Translate

Tuesday, July 25, 2017

බාලදක්ෂ ගැට පාඩම - ජීවිතාරක්ෂක ගැටය


දේශීය නාමය : ජීවිතආරක්ෂක ගැටය

වෙනත් නම් : නැත

මුල් නාමය : Bowline

ප්‍රභේධය : තොණ්ඩු (Loop)

කාර්යක්ෂමතාවය : 48%-58%

ඉතිහාසය : ඉතා ඈත අතීතයේ සිට භාවිතයට ගන්නට ඇතැයි විස්වාස කෙරෙන මෙය රාජකීය ගැටයක් ලෙස ද සැලකේ. වැඩි භාරයක් හා ජීවිත ආරක්ෂාව පිණිස ක්ෂණිකව යෙදිය හැකිවීමත් නාවික සංග්‍රහයේ මූලික ගැටයක් ලෙසත් මෙය හදුන්වනු ලැබේ. sail සහ bow යන වදනින් අරුත් ගැනෙන "taut bowline" ගැටයෙහි නාමය අනුව ද පැරණි භාවිතය පිළිබඳ නාවිකයන් හා පවතින සම්බන්ධයක් දැකිය හැකිය.



භාවිතය : ලණුවක ක්‍රියාකාරී අන්තය තම අත ඇති අවස්ථාවක ක්ෂණිකව හා පහසුවෙන් තොණ්ඩුවක් ගසා ගැනීමට අවශ්‍ය වූ විටක මෙය යොදා ගත හැකිය. රැඳවුම වඩාත් ස්ථීරව පවත්වා ගතහැකි වේ. ස්තීර තොණ්ඩුවක් ක්ෂණිකව යෙදීමට අවශ්‍ය වූ විට මෙය සුදුසුම ආකාරයේ ගැටයකි.


ප්‍රයෝජන : මෙම ගැටය බාලදක්ෂයන් විසින් ජිවිත ආරක්ෂක කටයුතුවල දී සහ හදිසි අවස්තාවලදී ඉහල ස්ථානයක රැදී සිටින අයෙකු පහලට ගැනීම සඳහා මෙම ගැටය යොදා සැකසූ තොන්ඩු භාවිතා කල හැකිය. ගසාගෙන යන ජල පහරකට හසුවූවෙකු බේරා ගැනීම සඳහා හෝ ළිඳක් වැනි ගැඹුරක වැටුණු අයෙකු ගොඩගැනීම සඳහාත් මෙවැනි තොණ්ඩුවක් යෙදූ කඹයක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. ජලයට වැටුණු නාවිකයන් බේරා ගැනීම සඳහා සැනෙකින් දියමතට විසිකල හැකි තොණ්ඩුවක් ලෙසද මෙය යොදා ගැනේ.

ගැටය යොදන ආකාරය :

Pictures of Eskimo Bowline 

වෙනත් ස්වරූප : වැඩි භාරයක් දැරීමට හා වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා පහත ඇති බොලයින් ගැට යොදනු ලැබේ. ඒ පිළිබද ඉදිරියේදී යාවත් කාලීන කෙරෙනු ඇත.



01. Left Handed Bowline

02. Round Turn Bowline

03. දෙපට ජීවිත ආරක්ෂක ගැටය Double bowline




04. ජල ජීවිත ආරක්ෂක ගැටය Water bowline


වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා මෙහි ඇති තොන්ඩුව තදකිරිමේ දී වැඩි ආරක්ෂාවක් ලබාදිමට අඩ ගැට දෙකක් යොදා තිබේ. මෙය ජිවිත ආරක්ෂක ගැටයේ වර්ධනිය අවස්ථාවකි. ලිස්සන සුලු කඹ හෝ ලණු තෙත්ව පවතින අවස්ථාවල දි භාවිතා කරන්නාට වැඩි ආරක්ෂාවක් ලබා දීම උදෙසා නාවිකයන් විසින් වැඩි වශයෙන් යොදා ගනු ලැබේ. 

05. Dutch Bowline

06. Eskimo Bowline



















07. Yosemite Bowline


08. ගොපලු ජිවිතාරක්ෂක ගැටය Cowboy bowline
09. ප්‍රංශ ජිවිතාරක්ෂක ගැටය French bowline
10. පරංගි ජිවිතාරක්ෂක ගැටය Portuguese bowline


ස්පාඤ්ඤ ජීවිතාරක්ෂක ගැටය අතිශයින් සමාන පරංගි ජිවිතාරක්ෂක ගැටයෙහි ද පුඩු දෙකකින් යුක්ත වන අතර ගැටය ආරම්භය හා අවසානය ජිවිත ආරක්ෂක ගැටයේ මෙන් වේ. පහසුවෙන් පුඩු ද්විත්වය සුසුර කළ හැකි අතර ඉහලට එසැවීමට තනි ලණු පොටක් තිබීම මෙහි ඇති දුර්වලතාවයකි. ඒ හේතුවෙන් මෙම ගැටය තරමක් අනාරක්ෂිත බවන් යුක්ත වේ. ස්පාඤ්ඤ ජීවිතාරක්ෂක ගැටය තරම් වැඩි බරක් එසැවීමට මෙම ගැටය යොදා ගත නොහැක.

11. Running bowline

 
12. ස්පාඤ්ඤ ජීවිතාරක්ෂක ගැටය  Spanish bowline
Image result for Spanish bowline  
ස්පාඤ්ඤ ජීවිතාරක්ෂක ගැටය යෙදීමෙන් රෝගියෙකු ඉහල සිට පහලට ප්‍රවාහනය කල හැකිය. එසේම මෙම ගැටය තරමක් සංකිර්ණ වුව ද ක්ෂණිකව යෙදිය හැකි බැවින් වඩාත් කාර්යක්ෂම ගැටයක් ලෙස ජනප්‍රිය ගැටයකි. පුඩු දෙක නිසිආකාරව තද නොවීම ඉහලට එසවෙන ලනුව අලල් නොගැනීමෙන් රෝගියා ලිස්සා ගොස් සමබරතාව ගිලිහී යාමට ඉඩ තිබේ. ගැටය යෙදීමෙන් පසු සෑදෙන පුඩු දෙක එසවීම සිදුකරන රොගියාගේ දෙකකුල් බහා ඉහලට එසවෙන ලණු දෙක අල්ලා සමබර බව ආරක්ෂා කල යුතුය. සිහිසුන් වූ රෝගියෙකු ප්‍රවාහනයේ දී ගිණිනිවන්නාගේ පුටු ගැටය භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වන අතර මෙම ගැටය සිහිය සහිත රොගීන් සඳහා කල යුතු වේ.

13. Bowline on the bight



13. Triple bowline




වැඩි විස්තර :

Monday, July 24, 2017

බාලදක්ෂ ගැට පාඩම - වටයක් පටලැවු වළලු දෙකේ ගැටය

Related image 

දේශීය නාමය : වටයක් පටලැවු වළලු දෙකේ ගැටය

වෙනත් නම් : බෝට්ටු ගැටය

මුල් නාමය : Round Turn And Two Half Hitches, Boating Knot,

ප්‍රභේධය : (Hitch)

කාර්යක්ෂමතාවය : 48%-58%

ඉතිහාසය : වසර දහස් ගණනක් වූ සමුද්‍ර දේශාටනය හේතුවෙන් දියුණුවට පත් වූ නාවික හා ධීවර කටයුතුවලදී භාවිතයට ගන්නට ඇතැයි සැලකේ.
සමරූපී වෙනත් ගැට : Two half-hitches, Clove hitch, Buntline hitch, Capstan Hitch, Towboat Hitch, Noose Knot,

භාවිතය : ලණුවක් ඉතා තදින් ඇද රඳවා ගැට ගසා ගැනිම සඳහා යොදනු ලබයි. ලණුවේ ක්‍රියාකාරී අන්තය පුඩුවක් හෝ මුදුවක් තුළින් එක්වටයක් යවා භාරය ගන්න ලනුව මත අඩගැටය දෙවරක් යොදා තද කරන්න. මෙම ගැටයෙහි ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන අතර පළමු අදියරෙහිදී වට රවුම යෙදීම (Round Turn) අවශතාව අනුව ද්විත්ව කර වුවද යෙදිය හැකිය. ගැටයෙහි අවසන් අදියරෙහි දී අඩ ගැට (Two or More Half Hitches) ද්විත්වයක් හෝ පෙළක් යෙදීම කළහැකිය. අඩගැට යෙදීමේදී සෑම විටම එකම අතට දිශාවට හා සමාන දුරින් යෙදීමෙන් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගතහැකිය. ක්‍රියාකාරී අන්තය ලනුවට තබා වෙලාගැනීමෙන් රැඳවුම වඩාත් ස්ථීරව පවත්වා ගතහැකි වේ.
 

ප්‍රයෝජන : මෙම ගැටය බාලදක්ෂයන් විසින් කාණ්ඩ කූඩාරම් ලණුව කූඤයට ඇද ගැට ගැසිම සඳහා බහුලව යොදනු ලැබේ. හැන්ඩි බිලි යෙදුමේදී ද ලණුව තදින් ඇද බැදීම සඳහා යොදාගත හැකිය. බොට්ටුවක් තොටපල දක්වා ඇද බැදතබා ගැනීම සඳහාත් මෙය යොදා ගත හැකිය. දැඩි සුළං පවතින හෝ ප්‍රමාණයෙන් විශාල බොට්ටුවක් රැඳවීමේදී වටරවුම් දෙකක් හා අඩගැට පෙළක් යෙදීමෙන් අතිරේක භාරයක් හා වැඩි පාලනයක් ලබා ගැනීම කළහැකි වේ.


Image result for Round Turn And Two Half Hitches 
 
වෙනත් ස්වරූප : යොදනු ලබන ලණුපටවල් ද්විත්ත්ව කිරීමෙන් වට දෙකක් පටලැවු වළලු ගැට (Double Round Turn and Two or More Half Hitches) නිර්මාණය කරනු ලැබේ. වැඩි කාර්යක්ෂමතාවයක් හා වැඩි ශක්තියක් ලබාගැනීම සඳහා  මෙය යොදාගැනීම සුදුසු වේ. එහිදී ගැටය ලිහා ගැනීමට වැඩි කාලයක් යෙදිය යුතුය.


ගැටය යොදන ආකාරය :
Related image
 
වැඩි විස්තර :
List of bend knots / List of knots /
List of knots /
Category:Knots 

Saturday, July 22, 2017

බාලදක්ෂ ගැට පාඩම - පිරිමි ගැටය


දේශීය නාමය : පිරිමි ගැටය

වෙනත් නම් : හතරැස් ගැටය, හර්කියුලිස් ගැටය, පාර්සල් ගැටය, බත්මුල් ගැටය

මුල් නාමය : (Reff Knot, Hercules knot, Square Knot, Double knot,)

ප්‍රභේධය : බැඳ තැබිම් කාණ්ඩයේ එක්කර ගැනීමේ හා වකයාකාර (Binding and Bend)

කාර්යක්ෂමතාවය : 45%-60%

ඉතිහාසය : වසර 4000ක් තරම් පැරණි ඉතිහාසයක් ඇති මෙම ගැටය පුරාණ ඊජිප්තු, ග්‍රීක සිතුවම් හා ආභරණ අතර දැකිය හැකි රාජකීය ගැටයක් ලෙස හැදින්විය හැකිය. පොළොන්නරු පරක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවෙහි ඉන වස්ත්‍රය ගැට ගසා ඇත්තේ ද මෙම ගැටය යොදමින් බව පැවසේ. 

සමරූපී වෙනත් ගැට : ගැහැණු ගැටය (Granny knot), හොර ගැටය (Thief knot), (Double Throw Knot), ගට ගැටය (Grief knot), ප්‍රථමාධාර ගැටය (Surgeon's knot), සපත්තු ලේස් ගැටය (Shoelace knot)

භාවිතය : ප්‍රමාණයෙන් හා විශ්කම්භයෙන් එකිනෙකට සමාන වූ ලණු හෝ කඹ දෙකක් එකිනෙකට යාකර ගැනිම සදහා සුදුසු පහසුම ගැටය වනුයේ මෙයයි. භාවිතා කරන ලණු සමාන නොවන විටක දී ගැටය ඇදිමට ලක් වුවහොත් ගැටය ලිහීයෑමට හෝ පටලැවීමට ඉඩප්‍රස්ථා තිබේ. ක්ෂණිකව ලිහාගැනීමේ හැකියාව ද මෙම ගැටය සතු විශේෂත්වයකි.

ප්‍රයෝජන : ප්‍රධාන වශයෙන් නාවිකයන් හා ගවේෂකයන් විසින් ලොවපුරා ශිෂ්ඨචාර වෙත ගෙන යන්නට ඇතැයි විස්වාස කළ හැකි මෙම ගැටය සරල හා කාර්යක්ෂම ගැටයකි. නාවිකයන් විසින් කඹයක අන්ත ද්විත්වය තදින් බැද තබා ගැනීම සදහාත් පහසුවෙන් ලෙහා ගැනීම සදහාත් යොදා ගත් අතර ඉපැරණි රෙදි විවීම් හා ගෙතීම් කලාවේදී බීරළු හා මැක්‍රම් සඳහා ද මෙම ගැටය බහුලව යොදා ගනු ලැබේ. රුවල් නැවේ රුවල් රඳවන හරස් ලීය හැදින්විමට Reef යන වදන හේතුවෙන් මෙම ගැටයට මෙම නම යෙදී ඇත. යාත්‍රා තට්ටුවේ ඇති භාණඩ ආදිය ආරක්ෂිතව බැද තැබිම හා අකුලා ඇති රුවල් හොදින් බැද තැබිමටත් කුණාටු අවස්ථාවලදී නැව් තට්ටුව මත සිටින නාවිකයන් සාගරයට ගසාගෙනයෑම වැළැක්ම සඳහා ද මෙම ගැටය භාවිත කර ඇත. ප්‍රථමාධාර කටයුතුවල දී කුඩා උරමාව හා මහ උරමාව යෙදීමේසී අවසානයට ගැට ගැසිම සදහා ප්‍රයෝජනයට ගනු ලැබේ. ලෝක බාලදක්ෂ පදක්කමෙහි ලොව සිටින සියලු බාලදක්ෂයන් අතර ඇති සහෝදරත්වයේ බැදීම පෙන්වීම සඳහා ද මෙම ගැටය යොදා ඇත.


Square Knot Capsizing
වෙනත් ස්වරූප : මෙයට අමතර ව පිරිමි ගැටයෙහි වෙනත් ස්වරූප කීපයක් පිළිබඳ SCOUTING සඟරාවෙහි පළමු කලාපයෙහි අප විසින් විස්තර කෙරුණු අතර ඔබගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට හා අවශ්‍ය ප්‍රයෝජනවත් අවස්තාවකදී එය භාවිත කළහැකිය.


ගැටය යොදන ආකාරය :



වැඩි විස්තර :





බාලදක්ෂ ගැට පාඩම - රුවල් ගැටය

Image result for Sheet Bend 
දේශීය නාමය : රුවල් ගැටය 

වෙනත් නම් :

මුල් නාමය : (Sheet Bend, Becket bend, Weaver's knot, Weaver's hitch)

ප්‍රභේධය : වකයාකාර (Bend)

කාර්යක්ෂමතාවය : 48%-58%

ඉතිහාසය : වසර දහස් ගණනක් වූ සමුද්‍ර දේශාටනය හේතුවෙන් දියුණුවට පත් වූ නාවික හා ධීවර කටයුතු හේතුවෙන් පුරාණ නාවික දැල් වියන්නන් විසින් සොයා ගන්නට ඇතැයි සැලකේ.

සමරූපී වෙනත් ගැට : ජීවිත ආරක්ෂක ගැටය (Bowline)
රුවල් ගැටයෙහි සමරූපී ගැටය වන ජීවිතආරක්ෂක ගැටයෙහි පුඬුව හරහා ලණුව ගමන් කරන ආකාරය වෙනස්වන බව ආධුනිකයන් සිහිතබා ගතයුතුව ඇත.

භාවිතය : එකිනෙකට වෙනස් වූ ප්‍රමාණයෙන් හා විශ්කම්භයන්ගෙන් යුතු ලිස්සන සුළු ලණු හෝ කඹ දෙකක් එකිනෙකට යාකර බැඳ ගැනිම සදහා. මෙහිදි ප්‍රමාණයෙන් විශාල ලණුව පුඬුව සෑදීම සඳහා යොදනු ලබයි.
Image result for Sheet Bend animated knots

ප්‍රයෝජන : මෙම ගැටය බහුලව නාවිකයන් විසින් ප්‍රයෝජනයට ගනු ලබන අතර අතීතයේදී දැල් රෙදි විවීමේදී හා ධීවර කර්මාන්තයේදී දැල් ආම්පන්න සැකසීම සදහාත් රුවල් බැදීම සදහාත් යොදා ගනු ලැබූහ. වර්තමානයේ දී බාලදක්ෂයන් කොඩිගසෙහි ධජ පුඩුව සම්බන්ධ කරන ස්තානයට යොදන ගැටය ලෙස වඩාත් ජනප්‍රිය ගැටය ලෙස රුවල් ගැටය සැලකේ.


වෙනත් ස්වරූප : යොදනු ලබන ලණුපටවල් ද්විත්ත්ව කිරීමෙන් දෙපට රුවල් ගැටය (Double Sheet Bend) නිර්මාණය කරනු ලැබේ. වැඩි කාර්යක්ෂමතාවයක් හා වැඩි ශක්තියක් ලබාගැනීම සඳහා දෙපට රුවල් ගැටය වඩාත් සුදුසු වේ.

ගැටය යොදන ආකාරය :

Related image
































ගැටය යොදන ආකාරය :

Pictures of Weaver 






වැඩි විස්තර :
List of bend knots / List of knots /
List of knots /
Category:Knots