Translate

Wednesday, September 18, 2019

24වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය - 2019

24වැනි ලෝකෙ බාලදක්ෂ ජම්බෝරිය සඳහා මේ වනවිට ඊට සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ කොටස් කීපයක් යටතේ එක්සත් ජනපදය බලා පිටත් ව යනු ලබන අතර ජූලි 21 දා අවසන් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යනු ලැබිණ.

නව ලෝකයක් සඳහා අඟුලු ඇරීම

2019 ලෝක බාලදක්ෂ ජම්බෝරිය ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාවේ සුන්ඳර කඳුකරයේ පිහිටි සමිට් බෙක්ටේල් බාලදක්ෂ රක්ෂිතයේදී ජූලි 22 සිට 2019 අගෝස්තු 2 දක්වා පැවැත්වේ.ජාතීන් හා ප්‍රදේශ 200 කට අධික බාලදක්ෂ සංඛාවක් නියෝජනය කරන ජාතික බාලදක්ෂ සංවිධාන 160 කට වැඩි ප්‍රමාණයක තරුණ තරුණියන් සමඟ මිත්‍රත්වය ,සහෝදරත්වය සහ ත්‍රාසජනකත්වය සපිරි නව අත්දැකීම් රැසක් විඳීමේ අවස්ථාව හිමි 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ තේමාව වන්නේ "නව ලෝකයක් සඳහා අඟුලු ඇරීමයි " (Unlock a New World) යන්නයි.

මෙවර ලෝකෙ ජම්බෝරිය සඳහා සත්කාරය දරනු ලබන්නේ ඇමරිකානු බාලදක්ෂ සංගමය හෙවත් BSA සංගමයයි.උතුරු ඇමරිකාවේ බටහිර වර්ජිනියාවේ බෙක්ටේල් ජාතික බාලදක්ෂ රක්ෂිතයේ පැවැත්වෙන මෙම ලෝක ජම්බෝරිය සඳහා ඇමරිකානු බාලදක්ෂ සංගමය සමඟ කැනේඩියානු බාලදක්ෂ සංගමය සහ මෙක්සිකානු බාලදක්ෂ සංගමය සත්කාරකත්වය උසුලයි .මෙය ලෝක ජම්බෝරියක් සඳහා සංවිධාන තුනක් විසින් සත්කාරය සැපයූ ප්‍රථම අවස්ථාව වන්නේය .

#ජම්බෝරි_භූමිය

අක්කර 14,000 කට අධික භූමි වපසරියකින් යුත් බෙක්ටේල් බාලදක්ෂ රක්ෂිතය ස්ටීවන් ඩී බෙක්ටේල් ගේ ධන පරිත්‍යාගය ඇතුළු පරිත්‍යාගයන් මඟින් ඇමරිකානු බාලදක්ෂ සංගමයට අත්පත් කරගැනීමට හැකිවූ සුවිශාලම කඳවුරු භූමියයි.

බටහිර වර්ජිනියාවේ ජෝර්ජ් ගඟට යාබදව පිහිටි බෙක්ටේල් බාලදක්ෂ රක්ෂිතය ඇමරිකානු බාලදක්ෂ සංගමයේ ස්ථිර කඳවුරු භූමිවලින් විශාලතම කඳවුරු භූමිය වේ.

ඇමරිකානු බාලදක්ෂ සංගමය තම ජාතික බාලදක්ෂ ජම්බෝරි සඳහා ස්ථිර භූමියක් කෙරෙහි අවධානය යොමුකළ අතර ඒ සඳහා ප්‍රාන්ත 28 ක ප්‍රදේශ 80 වැඩි ප්‍රමාණයක් සෝදිසි කලහ.අවසානයේ 2009 නොවැම්බරයේදී තම අභිප්‍රාය පරිදි අක්කර 10,600 ක භූමි ප්‍රමාණයකින් යුත් දේපළ අත්පත් කරගැනීමට නිවේදනය නිකුත් කරන ලදී .ඒ අනුව ජූනියර් ෆවුන්ඩේෂන් හි ස්ටීවන් .ඩී .බෙක්ටේල් ඒ සඳහා ඩොලර් මිලියන 50 පරිත්‍යාග කල අතර එය ඇමරිකානු බාලදක්ෂ සංගමය වෙත ඉතිහාසයේ ලද විශාලතම පරිත්‍යාගය විය .මේ අතර සුසෑන් සහ වෝල්ටර් ස්කොට් පදනමේ ඩොලර් මිලියන 25 සමඟ මුළු පරිත්‍යාග මුදල ඩොලර් මිලියන 100 දක්වා ලඟාකර ගැනීමට ඇමරිකානු බාලදක්ෂ සංගමයට හැකිවිණි .

2012 වසරේ දී ඇමරිකානු බාලදක්ෂ සංගමය විසින් විශ්‍රාමික නාවික උප අද්මිරාල් වරයෙකු වූ ජස්ටින් ඩෑන් මැකාති ,බෙික්ටේල් බාලදක්ෂ රක්ෂිත ක්‍රියාකාරිත්වයේ අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබීය .

බෙක්ටේල් බාලදක්ෂ රක්ෂිතය ප්‍රධාන ක්‍රියාකාරකම් තුනක් සිය මූලික ප්‍රතිපත්තිය ලෙස සලකා ක්‍රියාකරයි.1)"පෝල් ආර් ක්‍රිස්ටන් ජාතික උසස් වික්‍රමාන්විත කඳවුර " , 2) "ජේම්ස් සී ජස්ටින් ජාතික බාලදක්ෂ කඳවුරු භූමිය" සහ 3) " ජෝන් . ඩී.ටිකල් පුහුණු හා නායකත්ව මධ්‍යස්ථානය" යන්න මේ අංග තුනයි.දලවශයෙන් පුද්ගලයන් 80,000 ක ධාරිතාවකින් යුත් විශාල එලිමහන් පිටියක් වන (අංක 1)උසස් ව්ක්‍රමාන්විත කඳවුර දුනු ශිල්පය ,රයිෆල් වෙඩිපිටි,මවුන්ටන් පා පැදි ආවරණ , වියන් චාරිකා කඳු නැගීම් හා ඔරු පැදීම් ආදිය ඇතුලත්වේ. කඳවුරු කරුවන් 40,000 පමණ රැඳීසිටීමේ හැකියාවක් ඇති ජස්ටින් ජාතික කඳවුර (අංක 2 )උප කඳවුරු 6 කින් සමන්විතය .

2013 ඔක්තෝබර් 22 ඇරඹි ඇමරිකානු ජාතික බාලදක්ෂ ජම්බෝරිය දා බෙක්ටේල් බාලදක්ෂ රක්ෂිතය නිලවශයෙන් විවෘත කරන ලදී.

#KD ncsg

No comments:

Post a Comment