මගින් මෙම දිය ඇල්ල ආසන්නයට පහසුවෙන්ම ලඟා විය හැක. කෙලින් කන්ද මාර්ගයේ ගමන් කිරීමේදී මාකෙලි ඇල්ලට පෙර හමුවන කොස්ගුලන ප්රදේශයේ පිහිටා ඇති තවත් එක් වැදගත් ස්ථානයක් ගැන කිව යුතුය. ඒ කොස්ගුලන සංගිලි පාලමයි. මේ පාලම මීටර් 65ක් දිගයි. හරහට කිතුල් ලෑලි තමා දාලා තියෙන්නෙ. මේ පාලමේ විශේ​ෂත්වයක් තියනවා. ඒ කියන්නෙ අනික් පාලම් වගේ නෙමෙයි, අපේ මේ පාලමට ගොඩවෙන්නෙ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම බහින්න වෙන්නෙ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. මේ පාලම බුලත්සිංහල මෝල්කාව පාරේ ගිහින් මෝල්කාව හංදියෙන් කෙලින් කන්ද පාරෙ ගියාම වම් පැත්තේ තියෙන්නෙ. පාලමේ සමහර ලෑලි ගැලවිලා තියන නිසා වැටුනොත් කෑල්ලක්වත් හොයාගන්න බැරිවෙයි. ඒ නිසා කල්පනාවෙන් යන්න වෙනවා. දිනකට සියගණනක් පමණ එහා මෙහා යන මෙම සංගිලි පාලමෙහි විශේෂත්වය වනුයේ එය පලාත් දෙකක් අතර ඉදිව තිබීමයි. කෙලින් කන්ද මාර්ගය දෙසින් ඇති කොස්ගුලන සංගිලි පාලමේ අන්තය බස්නාහිර පලාතේ කළුතර දිස්ත්රික්කයට අයත් වන අතර අනෙක් අන්තය අයත් වන්නේ සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්රික්කයටය. තැන මෙතනයි

3. බඹරකිරිඇල්ල එල්ලෙන පාලම

 බඹරකිරිඇල්ල කියන්නේ අපි කවුරුත් දන්න කියන ඇල්​ලක්නේ. මාතලේ රත්තොට පැත්තේ තියන මේ ඇල්ල කිට්ටුවමයි එල්ලෙන පාලමත් තියෙන්නෙ. මාතලේ රත්තොට පල්ලෙගම පාරේ B 274 රත්තොට නගරයේ ඉඳලා කි.මි 1ක් වගේ යනකොට බඹරකිරිඇල්ල හම්බවෙනවා (කි.මි.15 කණුව ලඟ). රිවස්ටන් යන පාරේ තමා තියෙන්නෙ, වංගුවක් එක්කම බෝඩ් එක ගහලා ඇති. මහබඹරකිරි ඇල්ල ලඟ තමා පාලම තියෙන්නෙ. පාලම නම් දැන් ටිකක් අබලන් තත්ත්වයේ තියෙන්න. මහබඹරකිරි ඇල්ලේ ඉහළ තට්ටුව බලන්නත් කුඩා බඹරකිරි ඇල්ල බලන්නත් යන්න ඕනේ මේ එල්ලෙන පාලමෙන් තමයි. ටිකක් අවදානම් ගමනක් උනත් මේක පාලමෙන්ම යන්න ඕනෙ. මොකද වතුර පාර හරහා යන එක කිසිසේත්ම සුදුසු නැති නිසා. තැන මෙතනයි

4. පේරාදෙණිය සංගිලි පාලම

පේරාදෙණිය උද්භිද උද්‍යනය සහ ගන්නෝරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතන හා සම්බන්ධ වන ආකාරයට 1935 දී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරයෙකු වු Pronhill විසින් මහවැලි ගග හරහා මෙම පාලම ඉදි කර ඇත. පාලමේ දිග අඩි 416 කී. අඩි 31 උස කුලුණු දෙකක් මත මෙම පාලම රදවා ඇත. මෙම පාලම සහිත මුද්දරයක් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් 2011 මැයි මසදී නිකුත් කර ඇති අතර එහි වටිනාකම රු.5.00 කී. පේරාදෙණිය උද්භිත උද්‍යානය හා ගන්නොරුව කෘෂිකර්ම පාසල සම්බන්​ධ කරමින් මහවැලි ගඟ හරහා තමා මේ පාලම පිහිටලා තියෙන්නෙ. මීටර් 9.5ක් උස් වානේ කණු වලින් මීටර් 127ක් වගේ දිග මේ පාලම 1931 බ්‍රිතාන්‍ය පාලන කාලයේ තමයි හදලා තියෙන්නෙ. ගාඩ්න් එකේ කෙරෝලට ගියාම පාලම හම්බවෙනවා. ගොඩක් දෙනා ෆොටෝ ශූට් වලටත් මේ පාලම භාවිතා කරනවා. ඒ වගේම තමයි කොළඹ ඉදලා පොල්ගහවෙලට කෝච්චියේ යනවා නම් පොල්ගහවෙල දුම් රිය ස්ථානයට මෙහායින් තියෙන වලකුඹුර දුම්රිය ස්ථානය අසලත් එල්ලෙන පාලමක් මෑත කාළයේ ඉදි කරලා තියෙනවා. මෙන්න තැන

5. කුංචිකුලම සංගිලි පාලම

මල්වතු ඔය හරහා වැටිලා තියන මේ කුංචිකුලම පාලම පිහිටලා තියෙන්නෙ මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු පල්ලිය ආසන්නයේ. යටත් විජිත කාලේ ඉදිකරපු මේක මීටර් 100කට වඩා දිගයි. වැඩිය ප්‍රසිද්ධ නැතත් බලන්න යන්න පුළුවන් නම් යන්න. ප්‍රධාන පාරෙන් ඔබ්බට ඇතු​ළට වෙන්න තියන නිසා වැඩි සංචාර​ක ආකර්ෂණයක් නම් නෑ. එහෙමයි කියලා නොයා ඉන්න එපා. ගිහින්ම බලන්න. තැන මෙතනයි

6. ලංකාගම සංගිලි පාලම


සිංහරාජ වනාන්තරයට යාබදව පිහිටලා තියන ලංකාගම තමයි මේ පාලම තියෙන්නෙ. මේ පාලම ගිංගඟ හරහා වැටිලා තියෙන්නෙ ලංකාගම හා නිල්වැලිගම ගම් යා කරමිනුයි. සිංහරාජ සෆාරි යන ඔයාලා මේ පාලමත් ක්‍රොස් කරගෙන ​ආවනම් තවත් සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එල්ලෙන පාලමකින් ගමන් කරනකොට දෙපැත්තට පැද්දෙනවා. ඒ වගේම මේ පාලම් ඔක්කොම ලබා දෙන්නෙ එකවගේ අත්දැකීමක්. හැබැයි ඒ වගේ පාලමක යනකොට මැද ලී කැඩුණු තැන් එහෙමත් හම්බුණොත් කොහොමට තියෙයිද? මෙන්න තැන

7. බලන්තොට සංගිලි පාලම

වැඩිය ප්‍රසිද්ධ නොවුණත් ලංකාවේ තියන තවත් එල්ලෙන පාලමක් තමයි මේ. මහනුවර නාවලපිටිය කිට්ටුවට වෙන්න පිහිටලා තියන මේ පාලම හද​ල තියෙන්නෙ යකඩ දම්වැල් හා ලෑලි යොදාගෙනයි. ලෙව්දෙනිය හරහා බලන්තොට ඉඳලා වැලිගම්පලට වැටිලා තියන මාර්ගයකයි මේ පාලම පිහිටලා තියෙන්නෙ. මෙන්න පාර

8. බරලන්තොට සංගිලි පාලම

මේ පාලම පිහිටලා තියෙනේ සබරගමුව දිස්ත්‍රික්කයේ දැරණියගල බරලන්තොට කියන ප්‍රදේශයේ. මේ බරලන්තොට කම්බි පාලම තමයි දැනට ලංකාවේ තියෙන උසම කම්බි පාලම එහෙමත් නැත්තම් උසම සංගිලි පාලම විදිහට සැලකෙන්නෙ. මේ පාලමත් ඉදිකරලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. උසින් අඩි 90කුත් දිගින් අඩි 210කුත් වෙන මේ කම්බි පාලමේ ප්‍රධාන කේබල් අඟල් එකහමාරක වගේ ඝණකමකින් යුක්ත වෙනවා. ඒ කාලේ මාලිබොඩ වතුයායේ ඉඳලා ප්‍රධාන මාර්ගයට රබර් ප්‍රවාහනය කරන්න සකස් කෙරුණු මේ පාලම අදටත් ඒ ප්‍රදේශවාසීන් පාවිච්චි කරනවා. 

9. ලේවැල්ල සංගිලි පාලම

ලේවැල්ල ඓතිහාසික ම ය වශයෙන් සටන් කිහිපයකට ම මුහුණ දුන් තැනක්. රජ දවස ලේවැල්ල තොටුපළෙන් එතෙර වූයේ ඔරු පාරුවලිනි. ලේවැල්ල යන නම ලැබී තියෙන්නේ ඉංග්‍රීසීන් කණ්ඩායමක් පෙතිගසා මරා ඔවුන්ගේ ලේ වැල්ල දිගේ ගලා ගිය නිසා බවට මතයක් පවති. මහනුවර සහ දුම්බර මිටියාවත යා කරමින් ඉංග්‍රීසි පාලන යුගයේ මහවැලි ගඟ හරහා ඉදි කරනු ලැබූ ලේවැල්ල සංගිලි පාලම ඉංග්‍රීසි පාලන සමයේ දහස් ගණනක් ජනතාවට දුම්බර පෙදෙස්වලට ඉතා පහසුවෙන් එහා මෙහා යාම සඳහා ඉදි කරනු ලැබූ මෙම පාලම කාලය ඇවෑමෙන් ප්‍රමාණයත් නොවීම නිසා හිටපු ජනාධිපති ඩී.බි.විජේතුංග මහතුන්ගේ සීමාවේ නව පාලමක් ඉදි කරනු ලැබ ඇති අතර එයත් සමඟ එහි තිබූ මෙම ඓතිහාසික පාලම අතහැර දමා ඇති තිපබ්. ලේවැල්ල” නම් වූ පාරිසරික වටිනාකමකින් යුත් ඉතාමත්ම රමණීය භූමියක් හමු විය. වර්තමානයේ ලේවැල්ල සහ සිරිමල්වත්ත යා කරමින් දැවැන්ත “ලේවැල්ල පාලම” ඉදිකර තිබේ. ඊට පෙර එහි තිබුණේ මිනිසුන් ලක්ෂ ගණනින් එතෙර මෙතෙර කළ එල්ලෙන පාලමකි. අදට ද එම පාලම, දැවැන්ත කොන්ක්‍රීට් පාලම අසළ නිසොල්මනේ පවතී. පොල්ගොල්ල වේල්ලේ සිට කිලෝ මීටර් දෙක හමාරක පමණ පහළින් පිහිටි ලේවැල්ලෙන් ගලා යන මහවැලි නදිය ආශ්‍රිත ප්‍රදේශය ද ඉතා වැදගත් ස්ථානයකි. තනි ගල් තලාවක් උඩින් ජලය ගලාගෙන යන අතර පතුලේ ගල් වළවල් සෑදී ඇත. මතුපිටින් බලන කෙනෙකුට ජලය අඩු වගේ පෙනෙමින් නිසොල්මනේ ජලය ගලා ගිය ද අභ්‍යන්තරය භයානකය. එම පරිසරය ගැන නොදන්නා කෙනකු ජලයට බැස ගියහොත් නැවත පිහිනා ඒමට හැකියාවක් නොලැබෙන බව එම ප්‍රදේශයේ බොහෝ දෙනකු ගේ අදහසයි. පසුගිය සතියේ සඳහන් කළ හත්කිද ප්‍රද්ශයේ දක්නට ලැබෙන ආකාරයෙන් මෙහිද පුනීල මෙන් තැන් තැන්වල සෑදී ඇති ගල් වළවල් දක්නට ලැබේ. ඒවාට ඇදී යන මිනිස්සු එහි හිර වී අවසන් ගමන් යයි.

10. වේවැල්තලාව සංගිලි පාලම

ගිනිගත්හේන නගරයේ සිට වේවැල්තලාව දක්වා මාර්ගයේ මහවැලි ගංගාව හරහා ඉදිකර තිබෙන සංගිලි පාලම අබලන්තත්ත්වයක පවති. ගිනිගත්හේන නගරයට මුහුණලා තිබෙන කඳු බෑවුමක පිහිටි වේවැල්තලාව ගම්මානයට පිවිසෙන මාර්ගයේ මහවැලි ගඟ හරහා මීටර් 40ක් පමණ දිගින් යුත් එම පාලම ඉදිකරන ලද්දේ එවකට පැවති අඹගමුව උතුර ගම් සභාව මඟින් මෙයට දශක හතකට පමණ ඉහතදීය. කාලයෙන් කාලයට එම පාලමේ ලෑලි දිරාපත් වු විට අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
 

10. නක්කාවිට සංගිලි පාලම

සිරිපා අඩවියට නොදුරු මනරම් කදු වළල්ලක් මැද එල්ලා ඇති නක්කාවිට වැල් පාලම පිහිටා තිබෙන්නේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හුදෙකලා සුන්දර නගරයක් වූ දැරණියගල කේන්ද්‍ර කොටගෙනය. සිරිපා වඳින්නට යන දුෂ්කර නමුත් ස්වාභාවික පරිසර පද්ධතීන්ගෙන් අනූන මාර්ගය වූ උඩමාලිබොඩ පාර වැටී තිබෙන්නේ මෙම වැල් පාලම ඔස්සේය. පාලම ඉදිකර තිබෙන්නේ බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ 1919දීය. සිරිපා හිමෙන් පටන්ගෙන  සුප්‍රකට ඇලි හත ඔස්සේ ගලා බසින සීතාවක නදියේ අතු ගංගාවක් වූ මාගල් ගඟ හරහා වැල් පාලම ඉදිකර තිබේ. වැල් පාලම විශ්වකර්ම නිර්මාණයක් වන්නේ උසින් අඩි 80ක් සහ දිගින් අඩි 400කින් යුක්තව කදු මුදුන් දෙකක් එකට යා කරන හෙයිනි. මාලිබොඩ, උඩ මාලිබොඩ, දික්ඇල්ල කන්ද, මහයාය, පොත්දෙනිකන්ද, ආදී ගම්මාන රැසක ජනයා සියවසක් මුළුල්ලේ නක්කාවිට වැල් පාලම ඔස්සේ එගොඩ මෙගොඩ ගමන් කර තිබේ. නක්කාවිට වැල් පාලම සිනමාවටද නැඟුණි. යටත් විජිත පාලන සමයේ පාලම නිර්මාණය කර තිබුණේ යකඩ කේබල් සහ නා, මී දැව කඳන් උපයෝගි කර ගෙන බව පැරැන්නෝ පවසති.

අවිස්සාවේල්ල - කරවනැල්ල මාර්ගය දෙහිඕවිට දක්වා ඇදී යන්නේ වූ සීතාවක ගංගා ඉවුර අද්දරින්. අවිස්සාවේල්ල සිට කිලෝ මීටර් 7ක් දුරින් පිටදෙණිය කියන ගම පිහිටා තිබෙනවා. පිටදෙණිය බෝධි වෘක්ෂය අසලින් දකුණු දෙසට ඇදී යන පාර වැටී තිබෙන්නේ තිඹිරිපොල ගම්මානය වෙතයි. එම පාරේ කිලෝ මීටරයක් දුර පියමං කරන විට සීතාවක ගඟ හරහා දමා තිබෙන "සංගිලි පාලම" අපට දැක ගැනීමට ලැබෙනවා. පාලම අසලින් ඇති වන බූටෑව අතරින් වම් පැත්තට තවත් මීටර් 300ක් ගමන් කරන විට ගං ඉවුරේ ගල් තලාවක කොටා ඇති "සිරිපතුල්" ලාංඡනය දැක ගැනීමට පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ, අටුළුගම් කෝරලයේ, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තමයි මේ ස්ථානය අයත් වන්නේ. ගඟ අසබඩ තෙඹු පඳුරු පිරුණු බිමක අඩි 20ක් පමණ උසැති මේ ගල් පර්වතය පිහිටා තිබෙනවා. පර්වතය මඳක් හාරා නිර්මාණය කර ඇති සිරිපතුලේ දිග අඩි 4 ක් පමණ වෙනවා. පළල අඩි එක හමාරයි. පාදයේ ඇඟිලි දිගින් අඟල් 10ක් පමණ වෙනවා. සිරිපතුල වටා ගෙතුණු ජනප්‍රවාදයට අනුව මෙය සීතාවක රාජසිංහ රජු විසින් කරවන ලද්දක්. මෙන්න තැන


 

No comments:

Post a Comment