Translate

Thursday, February 23, 2023

Scout founder’s day celebrated in Matale 2023

The Sri Lanka Scout Association celebrated the 166th Birth Anniversary of the founder of the scouts movement Lord Robert Stevenson Smyth Baden Powell at the birth place of scouting in Sri Lanka, Christ Church College, Matale. Scouting was introduced to Sri Lanka by F.G Stevens in Matale on the instructions and guidance of the Chief Commissioner and the National Headquarters team. The National Celebration was held in Matale at the Children’s Park, Christ Church College, Scout Outdoor Park and the Auditorium of the District Secretariat.
 

 
Founder’s Day is celebrated throughout the 172 member nations of the World Organisation of the Scout Movement and the 37 districts in Sri Lanka. The main Celebrations held in Matale had over 2000 Cubs, Scouts and Leaders taking part in activities at the Children’s Park. Thereafter the scouts marched in a procession to Christ Church College where the commemoration ceremony was held under the patronage of the Chief Commissioner Janaprith Fernando Attorney-at-Law. A Rally was held and floral tributes were made by all Commissioners from the National Headquarters to the Founder Lord Baden Powell’s portrait. 
 

  
   

 
Speaking at the occasion Fernando paid gratitude to both the Founder of Scouting Lord Baden Powell and the Founder of Scouting in Sri Lanka F.G.Stevens and spoke of the importance of scouting and the training the movement offers. The foundation stone was laid by the Chief Commissioner for the erection of a statue of Lord Baden Powell at the Scout Park. The main event was held at the Auditorium of the District Secretariat Auditorium in Matale where 260 Senior Scouts of the first batch of Scouts who won the Prime Minister’s Award were presented with the badges. Apart from that 60 Rover Scouts received their Highest Award for Rover Scouts “the BP Award”. Ten (10) Scout Leaders were awarded with the highest training award, the ‘Woodbadge’. The presentation of the President’s Award parchments and presentation of Certificates to recipients of National Adult Awards also took place. The Guest of Honour Mrs. Thejani Thilakaratne, the District Secretary, thanked the Chief Commissioner and the Sri Lanka Scout Association for the opportunity given to Matale District to host the National Founder’s Day Celebrations in Matale. Thilakaratne emphasised on the need to preserve the rich history of the Scout movement specially in Matale and assured the support for scouting in the District in the future as well.  
 



Mr.Fernando, the Chief Commissioner, stated that he was extremely proud that 400 scouts from all districts of Sri Lanka were present in Matale and congratulated all the winners of awards. He further stated that the SLSA in its Strategic Plan has to achieve a growth in membership and reach a target of 108,000 scouts by end of 2023; the achievement of which he was confident of due to the hard work of the majority of the commissioners. He urged all Rover Scouts who were BP Award winners  to make a commitment today to start at least one new Scout Group under their Leadership; considering it a bounden duty towards the younger generation of our beloved motherland Sri Lanka. He further stated that we have to work towards the target given to SLSA by the Chief Scout His Excellency the President to reach a membership growth of 200,000 by the end on 2024. 
 
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරන ලද 166 වන BP දින සැමරුම ශ්රී ලංකා බාලදක්ෂ ව්යාපාරයේ ආරම්භක ස්ථානය වන මාතලේ දී පවත්වන ලදී. මෙහිදී B P තුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම, මාතලේ දිස්ත්රික් බාලදක්ෂ උද්යානයේ B P පිළිරුවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම වැනි විවිධ වැඩසටහන් ගණනාවක් ක්රියාත්මක විය. විශේෂයෙන් ජනාධිපති බාලදක්ෂයන් සඳහා සම්මාන ප්රදානය, ශ්රී ලංකාවේ ප්රථම වරට අග්රාමාත්ය ප්රදානය දිනාගත් බාලදක්ෂයන් සඳහා අග්රාමාත්ය ප්රදානය පිරිනැමීම, මානව බාදක්ෂ සඳහා B P ප්රදානය පිරිනැමීම, හා වැඩිහිටි නායකයන් සඳහා වැඩිහිටි සම්මාන පිරිනැමීම මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලය ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
 
මෙම අවස්ථාවට ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් නීතිඥ ජනප්රිත් ප්රනාන්දු මහතා, ශ්රී ලංකා බාලදක්ෂ සංගමය සභාපති ශ්රීනාත් ගුණරත්න මහතා, මාතලේ දිස්ත්රික් ලේකම් තුමිය, නියෝජ්ය ප්රධාන කොමසාරිස් m f s මුහීඩ් මහතා ජාතික බාලදක්ෂ මූලස්ථානය නියෝජනය කරමින් සහය ප්රධාන කොමසාරිස්වරුන් මූලස්ථාන කොමසාරිස්වරුන්, මාතලේ දිස්ත්රික් බාලදක්ෂ කොමසාරිස් සී කේ අභයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්විය. මෙම උත්සවයේ දී ශ්රී ලංකාව පුරා විසිර සිටින ගමැති ප්රදානය දිනාගත් බාලදක්ෂයින් 250 අධික ප්රමාණයක් සඳහා ප්රථම වතාවට අග්රාමාත්ය ප්රධානය පිරිනැමීම සුවිශේෂී අවස්ථාවක් විය

 


The 166th BP Day celebration organized by the Sri Lanka Scout Association was held at Matale, the birthplace of the Sri Lanka Scout movement. There, paying floral tributes to the statue of B P, and also a number of different programs were implemented. Such as ,the laying of the foundation stone for the construction of a B P statue at the Matale District Scout Park. The presentation of awards for the Presidential Scouts, the presentation of the Prime Minister's Award for the Scouts who won the Prime Minister's Award for the first time in Sri Lanka, the presentation of the BP Award for the Rover Scouts, and the presentation of the Elderly Awards for the Elderly Leaders were held at the Matale District Secretariat Auditorium. 
 
On this occasion, the Chief Commissioner of Sri Lanka Scout Association, Attorney Mr. Janaprith Fernando, President of Sri Lanka Scout Association, Mr. Srinath Gunaratne, Matale District Secretary, Deputy Chief Commissioner mfs Muheed representing the National Scout Headquarters, Assistant Chief Commissioners, Headquarters Commissioners, Matale District Scout Commissioner C. Mr. K Abhayawardena and others joined. It was a unique opportunity to present the Prime Minister's Award for the first time to more than 250 Scouts who won the Gamethi Award from all over Sri Lanka at this event.
 
இலங்கை சாரணர் சங்கத்தின் ஏற்பாட்டில் 166வது BP தின விழா இலங்கை சாரணர் இயக்கத்தின் பிறப்பிடமான மாத்தளையில் நடைபெற்றது. அங்கு, B. P சிலைக்கு மலர் தூவி மரியாதை செலுத்தியதுடன், பல்வேறு நிகழ்ச்சிகளும் இடம்பெற்றன. மாத்தளை மாவட்ட சாரணர் பூங்காவில் BP சிலை அமைப்பதற்கு அடிக்கல் நாட்டுதல், ஜனாதிபதி சாரணர்களுக்கான விருதுகள் வழங்கல், இலங்கையில் முதன்முறையாக பிரதமர் விருதினைப் பெற்ற சாரணர்களுக்கான பிரதமர் விருது வழங்கல், ரோவர் சாரணர்களுக்கான BP விருது வழங்கல், சிரேஷ்ட சாரணர்களுக்கு விருது வழங்கல். சிரேஷ்ட தலைவர்களுக்கான விருது வழங்கும் நிகழ்வு போன்றன மாத்தளை மாவட்ட செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது.
 
இதன்போது, இலங்கை சாரணர் சங்கத்தின் பிரதம ஆணையாளர், சட்டத்தரணி ஜனாபிரித் பெர்னாண்டோ, இலங்கை சாரணர் சங்கத்தின் தலைவர், ஸ்ரீநாத் குணரத்ன, மாத்தளை மாவட்டச் செயலாளர், பிரதி பிரதம ஆணையாளர் எம்.எஃப்.எஸ்.முஹீட், தேசிய சாரணர் தலைமையகத்தைப் பிரதிநிதித்துவப்படுத்தி, உதவிப் பிரதம ஆணையாளர்கள், தலைமையக ஆணையாளர்கள், மாத்தளை மாவட்ட சாரணர் ஆணையாளர் சி.திரு.கே.அபயவர்தன உள்ளிட்டோர் கலந்துகொண்டனர்.
 
இந்த நிகழ்வில் இலங்கை முழுவதிலுமிருந்து கமேதி விருதை வென்ற 250க்கும் மேற்பட்ட சாரணர்களுக்கு முதல் தடவையாக பிரதமர் விருதினை வழங்கியது ஒரு தனித்துவமான அம்சமாகும்.

Wednesday, February 22, 2023

ආදි කතෘ දින සැමරුම 2023 - බී.පී.තුමාගේ උඩුකය රුව නිර්මාණය

අපූර්ව පෙබරවාරි 22 දින බාලදක්ෂ ආදිකතෘ දිනය සිහිකිරීම උදෙසා බාලදක්ෂ ලෝකයට Scouting සගරාවේ අපි නැවුම් නිර්මාණයක් මෙවරද එක් කරන්නෙමු. 

මූර්ති ශිල්පය යනු ත්‍රිමාණ කලා ශිල්පයක් වන අතර හැඩ කැපීමෙන් හෝ ප්ලාස්ටික් වැනි මාධ්‍යයක් යොදා නිමැවුම් කරයි. බහුලව ගල්, යකඩ හෝ ලී යොදා ගනී. බොහෝ මූර්ති කැටයම් කැපීම මඟින් නිපදවයි. තවද කොටස් එකතු කිරීමෙන් සහ අච්චු යොදා ගනිමින් ද මෙම නිර්මාණකරණය සිදු කරති. මූර්තිකරණයේ දී ඇඹීමට යොදාගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් මූර්ති නිර්මාණයේ යෙදෙන්නේ ඒවා අවශ්‍ය ලෙස සකසා ගත හැකි නිසාමය. එබැවින් එය ඇඹීම් කලාවක් ලෙසින්ද සැලකෙනවා. මහජන කලාවන් හි බහුතරය ලෙස දැක්වෙන්නේ ද මූර්ති ශිල්පයයි.

තම හැකියාව විනෝදාංශයක් කරගත් මේ අපූරු නිර්මාණකරුවා හිටපු කථිකාචාර්ය, ප්‍රවීන චිත්‍ර හා මූර්ති ශිල්පී, දයානන්ද බරත ලියනගේ මහතායි. ලංකාවේ දැනට සිටින විශිෂ්ටතම කලාකරුවන් අතර පෙරමුණේ සිටින කලාකරුවෙකු වන බරත ලියනගේ මහතා අතින් සියුම්ව නිමවූ නිර්මාණ දහස් සංඛාවක් ලොවපුරා විසිරී තිබේ. බරත ක්‍රියේෂන්ස් සමාගම ලොව පුරා කීර්තිමත් මූර්ති රාශියක් නිර්මාණය කර ස්ථාපනය කරතිබේ.  

එතුමා ශ්‍රී ලංකාවේ ඉටි මූර්ති නිෂ්පාදනය කිරීම සහ ස්ථාපනය කිරීම සම්බන්ධ ව්‍යාපෘති ගණනාවක් මෙන්ම මල නොබැඳෙන වානේ නිෂ්පාදන, වීදුරු වැඩ, ලී කැටයම්, පින්තාරු කිරීම, උස සහ අභ්‍යයන්තර සැලසුම් කටයුතු දක්වා කලා කෘතිවල විශේෂිත ශිල්පීය ක්‍රම භාවිතා කරනු ලබයි. එතුමා සතු විවිධ ප්‍රමාණයන්ගෙන් හා ඕනෑම ආකාරයක පිළිමයක් සජීවී අකාරයෙන් නිර්මාණය කිරීමේ සහජ කලා හැකියාව විශ්මිත වේ. බරත මහතා බිතු සිතුවම් ඇදීම මෙන්ම ලෝකඩ, තඹ, පිත්තල, ඇලුමිනියම්, ගල් සහ දුම්මල හා සජීවී සත්ව ප්‍රතිමා නිර්මාණ කරණයෙහිද දක්ෂයෙකු වේ.


මෙවර 166වැනි BP දිනය වෙනුවෙන් ලෝක බාලදක්ෂ සහෝදරත්වයට එකතු උනේ මේ විදිහටයි.https://youtu.be/cs4QsVIoVT4












බාලදක්ෂ ලෝකය වෙනුවෙන් ප්‍රවීන චිත්‍ර හා මූර්ති ශිල්පී, දයානන්ද බරත ලියනගේ මහතා විසින් දක්වන ලද දායකත්වය වෙනුවෙන් SCOUTING සගරාවේ ප්‍රණාමය. සුබ දඩයම්!

ලෝකයේ බී.පී.තුමාගේ උඩුකය රුව නිර්මාණය රැසක් දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳව අප බාලදක්ෂ සඟරාවේ වරින්වර තොරතුරු ගෙන එනු ලැබුවා. මීට අමතරව ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන නිර්මාණ ඇත්තේ අතලොස්සක්. ලිවර්පූර්හි බී.පී.තුමාගේ සම්පූර්ණ රූපය අනුව සකස් කල රුව හා බාලදක්ෂ මූලස්ථානයෙහි සහ මීරිගම ලී දසනායක පුහුණු කඳවුරෙහි ස්ථාපිත සිමෙන්ති නිර්මාණ ඒ අතරින් සුවිශේෂී වෙනවා.

බාලදක්ෂ ව්යායාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිවරයාගේ 166 වෙනි ජන්ම දිනය සැමරුම 2023

May be an image of 3 people, people standing and outdoors
මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්යස්ථාන භූමියේ ඇති බී.පී.තුමාගේ උඩුකය රුව 

May be an image of outdoors 
අයගම රාහුල විද්යාලයීය බාලදක්ෂ උද්යානයේ ඇති බී.පී.තුමාගේ උඩුකය රුව

May be an image of 2 people, people standing and outdoors
1st Thirumalai St. Susaiyappar College Scout group 
May be an image of 1 person and outdoors
දම්ලෝ විද්යාලයීයේ ඇති බී.පී.තුමාගේ උඩුකය රුව

No photo description available.
කැලණිය ධර්මාලෝක විද්යාලයීයේ ඇති බී.පී.තුමාගේ උඩුකය රුව

 

May be an image of 8 people, people standing and outdoors
මඩකලපු බාලදක්ෂයා - 166වැනි බීපී දින සමරුව

 May be an image of 2 people

May be an image of outdoors and monument

May be an image of outdoors, brick wall, monument and text that says 'የ LORD BADEN-POWELL OM'

 

 May be a cartoon of 3 people and text

පසුගිය වර්ෂවලට අදාල ආදි කර්තෘ දින සැමරුම්

2022 

Sangam World Center Celebrating World Thinking Day - https://youtu.be/R720060QQZA 

World Scouting Founder's Day Celebration - https://youtu.be/p8w2zY-wvJU 

2021 

‘Ging Gang Gooli - A Particularly lively version on BP Day - https://youtu.be/QryFAiNLvlg 

Micro Pencil Carving Art of BP Day : Scout Salute and Emblem - https://youtu.be/vAaH7-wrWXc 

Water Color Art of Founder’s Day 2021 : https://youtu.be/3tY8_FcY_oo 

Graphite pencils Portrait Art of Thinking Day 2021:https://youtu.be/Gd6C-7U954E 

Wood Burning Art of BP Day 2021 : https://youtu.be/v40Wfkkwqpw

Lord Baden Powell's Back - 22 February 2019 - https://youtu.be/Bqu5ugfcURA


Share your Troop’s celebrations on https://www.facebook.com/baladaksha.lk and don't forget to tag us and use #Scouitng #scouitngmagazine #ScoutFoundersDay! #scouts #FoundersDay #srilankascout #slsa #baladaksha #worldscouts #wosm #badenpowell #HappyFoundersDay #HappythinkingDay #bpday2023 #Scouts

Tuesday, February 21, 2023

166 වන බී.පී දින සැමරුම හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය - 2023

රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයා යනු බාලදක්ෂ ව්‍යාපාරය මෙන්ම බාලදක්ෂිකා ව්‍යාපාරයේ ද නිර්මාතෘවරයායි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත වන්නන් එතුමාව හඳුන්වන්නේ ” බී.පී ” යන සෙනෙහෙබර කෙටි අන්වර්ථ නාමයෙනි. එමනිසා සෑම වසරකම පෙබරවාරි 22 වන දාට යෙදෙන බේඩ්න් පවෙල් සාමිවරයාගේ ජන්මදිනය නොඑසේ නම් “ආදිකර්තෘ දිනය”, ‘බී.පී දිනය” ලෙසින්ද බාලදක්ෂයින් විසින් හඳුන්වනු ලැබේ. එහි 166 වන අභිමානවත් සැමරුම සනිටුහන් වන්නේ 2023 වසරේ පෙබරවාරි මස 22 වන දාට යි. බාලදක්ෂිකා ව්‍යාපාරයට නම් මෙම දිනය තවත් ආකාරයකින් සුවිශේෂී වේ. ඒ 1926 වසරේ සිට “Thinking Day “හෙවත් “බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය” ද ආදිකර්තෘ දිනයේදීම සැමරීම හේතුවෙනි. මේ ලිපිය පළකෙරෙන්නේ ඒ ආදිකර්තෘ දිනය සහ බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය නිමිත්තෙනි.
 

බේඩ්න් පවෙල් සාමිවරයා උපත ලබා ඇත්තේ 1857 පෙබරවාරි මස 22 දිනදී එංගලන්තයේ ලන්ඩන්හි පෙඩින්ටන් නම් ප්‍රදේශයේදීයි. ඔහුගේ මව්පියන් වීමේ භාග්‍යය උදාකරගනු ලැබුවේ බේඩ්න් පවෙල් දේවගැතිතුමා සහ හෙන්‍ේරියේටා ග්‍රේස් ස්මිත් මැතිනිය විසිනි. ඔහුගේ පියා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයකු ද විය. එහෙත් ඔහුට වයස අවුරුදු තුනේදී පමණ පියාගේ හදිසි අභාවයත් සමඟින් පිය සෙනෙහස අහිමි වී ගිය අතර, එතැන් සිට හැදී වැඩුණේ තම මවගේ සෙවණෙහි ය. බී.පී තුමාට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුද සිටි බව කියැවේ. ඒ අතරින් එක් නැඟණියක් වූ ඇග්නස් ස්මිත් මැතිනිය පසු කාලීනව බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භය සඳහා සුවිශේෂී දායකත්වයක්ද ලබා දී තිබේ.ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන් අනතුරුව බී.පී තුමා ” Charerhouse “නම් වූ එකල බ්‍රිතාන්‍යයේ පැවති කීර්තිමත් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමට වරම් ලද්දේය. ඔහු අධ්‍යාපනයට එතරම් දක්ෂයෙකු නොවූ බව සඳහන් වූවත්, විනෝදකාමී සහ ත්‍රාසජනක ක්‍රියාවන් සඳහා දැඩි ඇල්මක් සහ වුවමනාවක් දැක්වූ අයෙකු බව පැවසේ. එපමණක්ම නොව සිය මවගේද නොමඳ දායකත්වය හමුවේ ඔහු සෞන්දර්ය හා කලාත්මක කටයුතු කෙරෙහිද කුඩා කල සිටම දැඩි නැඹුරුවක් දැක්වූයේය. චිත්‍ර ඇඳීම, පියානෝ සහ වයලීන් වාදන නිපුණතාවය ඒ අතරින් කැපී පෙනෙන ඒවා වේ. පසු කාලීනව හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාණය කිරීම සඳහාද මෙම කුසලතාවයන් ඔහුට අත්වැලක් විය.

වර්ෂ 1876 සැප්තැම්බර් 11 වන දිනදී බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදාවේ සේවය සඳහා බේඩ්න් පවෙල් තරුණයා ඇතුළත් විය. ඒ ඉන්දියාවේ 13 වන “හුසාර්ස්” රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද නිලධාරියකු වශයෙනි. ඉන්දියාවෙන් පසු බෝල්කන්, මෝල්ටාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් ගණනාවකම සේවයෙහි යෙදුණු ඔහු දක්ෂ හමුදා නිලධාරියෙකු වශයෙන් විවිධ තනතුරු සහ නිලතල ගණනාවක් හොබවා ඇත.1899 දී පමණ හමුදා සේවයේ නිරත වන අතරතුරදී “Aids to Scouting “නම් ග්‍රන්ථයක් ඔහු විසින් රචනා වී තිබිණ. එම ග්‍රන්ථය එකල සමාජයේ යොවුන් ප්‍රජාව අතර වේගයෙන් ජනප්‍රිය වී ඇති බවත්, එහි සඳහන්ව තිබෙන දැව ශිල්පය වැනි කරුණු ඔවුන් ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නා බවත් බී.පී තුමාට දැන ගැනීමට ලැබිණ.මෙම නව ප්‍රවණතාවය නිසි නියාමනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම හඳුනාගත් බේඩ්න් පවෙල් මහතා 1907 ජුනි මස 31 වන දින නියමු ව්‍යාපෘතියක් වශයෙන් බාලදක්ෂ කඳවුරක් පැවැත්වීමට කටයුතු කළේය. සමාජයේ විවිධ තරාතිරම් වල දරුවන් එංගලන්තයේ Brownsea දූපත් ප්‍රදේශයට කැඳවා සිදු කරන ලද මෙම පර්යේෂණාත්මක ව්‍යායාමය එතුමා අපේක්ෂා කළ මට්ටමටත් වඩා සාර්ථක විය. එමනිසා මෙය ලොව ප්‍රථම බාලදක්ෂ කඳවුර ලෙස ඉතිහාසගත වේ.වර්ෂ 1908 මැයි මාසයේදී බාලදක්ෂයින්ගේ පරිහරණය සඳහාම ඔහු ග්‍රන්ථයක් එළි දැක්වූයේය. “Scouting for boys” නම් එම ග්‍රන්ථය, අද දක්වාම බාලදක්ෂයින්ගේ අත්පොත ලෙස පරිහරණය කෙරේ.එසේම, මේ වනවිට එහි පිටපත් මිලියන 100ක් පමණ අලෙවි වී ඇති බවද වාර්තා වේ. “Scouting for boys” කෘතියෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, එහි අඩංගු වන සියලු රූප සටහන් , චිත්‍ර සහ කාටූන් බී.පී තුමාගේ අතින්ම හැඩ ගැන්වුණු ඒවා වීමයි.බාලදක්ෂ ව්‍යාපාරය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමත් සමඟ 1909 වසරේදී බී.පී තුමාගේ ප්‍රධානත්වයෙන් පළමු ජාතික බාලදක්ෂ රැළිය එංගලන්තයේදී පැවැත්විණ. ඔහු හමුදා සේවයෙන් ඉවත් වී විශ්‍රාම ලබාගත්තේ වර්ෂ 1910 දී ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53 ක්ද ඉක්මවා ගොස් තිබිණ.

බේඩ්න් පවෙල් සාමිවරයා හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම සිවිල් පුරවැසියකු වශයෙනුත් සමාජය පිළිබඳ වඩාත් පුළුල් ඇසින් දකින්නෙකු විය.එමනිසා, පිරිමි ළමුන්ගේ බාලදක්ෂ ව්‍යාපාරයට සමගාමීව ගැහැනු දරුවන් සඳහාද සංවිධානයක් පිහිටවීමේ වැදගත්කම ඔහු හඳුනාගෙන සිටියේය.1910 වසරේදී ගැහැනු ළමුන් සඳහා බාලිකා නියමුවරියන්ගේ ව්‍යාපාරය ආරම්භ වන්නේ ඒ අනුවයි. එහි ප්‍රධානත්වය බේඩ්න් පවෙල් සාමිවරයාගේ නැඟණිය වූ ඇග්නස් ස්මිත් මැතිනියට පැවරිණ. අනතුරුව 1915 දී එම ව්‍යාපාරයේ ප්‍රධානත්වය ඔහු විසින්ද හොබවා තිබේ.1918 වසරේ සිට සිය බිරිඳ වූ සෝමර්ස් මැතිනිය වෙත එය පවරා දීමට බේඩ්න් පවෙල් සාමිවරයා කටයුතු කළේය. වර්තමානය වන විට බාලදක්ෂිකා ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වන්නේ මෙම සංවිධානයයි.සිය තරුණ කාලය රාජකාරි කටයුතු සඳහාත් සමාජ සේවා කටයුතු සඳහාත් කැපව සිටි බී.පී තුමා විවාහ දිවියට එළඹියේ වසර 1912 දී එනම්, වයස අවුරුදු 55 දී පමණය. ඒ ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් සෝ්මර්ස් මැතිනිය සමඟයි. ඇයද බේඩ්න් පවෙල් මහතා මෙන්ම ඉතා උත්සාහවන්ත අයකු වූ අතර සිය සැමියාගේ කටයුතු සඳහා අනුපමේය දායකත්වයක් දැක්වූවාය. ඉහත දැක්වූ පරිදි, බාලදක්ෂිකා ව්‍යාපාරය ලෝකයට තිළිණ කිරීමේදී එම මහත්මිය ඉටු කරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී සිහිපත් කළ යුතුමය. තවත් දෛවෝපගත සිදුවීමක් වන්නේ සෝමර්ස් මැතිනියගේ ජන්ම දිනය ද පෙබරවාරි 22 වන දාට යෙදී තිබීමයි. ඇය උපත ලබා ඇත්තේ 1889 වසරේදීය. එබැවින් “ආදි කර්තෘ දිනය” පෙබරවාරි 22 වන දා සැමරීම බාලදක්ෂ-බාලදක්ෂිකා දෙපිරිසටම එකසේ වැදගත් වන බව ගම්‍ය වේ.

පළමු ලෝක යුධ සමයේදී යම්තාක් දුරට බාලදක්ෂ ව්‍යාපාරය අකර්මණ්‍ය වී තිබිණ. ක්‍රමයෙන් ප්‍රතිජීවනය ලබමින් යළිත් 1920 පමණ වන විට බාලදක්ෂ ව්‍යාපාරය ලොව පුරා රටවල් 34 ක පමණ ප්‍රචලිත සංවිධානයක් බවට පත්විය. සාමාජික සංඛ්‍යාවද ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පැවති මෙම වාතාවරණය බාලදක්ෂ ජම්බෝරියක් පැවැත්වීමට ඉතා සුදුසුම කාල සීමාවක් විය. ඒ අනුව බේඩ්න් පවෙල් සාමිවරයා ලොවපුරා විසිර සිටි 8000 ක පමණ බාලදක්ෂයන් පිරිසක් ලන්ඩන් නුවරට ගෙන්වා ලොව ප්‍රථම බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වූයේය. එහිදී බාලදක්ෂ ව්‍යාපාරයෙහි නිර්මාතෘ සහ ප්‍රධානියා වශයෙන් බේඩ්න් පවෙල් සාමිවරයා බාලදක්ෂ සාමාජිකයින් විසින් ඇගයීමටද පාත්‍ර විය.ලන්ඩන්හි පැවති එම ප්‍රධාන ජම්බෝරියට සමගාමීව තවත් සමුළු 21 ක් ලොව පුරා රටවල් ගණනාවක සංවිධානය කෙරුණු බවද වාර්තා වේ.1921 දී ප්‍රථම ලෝක බාලදක්ෂ කමිටුව සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ නිලවරණයද පවත්වන්නට කටයුතු සම්පාදනය කෙරුණු අතර, ඒ වන විට ලොව පුරා බාලදක්ෂ සාමාජිකයන් සංඛ්‍යාව මිලියනයකටත් වඩා අධික වූ බව පැවසේ.

සිය යොවුන් කාලය ත්‍රාසජනක කටයුතු සමඟ විනෝදකාමීව ගතකළ, තරුණ කාලය මව්බිම වෙනුවෙන් කැප කළ මෙම සොඳුරු මිනිසා තම ජීවිතයේ ඉතුරු අර්ධය බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැප කර සිටියේය. වර්ෂ 1937 පමණ වන විට බී.පී තුමා කෙමෙන් සිය ජීවීතයේ සැඳෑ සමයට පා තබා තිබිණ. එමනිසා බාලදක්ෂ ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් ඔහු ජීවිතයේ අවසන් භාගය විවේකීව ගත කිරීම සඳහා 1938 දී කෙන්යා දේශය බලා පිටත් වූයේය. වයස අවුරුදු 83 ක් සම්පූර්ණ කර සිටි බේඩ්න් පවෙල් සාමිවරයා 1941 ජනවාරි මස 8 වන දා සිය අවසන් හුස්ම වාතලයට නිදහස් කළේය. එතුමාගේ දේහය කෙන්යාවේ Nyeri හි තැන්පත් කරන ලද අතර එහි පිහිටුවා ඇති ස්මාරකය වර්තමානය දක්වාම ලොව පුරා බාලදක්ෂ-බාලදක්ෂිකාවන්ගේ ගරුබුහුමන් ලබන ස්ථානයක් ලෙසද ප්‍රචලිත ය. බේඩ්න් පවෙල් සාමිවරයා අනුගමනය කරමින් ඔහුගේ බිරිඳ වූ සෝමර්ස් මැතිනියද සිය ජීවිතයේ අවසන් භාගය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරයේ සුබසිද්ධිය පිණිස කටයුතු කළාය.

බේඩ්න් පවෙල් සාමිවරයා සිය සමීපතමයින් සමඟ නිර්මාණය කරන ලද බාලදක්ෂ – බාලදක්ෂිකා ව්‍යාපාරයන් ද්විත්වය , ලෝක යුද්ධ සමයේදී සමාජ සේවා කටයුතු සඳහා මෙන්ම සාමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහාද මහඟු සේවාවක් ඉටු කිරීමට සමත් විය. ලෝක යුධ සමයේදී නාසිවාදය හමුවේ ඇතැම් රටවල බාලදක්ෂ ව්‍යාපාරය තහනම් කෙරුණු නමුත්, සාමය උදාවීමෙන් පසුව එය නැවත ජීවය ලැබුවේ පෙර පැවතියාටත් වඩා සවි ශක්තියකිනි.එතැන් සිට වර්තමානය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරය සමාජ සුබසාධනය සඳහා ළමා සහ යොවුන් ජවය ඒකරාශී කරන ලොව ප්‍රමුඛතම සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ.මත්ද්‍රව්‍ය නිවාරණය, පරිසර සංරක්ෂණය , සාමය මෙන්ම ප්‍රජාව තුළ අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය ඊට නිදසුන් කිහිපයකි. ඉතා සුළු පිරිසක් සම්බන්ධ කරගත් කඳවුරකින් ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය , සියවසක්ද ඉක්මවා ගොස් ඇති තැන ලබා ඇති ප්‍රගතියත්, ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ඉටුකරන අඛණ්ඩ සේවාවත් ඉතා ප්‍රශංසනීය බවද මෙහිදී සඳහන් කළ යුතුම වේ.

ආදිකර්තෘ දිනය සමරමින් ලොව පුරා වෙසෙන බාලදක්ෂ-බාලදක්ෂිකාවෝ විවිධ සමාජ සත්කාරක සහ සේවා වැඩසටහන් සංවිධානය කරති. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ-බාලදක්ෂිකා දරුවන් 166 වන බී.පී දින සැමරුම මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ වැඩසටහන සංවිධානය කරඇත.බේඩ්න් පවෙල් සාමිවරයා වරක් මෙසේ පවසා තිබිණ. ඒ ඔබ ලෝකය හැරයන විට, එය ඔබ මුලින් දුටු ආකාරයට වඩා මඳක් හෝ ඉදිරියෙන් තබා යාමට උත්සාහ කරන්න” යනුවෙනි. ඒ සර්වකාලීන පණිවිඩය පෙරදැරි කරගනිමින්, 166 වන බේඩ්න් පවෙල් දින සමර්පණයට එක්වන සුවහසක් බාලදක්ෂ-බාලදක්ෂිකාවන් වෙත සුභාසිංශනයද මෙසේ එක්කෙරන වගයි..!

ධම්මික දිසානායක

Sunday, February 12, 2023

හිටපු බාලදක්ෂ ආචාර්යවරියක් වූ අපේ අම්මා යූ ටියුබ් නාලිකාව

 ශ්‍රී ලංකාවේ වැඩි ම ආදායමක් ඇති යූටියුබ් නාලිකාව බව කියන 'අපේ අම්මා' ගේ කතාව

'අපේ අම්මා' යූටියුබ් නාලිකාව පසුගිය දා ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි අවධානයකට ලක් විය. ඒ, CashNetUSA නමැති ආයතනය මගින් එළිදක්වනු ලැබූ The 2022 YouTube Rich List නමැති වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ වැඩි ම ආදායමක් ලබන යූටියුබ් නාලිකාව ලෙස 'අපේ අම්මා' නාලිකාව නම්කර තිබීම හේතුවෙනි. එම වාර්තාවේ සඳහන්කර ඇති පරිදි 'අපේ අම්මා' යූටියුබ් නාලිකාව උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් 962,386කි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළවී තිබුණු අතර, 'අපේ අම්මා' නාලිකාවේ හිමිකාරිය සමග මේ පිළිබදව කතා කිරීමට බීබීසී සිංහල සේවයට හැකි විය. එහිදී 'අපේ අම්මා' නමින් පෙනී සිටින, සිය සැබෑ නම හෙළි කිරීමට අකමැති විශ්‍රාමික ගුරුවරියක වන ඇය පැවසුවේ "ඔය වාර්තාව හදලා තියෙන්නේ අනුමාන කිරීම් මත. ඒ වගේ මුදලක් අපට නම් ලැබිලා නෑ," යනුවෙනි.

'අපේ අම්මා' යූටියුබ් නාලිකාව

2016 වසරේ දී ආරම්භ කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ සබ්ස්ක්‍රයිබර්ස් සංඛ්‍යාව මේ වන විට මිලියන 2.73ක් ඉක්මවා තිබේ. එය ආරම්භ කිරීමෙන් පසු ගතවූ වසර හතකට ආසන්න කාලය තුළ වීඩියෝ 1700කට අධික සංඛ්‍යාවක් පළකර ඇත. මෙම නාලිකාව ආරම්භකර ඇත්තේ, ආප්ප සකසා ගැනීමට අදාළ උපදෙස් සහිත වීඩියෝවකිනි. 'අපේ අම්මා' නාලිකාවේ වැඩි ම වාර ගණනක් නරඹා ඇති ජනප්‍රිය ම වීඩියෝව වන්නේ, ඇය මාළු පාන් සකසන ආකාරය පිළිබදව පළ කළ වීඩියෝවකි. වසර පහකට පමණ පෙර පළ කළ එම වීඩියෝව නරඹා ඇති වාර ගණන මිලියන 5.5 ඉක්මවයි.


කවුද මේ 'අපේ අම්මා'?

අපේ අම්මා නමින් පෙනී සිටින නම හෙළි නොකරන මේ කාන්තාව විශ්‍රාමික ගුරුවරියකි. ඇය ගෘහ විද්‍යාව ඇතුළු විෂයන් කිහිපයක් ම ඇය සිය ගුරු දිවිය තුළදී ඉගැන්වූ අතර අවසන් වරට ඇය කොළඹ ජාතික පාසලක සේවය කළබවත්, එම පාසල කුමක් ද යන්න පැවසීමට අකැමතිබවත් ඇය සඳහන් කළා ය.

"මම තව ම මගේ චැනල් එකේවත් මගේ නම කියලා නෑ. ආඩම්බරකමකට නෙවෙයි, මගේ ආරක්ෂාවට" ඇය පැවසුවා ය. ඇය කොළඹ 13 ප්‍රදේශයේ උපත ලබා ඇති අතර, මිත්තණිය ගාල්ල, බලපිටිය ප්‍රදේශයේ සිට කොළඹට සංක්‍රමණය වූ අයෙකි. ඇය 20 හැවිරිදි වියේ දී ගුරුවරියක ලෙස සේවය කිරීම ආරම්භකර ඇති අතර, වසර ගණනාවක් තිස්සේ විවිධ ප්‍රදේශවල සේවය කළ එසමයේ ඒ ඒ ප්‍රදේශයන්ට විශේෂ වූ ආහාරපාන සැකසීමට ඉගෙනගත්බව පැවසීය. මේ ඇය රසවත්ව ගැයූ බාලදක්ෂයන් අතර ජනප්‍රිය බිලිං කොහිල බාලදක්ෂ ගීතයයි.


බිලිං කොහිල තක්කාලී කතුරු මුරුංගා
Pipinna wattakka - Puhul da Bandakkaa....
බටර් බෝංචි ගෝවා රාබු
තුඹ කරවිල - දිග පතෝල //

https://fb.watch/iFCod5cm0I/

යූටියුබ් නාලිකාවක් ආරම්භ කිරීමට බලපෑ හේතුව

"මම ගුරුවරියක් විදිහට සේවය කරපු කාලයේ මම දැකපු දෙයක් තමයි, ගොඩක් අයට මගේ රසට උයන්න බෑ කියන එක. ගොඩක් කාන්තාවන් ජීවිතේ අභියෝග ජය ගන්න වෙහෙසුණාට උයන්න පුරුදු වෙන්නෙ නෑ කියලා මට හිතුණා. ගොඩක් වෙලාවට කාන්තාවන් විවාහ වෙන්න කලින් අම්මලා උයලා දෙන ඒවා කනවා. බෝඩ් වෙලා ඉන්න අය කඩෙන් කෑම කනවා. ඒ අය උයන්න ඉගෙන ගන්නෙ නෑ. ඉතින්, කවදා හරි ඒගොල්ලන්ට උයන එකේ අගය දැනෙන්නෙ විවාහ වුණාට පස්සෙ. ඉතින් මම හිතුවා මම දන්න දේ අනෙක් අය එක්ක බෙදා ගන්න ඕන කියලා. ඒත් ඒ දැනුම බෙදා ගන්න සුදුසු මාධ්‍යයක් මට හිතාගන්න බැරුව හිටියේ," ඇය පැවසුවා ය.

තමාට සුදුසු මාධ්‍යයක් ගැන පසුව ඇයට අවබෝධයක් ලැබී ඇත්තේ අහම්බෙනි.

"ලංකාවේ යූටියුබ් ප්‍රසිද්ධ නැති කාලේ, 2010 විතර මං වීඩියෝ එකක් දැක්කා පිටරටක ඉදලා යූටියුබ් කරන තරුණියක්. විදේශික කාන්තාවක් ලංකාවට ඇවිල්ලා උයන එකක් පෙන්නනවා. ඉතින්, මට ඒක දැක්කා ම තමයි මේ අදහස ඔළුවට ආවේ. උයන හැටි උගන්වන්න ඕන කියලා හිත හිත හිටියාට මට මාර්ගයක් තිබුණෙ නෑනේ. ඉතින් මං තීරණය කළා කොහොමහරි යූටියුබ් චැනල් එකක් පටන් ගන්නවා කියලා. ඊට පස්සෙ මම තවත් අවුරුදු ගාණක් පුතාලාගේ සහයත් ඇතුව යූටියුබ් චැනල් එකක් කරන හැටි ගැන ඉගෙන ගත්තා. ඊට පස්සෙ 2016 දී තමයි මේ චැනල් එක පටන් ගත්තේ."

ඇය සිය යූටියුබ් නාලිකාව ආරම්භ කරමින් පළමුවෙන් ම පළ කළ වීඩියෝවෙන් ඉගැන්වූයේ ආප්ප සකසා ගන්නා ආකාරය යි. ඊට බලපෑ හේතුව ඇය බීබීසී සිංහල සේවයට හෙළි කළා ය.

"මුලින් ම මම හැදුවෙ ආප්ප. මං පුංචි කාලේ අක්කලා දෙන්නා කොන්වන්ට් එකක නැවතිලා ඉගෙන ගත්තේ. අම්මා ඒ කාලේ මට කියලා හාල් කොටවනවා. ඊට පස්සේ අම්මයි, තාත්තායි, මමයි, අයියයි උදේ පාන්දර හතරට විතර නැගිටලා ආප්ප හදනවා. මම උදේට ඒ ආප්ප අරගෙන අක්කලාට ගිහින් දෙනවා. ඒ අතීතය මතක් වෙන්න තමයි මම ආප්ප හදන හැටි මුලින් ම උගන්වන්න හිතුවේ."

යූටියුබ් නාලිකාව ආරම්භ කර මාස හතරක් ගත වන විට 'අපේ අම්මා' නාලිකාවේ සබ්ස්ක්‍රයිබර්ස් සංඛ්‍යාව 50 000 ඉක්මවා තිබූබව ඇය පැවසුවා ය. සිය වීඩියෝවලින් මුදල් ඉපයිය හැකි බව ඇය දැනගෙන ඇත්තේ මාස හතරකට පමණ පසුව ය.

"මම කරපු වීඩියෝ ඒ කාලේ මම සමහර වෙබ් අඩවිවල දැම්මා. දවසක් තරුණයෙක් ඒ වීඩියෝ දැකලා අපට පණිවුඩයක් එවලා තිබුණා (...තාමත් ඒ පණිවුඩයේ ස්ක්‍රීන් ෂොට් එකක් මගේ ළග තියෙනවා) මේක මොනිටයිස් කරන්න පුළුවන් කියලා. ඒත් මං ඒකට කැමති වුණේ නෑ . මොක ද මම මේක පටන් ගත්තේ සල්ලි හම්බ කරන අදහසින් නෙවෙයි. මම කවදාවත් ටියුෂන් කරලාවත් සල්ලි අරගෙන නෑ. ඒ නිසා මම පුතාට කිව්වා එපා පුතේ මට ලැජ්ජයි කියලා. ඒත් මගේ පුතාලා කිව්වා, අම්මාගේ සල්ලි, මහන්සිය, කාලය නාස්ති කරගෙන කරන දෙයක් නිසා මොනිටයිස් කරන්න ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ මම ඒකට ඉඩ දුන්නා."


"මට ඕන වුණේ රටේ දරුවන්ගේ අම්මා වෙන්න"

"මට ගොඩක් ලංකාවේ ආයතනවලින් ඇඩ්ස් ආවා. යූටියුබ් වීඩියෝවල ඇඩ් එකක් දැම්මා ම හැම දා ම ඒක තියෙන නිසා ඒ ආයතවලින් මට එක වීඩියෝ ඇඩ් එකකට රුපියල් ලක්ෂ 10, 15ක් දෙන්නම් කියලා කිව්වා. ඒත් මම කිව්වා ඒක කරන්න බෑ කියලා. මම මේකට අපේ අම්මා කියලා නම දැම්මේ ව්‍යාපාරයක් කරන අදහසින් නෙවෙයි. මට අවශ්‍ය වුණේ රටේ දරුවන්ට අම්මා වෙන්න. ඒ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. ගූගල් ඇඩ්වලින් එන ආදායමෙන් තමයි මාත් එක්ක වැඩ කරන ඩිජිටල් කණ්ඩායමට වැටුප් ගෙවන්නේ," ඇය සඳහන් කළා ය.

"පිරිමි දරුවන්ට උයන්න පුරුදු කළ යුතුයි"

අතීතයේ පිරිමි පුද්ගලයින් ගොවිතැන් ආදී රැකියාවල නිරතවෙද්දී කාන්තාවන් ඉවුම් පිහුම් ආදී නිවෙස්වල කටයුතුවල නිරතවුව ද, වත්මන් සමාජයේ කාන්තාව ද රැකීරක්ෂාවන්හි නිරත වෙයි.

එවැනි පරිසරයක් තුළ ද කාන්තාව තවමත් රැකියාවට අමතරව නිවෙසේ කටයුතු ද සිදුකරයි. මෙවැනි තත්ත්වයක් තුළ පුරුෂයින්ට ආහාර සැකසීමට වගකීමක් නැද්දැ යි නැගූ ප්‍රශ්නයට 'අපේ අම්මා' දුන් පිළිතුර මෙසේ ය.

"ඒක ඉතා හොද වටිනා ප්‍රශ්නයක්. දැන් කාලේ අම්මලා කුස්සියට අඬගහන්න ඕන දුවලටත් වඩා පුත්තුන්ව. ගෑනු ළමයි අනිවාර්යයෙන් ම උයන්න ඉගෙන ගන්නවා. ඒ නිසා පුතාලවත් අම්මා ළගට අඬගහගත්තොත් හොදයි. පිරිමි දරුවන්ට උයන්න පුරුදු කරන එකට අමතරව, කෑමක් රසයි නම් ඒක රසයි කියලා අගය කරන්නත් පුරුදු කරන්න ඕනෙ. පිරිමි දරුවන්ට හොඳට උයන්න පුළුවන්. දැන් බලන්න හෝටල් ක්ෂේත්‍රයේ වැඩියෙන් ම උයන්නේ පිරිමි දරුවෝ."

කාන්තා ව්‍යවසායිකාවන්ට උපදෙසක්

"අපි මොනවා හරි දෙයක් කරනවා නම් ඒක ස්වභාව ධර්මයට ආදරෙන් කළොත්, මනුෂ්‍යයින්ට ආදරෙන් කළොත්, සල්ලි ඉලක්ක කර ගන්නේ නැතුව කළොත් ස්වභාවධර්මය අපට පිහිට වෙනවා. ඒ නිසා කරන දේ හරියට කරන්න ඕන ගුණාත්මකභාවය ගැන හිතලා. ඒ වගේ ම සමහර වෙලාවට කාන්තාවන් තමන්ගේ දියුණුව ගැන වෙහෙසෙන අවස්ථාවල දී තමන්ගේ පවුල මඟහැරෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ පවුල සමග තියෙන සම්බන්ධතාව පවත්වාගෙන යන ගමන් දියුණු වෙන්න උත්සහ ගන්න ඕන. නැත්නම් දියුණු වෙලා ආපසු හැරිලා බලද්දී තමන්ගේ ගොඩක් දේවල් අහිමිවෙලා තියෙන්න පුළුවන්," ඇය පැහැදිලි කළා ය. ඇය පැවසූ පරිදි ඇයට ආයුර්වේදය පිළිබඳව ද යම් දැනුමක් තිබේ. ඇගේ මුත්තණුවන් ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ අතර ඇය ඔහු හරහා ආයුර්වේදය පිළිබද යම් දැනුමක් ලබා තිබේ.

"මගේ මේ දැනුම ඔක්කොම ලෝකයට දෙනවා. මගේ මේ දැනුම මාත් එක්ක පොළොවට පස් වෙන්න නම් දෙන්නේ නෑ. මම දන්න හැමදේම කියලා දෙනවා."

අපේ අම්මාට සුබ දඩයම්...

 

විශේෂ ස්තූතිය - බීබීසී සිංහල සේවයට

 

2024 වසර අවසන් වන විට බාලදක්ෂ සාමාජිකත්වය ලක්ෂ දෙකක්

පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරවීම සඳහා සහාය වන බව ජනපතිතුමා පවසයි

2024 වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් එහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් නිල කර ලේන්සුව හා ප්‍රධාන බාලදක්ෂ පදවියට අදාළ පත්වීමේ අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 75 වන නිදහස් සැමරුම සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි. ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පරිසරය සම්බන්ධ වැඩසටහන්වලට එක්වන ලෙස ද ජනාධිපතිවරයා බාලදක්ෂ, බාලදක්ෂිකාවන් වෙත ආරාධනා කළේය. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එස්.එස්. මුහීඩ්, විධායක කමිටු සභාපති රන්සිරි පෙරේරා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

 

Monday, February 6, 2023

The 57th Colombo Camporee 2022 held from 2nd to 6th February 2023

දෙපයෙන් සිටගත හැකි තරුණ පරපුරක් හදන බාලදක්ෂ ව්‍යාපාරය

“ඔබේ දරුවන් පොළොවේ පය ගසා සිටිනු දැකීමට කැමති නම් ඔවුන්ගේ උර මත බරක් තබන්න​ " යනුවෙන් ප්‍රකට කියමනක් ඇත. පොළොවේ පය ගසා සිටින දරුවන් රටකට සම්පතකි. බාලදක්ෂ ව්‍යාපාරය යනු තරුණ තරුණියන්ගේ මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක පුද්ගල වර්ධනය සඳහා ආරම්භ වූ ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි.

මේ වනවිට ලෝක බාලදක්ෂ ව්‍යාපාරය මිලියන 54කට අධික තරුණ තරුණියන් හා මිලියන 5කට අධික වැඩිහිටි ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත වේ. එම ව්‍යාපාරය ආරම්භ කළේ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල් විසිනි.

නුදුරේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බාලදක්ෂ කොළඹ දිසා තරුණ සමුළුව පිළිබඳවත් පොදුවේ බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳවත් කථිකාවක යෙදෙන්නට අප කොළඹ දිසා බාලදක්ෂ ව්‍යාපාරයේ සහාය දිසා කොමසාරිස් මාධ්‍ය, මහජන සබඳතා හා තොරතුරු තාක්ෂණ මිරාල් ප්‍රියංග සමඟ සම්බන්ධ විමු.

"ලෝක බාලදක්ෂිකා සංගමය ආරම්භ වුණේ 1910 වසරේදී. ආරම්භක අවධියේදී මේ සංවිධාන දෙක විවිධත්වයක් සහිතව ක්‍රියාත්මක වුණත් මේ වන විට කාන්තා බාලදක්ෂ නමින් ගැහැනු පිරිමි භේදයකින් තොරව එකම විෂය නිර්දේශයක් සහ ක්‍රියාකාරකම් සහිතව අපි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය යටතේ වැඩසටහන් පවත්වනවා.

ගැහැනු දරුවන් බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කරන්නෙ හැමවිටම කාන්තා බාලදක්ෂ නායිකාවක් යටතේ. මේ වනවිට දිවයින පුරා තිබෙන බාලදක්ෂ දිස්ත්‍රික්ක තිස් හතෙන් මම නියෝජනය කරන කොළඹ දිසාව තුළ දැනට බාලදක්ෂ, බාලදක්ෂිකාවන් 11,000ක් පමණ සාමාජිකත්වය දරනවා."

මෙවර පැවැත්වෙන කොළඹ දිසා තරුණ සමුළුව පිළිබඳව අප ඔහුගෙන් විමසුවෙමු. " තෙවැනි වරට සංවිධාන කෙරෙන කොළඹ දිසා තරුණ සමුළුව The New Normal : Way Forward යන තේමාව යටතේ මාර්තු 26 සිට 28 දක්වා online තාක්ෂණය යටතේ පැවැත්වෙනවා.

මෙය සංවිධානය කරන්නෙ බාලදක්ෂ ව්‍යාපාරය සඳහා තරුණයන්ගේ අදහස් ලබාගැනීමටයි. මේ සඳහා සම්බන්ධ වන ජ්‍යේෂ්ඨ සහ මානවක බාලදක්ෂයන් සහ කාන්තා බාලදක්ෂිකාවන්ට බාලදක්ෂ ව්‍යාපාරයේ ගෝලීය නව ප්‍රවණතා පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න විවිධ අංශ යටතේ දේශන පවත්වනවා. ඒ වගේම ඔවුන්ගේ අදහස් විවෘතව දක්වන්නත් අපි අවස්ථාව ලබා දෙනවා."

කොරෝනා වසංගතය ලෝකයම වෙළාගත් මොහොතක වුවත් කොළඹ දිසා බාලදක්ෂයන් ක්‍රියාකාරීව කටයුතු කළ ආකාරය පිළිබඳව සහාය කොමසාරිස්වරයා කතා කළේ සතුටිනි.

"කොරෝනා අවධියේදීත් අපි ස්කවුටින් නැවැත්තුවෙ නැහැ. අවුරුදු උත්සවය, පොසොන් උත්සවය හා නබි තුමාගේ ජන්ම දිනය වෙනුවෙත් කාඩ් තරග ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගෙන පැවැත්වූවා. ඒ වගේම ඔන්ලයින් දැනුම්වත් කිරීම් කරමින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කළා.

2000 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වූ කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට online තාක්ෂණය යටතේ 4,500 ක් පමණ සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණා. අන්තර්ජාල පහසුකම් නැති අය සඳහා තැපැල් මාර්ගයෙන් වැඩසටහනක් ලබා දුන් නිසා ලොග් සටහනක් හෝ ඡායාරූප අන්තර්ගත කිරීමක් මඟින් ඔවුන්ටත් බාලදක්ෂ කැම්පෝරිය එක්ක එක්වෙන්න පහසුකම් සලසාදීම විශේෂත්වයක්. ඒ වගේම බීපී තුමාගේ 164 වැනි ජන්ම දිනය වෙනුවෙන් පැළ ලක්ෂයක් සිටුවීමේ ක්‍රියාන්විතයක් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය දියත් කළා."

පරාජයන් දරාගැනීමට සහ ආවේග පාලනය කරගැනීමට නොහැකිව අනෙකා පීඩාවට ලක් කිරීම හෝ සිය දිවි හානි කරගැනීම රැල්ලක්ව පවතින කාල වකවානුවක බාලදක්ෂ ව්‍යාපාරය තුළින් සැලසෙන සේවය අතිමහත්ය. ඒ හේතුවෙන් මවුපියන් තුළ තම දරුවන් බාලදක්ෂ ව්‍යාපාරය වෙත යොමු කිරීම සඳහා විශාල උනන්දුවක් පවතින බව සහාය කොමසාරිස්වරයාගේ අදහසයි.

 

The 57th Camporee will have close to 5,000 scouts, club scouts and singithi scouts in the district participating. The theme for this year’s Colombo Camporee was ‘Leaders for a better tomorrow’. The camp program focused on driving the theme to instill true leadership among scouts. UNFPA joined other UN Agencies to conduct a series of trainings and awareness sessions. 

The objectives of taking part in this session was to: 1. Create a dialogue and conversation on consent, relationships, decision-making and life choices; 2. To provide information and referrals on sexual and reproductive health, gender-based violence and mental health to young people between 15 - 24 years, and; 3. To engage with a diverse group of young people from across the country and increase UNFPA's visibility. 

UNFPA played the 'Maze Game' with scouts, which is a 15x15ft banner laid on the ground, that guides players through a series of questions and answers on consent, relationships, partner interactions, gender and sexual and reproductive health. The game provides an opportunity for young people to make choices and decisions and the choices will be discussed with accurate information creating a dialogue among the youth. The activity focuses on different components of CSE targeting in and out of school young people.

A well known activist, artist and a Gender Consultant for the Ministry of agriculture/ presidential secretariat Kapila Rasnayake facilitated this activity for UNFPA.

Colombo Camporee which is the flagship event of Colombo Scouts, is one of the most iconic events in Sri Lankan Scouting history which is rooted with rich Scouting traditions. The 57th Colombo Camporee 2022 held from 2nd to 6th February 2023 will be declared open on 3rd February 2023 by the Chief Guest of the Opening Ceremony, Mr. Dilantha Malagamuwa, is a Sri Lankan racing driver currently racing for the Dilango Racing Team which he founded in 2009.

Commenting on resumption of outdoor camping by Colombo Scouts, the District Commissioner of Colombo Mr. Amil Abeysundara stated that “Given the COVID19 Pandemic situation that has been prevailing in the country since March 2020, we the Colombo Scouts had to think out of the box and innovate the concept of a Virtual Camporee which became a roaring success in 2020 when we organized the 55th & 56th Colombo Camporee. Now with the resumption of most day-to-day activities in the country, we decided to hold the 57th Colombo Camporee with no restrictions, where Scouts were encouraged to camp outdoors at at Viharamaha devi Park. Further we have organized two events of the Camporee, namely the Camporee Youth Day and the CAMARADERIE – The Camporee Urban Hike open for external youth organizations, as urban hikes in the city of Colombo”.

Organizing Commissioner of the 57th Colombo Camporee, Mr. Sampath Wijesinghe who is also the Asst. District Commissioner for Colombo Scouts added that “This year’s Camporee that is held under the theme ‘Leaders fora better tomorrow” will be the a life long experience for Colombo Scouts after 3 Years.

The Organizing Committee has made all arrangements to host a successful Camporee experience for the Singithi, Cub, Junior, Senior and Rover Scouts of the Colombo District as well as other districts, where they can participate in a comprehensive non-formal educational program mixed with fun and adventure!

තේමා පාඨය වඩා හොඳ හෙට දිනයක් සඳහා වන නායකයන් (leaders for a better tomorrow) යන්නයි

"වඩා හොඳ හෙට දිනයක් සඳහා වන නායකයන්" හෙවත් leaders for a better tomorrow උදාන වාක්‍ය තේමා කරගනිමින් 57 වැනි කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරිය කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී ආරම්භ වූයේ ඉකුත් 2 වැනිදාය. කොළඹ බාලදක්ෂයන්ගේ ප්‍රමුඛතම වාර්ෂික ඉසව්ව වන එම ප්‍රධාන කඳවුර ලබන 6 වැනිදා අවසන් වීමට නියමිතය.

කොවිඩ් 19 වසංගතය පැතිර යෑමෙන් පසු සහභාගි වන්නන් එළිමහනේ කඳවුරු බඳින කොළඹ පළමු ප්‍රධාන බාලදක්ෂ කඳවුර වන්නේ මේ කැම්පෝරියයි. කොළඹ බාලදක්ෂයන්ගේ ප්‍රමුඛතම ඉසව්ව වන කොළඹ කැම්පෝරිය, බාලදක්ෂ සම්ප්‍රදායන්ගෙන් පොහොසත් වන අතර, ලාංකේය බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රධානතම කඳවුරකි.

57 වැනි කොළඹ කැම්පෝරිය නිල වශයෙන් ආරම්භ කරමින් 03 වැනිදා පැවති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහභාගි විය. සිඟිති, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෝෂ්ඨ, මානවක සහ බාලදක්ෂ නායක, නායිකාවන් 8000කගේ පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් මේ කඳවුර පැවැත්වෙයි.

කොළඹ බාලදක්ෂයන් විසින් එළිමහන් කඳවුරු බැඳීම යළි ආරම්භ කිරීම පිළිබඳ අදහස් දක්වමින්, කොළඹ දිස්ත්‍රික් කොමසාරිස් අමිල් අබේසුන්දර ප්‍රකාශ කළේ, 2020 මාර්තු මාසයේ සිට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 55 වැනි සහ 56 වැනි කොළඹ කැම්පෝරිය සංවිධානය කළේ අන්තර්ජාලය හරහා වුවත් ඒ තත්ත්වයට ගැළපෙන සේ අති සාර්ථකව කඳවුරු සංකල්පය නවීකරණය කිරීමට කටයුතු කළ බවයි. මෙවර පැවැත්වෙන 57 වැනි කොළඹ දිසා කැම්පෝරියේදී දින 4ක් පුරා විහාරමහා දේවී උද්‍යානයේ කඳවුරු බැඳීමට කටයුතු යොදා තිබෙන අතර, එහිදී කැම්පෝරි තරුණ දිනය සහ CAMARADERIE - The Camporee Urban Hike යනුවෙන් එළිමහන් වැඩසටහන් දෙකක් කොළඹ නගරයේ බාහිර තරුණ සංවිධාන සඳහා විවෘත කර ඇති බවත් හෙතෙම පැවසීය.

කොළඹ කැම්පෝරියේ සංවිධායක කොමසාරිස් මෙන්ම කොළඹ දිස්ත්‍රික් සහකාර දිසා කොමසාරිස් සම්පත් විජේසිංහ වැඩිදුරටත් පවසන්නේ වඩා යහපත් හෙට දිනක් සඳහා වන නායකයෝ යන තේමාව යටතේ පවත්වනු ලබන මෙවර කැම්පෝරිය බාලදක්ෂයන්ට ජීවිතය පුරා විඳිය හැකි සුවිශේෂී අත්දැකීමක් වනු ඇති බවයි. ඒ අනුව මෙකී කැම්පෝරිය කොළඹ බාලදක්ෂයන්ට විනෝදය සහ වික්‍රමාන්විත අත්දැකීම් නොඅඩු විධිමත් අධ්‍යාපනික වැඩසටහනක් බවට පත් කිරීම සඳහා සංවිධායක කමිටුව සියලු කටයුතු සූදානම් කර ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට 193දෙනකු ගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටින බව කණ්ඩායම් නායක මනුක ප්‍රනාන්දු පැවැසීය. මෙම බාලදක්ෂ කැම්පෝරියට 330ක පමණ සමාජික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන බව සහිරා විද්‍යාලයේ බාලදක්ෂ නායක එච්. එෆ්. එම්. ඉන්තිකාෆ් සඳහන් කළේය. ඔවුන්ගේ කණ්ඩායම බාලදක්ෂ කණ්ඩායම් 5කින් සහ ගුවන් බාලදක්ෂ කණ්ඩායම් 3කින් සමන්විතය.

නාරාහේන්පිට 44 රොටරි විවෘත සමුහය නියෝජනය කරමින් බාලදක්ෂයෝ 14දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් වසර තුනකට පමණ පසු පවත්වන කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වූ බව කණ්ඩායම් භාර දිලුම් ජයරත්න පැවසීය.

බම්බලපිටිය හින්දු විද්‍යාලය ද දීර්ඝ කාලයකට පසු මෙවර කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට එක් වූ බව කණ්ඩායම් නායක කාර්තික් පැවසුවේය.

පාසල් නොවන විවෘත 100 වැනි කොළඹ බාලදක්ෂ සමුහය, මෙවර කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වන්නේ දිසා මූලස්ථානය නියෝජනය කරමින් බව ඉමාෂී නිසංසලා පැවැසුවාය. ඉමාෂි නිසංසලා වැඩිදුරටත් පැවසුවේ බාලදක්ෂ කටයුතුවලට කැමැති ඕනෑම බාලිකාවකට තමන් හා එක්ව කටයුතු කළ හැකි බවයි.

"අවුරුදු තුනකට පස්සේ, දිසා බාලදක්ෂ කැම්පෝරියට මේ විදියට එළියට එන්න ලැබීම ළමයින්ට ලොකු අත්දැකීමක් වෙයි. අපි 115ක කණ්ඩායමක් විදිහට දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වෙනවා" යැයි ඩී.එස්. සේනානායක විද්‍යාලයේ බාලදක්ෂ නායක වී.පී. එස්. විතානගේ අප හා පැවසීය.

තමන් අඩි 21ක් උස සහ අඩි 40ක් පළල පිවිසුම් දොරටුවක් ඉදි කරන බව ද නාලන්දා විද්‍යාලයේ බාලදක්ෂ නියෝජ්‍ය නායක පහන් පැල්පිට පැවැසීය.

ගොතටුව ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් එක්වන ශාස්ත්‍රිකා පැවසුවේ තම පාසල 2012 වසරේ සිටම දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වන බවයි. 

මෙවර කොළඹ දිසා බාලදක්ෂ කැම්පෝරියට එක්වන නාරහේන්පිට චිත්‍රා ලේන් විශේෂ අවශ්‍යතා සහිත පාසලේ එස්.රත්නායක පැවසුවේ තම පාසලේ ළමුන් 200කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් ඉන් 17 දෙනකු මේ අවස්ථාවට එක්වන බවයි.