Translate

Sunday, May 21, 2017

අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2016 (අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ)

'මම අමතර පන්තියකට ගියේ සිංහල විෂයයට විතරයි, ඉංජිනේරුවරියක්‌ වීම ඉලක්‌කයයි! මම දිවයිනේ වැඩිම ලකුණු ඇති සිසුන් අතරට එයි කියා ගුරුවරු කීවා. ඒත් මට ඉලක්කය තිබුණේ ඒ සාමාර්ථ 9 ක් ගැනීම පමණයි. මම ඒ ඉලක්කයේම හිටියා. කිසිම වෙලාවක කටපාඩම් කරන්න ගියේ නැහැ. ඒත් හැකි උපරිම පමණින් අභ්‍යාස කළා'

අපොස සා. /පෙළ පළමු වැනියා

කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල්

2016 සාමාන්‍ය පෙළ විභාග කඩඉම ජය ගන්නට වෙහෙසුණු දූ දරුවන්ගේ මාර්තු 28 වැනිදා ප්‍රතිඵල නිකුත් කෙරිණ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8,224 කි. 2015 වසරේදී එම සංඛ්‍යාව 6,102 ක් වූ අතර මෙවර ඒ 9 සාමාර්ථ ලැබූ ගණන පැහැදිලි ඉහළ යාමක් දක්නට තිබේ.

මෙවර අයදුම්කරුවන් පන්ලක්‌ෂ පනස්‌එක්‌ දහස්‌ තුන්සිය හතළිස්‌ දෙනකු අතරින් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූ හපනුන් අතර බාලදක්ෂිකාවක් ද විය. ඇය 2016 අ.පො.ස. (සා.පෙළ) විභාගයට A සාමාර්ථ 9 ක් ලබාගෙන දිවයිනෙන් පළමුවැනි ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. ඇයගේ පියා මොරටුව සරසවියේ ආචාර්යවරයෙකු වන අතර මව විවෘත විශ්ව විද්‍යාලයේ සේවය කරන්නියකි. අනුකිට නැගණියක්‌ද සිටින අතර, ඇය ද විශාඛා විදුහලේ 10 වැනි වසරේ ශිෂ්‍යාවකි. අනුකි ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඉංජිනේරුවෙකු වීමට කැමැත්ත දක්වන්නීය.  

මට හැම විභාගයකදීම ලකුණුවල සාමාන්‍ය 95%කට වඩා වැඩියෙන් තිබුණා. ඒ නිසා පළමු දස දෙනා අතරට එන්න මහන්සි වෙන්න කියලා ගුරුවරුන් නිතරම කිව්වා. මගේ අඩුපාඩු හදා ගන්න ගුරුතුමියන් සියලු දෙනා උදවු කළා. මුලින් මම උපකාරක පන්තිවලට ගියේ නෑ. ගණිතය, විද්‍යාව විෂයයන්වල නොදන්නා කරුණු අම්මාගෙනුත්, තාත්තාගෙනුත් අසා දැන ගත්තා. ඒත් ලංකාවෙන් මුල් දස දෙනා අතරට එන්න පුළුවන් වේවි කියලා හිතූ නිසා සිංහල විෂයයට විතරක් අමතර පන්තියකට ගියා.

පුංචි කාලේ සිටම පොත්පත් කියවන්න මම කැමතියි. ඒ වගේම පාසලේ වැඩ කටයුතුවලට අමතරව මම ප්‍රශ්න පත්‍ර පොත් අරගෙන ඒවාට පිළිතුරු ලිවීමටත් පුරුදු වුණා. පාසලේ පැවති පරීක්‌ෂණවලදී සිංහල විෂයයට ලකුණු අඩු වීමක්‌ තිබුණා. සාහිත්‍ය සම්බන්ධයෙන් මම ටිකක්‌ දුර්වල මට්‌ටමක හිටියෙ. ඒ නිසා මම සිංහල විෂයයට පමණක්‌ අමතර පන්තියකට ගියා. ඒ ගියෙත් එකොළහ ශේ්‍රණියේදී විතරයි. ඒ අමතර පන්තියෙන් මට උපකාරයක්‌ ලැබුණා." යෑයිද අනුකි සිසුවිය කීවාය.   

"සෑම විෂයයකට ම එක හා සමාන අවධානයක් යොමු කරමින් සැලසුමකට අනුව කැපවීමෙන් යුතුව පාඩම් වැඩ සිදු කිරීම නිසා දිවයිනෙන් ම ප්‍රථමයා වීමට හැකි වූණා. පාසලෙන් ලැබුණු මඟ පෙන්වීමත්, අම්මා සහ තාත්තාගෙන් ලැබුණු දිරිගැන්වීමත් මෙවැනි ප්‍රතිඵලයක් ලැබීමට බෙහෙවින් හේතු වූණා. විශේෂයෙන් ම විශාඛා විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ මහත්මිය ශිෂ්‍යාවන් සියලු දෙනාගේ ප්‍රතිඵල ඉහළ නැංවීමට විශේෂ කැපවීමකින් කටයුතු කරනවා. මට ඉගැන්වූ සියලු ගුරුවරුන් නියමිත කාලයටත් පෙර විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම උගන්වා අවසන් කර අමතර පන්ති පවත්වමින් දැනුම දියුණු කරගැනීමට උපකාර කළා.

පොත් කියවන එක තමයි මගේ සතුට. කටපාඩම් කිරීම අතහැර අභ්‍යාස කිරීම විභාග ජයගැනීමේ අනෙක් රහස යැයි ද ඇය කියා සිටියාය.  පළමු වසරේ සිට විශාඛා බාලිකා විද්‍යාලයේ සිසුවියක් වූ අනුකි පාසලේ අධ්‍යාපනයට මෙන්ම බාහිර කි‍්‍රයාකාරකම්වලද යෙදුණාය. අපේ ඉගෙනීමේ වැඩ කටයුතුවලට අම්මා සහ තාත්තාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. විෂය බාහිර කටයුතුවලත් නිරත වුණා. ඒ ‍වගේම මම පාසල් චෙස් කණ්ඩායමේ සාමාජිකාවක්. කේවල තරගවල දී මෙන්ම කණ්ඩායම් තරගවලදීත් පාසලට සමස්ත ලංකා ජයග්‍රහණ අත්කර දී තිබෙනවා. බටහිර සංගීතයට ලැදි ඇය සාමාන්‍ය පෙළ විෂයයක් ලෙසද බටහිර සංගීතය හදාරා තිබේ. විශේෂයෙන් පාසලේ බාලදක්ෂීකා කණ්ඩායමේ වගේම චෙස් කණ්ඩායමේ ද කැපී පෙනෙන සාමාජිකාවක් වන ඇය තම ජයග‍්‍රහණය පිළිබඳව මෙසේ කීවාය.


1. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කුමන පාසල්වලද? මම එක වසරේ ඉඳලා ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. ලකුණු 173ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වුණා.
2. ඔබේ පන්තියේ සිටි දුර්වල සිසුන්ට ඔබ උදව් කළේ මොන ආකාරයෙන්ද? අපේ පන්තියේ ළමයි 50 දෙනෙක් හිටියා. ඒ අතර හොඳ යාළුවෝ කීප දෙනෙක් හිටියත් හැමෝම එක්ක මම හොඳින් හිටියා. කවුරු හරි තමන් දන්නේ නැති දෙයක් මගෙන් ඇහුවොත් මම කියලා දුන්නා. ගණිතයට විශේෂයි.

3. දවස සැලසුම් කළේ කෙසේද? මම කවදාවත් උදේ පාන්දර පාඩම් කළේ නෑ. උදේ 6.00ට නැගිටලා ඉස්කෝලෙ ගියා. පාඩම් කළේ රෑට. නිවාඩු දවස්වල පාන්දර දෙක තුන වෙනතුරුත් ඉස්කෝලෙ යන දවස්වල රෑ 12.00 වෙනතුරුත් පාඩම් කළා. සිංහලවලට විතරයි පන්ති ගියේ. මගේ අමතර කාලය යෙදෙව්වේ චෙස් ක්‍රීඩාවටයි, ‍පොත් කියවීමටයි.

4. ඉගෙනීමට අමතරව කළ කී දෑ මොනවාද? බාලදක්ෂිකාවක් විදියටත් හිටියා. සාමාන්‍යයෙන් චෙස් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා පළමුවැනි තැනට ආවේ අපේ පාසලයි. මම මෙවර ආසියානු යොවුන් චෙස් තරගාවලියටත් සහභාගි වෙනවා.

5. ඔබ ජීවිතේ සතුටක් වින්දේ කුමනාකාරයෙන්ද? අම්මා තාත්තා ගෙනත් දුන්න ඉංග්‍රීසි කතන්දර ‍පොත්, නවකතා, කබඩ් එකක්ම තියෙනවා. සා‍ලේ පුටුවට වෙලා ‍පොතක් කියවන එකෙන් තමයි මම වැඩිපුරම සතුටු වෙන්නෙ.

6. අම්මා තාත්තා ඔබට උදව් කළේ කොහොමද? අම්මයි තාත්තයි වගේම ආච්චිත් මට ගණිතය, විද්‍යාව වගේ විෂයයන් කියලා දුන්නා. ඒ අය කාර්ය බහුල වුණත් නිතර මගේ ඉගෙනීමට තමයි මුල්තැන දුන්නේ.

7. මීට අමතරව ඔබට සඳහන් කළ යුතු දෙයක් තියෙනවාද? විශාඛා විද්‍යාලයට, විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මහත්ම මහත්මීන්ට මට ඉගැන්නූ ගුරුවරුන්ට, අම්මට, තාත්තට, නංගි ඇතුළු මා දිරිමත් කළ පවු‍ලේ හැමෝටමත්, යහළුවන්ටත් ස්තුතියි.


--------------
The number of GCE O/L cadidates for the 2016 GCE Ordinary Level Examination has been recorded as 551,340. Other Best Ranked students are:

1. Anuki Chamathka Pasqual of Visakha Vidyalaya, Colombo
2. S M Munasinghe of Mahamaya College, Kandy
3. R M Sugath Ravindu of Ananda College
3. Dimuth Oshadi Mirissage of Rahula College Matara
4. Pabasara Herath of Ratnawalee Balika Vidyalaya, Gampaha
5. Ranumi Nanayakkara of Devi Balika College
5. Damsara Medavi of Sangamitta Balika Vidyalaya, Galle
5. A Abinanthan of Hindu College, Jaffna 6. K.G.G.E. Randini de Silva of Southland College, Galle
6. E.A. Yasara Umashi of Sujatha Vidyalaya, Matara –




Friday, May 12, 2017

එච්.එල්. ක්‍රිෂාන්ත නැමති බාලදක්ෂයා

 


1982 වර්ෂයේ ගා/සාරාලංකාර මහා විද්‍යාලයේ පළමු වසරට ඇතුලත් වූ දරුවන් අතර පාසලට පමණක් නොව රටටම සුවිශේෂී වටිනාකමක් ගෙනදෙන දරුවෙකු සිටින බව කිසිවෙකුත් නොදැන සිටින්නට ඇත. ඒ අනෙකෙකු නොව අද දින ඔබ, මා අප සැම සමගම දොඩමලු වන එච්.එල්. ක්‍රිෂාන්ත නම් සොදුරැ මිනිසායි. මොහු කුඩා කල සිටම පංති කාමර ඉගනුමට වඩා එළිමහන් ක්‍රියාකාරකම් සදහා ඇලුම් කරන්නෙක් විය.

1985 වර්ෂයේදී පෝතක බාලදක්ෂයෙකු ලෙස තම සුරුවිරුකම්, අත්දැකීම් බවට පත්කරගත් එච්.එල්. ක්‍රිෂාන්ත එදා මෙදා තුල සාරාලංකාර නාමය බබළවමින් විද්‍යාලයෙන් බිහිවූ පළමු ජනාධිපති බාලදක්ෂයන් දෙදෙනාගෙන් එක් අයෙකු වීමට භාග්‍ය ලබන්නේ එවකට විද්‍යාලයීය බාලදක්ෂ ආචාර්ය ලෙස කටයුතු කල රන්ජිත් තිලකරත්න මහතාගේ මගහසර ලබමින් 1993 වර්ෂයේදීය. ඒ නිසාම ඔහුට 1994 වර්ෂයේදී පාකිස්තානයේ පැවති 12 වන සාග් ජැම්බරියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන්නට භාග්‍ය උදාවිය. 1993 වර්ෂයේ පැවති පාඨශාලාන්තර පාපැදි තරගයට විද්‍යාලය නියෝජනය කරමින් එක්වන ක්‍රිෂාන්ත එහි 8 වන ස්ථානය දිනාගැනීම, ඔහුගේ අනාගත දැක්ම වෙනතකට යොමුවීමට හේතු විය.

Image may contain: 9 peopleImage may contain: 5 people, people standing and text No automatic alt text available.

අ.පො.ස. (සා/පෙල) විභාගය ඉහලින් සමත් වුවද බයිසිකල් පැදිම මුලික දින චරියාව කරගත් ක්‍රිෂාන්ත පාසල් අධ්‍යාපනයට සමුදුන්නේ ඉලක්කගත ස්ථිර අධිෂ්ඨානයකිනි. 1996 වර්ෂයේදී ගෝනාපීනුවල විජය අවුරුදු පාපැදි සවාරිය ජයගත් ක්‍රිෂාන්ත එවකට පාපැදි තරග පිටිය උඩුයටිකුරු කිරීමෙහි අභියෝගාත්මක ගමනක් ආරම්භ කර තිබුණි. එය එසේ වුවත් එම වර්ෂයේදීම සිරස රේඩියෝ නාලිකාව මගින් පවත්වනු ලැබූ "සිරස පාපැදි සවාරිය" ජයග්‍රහණය කිරීමත් සමග එච්.එල්. ක්‍රිෂාන්ත නාමය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුල ප්‍රකට මාතෘකාවක් වන්නට හේතු විය. එපමණකින් නොනැවතුනු ක්‍රිෂාන්ත, ගාලු පාපැදි සවාරිය , CIC පාපැදි චාරිකාව, සමෘද්ධි පාපැදි සවාරිය, ආදි තරග රැසක ජයග්‍රාහකයා වීම දිනෙන් දින අප කතා නායකයාගේ දක්ෂතා ප්‍රකට කරවන්නක් විය.

No automatic alt text available.
දිනෙන් දින පාපැදියෙන් තම අභියෝගාත්මක කඩයිම් එකින් එක පරයා නැගෙන එච්.එල්. ක්‍රිෂාන්ත මෙරට පාපැදි ක්‍රිඩාවට අත්‍යවශ්‍ය කෙනෙකු බවට පත්වන්නේ 2002 වර්ෂයේදී බව කිවයුතුමය. එම වර්ෂයේදි එච්.එල් ක්‍රිෂාන්ත ශ්‍රීලංකා ජාතික පාපැදි කණ්ඩායමේ නායකත්වයට පත්වුයේ ඔහු එතෙක් කරනා ලද සුවිශේෂී කැපකිරිම් හා අප්‍රතිහත ධෛර්ය නිසාමය. මෙරට පැවති පුමුඛතම පාපැදි තරග 300 කට අධික සංඛ්‍යාවක් ජය ගැනීමය ක්‍රිෂාන්ත සමත්විම සුවිශේෂිවෙයි.

No automatic alt text available.ඒවා අතරින් 2004 වර්ෂයේ මෙරට මොරටුවේදී පැවැත්වූ ප්‍රථම රාත්‍රී සයිකල් සවාරිය ජයගනිමින් මෙරට පාපැදි ක්‍රීඩා ඉතිහාසයට එක්විමට එච්.එල්. ක්‍රිෂාන්ත නම් ඒ සොදුරැතමයාට අවස්ථාව උදා විය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් විදෙස් තරගාවලි දෙකකට සහභාගිවීමට ක්‍රිෂාන්තට හැකිවිය. 2000 වර්ෂයේදී රටවල් 05 ක සහභාගිත්වයෙන් පැවති පාකිකිස්තාන පාපැදි සවාරියේ සමස්ත තරග ජයග්‍රහණය මෙරටට ගෙනඒමට එච්.එල්. ක්‍රිෂාන්ත ගෙන් ලැබුන දායකත්වය අති මහතය.
No automatic alt text available.

2002 වර්ෂයේදී රටවල් 16 ක සහභාගිත්වයෙන් පැවැති මැලේසියා පාපැදි සවාරියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ 4 වන ස්ථානය දිනාගැනීමේදී එයට ක්‍රිෂාන්තගෙන් ලද දායකත්වයද ඉහලින් පැවතුණි. ක්‍රීඩාව තුලින් එච්.එල්. ක්‍රිෂාන්ත ලබාගෙන ඇති අත්දැකීම් ඉදිරිපරපුරට ලබාදීමට ඔහුට අවස්ථා ලබාදෙමින් ක්‍රීඩා අමාත්‍යංශය විසින් 2015 වර්ෂයේදී ශ්‍රීලංකා ජාතික පාපැදි තේරිමි කමිටුවේ සභාපති ලෙස හා ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පා පැදි සංගමයේ තරග සංවිධායක ධූරයන්ගේ එච්.එල්. ක්‍රිෂාන්ත පිදුම් ලබනා ලදි. මෙසේ පාපැදි ක්‍රීඩාව තුළින් දෙස් විදෙස් ක්‍රීඩා පිටි තුල අද්විතිය මෙන්ම පෙරලිකාර නමක් රැදවූ ක්‍රිෂාන්ත, ඔබ ශ්‍රී ලංකාවට  ඉමහත් අභිමානයකි.... ගෝනපීනුවලසයිකල් ශූරයාට Scouting සඟරාවේ සුබ පැතුම්.

Image may contain: 1 person, bicycle Image may contain: 4 people 

Image may contain: 5 people Image may contain: one or more people 

Image may contain: 1 person Image may contain: 2 people 

Image may contain: 2 people 

විශේෂ ස්තූතිය
G/Saralankara Maha Vidyalaya fb page