Translate

Tuesday, October 31, 2023

ලෝක බාලදක්ෂ නායක තුමාගේ කුඩාම පුද්ගල අලේඛය ශ්‍රී ලංකාවෙන් - හාල් ඇට මත අඳින ලද බේඩ්න් පවෙල් යුවල

ෙමේ කතාව කියන්න ඉස්සර අපි ඔබෙන් ඇහුවොත්, ''හාල් ඇටයක මතුපිට චිත්‍රයක් අඳිමුද '' කියලා. ඔබ මොකද කියන්නෙ. එක පාරටම ඔළුවට එයි ''මොන විකාර ප්‍රශ්නයක්ද ඒක. හාල් ඇටයක මතුපිට කොහොමද චිත්‍රයක් අඳින්නෙ'' කියලා. හැබැයි මේ සටහන මුල සිට අගට කියවන ඔබට හිතෙයි ''හිතුවොත් දෙයක් කරන්න බැරි නෑ'' කියලත්. අපේ කතා නායකයා දයානන්ද ලොකුලියනගේ (Dayananda Lokuliyanage). සහල් ඇට මතුපිටක, පැන්සල් තුඩක සිතුවම් මවන අපූරු සිත්තරා: ක්ෂුද්‍ර සිතුවම් කලාවෙන් ලෝකයේ නම රැන්ඳූ අපේ නිර්මාණකරු තමයි දයානන්ද ලොකුලියනගේ මහතා.

 

කලාව කියන්නෙ මහ අරුම පුදුම දෙයක්. සමහර කලා නිර්මාණ තියෙනවා ''මේවා කොහොමද කළේ'' කියලා ඇස් අදහන්න බැරි. එහෙම කලා නිර්මාණ එකතුවක් ගැන කියන්නයි අපේ මේ සූදානම.

හාල් ඇට මතුපිට අඳින ලද ලෝක බාලදක්ෂ බේඩ්න් පවෙල් හා ඔලෙව් පෙයෙල් 

ඔහුගෙන් අර අපි ඔබෙන් ඇහුව ''හාල් ඇටයක මතුපිට චිත්‍රයක් අඳිමුද '' කියන ප්‍රශ්නෙ ඇහුවොත්, ඔහු අපෙන් අහයි මොකක්ද අඳින්න ඕනි කියලා. ඒ විතරක් නෙවෙයි ඇස් අදහාගත නොහැකි, ''හාල් ඇටයක් මත කළ සියුම් සිතුවම්'' මහ හුඟක් සාක්ෂි විදියටත් අරන් ඒවි. ලෝක ප්‍රකට චරිත, ලෝක ප්‍රසිද්ධ ස්ථාන හරි දක්ෂ විදියට, අදහන්න බැරි තරම් අපූරුවට ඔහු අතින් සිතුවම් වෙනවා. හිතන්න අමාරුයි තමයි, නමුත් ඔහු එහෙම සිතුවම් කරනවා.

මේක හරි ජනප්‍රිය කලාවක්. මේ කලාවට කියන්නෙ ''ක්ෂුද්‍ර සිතුවම් කලාව'' කියලා. එහෙමත් නැත්නම් Miniature arts, Micro Arts කියලා. මේක ලේසියෙන් කෙනෙක්ට ප්‍රගුණ කරන්න පුළුවන් කලාවක් එහෙම නෙවෙයි. තනිකරම හැකියාව සහ දක්ෂතාවය එක්ක අසීමිත ඉවසීම කැටිකරගත්ත කලාවක්. ඒ සියල්ලෙන් පරිපූර්ණ දයානන්ද ලොකුලියනගේ හාල් ඇට මත, පැන්සල් තුඩ මත අපූරු සිතුවම් නිමවනවා.

ක්ෂුද්‍ර කලා නිර්මාණ ලෝකයේ හරි ජනප්‍රිය කලාවක්. නමුත් ඊට දක්ෂතා දක්වන පිරිස් හරි දුර්ලබයි. සරලවම ක්ෂුද්‍ර කලා නිර්මාණ කියලා කියන්නේ සාමාන්‍ය කලා නිර්මාණයක් ඉතා සියුම්ව කුඩා පරිමාණයෙන් විවිධ ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් නිර්මාණය කිරීමක්. ලෝකයේ ඊට දස්කම් දක්වන නිර්මාණකරුවන් ඉන්නෙ හරිම සීමිත ප්‍රමාණයක්. කියන්න ආඩම්බරයි, අපේ රටේ ක්ෂුද්‍ර කලා නිර්මාණකරුවෙක් වන දයානන්ද ලොකුලියනගේ අන්න ඒ සීමිත පිරිසෙන් කෙනෙක්.

නිර්මාණාත්මක අතින් වගේම වාණිජමය පැත්තෙනුත් වටිනාකම් පිරුණු කලාවක් මේ ක්ෂුද්‍ර කලා නිර්මාණ. සිත් ඇදගන්නා සුළු මෙම අපූරු කලාව සැබවින්ම විස්මිත එකක්. ලෝකයේ ප්‍රචලිත මෙය, ලංකාවට අලුත් දෙයක්. සාමාන්‍ය ප්‍රමාණයේ වස්තුවක් කුඩා ආකෘති කැටයමක් බවට පත්කිරීම, සිතුවම් කිරීම, පින්තාරු කිරීම සහ වාත්තු කිරීම සරල කාර්යයක් නොවෙයි. මොකද සාමාන්‍ය ප්‍රමාණයේ වස්තුවක සම්පූර්ණ ව්‍යුහයම ක්ෂුද්‍ර ප්‍රමාණයට පරිමාණය කර, ක්ෂුද්‍ර පෘෂ්ඨයක් මත කැටයම් කිරීමක්, සිතුවම් කිරීමක් මෙහිදී සිද්ද වෙන්නෙ. එතැනදී කාලය, ඉවසීම සහ විශිෂ්ට කුසලතාවය කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක්.

 
 

ඉතින් ඒ විදියට දයානන්ද ලොකුලියනගේ කලාකරුවා අතින් සොබාදහම, සත්ත්ව රූප, මිනිස් රූප, ලෝක ප්‍රසිද්ධ ස්ථාන හරි අපූරුවට නිර්මාණය වෙනවා. විශේෂත්වය කියන්නෙ ඔහුගේ තෝරාගැනීම් සරල ඒවා නොවීම. නිකමට හිතන්න පැන්සල් තුඩක අලි රංචුවක්, මිනිස් රූපයක්, අයිෆල් කුළුණක්, දිය කිඳුරියක් නිර්මාණය කිරීම ගැන. එතකොට හාල් ඇටයක මතුපිට ආගමික ශාස්තෘවරු, මොනාලිසා, විරාත් කෝලි, ජැක්සන් ඇන්තනී, ෂාරුක් ඛාන්, සනත් ජයසූරිය වගේ මිනිස් රූප සහ දිය ඇලි, වනාන්තර, සීගිරි චිත්‍ර, සත්ත්ව රූප වැනි දෑ නිර්මාණය කිරීම ගැන. දයානන්ද කියන්නෙ එවන් සංකීර්ණ තෝරාගැනීම් එක්ක සිය කලාව ප්‍රගුණ කරන්නෙක්.

ඔහු කියන විදියට ස්වයං අධ්‍යයනයන් තුළිනුයි ඔහු මේ දස්කම් දක්වන්නෙ. කලාව වගේම මෙහි තාක්ෂණික පැත්තකුත් තියෙනවා. ඔහු භාවිත කරන තාක්‍ෂණික උපකරණය මයික්‍රොස්කෝප් (Microscope) එක. ඒ ද්‍රව්‍ය විශාලනය කර නැරඹීම උදෙසා. ඊට අමතරව ඔහු භාවිත කරන සියලු උපකරණ ඔහු විසින්ම සකස් කරගත් ඒවා බවයි දැනගන්න ලැබෙන්නෙ.

දයානන්ද ලොකුලියනගේ අතින් නිර්මාණය වන කලා කෘති වැඩි වශයෙන් කතාබහට ලක්වෙන්නෙ සමාජ මාධ්‍ය තුළ. ගෙවුණු දවසක අප අතරින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාරුව ඊට සාක්ෂියි. ඔහුගේ නිර්මාණ තුළ සැබෑ වස්තූන්හි දක්නට ලැබෙන සියුම් දෑ පවා දක්නට ලැබීමයි විශේෂත්වය. ඕනෑම දෙයකට තියෙනවා ඊට නියමිත වටිනාකමක්. මේ හැකියාවත් එක්ක මෙවන් නිර්මාණවලට නම් අසීමිත වූ වටිනාකමක් ලැබිය යුතුයි කියන කතාව ඔබත් එක හෙළාම පිළිගනියි කියලා අපි හිතනවා. වාර්තා වන හැටියට දේශීය ගැනුම්කරුවන්ට වඩා විදේශීය ගැනුම්කරුවන් අතරෙයි, මේ ක්ෂුද්‍ර කලා නිර්මාණ වඩාත් ජනප්‍රිය යි. පහතින් දැක්වෙන්නේ සහල් ඇටයක මතුපිට ඔහු කළ නිර්මාණවලින් කිහිපයක්.










මේ පැන්සල් තුඩුවල ඔහු කළ නිර්මාණ.






more on

බාලදක්ෂ ව්යාපාරයේ නිර්මාතෘ බේඩින් පවෙල් සාමිතුමන්ගේ සහ එම ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිණියගේ ලොව මෙතෙක් නිර්මාණය කර ඇති කුඩා ම සිතුවම ලෝක ජම්බෝරි බිමේ සිටින සියළු ම බාලදක්ෂයන් හට නැරඹීමේ වාසනාව උදාවේවායි හදවතින්ම පතන්නෙමු. මෙම නිර්මාණ ත්රිත්වය ඇසුරින් කළ සුවිශේෂී වීඩියෝ පටය තව දින කිහිපයකින් පසු විජය බාලදක්ෂ කදවුර සහ scouting magazine යූටියුබ් නාලිකාවන් වෙතට පිවිසීමෙන් නැරඹිය හැකියි.  

මෙවන් හැකියාවන්ගෙන් පිරුණු නිර්මාණකරුවන් රටට සම්පතක් බවත් කිවයුතුමයි. Dayananda Lokuliyanage ෆේස්බුක් පිටුවට ගියොත් තවත් සෑහෙන නිර්මාණ ඔබට දැකබලා ගන්න පුළුවන්.

 

 

 



Wednesday, October 11, 2023

පවන් අංජන නැමති බාලදක්ෂයා

වයස 16දී වෘතාන්ත චිත්‍රපටයක් හැදූ බාලදක්ෂයා

“සූදානම්ව සිටිමු” එහෙමත් නැත්නම් “Be Prepared” කියන්නේ මගේ පළවෙනි චිත්‍රපටය. හරිම සරල ළමා චිත්‍රපටයක්. ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ තමයි මේ සිනමාපටය නිර්මාණය වෙන්නේ.පහුගිය දින කිහිපයේදි ලංකාවේ ෆේස්බුක් අවකාශය ඇතුළේ එක්තරා චිත්‍රපටියක් ගැන කතාබහක් ඇති වුණා. විශේෂත්වය වුණේ, මේ සිංහල වෘතාන්ත චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තිබුණේ අවුරුදු 16ක තරුණයෙක් වීමයි. ඔහු නමින්, පවන් අන්ජන. තොරතුරු අනුව ඔහු තමයි සිංහල සිනමාවේ ලාබාලතම අධ්‍යක්ෂකවරයා වෙන්නෙත්. 2017 අපොස/ සාපෙළ කාලයේදී පවන් නිර්මාණය කරපු “සූදානම් වෙමු” සිංහල සිනමාපටය ගැන, Social media ඇතුලේකතාබහ වෙන්න පටන් අරන් තිබුණා. 

“සූදානම්ව සිටිමු” ගැන පොඩි හැඳින්වීමක් කළොත්?

මේකට මුලින්ම පාදක කරගත්තෙ 2016 දි මුද්‍රණය වුණු, මගෙ අතින්ම ලියවුන ‘ගිම්හාන නිවාඩුව' යොවුන් නවකතාව. නමුත් ළමා චිත්‍රපටයක් විදියට රූගත කරන කොට කතාව තවත් වෙනස් කරල සරල කරන්න වුනා. සුරාජ් මාපා, දිමුතු චින්තක, කෞෂල්‍යා සමරසිංහ, රිචඩ් අබේවර්ධන වැනි ජනප්‍රිය නළු නිලියන් සහ පාසල් වයසේ ළමා රංගන ශිල්පීන් ගොඩක් චිත්‍රපටයට රංගනයෙන් දායක වුනා.

මේ සිනමාපටය නිර්මාණය කරන්න පෙළඹෙන්නෙ මොන කාල වකවානුවේද?

ෆිල්ම් එක නිර්මාණය කලේ මම ඕලෙවල් ඉවර කරල ඉන්න කාලෙ 2017 අවුරුද්දෙ. මේක ඇත්තටම ආසාවටත් එක්ක හරිම පොඩි වැඩක් විදියට පටන් ගත්තෙ පාසල් මට්ටමින් ප්‍රදර්ශනය කරන්න හිතාගෙන. නමුත් වැඩේ ඉවර වෙද්දි හිතුවට වඩා වැඩි කාලයක් , පිරිවැයක් වගේම මහන්සියක් වෙන්න උනා.

සිනමාපට අධ්‍යක්ෂණයකට යොමු වෙන්න තරම්ම ඔබට බලපෑමක් කළේ මොන වගේ දේවල්ද?

පොඩි කාලෙ ඉදලම චිත්‍රපටි ගැන, සාහිත්‍ය ගැන උණක් තිබ්බා. ඒත් ෆිල්ම් බලන එකෙන් එහාට ෆිල්ම් හදන්න ආසාව ආවෙ නවය දහය පන්ති වල ඉගෙන ගන්න කාලෙදි. ඉස්කෝලෙදි කෙටි චිත්‍රපට කීපයක්ම කලා. සමහර ඒව පාසල් තරග වලින් ජයග්‍රහණය කලා. අනුරාධපුර වගේ පසුබිමක උනන්දුවක් තිබ්බට ලොකුවට ඉගෙන ගන්න විදියක් නෑනෙ. ඒ නිසා විවිද Workshops වලට සම්බන්ධ වෙලා සහ Internet එකෙන් එහෙම හොයාගෙන ගිහින් තමා මූලිකම දේවල් එහෙමත් ඉගෙන ගත්තෙ. ඔය අතරෙ 2016 දි මගෙ අර පොත ප්‍රකාශනය වුනාට පස්සෙ ඒකෙන් ළමා චිත්‍රපටයක් කරන්න කැමතියි කියල අධ්‍යක්ෂවරයෙක් මට කතාකලා. ඒ වැඩේ එහෙම ටික කාලයක් ඇදි ඇදී තිබ්බ නිසා ඕලෙවල් ඉවර වුනාට පස්සෙ මම ම වැඩේ පටන් ගත්තා.

වෘතාන්ත සිනමාපටයක් අධ්‍යක්ෂණය කරනවා කියන්නෙ ලේසි පහසු අභියෝගයක් නෙමෙයි. විශේෂයෙන්ම, අවුරුදු 16ක තරුණයෙක්ට. නවකයෙක් විදිහට පවන් අංජන කියන සිනමාකරුවා කොහොමද මේ අභියෝගය භාරගත්තේ?

මුලින්ම අම්මිගෙන් අප්පච්චිගෙන් ලොකු සහයෝගයක් ලැබුන. එතනින් එහාට බාලදක්ෂ සම්බන්ද කතාවක් නිසා ඒ පැත්ත වෙනුවෙන් සහ මුල් නිෂ්පාදන කටයුතු වලට ඉස්කෝලෙ බාලදක්ෂ ආචාර්යවරය වුන චතුරංග ලක්මාල් සර්ගෙන් ලොකු සහයෝගයක් හම්බුනා. ඊටපස්සෙ ෆිල්ම් එක රූගතකිරීම් සහ එතනින් එහා වැඩ වලදි වගේම විෂය සම්බන්දව නොදන්න දේවල් ගොඩක් කියල දෙමින් වැඩේට උපරිම දායකත්වයක් ලබා දුන්නේ කැමරා අධ්‍යක්ෂණය කරපු නිශාන්ත ප්‍රදීප් මාමා සහ රංගන ශිල්පී දිමුතු චින්තක සර්. ඊට අමතරව අනෙක් රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් වගේම රංගනයෙන් දායක වුන අනුරාධපුර දිස්ත්‍රිකයේ විවිධ පාසල් වල ළමයි, එයාලගෙ දෙමව්පියන්, ගුරුවරුන් ඇතුලු හැමෝගෙම සහයෝගය හොදින් ම ලැබුණා.


සූදානම්ව සිටිමු ගැන විස්තර මෙතරම් කාලයක් තිස්සෙ හැංඟිලා තිබුණේ කොහේද? ඇයි මේ විස්තර වසර තුනක් තිස්සෙ එළියට ආවෙ නැත්තෙ?

මුලින්ම ෆිල්ම් එක පාසල් මට්ටමින් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තුවෙන් හිටියත් විවිධ හේතු නිසා ඒක කරගන්න බැරිවුනා. ඒ වගේම පොඩි වැඩක් විදියට පටන් ගත්තත් , දැනට ලංකාවෙ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන ළමා චිත්‍රපට තරමටම මේ ෆිල්ම් එකේ ප්‍රමිතිය යම් මට්ටමක තියෙන බව ක්ෂේත්‍රයේ කිහිපදෙනෙක්ම කියපු නිසා සිනමාශාලා ප්‍රදර්ශනයට දෙන්නත් උත්සහ කලා. නමුත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික කාරණාවලට මුදල් අපහසුතාවය තියෙනවා. තොරතුරු එලියට ආපු නැති හේතුව නම් මූලිකවම ඉතින් මගෙ වයස සහ ගම්පළාත නිසා. වැඩේ කරන්න කලින් වගේම වැඩේ කරාට පස්සෙත් කොලඹ ඇවිත් සමහර දේවල් සදහා මේක අරන් යන්න හදද්දි බොහෝ අයගෙන් බාධා එල්ල වුනා. මොකද අනුරාධපුර වගේ දුෂ්කර පලාතකින් ඇවිත් වැඩක් කරන්න ලංකාවෙ හැටියට හරිම අමාරුයි. මන් කොළඹ කෙනෙක් වුනානම් සමහර විට ඒකාලෙම මේක ප්‍රදර්ශනය කරන්නත් පුළුවන් වගේ තත්වයක් තමා ලංකාවෙ තියෙන්නෙ.

නමුත් ඔබේ සිනමාපටය, පාසල් ප්‍රදර්ශනයට සුදුසු බවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පවා සහතික කළා?

අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ කමිටුවක් මගින් චිත්‍රපටය නරඹලා මෙය පාසල් සිසුන් සදහා සුදුසු චිත්‍රපටයක් වශයෙන් ප්‍රදර්ශනයට අවසර දුන්නා. ඒත් පහුගිය කාලෙ එක දිගටම රටේ ඇතිවුන තත්වයන් සහ දැන් පවතින කොරෝනා තත්වයත් එක්ක පාසල් මට්ටමින් ප්‍රදර්ශනයට යන්නවත් බැරි තත්වයක් තමා තියෙන්නෙ.

චිත්‍රපටයට සම්බන්ධව වුණු නලු නිළියන් පිරිස ගැනත් සඳහනක් කළොත්?

චිත්‍රපටියේ ප්‍රධානම නලුවො ළමයි. දින්සර නදිල්, රවීෂ මදුසර, සංජනා ප්‍රභාෂ්වර ඇතුලු ළමා නලු නිලියන් බොහෝ පිරිසක් මේකට සම්බන්ද වුනා. ඊට අමතරව ජනප්‍රිය නළු නිලියන් වන සුරාජ් මාපා, දිමුතු චින්තක, රිචඩ් අබේවර්ධන, කෞෂල්‍යා සමරසිංහ, අතුල ජයතිස්ස වැනි අය සම්බන්ධ වුනා.

අවුරුදු දාසයක් කියන්නෙ එතරම් ලොකු වයසකුත් නෙමෙයි. හැබැයි ඔබ ඒ වෙද්දි දිගු වෘතාන්ත චිත්‍රපටයක් පවා අධ්‍යක්ෂණය කරලා. එදා ඒ පළමු පියවර ගැන අද හිතෙන්නෙ මොනවද?

ඒ ගැන තියෙන ලොකුම සතුට තමා සිනමාව ගැන ලොකු අද්දැකීමක් සහ පුහුණුවක් ලබා ගන්න පුළුවන් වුන එක. මේක ඇත්තටම පොඩි වැඩක්. නමුත් ඒකෙන් ප්‍රායෝගිකව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා. දැනුමෙන්, සමාජ අද්දැකීම් වලින් සහ හැමදේකින්ම අද වෙද්දි මන් එදාට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නව. ඉස්සරහටත් තව බොහෝ දේවල් එකතු කරගන්න තියෙනවා. මම දැන් සිනමාව හදාරමින් ඉන්නව. ඉතින් අර ප්‍රායෝගික අද්දැකීම මාරම වටිනවා. ඒ හැමදෙයක් එක්කම ඉස්සරහට කවදහරි හොද සිනමාකරුවෙක්  වෙන එක තමයි මගෙ හීනය වෙන්නෙත්.



 

 

මෑතකාලීන සිංහල සිනමාවේ නිර්මාණ හිඟයක් ගැන බොහෝ දෙනා චෝදනා එල්ල කරනවා. තරුණයෙක් විදිහට ඒ ප්‍රශ්නයට ඔබේ පිළිතුර මොකක්ද?

ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. ඒත් ඒක අපිට ජයගන්න පුළුවන් දෙයක්. මොකද මම කොහොමහරි අවු 16 දී ෆිල්ම් එකක් කළා වගේම එහෙම කරගන්න බැරි, නමුත් ආසාව සහ හැකියාව තියෙන ලොකු තරුණ පිරිසක් රටේ ඉන්නව. ඒ වගේම කර්මාන්තයක් වශයෙන් මේක අල්ලගෙන ඉන්න ප්‍රබල නිෂ්පාදකයනුත් ඉන්නව. නමුත් ඒ නිෂ්පාදකයින් වටේ දැන් ඉන්න අඩු තරමින් දූපතෙන් එහා සිනමාවක් ගැන කියවීමක්වත් නැති  චරිත වෙනුවට, අර මම කලින් කිව්ව තරුණ පිරිස් එකතු වුනානම් මේ තත්වය වෙනස් කරන්න පුළුවන්.

පවන් අංජන කියන තරුණ සිනමාකරුවාගෙ ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කළොත්?

සිනමාවට වඩා මේ වෙද්දි නම් සාහිත්‍යයයි මගේ මූලිකම ප්‍රකාශන මාධ්‍ය වෙලා තියෙන්නෙ. මොකද සූදානම්ව සිටිමු කරපු අවුරුදු 16 කොල්ල නෙවේ දැන් ඉන්නෙ. එතනින් එහාට සිනමාව ප්‍රබල ප්‍රකාශන මාධ්‍යක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියන එක මට මේ වෙද්දි දැනුම් තේරුම් තියෙනවා. ඉතින් එහෙම තැනක සිනමා නිර්මාණයකින් එලියට එන්න ලොකු උනන්දුවක්, ආසාවක් තිබුනත් මම තව ගොඩක් හැදෑරීම් කරන්න ඕන. මම සිනමාව ඉගෙන ගනිමින් ඉන්නව.

 

ගිය අවුරුද්දෙ මගෙ පලවෙනි කවි පොත එලියට දැම්ම. ඒකට සම්මානයක් සහ හොද පාඨක ප්‍රතිචාර හිමිවෙමින් තියෙනවා. ඉතින් සිනමාවට වගේ සාහිත්‍යට මුදල් යන්නෙ නැති නිසා මේ ටිකේ ඒ පැත්තෙන් වැඩ කරගෙන යනව. කවදහරි තවත් හොඳ Film එකක් කරන්න හීනයක් තියෙනවා.

එයා දැං ලොකු ගමනක් යන්න පටන් අරන්. ඉතින් Scouting සඟරාවේ අපි සුබපතනවා.

Tuesday, October 10, 2023

Register Now 2023 ZJOTA JOTI - Registering for a JOTA-JOTI account

Registering for a JOTA-JOTI account is a simple process and is completed in just a few steps.

Step 1 - Click the "Register Now" or "Sign-up/Log in"

Step 1

Step 2 - Log in or register for a Scout.org account

If you already have a Scout.org website account, you can log in and skip to Step 4. If you do not have a Scout.org account, click the "Register" link. 

You must be over 13 years old to register on the Scout.org website, if you are under 13, an adult must register and add you afterwards.

Step2

Step 3 - Personal information

Complete your personal details, making sure you accept the Terms and Conditions.

 

JOTA-JOTI is open to everyone, so if you are not a Scout, make sure you do not tick the "I'm Scout" box. 

Step3a
Step3b

Once you have clicked "REGISTER" you will receive an email with a link to confirm your registration.

Step3c

Step 4 - JOTA-JOTI personal registration

When you return to the JOTA-JOTI website, you will be presented with the option of registering as a participant or registering on behalf of a child.

Step4

If you are registering for yourself, click the "I'm 13 years or older" button and select you age group from the drop down.

Step4a

Click continue to complete your registration.

Step4b

If you are only registering for yourself, click the "Done" button. If not, you can now register as a group or add a child to your registration.

For group registrations continue to Step 5, to add a child proceed to Step 6.

Step 5 - Group registration

Registering a group shows just how big JOTA-JOTI is around the world.

 

Step5a

Complete the Group information below and click the "Continue" button once ready.

Step5b

Add your groups social media and contact details, then once ready click "Continue"

Step5c

Step 6 - Registering a child

Participants aged 12 and younger, need to be registered by an adult. 

Enter the child's details below and once ready, click "Continue"

Step6

Help and support

If you have any problems completing registration or require other help or support, please visit https://support.jotajoti.info where we have a number of FAQs

Monday, October 9, 2023

පුරෝගාමී වැඩ ගැන අතීතයෙන් ඉගෙන ගන්න - ලංකා​වේ සංගිලි පාලම්

එල්ලෙන පාලම් Suspension Bridge නැත්තන් සංගිලි පාලම් කියන්නෙ ගඟක් හරහා දාලා තියන පටු පාලමකටනේ. මේක වැලක් ස්වරූපයෙන් තියන නිසා එල්ලෙන පාලම් කිව්වට වරදක් නෑ. ඉස්සර නම් මේ පාලම් හැදුවෙ ලණු යොදාගෙන. ඒත් දැන් වානේ කේබල් යොදාගෙන තමයි හදන්නේ. යාන්තමට දෙන්නෙකුට මාරු වෙන්න පුළුවන් පළලකට තමයි මේ පාලම් හදලා තියෙන්නෙ. කේබල් හරහා ලෑලි දාලා හදලා තිබ්බත් නඩත්තුවෙ හොඳකම නිසා ගොඩක් පාලම්වල ලෑලි ගැලවිලා තියනවා. මේ පාලම් වලින් එගොඩ වෙන එක ත්‍රාසජනක අත්දැකීමක් වගේම මාරම ෆන් එකක්. අඩියක් තියනකොට හෙලවෙන මේ පාලමක අත්දැකීම ගන්න ඒකකින් යන්නම වෙනවා.

1. රුවන්වැල්ල එල්ලෙන පාලම



රුවන්වැල්ල කියන්නේ ඓතිහාසික කෝට්ටේ, සීතාවක, මහනුවර යන රාජධානි සමයයන්හිදී බොහොම ප්‍රචලිත ගම්මානයක්. ලංකාවේ දිගම එල්ලෙන පාලම මේ ගමේ තමා තියෙන්නේ. කැළණි ගඟ හරහා වැටිලා තියන රුවන්වැල්ල සංගිලි පාලම දැනට ලංකාවේ තියන දිගම එල්ලෙන පාලමයි. කැළණි ගඟේ අතු ගංගාවක් වෙන ගුරුගොඩ ඔය හා කැළණි ගඟ හමුවෙන ඉසව්වේ තමා මේ සංගිලි පාලම පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ ගම්පොල කඳුවැටි ආශ්‍රිතව උපත ලබන ගුරුගොඩ ඔයත් ශ්‍රීපාද කඳු පන්තිය ආශ්‍රිතව උපත ලබන කැළණි ගඟත් රුවන්වැල්ලේදී එක්වෙනවා. මේ පාලම අඩි 550ක් විතර දිගයි කියලයි එහි සමරු ඵලකයේ සඳහන් වෙන්නේ. නිකවලමුල්ල, කුරුපැන්න ගම් හා රුවන්වැල්ල ගම යාකරමින් හැදිලා තියන මේ පාලම ගොඩක් හොඳ තත්ත්වයෙන් තාම තියනවා. පාළමෙන් එගොඩවෙන ප්‍රදේශය හඳුන්වන්නෙත් ‘පාලංගමුව’ කියලයි. ඊට එහා තියෙන්නේ නිකවලමුල්ල, කුරුපැත්ත වැනි ගම්මානයි. පාලම තියෙන්නේ ගගට අඩි 40ක් උඩින්.

කැළණි ගඟ හරහා වැටිලා තියන රුවන්වැල්ල සංගිලි පාලම දැනට ලංකාවේ තියන දිගම එල්ලෙන පාලම විදියටයි හඳුනාගෙන තියෙන්නෙ. කැළණි ගඟේ අතු ගංගාවක් වෙන ගුරුගොඩ ඔය හා කැළණි ගඟ හමුවෙන හංදියේ තමා මේ සංගිලි පාලම පිහිටලා තියෙන්නේ. ගම් එකට යාකරමින් මිනිස්සුන්ගේ පහසුවට ලොකු රුකුලක් වෙලා තියන මේ පාලම අඩි 550ක් විතර දිගයි කියලයි අපිට ආරංචි උනේ. නිකවලමුල්ල, කුරුපැන්​න ගම් හා රුවන්වැල්ල ගම යාකරමින් හැදිලා තියන මේ පාලම ගොඩක් හොඳ තත්ත්වයෙන් තාම තියනවා. හැබැයි යන අය පාලමෙන් වෙන වෙන ෆන් නම් ගන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේමයි යන ගමන් ගඟට එක එක එව්වා විසි නොකරන්නත් වගබලාගන්න ඕනේ. තැන මෙතනයි

2. කොස්ගුලන එල්ලෙන පාලම

කළුතර දිස්ත්රික්කයට අයත් ඉතා සුන්දර දියඇල්ලක් වන මාකෙළි ඇල්ල නිරමාණය වන්නේ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟෙනි. කලකට ඉහතදී අවුරුද්දේ සෑම කාලයකදීම මෙම දියඇල්ලෙන් ලොකු ජල ප්රවාහයක් ඇද හැලුණත් මෙම දියඇල්ලට කිලෝමීටර් කිහිපයක් පිටුපසින් ඉදිකර ඇති කුකුළේගඟ වේල්ල හේතුකොටගෙන වර්ෂාව අඩු සමයන්හිදී මෙමගින් ඇද හැලෙන ජල ප්රවාහය අඩු වන බව වාර්තා වේ. මෙම දියඇල්ල පාමුල ප්රදේශයේ දිය නෑම ඉතා අනතුරුදායක වන අතර එසේ දිය නෑමේදී අනතුරට ලක්ව කිහිප දෙනෙක් දැනට මියගොස් ඇති බව කණගාටුවෙන් කිව යුතු අතර දිය ඇල්ලට ඉහලින් මීටර් දෙතුන්සියයක් පිටුපසින් මෙහි පැමිණෙන සංචාරකයින්ට ආරක්ෂිතව දිය නෑ හැකි ස්වභාවික තටාකයක් නිර්මාණය වී ඇති බව සතුටට කරුණකි.

හොරණ හරහා බුලත්සිංහල නගරයට පැමිණ පාහියන්ගල මාර්ගයේ ගමන් කර පාහියන්ගලට හැරෙන තැන පසු කරමින් ගමන් කොට මෝල්කාව හන්දියට පැමිණ වමට දිවෙන කෙලින් කන්ද මාර්ගයේ ගමන් කිරීම එහෙමත් නැත්නම් මතුගම - අගලවත්ත පාරේ ගමන් කොට ලත්පඳුර හන්දියෙන් හැරිලා තරමක් දුර ගමන් කොට මෝල්කාව හන්දියට පැමිණ දකුණට දිවෙන කෙලින් කන්ද මාර්ගයේ ගමන් කිරීම මගින් මෙම දිය ඇල්ල ආසන්නයට පහසුවෙන්ම ලඟා විය හැක. කෙලින් කන්ද මාර්ගයේ ගමන් කිරීමේදී මාකෙලි ඇල්ලට පෙර හමුවන කොස්ගුලන ප්රදේශයේ පිහිටා ඇති තවත් එක් වැදගත් ස්ථානයක් ගැන කිව යුතුය. ඒ කොස්ගුලන සංගිලි පාලමයි. මේ පාලම මීටර් 65ක් දිගයි. හරහට කිතුල් ලෑලි තමා දාලා තියෙන්නෙ. මේ පාලමේ විශේ​ෂත්වයක් තියනවා. ඒ කියන්නෙ අනික් පාලම් වගේ නෙමෙයි, අපේ මේ පාලමට ගොඩවෙන්නෙ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම බහින්න වෙන්නෙ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. මේ පාලම බුලත්සිංහල මෝල්කාව පාරේ ගිහින් මෝල්කාව හංදියෙන් කෙලින් කන්ද පාරෙ ගියාම වම් පැත්තේ තියෙන්නෙ. පාලමේ සමහර ලෑලි ගැලවිලා තියන නිසා වැටුනොත් කෑල්ලක්වත් හොයාගන්න බැරිවෙයි. ඒ නිසා කල්පනාවෙන් යන්න වෙනවා. දිනකට සියගණනක් පමණ එහා මෙහා යන මෙම සංගිලි පාලමෙහි විශේෂත්වය වනුයේ එය පලාත් දෙකක් අතර ඉදිව තිබීමයි. කෙලින් කන්ද මාර්ගය දෙසින් ඇති කොස්ගුලන සංගිලි පාලමේ අන්තය බස්නාහිර පලාතේ කළුතර දිස්ත්රික්කයට අයත් වන අතර අනෙක් අන්තය අයත් වන්නේ සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්රික්කයටය. තැන මෙතනයි

3. බඹරකිරිඇල්ල එල්ලෙන පාලම

 බඹරකිරිඇල්ල කියන්නේ අපි කවුරුත් දන්න කියන ඇල්​ලක්නේ. මාතලේ රත්තොට පැත්තේ තියන මේ ඇල්ල කිට්ටුවමයි එල්ලෙන පාලමත් තියෙන්නෙ. මාතලේ රත්තොට පල්ලෙගම පාරේ B 274 රත්තොට නගරයේ ඉඳලා කි.මි 1ක් වගේ යනකොට බඹරකිරිඇල්ල හම්බවෙනවා (කි.මි.15 කණුව ලඟ). රිවස්ටන් යන පාරේ තමා තියෙන්නෙ, වංගුවක් එක්කම බෝඩ් එක ගහලා ඇති. මහබඹරකිරි ඇල්ල ලඟ තමා පාලම තියෙන්නෙ. පාලම නම් දැන් ටිකක් අබලන් තත්ත්වයේ තියෙන්න. මහබඹරකිරි ඇල්ලේ ඉහළ තට්ටුව බලන්නත් කුඩා බඹරකිරි ඇල්ල බලන්නත් යන්න ඕනේ මේ එල්ලෙන පාලමෙන් තමයි. ටිකක් අවදානම් ගමනක් උනත් මේක පාලමෙන්ම යන්න ඕනෙ. මොකද වතුර පාර හරහා යන එක කිසිසේත්ම සුදුසු නැති නිසා. තැන මෙතනයි

4. පේරාදෙණිය සංගිලි පාලම

පේරාදෙණිය උද්භිද උද්‍යනය සහ ගන්නෝරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතන හා සම්බන්ධ වන ආකාරයට 1935 දී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරයෙකු වු Pronhill විසින් මහවැලි ගග හරහා මෙම පාලම ඉදි කර ඇත. පාලමේ දිග අඩි 416 කී. අඩි 31 උස කුලුණු දෙකක් මත මෙම පාලම රදවා ඇත. මෙම පාලම සහිත මුද්දරයක් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් 2011 මැයි මසදී නිකුත් කර ඇති අතර එහි වටිනාකම රු.5.00 කී. පේරාදෙණිය උද්භිත උද්‍යානය හා ගන්නොරුව කෘෂිකර්ම පාසල සම්බන්​ධ කරමින් මහවැලි ගඟ හරහා තමා මේ පාලම පිහිටලා තියෙන්නෙ. මීටර් 9.5ක් උස් වානේ කණු වලින් මීටර් 127ක් වගේ දිග මේ පාලම 1931 බ්‍රිතාන්‍ය පාලන කාලයේ තමයි හදලා තියෙන්නෙ. ගාඩ්න් එකේ කෙරෝලට ගියාම පාලම හම්බවෙනවා. ගොඩක් දෙනා ෆොටෝ ශූට් වලටත් මේ පාලම භාවිතා කරනවා. ඒ වගේම තමයි කොළඹ ඉදලා පොල්ගහවෙලට කෝච්චියේ යනවා නම් පොල්ගහවෙල දුම් රිය ස්ථානයට මෙහායින් තියෙන වලකුඹුර දුම්රිය ස්ථානය අසලත් එල්ලෙන පාලමක් මෑත කාළයේ ඉදි කරලා තියෙනවා. මෙන්න තැන

5. කුංචිකුලම සංගිලි පාලම

මල්වතු ඔය හරහා වැටිලා තියන මේ කුංචිකුලම පාලම පිහිටලා තියෙන්නෙ මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු පල්ලිය ආසන්නයේ. යටත් විජිත කාලේ ඉදිකරපු මේක මීටර් 100කට වඩා දිගයි. වැඩිය ප්‍රසිද්ධ නැතත් බලන්න යන්න පුළුවන් නම් යන්න. ප්‍රධාන පාරෙන් ඔබ්බට ඇතු​ළට වෙන්න තියන නිසා වැඩි සංචාර​ක ආකර්ෂණයක් නම් නෑ. එහෙමයි කියලා නොයා ඉන්න එපා. ගිහින්ම බලන්න. තැන මෙතනයි

6. ලංකාගම සංගිලි පාලම


සිංහරාජ වනාන්තරයට යාබදව පිහිටලා තියන ලංකාගම තමයි මේ පාලම තියෙන්නෙ. මේ පාලම ගිංගඟ හරහා වැටිලා තියෙන්නෙ ලංකාගම හා නිල්වැලිගම ගම් යා කරමිනුයි. සිංහරාජ සෆාරි යන ඔයාලා මේ පාලමත් ක්‍රොස් කරගෙන ​ආවනම් තවත් සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එල්ලෙන පාලමකින් ගමන් කරනකොට දෙපැත්තට පැද්දෙනවා. ඒ වගේම මේ පාලම් ඔක්කොම ලබා දෙන්නෙ එකවගේ අත්දැකීමක්. හැබැයි ඒ වගේ පාලමක යනකොට මැද ලී කැඩුණු තැන් එහෙමත් හම්බුණොත් කොහොමට තියෙයිද? මෙන්න තැන

7. බලන්තොට සංගිලි පාලම

වැඩිය ප්‍රසිද්ධ නොවුණත් ලංකාවේ තියන තවත් එල්ලෙන පාලමක් තමයි මේ. මහනුවර නාවලපිටිය කිට්ටුවට වෙන්න පිහිටලා තියන මේ පාලම හද​ල තියෙන්නෙ යකඩ දම්වැල් හා ලෑලි යොදාගෙනයි. ලෙව්දෙනිය හරහා බලන්තොට ඉඳලා වැලිගම්පලට වැටිලා තියන මාර්ගයකයි මේ පාලම පිහිටලා තියෙන්නෙ. මෙන්න පාර

8. බරලන්තොට සංගිලි පාලම

මේ පාලම පිහිටලා තියෙනේ සබරගමුව දිස්ත්‍රික්කයේ දැරණියගල බරලන්තොට කියන ප්‍රදේශයේ. මේ බරලන්තොට කම්බි පාලම තමයි දැනට ලංකාවේ තියෙන උසම කම්බි පාලම එහෙමත් නැත්තම් උසම සංගිලි පාලම විදිහට සැලකෙන්නෙ. මේ පාලමත් ඉදිකරලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. උසින් අඩි 90කුත් දිගින් අඩි 210කුත් වෙන මේ කම්බි පාලමේ ප්‍රධාන කේබල් අඟල් එකහමාරක වගේ ඝණකමකින් යුක්ත වෙනවා. ඒ කාලේ මාලිබොඩ වතුයායේ ඉඳලා ප්‍රධාන මාර්ගයට රබර් ප්‍රවාහනය කරන්න සකස් කෙරුණු මේ පාලම අදටත් ඒ ප්‍රදේශවාසීන් පාවිච්චි කරනවා. 

9. ලේවැල්ල සංගිලි පාලම

ලේවැල්ල ඓතිහාසික ම ය වශයෙන් සටන් කිහිපයකට ම මුහුණ දුන් තැනක්. රජ දවස ලේවැල්ල තොටුපළෙන් එතෙර වූයේ ඔරු පාරුවලිනි. ලේවැල්ල යන නම ලැබී තියෙන්නේ ඉංග්‍රීසීන් කණ්ඩායමක් පෙතිගසා මරා ඔවුන්ගේ ලේ වැල්ල දිගේ ගලා ගිය නිසා බවට මතයක් පවති. මහනුවර සහ දුම්බර මිටියාවත යා කරමින් ඉංග්‍රීසි පාලන යුගයේ මහවැලි ගඟ හරහා ඉදි කරනු ලැබූ ලේවැල්ල සංගිලි පාලම ඉංග්‍රීසි පාලන සමයේ දහස් ගණනක් ජනතාවට දුම්බර පෙදෙස්වලට ඉතා පහසුවෙන් එහා මෙහා යාම සඳහා ඉදි කරනු ලැබූ මෙම පාලම කාලය ඇවෑමෙන් ප්‍රමාණයත් නොවීම නිසා හිටපු ජනාධිපති ඩී.බි.විජේතුංග මහතුන්ගේ සීමාවේ නව පාලමක් ඉදි කරනු ලැබ ඇති අතර එයත් සමඟ එහි තිබූ මෙම ඓතිහාසික පාලම අතහැර දමා ඇති තිපබ්. ලේවැල්ල” නම් වූ පාරිසරික වටිනාකමකින් යුත් ඉතාමත්ම රමණීය භූමියක් හමු විය. වර්තමානයේ ලේවැල්ල සහ සිරිමල්වත්ත යා කරමින් දැවැන්ත “ලේවැල්ල පාලම” ඉදිකර තිබේ. ඊට පෙර එහි තිබුණේ මිනිසුන් ලක්ෂ ගණනින් එතෙර මෙතෙර කළ එල්ලෙන පාලමකි. අදට ද එම පාලම, දැවැන්ත කොන්ක්‍රීට් පාලම අසළ නිසොල්මනේ පවතී. පොල්ගොල්ල වේල්ලේ සිට කිලෝ මීටර් දෙක හමාරක පමණ පහළින් පිහිටි ලේවැල්ලෙන් ගලා යන මහවැලි නදිය ආශ්‍රිත ප්‍රදේශය ද ඉතා වැදගත් ස්ථානයකි. තනි ගල් තලාවක් උඩින් ජලය ගලාගෙන යන අතර පතුලේ ගල් වළවල් සෑදී ඇත. මතුපිටින් බලන කෙනෙකුට ජලය අඩු වගේ පෙනෙමින් නිසොල්මනේ ජලය ගලා ගිය ද අභ්‍යන්තරය භයානකය. එම පරිසරය ගැන නොදන්නා කෙනකු ජලයට බැස ගියහොත් නැවත පිහිනා ඒමට හැකියාවක් නොලැබෙන බව එම ප්‍රදේශයේ බොහෝ දෙනකු ගේ අදහසයි. පසුගිය සතියේ සඳහන් කළ හත්කිද ප්‍රද්ශයේ දක්නට ලැබෙන ආකාරයෙන් මෙහිද පුනීල මෙන් තැන් තැන්වල සෑදී ඇති ගල් වළවල් දක්නට ලැබේ. ඒවාට ඇදී යන මිනිස්සු එහි හිර වී අවසන් ගමන් යයි.

10. වේවැල්තලාව සංගිලි පාලම

ගිනිගත්හේන නගරයේ සිට වේවැල්තලාව දක්වා මාර්ගයේ මහවැලි ගංගාව හරහා ඉදිකර තිබෙන සංගිලි පාලම අබලන්තත්ත්වයක පවති. ගිනිගත්හේන නගරයට මුහුණලා තිබෙන කඳු බෑවුමක පිහිටි වේවැල්තලාව ගම්මානයට පිවිසෙන මාර්ගයේ මහවැලි ගඟ හරහා මීටර් 40ක් පමණ දිගින් යුත් එම පාලම ඉදිකරන ලද්දේ එවකට පැවති අඹගමුව උතුර ගම් සභාව මඟින් මෙයට දශක හතකට පමණ ඉහතදීය. කාලයෙන් කාලයට එම පාලමේ ලෑලි දිරාපත් වු විට අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
 

10. නක්කාවිට සංගිලි පාලම

සිරිපා අඩවියට නොදුරු මනරම් කදු වළල්ලක් මැද එල්ලා ඇති නක්කාවිට වැල් පාලම පිහිටා තිබෙන්නේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හුදෙකලා සුන්දර නගරයක් වූ දැරණියගල කේන්ද්‍ර කොටගෙනය. සිරිපා වඳින්නට යන දුෂ්කර නමුත් ස්වාභාවික පරිසර පද්ධතීන්ගෙන් අනූන මාර්ගය වූ උඩමාලිබොඩ පාර වැටී තිබෙන්නේ මෙම වැල් පාලම ඔස්සේය. පාලම ඉදිකර තිබෙන්නේ බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ 1919දීය. සිරිපා හිමෙන් පටන්ගෙන  සුප්‍රකට ඇලි හත ඔස්සේ ගලා බසින සීතාවක නදියේ අතු ගංගාවක් වූ මාගල් ගඟ හරහා වැල් පාලම ඉදිකර තිබේ. වැල් පාලම විශ්වකර්ම නිර්මාණයක් වන්නේ උසින් අඩි 80ක් සහ දිගින් අඩි 400කින් යුක්තව කදු මුදුන් දෙකක් එකට යා කරන හෙයිනි. මාලිබොඩ, උඩ මාලිබොඩ, දික්ඇල්ල කන්ද, මහයාය, පොත්දෙනිකන්ද, ආදී ගම්මාන රැසක ජනයා සියවසක් මුළුල්ලේ නක්කාවිට වැල් පාලම ඔස්සේ එගොඩ මෙගොඩ ගමන් කර තිබේ. නක්කාවිට වැල් පාලම සිනමාවටද නැඟුණි. යටත් විජිත පාලන සමයේ පාලම නිර්මාණය කර තිබුණේ යකඩ කේබල් සහ නා, මී දැව කඳන් උපයෝගි කර ගෙන බව පැරැන්නෝ පවසති.

අවිස්සාවේල්ල - කරවනැල්ල මාර්ගය දෙහිඕවිට දක්වා ඇදී යන්නේ වූ සීතාවක ගංගා ඉවුර අද්දරින්. අවිස්සාවේල්ල සිට කිලෝ මීටර් 7ක් දුරින් පිටදෙණිය කියන ගම පිහිටා තිබෙනවා. පිටදෙණිය බෝධි වෘක්ෂය අසලින් දකුණු දෙසට ඇදී යන පාර වැටී තිබෙන්නේ තිඹිරිපොල ගම්මානය වෙතයි. එම පාරේ කිලෝ මීටරයක් දුර පියමං කරන විට සීතාවක ගඟ හරහා දමා තිබෙන "සංගිලි පාලම" අපට දැක ගැනීමට ලැබෙනවා. පාලම අසලින් ඇති වන බූටෑව අතරින් වම් පැත්තට තවත් මීටර් 300ක් ගමන් කරන විට ගං ඉවුරේ ගල් තලාවක කොටා ඇති "සිරිපතුල්" ලාංඡනය දැක ගැනීමට පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ, අටුළුගම් කෝරලයේ, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තමයි මේ ස්ථානය අයත් වන්නේ. ගඟ අසබඩ තෙඹු පඳුරු පිරුණු බිමක අඩි 20ක් පමණ උසැති මේ ගල් පර්වතය පිහිටා තිබෙනවා. පර්වතය මඳක් හාරා නිර්මාණය කර ඇති සිරිපතුලේ දිග අඩි 4 ක් පමණ වෙනවා. පළල අඩි එක හමාරයි. පාදයේ ඇඟිලි දිගින් අඟල් 10ක් පමණ වෙනවා. සිරිපතුල වටා ගෙතුණු ජනප්‍රවාදයට අනුව මෙය සීතාවක රාජසිංහ රජු විසින් කරවන ලද්දක්. මෙන්න තැන