Translate

Thursday, February 29, 2024

බාලදක්ෂිකාවෝ පළමු වරට ජාතික බාලදක්ෂ ජම්බෝරියක කඳවුරු බඳිති

ලෝක බාලදක්ෂ සංගමය විසින් පිළිගත් රටවල් 174ක් පුරා ව්‍යාප්තිය ඇති, දරුවන් ලක්ෂ 570ක සාමාජිකත්වයක් ඇති ලෝකයේ වැඩිම දරුවන් පිරිසක් එක්ව සිටින ළමා ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය වන අතර ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක එකම බාලදක්ෂ සංගමය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය බවත් ලොවටම කියාපාමින් මෙවර 10වැනි ජාතික ජම්බෝරිය අති උත්කර්ෂවත් ලෙස ත්‍රිකුණාමලයේදී පැවැත්විය. 2020 වර්ෂයේ 10වන බාලදක්ෂ ජම්බරිය පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදු වු වූ බැවින් මෙවර ජම්බරිය පවත්වන්නේ වසර 06කට පසුවයි. මේ හේතුව නිසා මෙවර ජාතික ජම්බොරියට සහභාගීවූ බොහෝ බාලදක්ෂයන්ගේ මෙය පළමු ජාතික ජම්බෝරි අත්දැකීම වූ බව නිසැකයි.


‘‘වෙනසක් සඳහා නායකත්වය‘‘ යන තේමාව කරගනිමින් පැවැත් වෙන මෙම ජම්බෝරිය 20 වැනිදා සිට 26 වැනි දක්වා පැවැත්වෙන අතර මේ සඳහා බාලදක්ෂ දිස්ත්‍රික් 37 නියෝජනය කරමින් බාලදක්ෂ බාලක, බාලිකාවන් සහ බාලදක්ෂ නායකයන් 12000ක් පමණ විදෙස් බාලදක්ෂයන් හා නායකයන් 500කට ආසන්න සංඛ්‍යාවක් සහ පෝතක බාලදක්ෂයන් 8000කට ආසන් සංඛ්‍යාවක් දිනයන් පුරා ජාතික ජම්බෝරියේ කඳවුරු බඳිනු ලැබූහ. අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය ,බංගලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්  විය.


ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් 2024.02.21 පෙරවරු 10.00ට කෝනේෂ්වරා හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී විවෘත කරනු ලැබූ අතර එතැන් සිට සවස 2.00 න් පසු සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කරනු ලැබිණ.

10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනපති අතින් විවෘත වේ

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජාති, ආගම් පදනමින් කිසිවෙකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කර ගත හැකි බවද කියා සිටියේය. රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුහග්‍රහය ලබා දෙන බව මෙහිදී පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

“දස වැනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගි වී සිටිනවා. අද ඔබ මීට සහභාගි වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි. අද ඔබ මෙතැනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයකු ලෙසයි. අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ.

මෙතැනට පැමිණි සියලු දෙනාටම පළමුව මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලු දෙනාගේ මේ සාමූහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනැඟෙනවා; ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා. ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වනවා.

“බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහි වන්නේ මේ රටට අවශ්‍ය යහපත් පුරවැසියන් පිරිසක්. ප්‍රධාන බාලදක්ෂයා ලෙස මම මේ වගකීම භාර ගත් අවස්ථාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගෙන් විමසා සිටියා මෙහි සාමාජිකත්වය ලක්ෂ දෙක දක්වා ඉහළ නංවාගැනීමට අපට හැකියාවක් තිබෙනවාද කියා. එය කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා. එබැවින් සියලු දෙනා එක්ව මේ බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේදී ඒ සාමාජිකත්වය දෙලක්ෂ පනස්දහස දක්වා ඉහළ නංවාගත හැකියි. මේ සඳහා ගැටලුවක්ව පැවතියේ සම්පත් ප්‍රමාණවත් නොවීමයි. බාලදක්ෂ ව්‍යාපාරය ලක්ෂ දෙකක ඉලක්කය සම්පූර්ණ කළ විට ඒ වැඩකටයුතු සඳහා මීට වඩා මුදලක් දීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමට කැමැතියි. එහෙත් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.

ඒ වගේම මෙවැනි ව්‍යාපාර මඟින් නව දැනුම හා නව තාක්ෂණය සැලසිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය සැපයිය හැකියි. නව දැනුම ගෙනදෙන මාර්ගයක් ලෙසත් මේ බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට මා බලාපොරොත්තු වනවා.


“කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මේ බාලදක්ෂ ව්‍යාපාරය සමඟ එක් කිරීමට අපේ සහාය දෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වනවා.

“බාලදක්ෂයන් පමණක් නොවෙයි, අනෙක් සියලු දෙනාටත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමට තිබෙනවා. එය අප සියලු දෙනා ඉටු කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. දේශපාලනයේ සිටින අය එය ඉටු කරනවාද කියන එක ගැටලුවක්. මීට වසර දෙකකට පෙර අප සියලු දෙනාම දුක් වින්දා: විදුලි බලය තිබුණේ නැහැ; ඉන්ධන තිබුණේ නැහැ; ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ; තුන් වේලට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඉතා අසීරු යුගයක් අප පසු කළේ. අපේ රට බංකොළොත් වුණා. එහෙත් දැන් ක්‍රමානුකූලව ඒ බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටිනවා. ජනතාවට අප යම් සහන දුන් නමුත්, තවත් අසීරුකම් තිබෙනවා. ඒත් රට ජයග්‍රහණය කරවීමට නම් අප මේ මාවතේ ඉදිරියට යා යුතුයි. රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමෙන් පසු අප සියලු දෙනාගේ ඊළඟ යුතුකම වන්නේ මීට වඩා හොඳ රටක් මතු පරපුර වෙනුවෙන් ගොඩනඟා දීමයි. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස රට ගොඩනැගිය යුතුයි. දේශපාලනඥයන් තවම ඒ සඳහා සුදානම්ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

“අපි සියලුදෙනා එකතුව මේ ගමන යමුයි කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. අප සියලු දෙනා එකතු වුව හොත් තවත් වසර 10ක් 15ක් යන විට හොඳ රටක් බිහි කරගත හැකියි. එය මේ රට අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළ යුතු යුතුකම ලෙස මම ප්‍රකාශ කිරීමට කැමතියි. ජාතික බාලදක්ෂ ජම්බෝරියට මම නැවතත් මගේ සුබපැතුම් පිරිනමනවා.”

  

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කරලේන්සුව සහ පදක්කම පැලඳවීම ද සිදු කෙරිණි. ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාප ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි. 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක්වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතා බහක ද නිරත විය.

ශ්‍රී ලංකා බාලදක්ෂිකාවෝ ප්‍රථමවරවට 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය කඳවුරු බඳිනු ලැබූ අතර එ ඓතිහාසික සිදුවීමක් වේ.

 

මෙවර ජම්බෝරිය උප කඳවුරු මඟින්

සමාරම්භක උත්සවයෙන් පසු ජම්බොරි ප්‍රදර්ශනය – පස්වරු 05.00 ට, (22) වැනිදා- බී පී දිනය – පස්වරු 06.00 ට, (22)-(24)- පෝතක දින – පෙරවරු 10.00 ට, (23) – සංස්කෘතික දිනය – පෙරවරු 10.00 ට, (24)- ජාත්‍යන්තර සංස්කෘතික දිනය – පස්වරු 07.00 ට, (25) – සිවිල් ගුවන් සේවා සැහැල්ලු ගුවන් යානා සංදර්ශනය – පෙරවරු 10.00 ට, සමාප්ති උත්සවය – පස්වරු 5.30 ට, විවෘත එළිමහන් සංදර්ශනය – ප.ව 07.00 ට පැවැත්වේ. සෑම දිනයකම බාලදක්ෂයන් සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර ඊට ගිනිමැල සංදර්ශන, සංස්කෘතික සංදර්ශන ද ඇතුළත් විවිධ බාලදක්ෂ ක්‍රියාකාරකම් රාශියක් මෙවර ජම්බෝරියේදී දැකගත හැකි විය.

ජම්බෝරි නායක ලෙස ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා කටයුතු  කරනු  ලැබූ අතර කදවුරු සංවිධායක කොමසාරිස්වරුන් ලෙස වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, නියෝජ්‍ය ජම්බෝරි නායක ලෙස නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම් එෆ් එස් මුහීඩ් යන මහත්වරුන් කටයුතු කලහ. ජම්බෝරිය සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමඛ නිලධාරීන්, නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ සියලු රාජ්‍ය ආයතන සහය ලැබෙන බවත් මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවකින් හා පුද්ගලික ආයතන රැසකින් දායකත්වය ලැබෙන බවත් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා කියා සිටියේය. 


blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො,

 

No comments:

Post a Comment