Translate

Tuesday, August 8, 2023

Switching and Swapping මාරු කිරීම සහ හුවමාරු කිරීම

Scout SWAPs

 

වෙළඳාමට පදනම වූ භාණ්ඩ හා සේවා හුවමාරුව මානවයා විසින් ආරම්භ කළේ ලිඛිත ඉතිහාසය බිහිවන්නට බොහෝ ඈත කාලයක සිටයි. මුල දී මුදල් පරිහරණයක් තිබුණේ නැහැ. භාණ්ඩ හුවමාරුව පමණයි, සිදු වුණේ. අතරමැදියන් නගර හා ගම්මාන අතර යමින් ඔවුන්ට අත්‍යවශ්‍ය ‍දෑ ගෙන ගොස් ඒවා ඔවුන්ගේ නිෂ්පාදනවලට හුවමාරු කරමින් ඒවා රැගෙන වෙනත් ප්‍රදේශවලට ගොස් ප්‍රජාව සමග හුවමාරු කිරීමයි. ඉල්ලුම අනුව මේ ක්‍රමය වැඩි දියුණු වුණා. මේ ක්‍රමය වඩාත් ව්‍යාප්ත වෙත්ම තවත් අපූරු දෙයක් සිද්ධ වුණා. ඒ විවිධ පළාත්වල සිදුවන ආරංචි හුවමාරු වීමයි. ඒ සමග ම රටපුරා පවතින ජනකතා, උපමා කතා, උපහැරණ ආදියත් ව්‍යාප්ත වුණා. අදවන විට වෙළඳ ආම්පන්න හුවමාරු අලෙවිය වෙබ් අඩවිය පුරා පැතිර තිබේ. 
 
 
වෙළඳාම බිහි වීමට මුල් වූ ඒ භාණ්ඩ හුවමාරුව මිනිසා ආර්ථික හා සාමජීය වශයෙන් දියුණුවට පත්වූවද පැරණි භාණ්ඩ හුවමාරු ක්‍රමයේ පැවති දුර්වලතා හා ගැටලු කෙසේ වෙතත් ලොව පුරා බාලදක්ෂයෝ තවද එම ක්‍රමයට අනුව සුහදත්වය හුවමාරු කරති.


 
 
ගනු දෙනු
ටී-ෂර්ට්, කරලේන්සු, බාලදක්ෂ ලාංඡන, පදක්කම්, පින්තූර සහ වෙනත් ඕනෑම සමරුවක් මෙලෙස හුවමාරු වේ. මූලිකවම ගැනීම හා දීම පදනම් වූ මෙහි ඇති සුවිශේෂත්වය වනුයේ ‍භාණ්ඩයේ වටිනා කමට වඩා සුහදත්වය හුවමාරු වීමයි. විටෙක රසකැවිලි කිහිපයක් සමඟ කඳවුරු පදක්කම් කීපයක් ද බඳපටියක් සමඟ කුඩා සත්ව අනුරූ ද හුවමාරු වේ. හුවමාරු වන භාණ්ඩය නිශ්චිතව තීරණය කළ නොහැකි අතර ඇතැම් විට පදක්කමක් සමඟ රාත්‍රී ආහාරය ද හුවමාරුවනු දැකිය හැකිය.
 


 
විදෙස් කදවුරු වලදී ලොව පුරා සිටින බාලදක්ෂයන් සමඟ පදක්කම් වෙළඳාම් කරන අතර මෙවර ලෝක ජම්බෝරියේදීත් ඒ සඳහා සුවිශේෂී ඉඩක් වෙන් කර දි තිබිණ. ලෝක බාලදක්ෂ ජම්බෝරියේදී දවස අවසන් වීමට පෙර තිබෙන නිවාඩු කාලයේදී කම්මැලිකම නැති කරගන්න තියෙන හොඳමා ක්‍රමය තමා swapping කරන එකයි. කඳවුර අවසන්වන වෙලාවේ ඉතිරිවෙලා තියෙන හැමදේම අනිත් අයත් එක්ක හුවමාරු කරලා සමහර විට ඇදුම් පැළදුම්, කෑම, රැගෙන ආපු බෑග්, කූඩාරම්, මාරු කාසි, මුද්දර, මුදල් නෝට්ටු, කොඩි පවා හුවමාරුවට යොද ගනු දැකිය හැකියි.

ඒක ඇත්තටම පිස්සුවක්. සෙනඟ පිරී ඉතිරී ගිය අතර, ඔබට සෙලවීමටවත් නොහැකි තරමට එකිනෙකාට සමීප ව සිට ගෙන පොරකෑමකින් තොරව හුවමාරුවීම් සිදුකරති. මම හිතන්නේ මම ඒ සෙනඟ අතරින් එළියට එන්න උත්සාහ කරලා අතරමං වුණා කියලා. කැනඩාවේ බාලදක්ෂ කණ්ඩායම කීප දෙනෙක් එංගලන්තයේ බාලදක්ෂයින් කිහිප දෙනෙකුගෙ පදක්කම් හුවමාරු කරන හැටි බලන්න ලස්සනට තිබුණා. අනිකව රටව්වටල තමන්නට ආර්ථික වාසියක් ගන්න නෙමේ ඇත්තටම ‍මෙකෙදි හුවමාරු වෙන්න‍ෙ බාලදක්ෂ සහෝදරත්වයයි.
 
 
මෙලස එකතු කරගන්නා වූ සමරු පදක්කම් කරලේන්සු ආදී බොහෝ දෑ කඳවුරු ජැකට්ටුවටත්, කෑම්ප් ෆයර් කෝට් එකටත් මසා ගන්නා අතර ඇතැම් විට පෞද්ගලික සමරු එකතු වලටත් ලොග් පොත්වලටත් ගොනුවන අතර කාලයත් සමග ඉතිහාසයට එක්වී සුන්දර මතක ලෙස ඉතිරිවනු ලැබේ. මෙවන් එකතු වලින් ඇතැම් විට අලිඛිත බාලදක්ෂ ඉතිහාසයේ නොවිසිඳුණු බාලදක්ෂ ඉතිහාස තොරතුරු සොයා ගැනීමට හේතු වී තිබේ. 


What is a Scout swap?
 
SWAPS stands for “Special Whatchamacallits Affectionately Pinned Somewhere.” They are small tokens of friendship that Girl Scouts exchange with one another, and each SWAP uniquely reflects a fellow Girl Scout, their troop, or a memory of a special event.
 

https://www.facebook.com/BADGE.INFOSriLanka

Friday, August 4, 2023

Sri Lanka's three Grain of Rice sent to the Korean Jamboree! හාල් ඇට මත අඳිනු ලැබූ ලෝක බාලදක්ෂ යුවල කොරියානු ජම්බෝරියට

Sri Lanka's three Grain of Rice sent to the Korean Jamboree! 

by Macro artist Mr.Dayananda Lokuliyanage

 ~ World first Micro portraits of lord Baden Powell and Olave Baden Powell on a Grain of rice


Sri Lankan Macro Artist - Mr.Dayananda lokuliyanage shapes works of art out of pencil tips and is all set to teach the craft at a workshop. Creating miniature sculptures out of the leads of pencils is a niche he has developed over the years. The pasy fewyears he has created sculptures of pencil tip Dream catcher, Micro roses, VAJRA, Fork and knife Vs fork and spoon, mermaid on pencil tip, micro Steam train, birds, Lord Buddha statue, Space shuttle, English and Sinhala letters on pencil leads with diameters ranging from 6 mm to as small as 0.7mm — his smallest, a chair, was on a mechanical pencil lead. He also makes miniatures out of graphite bars, clay, polymers, and even shapes letters out of pencil tips. He was well Talented Craft-man, who eventually got into pencil carvings.



~ Special Gift for the Camp Chief Simon Hang-bock Rhee


 
25th World Scout Jamboree in Saeangeum - Better World Tent - in Sri Lanka Contingent exhibits Better World Tent will be operated in collaboration with the WOSM/WSB Team, the Organizing Committee, and the Jamboree Planning Team. Including a multitude of exhibits, hands-on activities, lectures, and workshops, Better World Tent—name and concept are subject to change accordingly with the latest global conditions and post-pandemic transformation—is expected to serve as a place where Scout Spirit can come to life and where you can deepen your understanding of Scouting and Jamboree culture.
 
 


Jamboree Interreligious Faiths & Beliefs Center During the 25th World Scout Jamboree, the Jamboree Interreligious Faiths & Beliefs Center will play a crucial role in nurturing the recognition and respect of world religions and grasping the meaning of faith in everyday life. Beliefs instill self-esteem in teenagers. Young Scouts will have the opportunity to continue religious practices with people of the same background. 
 
The Steering Committee will take on spatial arrangement for the Jamboree Interreligious Faiths & Beliefs Center and compose a support group by religion acknowledged by the World Scout Committee—Protestantism (CPGS), Orthodox Church (DESMOS), Catholic Church (ICCS), Judaism (IFJS), Muslim (IUMS), Buddhism (WBSB), Won Buddhism, Church of Jesus Christ of Latter-day Saints, Bahaism, Hinduism, Sikhism, and so on. In close cooperation with the World Scout Board of the World Organization of the Scout Movement, the Organizing Committee will administer it.
 
 
 
25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරි භූමියේ සංස්කෘතික දිනය නිමිත්තෙන් පැවති ගොලීය ප්‍රදර්ශන භූමියේදී ශ්‍රී ලංකාව අනන්‍යතාව පිළිබිඹු කෙරෙන ප්‍රදර්ශන කුටිය ලෝක බාලදක්ෂ සංගමයට අනුබද්ධ ආසියානු ශාන්තිකර කලාපීය බාලදක්ෂ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රසන්න ශ්‍රීවස්තාව මහතා විසින් විවෘත කරනු ලැබීය. දැඩි අව් රශ්මිය පැවැතිය ද ඊට සාර්ථක ලෙස මුහුණ දෙමින් සිය බාලදක්ෂයන් ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකීය නම තව තවත් ප්‍රචලිත කළ බවද ප්‍රධාන කොමසාරිස්වරයා කියා සිටියේය. දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වී සිටින බාලදක්ෂ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාව තහවුරු වන ආකාරයේ ප්‍රදර්ශන කුටියක් පවත්වා ගෙන ගිය අතර විදෙස් රටවල බාලදක්ෂ නායක නායිකාවන්ගෙන් මෙන්ම බාලදක්ෂ බාලක බාලිකාවන්ද එය නැරඹීමට පැමිණියහ. එහි පැවති සුවිශේෂී අංගයක් ලෙස ලොව ශ්‍රී ලාංකේය කලාකරුවකු වන ක්ෂුද්‍ර කලා චිත්‍ර ශිල්පී දයානන්ද ලියනගේ මහතා විසින් සූක්ෂම ලෙස අදින ලද බී.පී.යුවලගේ උඩුකය සිතුවම් සහිත කුඩා සහල් ඇට ප්‍රදර්ශනයට මේ ආකාරයෙන් එක්කරනු ලැබිණ. එතුමා සතු වූ අසිරිමත් හැකියාව තුළික් බාලදක්ෂ ලෝකයක් පුදුම කරන්නට මේ ලබා දුන්නා වූ සහයෝගය වෙනුවෙන් scouting සඟරාවේ විශේෂ ස්තූතියක් ද හිමියුතුය. එසේම 25වැනි ලෝක ජම්බෝරි නායක ලෝක බාලදක්ෂ ජම්බෝරි කඳවුරේ ප්‍රධානී සයිමන් හැන්ග් බොක් රී මහතාගේ වෙනුවෙන් ද සිහිවටන සමරුවක් ලෙස එතුමාගේ අත්සන හා උඩකය රුවක් සහිත සහල් ඇටයක් ද යොමු කෙරිණ.



බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩින් පවෙල් සාමිතුමන්ගේ සහ එම ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිණියගේ ලොව මෙතෙක් නිර්මාණය කර ඇති කුඩා ම සිතුවම ලෝක ජම්බෝරි බිමේ සිටින සියළු ම බාලදක්ෂයන් හට නැරඹීමේ වාසනාව උදාවේවායි හදවතින්ම පතන්නෙමු. මෙම නිර්මාණ ත්‍රිත්වය ඇසුරින් කළ සුවිශේෂී වීඩියෝ පටය තව දින කිහිපයකින් පසු විජය බාලදක්ෂ කදවුර සහ scouting magazine යූටියුබ් නාලිකාවන් වෙතට පිවිසීමෙන් නැරඹිය හැක.

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමට දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය තෝතැන්නක් වූ බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවසීය. ලෝකයේ විවිධ රටවල්වලින් සහභාගි වූ බාලදක්ෂ කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය මෙන්ම තේ, කුළුබඩු ඇතුළු විවිධ නිෂ්පාදන හඳුන්වා දෙමින් ඔවුන්ගේ ආකාර්ෂණය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට සිය බාලදක්ෂ කණ්ඩායම සමත් වූ බව හෙතෙම කීවේය. සංචාරකයන්ගේ පැමිණීම ශ්‍රී ලංකාවට අවැසි සමයක බාලදක්ෂ ව්‍යාපාරය සිය ජාතික යුතුකම ඉටු කිරීමට සමත්ව ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ජාත්‍යන්තර කොමසාරිස් විශේෂඥ වෛද්‍ය රජීව පීරිස් මහතා පැවැසීය. ශ්‍රී ලාංකීය අනන්‍යතාව ජාත්‍යන්තරයට ගෙන එන්නට මේ ප්‍රදර්ශන කුටිය හරහා විශාල මෙහෙවරක් ඉටු වූ බව හෙතෙම කීවේය.


 

Thursday, August 3, 2023

25th world scout jamboree official stamp - Korea post 30 June 2023

Welcome to the Scouts on Stamps Society International Salute to Jamboree Mondial.  The 25th World Scout Jamboree will take place from 1 to 12 August 2023, in SaeManGeum, Jeollabuk-do, Republic of Korea!  This is the second time the Korea Scout Association will be the Host, as the 17th World Scout Jamboree was held in the country back in 1991.  It will also mark the 100th anniversary of the Korea Scout Association.  The theme of the Jamboree is "Draw your Dream", representing our willingness to accept young people's ideas and opinions, and create an opportunity for them to make their Jamboree dreams come true. "Draw your Dream!" expresses the desire for members of the Scout Movement to transform the 25th World Scout Jamboree into their own festival and grow their dreams through the event.

On 30 June 2023 KoreaPost issued a stamp issue commemorating the “25th World Scout Jamboree”. The stamp was also issued in a minisheet of 4 x 4 stamps (16), at 430 won each. The stamps were printed by Cartor for POSA. 


The philatelists of Liechtenstein honour the departure of the scouts with two different stamps for the World Jamboree 2023, each with a franking value of CHF 1.10. Domestic postage is CHF 1.10.

Monday, 24 July 2023 - Departure of the Liechtenstein Scouts from Vaduz in the morning. Flight from Zurich via Frankfurt to Seoul. Through the network we were able to reserve a few sets of stamps for us scout collectors. If you are interested send me a PM!
 

25th world scout jamboree 2023 Korea official stamp Korea post 30 June 2023