Translate

Friday, February 16, 2024

10 වන ජාතික ජම්බෝරිය - ත්‍රිකුණාමලයේ නිවාඩු නිකේතන / සංචාරක බංගලා

ත්‍රිකුණාමලය යනු ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටි නගරයකි, එහි විශ්මය ජනක වෙරළ, පොහොසත් ඉතිහාසය සහ විවිධ වන සතුන් සඳහා ප්‍රසිද්ධය. ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය සහ සංස්කෘතික උරුමයන් අත්විඳීමට කැමති සංචාරකයින් සඳහා එය ජනප්‍රිය ගමනාන්තයකි. ත්‍රිකුණාමලයට පුරාණ කාලයේ සිටම දිවෙන දිගු හා ආකර්ෂණීය ඉතිහාසයක් ඇත. සියවස් ගණනාවක් පුරා, චෝල, පාණ්ඩ්‍ය සහ විජයනගර රාජධානි සහ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යටත් විජිත බලවතුන් වැනි විවිධ අධිරාජ්‍යයන් සහ රාජවංශ නගරය පාලනය කර ඇත. අද ත්‍රිකුණාමලය නරඹන්නන්ට විවිධ අත්දැකීම් ලබා දෙන ජවසම්පන්න සහ කාර්යබහුල නගරයකි. පෞරාණික පන්සල් සහ ඓතිහාසික බලකොටු ගවේෂණය කිරීමේ සිට සුන්දර වෙරළ තීරයන් සහ වනජීවී සෆාරිවල විවේක ගැනීම දක්වා ත්‍රිකුණාමලයේ සෑම කෙනෙකුටම යමක් තිබේ. 

ත්‍රිකුණාමලයේ අනෙකුත් සංස්කෘතික අංග අතර හින්දු දෙවි මුරුගන්ට ගෞරව කරන වෙල් උත්සවය සහ ශිව පාර්වතී සමඟ විවාහ වීම සමරන මහා ශිවරාත්‍රී උත්සවය ඇතුළත් වේ. කලාපයේ අනන්‍ය උරුමය ප්‍රදර්ශනය කරමින් සම්ප්‍රදායික නැටුම් සංදර්ශන සහ සංගීත ප්‍රසංග වැනි දේශීය සංස්කෘතික ප්‍රසංගවලට ද නරඹන්නන්ට සහභාගි විය හැකිය.

නවතින තැන් 
 
ත්රිකුණාමල මැතිවරණ සංචාරක නිවාසය
වෙන්කර ගැනීමට අවශ්‍ය දිනට සති තුනකට පෙර මැතිවරණ මහලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි විමසීමෙන් අනතුරුව අදාළ අයදුම්පතක් සම්පූර්ණ කොට ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවා, සංචාරක නිවාසය අදාළ අයට වෙන් කර ගත හැකිය. 

පිහිටීම - ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව තුළ

කාමර සංඛ්‍යාව – 03

කාමරයක සිටිය හැකි උපරිම සංඛ්‍යාව

කාමර අංක 01 (සාමාන්‍ය කාමරය) - 04

කාමර අංක 02 (විශාල කාමරය) - 08

කාමර අංක 03 (කුඩා කාමර) - 03

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්/ සේවකයන් සඳහා කුලිය (දිනකට) – රු. 5000.00

වෙනත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් / සේවකයන් – රු. 10,000.00

පරිපාලන නිලධාරීගේ දුරකථන අංක පහත පරිදි වේ. 011-2868441-3 (පොදු කාර්යාලය) - දිගුව 459 / 011-2074599 (රාජකාරි) සංචාරක නිවාසයක වෙන් කරවා ගැනීම සඳහා ඔබ විසින් මුුදල් ගෙවු ලදුපතේ ඡායා පිටපතක් ඇමුණුම I පරිදි වු අයදුම්පත සමඟ අමුණා ඉදිරිපත් කළයුතු අතර, එම අයදුම්පත ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ භාරදීමෙන් හෝ 011-2868450 ෆැක්ස් අංකයට යොමු කිරීම හෝ සිදුකළ හැකිය. ෆැක්ස් මඟින් යොමු කරන ලද අයදුම්පත පරිපාලන නිලධාරි වෙත ලද බව සනාථ කරගැනීම, ඔබ වෙත සංචාරක නිවාසය නියමිත දිනට වෙන් කරවා ගැනීමට පහසුවක් වනු ඇත. ඔබගේ අයදුම්පතට අනුව ඉල්ලුම් කරන දින / දිනයන් සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමට අනුමැතිය ලබාදීමේ ලිපියෙහි ඔබගේ පිටපත පරිපාලන නිලධාරී වෙතින් ලබා ගතයුතු අතර, එය සංචාරක නිවාසයේ භාරකරු වශයෙන් නම්කර ඇති නිලධාරියා වෙත ඉදිරිපත් කර අදාල දිනයන් සඳහා නවාතැන් පහසුකම් සලසා ගත හැතිය. 

සම්පුර්ණ නිවස, කොමිෂන් සභා කාර්ය මණ්ඩලය සඳහා සහ කොමිෂන් සභාවේ අවම වශයෙන් වර්ෂ 05ක් සේවයේ නියුතුව සිට රජයේ සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරී හා සේවක මහත්ම මහත්මීන් සඳහා වෙන් කරවා ගැනීමට එක් දිනකට රු.5,000.00 ක්ද, රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන්/ සේවකයන් සඳහා රු.10,000.00 ක්ද වශයෙන් විය යුතුය. එක් කාමරයක් භාවිත කරන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට/ සේවකයන්ට රු.2500.00ක්ද, රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන්/ සේවකයන් සඳහා රු.5000.00ක්ද වශයෙන් විය යුතුය. සියළුම කාමර වායුසමනය කර ඇත. ඇඳන්, කොට්ට, ඇඳ ඇතිරිලි, කොට්ට උර සහ ලිනන් රෙදි (Blanket) යනාදිය සපයනු ලැබේ. මේවා පිරිසිදු කිරීමේ ගාස්තු සංචාරක නිවාසයේ ගාස්තුවලට ඇතුළත් නොවේ. එබැවින් පිරිසිදු කිරීමේ ගාස්තු වශයෙන් පාවිච්චි කරන දෑ වෙනුවෙන් කාමරයක් සඳහා රු.500.00ක මුදලක් සංචාරක නිවස්නයේ භාරකරු වෙත ගෙවිය යුතුය. මෙම සංචාරක නිවාසයේ ලැගුම් ගන්නා නේවාසිකයන්ට ආහාර පාන සකසා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වු මුළුතැන්ගෙයි උපකරණ, ශීතකරණ, ගෑස් උදුන් ඇතුළු උපකරණ සියල්ල සපයනු ලබන අතර, ඒ සඳහා වන ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් එක් අවස්ථාවකට රු.500.00ක මුදලක්ද, දින ගණන දෙකකට වැඩි වන්නේ නම් අමතරව දිනකට රු. 200.00 බැගින් සංචාරක නිවස්නය භාරකරු වෙත ගෙවිය යුතුය.
 
තැපැල් නිවාඩු නිකේතනය
Trinco town eke තියන ත්රිකුණාමලය තැපැල් නිවාඩු නිකේතනය කලින් book කරන් යන්න. ත්රිකුණාමලය දුම්රිය ස්ථානයේ සිට 2.2km ක දුරකින් තැපැල් දෙපාර්තමේන්තු සංචාරක බංගලාව පිහිටා ඇති අතර A හා B වශයෙන් නිකේතන 2ක් පිහිටා ඇත. A සංචාරක බංගලාව වායු සමනය කරන ලද කාමර 4කින් සමන්විත වන අතර වැඩිහිටි පුද්ගලයන් 12දෙනෙකු සදහා නවාතැන් පහසුකම් සළසා ගත හැකි අතර තැපැල් දෙපාර්තමේන්තු නිළදාරීයෙකු විසින් වෙන් කරනු ලැබීමකදී රුපියල් 3000ක මුදලක් හා සේවා ගස්තු වශයෙන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 150ක මුදලක් අය කරනු ලැබේ...වෙනත් බාහිර පුද්ගලයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමක දී රුපියල් 8000ක මුදලක් හා සේවා ගාස්තු වශයෙන් 1ක් පුද්ගලයෙකුගෙන් රුපියල් 150ක මුදලක් අය කරනු ලැබේ. B සංචාරක නිකේතනය ශාලාවකින් යුක්ත වන අතර එහි පුද්ගලයන් 25 දෙනෙකු සදහා නවාතැන් පහසුකම් සපයාගත හැකි අතර මෙට්ට (ඇකිලිය හැකි) සපයනු ලැබේ..මෙම ශාලාව වෙන් කිරීමක දී තැපැල් දෙපාර්තමේන්තු නිළදාරියෙකුගෙන් රුපියල් 4000ක් හා සේවා ගාස්තු වශයෙන් 1ක් පුද්ගලයෙකුගෙන් රුපියල් 50ක මුදලක් අය කරනු ලැබේ. වෙනත් පුද්ගලයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමක දී රුපියල් 8000ක් සහ සේවා ගාස්තු වශයෙන් රුපියල් 300ක් අය කරනු ලැබේ. මෙම සංචාරක නිවස්නයේ නවාතැන් ගනු ලබන අයවලුන් සදහා අහාර පිලියෙල කර ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා ගෑස් බංගලා භාරකරු පිසින් සපයා දෙනු ලැබේ. දිවයිනේ පිහිටි ඕනෑම තැපැල් කාර්‍යාලයක් මගින් මෙම සංචාරක බංගලා වෙන් කරවා ගැනීම සිදු කළ හැක.

වැඩි විස්තර
බංගලා භාරකරු - 026 2222250
සංචාරක නිකේතනය පිහිටා ඇති ස්ථානය
Tricomalee Postal Holiday Home
Inner Harbour Rd, Trincomalee 31000
0262 222 250
 
ගෝකණ්න නිවාඩු නිකේතනය
Trinco නිවාඩු නිකේතනය ➡️ 026-2222250
එතන නම් සුපිරියටම තියෙනවා.. clean & friendly
 
කොකෝ විලා සංචාරක බංගලාව
ත්‍රිකුණාමලය නිලාවැලි වෙරළ ආසන්නයේ දර්ශනීය ස්ථානයක පිහිටා ඇති පොල් වගාකිරීමේ මණ්ඩලයේ 10 වන Cocco villa කොකෝ විලා සංචාරක බංගලාව සියලු නවීන පහසුකම් වලින් සමන්විත මෙම සංචාරක නිකේතනය දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා වඩා සාධාරණ මිලගණන් යටතේ ලබාගත හැකිය. වායුසමනය කළ කාමර හතරක් 3000 /- x 4 =12000 පහසුකම් ඉතා හොඳ ,හොඳින් නඩත්තු කරනු ලබන සංචාරක බංගලාවකි. නිලාවෙලි වෙරළ ආසන්නයේ පවතින ඉතා දැකුම්කළු වටපිටාවකින් යුක්ත වේ.

ස්වදේශ කටයුතු රාජ්ය අමාත්යාංශය යටතේ ඇති සංචාරක බංගලාව
 
විවිධ ප්රදේශයන් මුල් කරගෙන බංගලා 35ක් පමණ මෙයාලගෙ තියෙනවා. ගොඩක්ම අඩුම අඩු මිල ගනන් තමයි තියෙන්නේ. බජට් එකට ට්රිප් යන අයටනම් වටිනවා. ඔයාලට ඕනම තැනින් එකක් බලලා Book කරගන්න තමයි තියෙන්නේ. ස්වදේශ කටයුතු අමාත්යංශයේ සංචාරක බංගලාව - නව ත්රිකුණාමලය නගරයට 2.5km පමණ දුරකින් මෙන්ම වෙරළට ඉතා අසාන්නව පිහිටා තිබේ. මෙම සංචාරක නිවාඩු නිකේතනය සම්පූර්ණයෙන්ම වායු සමනය කරන ලද කාමර 6කින් යුක්ත වන අතර එක් කාමරය වැඩිහිටියන් 2කු බැගින් සම්පුර්ණ කාමර 6 සදහා වැඩිහිටි පුද්ගලයන් 12කු සදහා නවාතැන් පහසුකම් පවතී.තව ද එක් එක් කාමර සදහා නාන කාමර වෙන් වෙන් වශයෙන් සකසා ඇත. මෙහි එක් දිනක් ගත කිරීම සදහා එක් කාමරයක් රාජ්‍ය සේවකයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමකදී රුපියල් 900ක මුදලක් අය කර ගනු ලබන අතර කාමර 6ම වෙන් කිරීමකදී රුපියල් 5400ක මුදලක් අය කරනු ලබයි. එමෙන්ම අර්ධ ‍රාජ්‍ය් සේවකයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමකදී එක් කාමරයක් සදහා රුපියල් 1350ක මුදලක් අය කර ගනු ලබන අතර කාමර 6 සදහා රුපියල් 8100ක මුදලක් අය කරනු ලැබේ. තවද මෙහි සියලු කාමර සම්පූර්ණයෙන්ම වායු සමනය කර ඇති අතර රුපවාහිනී හා අනෙකුත් පහසුකම් වලින් යුක්ත වේ.

මෙම සංචාරක බංගලාව වෙන් කර ගැනීම සදහා නාරාහේන්පිට පිහිටි "නිළ මැදුර"වෙත හෝ ලගම පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයක් වෙත යා යුතු වේ. සංචාරක බංගලා වෙන් කර ගැනීම සඳහා වෙබ් අඩවියේ ඇති අයදුම්පත්‍රය නිසි පරිදි පුරවා, ආසන්නතම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, "නිල මැදුර", ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 (14 වෙනි මහල ) වෙත පැමිණ භාර දෙන්න. මේ පිලිබද වැඩි විස්තර සදහා අමතන්න - 0112 050 332 වැඩි විස්තර සදහා වෙබ් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පරීක්ශා කරන්න. (moha,gov,lk)
 

මිනින්දෝරු දෙපාර්තමේන්තු සංචාරක බංගලාව
 
ත්රිකුණාමලයේ මින්දෝරු දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලා 2ක් පිහිටා ඇති අතර නිලාවැලි වෙරල තීරයේ සිට 12km දුරකින් සුන්දර කුච්චවේලී වෙරළ තීරයට හා විදෙස් සංචාරකයන් අතර ප්රසිද්ධ තරු පන්ති 5හේ jungle beach by Uga Escape. සංචාරක හෝටලයට ආසන්නයේ මෙම සංචාරක බංගලා පිහිටා තිබේ. මෙම සංචාරක බංගලා වායු සමනය කරන ලද කාමර වලින් සමන්විත වන අතර 1ක් සංචාරක බංගලාවක් තුළ වැඩිහිටි පුද්ගලයන් 5 දෙනෙකු බැගින් බංගලා 2හි වැඩිහිටි පුද්ගලයන් 10 දෙනෙකු සදහා නවාතැන් පහසුකම් සළසා ගත හැක. මෙම 1ක් සංචාරක බංගලාවක් වෙන් කර ගැනීම සදහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නොවන වෙනත් දෙපාර්තමේන්තු නිළදාරීයෙකු විසින් කරනු ලබන වෙන් කිරීමක දී රුපියල් 3000ක මුදලක් සහ 8%ක වැට් බද්දක් අය කරනු ලැබේ.
මෙම සංචාරක බංගලාව වෙන් කරවා ගැනීමට අවම දින 21ට පෙර හෝ පහත සදහන් අයදුම්පත පුරවා අමාත්යංශයේ හෝ දෙපාර්තමේන්තු ප්රදානියෙකුගේ නිර්දේශය සහිතව ඇති අයදුම්පත මිනින්දෝරු දෙපාර්තමේන්තුවට FAX කිරීමෙන් හෝ නාරාහෙන්පිට මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලබා දීමෙන් අනතුරුව ඔබ වෙන් කරන ලද දිනට දින 14කට පෙර ඔබගේ වෙන් කිරීම පිළිබදව මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනු ලැබේ. ඉන් පසුව ඔබට ගෙවීම් සිදු කළ හැක.
 
වැඩි විස්තර
මින්න්දෝරු දෙපාර්තමේන්තුව - 011 2369011 / සංචාරක බංගලා භාරකරු - 026 2228470 (නුවන් මහතා)
 
අයදුම්පත භාගත කර ගනීම සදහා
 
මෙම සංචාරක බංගලා පිහිටා ඇති ස්ථානය
Survey Department Circuit Bungalow Kuchchaveli
0112 588 038

දුම්රිය විවේක ගැනීමේ කාමර

පහත දුම්රිය ස්ථානවල විවේක කාමර ඇත.  මහනුවර, පොළොන්නරුව, මඩකලපුව, අනුරාධපුර, මිහින්තලය, ත්‍රිකුණාමලය, ගාල්ල සහ යාපනය. වෙන් කිරීම් හා ගෙවීම් පිටුවේ මිල ගණන් දක්වා ඇත. ඔබට පහත දක්වා ඇති ක්‍රියා පිළිවෙත අනුගමනය කළ හැකිය. ඕනෑම දිනයක පැය 00.00 සිට 24.00 අතර විවේක කාමර ඇති දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපති අමතන්න. සේවාව ලබාගැනීමේදී ඔබ ඔබේ ජාතික හැඳුනුම්පත දුම්රිය ස්ථානාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වේ. වායු සමනය කරන ලද කාමර 01 - 2500.00 වායු සමනය Nokala  කාමර 04 - 1000.00 නවාතැන් පහසුකම් සළසා ගත හැක. 


CEB circuit bungalow 

නිවාස සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලාව
නිවාස සංවර්ධන අධිකාරියේ නිවාඩු නිකේතනය ගොඩක් හොදයි.වෙන්කරගන්න ක් පහසුයි. දුම්රිය ස්ථානයට tuk රු 300 දුර,  කෝනේශ්වරම් tuk රු 300දුර සමන් මහතා හරිම හොදයි. කෑමත් හදලා දෙනවා. පොඩි මුදලකට Non A/C room 2300. 1කාමරයක් වෙන් කලොත් පොඩි අපහසුවක් වෙනවා කාමර දෙකකටම 1 bath room ඒකයි තියෙන්නේ. අපි 2ක්ම ගත්ත නිසා ෂේප්
 
Sunshine Hotel
026-2220288 මෙතන Budget Rooms තියෙනවා. (මේ දෙකම තියෙන්නේ Trinco town eke නිසා කෑම කඩ වගේම , Fedrick කොටුවට , station එකට ළගයි) නිවාඩු නිකේතනයේ මුරලි අයියා එක්ක කතා කරාම ත්රිකුණාමල ඉතිහාසේ ඉදන් වර්තමාන තත්වය ගැනත් හොද Idea එකක් ගන්න පුලුවන්.
 

No comments:

Post a Comment