ඩයස් ගුණරත්න උපහාර ගුණ සමරුව 2023
![]() |
| 1972 පැවති මොරටු පිළියන්දල දිසා කඳවුර. D.C.O.T.අමරසේකර (D C), W.J.ඩයස් ගුණරත්න, ලයනල් ජේ. සිල්වා යන මහත්වරුන් කාකි නිලඇදුමින් ප්‍රධාන රැළියට සහභාගී වූ ආකාරය |
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//
අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...
රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..
අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති
ගිනි දළු නැගඑති.....
බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි
ගිනි දළු නැගඑති.....
----------------------
පසු කාලයකදී මෙම තනුවට දමිළ කොටසක් ද එක් වූ අතර එහි තොරතුරු සොයා ගැනීමට නැතත් එම පද වැල මෙසේය.
ත්‍රී වුඩර් වේලලුම් සෙන්නිරම් පරවිඩුම්
කාරිරුල් මංගියේ ඔලිවරුම්
නාට්‍ට සයිය පාලතාම් වීරකොණ්ඩු වීරරායි
තානිලත්නින් තමතෛ එණ්ඩුම් පෝටුවෝම්
----------------------
ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//
අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...
රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..
අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති
ගිනි දළු නැගයති.....
බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි
ගිනි දළු නැගයති.....
----------------------
දයා ගුණරත්නයන් වෙනුවෙන් ලියැවුණු - බාලදක්ෂ ආදරණිය මතක
(බාලදක්ෂ කඳවුරක දස්කම් දක්වන
සතර දෙනෙකු පිළිබඳ රසබර කතා
පුවතකි මේ . පොරෝවංස , යෂ්ටිපාල , කඹසේකර හා නළාරත්නයි ඒ . මෙය ගාල්ලේ දිස්ත්‍රික් බාලදක්ෂ නායක හා සහාය පුහුණුකිරීමේනායක ආනන්ද අල්විස් මහතාගේ රචනයකි , ගායනයකි.
( මෙම විරිදු පෙළ අසූව දශකයේ බාලදක්ෂ හඬ ගුවන් විදුලි වැඩසට-
හනකින් ප්‍රචාරය විය)
කූඩාරම් ඉදිවෙනවා
මුළු පෙදෙසම පිබිදෙනවා
බාලදක්ෂයින් පිරිසක්
කඳවුරකට සැරසෙනවා
විසල් කුළුණු ගොඩනගතී
ලීදඬු පාලම් හදතී
මිතුරන් සිව්දෙනෙකු තවත්
මේ අය හා වැඩ කරතී
පොරෝවංස , යෂ්ටිපාල , කඹ-
සේකර , සැමට බාල නළාරත්න
යන සිව්දෙන දිස්වේ
වැඩ කරන ලීල
දර පලන්නෙ , ලී කපන්නෙ ,
හැම දේටම පෙරට එන්නෙ
පොරෝවංස කිසිම දේක
අමාරුවක් නැහැ බලන්නෙ
ලොකු ලී කණු ඇද දෙන්නේ
මැලිබව නෑ හඳුනන්නේ
කඹසේකරගෙන් කොතනත්
ලොකු මෙහෙයකි ඉටු වන්නේ
සිහින් වුවත් දිගට දිගේ
හොඳ හයිකාරයෙකු වගේ
යෂ්ටිපාල හැම තැනදිම
වෙහෙසෙන හැටි හරිම අගේ
ගීත ගයන්නට සූරයි
ලෙහෙසි පහසු වැඩ තෝරයි
නළාරත්න පුංචි එකා
හරිම දඟයි කටකාරයි
බඳ පටියක එල්ලෙනවා
හැම තැනකම ඇවිදිනවා
නිතර අනෙක් අය සමගින්
වාදයටම පැටලෙනවා
නළාරත්නගේ වැඩ ගැන
ඉවසීමක් නැතිවුණ තැන
ඔහුට විහිළුවක් කරන්න
සිතා ගත්හ ඉතිරි තිදෙන
එක්වී අපි හතරදෙනා
කළහැකි දේ ගෙන හඳුනා
කව්ද කියා බලමු හොඳයි
මෙතන ඉන්න ලොකු හපනා
පොරෝවංස උඩ පනිමින්
ඇත ලී කොටයක් පලමින්
කඹසේකර සවි පෙන්වයි
මහ කණුවක් ඇද ගනිමින්
තව මිතුරෙකු හා එක්වී
රැලි බිම කොඩි කණුවක් වී
සැරසෙයි දැන් යෂ්ටිපාල
වැජඹෙන්නට හපනෙක් වී
පැරදුම පිළිගන්න තමා
වෙන්නේ තව වුවොත් පමා
දිගට හඬක් නැගී තදින්
නළාරත්න නුවණ යොමා
කිසිදු අයෙක් හඬ නොනගති
සිටි තැන සීරුවෙන් සිටිති
නළා හඬක් යළි එන බව
බාලදක්ෂ පිරිස දනිති
පොරෝවංස අත හැරිලා
කඹසේකර දිග ඇදිලා
යෂ්ටිපාල සිට ගන්නට
නොහැකිව ඇත බිම වැටිලා
කඩින් කඩව එකම ලෙසට
දෙවෙනි වරට නැගුනු හඬට
දිව ආවෝ බාලදක්ෂ පිරිස
පුංචි හපන ළඟට
( රචකය හා ගායනය - ආනන්ද අල්විස් )
Bede Perera, Dharmalal Gunawardena, Shiraz Salih, Ananda Alwis, Rohan Wirasekara, Sarath Godakandarachchi, Riza Azoor, Renuka Silva,
ඩයස් ගුණරත්න නැමති බාලදක්ෂයා - http://baladakshaya.blogspot.com/2017/09/blog-post_4.html


















