Translate

Scouting Song Book

බාලදක්ෂ ගීත පොත | Scouting Magazine Vlog- YouTube

අන්තර්ජාල බාලදක්ෂ ගීත පොත



බාලදක්ෂ ගීත පොත

දේශීය බාලදක්ෂ ගීත කලාවක් අාරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය Scouting Song Book - Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගත්තා. විදෙස් ගතවන බාලදක්ෂයන් වගේම ජාත්‍යන්තර ජම්බෝරිවලින් ලබන අත්දැකීම් එක්ක විදෙස් බාලදක්ෂ ගීත මෙරටට රැගෙන එන බාලදක්ෂයන් වගේම නායකයන් අතීතයේදී ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ අපටත් බාලදක්ෂ ගීත කලාවක් උරුම වෙලා තිබෙනවා... 

ලෝ පතල බාලදක්ෂ ගීත

1920 පළමුවැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියෙදී බාලදක්ෂයන්ට ගායනා කිරීම පිණිස බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙඩ්න් පවල් සාමිවරයා විසින් තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි සින්දුව තියෙන විශේෂත්වය තමයි කුමන මව්බසක් පාවිච්චි කරන කෙනෙකුට වුනත් මේ සින්දුව ඉතා පහසුවෙන් ගායනා කල හැකියි. මේ ගීතය නාදමාලාව පදනම වෙලා තියෙන්නේ මොසාර්ට්ගේ පළමුවැනි සන්ධ්වනිය ඇසුරින්. ඒ සන්ද්වනිය මොසාර්ට් තමන්ට වයස 8 ක් වෙද්දී තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ගොඩක් කාලයක් ගොඩ දෙනෙක් මේ සින්දුව කිව්වට ඒකෙ තේරුම එලිවුනේ 1991 දී Dorothy Unterschutz නම් කැනේඩියානු බාලදක්ෂිකාව විසින් "The Leader" නම් සගරාවට ලියූ ලිපියක් මගින්. ඒ වගේම තමයි මේ සින්දුව පහුකාලීනව ගොඩක් නවීකරණ වෙලා තියෙනවා. ඒය ලංකාවේ ජනපිය වෙන්නේ 'සෙනෙහෙබර ඩොලී' නාට්‍යයට අැතුලත් කර තිබුණ රොඩ්නි වර්ණකුල රංගන ශිල්පියා විසින් ගායනා කරන සිංහල සින්දුව. ලංකාවේ මෙම ගින් ගැං ගුලි සින්දුව නොගැයුන පැදුරු සාජ්ජයක් හෝ විනෝද ගමනක් නැති තරම්. 

මුද්‍රිත බාලදක්ෂ ගීත පොත්

"මේක බාලදක්‌ෂ ලෝකයයි" ගීත එකතුවමොරටුව පිළියන්දල බාලදක්ෂ දිසාවේ සම්පාදක ප්‍රවීණ සිනමා ලේඛක රූපසේන කිත්සිරි ද සිල්වා විසින් ප්‍රකාශනය මොරටුවේ ටැලන්ට්‌ ප්‍රින්ටර්ස්‌ "මේක බාලදක්‌ෂ ලෝකයයි" ගීත එකතුව - 1998ක් නිකුත් කර තිබුණා. කිත්සිරි ද සිල්වා මහත්තයා 10වැනි මොරටුව විවෘත බාලදක්ෂ සමූහයේ හිටපු බාලදක්ෂයෙක්. පසු කාලයේ දිසා බාලදක්ෂ සංගමයේ සාමාජිකයෙකු, කමිටු සාමාජිකයෙකු වගේම පදක්කම් ලේකම්වරයෙකු ලෙස බාලදක්ෂ ව්‍යාපාරය සඳහා කැපීපෙනෙනෙ සේවයක් කරනු ලැබූ නායකයෙක්.

Scouting සඟරාවේ 'යූ ටියුබ් බාලදක්ෂ ගීත පොත'






---------------------

බාලදක්ෂ ඔබේ අවධානයට!
අපගේ උත්සාහය ඇගයීම සදහා ඔබත් අත්වැල් බැද ගන්න. LikeShareCommentSubscribe ✓ කල හැකියි. කමෙන්ටුවක් එක්කර වැඩි දැනුමක් එක්කර අනෙකා සමග බෙදා ගන්නටත් නොදන්නා දේ බෙදා ගැනීමටත් පුළුවන්.

දැනටත් බාවිතා නොකිරීම නිසා අස්ථාන ගත වූ, කොළවලට සීමා වී නැති වී ගිය අතීත බාලදක්ෂ ගීත බොහෝ තිබේ. අමතක වී යන පැරණි බාලදක්ෂ ගීත මෙන් ම බාවිතයෙන් තොරව නැති වී යන අලුත් බාලදක්ෂ ගීතත්, කදවුරු අවසානයෙන් පසු සියල්ලන්ට ම අමතක වන දිසා කදවුරුගීතත්, දැනටත් මුල් පටිගත කිරීම් නැති වී ඇති ජාතික ජම්බෝරි ගීත, කබෝරි ගීත අාදියත් අතීතයේ කාණ්ඩ කදවුරු ගිනිමැල වලදී ගැයූ රසවත් ගීතත්, බාලදක්ෂ නාට්‍යය, යාන් හෑලි, රසකතා වගේම ගිනිමැල සිදුවීම් ආදියත් ආදී ඒකී මෙකී නොකී කදවුරු ගිනිමැල සදහා යොදාගත හැකි ඕනෑම දෙයක් ඩිජිටල් මානයේ අාරක්ෂා කර තැබීම උදෙසා මෙහි ලියා තබන්න. 

ඔබත්, අපිත් නොමැති මතු දිනෙක කවුරුන් හෝ බාලදක්ෂයෙකුට හෝ බාලදක්ෂිකාවක් විසින් සිංහලෙන් ලියැවුණු මෙම බාලදක්ෂ ගීත රස විඳිනු ඇත. කඳවුරු ගිනිමැලයකට මෙය ප්‍රයෝජනවත්වනු අැත. අප නොදන්න බාලදක්ෂ ගීත ඔබ සතුව ඇත්නම් මෙහි පහළින් කමෙන්ටුවක් ලෙස ඇතුලත් කර දැනුම අන් අය හා බෙදාගැනීමට කරුණික වන්න. 

No comments:

Post a Comment