Translate

Showing posts with label INTERNATIONAL. Show all posts
Showing posts with label INTERNATIONAL. Show all posts

Wednesday, July 14, 2021

ලෝක බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය (WOSM)

ලොව විශාලතම තරුණ සංවිධානය හා රාජ්‍ය නෙවන සංවිධානය ලෙස ලෝක බාලදක්ෂ සංවිධානය හැදින් වේ.(World Organization of the Scout Movement). සංවිධානය කෙටි නාමය WSOM ලෙස හදුන්වන අතර 1922 වසරේ දී ස්විට්ස්ර් ලන්තයේ ජිනිවා නගරය කේන්ද්‍ර කරගනිමින් මුලස්ථනය ආරම්භකරන ලදි. WSOM සතු මූලික ම වගකිම වනුයේ බාලදක්ෂ පෙරොන්දුව හා නිතිය යන අගයන් මත පදනම් වු ස්වයං පරිසමාප්ත පුද්ගලයන් වශයෙන් සමාජයට ඵලදායි කාර්යභාර්යක් ඉටුකරමින් යහපත් ලොවක් ගොඩනැගිම සඳහා සහය විමට අවශ්‍ය වන තරුණ මිනිසුන් උදෙසා වන අධ්‍යාපන මෙහෙවරක යෙදිම වේ. 

ලෝක බාලදක්ෂ සංවිධානය

ලෝකයේ රටවල් 216ක් අතරින් 169කට ආසන්න ජාතික සංගම් ප්‍රමාණයක් ලෝක බාලදක්ෂ සංවිධානයයේ සාමාජිකත්වය පිලිගෙන තිබේ. අසර්බයිජාන් හි පැවැත්වූ 41 වැනි ලෝක බාලදක්ෂ සමුළුවේ දී, ලෝක බාලදක්ෂ සංගමය සමග නිල වශයෙන් ලියාපදිංචි වූ රටවල් 9 කට ලෝක බාලදක්ෂ සාමාජිකත්වය පිරිනමන ලදී. ඒ අනුව දැන් ලෝකයේ රටවල් 178 ක බාලදක්ෂ ව්‍යාපාරය ස්ථාපිත වී ඇති බව ලෝක බාලදක්ෂ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. මිලියන 52කට ආසන්න පිරිසක් තම රටවල ඇති ජාතික සංගමයන් ඔස්සේ බාලදක්ෂ සමාජිකත්වය ලබාගෙන ඇත. වර්ථමානයේ දී පරිපාලන පහසුව සඳහා WSOM ආයතනයේ මුලස්ථානය මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර පිහිටුවා ඇත. ආරම්භයේ සිටම WSOM හි අනුබද්ද ආයතනයක් ලෙස ලෝක බාලදක්ෂිකා සංගමය (World Association of Girl Guides and Girl Scouts – WAGGGS) ද පවත්වාගෙන යනු ලැබිය.

ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය (WOSM) 

WSOM සතු මූලික ම වගකිම වනුයේ බාලදක්ෂ පෙරොන්දුව හා නිතිය යන අගයන් මත පදනම් වු ස්වයං පරිසමාප්ත පුද්ගලයන් වශයෙන් සමාජයට ඵලදායි කාර්යභාර්යක් ඉටුකරමින් යහපත් ලොවක් ගොඩනැගිම සඳහා සහය විමට අවශ්‍ය වන තරුණ මිනිසුන් උදෙසා වන අධ්‍යාපන මෙහෙවරක යෙදිමයි.

WSOM ආයතනය WAGGGS සමග එක්ව සෑම අවුරුදු 4කටම වරක් ලෝක බාලදක්ෂ ජැම්බරි, (බාලදක්ෂයන් උදෙසා) ලෝක මානවක සමුලු(Rover Moot)හා නායකයන් උදෙසා ජාත්‍යන්තර ඉන්ඩාබා කඳවුරැ සංවිධානය කරනු ලැබේ.එසේම ස්ව්ට්සර්ලන්තයේ පිහිටි Kandersteg International Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානය. Cairo International Scout Centre ඊජිප්තුවේ පිහිටි ජාත්‍යන්තර මධ්‍යස්ථනය,දකුණු ඇමෙරිකාවේ චිලි හි පිහිටා ඇති Picarquín World Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථාන හි පාලන කටයුතු ද සිදුකරනු ලබයි.

ලෝක බාලදක්ෂ සමුලුව – World Scout Conference (WSC)

මෙය බාලදක්ෂ ව්‍යාපාරයේ මහ සභාව ලෙස හැදින්විය හැක. සෑම වසර 3කට වරක්ම ලෝක තරුණ බාලදක්ෂ සමුලුව පැවැත්විමෙන් පසුව රුස්වේ. ලෝක බාලදක්ෂ කාර්යංශය තුල WSOM හා WAGGGS කලාප 6 යට අයත් සාමාජික සංගම් වලින් නි‍යෝජිත වරු තෝරා පත්කරගනු ලැබේ. යම් රටක බාලදක්ෂ සංගම් එකකට වඩා පැවතියහොත් එම සංගම් දෙක සහයෝගයෙන් ක්‍රියා කරමින් WSL සඳහා නියෝජිතයන් තොරා යැවිම සිදුකලය යුතුය. වසර 3කට වරක් WSOM හි සාමාජික රටක මෙම සමුලුව පවත්වනු ලැබේ. එම රට සමග එක්ව සම-සම්බන්දීකරනයක් පවත්වා ගනිමින් මෙය සංවිධානය කිරිමට ලෝක බාලදක්ෂ සංවිධානය බැදි සිටියි.

ලෝක බාලදක්ෂ කමිටුව – World Scout Committee

මෙය ලෝක බාලදක්ෂ සමුලුවේ විධායක සභාව වන අතර මේ සදහා ස්වෙච්චා සාමාජිකයන් අතර පවත්වන ඡංදයකින් පසු නිලතල සදහා පුද්ගලයන් තෝරා පත්කරගනු ලැබේ.මෙහි වගකිම් වනුයේ ලෝක බාලදක්ෂ සමුලුවේ දි ගනු ලැබු තින්දු තීරණ ආදි ක්‍රියාත්මක කිරිමයි.මෙම සභාව වසරකට දෙවතාවක් රුස්වේ.එයට අමතරව අත්‍යවශ අවස්ථාවල දි සභාපති,උප සභාපති වරැ දෙදෙනා,හා මහලේකම් වරයාගෙන් සමන්වි විශේෂ මෙහෛයුම් කමිටුව රැස්වී අවශ්‍ය තින්දු තීරණ ගනු ලබයි. 

කමිටුවේ මලු නිලධාර් මණ්ඩලය 14 ක වන අතර ඉන් 12 දෙනෙකු විවිධ රටවල ජාතික සංගම් නියෝජනය කරමින් පැමිනි සාමාජිකයන් තුලින් ඡංදයක් පවත්වා වසර 3ක කාල සීමාවකට තෝරා පත්කරගනු ලබයි.නමුත් ඔවුන් තම රටේ අවශ්‍යතා නොව ව්‍යාපාරයේ අවශයතා නියොජනය කරයි.නමුත් මහලේකම් වරයා හා භාණ්ඩාගාරික වරයා WSOM හි පත්වු නිලධාරින් දෙදෙන ම වේ.එසේම කලාප වල පිහිටුවා ඇති කමිටුවල සභාපති වරුන් මෙම ලෝක බාලදක්ෂ කමිටුවේ උපදේශක මට්ටමේ නිලධාරින් ලෙස සහභාගි විය හැක.

ලෝක බාලදක්ෂ කාර්යංශය – World Scout Bureau

  1. යුරෝපා කලාපය.
  2. අරාබි කලාපය.
  3. අප්‍රකානු කලාපය.
  4. ආසියා පැසිපික් කලාපය. (ශ්‍රී ලංකාව අයත් වනුයේ මෙම කලාපයටයි.)
  5. ඇමරිකානු කලාපය.
  6. යුරේසියානු කලාපය.

ආසියා පැසිපික් බාලදක්ෂ කලාපය

ශ්‍රී ලංකාවේ බාලදක්ෂයන් අයත් වන්නේ ආසියා පැසිපික් බාලදක්ෂ කලාපයටයි. එම කලාපයට රටවල් තිහක් ඇතුළත්ය. එක් එක් රට වෙන වෙනම හඳුනා ගැනීමට හැකි පරිදි බාලදක්ෂ ලාංඡනය ඇසුරින් සකස් කළ ඒ ඒ රටවල දේශිය බාලදක්ෂ සාමාජික පදක්කම් මේ පරිදි වේ.

ලොව වැඩිම බාලදක්ෂ සමාජිකයන් සංඛයාවක් ඇති කලාපය ආසියා පැසිපික් කලාපයයි. කලාපයේ වැඩිම සාමාජික සංඛයාවක් ඇති සංගමය වනුයේ ඉන්දුනිසියා බාලදක්ෂ සංගමය වන අතර එය Gerakan Pramuka Indonesia යන නමින් හදුන්වයි, එහි සාමාජිකත්වය මිලියන17ට ආසන්වේ. එසේම උතුරු කොරියව හා ලාඹ්සය යන රට වල බාලදක්ෂ ව්‍යාපාරය පිලිගැනිමකට ලක්ව නොමැත. සහකාර සමාජිකයන් (Associate Members) ලෙස මැකවු හා පොලිනිෂියා රටවල් හැදින්වේ. 

කලාපීය බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය

කලාපය ආසියා පැසිපික් කලාපයේ සමාජික රටවල් 24 මිලියන 29යකට ආසන්න සාමාජික පිරිසක් ඇත. ශ්‍රී ලංකාව අයත් වනුයේ මෙම කලාපයටයි. වර්ග කිලෝමිටර් මිලියන 21ක් පුරා උතුරින් මොන්ගොලියාවත් දකුණින් නවසීලන්තයත් නැගෙනහිරින් ප්‍රෙන්ච් පොලින්ෂියාවත් බටහිරින් පාකිස්ථානයත් මෙහි සීමා මායිම් වේ.

කලාප මහා සමුලුව සඳහා සෑම සාමාජික රටකින්ම සමාජිකයන් 6දෙනෙකුට හා නිරික්ෂන මට්ටමේ නියෝජිකයන් ට මෙයට සහභාගි වේ. මෙම කලාප සමුලුවට සමාන්තරව කලාපිය තරුණ සමුලුව පැවැත්වේ. එයින් ඉලක්ක කරනුයේ සංවිධානයේ තීරණ ගැනිමේ දි තරුණයන් සදහා වැඩි අවස්ථවක් සැලසා ගැනිමය. එසේම කලාපයේ වැඩිහිටි නායකයන් පුහුණු කිරිමේ වැඩසටහන් වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරිම සදහා නායක පුහුණුකිරිමේ පාඨමාලාවද පැවැත්විම සිදුකරයි.
 
කලාපීය කමිටුව වසර 6ක කාලයක් උදෙසා සාමාජිකයන් 10දෙනෙකු සාමාජිකරටවල ඡන්දයෙන් තොරාපත්කරගනු ලබයි. එම 10දෙනාට අමතරය තරැණ සමුලුයෙන් තේරිපත් වු නියෝජිතයන් 6 දෙනාද මෙයට ඇතුලත් වන සාමාජිකරටවල ඡන්දයෙන් තොරාපත්කරගනු ලබයි. එම 10දෙනාට අමතරය තරුණ සමුලුවේ තේරිපත් වු සභාපතිවරයාද ඡන්ද බලය සහිතවම මෙහි සාමාජිකත්වය හිමිවේ.

 

Sunday, February 21, 2021

Chief Scout of Sri Lanka inaugurates ‘Plant A Hope’

Plant A Hope

The project by the National Scouts Movement to plant 100,000 trees was inaugurated today (22) under the patronage of President Gotabaya Rajapaksa at the President’s House premises in Colombo. The project has been designed to mark the 164th Birth Anniversary of Lord Baden Powell, the founder of the Scouts Movement.Chief Commissioner of Sri Lanka Scout Association Major Gen. Milinda Peiris welcomed President Rajapaksa by adorning him with the scarf.The official inauguration took place with the planting of a red sandalwood sapling by President Rajapaksa. Later the plant was registered via mobile phone.More than 70,000 scouts across the country are expected to participate and achieve the target of 100,000 by planting two plants by each in their home garden.




Scouts to plant 100,000 trees on Baden Powell Day

Scouts will celebrate the 164th Birth Anniversary of their Founder Lord Baden Powell today February 22 by planting trees. Scouts covering 37 Scout Districts will undertake this project by planting trees in their homes or in their family homes or in their schools. All former Scouts are also invited to join this project.

Every tree thus planted will have to be registered in the ‘Thuru’ Mobile application under Sri Lanka Scout Association. Continuous assessment will be done to ensure that plants are well looked after. Members of the Sri Lanka Scout Association participated on this occasion.

Photography By: Sagara Lakmal de Mel & Shamika Wakwella (President’s Media Division)  


Tuesday, January 7, 2020

ජනවාරි 8 - "☉" මම ගෙදර ගියෙමි - 79වැනි BP ගුණ සැමරුම

WORLD SCOUT SALUTATION DAY - The Day of January 8th

This day celebrate the connection between Scouting and our faith-based chartered partners. Some Scouts and leaders will honor these days by wearing the full field uniform to worship services. In other units, a worship leader presents religious awards to recipients. In still others, the pack, troop, crew or ship conducts a service project that benefits the religious organization. this Scouts' Day or Guides' Day is a generic term for special days observed by members of the Scouting movementthroughout the year. Some of these days have religious significance, while others may be a simple celebration of Scouting. Typically, it is a day when all members of Scouting will re-affirm the Scout Promise.
 "☉" මම ගෙදර ගියෙමි

Honorable Scout Salutation FB Page

https://www.facebook.com/pg/Honorable-Scout-Salutation-170596276401141
වසර 06කට අධික කාලයක සිට Scouting සගරාවේ අප "බාලදක්ෂ ගෞරවාචාර" දැක්වීම සඳහා බාලදක්ෂ/ බාලදක්ෂිකා කටයුතු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කොට ජීවිතයට සමුදුන් සහෝදර බාලදක්ෂ, බාලදක්ෂිකා, නායක, නායිකා ඇතුලු සමස්ත සාමාජික ප්‍රජාව වෙනුවෙන් පවත්වන අවසන් සමරු සිහිකිරීමේ ගෞරවාචාරය උදෙමා ලොව සිටින සියලුම සාමජිකයින් වෙනුවෙන් තැනූ එකම FB එකමුතුව වෙනුවෙන් තැබෙන සටහනකි!

------------------------------------

79වැනි BP ගුණ සැමරුම

ජනවාරි 8 ට යෙදෙන ළමා මිනිසාගේ 79 වන ගුණ සැමරුම

ළමා මිනිසා යන විරුදාවලිය ලත් බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්ස් ස්මිත් බේඩ්න් පවෙල් සාමිතුමා වර්ෂ 1857 පෙබරවාරි 22 එංගලන්තයේ ලන්ඩන් හි පැඩිංටන් හි උපත ලද අතර 1941 ජනවාරි 8 දින මෙලොවින් සමුගත්තාය.

බේඩ්න් පවෙල් හෙවත් බීපී යන ආදර කෙටි නාමයෙන් හඳුන්වන ලමා මිනිසා 1876 දී බ්‍රිතාන්‍යය හමුදාවට බැඳුණු අතර ඉන්දියාව, ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව යන රටවල සේවය කලේය .ඔහුගේ යුධ හමුදා ජීවිතයේ වැදගත් ලෙස සනිටුහන්ව ඇති සිද්ධීන් ලෙස දකුණු අප්‍රිකාවේ බෝයර් සටන ,අශාන්ති සටන හැඳින්විය හැක. සතුරු ප්‍රහාර හමුවේ වූවද සීමිත පිරිසකගේ ආධාරයෙන් මැෆ්කිං නගරය ආරක්ෂා කිරීම වෙනුවෙන් හෙතෙම ජනතාවගේ වීරයෙකු බවට පත්විය .රොඩේෂියාවේ ( වත්මන් සිම්බාබ්වේ )ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසින් කටයුතු කරද්දී හමුවූ සුවිශේෂී චරිතයක් වූ රසල් බර්න්හැම් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය .දකුණු අප්‍රිකා බ්‍රිතාන්‍යය හමුදාවේ ඔත්තු සේවාවේ ප්‍රධානියා වූ මේජර් බර්න්හැම් වනශිල්පය පිළිබඳව බේඩ්න් පවෙල්ට ඉගැන්වීය .ඒ අනුව මැටබෝර්න් කඳුකරයේ සිදුකළ හමුදා වන අභ්‍යාස වල ඉගැන්වෙන කරුණු අනුව බීපී විසින් ලියූ Aids to scouting පොත එංගලන්තයේ තරුණ හා ලමුන් අතර ජනප්‍රිය විය .ඒ අනුව වර්ෂ 1907 දී එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේදී සිදුකරනු ලැබූ අත්හදා බැලීමේ කඳවුර අනුව බාලදක්ෂ ව්‍යාපාරය ලොවට දායාද විය.

එලෙස ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය සිය පලමු ලෝක ජම්බෝරිය 1909දී ක්‍රිස්ටල් පැලස් හි පැවැත්වූ අතර එහිදී බීපී ලෝක බාලදක්ෂ නායක ලෙසින් පිළිගනු ලැබීය.

ලොව පුරා බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට උරදුන් බීපී ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙමෙන් පිරිහෙද්දී ඒ අනුව තම ජීවිතය සැලසුම් කලේය .බ්‍රිතාන්‍යය හමුදාවේ උසස් නිලධාරීයෙකු මෙන්ම බ්‍රිතාන්‍යය රාජකීය පවුලේ ලබැඳි හිතවතෙකු වූ ඔහු වෙනුවෙන් වෙන්ව තිබූ සුඛෝපභෝගී හමුදා නිල නිවෙස වෙනුවට හෙතෙම තෝරා ගත්තේ තමන් කවදත් ආදරය දැක්වූ දකුණු අප්‍රිකාවේ කෙන්යාවේ පිහිටි තම අවසාන නිල නිවසය.

තම සෞඛ්‍යයට උචිත දේශගුණය හා යුරෝපයේ පවතින දේශපාලන තත්වය මත තමන් කවදත් ප්‍රියකල නිදහස් වටපිටාව අනුව දකුණු අප්‍රිකාවේ දී තමන් කවදත් ප්‍රියකරන චිත්‍ර ශිල්පය ඇසුරෙන් චිත්‍ර නිර්මාණ රැසක් කිරීමට බීපී සමත්විය.

ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේහි ඔහු වෙනුවෙන් වෙන්කර ඇති සොහොන් ගෙය වෙනුවට නයිරි හි පිහිටි ශාන්ත පීතර සුසාන භූමියේදී තම අවසන් කටයුතු කිරීමට තීරණය කරන ලදී. 1941 ජනවාරි 8 දින සිදුවූ ඔහුගේ මරනය ලෝක ප්‍රවෘත්තියක් විය.සම්ප්‍රදායානුකූ හමුදා ගෞරව ආචාර සහිතව අවසන් කටයුතු සිදුකරනු ලැබීය .ඉන් වසර 35 කට පසුව ඔලෙව් ආර්‍යාවගේ ඉල්ලීම පරිදි ඇයගේ භෂ්මාවශේෂ තම ස්වාමියාගේ සොහොනෙහි තැන්පත් කරන ලදී.

අද ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මෙම සොහොන දැකබලාගන්නට වාර්ෂිකව 50,000 කට අධික සංචාරයන් පැමිනෙති. සංචාරක කර්මාන්තයේ ලෝක ප්‍රසිද්ධ සොහොන් බිමක් ලෙස හඳුන්වනු ලබන මෙය කෙන්යානු සංචාරක කර්මාන්තයට කදිම ආයෝජනයකි. 

වර්ෂ 1941 ජනවාරි 8 හෙවත් අද වැනි දිනෙක අප අතරින් සමුගත් ලෝක බාලදක්ෂ නායක වූ බේඩ්න් පවෙල් සාමිතුමාගේ 79 වන සංවත්සර මෙලෙස අන්තර් ජාලය ඔස්සේ සමරමු.

විශේෂ ස්තූතිය
KD
 

Tuesday, October 22, 2019

ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය JOTA/JOTI

ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරියට සහභාගිවීමට අපේක්ෂා කරන බාලදක්ෂයන් JOTA JOTI 2019 නිල වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වියයුතුය. ඔබත් නොමිලයේම ලෝක ජම්බෝරි අත්දැකීමක් විදීමට කැමති නම් දැන්ම https://www.jotajoti.info වෙත පැමිණ තොරතුරු ගවේෂණය කළහැකියි.

කෙතරම් දැනුවත් කිරීම් සිදුකලත් JOTA JOTI ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින්ගේ ආකර්ශනීය උනන්දුව ඇති බවත් දක්නට නැහැ. වාර්ෂිකව ලොව පුරා විසිරී සිටින සියලුම බාලදක්ෂයන් සහභාගීවන මෙවැනි පසුවෙන් සහභාගී විය හැකි ජාත්‍යන්තර වැඩ සටහන් සඳහා සියලු බාලදක්ෂ කණ්ඩායම් සහභාගී කිරීමේ වගකීම පැවරෙනුයේ ඔබගේම කණ්ඩායමට විනා අන් අයෙකුට නොවේ. ඉතින් අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම බාලදක්ෂ කණ්ඩායමකට JOTI ජම්බෝරියට සහභාගී විය හැකියි.

මෙවර බාලදක්ෂ, බාලදක්ෂ බාලිකා, මානවක, ගුවන් බාලදක්ෂ කණ්ඩායම් 21 ලියාපදිංචි වී සිටි අතර මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ අවිධිමත් ආකාරයෙන්ද බාලදක්ෂ, බාලදක්ෂිකා පිරිස් අන්තර්ජාල ජම්බොරියට සහභාගී වූහ.
1. 21st colombo
2. 25th Moratuwa Air Scout Group - Ratmalana
3. 4th Moratuwa Scout Group - St. Sebastian's College
4. 50th Colombo Scouts Sri Lanka - St.John's College
5. 60th Colombo - D.S.S.College
6. Air scout Sri Lanka
7. Amal International School
8. An-Nusar Open Scout Group, Kalmunai
9. Ethugalpura Pioneers District Girls Rover Crew
10. Ethugalpura Pioneers' District Rover Crew
11. Kurunegala Green Scouts
12. Hambantota District Scout Association
13. Joes of srilanka
14. Kamburawala scouts
15. Guwahati district rally - Kamrup district
16. Maliyadeva Adarsha Scout
17. Panadura ROYAL SCOUTS
18. Air Force Colombo
19. Horana Taxila Central College
20. Taxila Central College girl scout
21. Wayamba Royal Scout Group
සෑම වසරකම ජාත්‍යන්තර ජොටා ජොටී වැඩසටහනට රටවල් 170 කින් බාලදක්ෂයෝ මිලියන 2.5 ක් පමණ ලියාපදිංචි වෙති. වැඩිහිටි බාලදක්ෂයකුගේ උපදෙස් ලබා ගනිමින් ඔබත් තනි තනිවම හෝ සමූහයේ, කාණ්ඩයේ තොරතුරු නිවැරදිව ලබාදීමෙන් “ජොටා - ජොටී 2019" වැඩසටහනට පහසුවෙන් ලියාපදිංචි විය හැකියි.  එසේ ලියාපදිංචි වන සෑම බාලදක්ෂයකුටම ජොටා ජොටී සහතික පත්‍රයක් ද ලබා ගැනීමට පුළුවන්.

වීසා නොමැති ජාත්‍යන්තර ජම්බෝරිය

බාලදක්ෂයින් වැඩි දෙනකු මීට සහභාගි කරවීම සඳහා විජය බාලදක්ෂ කඳවුර වසර ගණනාවක සිට ගන්නා උත්සාහය අගය කළයුතුම වේ. ඒ සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගිය වසර 15 ක් තිස්සේ පවත්වා තිබේ.

JOTA JOTI පවත්වන්නේ කෙසේද ?

බාලදක්ෂයින් හට කිසිදු මුදල් ගෙවීමක් නොකොට නොමිලේම ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියට අත්දැකීමක් වසරක් පාසා ලබා ගත හැකි එකම අවස්ථාව මෙයයි. ජාත්‍යන්තර ගුවන් ජම්බෝරිය( JOTA) සඳහා මධ්‍යස්ථානයක් ඔබ විසින් ස්ථානගත කළ යුත්තේ ආධුනික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ශිල්පියකුගේ උපදෙස් මතය. අන්තර්ජාල ජම්බෝරිය සඳහා එසේ කිරීම අනවශ්‍යය. ස්කයිප්, ෆේස්බුක්, ඊමේල් පණිවිඩ හුවමාරුව මේ සඳහා යොදාගත හැකියි. ලෝක බාලදක්ෂ මූලස්ථානය මේ සඳහා ඉදිකරන රූපවාහිනී මධ්‍යස්ථානය සමග ද බාලදක්ෂ ඔබට සම්බන්ධ විය හැකියි. එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින බාලදක්ෂයින් සමග ද කථා කිරීමට පුළුවන්.

ජොටා උපන්නේ කවදාද? 

අන්තර්ජාලය පැමිණීමට පෙර මෝස් සංඥා සමගින් අදහස් හුවමාරැ කළ ජාත්‍යන්තර ගුවන් බාලදක්ෂ ජම්බෝරියට දිගු ඉතිහාසයක් ඇත. බාලදක්ෂ ව්‍යාපාරය ලෝකයට හඳුන්වා දී වසර 50 ක් ගත වීමේ සංවත්සරය යෙදී තිබුණු 1957 වර්ෂයේ දී “ජොටා" උපත ලැබීය. එයට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ ආධුනික ගුවන්විදුලි සම්ප්‍රේෂණ ශිල්පි ලෙස්ලි ආර්.මිචෙල් මහතායි. එතුමා ඒ වෙනුවෙන් “CQ Jamboree 50 Years Scouting" කෘතිය එළිදැක්වීය. එතුමා කළ මෙහෙවර වෙනුවෙන් 132 වෙනි ලෝකඩ වෘක සම්මානය පිරිනමමින් ලෝක බාලදක්ෂ මූලස්ථානයේ ඇගයීමට පාත්‍ර කෙරිණ. එතුමන් හඳුන්වා දුන් කෙටි නාමය වූවේ “G3BHK" යන්නය. ආධුනික ගුවන්විදුලි සම්ප්‍රේෂක සෑම ශිල්පියෙක්ම තමන් හඳුන්වන කෙටි නමක් යොදා ගැනීම අද දක්වාම සිදු කරයි. එය හඳුන්වනු ලබන්නේ “Call Sign" ලෙසින්ය.

ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය

මේ සන්නිවේදන ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට ඔබ කුතුහලයකින් පසු වනවා ඇත. මේ සඳහා ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය කළ හැකි හා ප්‍රතිග්‍රහණය කළ හැකි රේඩියෝ උපකරණයක්‌ තිබිය යුතු ය. අපට භාවිත කළ හැකි සංඛ්‍යාත පරාසයන් උච්ච සංඛ්‍යාත (High Frequency -HF)” ඉතා උච්ච සංඛ්‍යාත (Very High Frequency-VHF)) හා අති උච්ච සංඛ්‍යාත (Ultra High Frequency-UHF) යන සීමාවන්හි පවතී. උපකරණයේ අදාළ සම්ප්‍රේෂණ සංඛ්‍යාතය සැකසීමෙන් අනතුරුව එහි ඇති ඇමතුම් බොත්තම ක්‍රියාත්මක කර මෙහි දී භාවිත වන විශේෂිත ඇමතුම් සංඥා අනුසාරයෙන් ඇමතීම ආරම්භ කළ හැකි ය. එවිට එම සංඛ්‍යාතය ප්‍රතිග්‍රහණය කිරීමට සුසර කර ඇති උපකරණ ඔස්‌සේ මෙයට සවන් දීමට හා ප්‍රතිචාර දැක්‌වීමට පිළිවන. වඩාත් හොඳින් ක්‍රියාත්මක වීම සඳහා නිවැරැදිව සකසා ගත් ඇන්ටෙනා පද්ධතියක්‌ සම්බන්ධ කර තිබීම වැදගත් ය. මේ සඳහා ක්‍රියාත්මක ප්‍රතිවිකාශනාගාරයක්‌, යටියන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති ස්‌වාධීන රූපවාහිනි කුලුන මත සවි කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය 1982 පනත් අංක 17 දරන සමාගම් පනත යටතේ 1950 දී ස්‌ථාපිත ලාභ නො ලබන සංවිධානයකි. එහි සාමාජිකත්වය බලපත්‍රලාභී ආධුනික ගුවන් විදුලි ශිල්පීන් ගෙන් හා ඒ පිළිබඳ උනන්දුව දක්‌වන පුද්ගලයන් ගෙන් සමන්විත ය. මෙය අන්තර්ජාතික ආධුනික ගුවන් විදුලි සංගමයේ (IARU) සාමාජිකත්වය දරයි. තේමා පාඨය වන්නේ "අන් සැම බිඳ වැටුණු කල ආධුනික ගුවන් විදුලිය" යන අරුතැති ‘When all else fails Amateur radio' යන්නයි.

නවක සාමාජිකයන්ට අවශ්‍ය මඟපෙන්වීම, අත්දැකීම් මෙන්ම ප්‍රවීන ශිල්පීන් ගේ නොමඳ සහාය බලපත්‍ර ලබා ගැනීම සඳහාත්, ඉන් අනතුරුවත් නිරන්තරයෙන් ලබා දීමට ගුවන් විදුලි සංගමය සැදී පැහැදී සිටී. සංගමය මඟින් මාසික රැස්‌වීම්, විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම, දැනුම වඩවන නොයෙක්‌ ක්‍රියාකාරකම් හා ක්‌ෂේත්‍ර චාරිකා සංවිධානය කිරීම ද සිදු කරයි. අන්තර්ජාතික ප්‍රදීපාගාර සති අන්තයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය ද බේරුවල බාබේරියන් දිවයිනෙහි මනරම් පරිසරයක පිහිටා ඇති ප්‍රදීපාගාරයේ සිට වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එසේ ම අන්තර්ජාතික ගුවන් බාලදක්‌ෂ ජම්බෝරිය (JOTA - Jamboree On The Air) සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරන්නකි. මේ ජම්බෝරිය පැවැත්වීම සඳහා ආධුනික ගුවන් විදුලි ශිල්පීන් ගේ සහභාගීත්වය අනිවාර්ය වේ. ඊට අමතරව ඉල්ලීම් අනුව අවශ්‍ය ප්‍රදර්ශන කුටි හා අවශ්‍ය තාක්‌ෂණික දැනුම ලබා දීම සිදු කරයි.

බලපත්‍රලාභී ආධුනික ගුවන් විදුලි ශිල්පීන්

බලපත්‍රයක් සහිත පුද්ගලයකුට තම නිවසේ, මෝටර් රථයේ හෝ ජංගම ලෙස ගුවන් විදුලි පද්ධතියක්‌ පවත්වාගෙන යා හැකි ය. ලෝකය පුරා මිලියන 3කට අධික ශිල්පීන් පිරිසක්‌ අතරින් 300කට අධික පිරිසක්‌ ශ්‍රී ලාංකිකයෝ වෙති. බලපත්‍රයක්‌ ලබා ගැනීමට වයස අවුරුදු 14 සම්පූර්ණ කළ යුතු ය. බලපත් ලත් විට තමන්ට අවශ්‍ය උපකරණ, ඇන්ටෙනා ආදිය තමාට ම සකසාගත හැකි ය. අද අප භාවිත කරන බොහොමයක්‌ එවන් උපකරණ පෙර ප්‍රවීණයන් විසින් නිර්මාණය කරන ලද ඒවා ය. මේ විනෝදාංශයේ පරතෙරට ම යන්නන් චන්ද්‍රිකා නිපදවීම, සඳ වෙත ගුවන් විදුලි සංඥා මුදා හැරීම, අන්තර්ජාලය ඔස්‌සේ ගුවන් විදුලි පද්ධති ලොව වටා සම්බන්ධ කිරීමේ ආධුනික රූපවාහිනි ක්‍රම (එකිනෙකා ඇමතිය හැකි) අත්හදා බැලීම වැනි සංකීර්ණ පර්යේෂණයන්හි නිsරත වනු දැකිය හැකි ය. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය (International Space Station - ISS) තුළ ගමන් ගන්නා ආධුනික ගුවන් විදුලි ශිල්පීන් සමඟ පෘථිවියේ සිට පණිවිඩ හුවමාරු කර ගැනීමට ද බලපත්‍රලාභීන්ට අවකාශ සැලසේ. මේ යානය ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් ගන්නා විට අපට ඇමතීම් කළ හැකි ය. 

විදුලි සංදේශ හා නියාමන කොමිසම නිකුත් කරන බලපත්‍රයක් ලබා ගත යුතුය.ඒ සදහා වසරක් පාසා විභාග දෙපාර්තමේන්තුව විභාගයක් පවත්වයි. පසුගිය වසර පහළොවක් තුළ විජය බාලදක්ෂ කඳවුරේ මග පෙන්වීමෙන් බාලදක්ෂ ආධුනික ගුවන් විදුලි ශිල්පීන් පන්සියයක් විභාගය සඳහා ඉදිරිපත් කරන ලදී. ඒ අතරින් සමත් වූ බාලදක්ෂයෝ වර්තමානයේ ආධුනික ගුවන් විදුලි සම්ප්‍රේෂණ ශිල්පීන් බවට පත් ව සිටිති. 

ආධුනික ගුවන් විදුලි බලපත්‍රය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් පවත්වනු ලබන, ගුවන්විදුලි ශිල්පය හා ඉලෙක්‌ට්‍රොන විද්‍යාව පිළිබඳ කරුණු අඩංගු බහුවරණ ප්‍රශ්න පත්‍ර දෙකකින් යුතු සරල විභාගයට පෙනී සිට ඉන් සමත් වීම අනිවාර්ය වේ. අනතුරුව බලපත්‍රය ලබා ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉල්ලුම් කළ හැකි වන අතර එය ආරක්‌ෂක අමාත්‍යංශයේ ද අධීක්‌ෂණයට ලක්‌ ව නීතිමය හා ආරක්‌ෂක තත්ත්වයේ සදුසුකම් පරීක්‌ෂාවට ලක්‌ කිරීමෙන් අනතුරුව ඔබට බලපත්‍රය නිකුත් කරනු ලබයි. කාණ්‌ඩ 3ක්‌ යටතේ බලපත්‍ර ලබා දේ. 

නවක, සාමාන්‍ය හා උසස්‌ පන්තියයි. ඒ එක්‌ එක්‌ පන්තිය සඳහා අනුමත ගුවන් විදුලි සංඛ්‍යාත පරාස ඔස්‌සේ ක්‍රියා කිරීමට හා පර්යේෂණ කිරීමට බලය ඇත. වසරකට දෙවරක්‌ විභාගය පවත්වනු ලබන අතර එය රජයේ ගැසට්‌ පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. එක්‌ ප්‍රශ්න පත්‍රයක්‌ මඟින් විද්යුතය, ගුවන් විදුලි හා ඉලෙක්‌ට්‍රොන විද්‍යාව පිළිබඳ දැනුම උරගා බැලෙන අතර අනෙක්‌ ප්‍රශ්න පත්‍රය බලපත්‍ර කොන්දේසි, උපකරණ ක්‍රියා කරවීම හා හැසිරවීම සම්බන්ධයෙනි. මීට අමතරව උසස්‌ පන්තිය සඳහා මෝස්‌ සංඥා පරීක්‌ෂණයක්‌ ද පැවැත්වේ. බලපත්‍රයක්‌ ලබා ගත් පසු එකිනෙකාට ආවේණික ඇමතුම් සංඥාවක්‌ ලැබේ. එය ‘4S' නම් ශ්‍රී ලාංකිකයකුට අදාළ කොටසකින් ද, අදාළ පන්තිය හඳුනා ගැනීමේ කොටසකින් ද (5, 6 හෝ 7) තමා හඳුනාගැනීමට ඉංග්‍රීසි අක්‌ෂර 3ක්‌ නවක හා සාමාන්‍ය පන්තියටත් 2ක්‌ උසස්‌ පන්තියටත් ලෙස ද සැකසී ඇත. (උදා නවක පන්තිය - 4S5xxx, සාමාන්‍ය පන්තිය - 4S6xxx, උසස්‌ පන්තිය - 4S7xx)

ආධුනික ගුවන් විදුලි සංගමය සහ ජොටා - ජොටී

ආධුනික ගුවන්විදුලි ශිල්පය යනු බලපත්‍ර ලත් ශිල්පීන් දෙදෙනකු හෝ කිහිප දෙනෙකු අතර ගුවන් තරංග ඔස්‌සේ සන්නිවේදනය කළ හැකි අපූරු විනෝදාංශයකි. ගුවන් විදුලි උපකරණ සැකසීම, උපාංග එකලස්‌ කිරීම ආදී දේට ඇලුම් කරන, විනෝදාංශ කොටගත් ඔබට ලොව පුරා විසිරී සිටින එවන් බොහෝ මිතුරන් හා සබඳතා ගොඩනඟා ගත හැකි කදිම තෝතැන්නක්‌ ලෙස ආධුනික ගුවන් විදුලි ශිල්පය හඳුන්වා දිය හැකි ට. මෙහි දී හුදෙක්‌ විනෝදාස්‌වාදය ලැබීම පමණක්‌ ම නො ව ගංවතුර, භූමිකම්පා වැනි ජාතික ආපදාමය තත්ත්වයන්හි දී සන්නිවේදන කටයුතු සඳහා ද ගුවන් විදුලි ශිල්පීහු නිරන්තර ස්‌වේච්ඡා සේවය ලබා දෙති.

බොහෝ දෙනා විනෝදාංශයක්‌ ලෙස ගුවන් විදුලි ශිල්පය අරඹා පසුව ඒ ඔස්‌සේ යමින් ඉලෙක්‌ට්‍රොනික විද්‍යාව හා සන්නිවේදනය ආශ්‍රිත රැකියාවල නිරත වන අයුරු අපට දැකගත හැකි ය. ලොව පරසිදු ආධුනික ගුවන් විදුලි ශිල්පීන් අතර ස්‌පාඤ්ඤයේ ජුවාන් කාර්ලෝස්‌ රජු, මොරොක්‌කෝවේ මවුලි හසන් රජු, තායිලන්තයේ භූමිපෝල් අදුලයාදේඡ් රජු, නළු මාලන් බ්‍රැන්ඩෝ, ඉන්දියාවේ රජීව් ගාන්ධි හා ඉන්දිරා ගාන්ධි, නේපාලයේ බිරේන්ද්‍ර රජු, ජෝර්දානයේ හුසේන් රජු හා ගගනගාමී යූරි ගගාරින් ආදීහු ද වෙති.

අන්තර්ජාල බාලදක්ෂ කඳවුර

ආදි බාලදක්ෂ මහාචාර්ය ගිහාන් ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත අන්තර්ජාල බාලදක්ෂ ජම්බෝරිය ක්‍රමිකව බාලදක්ෂයින් අතර ප්‍රචලිත විය. ඉදිරි “ජොටා ජොටී" වැඩසටහන් සමග ඔබගේ බාලදක්ෂ කණ්ඩායම සහභාගීවීමට කැමති නම් JOTA JOTI SRI LANKA මුහුණු පොත හා එක්විය හැකියි.

දේශීය බාලදක්ෂ ගීත කලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් තැබෙන පළමු පියවර ලෙස මීට වසර කීපයකට පෙර මුහුණු පොතේ පටන් ගත්ත උත්සාහය Scouting Song Book - Sri Lanka තවත් පියවරක් තබමින් එම බාලදක්ෂ ගීත ජාත්‍යන්තරයට රැගෙනයාමට යූ ටියුබ් ඔස්සේ Scouting සඟරාවේ අපි පුංචි උත්සාහයක් ගත්තා. එසේ ආරම්භ කළ අන්තර්ජාල බාලදක්ෂ ගීත පොත ඩිජිටල් කඳවුරු ගිනිමැලය දක්වා අප විසින් වර්ධනය කරනු ලැබුවා.

ඩිජිටල් කඳවුරු ගිනිමැලය

ගුවන්විදුලි නාට්‍ය ආකෘතිය භාවිත කරමින් බාලදක්ෂ ගීත සහ බාලදක්ෂ රස කථා අන්තර්ජාලයට එකතු කිරීම විජය බාලදක්ෂ කඳවුරේ අදහසක් මත සිදු විය. එය නම් කර තිබුණේ ඩිජිටල් කඳවුරැ ගිනිමැලය යනුවෙනි. දිනෙන් දින අලුත්වන බාලදක්ෂ රසකථා ස්කවුටින් යූ ටියුබ් නාලිකාවෙන් දැන් ඔබට රසවිඳීමට පුළුවන. එයට සමගාමීව ආරම්භ කළ විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාලිකාව ඔස්සේ බාලදක්ෂ ඔබගේ නව පර්යේෂණ සහ අත්හදා බැලීම් රූපරාමු සහිතව අන්තර්ජාලයට එකතු කෙරේ. පර්යේෂණ විකාශයක් ලෙස ජාත්යන්තරය වෙත මෙවර දෙස් විදෙස් බාලදක්ෂ, බාලදක්ෂිකා ගීත අන්තර්ජාලව සිසාරා ගීතවත් කරමින් ඩිජිටල් කඳවුරු ගිනිමැලය අප මේවන විට දල්වා තබන්නෙමු. මීට අමතර ව සැමගේ පහසුව තකා off line  රේඩියෝවක් ද අප විසින් හඳුනවා දී තිබෙන්නෙමු.


-----------------------------------

ON-AIR 🔴 SCOUTING 📻

වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර හා අන්තර්ජාල ජම්බෝරිය මෙවර ද ලෝක බාලදක්‍ෂ සංගමය විසින් ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය වශයෙන් ලොව පුරා පවත්වනු ලැබේ. මෙවර 2019 ජොටා ජොටී ජම්බෝරිය වෙනුවෙන් තවත් පියවර කීපයක් ඉදිරියට පිය නැගීමට අප මෙවර අදිටන් කර ගත්තෙමු.

scouting Radio

Sound of Scouting 'බාලදක්ෂ හඬ'  බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ පුවත්, කඳවුරු කතාන්දර සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙන්ව තිබුණු ඉඩකඩ ගිලිහීයාමෙන් වසර ගණනාවකට පසු දීර්ඝ නිහැඬියාව බිඳිමින් අවදිවන අන්තර්ජාලයේ 'බාලදක්ෂ හඬ' රේඩියෝ විකාශය මෙතැන් සිට සෑම වර්ෂයකදීම JOTA JOTI ජම්බෝරිය සමග ක්‍රියාත්මක වීම සිදු කෙරේ.

බාලදක්ෂ රේඩියෝව! අන්තර්ජාලයේ මෙතෙක් දේශීය බාලදක්ෂයන් අත නොගැසූ නවමු මානයන් කරා SCOUTING සඟරාවේ අපි, නිඹඳව ඔබ රැගෙන ගිය බවට අපත් සමඟ එක්ව යන බාලදක්ෂ සහෘදයන් හොඳින් දන්නා කරුණකි.
SCOUTING WEB RADIO 
 
ඔබේ අදහස් අප හා බෙදා ගනු ඇතැයි බලා පෙරොත්තු වෙමු.ඔබේ විවේක කාලය අපේ බාලදක්ෂ වෙබ් අඩවියට බ්ලොග් අඩවිය කරා පැමිණ දිරි ගැන්වීමට කැමති නම්... එක්වන්න... මේ ඊට සුදුසුම හෝරාවයි... 

-----------------------------------

බාලදක්ෂ මාධය සහකරු වශයෙන් SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර, විජායි දමිල මාධ්‍ය බාලදක්ෂ කදවුර හා එක් ව මෙවර කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා ඔබ සැමට ආරාධනා කරමු.

ශී‍්‍ර ලංකා ආධුනික ගුවන් විදුලි සංගමයේ පූර්ණ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඇතුලූ ව රට පුරා ගුවන් විදුලි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා අන්තර්ජාල මෙහෙයුම් මධ්‍යස්ථානක් පවත්වා ගැනීමට කැමති ඕනෑ ම බාලදක්ෂ කණ්ඩායමකට අවස්ථාවක් ලබා දීමට ජාතික බාලදක්ෂ මූලස්ථානයේ අවධානය යොමු වී ඇත.  අවට සිටින සෙසු බාලදක්ෂ, බාලදක්ෂිකා කණ්ඩායම් සමග වඩාත් හොද සම්බන්ධතාවයක් සහිත සහයෝගයෙන් යුක්ත ව කටයුතු කළ හැකි ශක්තිමත් කණ්ඩායම් වශයෙන් හෝ දිසා මට්ටමින් කි‍්‍රයාත්මක විය හැකි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙහි, ගිනිමැල, සංගීත කණ්ඩායම්, ආදි විවධාකාරයේ කි‍්‍රයාකාරකම් සහිත ව ඔක්තෝම්බර් මසතෙවන සතියේ සති අන්තයේ යෙදන දිනයේ දවස පුරා සජීවී ලෙස පවත්වා ගෙනයෑමට හැකියාවක් ඇති සම්පත්දායකයින් හා සමූහයන් හැකි ඉක්මනින් මෙම මහගු අවස්තාවෙන් ප‍්‍රයෝජන ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු. 


 -----------------------------

වැඩි තොරතුරු සඳහා විමසන්න 

චමින්ද වාරියප්පෙරුම - (0774 52 62 62)
මූලස්ථාන කොමසාරිස්
ජාතික බාලදක්ෂ මූලස්ථානය
කොළඹ 02

 -----------------------------

 
58th JOTA~19th JOTI~7thJOTS~2015 

57th JOTA~18th JOTI~6thJOTS~2014

56th JOTA~17th JOTI~5thJOTS~2013

Wednesday, October 16, 2019

Rajan prowess in world scouting

Sri Lanka’s scouting chronicle is almost as old as the pioneering movement in England launched by Lord Baden Powell in 1907. The scout movement here was launched locally in 1912 by the British civil servant, F.G. Stevenson, at Christ King’s College, Matale. Next year Dharmaraja College, Kandy, established their troop under the stewardship of J.H. de Saram. "Since the troop in Matale did not function continuously, 1st Dharmaraja Troop is considered the oldest scout troop in Sri Lanka to have functioned continuously with an eventful history to claim," Former Deputy Chief Commissioner of Scouting, Shantha Madurawe reflected. 
 
Dharmaraja Scouts in front of Kandy District Scout Association, 1963

Rajan Scouts 1970 at Pedro

An illustrious Rajan scout himself, Madurawe had been bestowed with highest accolades including President’s Scout and Silver Lion. The founder of the Old Rajans Scout Association, the first ever such association in Sri Lanka, Madurawe has had the privilege of chairing all eight international scouts events held at Dharmaraja College from 1987 to this year’s Rajans International Scout Gathering of Centennial (RISGO 2013). Having held many a prestigious position at the Sri Lanka Scouting Association from 1978 to 2009, when he migrated to Australia, including International Commissioner, National Training Commissioner and Deputy Chief Commissioner, Madurawe’s scouting faculties have been honed by his international exposure at many international jamborees as well as his tenure at the Asia Pacific World Scout Organization.

We caught up with this affable old Rajan when he flew home to be part of his alma mater’s centenary scouting celebrations - RISGO 2013, to turn the pages of Dharmaraja College’s scouting chronicles which have truly lived the maxim ‘Be Prepared’ over a century.

 

RISGO-2013 

1 st kandy Dharmaraja Scout Group Organizes an international scout gathering “RISGO Centennial – 2013” is scheduled to be held from 18th to 22nd February 2013 at the Lakeview Park International Scout Centre, Kandy, Sri Lanka under the patronage of Chief Scout, His Excellency the President, of the Democratic Socialist Republic of Sri Lanka Mahinda Rajapaksa. Over 5,000 cubs scouts, girl scouts and guides representing all districts of the island and scouts representing more than 40 nations around the world.
Queen's scouts 1950's -L to R : C.V.Gunatileke, Baladasa, Lampson Weerasekara, ??, Appuhamy.Photo Credit Hector Senerath
"Dharmaraja’s contribution towards the national scouting movement is yeoman. Whenever one talks about Sri Lanka’s scouting, no one can omit the word ‘Dharmaraja’ from it. We Rajan scouts are proud of our Lakeview Park International Scout Centre which is the most scenic and the largest scout centre in the island," he says. Lakeview Park which expands to 54 acres was assigned to scouts in 1924 by the then Principal, the late P. de S. Kularatne. In 1984 the centre was renamed Lakeview Park International Scout Centre which is modeled on the famous Gilwell Park, London. Today Lakeview Park is an experience itself for any scout-local or foreign, visiting the premises. 
 
Patrol Leaders at Scout Head Quarters Kandy 1969/70 Standing left to right;Chandana de Mel(photo credit),Gunatunga,Rohitha Siriwardene,Dodaduwa,Kothalawala,Anil Ellepola.Seated left to right; Kosala Wickremesinghe, Sarath Kumarasinghe, Nanayakkara, Mr.I.W.N.Indatissa, Mr.Bandara Weerasekara, Bandula Ambanpola, Nambuga, Palith Ratnayake


Dharmaraja College has organized eight international scouting events to-date, all bearing testimony to the prowess of ‘Rajan scouting’. "As part of the centenary celebrations of the school, the first Dharmaraja centenary JIM was held in 1987 during the tenure of Principal A.P. Gunaratne, an occasion which was graced by President Jayewardene. RISGO jamboree which is just concluded marking 100 years of scouting at Dharmaraja College was another first by Rajan scouts, with participation from over 30 countries representing all six regions in the world - the largest ever scout jamboree to be held in Sri Lanka," Madurawe recalled.

 
Fashioned on the theme of ‘Towards Global Leadership’ RISGO proved to be a forum of unity and solidarity. Enabling over 6,000 scouts, guides and leaders to experience adventure including land and water activities and survival skills, RISGO also had cultural activities and entertainment thrown in for good measure. The tour organized for the foreign participants to see Sri Lanka’s development projects and historical sites was a signature feature of the RISGO. The jamboree was declared open by Asia Pacific Region Scout Director, Abdullah Rasheed.

King’s Flag held high

 
The first landmark of Rajan scouting dates back to 1917 when Dharmaraja scout troop won the ‘King’s Flag.’ This was traditionally awarded to the troop in any of the British colonies with the largest concentration of King’s Scouts. Rajan scouts secured the same in two more consecutive years – 1918 and 1919. "Rajan scouts have also made history by winning the Island Merit Flag as the best scout troop in the country on more than 20 occasions during this period and they are also the present holders of this award," Madurawe said. They also had the honour of providing a guard-of-honour when the Prince of Wales (later King Edward VIII) visited the island in 1922. The guard-of-honour which was drawn up on the platform of the Kandy Railway Station was personally inspected by His Royal Highness, making history as the first scout troop in the East to receive such recognition. 1st Kandy Dharmaraja Scouts also had the rare privilege of honouring the Father of Scouting- Lord Baden Powell, when he first visited Dharmaraja College in 1921 and in 1927. 

The picture is taken on the 22nd February, 1984 at the B. A. S. Wimalachandra Cabin opening ceremony at Lakeview Park International Scout Centre, Dharmaraja College, Kandy, Sri Lanka. From left (Standing): Mr. Mudunduwa, Mr. Gannoruwa, Mahinda Welamedage, Ananda Melpitiya, Pujitha Kapukotuwa, E. A. Jayasena, Deepthi Mahanama, Mr. Bandara Weerasekera, Mr. Saliya Rajakaruna, Rohitha Muthukudaarachchi, Nimal Jayawardena, G. H. Rathnayake, Mr. Sarath Mataraarachchi, Jayantha Rajakaruna, Anura Muwandeniya, Nimal Abeykoon, Mr. Nimal Godamunna, Udaya Iddawala, Anura Weihena and Tissa Jayatilleke. (Seating) from left: Mr. S. J. Munasinghe, Mr. B. A. S. Wimalachandra, Mr. C. M. P. Wanigatunga and Mr. A. P. Gunaratne (Principal). (Squatting) from left: Sarath Kumarasinghe and Ajith Jayasekara.

School boy Everest expedition

The Himalayan Expedition by a first ever Sri Lankan schoolboy team in 1985 was another feather in the cap of Dharmaraja’s unparallel scouting chronicle. Several such expeditions led from 1985 to 2008, by experienced mountaineer Ajith Jayasekera, another illustrious Rajan scout and the present warden of the Pedro Scouting Camp, Nuwara Eliya was another watershed in its history. "Scouts from Dharmaraja have also held many top positions in the national scout movement through the years. The founder of scouting at Dharmaraja and its first Group Scout Master, J.H de Saram, was the first Ceylonese Chief Commissioner of the Scout Movement. Hemapala Ratnasuriya, K.B. Alahakoon, S.L.B Kapukotuwa, Saliya Rajakaruna, Sarath Mataraarachchi are a few others among many Rajans who made a committed contribution to Sri Lanka’s scouting movement," asserted Madurawe.

Needs of the time

Madurawe who has served the Sri Lanka Scout Movement under nine Chief Commissioners finds his stint as the National Training Commissioner the most rewarding post he held. Identifying certain wants of the time, Madurawe said, "it is essential that the scouting movement receives more state support including that of the Ministry of the Education. Even the private sector can play a more active role in this regard. All leaders, especially those in charge of scout troops and cub packs should be more recognized for their voluntary contributions towards the development of the movement." Decentralizing the scouting movement among provincial and district administrators as opposed to centralizing them at a national level is also perceived as a contemporary need by Madurawe. He also encourages the formation of open scout troops at community level, without depending on schools alone.

"Scouting is a non political movement. Leaders occupying the highest seats of this movement should necessary be individuals equipped with knowledge and experience in scouting. The influence at regional as well as world level should also be minimized as far as decision-making at national level is concerned," observed Madurawe who emphasized on the importance of enhancing activities at district and provincial levels. His concluding words, "what is vital is not the increase in the number of scouts but enhancing the quality of scouting," seemed to be an endorsement of the truth of Baden Powell’s words - "Try to leave this world a little better than you found it and, when your turn comes to die, you can die happy in feeling that at any rate you have not wasted your time but have done your best."

By Randima Attygalle

----------------------------

SERTORA 2018

 
 
To celebrate the 105th anniversary of the ‘1st Kandy Dharmaraja Scout Group’, Dharmaraja scout group have organized a disaster management training program called ‘SERTORA 2018’ for scouts island wide for the first time in Sri Lanka. The program is to be held from 21st to 23rd of September at Lakeview Part international Scout Centre.

මහනුවර ධර්මරාජ විද්යාලයේ බාලදක්ෂ සමුහයට වසර 105ක් පිරිම නිමිත්තේ ශ්රී ලංකාවේ ප්රථම වරට බාලදක්ෂයින් වෙනුවෙන් සංවිධානය කරනු ලබන සර්ටෝර 2018 නම් වූ අපදා කළමනාකරණය පිළිබද විශේෂ පුහුණු වැඩසටහනක් 2018 සැප්තැම්බර් මස 21වන දින සිට 23වනදා දක්වා මහනුවර ධර්මරාජ විද්යාලීය ලේක්වීව් පාර්ක් ජාත්යන්තර බාලදක්ෂ මුලස්ථානයේදී පැවැත්වේ.
 
----------------------------

RISGO Centennial- 2013 International Scout Jamboree

 

February 18th, 19th and 20th is named as opening day cultural, community service and Cub Scouts Day and Girl Scouts, Girl Guides and International Day respectively, while February 21 st will be the leaders and Old Scouts Day and February 22nd is the Founder’s Day to commemorate 156th anniversary of Lord Baden Powell, the founder of the Scout Movement.  
 
----------------------
Rajans Old Scouts rewrite the history books..
 

MR. AJITH JAYASEKARA
He was a proud old Rajan scout also a reputed president’s scout. Was an Asst. District Commissioner who has won the wooden medal. Became the very first Sri Lankan who explored Himalaya, by reaching there in the year of 1982, without the assistance of any party, even the government.
Pioneered in bring forth the first Dharmaraja scout group who explored Himalaya, by accompanying a group of Dharmaraja scouts to Himalaya in 1985. Mr. Ajith Jayasekara was born in 24th of July 1957 and passed away in 25th of November 2015. By the end of life, he was the claimant of the record of the person who visited Himalaya in the most number of times.
This is a Monument Made in memorial of Late Mr. Ajith Jayasekara in Dukla Pass, Himalaya among other monuments of Everest climbers!

RAJANS ON EVEREST ' 14

The premier buddhist school in the hill capital, Dharmaraja college Kandy was started on 30th June 1887 with 12 students. When taking a look at the history of the college "Scouting movement" would take a prominent place along with many other huge and unforgettable landmarks.

Scouting at Dharmaraja was started in 1913 by De.Seram brothers under the patronage of the college principal at that time Mr.K.F.Billimoria as the 1st Kandy Dharmaraja scout group. The glory & the pride this scout troop has brought to the college & to the whole country over the last century is immeasurable & unmatchable.

Dharmaraja scouts are well known for "Himalaya Mountain Climbing" throughout the history of scouting. In 1985 Mr.Ajith Jayasekara & Mr.Sarath Matharaarachchi along with 7 other Rajans scouts reached this landmark as the 1st school in the country to achieve such a feet. After that 24 groups of scouts from Dharmaraja followed the footsteps of the pioneers and continued to dominate the Himalaya Climbing scenario in Sri Lanka up to now,2007 being the last time our scouts did so. We, a group of scouts from the troop number 06 of Dharmaraja College are hoping to rewrite the history books as the 25th scout group from the college to Climb Himalaya,while the main vision of this time's climb being, to celebrate the 127th anniversary of the college & the 100th anniversary of the college scout group.

We have the knowledge & the strength to achieve this uphill task & with proper training we can reach this target quite easily to strengthen the scout group further & to spread the Rajans name worldwide by creating history & help, keeping Dharmaraja name sky high forever & after.
 

Rajans Endeavour - Explore Himalaya 2016

The team  rewrite the history books as the 10th scout group from the college to Climb Himalaya, and has become the First team from Sri Lanka to reach an altitude beyond 6000m.
 

හිමාල ගවේෂණයේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන 1වන මහනුවර ධර්මරාජ බාලදක්ෂ සමුහය දිවයිනෙන් ප්‍රථම වරට හිමාල ගවේෂණය කරන ලද කණ්ඩායම බිහි කර තිබේ. ලංකාවේ වැඩිම වාර ගණනක් හිමාල ගවේෂණය කල බාලදක්ෂ සමුහය වන්නේ ද 1වන මහනුවර බාලදක්ෂ කණ්ඩායම යි. වර්ෂ 1985 දී නැසී ගිය ආදී ධර්මරාජික අජිත් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමක් ප්‍රථම වරට හිමාලය වෙත ගිය අතර එතැන් පටන් මේ දක්වා කණ්ඩායම් 9ක් ධර්මරාජයෙන් හිමාලය වෙත ගොස් තිබේ.
 
ශ්රී ලංකාවට සහ දම්රද මාතාවට අභිමානයක් එක් කරමින්, එදා ශ්රීලංකාවට හිමාල ගවේෂණය හදුන්වාදීමේ පුරෝගාමියා වූ අජිත් ජයසේකර මහතාගේ කාලයේ සිට මේ දක්වා හිමාල ගවේෂණයෙහි නිරතවූ දම්රද බාලදක්ෂයින් ගණන බොහෝය. එසේ 2019 වසරේ හිමාල ගවේෂණයෙහි යෙදුනු දම්රද ආදි බාලදක්ෂ ලක්මාල් මීගහපොල මහතා විසින් සිය යූටියුබ් ගිණුමෙහි පළමුවන මහනුවර ධර්මරාජ බාලදක්ෂ සමූහය පිලිබදව පළකර තිබුණා... 





 

Wednesday, September 25, 2019

Story of the Ceylon Girl Guides

Adjusting their blue ties, checking if the metallic pin is on straight before standing in formation to commence their weekly meetings, a Girl Guide company coming into session is a quietly ceremonial event. “Be prepared is our motto,” Chief Commissioner Sri Lanka Girl Guides (SLGG) Yasmin Raheem says, which was perhaps the thinking that led Jennie Claverly Green almost 100 years ago to introduce Guiding to the Girls High School in Kandy.

Girls’ High School Kandy was where the local story began in 1917 and the school is listed as the “1st Kandy” Company. Subsequently the movement made its way to Colombo, with Methodist College the first to welcome it, being listed as “1st Colombo”.

With some ten million girls and young women in 146 countries across the globe, the World Association of Girl Guides and Girl Scouts (WAGGS) is the largest voluntary movement dedicated to girls and young women in the world. “We are currently in the process of gathering information in the hope of publishing a book, tracing the 100 years of Guiding in this country,” the Chief Commissioner says. A year’s programme of commemorative events has been planned starting tomorrow at the Independence Square and winding up with a final celebration at Girls High School Kandy next year.

The ceremony at 4p.m. on Monday, March 21 to mark the beginning of SLGG’s centenary celebrations will see a gathering of Girl Guides and Little Friends at Colombo’s Independence Square. The Chief Guest will be Professor Savitri Goonesekere who has been actively engaged in bringing social injustice against women to the fore. SLGG will formally announce the centenary events taking place throughout this year at tomorrow’s event.

Meanwhile research is being carried out at the SLGG Headquarters opposite Colombo’s Public Library while preparations for the centenary celebrations get into full swing. Except for a portrait of Jennie Claverly Green which hangs at the entrance to SLGG’s hall, little else of her role in the school has been recorded. Her aspirations in setting up the 1st Kandy Company may have been lost to time, but with “approximately 4,000 women and girls” who are a part of the local Guiding community throughout the nine provinces, the seed she planted has blossomed into a strong and vibrant community across Sri Lanka. 

The first Sri Lankan 

Related image
1st Chief Commissioner Edna Alwis
“We work with the Ministry of Education,” Chief Commissioner Raheem says. From very early on, the state has recognised the value of what we do and schools have become the basis of each company. This is unique, she points out, since “abroad, for instance in England, the system is community-based.”

Changes to the universal way in which Girl Guides function owes partly to the organic nature of SLGG’s success so far. “We still go by the Guide Promise and 10 Laws” as the global community requires. Recognised as full members of the World Association of Girl Guides and Girl Scouts since 1951, there has however been much “localising” of the system to Sri Lanka.

An endemic flavour that came in as early as when we got independence was made stronger by former Chief Commissioner, Freny Jilla, Ms. Raheem says. “When I was in school, in the 50s, we didn’t have Little Friends, it was called Brownies.” Regimental practices were also localised and foreign elements “like the toadstool” were abandoned. “We’ve also changed the uniforms” which now include “lama-sari, shalwar and pavadai” versions.”

A major change took place in 1972, when the highest Guilding award “Queen’s Guide” (since the Queen of England was the patron of the movement) became “the President’s Guide” with Sri Lanka becoming a Republic.

A special needs unit is yet another subsequent addition to the Guiding Family in Sri Lanka. 
Image result for Jennie Claverly
Jennie Claverly
Current projects that the SLGG has taken up include fighting violence against women, which has been recognised as a growing plague. The Guides launched ‘Stop the Violence in 2013’, and continue to work together with the Danish Guiding Community in a project called “Women at Work, Children at School.” This project is a means of educating women to run small businesses and receive practical and financial training to do so, on the condition that their children are sent to school. “Life Long Learning” is yet another empowerment programme providing skills to women of the lowest income brackets in urban areas.

As early as 1975, members of the local Guiding community have made their mark in international fora. The 22nd World Conference in the UK was chaired by a Sri Lankan, Chief Commissioner Sita Rajasuriya, who was incidentally the first Asian to be given this honour. The tradition still continues as Sri Lankans have been on various international Guiding bodies. “We’re a small country, but our work has been recognised and respected globally,” says Chief Commissioner Raheem.
Special thanks for 
Vinusha Paulraj

Wednesday, September 18, 2019

24වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය - 2019

24වැනි ලෝකෙ බාලදක්ෂ ජම්බෝරිය සඳහා මේ වනවිට ඊට සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ කොටස් කීපයක් යටතේ එක්සත් ජනපදය බලා පිටත් ව යනු ලබන අතර ජූලි 21 දා අවසන් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යනු ලැබිණ.

නව ලෝකයක් සඳහා අඟුලු ඇරීම

2019 ලෝක බාලදක්ෂ ජම්බෝරිය ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාවේ සුන්ඳර කඳුකරයේ පිහිටි සමිට් බෙක්ටේල් බාලදක්ෂ රක්ෂිතයේදී ජූලි 22 සිට 2019 අගෝස්තු 2 දක්වා පැවැත්වේ.ජාතීන් හා ප්‍රදේශ 200 කට අධික බාලදක්ෂ සංඛාවක් නියෝජනය කරන ජාතික බාලදක්ෂ සංවිධාන 160 කට වැඩි ප්‍රමාණයක තරුණ තරුණියන් සමඟ මිත්‍රත්වය ,සහෝදරත්වය සහ ත්‍රාසජනකත්වය සපිරි නව අත්දැකීම් රැසක් විඳීමේ අවස්ථාව හිමි 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ තේමාව වන්නේ "නව ලෝකයක් සඳහා අඟුලු ඇරීමයි " (Unlock a New World) යන්නයි.

මෙවර ලෝකෙ ජම්බෝරිය සඳහා සත්කාරය දරනු ලබන්නේ ඇමරිකානු බාලදක්ෂ සංගමය හෙවත් BSA සංගමයයි.උතුරු ඇමරිකාවේ බටහිර වර්ජිනියාවේ බෙක්ටේල් ජාතික බාලදක්ෂ රක්ෂිතයේ පැවැත්වෙන මෙම ලෝක ජම්බෝරිය සඳහා ඇමරිකානු බාලදක්ෂ සංගමය සමඟ කැනේඩියානු බාලදක්ෂ සංගමය සහ මෙක්සිකානු බාලදක්ෂ සංගමය සත්කාරකත්වය උසුලයි .මෙය ලෝක ජම්බෝරියක් සඳහා සංවිධාන තුනක් විසින් සත්කාරය සැපයූ ප්‍රථම අවස්ථාව වන්නේය .

#ජම්බෝරි_භූමිය

අක්කර 14,000 කට අධික භූමි වපසරියකින් යුත් බෙක්ටේල් බාලදක්ෂ රක්ෂිතය ස්ටීවන් ඩී බෙක්ටේල් ගේ ධන පරිත්‍යාගය ඇතුළු පරිත්‍යාගයන් මඟින් ඇමරිකානු බාලදක්ෂ සංගමයට අත්පත් කරගැනීමට හැකිවූ සුවිශාලම කඳවුරු භූමියයි.

බටහිර වර්ජිනියාවේ ජෝර්ජ් ගඟට යාබදව පිහිටි බෙක්ටේල් බාලදක්ෂ රක්ෂිතය ඇමරිකානු බාලදක්ෂ සංගමයේ ස්ථිර කඳවුරු භූමිවලින් විශාලතම කඳවුරු භූමිය වේ.

ඇමරිකානු බාලදක්ෂ සංගමය තම ජාතික බාලදක්ෂ ජම්බෝරි සඳහා ස්ථිර භූමියක් කෙරෙහි අවධානය යොමුකළ අතර ඒ සඳහා ප්‍රාන්ත 28 ක ප්‍රදේශ 80 වැඩි ප්‍රමාණයක් සෝදිසි කලහ.අවසානයේ 2009 නොවැම්බරයේදී තම අභිප්‍රාය පරිදි අක්කර 10,600 ක භූමි ප්‍රමාණයකින් යුත් දේපළ අත්පත් කරගැනීමට නිවේදනය නිකුත් කරන ලදී .ඒ අනුව ජූනියර් ෆවුන්ඩේෂන් හි ස්ටීවන් .ඩී .බෙක්ටේල් ඒ සඳහා ඩොලර් මිලියන 50 පරිත්‍යාග කල අතර එය ඇමරිකානු බාලදක්ෂ සංගමය වෙත ඉතිහාසයේ ලද විශාලතම පරිත්‍යාගය විය .මේ අතර සුසෑන් සහ වෝල්ටර් ස්කොට් පදනමේ ඩොලර් මිලියන 25 සමඟ මුළු පරිත්‍යාග මුදල ඩොලර් මිලියන 100 දක්වා ලඟාකර ගැනීමට ඇමරිකානු බාලදක්ෂ සංගමයට හැකිවිණි .

2012 වසරේ දී ඇමරිකානු බාලදක්ෂ සංගමය විසින් විශ්‍රාමික නාවික උප අද්මිරාල් වරයෙකු වූ ජස්ටින් ඩෑන් මැකාති ,බෙික්ටේල් බාලදක්ෂ රක්ෂිත ක්‍රියාකාරිත්වයේ අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබීය .

බෙක්ටේල් බාලදක්ෂ රක්ෂිතය ප්‍රධාන ක්‍රියාකාරකම් තුනක් සිය මූලික ප්‍රතිපත්තිය ලෙස සලකා ක්‍රියාකරයි.1)"පෝල් ආර් ක්‍රිස්ටන් ජාතික උසස් වික්‍රමාන්විත කඳවුර " , 2) "ජේම්ස් සී ජස්ටින් ජාතික බාලදක්ෂ කඳවුරු භූමිය" සහ 3) " ජෝන් . ඩී.ටිකල් පුහුණු හා නායකත්ව මධ්‍යස්ථානය" යන්න මේ අංග තුනයි.දලවශයෙන් පුද්ගලයන් 80,000 ක ධාරිතාවකින් යුත් විශාල එලිමහන් පිටියක් වන (අංක 1)උසස් ව්ක්‍රමාන්විත කඳවුර දුනු ශිල්පය ,රයිෆල් වෙඩිපිටි,මවුන්ටන් පා පැදි ආවරණ , වියන් චාරිකා කඳු නැගීම් හා ඔරු පැදීම් ආදිය ඇතුලත්වේ. කඳවුරු කරුවන් 40,000 පමණ රැඳීසිටීමේ හැකියාවක් ඇති ජස්ටින් ජාතික කඳවුර (අංක 2 )උප කඳවුරු 6 කින් සමන්විතය .

2013 ඔක්තෝබර් 22 ඇරඹි ඇමරිකානු ජාතික බාලදක්ෂ ජම්බෝරිය දා බෙක්ටේල් බාලදක්ෂ රක්ෂිතය නිලවශයෙන් විවෘත කරන ලදී.

#KD ncsg