Translate

Wednesday, March 15, 2023

නිමල් බණ්ඩාර නැමති බාලදක්ෂයා

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තනාපති නිමල් බණ්ඩාර මහතා

බාලදක්ෂ ජීවයෙන් පෝෂිත කීර්තිමත් රාජ්ය තාන්ත්රිකයෙකු වන නිමල් බණ්ඩාර මහතා 2019 ඔක්තෝබර් 16 වන දින ඕස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්තය සඳහා ශ්රී ලංකා කොන්සල් ජෙනරාල් ලෙස පත්විය. 2000 දී විවෘත තරඟ විභාගය මඟින් ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ නිමල් බණ්ඩාර වෘත්තිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. මහජන චීන සමුහාණ්ඩුව (2001-2005), නෙදර්ලන්තය (2006 - 2009), පකිස්තානය (2009–2012), ඉරාක ජනරජය (2014), සාර්ක් මහ ලේකම් කාර්යාලය (2016-2017) දකුණු ආසියානු සහයෝගිතා සංවිධාන (SAARC) මහලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ යෙදුනේය. කත්මන්දු, නේපාලය (2015-2018), සිඩ්නි, ඔස්ට්‍රේලියාව (2019 - 2020) ආදී රටවල සේවය කළ ඔහු 2020 වසරේ සිට සයිප්‍රස් ජනරජයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කළ අතරවිදේශ කටයුතු අමාත්‍යාංශයේ මැද පෙරදිග අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කලේය. එතුමා දකුණු ආසියානු සහයෝගීතා සංවිධාන මහලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්‍ෂවරයා ලෙස සේවය කලේය. වර්තමානයේදී එතුමා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තනාපති ලෙස කටයුතු කරනු ලැබේ.

නිමල්බණ්ඩාර මහතා හැලිඇල මැදි මහ විදුහලේ කීර්තිමත් ආදී ශිෂයෙකු වන අතර ඔහු එම විදුහල අද පිහිටා තිබෙන ස්ථානයට ගෙන එමෙන් අනතුරුව බිහිකරන ලද ප්රථම බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයෙකි. ඒ 1979 කාලසමයේදී ය. ඒ වනවිට එම විදුහලේ ගරු විදුහල්පති ලෙස කටයුතු කර ඇත්තේ බෝගහකුඹුර මහතා වේ. බාලදක්ෂ අචාර්යවරයා ලෙස කටයුතු කර ඇත්තේ ගමගේ මහතාය. එදා බණ්ඩාර මහතා ඇතුළු සාමාජිකයන්ට සාමාජික පදක්කම් පැළඳවීමේ උත්සවයට ආරාධිතයෙකු ලෙස බදුලු දිස්ත්රික් හිටපු දිසා කොමසාරිස්තුමන් වන විශ්රාමික කර්නල් විජිත දැරණියගල මහතාද සහභාගී වී ඇත. එදා එතුමන් ඌව නැගෙනහිර පළාත් භාර සංචාරක කොමසාරිස්වරයා ලෙස කටයුතු කර ඇත. නිමල් බණ්ඩාර මහතාගේ සමකාලීන බාලදක්ෂ මිතුරෙකු වන විශේෂඥ වෛද්ය නිශාන්ත පතිරණ මහතා අද යුධ හමුදා රොහලේ අධ්යක්ෂකවරයා ලෙස කටයුතු කරයි (පින්තුරයේ පදක්කම් ලබන්නේ එතුමන්ය).
 

විජිත දැරණියගල මහතා තම මතකය අවධිකරමින් පවසන්නේ ඔහු තුල බාලදක්ෂ කටයුතු කෙරෙහි තිබුනේ අසීමිත ලැදියාවක් බවයි. එම ලැදියාව ඔහුව නෙල්ලි කැලේ වීරයෝ නමැති ළමා නවකතාව ලිවීමට පෙළඹවිය. තමා බාලදක්ෂයෙකු ලෙස ගත කරමින් ලැබූ සුන්දර සහ ත්රාසය පිරි අත්දැකීම් සමග තම මනසේ නිර්මාණයව තිබු සිතුවිලි අකුරු වලට පෙරලා නවකතාවක් ලෙස එදා අපට දායාද කල එතුමා එමගින් එදා අපව මනසින් ගෙන ගිය දුර එතරම්ම සුන්දරය. සැබවින්ම නෙල්ලි කැලේ වීරයෝ වනාහී බාලදක්ෂයා වීරයෙකු බවට පත්කළ සුවිශේෂී කෘතියකි. එසේ කරන්නට ගත් ප්රබල උත්සහයකි.
 
 

නෙල්ලි කැලේ වීරයෝ

පසුකාලීනව උසස් අධ්යාපන කටයුතු සහ විදේශ සේවයට සම්බන්ධ වීම නිසා ඇතිවූ කාර්යබහුල බව නිසා ක්රියාශීලි බාලදක්ෂ කටයුතු වලින් ඉවත් වුවද හදවතින් එතුමන් බාලදක්ෂ ලෝකය තුල විය. බාලදක්ෂ කටයුතු තුලින් තමන් ලැබූ පුහුණුව සහ පන්නරය තමන්ව යහපත් පුරවැසියෙක් බවට පත්කිරීමට බෙහෙවින් ඉවහල්වූ බව විශ්වාස කරන එතුමන් එම නිසාම අදටත් බාලදක්ෂ ලෝකයට දක්වන්නේ දැඩි ලෙන්ගතුකමකි.
 
1990 දී ප්‍රථම වරට පළ කර ලදුව, අතිශය ජනප්‍රියත්වයට පත්වූ 'නෙල්ලි කැලේ වීරයෝ' යොවුන් නවකතාවේ නව සංස්කරණය සූරිය ප්‍රකාශනයක් ලෙස මේසේ ඔබ අතට පත්වේ. තමා බාල දක්ෂයෙකු සේ ලැබූ අත්දැකීම් පාදක කොටගෙ නිමල් බණ්ඩාරයන් මේ කෘතියේ මුල් පිටපත ලියා ඇත්තේ ඔහු 1983 වසරේ නව වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන අවදියේදී ය. දරුවන්ට අර්ථාන්විත භාෂා හැසිරවීමට මඟ පෙන්වනු වස්, ප්‍රස්තා පිරුළු හා විශේෂණ පද පිළිබඳ විවරණයක් මෙන්ම මුල් මුද්‍රණයේ ඇතුලත් නොවූ චිත්‍ර සටහන් සමූහයක් ද නව සංස්කරණයට ඇතුළත් කොට තිබේ. ‘නෙල්ලි කැලේ වීරයෝ’ යොවුන් නව කතාවෙන් ග්‍රන්ථ කරණයට පිවිසි නිමල් බණ්ඩාර ඉන් අනතුරුව රචනාකළ ගල්ගේ කන්ද (1993) ‘වන රජ දහන’ (1996) හා සමුදුරු මේඛලා (1999) යන යොවුන් කතා වසර තිහක් පුරා දරුවන්ගේ ආදරයට පාත්‍ර වී ඇති නිසා සෑම වසරකම පාහේ ඒවා නැවත මුද්‍රණය කෙරේ. ඔහු අතින් ලියැවුණු ජනප්‍රියතම යොවුන් නවකතාව වූ 'නෙල්ලි කැලේ වීරයෝ' කෘතිය 1996 දී ඉංග්‍රීසි භාෂාවට හා 1998 දී දෙමළ භාෂාවට ද පරිවර්තනය කර ඇත. 
මෙම නව කතාව හා බැඳුණු අනෙකුත් කෘතීන් වන 'ගල්ගේ කන්ද' , 'වන රජ දහන' හා 'සමුදුරු මේඛලා' යන කෘතීන්ගෙන් 'වන රජ දහන' කෘතිය 2005 වසරේ දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ. 'සමුදුරු මේඛලා' ද දැනට ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට නියමිතය.

මේ පොත් සමූහයට අලුතින්ම එක්වූ ‘රන්ගිරි අරණ’ යොවුන් නවකතාව සඳහා තේමාව වී ඇත්තේ මුතුරාජවෙල තෙත්බිම, එහි කඩොලාන පද්ධතිය හා කුරුලු පරපුරේ සුන්දරත්වය, ගැඹුරු මුහුදේ කිමිදුම් චාරිකා, මෙන්ම සමාජයෙන් බැටකන දරුවන් වෙනුවෙන් අන් අය කෙසේ සැලකිය යුතු ද යන්න විවරණය කිරීම සඳහා ය. 

1990 වසරේදී ප්‍රථමයෙන් මුද්‍රණය කරන ලද ‘නෙල්ලි කැලේ වීරයෝ’ කථා මාලාවේ හතරවන කෘතිය ලෙස ‘සමුදුරු මේඛලා’ නිකුත් කරන ලද්දේ 1999 වසරේදී ය. 

එහි දෙවන මුද්‍රණය වසර ගණනාවකට පසු නිකුත් කරනුයේ මුල් කෘතියේ නොතිබු චිත්‍ර සටහන් සමූහයක් මෙන්ම මනා ලෙස භාෂාව හැසිරවීමට අවශ්‍ය පද විවරණයන්ද සමඟිනි. 

ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයන්හි ස්වර්ණමය යුගය, බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය,  නොමැකෙන අප්‍රිකානු මතකයන් ආදී පරිවර්තන කෘති රචනා කර තිබේ.


රට ලෝකය දිනු මෙවන් කීර්තිමත් බාලදක්ෂයන් විශාල ප්‍රමාණයක් ගෙවුණු 107 වසර පුරාවටම ලක් බාලදක්ෂ මාතාව තම කුසින් බිහිකර ඇත. අද ඔහුන් ලොව ජය කෙහෙළි නංවන්නේ මහත් අභිමානයක් ශ්‍රී ලංකාවටත් සමස්ත බාලදක්ෂ ව්‍යාපාරයටත් එක් කරමිනි.

No comments:

Post a Comment