Translate

Showing posts with label Scouting Magazine - Sri Lanka. Show all posts
Showing posts with label Scouting Magazine - Sri Lanka. Show all posts

Wednesday, March 20, 2024

167 වන දින බී.පී දින සැමරුම වෙනුවෙන් නිර්මාණය කළ හිරු සිතුවම - 2024

බේඩ්න් පවෙල් සාමිවරයා වරක් මෙසේ පැවසුවා.  ඔබ ලෝකය හැරයන විට, එය ඔබ මුලින් දුටු ආකාරයට වඩා මඳක් හෝ ඉදිරියෙන් තබා යාමට උත්සාහ කරන්න... යනුවෙනි. ඒ සර්වකාලීන පණිවිඩය පෙරදැරි කරගනිමින්, 167වන බේඩ්න් පවෙල් දින සමර්පණයට එක්වන සුවහසක් බාලදක්ෂ-බාලදක්ෂිකාවන් වෙත SCOUTING සඟරාවේ සුභාසිංශනයද මෙසේ එක්කෙරන වගයි..!

 
ආදිකර්තෘ දිනය සමරමින් ලොව පුරා වෙසෙන බාලදක්ෂ-බාලදක්ෂිකාවෝ විවිධ සමාජ සත්කාරක සහ සේවා වැඩසටහන් සංවිධානය කරති. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ-බාලදක්ෂිකා දරුවන් 167 වන දින බී.පී දින සැමරුම මෙවර 10වැනි ජාතික ජම්බෝරිය්දී සමරණු ලැබූහ. ඒ වෙනුවෙන් SCOUTING සගරාවේ අපි සුපුරුදු පරිදි අලුත්ම නව නිර්මාණයක් බාලදක්ෂ ලෝකයට මෙවර දායාද කරන්නෙමු. අත් කාචයක් හරහා හිරු එළියේ කිරණ එක තැනකට නාභිගත කර දැව පුවරු මත පිළිස්සීමෙන් මෙවර ඒ අතිශය දුෂ්කර කලා කටයුත්ත සිදුකරනු ලැබුවේ මීගමුව බාලදක්ෂ දිසාවේ මාර්කස් ඇන්ටනී ප්‍රනාන්දු මහතා විසිනි.
 
හිරු එළියෙන් සිතුවම් මවන කලාකරුවා scouting යූ ටියුබ් නාලිකාවේ අපට හදුන්වා දෙනු ලැබුවේ අපගේ බාලදක්ෂ මිතුරකු වූ මීගමුව බාලදක්ෂ දිසාවේ ජෝර්ජ් මහතා විසිනි. ඒ ඇසුරින් සිදුකල සම්පූර්ණ වීඩියෝව පහතින් බලා ගත හැකිය.
 

 
ලොව ප්‍රථමවරට නිර්මාණය කල බී.පී. ආලේඛය සහිත හිරු සිතුවම
 
හිරු එළිය අපට නොමිලයේම ලැබෙන ප්‍රධානම ශක්ති ප්‍රභවයයි. විද්‍යාඥයෝ හිරුඑළියෙන් බලය නිපදවා ගැනීමට විවිධ පර්යේෂණ කරගෙන යද්දී කලාකරුවකු එම හිරු එළිය යොදවා තම කලා නිර්මාණ කිරීමට සමත්ව සිටී.‍ ඔහු කටුනායක මාක් ඇන්ටනී පෙරේරා ය. හිරු එළිය උපකාරයෙන් චිත්‍ර ඇදීමටත් පොල් කටුවෙන් විසිතුරු ද‍ෑ කැටයම් කැපීමටත් ඔහු ‍උපන් හපනෙකි.

කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව මවගේ වියෝව නිසා තම සීයා සමීපයේ සිට කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ශිල්ප නිමා කළ ඔහු එතැනින් ගියේ ගැල්වනයිස් කිරීමේ කර්මාන්තයක් කරා ය. එතැන ටික කලක් රැකියාව කළ ඔහු කුවේටය බලා ගියේ ය.

කුවේටයේ රැකියාව කරන අතරතුර ලැබෙන විවේකයේදී ඔහු හිරුඑළිය නාභිගත කර පිළිස්සුම් මගින් අපූරු චිත්‍ර නිර්මාණයක් කරන අන්දම රූපවාහිනියෙන් දුටුවේ ය. තර්ස්ටන් විදුහලේ ඉගෙනීම ලබද්දී ඔහුගේ මිතුරෙකු ඔහුට උත්තල කාචයක් ලබාදී තිබුණි. එතැන් සිට ඔහුගේ ආශාව වූයේ හිරුඑළියෙන් චිත්‍ර කැටයම් කිරීම ප්‍රගුණ කිරීමට ය.

මේ ගැන තිබ‍ූ ආශාවත් සමඟ පාසලේදී අත්වැඩට පොල්කටුවෙන් කරන නිමැවුම් පිළිබඳව ද මාක් ඇන්ටන්ට සිහි විය. ඒ සඳහා මෙවලම් කිසිවක් ඔහු සතුව නොවී ය. තිබුණු මෙවලමකින් පොල් කටු කපා කොටා ගැනීමට ඔහු පෙළඹුණු අතර අඩු පාඩු මෙවලම් එක, දෙක, ක්‍රම ක්‍රමයෙන් සොයා ගත්තේ ය. ඔහු පොල් කටුවෙන් විවිධ කලාත්මක දේ නිපදවා සංචාරකයින්ට අලෙවි කරමින් හිරුඑළියෙන් චිත්‍රණය කිරීමට ද සුළු සුළු අත්හදා බැලීම් සිදු කළේ ය.

හිරු සිතුවම් කලාවෙන් නිර්මිත ලොව ඇති එකම බී.පී.තුමාගේ උඩුකය රූපය නිර්මාණය කිරීම

අත් කාචය හිරුඑළියට අල්ලා නාභි ගත වන රශ්මි ධාරාවෙන් පුළුන් කැබලි, කඩදාසි පිළිස්සීමෙන් ඔහු ඉගෙන ගත්තේ ය. එය ලෑල්ලක් මතට ගෙන රුවක් ගොඩනඟා ගන්නට ඔහු ගත් තැන සාර්ථක විය. ප්‍රවීණ සංගීතඥ ගුණදාස කපුගේ ගේ රුව ලෑල්ලක් තුළින් මතු කරගත් ඔහුගේ මුල්ම නිර්මාණය විය.

මේ ඒ පිළිබඳව ඔහුගේ අදහස්.

“මේක අසීරු වැඩක්. චිත්‍රයක් නිම කරන්න දවස් ගණනක් ගිනි අව්වේ කට්ට කන්න වෙනවා. චිත්‍රයක සුළු ඉරක්, සුළු කොටසක් නිර්මාණයට සෑහෙන වේලාවක් ගත වෙනවා. අත පොඩ්ඩක් හරි ඇස පොඩ්ඩක් හරි අහකට ගත්තොත් චිත්‍රය වෙනස් වෙනවා. ලෑල්ලේ පිච්චෙන තැන හරියටම සලකුණු කරගන්න ඕනේ. විශේෂයෙන් පාට අඩු වැඩි තැන් බොහෝම අවධානයෙන් කරගන්න ඕනේ. ඒකට ලොකු ඉවසිල්ලක් තියෙන්න ඕනේ.

මේ සඳහා හොඳට පායන ඉර අව්වත් අත් උත්තල කාචයත් හැරුණු විට ඉක්මනින් පිළිස්සෙන සුදු පැහැයට හුරු කල් පවතින ලෑලි වුවමනා වෙනවා. වැනිස්ටා බෝඩ් මේ කාර්යයට සුදුසුයි. ෆයිනස්, ඇල්බීසියා වැනි ලෑලිත් ගන්න පුළුවනි. ඒ වගේ ම ලෑල්ල පොලිෂ් කිරීමේ හැකියාව තිබුණොත් චිත්‍රය තවදුරටත් දැකුම්කළු කරන්න පුළුවන. කොහොඹ, දොඹත් සුදුසුයි.

ඒත් හිරු එළියෙන් කෙරෙන චිත්‍ර එතරම් ප්‍රචලිත නැහැ. නමුත් මම නිර්මාණය කළ චිත්‍රවලට ඉහළ ප්‍රතිචාර තිබුණා. ඒත් මේවා නිර්මාණය පහසු නැහැ. ඒ නිසා වටිනාකම ඉහළ යනවා. ඒ වියදම් සමහර විට දේශීය රසිකයකුට දරාගන්න බැහැ. දැනට කරලා තියෙන චිත්‍ර දිහා බලලා ඉල්ලුමක් ලැබුණොත් කරල දෙන්න පුළුවන්. චිත්‍ර ඇදීම පිළිබඳ උනන්දුවක් දක්වන්නකුට ගුරු උපදේශයක් දෙන්න කැමැතියි.

කඩදාසියක ඇඳ ගන්නා සිතුවම ලීය මත කටුසටහනක් ලෙස ඇඳ ගත යුතුයි. හැබැයි අපට පාට සීමිතයි. එකම වර්ණය තද හා ළා පාට දක්වා විහිද යා යුතුයි. ඒ නිසා උපයෝගි කර ගන්නා වස්තු බීජය එම වර්ණයට හෝ රටාවට ගැළපෙන පරිදි විය යුතුයි.

පොල්කටු නිර්මාණ ශිල්පය වැඩි දියුණු කරන්න මම අදහස් කරනවා. පොල් ගසින් කිසිවක් අහක යන්නෙ නැහැ. පොල් කටුව ඉවත දමන දෙයක්. දැනට කරන්නෙ අඟුරු පුච්චන එක පමණයි. එයින් මෙවැනි දේ නිර්මාණයට පුහුණුවක් තියෙන අය අද අඩුයි. ඒ නිසා මේ කර්මාන්තය නඟා සිටවන්න මම වැඩපොළක් ආරම්භ කළා මීගමුවේ පිටිපන නැමැති ගමේ. 0113122466 ට කතා කරලා ඕනෑම කෙනෙකුට පුහුණුව ලබා ගන්න පුළුවන්. 


මාක් ඇන්ටනී නොමිලේ ලැබෙන හිරු එළියෙන් හා පොල්කටුවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට ප්‍රයත්න දරන්නෙකි. මේ ස්වභාවික වස්තුන්, කලාව පෝෂණයට උපයෝගි කර ගැනීම ඇත්තෙන්ම වාසනාවකි. මෙවර ලෝක බාලදක්ෂ නිර්මාතෘ බී.පී දින සැමරුම වෙනුවෙන් බාලදක්ෂ ලෝකයට දායාද කල මෙම අපූරු නිර්මාණය වෙනුවෙන් සමස්ත බාලදක්ෂ ව්‍යාපරය වෙනුවෙන් අප ස්තූතිවන්ත වෙමු.
 
 

Monday, March 18, 2024

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භයට එක් වෙමින් ජනපතිතුමා කළ කථාව

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජම්බෝරිය නියෝජනය කරන්නේ නෑ. සැම දෙනා එක් වුණොත් මතු පරපුරට සුරක්ෂිත රටක් ගොඩනඟා දිය හැකියි. යහපත් පුරවැසියන් රටට තනන බාලදක්ෂ ව්‍යාපාරයට උපරිම අනුග්‍රහය දක්වනවා. බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීමට අවස්ථාව සලසනවා..

රනිල් වික්‍රමසිංහ
ප්‍රධාන බාලදක්ෂක /ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපති
10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය

ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්‍ වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කරගත හැකි බවද කියා සිටියේය. රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුග්‍රහය දක්වන බව මෙහිදී පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී විවෘත කෙරිණි. ‘වෙනසක් සඳහා නායකත්වය’ යන තේමාව යටතේ පෙබරවාරි 20 සිට 26 දා දක්වා පැවැත්වෙන මේ ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාල දක්ෂ නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරන කණ්ඩායමක්ද කඳවුරට එකව සිටින අතර, පෝතක බාලදක්ෂයන් සඳහාද මෙවර අවස්ථාව හිමි කර දී තිබීම විශේෂත්වයකි.



10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර ලේන්සුව සහ පදක්කම පැලඳවීමද සිදු කෙරිණි.

ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු වූ අතර, ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාපද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි. 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක් වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතාබහක නිරත විය.

අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්ව සිටිති.

ජම්බෝරිය පැවැත්වෙන සෑම දිනකම බාලදක්ෂයන් සඳහා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර, ගිනි මැල සන්දර්ශන, සංස්කෘතික සන්දර්ශන ද ඊට ඇතුළත් වේ. ඊයේ (21) සිට පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කර තැබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“දස වැනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගි වී සිටිනවා. අද ඔබ මීට සහභාගි වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි. අද ඔබ මෙතැනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයකු ලෙසයි. අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ.

මෙතැනට පැමිණි සියලු දෙනාටම පළමුව මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලු දෙනාගේ මේ සාමූහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනැඟෙනවා; ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා. ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වනවා.

“බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහි වන්නේ මේ රටට අවශ්‍ය යහපත් පුරවැසියන් පිරිසක්. ප්‍රධාන බාලදක්ෂයා ලෙස මම මේ වගකීම භාර ගත් අවස්ථාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගෙන් විමසා සිටියා මෙහි සාමාජිකත්වය ලක්ෂ දෙක දක්වා ඉහළ නංවාගැනීමට අපට හැකියාවක් තිබෙනවාද කියා. එය කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා. එබැවින් සියලු දෙනා එක්ව මේ බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේදී ඒ සාමාජිකත්වය දෙලක්ෂ පනස්දහස දක්වා ඉහළ නංවාගත හැකියි. මේ සඳහා ගැටලුවක්ව පැවතියේ සම්පත් ප්‍රමාණවත් නොවීමයි. බාලදක්ෂ ව්‍යාපාරය ලක්ෂ දෙකක ඉලක්කය සම්පූර්ණ කළ විට ඒ වැඩකටයුතු සඳහා මීට වඩා මුදලක් දීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමට කැමැතියි. එහෙත් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.

ඒ වගේම මෙවැනි ව්‍යාපාර මඟින් නව දැනුම හා නව තාක්ෂණය සැලසිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය සැපයිය හැකියි. නව දැනුම ගෙනදෙන මාර්ගයක් ලෙසත් මේ බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට මා බලාපොරොත්තු වනවා.

“කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මේ බාලදක්ෂ ව්‍යාපාරය සමඟ එක් කිරීමට අපේ සහාය දෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වනවා.


“බාලදක්ෂයන් පමණක් නොවෙයි, අනෙක් සියලු දෙනාටත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමට තිබෙනවා. එය අප සියලු දෙනා ඉටු කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. දේශපාලනයේ සිටින අය එය ඉටු කරනවාද කියන එක ගැටලුවක්. මීට වසර දෙකකට පෙර අප සියලු දෙනාම දුක් වින්දා: විදුලි බලය තිබුණේ නැහැ; ඉන්ධන තිබුණේ නැහැ; ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ; තුන් වේලට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඉතා අසීරු යුගයක් අප පසු කළේ. අපේ රට බංකොළොත් වුණා. එහෙත් දැන් ක්‍රමානුකූලව ඒ බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටිනවා. ජනතාවට අප යම් සහන දුන් නමුත්, තවත් අසීරුකම් තිබෙනවා. ඒත් රට ජයග්‍රහණය කරවීමට නම් අප මේ මාවතේ ඉදිරියට යා යුතුයි. රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමෙන් පසු අප සියලු දෙනාගේ ඊළඟ යුතුකම වන්නේ මීට වඩා හොඳ රටක් මතු පරපුර වෙනුවෙන් ගොඩනඟා දීමයි. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස රට ගොඩනැගිය යුතුයි. දේශපාලනඥයන් තවම ඒ සඳහා සුදානම්ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

“අපි සියලුදෙනා එකතුව මේ ගමන යමුයි කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. අප සියලු දෙනා එකතු වුව හොත් තවත් වසර 10ක් 15ක් යන විට හොඳ රටක් බිහි කරගත හැකියි. එය මේ රට අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළ යුතු යුතුකම ලෙස මම ප්‍රකාශ කිරීමට කැමතියි.

ජාතික බාලදක්ෂ ජම්බෝරියට මම නැවතත් මගේ සුබපැතුම් පිරිනමනවා.”

නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, ජම්බෝරි නායක ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ආසියා ශාන්තිකර කලාපයේ උපසභාපති හා ලෝක බාල දක්ෂ ව්‍යාපාරයේ නියෝජිත සයිමන් බොක්‍රේ, බාලදක්ෂ කඳවුරු සංවිධායක, වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණුවීම් කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස්, ආචාර්ය කුසන්තා හේරත්, නියෝජ්‍ය ජම්බෝරි නායක, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 


Thursday, February 29, 2024

බාලදක්ෂිකාවෝ පළමු වරට ජාතික බාලදක්ෂ ජම්බෝරියක කඳවුරු බඳිති

ලෝක බාලදක්ෂ සංගමය විසින් පිළිගත් රටවල් 174ක් පුරා ව්‍යාප්තිය ඇති, දරුවන් ලක්ෂ 570ක සාමාජිකත්වයක් ඇති ලෝකයේ වැඩිම දරුවන් පිරිසක් එක්ව සිටින ළමා ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය වන අතර ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක එකම බාලදක්ෂ සංගමය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය බවත් ලොවටම කියාපාමින් මෙවර 10වැනි ජාතික ජම්බෝරිය අති උත්කර්ෂවත් ලෙස ත්‍රිකුණාමලයේදී පැවැත්විය. 2020 වර්ෂයේ 10වන බාලදක්ෂ ජම්බරිය පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදු වු වූ බැවින් මෙවර ජම්බරිය පවත්වන්නේ වසර 06කට පසුවයි. මේ හේතුව නිසා මෙවර ජාතික ජම්බොරියට සහභාගීවූ බොහෝ බාලදක්ෂයන්ගේ මෙය පළමු ජාතික ජම්බෝරි අත්දැකීම වූ බව නිසැකයි.


‘‘වෙනසක් සඳහා නායකත්වය‘‘ යන තේමාව කරගනිමින් පැවැත් වෙන මෙම ජම්බෝරිය 20 වැනිදා සිට 26 වැනි දක්වා පැවැත්වෙන අතර මේ සඳහා බාලදක්ෂ දිස්ත්‍රික් 37 නියෝජනය කරමින් බාලදක්ෂ බාලක, බාලිකාවන් සහ බාලදක්ෂ නායකයන් 12000ක් පමණ විදෙස් බාලදක්ෂයන් හා නායකයන් 500කට ආසන්න සංඛ්‍යාවක් සහ පෝතක බාලදක්ෂයන් 8000කට ආසන් සංඛ්‍යාවක් දිනයන් පුරා ජාතික ජම්බෝරියේ කඳවුරු බඳිනු ලැබූහ. අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය ,බංගලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්  විය.


ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් 2024.02.21 පෙරවරු 10.00ට කෝනේෂ්වරා හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී විවෘත කරනු ලැබූ අතර එතැන් සිට සවස 2.00 න් පසු සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කරනු ලැබිණ.

10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනපති අතින් විවෘත වේ

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජාති, ආගම් පදනමින් කිසිවෙකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කර ගත හැකි බවද කියා සිටියේය. රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුහග්‍රහය ලබා දෙන බව මෙහිදී පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

“දස වැනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගි වී සිටිනවා. අද ඔබ මීට සහභාගි වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි. අද ඔබ මෙතැනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයකු ලෙසයි. අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ.

මෙතැනට පැමිණි සියලු දෙනාටම පළමුව මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලු දෙනාගේ මේ සාමූහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනැඟෙනවා; ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා. ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වනවා.

“බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහි වන්නේ මේ රටට අවශ්‍ය යහපත් පුරවැසියන් පිරිසක්. ප්‍රධාන බාලදක්ෂයා ලෙස මම මේ වගකීම භාර ගත් අවස්ථාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගෙන් විමසා සිටියා මෙහි සාමාජිකත්වය ලක්ෂ දෙක දක්වා ඉහළ නංවාගැනීමට අපට හැකියාවක් තිබෙනවාද කියා. එය කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා. එබැවින් සියලු දෙනා එක්ව මේ බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේදී ඒ සාමාජිකත්වය දෙලක්ෂ පනස්දහස දක්වා ඉහළ නංවාගත හැකියි. මේ සඳහා ගැටලුවක්ව පැවතියේ සම්පත් ප්‍රමාණවත් නොවීමයි. බාලදක්ෂ ව්‍යාපාරය ලක්ෂ දෙකක ඉලක්කය සම්පූර්ණ කළ විට ඒ වැඩකටයුතු සඳහා මීට වඩා මුදලක් දීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමට කැමැතියි. එහෙත් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.

ඒ වගේම මෙවැනි ව්‍යාපාර මඟින් නව දැනුම හා නව තාක්ෂණය සැලසිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය සැපයිය හැකියි. නව දැනුම ගෙනදෙන මාර්ගයක් ලෙසත් මේ බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට මා බලාපොරොත්තු වනවා.


“කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මේ බාලදක්ෂ ව්‍යාපාරය සමඟ එක් කිරීමට අපේ සහාය දෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වනවා.

“බාලදක්ෂයන් පමණක් නොවෙයි, අනෙක් සියලු දෙනාටත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමට තිබෙනවා. එය අප සියලු දෙනා ඉටු කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. දේශපාලනයේ සිටින අය එය ඉටු කරනවාද කියන එක ගැටලුවක්. මීට වසර දෙකකට පෙර අප සියලු දෙනාම දුක් වින්දා: විදුලි බලය තිබුණේ නැහැ; ඉන්ධන තිබුණේ නැහැ; ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ; තුන් වේලට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඉතා අසීරු යුගයක් අප පසු කළේ. අපේ රට බංකොළොත් වුණා. එහෙත් දැන් ක්‍රමානුකූලව ඒ බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටිනවා. ජනතාවට අප යම් සහන දුන් නමුත්, තවත් අසීරුකම් තිබෙනවා. ඒත් රට ජයග්‍රහණය කරවීමට නම් අප මේ මාවතේ ඉදිරියට යා යුතුයි. රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමෙන් පසු අප සියලු දෙනාගේ ඊළඟ යුතුකම වන්නේ මීට වඩා හොඳ රටක් මතු පරපුර වෙනුවෙන් ගොඩනඟා දීමයි. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස රට ගොඩනැගිය යුතුයි. දේශපාලනඥයන් තවම ඒ සඳහා සුදානම්ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

“අපි සියලුදෙනා එකතුව මේ ගමන යමුයි කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. අප සියලු දෙනා එකතු වුව හොත් තවත් වසර 10ක් 15ක් යන විට හොඳ රටක් බිහි කරගත හැකියි. එය මේ රට අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළ යුතු යුතුකම ලෙස මම ප්‍රකාශ කිරීමට කැමතියි. ජාතික බාලදක්ෂ ජම්බෝරියට මම නැවතත් මගේ සුබපැතුම් පිරිනමනවා.”

  

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කරලේන්සුව සහ පදක්කම පැලඳවීම ද සිදු කෙරිණි. ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාප ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි. 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක්වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතා බහක ද නිරත විය.

ශ්‍රී ලංකා බාලදක්ෂිකාවෝ ප්‍රථමවරවට 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය කඳවුරු බඳිනු ලැබූ අතර එ ඓතිහාසික සිදුවීමක් වේ.

 

මෙවර ජම්බෝරිය උප කඳවුරු මඟින්

සමාරම්භක උත්සවයෙන් පසු ජම්බොරි ප්‍රදර්ශනය – පස්වරු 05.00 ට, (22) වැනිදා- බී පී දිනය – පස්වරු 06.00 ට, (22)-(24)- පෝතක දින – පෙරවරු 10.00 ට, (23) – සංස්කෘතික දිනය – පෙරවරු 10.00 ට, (24)- ජාත්‍යන්තර සංස්කෘතික දිනය – පස්වරු 07.00 ට, (25) – සිවිල් ගුවන් සේවා සැහැල්ලු ගුවන් යානා සංදර්ශනය – පෙරවරු 10.00 ට, සමාප්ති උත්සවය – පස්වරු 5.30 ට, විවෘත එළිමහන් සංදර්ශනය – ප.ව 07.00 ට පැවැත්වේ. සෑම දිනයකම බාලදක්ෂයන් සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර ඊට ගිනිමැල සංදර්ශන, සංස්කෘතික සංදර්ශන ද ඇතුළත් විවිධ බාලදක්ෂ ක්‍රියාකාරකම් රාශියක් මෙවර ජම්බෝරියේදී දැකගත හැකි විය.

ජම්බෝරි නායක ලෙස ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා කටයුතු  කරනු  ලැබූ අතර කදවුරු සංවිධායක කොමසාරිස්වරුන් ලෙස වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, නියෝජ්‍ය ජම්බෝරි නායක ලෙස නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම් එෆ් එස් මුහීඩ් යන මහත්වරුන් කටයුතු කලහ. ජම්බෝරිය සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමඛ නිලධාරීන්, නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ සියලු රාජ්‍ය ආයතන සහය ලැබෙන බවත් මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවකින් හා පුද්ගලික ආයතන රැසකින් දායකත්වය ලැබෙන බවත් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා කියා සිටියේය. 


Friday, February 16, 2024

10 වන ජාතික ජම්බෝරිය - ත්‍රිකුණාමලයේ නිවාඩු නිකේතන / සංචාරක බංගලා

ත්‍රිකුණාමලය යනු ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටි නගරයකි, එහි විශ්මය ජනක වෙරළ, පොහොසත් ඉතිහාසය සහ විවිධ වන සතුන් සඳහා ප්‍රසිද්ධය. ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය සහ සංස්කෘතික උරුමයන් අත්විඳීමට කැමති සංචාරකයින් සඳහා එය ජනප්‍රිය ගමනාන්තයකි. ත්‍රිකුණාමලයට පුරාණ කාලයේ සිටම දිවෙන දිගු හා ආකර්ෂණීය ඉතිහාසයක් ඇත. සියවස් ගණනාවක් පුරා, චෝල, පාණ්ඩ්‍ය සහ විජයනගර රාජධානි සහ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යටත් විජිත බලවතුන් වැනි විවිධ අධිරාජ්‍යයන් සහ රාජවංශ නගරය පාලනය කර ඇත. අද ත්‍රිකුණාමලය නරඹන්නන්ට විවිධ අත්දැකීම් ලබා දෙන ජවසම්පන්න සහ කාර්යබහුල නගරයකි. පෞරාණික පන්සල් සහ ඓතිහාසික බලකොටු ගවේෂණය කිරීමේ සිට සුන්දර වෙරළ තීරයන් සහ වනජීවී සෆාරිවල විවේක ගැනීම දක්වා ත්‍රිකුණාමලයේ සෑම කෙනෙකුටම යමක් තිබේ. 

ත්‍රිකුණාමලයේ අනෙකුත් සංස්කෘතික අංග අතර හින්දු දෙවි මුරුගන්ට ගෞරව කරන වෙල් උත්සවය සහ ශිව පාර්වතී සමඟ විවාහ වීම සමරන මහා ශිවරාත්‍රී උත්සවය ඇතුළත් වේ. කලාපයේ අනන්‍ය උරුමය ප්‍රදර්ශනය කරමින් සම්ප්‍රදායික නැටුම් සංදර්ශන සහ සංගීත ප්‍රසංග වැනි දේශීය සංස්කෘතික ප්‍රසංගවලට ද නරඹන්නන්ට සහභාගි විය හැකිය.

නවතින තැන් 
 
ත්රිකුණාමල මැතිවරණ සංචාරක නිවාසය
වෙන්කර ගැනීමට අවශ්‍ය දිනට සති තුනකට පෙර මැතිවරණ මහලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි විමසීමෙන් අනතුරුව අදාළ අයදුම්පතක් සම්පූර්ණ කොට ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවා, සංචාරක නිවාසය අදාළ අයට වෙන් කර ගත හැකිය. 

පිහිටීම - ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව තුළ

කාමර සංඛ්‍යාව – 03

කාමරයක සිටිය හැකි උපරිම සංඛ්‍යාව

කාමර අංක 01 (සාමාන්‍ය කාමරය) - 04

කාමර අංක 02 (විශාල කාමරය) - 08

කාමර අංක 03 (කුඩා කාමර) - 03

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්/ සේවකයන් සඳහා කුලිය (දිනකට) – රු. 5000.00

වෙනත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් / සේවකයන් – රු. 10,000.00

පරිපාලන නිලධාරීගේ දුරකථන අංක පහත පරිදි වේ. 011-2868441-3 (පොදු කාර්යාලය) - දිගුව 459 / 011-2074599 (රාජකාරි) සංචාරක නිවාසයක වෙන් කරවා ගැනීම සඳහා ඔබ විසින් මුුදල් ගෙවු ලදුපතේ ඡායා පිටපතක් ඇමුණුම I පරිදි වු අයදුම්පත සමඟ අමුණා ඉදිරිපත් කළයුතු අතර, එම අයදුම්පත ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ භාරදීමෙන් හෝ 011-2868450 ෆැක්ස් අංකයට යොමු කිරීම හෝ සිදුකළ හැකිය. ෆැක්ස් මඟින් යොමු කරන ලද අයදුම්පත පරිපාලන නිලධාරි වෙත ලද බව සනාථ කරගැනීම, ඔබ වෙත සංචාරක නිවාසය නියමිත දිනට වෙන් කරවා ගැනීමට පහසුවක් වනු ඇත. ඔබගේ අයදුම්පතට අනුව ඉල්ලුම් කරන දින / දිනයන් සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමට අනුමැතිය ලබාදීමේ ලිපියෙහි ඔබගේ පිටපත පරිපාලන නිලධාරී වෙතින් ලබා ගතයුතු අතර, එය සංචාරක නිවාසයේ භාරකරු වශයෙන් නම්කර ඇති නිලධාරියා වෙත ඉදිරිපත් කර අදාල දිනයන් සඳහා නවාතැන් පහසුකම් සලසා ගත හැතිය. 

සම්පුර්ණ නිවස, කොමිෂන් සභා කාර්ය මණ්ඩලය සඳහා සහ කොමිෂන් සභාවේ අවම වශයෙන් වර්ෂ 05ක් සේවයේ නියුතුව සිට රජයේ සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරී හා සේවක මහත්ම මහත්මීන් සඳහා වෙන් කරවා ගැනීමට එක් දිනකට රු.5,000.00 ක්ද, රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන්/ සේවකයන් සඳහා රු.10,000.00 ක්ද වශයෙන් විය යුතුය. එක් කාමරයක් භාවිත කරන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට/ සේවකයන්ට රු.2500.00ක්ද, රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන්/ සේවකයන් සඳහා රු.5000.00ක්ද වශයෙන් විය යුතුය. සියළුම කාමර වායුසමනය කර ඇත. ඇඳන්, කොට්ට, ඇඳ ඇතිරිලි, කොට්ට උර සහ ලිනන් රෙදි (Blanket) යනාදිය සපයනු ලැබේ. මේවා පිරිසිදු කිරීමේ ගාස්තු සංචාරක නිවාසයේ ගාස්තුවලට ඇතුළත් නොවේ. එබැවින් පිරිසිදු කිරීමේ ගාස්තු වශයෙන් පාවිච්චි කරන දෑ වෙනුවෙන් කාමරයක් සඳහා රු.500.00ක මුදලක් සංචාරක නිවස්නයේ භාරකරු වෙත ගෙවිය යුතුය. මෙම සංචාරක නිවාසයේ ලැගුම් ගන්නා නේවාසිකයන්ට ආහාර පාන සකසා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වු මුළුතැන්ගෙයි උපකරණ, ශීතකරණ, ගෑස් උදුන් ඇතුළු උපකරණ සියල්ල සපයනු ලබන අතර, ඒ සඳහා වන ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් එක් අවස්ථාවකට රු.500.00ක මුදලක්ද, දින ගණන දෙකකට වැඩි වන්නේ නම් අමතරව දිනකට රු. 200.00 බැගින් සංචාරක නිවස්නය භාරකරු වෙත ගෙවිය යුතුය.
 
තැපැල් නිවාඩු නිකේතනය
Trinco town eke තියන ත්රිකුණාමලය තැපැල් නිවාඩු නිකේතනය කලින් book කරන් යන්න. ත්රිකුණාමලය දුම්රිය ස්ථානයේ සිට 2.2km ක දුරකින් තැපැල් දෙපාර්තමේන්තු සංචාරක බංගලාව පිහිටා ඇති අතර A හා B වශයෙන් නිකේතන 2ක් පිහිටා ඇත. A සංචාරක බංගලාව වායු සමනය කරන ලද කාමර 4කින් සමන්විත වන අතර වැඩිහිටි පුද්ගලයන් 12දෙනෙකු සදහා නවාතැන් පහසුකම් සළසා ගත හැකි අතර තැපැල් දෙපාර්තමේන්තු නිළදාරීයෙකු විසින් වෙන් කරනු ලැබීමකදී රුපියල් 3000ක මුදලක් හා සේවා ගස්තු වශයෙන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 150ක මුදලක් අය කරනු ලැබේ...වෙනත් බාහිර පුද්ගලයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමක දී රුපියල් 8000ක මුදලක් හා සේවා ගාස්තු වශයෙන් 1ක් පුද්ගලයෙකුගෙන් රුපියල් 150ක මුදලක් අය කරනු ලැබේ. B සංචාරක නිකේතනය ශාලාවකින් යුක්ත වන අතර එහි පුද්ගලයන් 25 දෙනෙකු සදහා නවාතැන් පහසුකම් සපයාගත හැකි අතර මෙට්ට (ඇකිලිය හැකි) සපයනු ලැබේ..මෙම ශාලාව වෙන් කිරීමක දී තැපැල් දෙපාර්තමේන්තු නිළදාරියෙකුගෙන් රුපියල් 4000ක් හා සේවා ගාස්තු වශයෙන් 1ක් පුද්ගලයෙකුගෙන් රුපියල් 50ක මුදලක් අය කරනු ලැබේ. වෙනත් පුද්ගලයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමක දී රුපියල් 8000ක් සහ සේවා ගාස්තු වශයෙන් රුපියල් 300ක් අය කරනු ලැබේ. මෙම සංචාරක නිවස්නයේ නවාතැන් ගනු ලබන අයවලුන් සදහා අහාර පිලියෙල කර ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා ගෑස් බංගලා භාරකරු පිසින් සපයා දෙනු ලැබේ. දිවයිනේ පිහිටි ඕනෑම තැපැල් කාර්‍යාලයක් මගින් මෙම සංචාරක බංගලා වෙන් කරවා ගැනීම සිදු කළ හැක.

වැඩි විස්තර
බංගලා භාරකරු - 026 2222250
සංචාරක නිකේතනය පිහිටා ඇති ස්ථානය
Tricomalee Postal Holiday Home
Inner Harbour Rd, Trincomalee 31000
0262 222 250
 
ගෝකණ්න නිවාඩු නිකේතනය
Trinco නිවාඩු නිකේතනය ➡️ 026-2222250
එතන නම් සුපිරියටම තියෙනවා.. clean & friendly
 
කොකෝ විලා සංචාරක බංගලාව
ත්‍රිකුණාමලය නිලාවැලි වෙරළ ආසන්නයේ දර්ශනීය ස්ථානයක පිහිටා ඇති පොල් වගාකිරීමේ මණ්ඩලයේ 10 වන Cocco villa කොකෝ විලා සංචාරක බංගලාව සියලු නවීන පහසුකම් වලින් සමන්විත මෙම සංචාරක නිකේතනය දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා වඩා සාධාරණ මිලගණන් යටතේ ලබාගත හැකිය. වායුසමනය කළ කාමර හතරක් 3000 /- x 4 =12000 පහසුකම් ඉතා හොඳ ,හොඳින් නඩත්තු කරනු ලබන සංචාරක බංගලාවකි. නිලාවෙලි වෙරළ ආසන්නයේ පවතින ඉතා දැකුම්කළු වටපිටාවකින් යුක්ත වේ.

ස්වදේශ කටයුතු රාජ්ය අමාත්යාංශය යටතේ ඇති සංචාරක බංගලාව
 
විවිධ ප්රදේශයන් මුල් කරගෙන බංගලා 35ක් පමණ මෙයාලගෙ තියෙනවා. ගොඩක්ම අඩුම අඩු මිල ගනන් තමයි තියෙන්නේ. බජට් එකට ට්රිප් යන අයටනම් වටිනවා. ඔයාලට ඕනම තැනින් එකක් බලලා Book කරගන්න තමයි තියෙන්නේ. ස්වදේශ කටයුතු අමාත්යංශයේ සංචාරක බංගලාව - නව ත්රිකුණාමලය නගරයට 2.5km පමණ දුරකින් මෙන්ම වෙරළට ඉතා අසාන්නව පිහිටා තිබේ. මෙම සංචාරක නිවාඩු නිකේතනය සම්පූර්ණයෙන්ම වායු සමනය කරන ලද කාමර 6කින් යුක්ත වන අතර එක් කාමරය වැඩිහිටියන් 2කු බැගින් සම්පුර්ණ කාමර 6 සදහා වැඩිහිටි පුද්ගලයන් 12කු සදහා නවාතැන් පහසුකම් පවතී.තව ද එක් එක් කාමර සදහා නාන කාමර වෙන් වෙන් වශයෙන් සකසා ඇත. මෙහි එක් දිනක් ගත කිරීම සදහා එක් කාමරයක් රාජ්‍ය සේවකයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමකදී රුපියල් 900ක මුදලක් අය කර ගනු ලබන අතර කාමර 6ම වෙන් කිරීමකදී රුපියල් 5400ක මුදලක් අය කරනු ලබයි. එමෙන්ම අර්ධ ‍රාජ්‍ය් සේවකයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමකදී එක් කාමරයක් සදහා රුපියල් 1350ක මුදලක් අය කර ගනු ලබන අතර කාමර 6 සදහා රුපියල් 8100ක මුදලක් අය කරනු ලැබේ. තවද මෙහි සියලු කාමර සම්පූර්ණයෙන්ම වායු සමනය කර ඇති අතර රුපවාහිනී හා අනෙකුත් පහසුකම් වලින් යුක්ත වේ.

මෙම සංචාරක බංගලාව වෙන් කර ගැනීම සදහා නාරාහේන්පිට පිහිටි "නිළ මැදුර"වෙත හෝ ලගම පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයක් වෙත යා යුතු වේ. සංචාරක බංගලා වෙන් කර ගැනීම සඳහා වෙබ් අඩවියේ ඇති අයදුම්පත්‍රය නිසි පරිදි පුරවා, ආසන්නතම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, "නිල මැදුර", ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 (14 වෙනි මහල ) වෙත පැමිණ භාර දෙන්න. මේ පිලිබද වැඩි විස්තර සදහා අමතන්න - 0112 050 332 වැඩි විස්තර සදහා වෙබ් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පරීක්ශා කරන්න. (moha,gov,lk)
 

මිනින්දෝරු දෙපාර්තමේන්තු සංචාරක බංගලාව
 
ත්රිකුණාමලයේ මින්දෝරු දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලා 2ක් පිහිටා ඇති අතර නිලාවැලි වෙරල තීරයේ සිට 12km දුරකින් සුන්දර කුච්චවේලී වෙරළ තීරයට හා විදෙස් සංචාරකයන් අතර ප්රසිද්ධ තරු පන්ති 5හේ jungle beach by Uga Escape. සංචාරක හෝටලයට ආසන්නයේ මෙම සංචාරක බංගලා පිහිටා තිබේ. මෙම සංචාරක බංගලා වායු සමනය කරන ලද කාමර වලින් සමන්විත වන අතර 1ක් සංචාරක බංගලාවක් තුළ වැඩිහිටි පුද්ගලයන් 5 දෙනෙකු බැගින් බංගලා 2හි වැඩිහිටි පුද්ගලයන් 10 දෙනෙකු සදහා නවාතැන් පහසුකම් සළසා ගත හැක. මෙම 1ක් සංචාරක බංගලාවක් වෙන් කර ගැනීම සදහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නොවන වෙනත් දෙපාර්තමේන්තු නිළදාරීයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමක දී රුපියල් 3000ක මුදලක් සහ 8%ක වැට් බද්දක් අය කරනු ලැබේ.
මෙම සංචාරක බංගලාව වෙන් කරවා ගැනීමට අවම දින 21ට පෙර හෝ පහත සදහන් අයදුම්පත පුරවා අමාත්යංශයේ හෝ දෙපාර්තමේන්තු ප්රදානියෙකුගේ නිර්දේශය සහිතව ඇති අයදුම්පත මිනින්දෝරු දෙපාර්තමේන්තුවට FAX කිරීමෙන් හෝ නාරාහෙන්පිට මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලබා දීමෙන් අනතුරුව ඔබ වෙන් කරන ලද දිනට දින 14කට පෙර ඔබගේ වෙන් කිරීම පිළිබදව මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනු ලැබේ. ඉන් පසුව ඔබට ගෙවීම් සිදු කළ හැක.
 
වැඩි විස්තර
මින්න්දෝරු දෙපාර්තමේන්තුව - 011 2369011 / සංචාරක බංගලා භාරකරු - 026 2228470 (නුවන් මහතා)
 
අයදුම්පත භාගත කර ගනීම සදහා
 
මෙම සංචාරක බංගලා පිහිටා ඇති ස්ථානය
Survey Department Circuit Bungalow Kuchchaveli
0112 588 038

දුම්රිය විවේක ගැනීමේ කාමර

පහත දුම්රිය ස්ථානවල විවේක කාමර ඇත.  මහනුවර, පොළොන්නරුව, මඩකලපුව, අනුරාධපුර, මිහින්තලය, ත්‍රිකුණාමලය, ගාල්ල සහ යාපනය. වෙන් කිරීම් හා ගෙවීම් පිටුවේ මිල ගණන් දක්වා ඇත. ඔබට පහත දක්වා ඇති ක්‍රියා පිළිවෙත අනුගමනය කළ හැකිය. ඕනෑම දිනයක පැය 00.00 සිට 24.00 අතර විවේක කාමර ඇති දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපති අමතන්න. සේවාව ලබාගැනීමේදී ඔබ ඔබේ ජාතික හැඳුනුම්පත දුම්රිය ස්ථානාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වේ. වායු සමනය කරන ලද කාමර 01 - 2500.00 වායු සමනය Nokala  කාමර 04 - 1000.00 නවාතැන් පහසුකම් සළසා ගත හැක. 


CEB circuit bungalow 

නිවාස සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලාව
නිවාස සංවර්ධන අධිකාරියේ නිවාඩු නිකේතනය ගොඩක් හොදයි.වෙන්කරගන්න ක් පහසුයි. දුම්රිය ස්ථානයට tuk රු 300 දුර,  කෝනේශ්වරම් tuk රු 300දුර සමන් මහතා හරිම හොදයි. කෑමත් හදලා දෙනවා. පොඩි මුදලකට Non A/C room 2300. 1කාමරයක් වෙන් කලොත් පොඩි අපහසුවක් වෙනවා කාමර දෙකකටම 1 bath room ඒකයි තියෙන්නේ. අපි 2ක්ම ගත්ත නිසා ෂේප්
 
Sunshine Hotel
026-2220288 මෙතන Budget Rooms තියෙනවා. (මේ දෙකම තියෙන්නේ Trinco town eke නිසා කෑම කඩ වගේම , Fedrick කොටුවට , station එකට ළගයි) නිවාඩු නිකේතනයේ මුරලි අයියා එක්ක කතා කරාම ත්රිකුණාමල ඉතිහාසේ ඉදන් වර්තමාන තත්වය ගැනත් හොද Idea එකක් ගන්න පුලුවන්.