Translate

Tuesday, May 28, 2019

ගිනිමැළ සංදර්ශන ද? කඳවුරු ගිනිමැල ද?

Related image

සතුට ගෙනෙන කඳවුරු ගිනිමැළ

ඈත අතීතයේ දී ගින්දර දෙවියන් සේ සලකා පුද පූජා පවත්වන ලදී. ගස්වල ගෙඩි, අල වර්ග,  දඩමස්  ආදිය  අමුවෙන්  ආහාරයට  ගැනීමට  පුරුදුව  සිටි  ආදි  වනවාසීහු  ගින්දර  සොයා ගැනීමත් සමග ම ආහාර තම්බා හෝ පුළුස්සා කෑමට හුරු වූහ. එදා මෙන් ම අදටත් ගින්දර අපට ඉතාමත් ප‍්‍රයෝජනවත් වේ. ආහාර රසවත්ව පිස ගැනීමට මෙන් ම දෛනික  ජීවිතයේ  නොයෙකුත්  කටයුතු  සඳහා  ද  ගින්දර  අපට  අවශ්‍ය  වේ.

එළිමහන්  ක‍්‍රියාකාරකම්වල  දී  ආහාර  පිසීමට  අමතරව  විනෝදය  සඳහා  ගිනිමැළ  දැල්වීම  මගින්  ගින්දරට විශේෂ තැනක් හිමි වේ.පසුගිය  පාඩමෙන්  ඔබ  එළිමහන්  ක‍්‍රියාකාරකම්වල  දී  සහ  ජීවිතයේ  විවිධ  අවස්ථාවල  දී  ප‍්‍රයෝජනවත් වන ගැට හා බැමි වර්ග පිළිබඳ අවබෝධයක් ලබන්නට ඇති.

මෙම පාඩමෙන් ඔබට එළිමහන් ක‍්‍රියාකාරකම්වල විශේෂ අංගයක් වන ගිනිමැළ සංදර්ශන පිළිබඳ දැනුමක් ලබා ගත හැකි වේ. ගිනිමැළ යොදා ගැනෙන අවස්ථා

1. එළිමහන් ක‍්‍රියාකාරකම්
2. රාත‍්‍රී කඳවුරු
3. බාලදක්‍ෂ කඳවුරු
4. විනෝද සවාරි

ගිනිමැළ දැල්වීමේ දී අවධානයට ලක් විය යුතු කරුණුසැලසුමකින් තොරව ගිනිමැළයක් දැල්වීම අනතුරුදායක වේ. එහි දී අප අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි.

1. ගිනිමැළය දැල්වීමට බළාපොරොත්තු වන භූමියේ හිමිකරුවන්ගෙන් හෝ අදාළ අංශවලින් අවසර ලබා ගැනීම.
2. ඒ අවට ප‍්‍රජාව දැනුවත් කිරීම.
3. කාලගුණික හෝ දේශගුණික සාධක පිළිබඳව සැලකිලිමත් වීම.
4. ගිනිමැළය දල්වන දිනට පෙර අවශ්‍ය දර එක්රැස් කිරීම.
5. වටිනා දැව වර්ග භාවිතයට නොගැනීම.
6. දරවල කුඩා කෘමීන් සිටී නම් ඉවත් කිරීම.
7. ගිනිමැළය දල්වන අවස්ථාවේ දී සුළගේ යන අන්දමේ ඇඳුම් පැළඳුම්වලින් සැරසී නොසිටීම.
8. හදිසි අවස්ථාවක ප‍්‍රයෝජනයට ගැනීමට තෙත ගෝනියක්, ජල බඳුන්, අමු කොළ අතු සූදානම්ව තබා ගැනීම.
9. සකස් කරන ලද ගිනිමැළය අනවශ්‍ය ලෙස විශාල නොවීමට වග බලා ගැනීම.
10. ගිනිමැළය අවසානයේ හොඳින් නිවා දමා අදාළ ස්ථානය ශුද්ධ පවිත‍්‍ර කිරීම.
11. තමාගේ ආරක්‍ෂාව මෙන් ම අන් අයගේ ආරක්‍ෂාව පිළිබඳව ද සහතික වීම.

නිවැරදි ලෙස ගිනිමැළයක් සකස් කරන ආකාරය
x පළමුව ගිනිමැළය සකස් කිරීමට බලාපොරොත්තු වන ස්ථානය වටේ ශුද්ධ පවිත‍්‍ර කළයුතු වේ.
x ගිනිමැළය සකස් කරන ස්ථානයේ තණ කොළ ඇත්නම් පස් පිඩලි කපා ඉවත් කර තබා ගන්න.
x ඉන් පසු විශාල කොට යොදා ගනිමින් ගිනිමැළය වටේට ආරක්‍ෂක පවුරක් නිර්මාණය කර ගන්න.
x ගිනිමැළය ආසන්නයට යාමට දොරටුවක් ද 14.1 රූපයේ දැක්වෙන ආකාරයට දර යොදා සකස් කර ගන්න.
x පසුව නිර්මාණය කරගත් ආරක්‍ෂක පවුරේ හරි මැදට වනසේ ලී කැබලි කීපයක් ගෙන 14.2 රූපයේ දැක්වෙන ආකාරයට බිම අතුරන්න.


x බිම අතුරාගත් ලී කැබලි මත ලී කුඩු, පිදුරු, වියළි තණකොළ, යතු කුඩු හෝ හීනියට ඉරා ගත් හනසු කීපයක් දමන්න.
x ඉන් පසුව සකස් කර ගත් ඇසුරුම මත නියමාකාර ලෙස දර අසුරා ගන්න. දර ඇසිරීමේ දී   එකිනෙකට නොගෑවෙන සේ තැබිය යුතු වේ.

විවිධ ගිනිමැළ වර්ගදර කොට අසුරා සකස් කර ගන්නා ආකාරය අනුව ගිනිමැළ විවිධ ආකාරයට නම් කෙරේ.
1. A හැඩයේ ගිනිමැළය (A fire)
 

ගිනිමැළ සැකසීම් හැඩයේ ගිනිමැළය14.3 රූපයමහත දර කොට තුනක් සිරස් අතට හෝ තිරස් අතට හෝ රූපයේ දැක්වෙන ආකාරයට තබා ඒ මත දර කැබලි තබා”් ̃ හැඩයේ ගිනිමැළය නිර්මාණය කර ගත හැකි වේ. 

2. පරාවර්තන ගිනිමැළය (Reflector fire)
 

සිරස්ව සිටුවන ලද කණු දෙකකට දර කොට හේත්තු කර ඉන් ඉදිරියේ ඍජු කෝණාස‍්‍රාකාරව දර කොට තුනක් තබා එ් අතර දර ගොඩ ගසා මෙම ගිනිමැළය නිර්මාණය කරගතහැකි වේ. ගිනිමැළය වටා කළුගල් හෝ වෙනත් දිලිසෙන ගල් කැබලි තබා ආලෝකය සහ රශ්මිය ආරක්‍ෂා කර ගත හැකි අයුරින් සකස් කරගත හැකි ගිනිමැළයකි.ආහාර උණුසුම් කිරීමට, කඳවුරු කූඩාරම් ආශ‍්‍රිත ප‍්‍රදේශය උණුසුම්ව තබා ගැනීමට මෙවැනි වර්ගයේ ගිනිමැළ භාවිත කළ හැකි වේ.

3. ඍජුකෝණාස‍්‍ර ගිනිමැළය (Rectangular fire)
 
රූපයේ දැක්වෙන ආකාරයට සෘජුකෝණාස‍්‍රව කොට යොදා සකස් කළ ඇටවුමක් අතර දර කැබලි අතුරමින් මෙම ගිනිමැළය සකස් කර ගත හැකි වේ.

4. පිරිමීඩ ගිනිමැළය     (Pyramid fire)


දර කැබලි කිහිපයක් හරස් අතට තබමින් ඒ මත තට්ටු ආකාරයට දෙපැත්තට මාරුවෙන් මාරුවට දර කොට තබමින් පිරමීඩ ආකාරයට මෙම ගිනිමැළය සකස් කෙරේ. ඉහළට ගමන් කරන විට ප‍්‍රමාණයෙන් කුඩා දර කැබලි භාවිතයට ගත යුතු වේ.


ගිනිමැළ  දල්වන  විවිධ  අවස්ථා  සහ  එම  අවස්ථාවල  දී  ගිනිමැළයෙන්  ලබා  ගන්නා ප‍්‍රයෝජන

x ආලෝකය ලබා ගැනීම
x සීතල අඩු කිරීම හෝ උණුසුම ලබා ගැනීම
x ආහාර වර්ග පිස ගැනීම හෝ පු ̈ස්සා ගැනීම
x වන සතුන්ගෙන් අරක්‍ෂා වීම හා සතුන් පළවා හැරීම
x සංඥාවක් ලෙස භාවිත කිරීම
x සතුට හා විනෝදය ලබා ගැනීම
x එකමුතු බව ගොඩ නගා ගැනීම
x ඉදිරිපත් වීමේ කුසලතා වර්ධනය
x නිර්මාණාත්මක හැකියා වර්ධනය
x දවසේ වෙහෙස දුරු කර ගැනීම
x අදහස් හුවමාරු කර ගැනීම
x තොරතුරු සාකච්ඡුා කර ගැනීම
x දිවා කාලයේ කළ වැඩ සමාලෝචනය
x දැනුම බෙදා ගැනීම
x තම දක්‍ෂතා ඉදිරිපත් කිරීම
x තමාගේ සංස්කෘතිය විදහා දැක්වීම
x ඉදිරි කටයුතු සැලසුම් කිරීම 

කඳවුරු ගිනිමැල

බොහෝ අවස්ථාවල දී විවිධ පාර්ශ්වයන් විසින් ගිනිමැළ දැල්වීම සැණකෙළියක ස්වරූපයෙන් ද සිදු කරනු ලැබේ. ඒවා ගිනිමැළ සංදර්ශන ලෙස හැඳින්වූව ද බාලදක්ෂයන්ට ආවේනිකවනුයේ කඳවුරු ගිනිමැලයයි. එවැන්නක් සුලබව දැක ගත හැකි වන්නේ බාලදක්‍ෂ, බාලදක්ෂිකා කඳවුරු, එළිමහන් ක‍්‍රියාකාරකම් හා එළිමහන් කඳවුරු බැඳීම් තුළ දී හෝ සංදර්ශනාත්මක කඳවුරකදී පමණකි.

පළපුරුදු ගිනිමැල නායකයන් විසින් ගිනිමැළය සකස් කිරීමේ දී එය කුඩාවටත්, කිසිවකුට අවහිර නොවන සේ ගිනිමැළය වටේ පහසුවෙන් ඉඳගෙන නැටුම් ගැයුම් ඉදිරිපත් කර විනෝද වීමට හැකි වන සේත් සකස් කර ගනු ලැබේ. ඒ සඳහා ඔවුන්ට සුවිශේෂී පුහුණුවක් ලබාතිබිය යුතු වේ. ලී පදක්කම්ධාරී බාලදක්ෂ නායකයන් සඳහා විශේෂ කඳවුරු ගිනිමැල පාඨමාලාවක් වාර්ෂිකව ජාතික පුහුණු අංශය විසින් සංවිධානය කරනු ලබන අතර එවැනි පුහුණුවක් සම්පූූර්ණ නොකල කිසිවකුට ගිනිමැල කබාය හැදීම හෝ කඳවුරු ගිනිමැලයක් හැසිරවීමේ හිමිකමක් නොමැතිය.

වගකිවයුතු පුද්ගලයෙකු යටතේ මනා විනයක් සහ ආරක්ෂාවක් සහිතව සංදර්ශනාත්මක කඳවුරු ගිනිමැළ පැවැත්විය යුතු ය. එසේ ම කදවුරු ගිනිමැළය මෙහෙයවීම සඳහා නායකයන් කීපදෙනෙකු යොදාගතහැකි වේ. සම්පත්දායකයන් නොමැකි සමූහ ගිනිමැලයකදී හෝ එවැනි කාණ්ඩ ගිනිමැලයකදී කාණ්ඩනායකයන් යොදා ගැනීමට ද හැකිය.ඕනෑම ගිනිමැළ සංදර්ශනයක් පැයකට සීමාවීම අනිවාර්්‍ය වේ. පෙර පුහුණුවීමකින් තොරව මහජනතාව රැස්කරන කඳවුරු ගිනිමැල තැබීම නොකල යුතුය. ඉදිරිපත් කිරීම් සැලසුම් කළයුතු අතර එක් එක් අංග සඳහා උපරිම ලෙස විනාඩි පහක කාලයකට නොවැඩිවීමත් ක්‍රමානුකූලව නැගීයන ආකාරයටත් ක්‍රමානුකූල අවසානයකටත් ගෙනඒමත් කලයුතුය. සුදුසු නම් පමණක් අවසානයේ දී ජාතික ගීය ගායනා කිරීමෙන් සංදර්ශනය අවසන් කෙරේ. නොමැති නම් අපි වෙමු එක මවකගේ දරුවෝ ගීතය ගායනා කරනු ලැබේ. බාලදක්ෂිකාවන් සූර්යා බස්නා සැන්දෑවේ ගීතය ගායනා කරති.

ගිනිමැළ සංදර්ශනවල දී ගායනා කළ හැකි ගීත

ගිනි දළු නැගයති - රත් පැහැ විහිදෙති
ගණදුරු බිඳ වැටී එළිවෙති
සැම දෙසේ බාලයන් - වී උතුම් දක්ෂයින්
ලෝකෙට වැඩ සදා ජය පතව්....//

අපි තමයි මේ රටේ.../// බාලයෝ..
අපි තමයි මතුවට..../// කළ යුතු...

රට පුරා පියඹමින් - රොන් උරා මල් වලින්
සදන සේ මී වදේ මී මැසුන්
අපිද හොඳ දේ කරම් - නරක දේ අත් හරිම්
අප රටේ දියුණුව අපි පතම්..
අද කුඩා පැළයකි - හෙට විසල් රුක් වෙති
සුළඟට වැස්සට බිය නැති
අද අපේ බාලයන් - හෙට රටේ වීරයන්
රට දැය සමයට හිත ඇති

ගිනි දළු නැගයති.....

බාලයන් වැඩ කරයි - හිත ගත හැඩ ගසයි
හිරිහැර කරදර විඳ දරයි
හෙට ඇති වැඩ සැමා - බාධක බිඳ දමා
සාමයෙන් ප්‍රීතියෙන් ඉටු කරයි
ගිනි දළු නැගයති.....

පුංචි සුදත්

පුංචි සුදත් නිදි පැදුරේ අඬන්න ගත්තා
අම්මා.... අම්මා....
අනෙ අසරණ දරුවා

බිත්තරේ

බිත්තරේ සුදු මදේ - බිත්තරේ කහ මදේ
බිත්තරේ සුදු මදේ කහ මදේ
බිත්තරේ කහ මදේ
බිත්තරේ සුදු මදේ
කහ මදේ සුදු මදේ පුදුම දේ...

ගැං ගුලි ගුලි 

ගිං ගැං ගුලි ගුලි ගුලි ගුලි වොච් වොච්
ගිං ගැං ගෝ ගිං ගැං ගෝ //
හේලා... හේලා ෂේලා...
හේල ෂේල හේලා... හෝ...
ෂලවලි ෂලවලි ෂලවලි ෂලවලිවොම්බං වොම්බං වොම්බං වොම්බං



සීයා බුලත් විට කොටයි

සීයා බුලත් විට කොටයි - රස කථා කියයි
රස කථා කියයි
රජ රජ රජ රජ කථා...
ගම ගම ගම ගම කථා...
රජ කථා ගම කථා දන්නෙ සීයමයි



අල්ලාපන් මාළු

අල්ලාපන් මාළු
ගොඩ ඇදපන් මාළු
මෝදර වැල්ලේ මාළු
කන්න රසයි මාළු
පනම ගොඩයි - ගොඩ පනමයි

එන්න ගන්න මාළු
මෝදර වැල්ලේ මාළු
පනම ගොඩයි - ගොඩ පනමයි

මෙයට අමතරවදේශාභිමානය  නංවන ආකාරයේ ගීත, ජන ගීත, නූර්ති ගී, විදේස් බාලදක්ෂ ගීත ආදී  අර්ථවත්  සුදුසු වෙනත් ගීත ද යොදා ගත හැකිය.

විශේෂ ස්තූතිය
e-thaksalawa.moe.gov.lk පළවූ පැරණි ලිපිය නිවැරදි කර නැවත සකස් කර පලකරනු ලැබේ.

2 comments:

  1. Dating for everyone is here: ❤❤❤ Link 1 ❤❤❤


    Direct sexchat: ❤❤❤ Link 2 ❤❤❤

    7d .

    ReplyDelete