Translate

Wednesday, September 9, 2020

මල්මාමා ගෙන් සුබ පැතුම්

 අපට අහිමි කොමික් ලෙගසිය - Comic Legacy That we couldn't archive

මල්මාමා

80 දශකයේ ඉදලා අදටත් අධික ඉල්ලුමක් තියෙන ඉතාම සාර්ථක කොමික් හෙවත් චිත්ර කතාවක් තමා 'මල්මාමා' කියන්නේ.. අපි මල්මාමා ව දැක්කේ විජය පත්තරෙන්

මල් මාමාගේ උපත කෙසේ වෙතත් ආරම්භ උන විදිහ තිබුණු පත්තර පිටුව මම කියවල තියෙනවා. මලක සුවද බලන්න ගිහිල්ලා මල් මාමාගේ නහයට මල් ඇටයක් යනවා. ඒකට බේත් අරන් එන කොට නහය බැන්ඩේච් කරල විතරයි තිබුණේ. පස්සේ බේත් අරන් එන අතරේ කැලෑ ගමේ අලි මහත්තයාගේ ඇගේ වැදිලා දෙන්නා ගෙනාපු බෙහෙත් බෝතල් මාරු වෙනවා. අලි මහත්තයගේ පෝර වලට මල් ඇටේ පැල වෙලා මල් ගහක් හැදෙනවා. පස්සෙ විවිද ඇබැද්දි වෙලා තමයි තනි මලක් තියෙන මල් මාමා හැදුනේ.

මග හැරුණ කරුණක් තියේනම් එකතු කරන්න...

අන්තරජාලයෙන් වත් කොහෙන් වත් මට මල්මාමාගේ පසුබිම් කතාව උප්පත්තිය කිසි දෙයක් හොයාගන්න හම්බුනේ නෑ..

මල්මාමා කියන්නේ මගේ හිතේ Marvel , DC ඕනම කොමික් එක්කටත් ඉහලින් හිතේ පැලපදියම් උන චිත්ර කතාවක්. මල්මාමා කිව්වාම මතක් වෙන්නේ රතු ටී ශර්ට් එකක් ඇද ගත්ත නහයේ මලක් පිපුන තට්ට මනුස්සයෙක්.. මෙයාට තියෙනවා පියාඹන කාර් එකක්..මෙයා ගොඩාක් උත්සාහ කරනවා ඒ කාර් එක මිනිස්සුන්ගෙන් පරිස්සම් කරගන්න.. මල්මාමාගේ නහයට මලක් ආවේ මලක සුවද බලන්න යද්දි ඒ මලේ ඇටයක් නහයට ගිහිං.. ඊට පස්සෙ පොහොර ගෙනියන මනුස්සයෙක්ගේ පොහොර ටිකක් නහයට ගිහිං මේ මල පැළ වෙනවා.. ඒත් මේ මල අයින් කරන්න බෑ එහෙම වුනොත් මල් මාමා මැරෙනවා. ඉතින් එයාට සිද්ධ වෙනවා හැමදාම මලත් එක්කම ඉන්න.. ඕකයි සාරාංශය..

කතාව ලියන්නේ පියල් සමරවීර මහත්තයා

ඉස්සර එක කතාවක් කියවලා ඊලග සතිය වෙනකල් ඉවසිල්ලක් නෑ ඊලග කොටස කියවන්න.. මල්මාමා නැති සතියක් ආවාම මල පනිනවා අංශක 60ට ම. මං ඉස්සෙල්ලාම මල්මාමාව දැක්කේ අයියා කෙනෙක්ගේ ගෙදර පත්තරේකින්.. මතක විදියට මං 2007 ඉදලා වගේම විජය පත්තර ගන්න පටන් ගත්තා එතකොට රු.20යි. ඊටත් කලින් රු.5ලු. දැන් නම් රු.40යි. විජය පත්තරේ ගොඩාක් සාර්ථක වුනේ මං නම් හිතන්නේ මල්මාමා නිසයි.. මං වුනත් හැමදාම පත්තරේ ගත්තේ මල්මාමා කියවන්න තිබ්බ ඕන කමට.. අද කතාව කියවලා ඊලග අගහරුවාදා වෙනකල් ඉවසන්නෙ පුදුම අමාරුවකින්.. කරන්න දෙයක් නැතිම තැන පරන පත්තර සෙට් එකම අරං කතාව මුල ඉදංම කියවගෙන එනවා. කොච්චර කියෙව්වත් එපා වෙන්නෙත් නෑ.. කොච්චර කල් ගියත් ඉවසගෙන අවුරුදු ගනන් පත්තරේ ගත්තා. මල්මාමා කතා කියක් රිලීස් වෙලා තියෙනවද කියලා නම් දන්නේ නෑ.

මල්මාමා ඉදිරිපත් කරන යකාගේ මලක්


 

ටකටකස්

•මල්මාමා සමග පංපෝරිය (මේකේ නම් තිබ්බේ කෑලෑවක ගෝත්රික මිනිස්සු ටිකක් තමන් දෙවියෝ කියලා පෙන්නගෙන රවට්ටගෙන තමන්ගේ වැඩ කරගන්න මනුස්සයෙක්ගෙන් ගෝත්රිකයෝ ටික බේරගන්න මල්මාමා ගහන දහංගැටයක් ගැන තාමා කතාව ගියේ)

•මල්මාමා සමග කුංබිංඩෝ (විද්යාත්මක පරීක්ෂණයක් වැරදිලා මනුස්සයෙක් බිංකුංඩ්ඩෙක් තරම් පොඩි වෙලා ඉතින් මේ මනිස්සයාට ආය යථා තත්වෙට එන්න මල්මාමා උදව් කරන හැටි මේකේ තිබ්බේ)

•මල්මාමා සමග ඩයිනෝපූස් (කතාවේ හැටියට නම් පූසෙක් ඩයිනෝසිරස් කෙනෙක් තරම් ලොකු වෙලා වෙන අකරතැබ්බයක් වගේ මේක තමා අලුත්ම කතාව තාම කොටස් 20යි ඇවිත් තියෙන්නේ)

මල්මාමා කියන්නේ ඔරිජිනල් එකක්ද කොපි එකක්ද වත් හරිහැටි මුකුත් දන්නේ නෑ.. ඒත් ඒ කන්සෙප්ට් එක එතකොට මල්මාමා එක්ක එක එක කතා ගලපන්න එන අදහස්.. ඒවා මට නම් ලංකාවේ කොමික් දිහා බලද්දී නෙක්ස්ට් ලෙවල්..

මං මතක් වෙන වෙන හැම සැරේටම මල්මාමා කොමික් පොතක් වත් කඩේ නැද්ද කියලා හොයනවා තාම මුකුත් ඒක ගැන දන්නේ නෑ 

ඇමරිකාවට ටිංටිං වගේ ලංකාවට මල්මාමා..දෙන්නාම රහස් පරික්ශකයෝ වගේ තමා..


ඒ වගේම ලගදි fb එකේ කෙනෙක් කරපු 3D design එකක් දැක්කා මල්මාමාගේ..ඒක නම් වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි.. මේක දැක්ක වෙලේ ඉදං හිත ඉල්ලන්නේම මල්මාමාගේ කාටුන් එකක් නැත්තං ෆිලිම් එකක් හරි මැරෙන්න කලින් බලන්න තිබ්බා නම් නේද කියලා..

ඒත් එක්කම ගජමෑන් මතක් වුනා.. ඒක බලන්න නැති වුනත් අඩුම ගානේ එහෙම එකක් හැදුනා නේ..ගජමෑන් කියන්නේ පොලිටිකල් චරිතයක්.. ඒත් මල්මාමා එහෙම නෑ ගජමෑන් සමීප වෙන්නේ වැඩිහිටි පරම්පරාවට 

මල්මාමා පුංචි අපිට 

නිකමට හිතන්න මල්මාමාගේ ලස්සන ෆැන්ටසිය දාලා 3D animation නිර්මාණයක් කරන්න පුලුවන් වුනොත් සාර්ථකව අනිවාරෙන්ම ඒක international එකට වුනත් ගෙනියන්න පුලුවන් වෙනවා.. මල්මාමා ගැන ඔයාලාගේ අදහස් කියාගෙන යන්න. කවදාහරි ෆිල්ම් එකකුත් හැදෙයි කියලා බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා 🌸


විශේෂ ස්තූතිය
මලීෂ පතිරණට

ඇත්තටම පියල් මහත්තයගේ මේ ෆැන්ටසිය ගැන කොහෙ හරි ලියවිලා තියෙන එක වටිනවා. එතුමා ප්‍රධාන කර්තෘ විදිහට ඉන්න කාලේ විජය බාලදක්ෂ කඳවුරට එතුමගෙන් ලැබුණ සහයෝගය කියලා නිමකරන්න බැහැ. එතුමත් ඒ වගේම නිහතමානී හොඳ මනුස්සයෙක් නිසා මේ සටහන උපුටා ගන්න හිතුනා.