Translate

Tuesday, September 12, 2023

ඩයස් ගුණරත්න 25වැනි උපහාර ගුණ සමරුව 2023 - The 25th Commemoration of the Distinguished Scout Veteran Mr. Dias Gunaratne

ඩයස් ගුණරත්න උපහාර ගුණ සමරුව 2023

එක ලස්සන දවසක් එනවා
ඔක්තෝම්බර් මාසේ...
ඒ තමයි....
දාහතර වෙනිදා..
අපි ඔහු ගැන කතා කරමු...
 

උප්පැන්නයට අනුව ඔහු නමින් ජෝශප්ය. පෙළපත් නාමයට අනුව සම්පූර්ණ නම වජ්ජක්කාර කංකානමගේ ජෝශප් දියෙස් ගුණරත්න විය. බිරිඳ අනීෂියා බියට්‍රිස් ප්‍රනාන්දු විය. විවාහයෙන් පසු උපන් පළමු පුත්‍රයා රෝහිත ය. දෙවැනි පුතා අජිත් හා බාල දියණිය ඉනෝකා වේ. මේ සටහන තැබීමේ ප්‍රස්තුතය ගෙඩනැගෙනුයේ එතුමාගේ වැඩිමහල් දියණිය ප්‍රභා ඩයස් ගුණරත්න විසින් විජය බාලදක්ෂ කඳවුර වෙත යොමුකල ආරාධනයක් හේතුවෙනි. ‍ඩයස් ගුණරත්න මහතා 1998 ඔක්තෝබර් 24 දා අප අතරින් වියො වී 25 වසරක් ගෙවී තිබේ. මේ ඒ වෙනුවෙන් විජය බාලදක්ෂ කඳවුරත් Scouting සඟරාවේ අපි විසින් ගනු ලැබූ පුංචි උත්සාහයකි.
 

බාලදක්ෂයන්ගේ හඬ ගුවන් ගත කිරීමේ පුරෝගාමීයා වු මෙතුමන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සුමනසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ජෝර්ජ් වීදාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතර ඩයස් ගුණ‍රත්න මහතා එහි පූරකවරයා විය. "බාලදක්ෂ හඬ" නමින් 1965 වසරේ සිට බාලදක්ෂ ඉතිහාසයේ පළමු වරට ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ බාලදක්ෂ වැඩසටහනක් සම්පාදනය කර ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාව මෙය විය. ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ කටයුතු සිදුකෙරුණු අවදියක ඈත දුෂ්කර ගම්වල දරුවන්ට පවා බාලදක්ෂ කටයුතු හඳුන්වාදීමේ ආරම්භය ලෙස මෙම සිංහල භාෂාවෙන් සිදු කෙරුණු "බාලදක්ෂ හඬ" වැඩසටහන හඳුන්වා දිය යුතුවේ.


1965 වර්ෂයේ ආරම්භ වූ බව P.S.R.රාජමනි මහතා විසින් පස්වන බාලදක්ෂ ජම්බෝරියේ සමරු පොතට එක් කල ‘LOOKING BACK OVER THE YEARS’ ලිපියෙහි පිටු අංක 41හි සඳහන්වේ. කරුණාරත්න අබේසේකර මහතාගේ පූර්ණ මෙහෙයවීම හා සහයෝගය යටතේ R.S.L.සුමනසේකර මහතා විසින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම 'බාලදක්ෂ හඬ' වැඩසටහන මසකට එක් වරක් පැය භාගය බැගින් විකාශනය කෙරිණ. ඒ අනුව 1967 ඔක්තෝම්බර් 1දා සිට 1968 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පැය භාගය බැගින් වූ වැඩසටහන් 30ක් විකාශනය කළ බව 1968 බාලදක්ෂ මූලස්ථානය විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ. කුලියාපිටිය මහා විදයාලයේ බාලදක්ෂ නායක ගොඩ්ෆ්‍රි වර්ණකුලසූරිය විසින් පළමුවරට ඉදිරිපත් කල ඔපෙරා ශෛලියේ වැඩසටහන එම වර්ෂයේ විකාශය වූ වැඩසටන් අතරින් අතරින් කැපී පෙණුන බව එම වාර්තාවෙහි දැක්වේ. එසේම පානදුර හොරණ දිසාවේ ශ්‍රී පාලි මහා විද්‍යාලය, තක්ෂිලා මහා විද්‍යාලය, විද්‍යාරත්න මහා විද්‍යාලය, ශ්‍රී මේධංකර මහා විද්‍යාලය ආදී විදුහල්වල බාලදක්ෂයන්ගේත් පානදුර ශා.අන්තෝනි විද්‍යාලය, 65 කොළඹ, මීගමුව ශා. පීතර මහා විද්‍යාලය, බෝලවලාන පුහුණු විද්‍යාලය, කුලියාපිටිය මහා විද්‍යාලය සහ ජාතික මූලස්ථානයේ විශේෂ වැඩසටහන් දෙකක් ද පටිගත කිරීම් සිදුකල බව ම සඳහන් ය.
 
1972දී විහාරමහාදේවි උද්‍යානයේ පැවැත් වු  කොළඹ දියමන්ති ජුබිලි කැම්පෝරියේදී ගුණ‍රත්න මහතා සමග හිටපු කොමසාරිස්වරයෙකු වන නන්දා අබේනායක මහතා විසින් විශේෂ 'බාලදක්ෂ හඬ' වැඩසටහනක් ඉදිරිපත් කලේය. ජෝර්ජ් වීදාගම මහතා විසින් SLBCහි 6වන මැදිරියට පැමිණ උපදෙස් ලබාදෙමින් එය පටිගත කල බව පැවසේ. විනෝදාත්මක සහ සාරවත් බාලදක්ෂ හඩ වැඩසටහන් සඳහා ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පෝතකයන්, බාලදක්ෂයන් සහ මානවකයින් සහභාගී වූහ. බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ පුවත්, කඳවුරු කතාන්දර සදහා වෙන්ව තිබුණු මෙම ඉඩකඩ පූර්ව පටිගත කිරීමක් ලෙස සකස් විය. 
 
විදුහල්පතිවරයෙකු ලෙස උසස්වීම් ලැබූ මෙතුමා බුලන්කුලම මහවිද්‍යාලය, ශාන්ත අන්තෝනි විදයාලය, කඩොලාන හා මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයෙහි ද සේවය කලේය. 1960දී සිය ලී පදක්කම් උසස් පාඨමාලාව සම්පූර්ණ කලේ අතර අනතුරුව සහය පුහුණු නායකයෙකු හා පුහුණු නායකයෙකු ලෙස ජාතික පුහුණු සංචිතයෙහි සේවය කළ මෙතුමා හට දෙස් විදෙස් පුහුණු පාඨමාලා සඳහා සහභාගීවීමේ අවස්ථාව නිරන්තරයෙන්ම ලැබිණ. පල්ලියෙන් ලැබූ අභාෂය හේතුවෙන් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමටත්, ගීතිකා ලිවීම‍ට මෙන්ම ගැයීමටත්, කථිකත්වය හා ඉදිරිපත් කිරීමේ කලා කෞෂල්‍යය හේතුවෙන් ජාක්‍යන්තර පුහුණු කටයුතුවල දී එතුමාගේ දක්ෂතාව කැපීපෙනෙන්නට විය. පසු කලෙක ඇල්පිටිය සාන්ත තෙරේසා විද්‍යාලයෙන් ගුරු වෘත්තියට පැමිණි අතර පසුව පොතුපිටිය මහා  විද්‍යාලය, දියලගොඩ රෝමානු කතෝලික විද්‍යාලය, හලාවත අඟුණවල විද්‍යාලය, බිංගිරිය මහා විද්‍යාලය, මොරටුව විල්ලෝරාවත්ත විදයාලය, මොරටුව කටුකුරුන්ද විද්‍යාලය, මග්ගොන චරිතශෝධනාගාරය ආදී ස්ථානයන්හි බාලදක්ෂ කණ්ඩායම් කීපයක්ම ආරම්භ කිරීමෙහි පුරෝගාමියෙකු විය.  

1945 සිට පළමුවන දියලගොඩ කණ්ඩායමේ බාලදක්ෂයන් 04කුගෙන් ආරම්භකර පුරා වසර 72කට නොවැඩි ඉතිහාසයක සිට රාගම තේවත්ත බැසිලිකා පුදබිමෙහි පැවැත්වෙන පූජා මංගල්‍යය  සඳහා බාලදක්ෂයන් සහභාගී කරවීමේ පුරෝගාමියා වනුයේ ද මෙතුමාය. අඛණ්ඩව මේ දක්වාත් සිදු කෙරෙන මෙම ප්‍රජා සේවාව රදගුරුතුමන් විසින් ද අගය කර තිබේ. යහපත් සහ ආදර්ශමත් කිතුණුවෙකු වු මෙතුමා 1945 සිට 1995 දක්වා පුරා වසර 50ක් නොකඩවා රාගම තේවත්තේ අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ වාර්ෂිකව පවත්වන රෝගීන් ආශිර්වාද ගැන්විමේ සන්ධ්‍යා මෙහෙයේ ප්‍රජාසේවයට තම නායකත්වයෙන් දියලගොඩ බාලදක්ෂ සමුහය සහභාගී කිරීම අද්වීතිය සිද්ධියකි.
 
1972 පැවති මොරටු පිළියන්දල දිසා කඳවුර. D.C.O.T.අමරසේකර (D C), W.J.ඩයස් ගුණරත්න, ලයනල් ජේ. සිල්වා යන මහත්වරුන් කාකි නිලඇදුමින් ප්‍රධාන රැළියට සහභාගී වූ ආකාරය

හුදෙක් රැකියාවක් ලෙස නොසලකමින් ගුරු වෘත්තිය හා දැරූ සෙසු තනතුරු සියල්ල ඉතා ආදර්ශවත් අන්දමින් මහජනතාව වෙත සේවය සැපයීම පිණිසම කටයුතු කලේය. එතුමාගේ පරිත්‍යාගශීලී බව අන්සැම අතරෙහි කැපී පෙනෙන්ට විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත බාලදක්ෂ ආචාර්යවරයෙකු ලෙස හැඳින්විය හැකි එතුමා විසින් පහත දක්වා ඇති බාලදක්ෂ ගිනිමැල ගීතය 1948දී නිර්මාණය කලේය. සමූහ මට්ටමින් ගැයෙමින් තිබූ එම ගීතය පසුව කලුතර දිසාව තුළ ද වසර කීපයක් යන්නට මත්තෙන් ලංකාව පුරා බාලදක්ෂයන් අතරට ව්‍යාප්ත වී ගියේ ය. වර්තමානයේදී බාලදක්ෂිකාවන් විසින් පද කීපයක් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ ද කඳවුරු ගිනිමැල ගීතයක් බවට ද මෙය පත්කරගෙන තිබෙනු දක්නට හැකිය.

ගිනි දළු නැග එති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//

අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...

රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..
අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති

ගිනි දළු නැගඑති.....

බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි

ගිනි දළු නැගඑති.....

----------------------
පසු කාලයකදී මෙම තනුවට දමිළ කොටසක් ද එක් වූ අතර එහි තොරතුරු සොයා ගැනීමට නැතත් එම පද වැල මෙසේය.

ත්‍රී වුඩර් වේලලුම් සෙන්නිරම් පරවිඩුම්
කාරිරුල් මංගියේ ඔලිවරුම්
නාට්‍ට සයිය පාලතාම් වීරකොණ්ඩු වීරරායි
තානිලත්නින් තමතෛ එණ්ඩුම් පෝටුවෝම්


----------------------

ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//

අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...

රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..

අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති

ගිනි දළු නැගයති.....

බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි

ගිනි දළු නැගයති.....

----------------------

සිංහල භාෂාවෙන් ලියූ පොත පත්වල හිඟවීමට පිළියමක් ලෙස මානවක බාලදක්ෂ සංවිධානය හා පුහුණුව පොත හා මානවක බාලදක්ෂ ක්‍රියාමාර්ය යන පොත් සිංහල භාෂාවට පරිවර්තනය කළේය. සිංහල භාෂාව පිළිබඳ එතුමා සතු හසල දක්ෂතාවය මානවක බාලදක්ෂ කටයුතු ව්‍යාප්ත කිරීමෙහි ලා කැපී පෙනෙන මෙහෙවරක් සිදු කරනු ලැබීය. මානවක බාලදක්ෂ සංවිධානය හා පුහුණුව (Rover Scout Organization and Training) මානවක බාලදක්ෂ ක්‍රියා මාර්ගය (The Rover Plan) වැනි කෘතින් සුවිශේෂි වන අතර එමගින් මානවක බාලදක්ෂ කටයුතු කෙරෙහි මෙතුමන්ගේ තිබු උනන්දුව සහ දැණුමද මනාව විද්‍යමාන විය.
 
බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස්වරයෙකු ලෙස මෙන්ම ජාතික පුහුණු කිරීමේ නායකයෙනු ලෙසද කටයුතු කළ ඩබ්.ජේ.ඩයස් ගුණ‍රත්න මහතා බාලදක්ෂ එළිමහන් සංදර්ශන වේදිකාවෙහි ස්කවුටොරාමා (SCOUTORAMA) වැඩ සටහන සඳහා කැපීපෙනෙන වෙනස්කම් රැසක් එක්කරනු ලැබූ බව බාලදක්ෂ ඉතිහාසයෙහි සඳහන් වේ.

හෙළ භාෂාව පිළිබඳව විශිෂ්ඨ දැනුමක් සහ භාෂාව හැසිරවිමේ හැකියාවක් මෙතුමන් සතුවු අතර ඉංග්‍රීසි භාෂාව නිසි පරිදි පිරිසිදුව භාවිතා කල විද්වතෙකි. ඉංග්‍රීසියෙන් මුද්‍රිත පොත පත සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කරනු ලැබූ අතර බොහෝ බාලදක්ෂ ව්‍යාපාරයටම අවේනික නව පාරිභාෂිත වචන නිර්මාණය කිරීමද මෙතුමා අතින් සිදුවිය. බාලදක්ෂ පත පොත මුදුණය සඳහා අධික වැයක් දැරීමට සිදුවීම හේතුවෙන් බාලදක්ෂ දැනුම ඉතාමත් විරළවු යුගයක ඉංග්‍රීසි බසින් භාවිතයට ගැනුණු පොත් බොහෝමයක් ඔහු අතින් සිංහල භාෂාවට පරිවර්ථනය විය. 
 
ජනප්‍රිය ධාරාවේ පුවත් පත් සඳහා තීරු ලිපි ලිවීමට අමතරව ශ්‍රී ලංකා බාලදක්ෂයා පුවත් පතෙහි සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ මෙතුමා (දයාගුණේ) ලිපි රැසක් පලකලේය. එවකට ජනප්‍රියව පැවති රොනියෝ කිරීමත් ඩුප්ලෝ මාධ්‍ය ඔස්සේ මුද්‍රණ කටයුතු සිදුකිරීම හැරෙන්නට ඕෆ්සෙට් මුද්‍රණකටයුතු සඳහා සම්පත් දායකයින් සොයා ගැනීම අතිශය අසීරු වූ යුගයක ශ්‍රී ලංකා බාලදක්ෂයා පුවත් පත මුද්‍රණය සඳහා මෙතුමා වෙහෙසී කටයුතු කලේය.
 
1985දී අනුරාධපුරයේ පැවති තෙවන ජාතික ජම්බෝරියට වැඩි දායකත්වයක් 1992 දී කුරුණෑගලදී පැවති සිව්වන ජාතික ජම්බෝරිය හා 1998දී මහනුවරදී පැවැති පස්වන ජාතික ජම්බෝරියත් දායක වීමට එතුමාට හැකිවිය. ලකිසුරු විලියම් ගොපල්ලව ශ්‍රීමතාණන් අතින් 1965දී දීර්ඝ සේවා පදක්කමින් ද පසුව විශ්ෂ්ඨ සේවා සහතිකය හා පදක්කම ද දිනා ගත් මෙතුමා 1986දී බාලදක්ෂ ව්‍යාපාරයට සිදුකළ සේවාව අගයමින් Bar To the Medal of Merit සම්මානය අතිගරු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන උතුමාණන් අතින් දිනාගනු ලැබීය. 
 
මෙම වකවානුවෙහි පැවති ජාතික ජම්බෝරි මෙන්ම බාලදක්ෂ කඳවුරු පුරා ඇසුණු ශබ්ද විකාශන හ‍ඬෙහි ඩයස් ගුණ‍රත්නටන්ගේ පැහැදිලි මිහිරි වාග් විලාශය කිසිවෙකුටත් අමතක නොවේ. ලංකාව පුරා සිටි පෝතකයින් බාලදක්ෂයන් නායකයින් රටට හදුන්වාදෙමින් විකාශනය කොට පවත්වාගෙන යනු ලැබූ මෙම වැඩ සටහනෙහි ආලෝකය ලැබූ බොහෝ දක්ෂ දරුවන් වර්තමානයෙහි ද බාලදක්ෂ ව්‍යාපාරයෙහි සේවය කරනු දැකිය හැකිය. වසර 38ක් පුරා සදා අමරණීය සේවයක් සැලසූ එතුමා 1998 ඔක්තෝබර් 24 දා අප අතරින් සදහටම වියෝ විය. එතුමාගේ වියෝව ජාතික බාලදක්ෂ මූලස්ථානයට ද දරාගත නොහැකි පාඩුවක් විය. 
 
අවසන් කාලය බෙහෙවින්ම සෝචනීය අවධියක් වූයේය. බොහෝ බාලදක්ෂ පුරෝගාමීන්ට මෙන්ම එතුමන් ද කලකිරීම් සහිතව බාලදක්ෂ ව්‍යාපාරයට සමුදෙනු ලැබීය. එතුමන්ගේ අවසන් කැමැති පත්‍රය එයට නිහඩ සාක්ෂියකි. ඇනුම් බැණුම් නෝක්කාඩු අභියස නිර්ලෝභී අමිල සේවයක් සිදුකල මෙහෙවර අද දක්වාම ප්‍රමාණවත් ඇගයීමට ලක් නොවීම අතිශය කණගාටු කරුණකි. කෙසේ වෙතත් අදවන විටත් එතුමක් සිදුකල සේවය පෙළගැස්වීමට තරම් ප්‍රමාණවත් කරුණු රැසක් ඉතිරිව තිබීම සතුට ගෙන දෙන්නකි. ඒ තොරතුරු අතර මේ දක්වාත් ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයෙහි නොලියැවුණු කරුණු රැසක් හමු වූ අතර හැකි අවස්ථාවකදී තොරතුරු යාවත් කාලීන කිරීමට අප උපරිමයෙන් උත්සාහ ගන්නෙමු. සුබ දඩයම්.
 
 ----------------------

දයා ගුණරත්නයන් වෙනුවෙන් ලියැවුණු - බාලදක්ෂ ආදරණිය මතක

පුහුණු කිරීමේ නායක හා හිටපු මූලස්ථාන බාලදක්ෂ කොමසාරිස් ඩබ්.ජේ. ඩයස් ගුණරත්න මහත්මා හරිම ආදරණිය චරිතයක්, එතුමා සිහිකර සටහනක් තැබීම හා උපහාර ගුණ සමුරු වැඩසටහනක් සංවිධානය කිරීමේ වැදගත් කාර්යයකට අත පොවා ඇති චමින්ද වාරියප්පෙරුම මහත්මාට අපගේ ගෞරවණීය ප්රනාමය පිරිනැමිය යුතුව ඇත. ඩයස් ගුණරත්න මහත්මා ශ්රී ලංකාව තුළ බාලදක්ෂ කටයුතු ප්රවර්ධනය කිරීම උදෙසා ඉටු කළ සුවිශේෂී මෙහෙවර වෙසෙසින් පැසසිය යුතුය. ශ්රී ලංකා බාලදක්ෂ සාහිත්ය පෝෂණය කිරීමට එතුමා දැක්වු අගනා මෙහෙවරද අගනේය.මානවක බාලදක්ෂ කටයුතු පිළිබඳවද නිවැරැදිව මග පෙන්වීමට සමත් විශිෂ්ට නායකයෙක් විය. තනතුරු තාන්න මාන්න පිළිබඳව කිසිදු තැකීමකින් තොරව බාලදක්ෂ කටයුතු නිවැරැදිව ප්රවර්ධනය කිරීමෙහි ලා අතිශයින්ම කැප වූ ආදර්ශමත් පරමාදර්ශී චරිතයකි. ශ්රෙෂ්ඨ පුහුණු කිරීමේ නායකයකි. එතුමා පිළිබඳව ලිවීමට ඇති දේ බොහෝය. මා එතුමා සමග හැත්තෑව දශකයේ සිට බොහෝ බාලදක්ෂ කටයුතුවල නිරත වීමට අවකාශ ලැබුනෙමි. අපි එතුමාට අජරාමර නිවන්සුව ප්රාර්ථනා කරමු.
 
Sarath Godakandarachchi
හිටපු ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්
 
----------------------
Thank you Chaminda for remembering about him. Yes, he was a great Scout full of fun and laughter but with a definite mind of his own. He was a pious Christian, but was totally against the old song “ three blind mice” as he was against hurting animals and after his sarcastic criticism they stopped singing it at wood badge courses.
 
Former NHQ Commissioner
------------------------

මම ජීවිතේ පළමු වරට ගුවන් විදුලි සංස්ථාවෙ මැදිරියක පටිගත කිරීමකට සහභාගී වුණේ මෙතුමාගෙ අනුග්රහයෙන්...
හැත්තෑව දශකයෙ අග භාගෙදි..මාසිකව
ගුවන්විදුලියෙ සිංහල පළවෙනි සේවයෙන්
බ්රහස්පතින්ද හවස හතරට ප්රචාරය වුණු
බාලදක්ෂ හඬ වැඩසටහනෙන්...
ඒ කාලෙ බාලදක්ෂ හඬ සහ බාලදක්ෂිකා හඬ මාසිකව ප්රචාරය කළා...බාලදක්ෂ හඬ සංවිධායක ලෙස කටයුතු කළේ ඩයස් ගුණරත්න සර්.. නිෂ්පාදනය කළේ හේමන්තා තිලකසිරි මහත්මිය. මුලින්ම මම සහභාගී වුණේ ගාලුදිස්ත්රික් වැඩසටහනට... අපේ ආරියපාල සර් ඇතුළු නායක නායිකාවන් පිරිසක් සහ බාලදක්ෂයන් කීපදෙනෙක් එදා පටිගත කිරීමට සහභාගිවුණා... පිටපත ලිවුවෙ මම..
"සංවර්ධනයට බාලදක්ෂ සහාය" යනුවෙන් ඒකට නම තිවුවෙ ඩයස් සර්.. ඒ වැඩසටහනට
මම ලියපු විරිදුවකුත් බාලදක්ෂයෙක් එක්ක ගායනා කළා... 
එදා සිට බාලදක්ෂහඬ වැඩසටහන නතරකරන තුරුම මම එතුමා සමග නිතරම ගුවන්විදුලි වැඩසටහනට සහභාගිවුණා.. මම ගාල්ලෙ ඉඳල උදේ ඇවිත් මොරටුවෙ උස්වත්ත පටුමගේ "ශ්රී කාන්තා "
( එතුමාගෙ ) නිවසට ගොස් වැඩසටහන සාකච්ඡා කරල සර්ලගෙ ගෙදරින්ම දිවාආහාරය අරගෙන හවස ගුවන්විදුලි සංස්ථාවෙ පටිගතකිරීමට යනව. සමහර දාට සහායට සර්ගෙ දුවත් පුතාලත් එක්ක යනව.යනකොට නිෂ්පාදිකාව නියමිත ගීත තැටි සොයල නොතිබුණොත් සර්ට ටිකක් තරහත් යනව. කොහොම වුණත්
වැඩසටහන උපරිමයෙන් සාර්ථකව කෙරෙනව. සමහර දාට බාලදක්ෂිකා වැඩසටහන නැති වුණොත් ඒ වෙනුවටත් අපේ වැඩසටහන නැවත ප්රචාරය කරනව. රූපවාහිනී නොතිබුණ ඒකාලෙ බාලදක්ෂ
පණිවිඩය පොදු ජනතාව වෙත ගෙන ගිය යුග පුරුෂයා අපේ ඩයස් ගුණරත්න සර්. එතුමා කථනය, ගායනය වගේම රචනයටත් අති දක්ශයෙක්...
අපි සම්ප්රධායිකව කඳවුරු ගිනිමැලයෙ ආරම්භක
ගීතය ලෙස ගයන " ගිනි දළූ නැග යතී...."
ගීතයත් එතුමාගෙ රචනයක්. බාලදක්ෂ ජැම්බරි වල "ස්කවුටෝරාමා , ස්කිලෝරාමා
වැඩසටහන් කරන්නත් අපිට ඒ කාලෙ හිටිය නායකයින් අතලොස්ස අතරෙ එතුමා මුල් පෙලේ වැජබුණා. එතුමා ආචාර්ය මණ්ඩලයේ හිටපු ලීපදක්කම් පාඨමාලා දෙකක්ම හදාරල පසුව ජාතික පුහුණුකිරීමේ මණ්ඩලයට එක්වෙලා එතුමා සමග ලීපදක්කම් පාඨමාලා රැසකම ආචාර්ය මණ්ඩලයේ සේවය කරන්නත් අපි භාග්යවන්තවුණා. දැන් එතුමා ආගමානුකූලව ස්වර්ගරාජ්යයේ වැජබෙනවා ඇති. දූ පුතුන් ද ආදරයෙන් සිහිපත් කරමින් සටහන නිමකරමි. ස්තුතියි !
 
ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය
 

----------------------------------
 හපනා කවිද ?
(බාලදක්ෂ කඳවුරක දස්කම් දක්වන
සතර දෙනෙකු පිළිබඳ රසබර කතා
පුවතකි මේ . පොරෝවංස , යෂ්ටිපාල , කඹසේකර හා නළාරත්නයි ඒ . මෙය ගාල්ලේ දිස්ත්රික් බාලදක්ෂ නායක හා සහාය පුහුණුකිරීමේනායක ආනන්ද අල්විස් මහතාගේ රචනයකි , ගායනයකි.
( මෙම විරිදු පෙළ අසූව දශකයේ බාලදක්ෂ හඬ ගුවන් විදුලි වැඩසට-
හනකින් ප්රචාරය විය)

කූඩාරම් ඉදිවෙනවා
මුළු පෙදෙසම පිබිදෙනවා
බාලදක්ෂයින් පිරිසක්
කඳවුරකට සැරසෙනවා

විසල් කුළුණු ගොඩනගතී
ලීදඬු පාලම් හදතී
මිතුරන් සිව්දෙනෙකු තවත්
මේ අය හා වැඩ කරතී

පොරෝවංස , යෂ්ටිපාල , කඹ-
සේකර , සැමට බාල නළාරත්න
යන සිව්දෙන දිස්වේ
වැඩ කරන ලීල
දර පලන්නෙ , ලී කපන්නෙ ,
හැම දේටම පෙරට එන්නෙ
පොරෝවංස කිසිම දේක
අමාරුවක් නැහැ බලන්නෙ

ලොකු ලී කණු ඇද දෙන්නේ
මැලිබව නෑ හඳුනන්නේ
කඹසේකරගෙන් කොතනත්
ලොකු මෙහෙයකි ඉටු වන්නේ

සිහින් වුවත් දිගට දිගේ
හොඳ හයිකාරයෙකු වගේ
යෂ්ටිපාල හැම තැනදිම
වෙහෙසෙන හැටි හරිම අගේ

ගීත ගයන්නට සූරයි
ලෙහෙසි පහසු වැඩ තෝරයි
නළාරත්න පුංචි එකා
හරිම දඟයි කටකාරයි

බඳ පටියක එල්ලෙනවා
හැම තැනකම ඇවිදිනවා
නිතර අනෙක් අය සමගින්
වාදයටම පැටලෙනවා

නළාරත්නගේ වැඩ ගැන
ඉවසීමක් නැතිවුණ තැන
ඔහුට විහිළුවක් කරන්න
සිතා ගත්හ ඉතිරි තිදෙන

එක්වී අපි හතරදෙනා
කළහැකි දේ ගෙන හඳුනා
කව්ද කියා බලමු හොඳයි
මෙතන ඉන්න ලොකු හපනා

පොරෝවංස උඩ පනිමින්
ඇත ලී කොටයක් පලමින්
කඹසේකර සවි පෙන්වයි
මහ කණුවක් ඇද ගනිමින්

තව මිතුරෙකු හා එක්වී
රැලි බිම කොඩි කණුවක් වී
සැරසෙයි දැන් යෂ්ටිපාල
වැජඹෙන්නට හපනෙක් වී

පැරදුම පිළිගන්න තමා
වෙන්නේ තව වුවොත් පමා
දිගට හඬක් නැගී තදින්
නළාරත්න නුවණ යොමා

කිසිදු අයෙක් හඬ නොනගති
සිටි තැන සීරුවෙන් සිටිති
නළා හඬක් යළි එන බව
බාලදක්ෂ පිරිස දනිති

පොරෝවංස අත හැරිලා
කඹසේකර දිග ඇදිලා
යෂ්ටිපාල සිට ගන්නට
නොහැකිව ඇත බිම වැටිලා

කඩින් කඩව එකම ලෙසට
දෙවෙනි වරට නැගුනු හඬට
දිව ආවෝ බාලදක්ෂ පිරිස
පුංචි හපන ළඟට

( රචකය හා ගායනය - ආනන්ද අල්විස් )
 

කීර්තිමත් පුහුණුකිරීමේ නායක ඩයස් ගුණරත්න මැතිතුමා නවක තරුණ නායකයින් ඉදිරියට ගෙන ආවා.. ඔවුන්ගේ හැකියාවන් උසස් නිළධාරීන්ගේ අවධානයට යොමුකළා ...  ඩයස් ගුණරත්න මැතිතුමා ඇතුළු එදා බාලදක්ෂ සේවයෙ වැජඹුණු දැවැන්තයො සමග උසස් පාඨමාලා ඇතුළු ජාතික මට්ටමේ පාඨමාලා රැසක ආචාර්ය මණ්ඩල සේවය කරන්නත් අල්ලගෙන නැගිටින වයසෙ පුහුණුකිරීමේ නායකයින් ලෙස හිටි අපිටත් එතුමන්ලා අත දුන්නා.
Ananda Alwis
----------------------------------
Thank you Ananda Alwis A beautiful write up on this well respected Dias Guneratne sir.
I was fortunate to be associated with him only once when he visited one of the Leader Training Courses and melodiously rendered the song " Uthuru Nagehira Batahira"
former District Commissioner of Colombo
----------------------------------

ඩයස් ගුණරත්න මැතිතුමා "ගිනි දලු නැගයති" යන ගීතය නිර්මාණය කර ඇත්තේ ද මෙතුමා ය. මෙතුමා හට විවිධ දක්ෂ තා ගොන්නක් ඇත. ශි ලංකාවේ බාලදක්ෂ ව්යාපාරය වෙනුවෙන් ඉමහත් සේවා රැසක් මෙතුමා අතින් සිදුවී ඇත.
Nishani Jayatunga
 
----------------------------------

1981 සිට මෙතුමා වියෝ වන තුරු ම, මා ලඟින් ඇසුරු කළ දයාගුණේ නම් වූ මෙතුමා “ශ්රී ලංකා බාලදක්ෂ හඬ” ලක්දිව පළමු ගුවන් විදුලි වැඩ සටහන හා “ශ්රී ලංකා බාලදක්ෂයා “නිල පුවත් පතේ පළමු සංස්කාරක හා ගරු කතුතුමා ද විය ෴ මා 1982 මැයි 30 දා ජීවිතයේ පළමු වරට ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශ සේවයේ මැදිරියකට රැගෙන ගියේ ද මෙතුමා ය. ඒ මගේ පළමු බාලදක්ෂ / බීපීතුමාගේ මුද්දරය ගැන විනාඩි 20 ක සාකච්ඡාව පටිගත කිරීමට යි ෴
 
 
----------------------------------
ඉහත තොරතුරු අපවෙත එවීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතිය
Bede Perera, Dharmalal Gunawardena, Shiraz Salih, Ananda Alwis, Rohan Wirasekara, Sarath Godakandarachchi, Riza Azoor, Renuka Silva,
 
----------------------

ඩයස් ගුණරත්න මහතාගේ බාලදක්ෂ කටයුතු සම්බන්දයෙන් අන්තර්ජාලයේ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොමැතිවීම කණගාටු දායක කරුණකි. අනෙකුත් තොරතුරු මෙන්ම මේ ආකාරයෙන්ම අන්තර්ජාලය තුළ ඔබේ නමින් ම බාලදක්ෂ ඉතිහාස තොරතුරු ලියා තැබීමට කැමති නම් අපට එකතු වන්න.

------------------------
පසු සටහන
බාලදක්ෂ ඔබේ අවධානයට! 

Remarkable Scouts යටතේ අපගේ බ්ලොග් පිටුවෙහි දැනට දෙස් විදෙස්හි සුපතල බාලදක්ෂයන් ගැන බෙහෝ තොරතුරු ඇතුලත් කර ඇත. මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ බෙහෝ ජනප්‍රිය බාලදක්ෂ බාලදක්ෂිකාවන් එහි ඇතුලත් වේ. ඉතා අසීරුවෙන් scouting සඟරාවේ අප විසින් සිදුකරන හා මෙතෙක් වගා කර ඇති බෙහෝ තොරතුරු අන්තර්ජාලය පිරික්සීමේන් දැකගත හැකිය. බාලදක්ෂ ආශ්‍රිත ඕනෑම සිංහල යෙදුමකට හෝ Scouting sri lanka යන්න සෙව්ම් යන්ත්‍රයක යෙදූවිට එක් රැස්වන තොරතුරු වලින් 75% තොරතුරු අපවිසින් යාවත් කාලීන කළ තොරතුරු බව ඔබත් නොදන්නා බව සිතමු. හැකිනම් අපේ උත්සාහයට දිරිදීම සදහා ඔබ දන්නා හදුනන දිරිය බාලදක්ෂයන්ගේ තොරතුරු අපට යොමු කරන්න.scoutingmagazine@gmail.com
-----------
 
මින් පෙර පළකරනු ලැබූ ලිපිය
දියලගොඩ දයාහඬ - http://baladakshaya.blogspot.com/2017/09/blog-post_4.html
ඩයස් ගුණරත්න නැමති බාලදක්ෂයා - http://baladakshaya.blogspot.com/2017/09/blog-post_4.html
 

blog key words -
#JOTA2023 #AmateurRadio #RadioEnthusiasts #VolunteerOpportunity JOTA, JOTI, JOTS, SL Station Report, Travel-Free Jamboree, Jamboree on the Internet, SCOUTING SRI LANKA, අන්තර්ජාල බාලදක්ෂ, අන්තර්ජාල බාලදක්ෂ ජම්බෝරිය, ජොටා ජොටී, JOTA station, Sri Lanka Scout Hub, Scout Group Directory, JOTA-JOTI Passport, Jamboree On The Internet, JOTA JOTI Ovenight Camp, annual event, World JOTA-JOTI Report, Scout Jamboree, Sri Lanka's National Scout Jamboree, Sri Lanka's Jota Jamboree, Digital Scout Campfire, JJID - JOTA JOTI, Registration for JOTA-JOTI,JOTA-JOTI 2024 Schedule,Jamboree on the Air Station Repor, Scouting at Home, JOTA/JOTI, JOTA-JOTI 2023 ලියාපදිංචි වෙමු, JOTA-JOTI Live, #DigitalCampfire, JOTI SriLanka,Virtual Audience, Digital Scout Camp, Scouting Hub, #OnlineCamp, JOTA-JOTI 2024, Scouts for a Greener World, Activity hub, The world's largest digital Scout event, How to register, Ambassadors JOTA-JOTI, Scouting Stuff Podcast, Sri Lanka Baladakshik, JOTA-JOTI Live, All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ,  Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lanka Scout, ශ්‍රී ලාංකික බාලදක්ෂයා, බාලදක්ෂ පොරොන්දුව, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය, SCOUTING SRI LANKA, බාලදක්ෂ ව්‍යාපාරය, කඳවුරු බැඳීම්, පා ගමන්, ජල ක්‍රීඩා, වන විද්‍යාව, බාලදක්ෂ ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම්, නොවිධිමත් අධ්‍යාපනය, ඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, බාලදක්ෂ නායකයින්‌, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම, බාලදක්ෂ ගීත එකතුව, ජනාධිපති බාලදක්ෂ සම්මාන, බාලදක්ෂ පදක්කම් පැළඳවීම, බාලදක්ෂ අවුරුදු, ලෝක බාලදක්ෂ, බාලදක්ෂ පොරොන්දු හා නීතීය, Our Blog, Scout Leaders Training Course, Scouts Sectio, Colombo Scout, Scouts Training, Active Cub Scouting, Scout outdoor activities, blog Style, Blog Grid, Bon Voyage Ceremony, Blog Grid, Scouting in Sri Lanka, Our Blog, All Ceylon Scout Movement, wonderful Aero experience, Sri Lanka Scouts, SLSA International Scouting, Scouting Bloggers, blogs on Scouting, Troop Profile, scouting magazine blog, The Scouts & Girl Guides of Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lankan Scout contingent Sri Lanka, boy-scouts Stock Photo, Annual General Meeting, Sri Lanka Scout Association, @srilanka_scouts, World Scouting, Gilwell-Song, wood badge song book, Back to Gilwell Song, Back to Gilwell Song lyrics
 

 

 

No comments:

Post a Comment