Translate

Saturday, July 30, 2016

බී.පී.තුමා විසින් බාලදක්ෂයන්ට ලියූ අවසන් පණිවිඩය

Soldier and founder of the Boy Scout Movement Robert Baden-Powell (center) talking.
* pix from gettyimages
 
1907 දී පනස් විය සපිරි නිසා බී.පී. තුමාගේ හමුදා සේවය අවසන් විය. ඉන්පසු එතුමා තමා ලත් අත්දැකීම් අනුව නව ව්‍යාපාරයක්, හමුදාවක් ඇතිකිරීමේ අවශ්‍යතාවයන් පෙළෙමින් සිටියේය. මේ හේතුවෙන් එතුමා තම ජීවිතයේ සංධිස්ථානයකට පියමං කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට තීරණය කළේය. මැෆකින් නගරයේ යුද්ධයෙන් අනතුරුව මෙතුමාගේ උපදෙස්පතා බ්‍රිතාන්‍යයේ පිරිමි ළමයින් රාශියක් එතුමා වෙත ලිපි යැවුහ. එම ළමයින් එක්රැස් කොට ළමා භට හමුදාවක් සාදා ඔවුන් මගින් නව ව්‍යාපාරයක් දියත් කොට මෙතුමාගේ සිතේ පැලපදියම් වූ අදහස් ක්‍රියාත්මක කළහැකි දැයි යන සිතිවිල්ල කාලයත් සමඟ අත්හදා බැලීමට එතුමාට හැකි විය. 1907 අගෝස්තු 01 දා එංගලන්තයේ බ්‍රවුන්සී දූපතේදී ආරම්භ කළ අත්හදා බැලීමට පැවැත්වූ ළමා කඳවුර තුලදී තම සිතේ වූ අදහස් මල්එල ගැන්වෙන බැව් තේරුම්ගත් බී.පී.තුමා, එම කදවුරේන්ම “ ලෝක බාලදක්ෂ ව්‍යාපාරය ” මෙලොවට දායාද කළේය. බී.පී.තුමාගේ අවසන් පණිවිඩය ලෙස සඳහන් ලිපි කීපයක් තිබේ. මෙරට බාලදක්ෂයන් වෙත දක්නට ලැබෙන බොහෝ සමරු සඟරාවල ජනප්‍රිය ලියවිල්ලක් ලෙස දශක ගණනාවක් පුරා විවිධාකාරයෙන් මුද්‍රණය වූ එම ලිපියෙහි අනුවාදය පහත දක්වා ඇත.

හිතවත් බාලදක්ෂයිනි,

ඔබ කවදා හෝ “පීටර් පෑන්” නමැති නාට්‍යය දැක තිබේ නම් , එහි වූ මුහුදු කොල්ලකාර නැයකයා මිය යන අවස්ථාව පැමිණි විට තම හෘදය තුලින් ඔහුගේ මරණාසන්න කථාව පිට කිරීමට නොහැකිවේය යන බිය නිසා , එම කථාව හැම විටම කළ බව ඔබට මතක ඇත. මාද එසේමය. එහෙයින් මා මේ අවස්ථවේ මිය නොයන නමුදු කවදා හෝ මට එය සිදුවන බව නියතය. ඒ නිසා ඔබ වෙත ආයුබෝවන් කීම සඳහා පණිවුඩයක් එවීමට කැමැත්තෙමි.
මෙය මගෙන් අසන්නට ලැබෙන අවසාන පණිවුඩය බව මතක තබා ගන්න. එහෙයින් ඒ ගැන සිතන්න.

මම ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගත කළෙමි. ඔබ හැමටත් ප්‍රීතිමත් ජීවිත ගත කිරීමට හැකිවේවායි මගේ පැතුමය.අපට මේ ලෝකයේ ප්‍රීතිමත් විනෝදාත්මක ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබී ඇත. හුදු ධනවත්කම හෝ රැකියාවේ දියුණුව හෝ ආත්ම සංයමය පමණක් ප්‍රීතිය ගෙන දෙන්නක් නොවේ. ප්‍රීතිය කරා කෙණෙකුගෙන යන එක් පියවරක් නම් ඔබ ළමයෙකුව සිටින අවධියේ ඔබේ ශරීරය ශක්තිමත්ව, නිරෝගීව තබා ගැනීමට. එවිට ඔබට ප්‍රයෝජනවත් අයෙකු විට හැක. ඔබ නියම මිනිසෙකු වූ විට ජීවිතයේ නියම ඵල භුක්ති විඳිය හැක.
ඔබේ ප්‍රීතිය උදාකරනු සඳහා ස්වභාව ධර්මය විසින් කෙතරම් චමත්කාර ජනක හා පුදුමාකාර දේ නිපදවා තිබේදැයි ස්වභාව අධ්‍යයනයෙන් වටහා ගත හැක. ඔබට ලැබී ඇති දෙයින් තෘප්තිමත් වන්න. එයින් උපරිම ප්‍රයෝජනය ගන්න. හැම දෙයකම අඳුරු පැත්ත නොව දීප්තිමත් පැත්ත දෙස බලන්න.
ප්‍රීතිය උදාකර ගැනීමේ නියම මාර්ගය නම් අනුන් ප්‍රීතිමත් කිරීමය. ඔබ මිය යන විට ඔබ ලැබූ ප්‍රීතියට ස්වල්පයක් හෝ වැඩි ප්‍රීතියක් තබා යාමට සිතට ගන්න. කෙසේ වුවද ඔබේ කාලය නාස්ති නොකර හැකි පමණ දුරට එයින් ප්‍රයෝජන ගත් බව හැඟීමෙන් ඔබට ප්‍රීතිය උදාකරගත හැක. මේ අයුරින් හොඳින් ජීවත් වීමටද ප්‍රීතියෙන් මිය යාමටද “සූදානම්ව සිටින්න”. ඔබ ළමා විට ඉක්මවූ පසුද නිතරම ඔබේ බාලදක්ෂ පොරොන්දු කඩ නොකරන්න.

ඔබේ මිත්‍ර,
ගිල්වෙල්හි බේඩන් පවල්

B-P prepared a farewell message to his Scouts, for publication after his death. For the complete message, please view the document attached.
 B-P Last Will.pdf