Translate

Sunday, September 27, 2015

2වැනි ගාලු බාලදක්ෂයන්ට අවුරුදු 100යි

ශත සංවත්සරය සමරන ගාල්ල රිච්මන්ඩ් බාලදක්ෂයෝ...

රිච්මන්ඩ් විදුහල් බාලදක්ෂ සමූහයට වසර 100ක් පිරීම නිමිත්තෙන් අාරම්භ කෙරුණු වැඩසටහන් මාලාවේ අාකර්ශනීයම අංගය වූයේ දැවැන්ත බාලදක්ෂ පාගමනකිනි. 

1915 -2015 වසර දක්වා විහිද යන පෞඩ ඉතිහාසයක් ඇති දක්ෂිණ ලංකාවේ ප්‍රමුඛ පෙළ අධ්‍යාපන ආයතනයක් වන රිච්මන්ඩ් විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ සියවස් සැමරුම, බාලදක්ෂ ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත JAMBORICH - 2015 නමින් අති උත්කර්ශවත් ජම්බෝරියක් පසුගිය දා පැවැත්වූහ. පෝතකයන් බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් 1500ක පමණ පිරිසක් සහභාගී වූහ.
 
ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් කඳවුරට සහභාගී වූ අතර මෙම සියවස් ජම්බෝරිෙය් කඳවුරු ප්‍රධානි ලෙස වර්තමාන රිච්මන්ඩ් විද්‍යාලෙය් නියමුවා වන විදුහල්පති ඒ්කනායක මහතා කටයුතු කරනු ලැබීය.

සියවස් ජම්බෝරියට පැමිණි බාලදක්ෂ පිරිසට රිච්මන්ඩ් විද්‍යාලයේ දී හා ගාලු කොටුව, නාවික හමුදා කදවුර, කොග්ගල අාදී ප්රෙද්ශ වල බාලදක්ෂ ක්‍රියාකාරකම් රැසක් සූදානම් කර තිබුණු අතර සංස්කෘතික සංදර්ශන, නිපුණතා වැඩසටහන් හා ගිනිමැල සංදර්ශන ඇතුළු විශේෂාංග රැසක් දිනපතා රාත්‍රී කාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

දෙවැනි ගාලු රිච්මන්ඩ් බාලදක්ෂ සමූහයට SCOUTING සගරාවේ සුබ පැතුම් මෙලෙස එක් කරන්නෙමු. 

Sunday, September 20, 2015

ගස් වර්ග 15 - 15. ගොරකා ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

15. ගොරකා ශාකය

මෙයට උද්භිද නාමය ලෙස Garcinia Cambogia Desn කුලය ලෙස Guttiferac යන නාමයද සිංහලයෙන් කනගොරකා දෙමළ කොරක්‌කායි පුලි කුරැක්‌කැයි ඉංගීසියෙන් RedMango යනුවෙන් හඳුන්වනු ලැබේ. පහතරට තෙත් කලාපයේ බහුල ලෙස වැඩෙන ශාකයෙකි. අඩි 50 – 60 ත් අතර උසට වැඩෙන කේතුධර සමාන අතු විහිදේ. මේ ශාකය පිහිටි ප‍්‍රදේශය අඳුරු ස්වභාවයක් ගනු ලබයි. නාග කේසර (Guttiferae) කුලයට අයත් ගොරකා ප්‍රභේද තුනකි. මල ගොරකා, රතු ගොරකා හා එළ ගොරකා ලෙස මෙම ශාකයේ ප‍්‍රභේදයි. රතු ගොරකා හා එළ ගොරකා පරිභෝජනයට ගන්නා දෙවර්ගයයි. ගෙඩි පියළි ලෙස බෙදී ඇත. රතු හා කහ ගොරකා දෙවර්ගයේම ගෙඩිය වියළි ලෙස බික්‌ ගැලවේ. ඉඳුනු විට රතු හා කහ පැහැයෙන් යුක්‌තය. මෙම ගොරකා මදය පලතුරක්‌ ලෙස ගම්මිරිස් යොදා කුරුදු කෝටුවකින් කෑමට ගනු ලැබේ. එය රසවත් ගැමි දරුවන් විසින් බහුලව අාහරයට ගන්නා පළතුරකි. එහි වටා අැති බික්‌ රැස්කර වියළා කල්තබා ගැනීමෙන් අාහාර රසකාරකයක් ලෙස පරිභෝජනයට ගැනීමට හැකි වේ.

ශාකයේ පොත්ත දුඹුරු රළු ස්වභාවයක් ගනුලැබේ. මේ ශාඛයේ ඇති විශේෂත්වය නම් එකම ගසේ ස්තී‍්‍ර හා පුරුෂ මල් වෙන් වෙන්ව හට ගැනීමයි. ගොරකා ගස අඩි 50 ක්‌ හැටක්‌ උසට වැඩේ. මෙහි ස්‌ත්‍රී පුරුෂ ලෙස මල් වෙන වෙනම හට ගනි. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ගොරක ශාකයේ මල් හට ගැනීම සිදු වන්නේ පෙබරවාරී සහ මාර්තු මාසවලය. පෙබරවාරි මාර්තු මල පිපිණුවිට පත්‍ර හැලෙයි. අතු අග පෙති හතරක්‌ සහ රේණු රාශියකින් යුක්‌ත මල් කුඩයක හැඩය ගැනීමද පිරිමි මල් තුනක්‌ හතරක්‌ එකම කුඩයක හැඩයෙන් ගෙඩිය හටගනී. තරමක්‌ විශාලය ගොරකා ගෙඩි ගෝලාකාර වන අතර බික් වශයෙන් බික් 6 – 8 ක් අතර මාංසයෙන් යුක්‌තව ඇටයක්‌ ද තිබේ. මෙහි බීජ රතු පැහැයෙන් යුත් ඝන මදයකින් (ස‍්‍රාවයකින් වෙලි) ඇත. මේ ශාඛයෙ අතු පහතට නැමුණු ස්වභාවයක් උසුලයි. ගොරකා ශාඛයේ උද්භිද විද්‍යා නාමය වූයේ Garainia Quaesita Pierre  මේ කුලය වූයේ නාගකේසර වන අතර සිංහල නම වූයේ කන ගොරකා ලෙසින් වේ. අප රටට ආවේණිකව වැඩෙන ශාකයකි මෙය මුහුදු මට්ටමේ සිට 1500 පමණ වූ උස් බිම් වල වැඩෙන තෙත් කලාපයේ හා ගංඟා ආශ‍්‍රිතව බහුල ලෙස දැකිය හැකි වේ. තෙත් කලාපය අතර මැදිකාලය වියළි කලාපය වනාත්තරය සහිත/රහිත කඳු ආශ්‍රිත ප්‍රදේශවල වැවේ සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකිය. මෙම පැලෑටිය දුඹුරු පැහැයෙන් යුක්‌ත රළු පොත්තක්‌ ඇත. පොත්ත පැළුනු ආකාරයක්‌ ගනී. සිනිඳු ඝනකම පත්‍ර අග තියුණු හෙල්ලක හැඩයක්‌ ඇත.  

මළගොරකා (kokum – butter oiltree)
සිටවා වසර 8 කින් පසු ගොරකා ශාකයේ අස්වැන්න ලබා ගත හැකිය. ගසේ හට ගන්නා ගොරකා ඉදුණු පසු පලු කර මද අව්වේ හෝ දුම්මැස්සේ හොඳින් වේලා ගනී. ගොරකා මදයේ ඉස්ම ගෑමෙන් ඉතා හොඳ ගොරක නිෂ්පාදනය කර ගත හැක. තවද හොඳින් වියලා ගත් ගොරකා බොහෝ කාලයක් තබා ගැනීමට හැකි වේ. මෙම ගෙඩි වල මද තෙල් සිඳ ගැනීමෙන් ඖෂධ ලෙස ගන්නා අතර පොත්තෙන් ගන්නා කිරිද ඖෂධ ලෙස ගනු ලබයි’ අද වෙළඳපොළ තුළ ගොරකා සඳහා හොඳ ඉල්ලුමක් ලැබෙමින් තිබේ.

මළගොරකා (kokum – butter oiltree)

මළ ගොරකා "ගස් ගොකටු" හෙවත් කොකටිය ලෙස හදුන්වනු ලබයි. ගෙඩිය දොඩම්, ගෙඩියක්‌ මෙන් ගෝලාකාරය. ඉඳුනු ගෙඩිය ඇඹුල් රසයෙන් යුක්‌ත බැවින් පලතුරු ලෙසට කෑමට ගනී. පාගමනින් දිගු දුරක්‌ ගමන් කළ විට දෙපාවලට ඇති වන වේදනාව ඉදිමුව තුරන්කිරීමට ඖෂධයක්‌ ලෙසට මෙම ගෙඩි තැම්බූ වතුරෙන් දෙපා දොහොවනය කරයි. ගැමියා වර්තමානයේද මෙය පාවිච්චි කරනු ලැබේ.

එළ ගොරකා Yellow Mango (Garcinia zeylanica)

එළ ගොරකා Yellow Mango (Garcinia zeylanica)
මෙය කළු දුඹුරු පැහැති පොත්තක් සහිත මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන මෙරටට ආවේනික ශාකයකි. රතු ගොරකා ශාකයට බොහෝ සෙයින් සමාන වන අතර තරමක් දුර්ලභය. සරල පත්‍ර තද කොළ පැහැතිය. පුෂ්ප ඒක ලිංගිකය. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ඇතැම් කාලවලදී කඳ පැලී කහ පැහැති ලාටු වර්ගයක් නිකුත් වේ. මාංසල ඵලය කොළ පැහැති වන අතර ඉඳුණු පසු කහ පැහැයක් ගනී. එළ ගොරකා ඉදුණු විට කහපාට වන අතර ඇතුළමදයට කහ මිශ‍්‍රිත සුදුපාට වේ. සාපේක්ෂව රතු ගොරකා ගෙඩියට වඩා තරමක් විශාලය. ගෙඩියක් තුල සරු බීජ 1 - 2 පිහිටා තිබේ. මඳය සුදු පැහැතිය. එය පැණි රසින් යුක්ත වන ආහාරයට ගත හැකිය. එළ ගොරකා CLUSIACEAE කුළයට අයත් ශාකයකි.

ගුණාත්මක වශයෙන්ද රතු ගොරකාවලට බොහෝ සෙයින් සමානය. එමෙන්ම රක්තවාතය, වණ, බඩවැල්වල රෝග, ආහාර අරුචිය, කලක් පවතින කුසගිනි මදිකම, සත්ව රෝග, කැඩුම් බිඳුම් වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට එළ ගොරකා ශාකයේ කොළ, පොතු, මල්, ගෙඩි, ආදිය යොදා ගන්නා බව සඳහන් වේ. විෂබීජ නාශක සහ විරේචක ගුණ සහිතයි.

රතු ගොරකා Red Mango (Garcinia Cambogia)

රතු ගොරකා Red Mango (Garcinia Cambogia)
ඉදුණු විට රතුපාටින් යුක්ත වන අතර ඇතුළ මදය රතුපාට වේ. එළ ගොරකා ඉදුණු විට කහපාට වන අතර ඇතුළමදයට කහ මිශරිත සුදුපාට වේ. ඇඹුල් රසින් යුතු ගොරකා වල විටමින් ”සී” බහුලව අඩංගු වී ඇත. එයට අමතරව ටාටරික් අම්ලය, ජලය, පොටෑසියම් ආදී විවිධ විටමින් වර්ගත් අඩංගුය. උෂ්ණ ගුණයෙන් හා සැහැල්ලු බවින් යුතුය. 

ගල් ගොරකා / ගල් ඉද්ද (Clusia rosea - Family - Clusiaceae) 

ගොරක කුලයට අයත් දකුණු ඇමරිකාව නිජබිම කරගත් ආක්‍රමණික ශාකයක් ලෙස නම්කර අැති මධ්‍යම සහ සබරගමු පළාත් වල බහුලව පැතිර ඇති ගල් ගොරකා ශාඛය විසිතුරු ශාකයක් ලෙස ලෝකයේ ප්‍රසිද්ධ හෙයින් විසිතුරු ශාකයක් ලෙස ලංකාවට හඳුන්වා දෙන්නට ඇතැයි සිතිය හැකි විශේෂයකි. තද පත්‍ර විශාල ප්‍රමාණයක් ඇති පඳුරු ආකාර වර්ධනයක් පෙන්වන ශාඛයකි.

ආහාර කල්තබා ගැනීමට

ගල් ගොරකා / ගල් ඉද්ද (Clusia rosea - Family - Clusiaceae)
අප රටේ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ දී ගන්නා ආහාර රසවත් කිරීමට හා කල්තබා ගැනීම උදෙසා මහත් මෙහෙවරක් ඉටු කරනු ලැබේ. මෙහිදී රතු ගොරකා හා එළ ගොරකා ආහාර ව්‍යාංජන රසවත් කිරීමට ගනු ලබයි. ශ්‍රී ලංකික ආහාර රටාවේ මස් මාළු පිසීමට, පෝල් මල්ලුමට, පොලොස් ඇඹුල්තියල් සැකසීමට, කොහිල මාලුවට ගොරකා නැතිවම බැරි රස කාරකයකි. විශේෂයෙන් ආහාර කල්තබා ගැනීම සඳහා ගොරකා මහත් මෙහෙයක් ඉටු කරයි. මුහුදු කරයේ ජනයා මාළු ඇඹුල් තියල් නමින් භාවිත කරන බල මාළු වෑංජනයට ගොරකා සුදුලූනු සමග එකට අඹරා දියකර මාළු හට්‌ටියට දමා පිසගනී. ඒවා දින ගණනක්‌ නරක්‌ නොවී තබා ගැනීමට හැකිය. රුධිරයේ අැති කොලෙස්ටරෝල් කපා හැරීමේ හැකියාවක් ද ගොරකා සතුය. එහෙත් දැන් දැන් මේ වෙනුවට කෘතීම රසකාරක එකතු කිරීමට අපේ ගෘහණියන්ද පෙළඹී සිටීම හේතුවෙන් පාරම්පරිකව පැවත අා පැරණි අාහාර රටාව වෙනම් වී කොලෙස්ටරෝල් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබීම කණගාටුදායකය. මීට අමතරව මස් , මාළු නරක් වීම වැළැක් වීම සඳහා මෙන්ම කල්තබා ගැනීම සඳහා හැකියාවක් ඇත.

ඖෂධීය ගුණ

ආයුර්වේදයට අනුව ගොරකා කුසගින්න වඩවන, හෘදයට හිතවත් ආහාර රුචිය ඇති කරවන, මලපහ හොඳින් පිට කිරීම පහසු කරවන, ශරිරයේ බර අඩු කරනවන ශාකමය ඔසුවකි. ශරිරයේ අධික බර සැහැල්ලු කරන ඖෂධයක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලනු ලැබේ. දිනකට ගොරකා මිලිග්රෑ‍ම් 500ක් පමණ සති අටක්. දහයක් කෑමට පැය 1/2 පෙර උණුවතුර සමග පානය කිරිමෙන් ශරිර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බිමෙන් ආහාර රුචිය අඩුවේ.මෙහිදි වන්නෙ රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු විමයි. මේ නිසාද ශරිර බර අඩුවිමද සිදුවේ. ගොරකා ආහාර ජීර්ණය ක්‍රමවත් කරවමින් ආහාර රුචිය වඩවන අතර ආහාරයේ අඩංගු වන විෂ පදාර්ථයන් ද සමනය කරයි.

හෘදයට ඉතාමත් හිතවත් ලෙස චරක මහ ඍෂි විසින් නම් කර ඇති ආහාර දසකයට ගොරකා ද අයත් වේ. මෙම ශාකයේ ගෙඩි වල මාංශ කොළ පොතු මල් ඖෂධීය ගුණ ලබා දේ. මෙම ඖෂධය තුළින් ලැබිය හැකි ගුණ සමුදාය වනුයේ බඩගින්න ඇති කරවීම හදවතට අවශ්‍ය සහනය ලබා දීම ආදියයි. ශරීරයේ අස්ථි කැඩුණු විට සවිවීම ඉක්මන් කරනු ලබයි. මළ පිට වීමේදී පහසුව ඇති කරවයි. ගොරකා ආහාරයට එක්කර ගැනිමෙන් ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ශා වේ. මෙහි ඇති විශේෂ ගුණයක් වනුයේ රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කරයි. මෙම ගුණය නූතන විද්‍යාත්මක විශ්ලේෂණ වලින්ද සනාථ වී ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනයට ගොරකා යොදාගෙන ඖෂධයක් නිපදවා ඇත. ගොරකා වැඩිපුර ආහාරයට එක්කරගත් විට වන්නේ වැඩිපුර මේද සෑදිම අඩු වීම නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ් වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරු විම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික විමෙන් ඇතිවන අබාධ අඩු කරනවා. ශරිරයේ ප්‍රතිශක්තිකරණ කියාවලිය ශක්තිමත් කිරීමේ බලය ගොරකා සතුව පවතින බවට පර්යේෂණ කටයූතුවලින් සොයාගෙන ඇත එනිසාම පිළිකා හැදීමේ  ප්‍රවණතාවය අඩු ය.

අත්බෙහෙත්

උගුර රිදෙනවාට උගුරේ ඇති වන වේදනා නැති කිරීම ප්‍රතිශ්‍යාව හා සෙම් ගෙඩිවලදී ඇතිවන උගුරේ වේදනාවට ගොරකා පලු සහ ගම්මිරිස්‌ ඇට දියලුණු සම ව ගෙන අඹරා පොට්‌ටනියක්‌ බැඳ හක්‌කේ තබා කෙළ ගිලීමෙන් සෙම ඉවත් වේ. වේදනාව අඩු වේ. ඇඟිලි කරුවනවීමට ගොරකා පලු තැම්බූ වතුරට ලුණු දමා සේදීමෙන් කැසීමනැවතී ඇඟිලිකරු වනවීම සුවවේ. 

ආසාත්මිකතා

මාළු ඇඹුල් තියල් හදන විට ගොරකා අඔරා එයට මිශ්‍ර කරනවා. ගොරකාවලින් බලයා, කෙළවල්ලා වැනි සැර මාළුවල ඇති හිස්ටමින් නම් රසායනිකය 80%ක් පමණ උදාසින කරනවා එම නිසා එම මළු ආහාරයට ගැනිමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා වළක්වනවා. ගොරකා වැඩිපුර ආහාරයට ගැනිමෙන් රුධිරයේ ඇති ග්ලුකොස් අක්මාව තුළදී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වෙනවා. ලේවල සීනි ප්‍රමාණය අඩු වෙනවා. මේනිසා දැනටමත් දියවැඩියාව ඇති රෝගින් සදහා ප්‍රතිකාර ගන්නා රෝගින් වැඩිපුර ගොරකා මිශ්‍ර ආහාර ගැනිමෙන් වළකින්න.

ගොරකා කෙම් ක්‍රම

කිරි පට්ටි පාලනය කරන අය තමන්ගේ පට්ටියේ කිරි දෙනුන් නිරන්තරයෙන්ම අසනීපවලට ගොඳුරු වෙද්දී දෙනුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩුවී යද්දී කෙම් ක්‍රම භාවිත කරයි. තමන්ගේ ගව පට්ටියට ඇතුළුවෙන ස්ථානයේම 'ගොරක' පැළයක් සිටුවයි. මේ සඳහා ගොරක පැළයක්ම තෝරා ගන්නේ විශේෂ හේතුවක් නිසාය. ගොරක විසන්ධි කළ විට 'ගෝ+රක' ලෙස යෙදේ. එහි අර්ථය ගවයන් රකින්නා යන්නයි. ගැමි විශ්වාසය අනුව ගවයන් රකින්නේ ගොපලු දෙවියාය. ගොපලු දෙවියන් වැඩ වාසය කරන ගොරක ගසක් ගව පට්ටියට ඇතුළු වෙන තැනම සිටුවීමෙන් එම ගසට ගොපලු දෙවියන් වැඩ තම ගව පට්ටිය ආරක්‍ෂා කරයි යන විශ්වාසය ගැමියා තුළ විය. 

ගොරකා ශාඛය තරමක් අතුපතර විහිදී වැඩීම නිසා නාගරික ප්‍රදේශ වල ගෙවත්තේ වගා කිරීම අපහසු වුවත්, අඩුතරම්න් ගොරකා යම් පර්මානයක් ඔබේ ආහාරයට එකතු කරගැනීමට උන්න්දුවන්න. ලෝකයේ විවිධ ප්‍රදේශ වල වැවෙන ගොරකා අතර ශ්‍රී ලංකාවේ ගොරකා වල මෙම ගුණය අධික බව නිරීක්ෂණ වලින් වාර්තා වල සදහන් වේ. මේ නිසාම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවෙන් ගොරකා විදේශ රටවල් මිලට ගන්නා ලදී. ඒ නිසා ශ්‍රී ලංකාවේ ගොරකා වලට ඉහළ මිලක් ලැබුණි. එහෙත් දැන් ඔවුන් ගොරකාවල අඩංගු රුධිරයේ කොලෙස්ටරෝල් අවම කිරීමේ ක්‍රියාකාරී පදාර්ථය රසායනාගාරයේදී නිපදවා ගනු ලබයි. මේ තත්ත්වය යටතේ හොඳ වෙළඳ පොළක් නොමැති කම නිසා ගොරකා ගස් කපා දැමීමටත් ඇතමෙක් ක්‍රියා කරනු දැකිය හැක.

විශේෂ ස්තූතිය
පිංතූර







Saturday, September 19, 2015

සමුදුර කැළඹූ බාලදක්ෂ විශිෂ්ටයෝ

බාලදක්ෂ වයිස් අද්මිරාල්වරයෙකුගේ ආගමනය

නව නාවික හමුදාපතිවරයා ජනපති හමුවූ අවස්තාව
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී පෙරවරුවේ පැවැති හමුවකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වී නව නාවික හමුදාපති ලෙස වැඩ බාර ගනු ලැබූවේය. නව පත්වීම භාර ගැනීමෙන් අනතුරැව ඒ බව රාජ්‍ය නායකයාට සැළ කිරීමේ සම්ප‍්‍රදායක් ලෙස ජනාධිපතිතුමා හමු වී ඉදිරි වැඩ පිළීවෙල සාකච්ඡා කරනු ලැබේ. මෙම හමුව සිහිගැන්වීම උදෙමා වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වනු ලැබිණ. 

ශ්‍රී ලංකාවේ 20වැනි නාවික හමුදාපති, ජනාධිපති බාලදක්ෂ, ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාට බාලදක්ෂයන්ගේ උත්තමාචාරය!


ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති, ජනාධිපති බාලදක්ෂ, ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමා පිළිගැනීමේ උළෙල 2015 සැප්තැම්බර් මස 19වැනි සෙනසුරාදා සවස ශ්‍රී ලංකා රැජන හා ජනාධිපති බාලදක්ෂ සන්සදයේ සංවිධායකත්වයෙන් කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය. මෙම උත්සවය සදහා පධාන කොමසාරිස්තුමා අැතුලු ජාතික බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස්වරුන් සහ ශ්‍රී ලංකා රැජන හා ජනාධිපති බාලදක්ෂ සන්සදයේ පිරිසක් සහභාගී විය. 
රවී විජේගුණරත්න මැතිතුමා කොළඹ රාජකිය විද්‍යාලයේ ජනාධිපති සම්මානය දිනූ ආදි බාලදක්ෂයෙකි. 1980 නොවැම්බර් 1 වැනිදා කැඩේට් නිලධාරියකු ලෙස නාවික හමුදාවට බැඳී ත්‍රිකුණාමල නාවික හා සාගරික පීඨයෙන් පුහුණුවීම් ලැබ පසුව නාවික හමුදාවට දීර්ඝකාලීනව සේවය කළ නිලධාරියෙක් ද වේ. 30 වසරක් පැවති කුරිරු යුද්ධයේදී විශේෂ දස්කම් දක්වා වීරෝධාර, රණශූර, රජවික්‍රම පදක්කම්වලින් පිදුම් ලද රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාපති ධුරයට පත්වන විට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හොබවා තිබේ.

ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමළයේ පිහිටි වි‍ශේෂ යාත්‍රා බලඝණ නිර්මාතෘවරයා ද වේ. විශේෂ යාත්‍රා බලඝණය ආරම්භ කර, විශේෂ බලකා පුහුණුව ලබා,  ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහලම තනතුර හෙබවීමෙන් ඉතිහාස ගතවීමට හැකිවූ ප්‍රථම විශේෂ යාත්‍රා බලඝණ නිලධාරියා ද වේ. වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විශේෂ යාත්‍රා බලඝණයේ ප්‍රථම අණදෙන නිලධාරියා වූ අතර, සිය කීර්තිමත් නාවික දිවියේ දෙවතාවක් එම බලඝණයට අණදීමට භාග්‍ය ලද්දකු වේ. ලොව අනෙකුත් විශේෂ බලකායන් සමග සමවිය හැකි පරිදි විශේෂ බලඝණය දියුණු කරලීම සඳහා ඔහු ඉමහත් කැපවීමක් හා දායකත්වයක් දක්වා ඇත. විශේෂ යාත්‍රා බලඝණ සාමාජිකයින් හට ඔහු විසින් ලබාදෙන ලද ආවේණික හැකියාවන් සහ යුද උපක්‍රම විශේෂ යාත්‍රා බලඝණයේ වෘත්තීය නිපුනතාවයන් ගොඩනැංවී‍මේ පදනම ලෙස වර්තමානය දක්වා ද නොසැලී පවතී. ගොඩබිමෙහි, සාගරයෙහි ගුවනෙහි මෙන්ම දිය යට කෙරෙන මෙහෙයුම් සඳහා පුහුණුව ලබා ඇති විශේෂ යාත්‍රා බලඝණය වෙරළාසන්න සැඟවුනු සටන්, දිගුදුර නිරීක්ෂණ මෙහෙයුම්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ මෙහෙයුම්, සාගරයෙන් හා ගොඩබිමෙන් සිදුකෙරෙන ක්ෂණික කුඩා කණ්ඩායම් ප්‍රහාර මෙන්ම ප්‍රභූ ආරක්ෂක රාජකාරීන් සඳහා සු‍විශේෂී නිපුනත්වයක් දක්වයි. වර්ෂ 22ක් පුරා මෙම මෙහෙයුම් සඳහා දයකත්වය ලබාදී ඇති විශේෂ යාත්‍රා බලඝණය අද වන විට ප්‍රමුඛතම විශේෂ බලකායක් බවට පත්ව ඇති අතර, ඔවුන් විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හමුවේ පෙන්වන ලද අභීතභාවය හා වෘත්තීය නිපුනත්වය කලාපයේ මෙන්ම ජාත්‍යන්තරයේ ද පැසසුමට ලක්ව ඇත.



වැඩි තොරතුරු.

https://www.facebook.com/media/set/?set=a.875246592524929.1073741915.357615254288068&type=3

Tuesday, September 15, 2015

මීරිගම විත්ති - 03

බිබිලේ වලව්ව 

මහාචාර්ය සේනක බිබිලේ කියූ පමණින් ලංකාවේ ඕනෑම  කෙනෙකු ඔහුව හඳුනයි. ඒ ඔහු උපන් දේශය වෙනුවෙන් ඉටුකළ අමිල මෙහෙවර නිසාය. සබුද්ධික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමට ඔහු දිවා රෑ නොබලා කටයුතු කළ උතුම් මිනිසෙකි. ඔහු හඳුන්වාදුන් එම වටිනා ප්‍රතිපත්තිය අද ලෝකයේ රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙයි. ලංකාවේ පමණක් නොව විදේශීය රටවල් ගණනාවකම ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘවරයා මෙන්ම දූරදර්ශී වෛද්‍ය චින්තකයා මෙලොව එළිය දුටුවේ වර්ෂ 1920 පෙබරවාරි මස 13 වෙනිදින බිබිල වලව්වේදීය. ඒ මහාචාර්ය සේනක බිබිලේ නම් වූ ලෝක පූජිත ලාංකික යුග පුරුෂයාය.

බිබිලේ රටේ මහත්තයා වූ චාල්ස් විලියම් බිබිලේ මහාචාර්යවරයාගේ පියාය. චාල්ස් විලියම්ගේ පියා වන විලියම් රෙජිනෝල්ඩ් බිබිලේ රටේ මහත්තයා හෙවත් සේනක මහතාගේ මුත්තා 1860 වසරේදී ඉදිකළ වළව්ව අද වනවිට ගරාවැටෙමින් පවතී. පරම්පරා තුනකට සෙවණ දුන් බිබිලේ වලව්ව දුටුවන් මවිත කරවන ගෘහයකි. බිබිල නගරයේ මොනරාගල මංසන්ධිය අසල තිබෙන වලව්පිටිය මාර්ගයේ ටික දුරක් ගිය තැන මෙය හමුවෙයි. මෙරට වලව් පිළිබඳ ඉතිහාසය මහනුවර යුගය දක්වා ඈතට දිවයන්නකි. සාමාන්‍ය ජනතාවගෙන් දුරස්ව, ජන සමාජයේ සුවිශේෂී ප්‍රභූ පිරිසක් වශයෙන් එම පවුල් අතර ගොඩනගාගත් උප සංස්කෘතියක් ඇතිව ඔවුන්ට ජීවත්වීමට හැකි වූයේ රාජ්‍ය පාලනයේ විවිධ තනතුරු ලැබීමේ වාසනාව නිසාය. එහිදී ගොඩනගාගත් ආධිපත්‍යය මගින් ඔවුන් තම ප්‍රදේශවල විශාල වශයෙන් වතුපිටි දේපළ හිමිකරුවෝ බවට පත්වූහ.

තමන්ගේ වත්පොහොසත්කමේ අභිමානය සමාජගත කිරීම සඳහා ඔවුහු නිවාස ඉදිකිරීමේදී එවක සමාජයේ සාමාන්‍ය ජනතාව විසූ නිවාස අතර කැපී පෙනෙන වෙනස්කම් මෙන්ම, කාමරද විසි තිස් ගණන් සහිත විශාල අලංකාර නිවාස ඉදි කළහ. 1848 දී මෙරට ඉංග්‍රීසි පාලනය අහෝසිවීමත්, තම රාජකාරි කටයුතු අහිමිවීමත් සමගම වලව්කරැවන්ට තම විශාල වලව් නඩත්තු කිරීමට අසීරුවීමෙන් ඒවා ක්‍රමයෙන් ගරාවැටෙන්නට විය. නාමික වශයෙන් සීමිත වලව් සංඛ්‍යාවක් අදත් රට තුළ පැවතුණත්, ඔවුන් දේශපාලන කටයුතුවල නිරතවීම නිසා සාමාන්‍ය ජනයා සමග මහා සබඳතා පවත්වමින් ජීවත්වෙති. මෙම වලව් අතරින් බිහි වූ විශිෂ්ට පුද්ගලයන්ට සෙවණ දුන් වලව් කිහිපයක් අද රට තුළ ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති වූ ඩී.ඇස්. සේනානායක මහතා උපන් මීරිගම බෝතලේ වලව්ව, ඇස්. ඩබිලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා උපන් හොරගොල්ල වලව්ව, ලොව ප්‍රථම  අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය උපන් රත්වත්තේ වලව්ව මෙන්ම බහුජාතික සමාගම් රට තුළ පවත්වාගෙන ගිය ඖෂධ මාෆියාව පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ මහාචාර්ය සේනක බිබිලේ මහතා උපන් 'බිබිලේ වලව්ව'ද ඒ අතර වෙයි.

බිබිලේ වලව්වේදී උපත ලද සේනක බිබිලේ මහතා පසුව මහනුවර ත්‍රිත්ව විදුහලට ඇතුළත්ව අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබාගත්තේය. එහතේ ඔහුගේ පියා ඊට වැඩි කැමැත්තක් නොදැක්වීය, පියාට ඕනෑකම තිබුණේ තමාගෙන් පසු තමාට හිමිව තිබු රටේ මහත්මා තනතුර පුතාට උරුම කර දීමටය. එදා එම තනතුර  හැමවිටම ලැබුණේ පිය පුතු උරුමයට වන බැවිනි.

එහෙත් පියාගේ ඉල්ලීමට එකඟ නොවු සේනක බිබිලේ සිසුවා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයේ ඉගෙනුම ලබා වෛද්‍යවරයෙකු වශයෙන් සිය වෘත්තීමය ජීවිතය ආරම්භ කළේය. එදා බිබිලට රෝහලක් නොතිබූ නිසා මැදගම රෝහලේ තම ප්‍රථම රාජකාරිය ආරම්භ කළේය. පසුව පස්සර හා කුරුණෑගල රෝහල්වල සේවය කරමින් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කරමින් 1950 ආචාර්ය උපාධිය ලබාගනිමින් මහාචාර්යවරයෙකු වශයෙන් තම සේවය ආරම්භ කළේය.

මෙසේ කටයුතු කරමින් සිටින අතරතුර මෙරටදී බහුජාතික සමාගම් මගින් ගෙනයන ඖෂධ ජාවාරම පිළිබඳව කරන ලද හෙළිදරව්වක් නිසා එතුමාට එම ජාවාරම්කරුවන්ගේ විවිධ බලපෑම්වලට ලක්වීමට සිදුවිය. විවිධ නම්වලින් මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ මගින් රජයට සිදුවන කෝටි ගණනක පාඩුව පිරිමසාගැනීම සඳහා ජාතික ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව එතුමා රජයට පෙන්වාදුන්නේය. මෙය ඖෂධ ජාවාරම්කරුවන්ට වැදුණු කනේ පහරක් විය. ඔවුන් එතුමාට විරුද්ධව තම අවි අමෝරා ගත්හ. විවිධ බලවේග එතුමාට විරැද්ධව ක්‍රියාත්මක වීමට පටන්ගැණින. තම තමන්ට ලැබෙන කොමිස් මුදල් හා වරප්‍රසාදවලට යට වූ දේශපාලකයන් මෙන්ම නිලධාරීන්ද එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එතරම් කැමැත්තක් නොදැක් වූ අතර, එදා මෙදාතුර ඒ සඳහා කිසිම පැහැදිලි පිළිවෙතක් අනුගමනය කිරීමට කිසිදු රජයක් අපොහොසත් විය. මහාචාර්ය සේනක බිබිලේ මහතා හඳුන්වාදුන් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව සැකසූ කෙටුම්පතද අස්ථානගත වී ඇතැයි පසුගිය කාලයේ මාධ්‍ය මගින් හෙළි විය. එයින් හෙළිවන්නේ ඖෂධ ජාවාරම්කරුවන්ට රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් දක්වන දායකත්වය නොවේද?

කෙසේවෙතත් එතුමා රටට කරන ලද විශිෂ්ට මෙහෙවර නිසාම අද ඔහු උපන් වලව්වට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ලැබී තිබේ. 1860 වසරේදී ඉදිකළ වලව්වේ එදා කාමර තිස් ගණනක් තිබූ බව සඳහන්ය. එහෙත් අද දක්නට ඇත්තේ කාමර දොළහක් පමණි. ඉතිරි සියල්ල විනාශ වී ගොසිනි. අතීතයේ අක්කර පනහක භූමියක් වලව්වට තිබුණත් අද ඉතිරිව ඇත්තේ පර්චස් 70 ක බිම්කඩකි. වහලයේ ජනෙල් දොරවල් අලංකාර පුරාණ කැටයම්වලින් හා ලියවැල්වලින් නෙළා ඇත. වහලයේ දැව හා රීප්ප අපූරැ රටා මවයි. වලව්වේ එදා තිබූ කාමර තිස් ගණන අද නඩත්තු කරගැනීමට නොහැකි නිසා පිටුපසට වන්නට තිබූ මුළුතැන්ගෙය මැද මිදුල සමග කාමර අටක් කඩා ඉවත්කර තිබේ. දැනට ඇත්තේ කාමර 12 ක් පමණි. එය විශාල ප්‍රමාණයේ කාමර වන අතර නිදන කාමර, කෑම කාමර, කියවීමේ කාමර, කාර්යාල කාමර, වී කොටන, නාන කාමර ඇතුළු කාමර බොහෝ ප්‍රමාණයක් දක්නට ලැබේ.

පරපුරේ උරැමයෙන් ගිලිහී ගිය වලව්ව අද අයිතිව ඇත්තේ ජී.කේ. සෝමාවතී මහත්මියටය, ඇය පවසන පරිදි තමන් මීට වසර 35කට පමණ පෙර වලව්ව මිලදීගන්නා විට එහි මුල් උරුමකරැවන් පරිහරණය කරන ලද කිසිදු බඩු භාණ්ඩයක් එහි තිබී නැත. තමාට කලින් එම වලව්ව බදුගෙන තිබූ පුද්ගලයෙකු විසින් ඒ සියල්ල ගෙනගිය බව දැනගන්නට ඇති බවද ඇය කීවාය. දැඩි අබලන් තත්ත්වයක පවතින වලව්ව වැස්සට තෙමීම  නිසා වහලයේ මුදුන ඉටිරෙදිවලින් ආවරණය කර ඇත. ආලින්දයට ගිය විට වහලේ ඇති සිංහල උළු කැට තුළින් අහස දැකගත හැකිය.

එහෙත් දැන් එහි හිමිකාරියට එහි කිසිදු අලුත්වැඩියාවක් කළ නොහැක්කේ එය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යටතේ ආරක්ෂිත ස්ථානයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන බැවිනි. සෝමාවතී මහත්මිය පවසන්නේ මෙම නිවස මිලදීගන්නා විට මෙවැනි විත්තියක් නොදැන සිටි බවයි. එහෙත් නිවස රජයට පවරාදීමට ඇය කැමතිය. නමුත් තමන්ට ලැබිය යුතු මුදල් ලැබුණ වහාම තමන් එම දේපළ භාරදීමට සූදානම් බව කීවාය. "වලව්ව ඕනෑම වෙලාවක මිලදීගන්න කට්ටිය ඉන්නවා. සුදු ජාතික මහත්තයෙකුත් මිලදීගන්න ආවා. කොළඹින් මහත්තුරු කට්ටියකුත් ඇවිත් වලව්ව ගැන තොරතුරු ඇසුවා. ඒ අයත් කිව්වෙ මේක ආවාට ගියාට විකුණන්න එපා කියලයි. නමුත් මෙය ගැසට් පත්‍රයට පමණක්  සීමා වී තිබීම නිසා අපි දැඩි අසීරුතාවට පත්වයි ඉන්නෙ". අදාළ බලධාරීන් හැකි පමණ ඉක්මනට මෙම වලව්ව පවරාගැනීමට කටයුතු කළ යුතු බව ඇය කියයි.

එහෙම නොවුණොත් වලව්වේ තිබූ කාමර තිස් ගණන දොළහකට අඩු වුණා සේම අනාගතයේදී කාමර දෙක තුනකටත් වලව්ව සීමා විය හැකි බව ඇය කීවාය. වලව්වේ තොරතුරැ සොයාගිය ගමනේදී මෙම පරපුරේ දැනට බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටින සේනක බිබිලේ මහතාගේ සොහොයුරෙකු වන ආනන්ද බිබිලේ මහතා හමුවිය. අනූ එක් හැවිරිදි ආනන්ද බිබිලේ මහතා අද පදිංචිව සිටින්නේ වලව්වට මීටර් 300ක් පමණ දුරකින් පිහිටි නිවහනකය. නිදහස් පරිසරයක පිහිටි මේ නිවහනද ඉතා දැකුම්කලුය.

ඉතා චාම් දිවි පෙවෙතක් ගතකරන ආනන්ද බිබිලේ මහතා චාල්ස් විලියම් බිබිලේ මහතාගේ පිරිමි දරැවන්ගෙන් දෙවැනි පුත්‍රයාය, සේනක විලියම් බිබිලේ, සුජාතා රණවක, සිල්වෙස්ටර් චිත්‍රා බිබිලේ, චාල්ස් විමල බිබිලේ හා කුඩා බණ්ඩාර බිබිලේ යන අය ආනන්ද මහතාගේ සොයුරැ සොයුරියෝය. “මගේ තාත්තාත්, අයියාත් මමත් ඉගෙනගත්තෙ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනුයි. අයියා විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සෙ අප්පච්චි කිවුවා ඔය වැඩේ නතර කරලා, ගමට ඇවිල්ලා රටේ මහත්තයාකම භාරගන්න කියලා. නමුත් අයියා වෛද්‍ය විද්‍යාව තෝරාගෙන අවසානයේදී මහාචාර්යවරයෙක් වෙලා, ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘවරයා බවට පත්වුණා.

ඒ නිසාම විදේශීය රටකදී මියයන්නටත් සිදුවුණා. අයියගෙ නම කවදාවත් අතීතයෙන් මැකෙන්නෙ නැහැ. අපිටත් හරි ආඩම්බරයි* වලව්ව අන්සතු වුණේ කෙසේදැයි විමසු විට මොහොතක් හැගුම්බරව  සිටි ආනන්ද බිබිලේ මහතා පැවසුවේ, “මෙම වලව්ව අපේ අක්කා නමට ලියා තිබුණා. අක්කා මේක විකුණලා අම්මත් ගෙන්වාගෙන මහනුවර ප්‍රදේශයට ගියා. එදායින් පසුව මෙය අපේ පරපුරෙන් ගිලිහී ගියා. නමුත් අපිට මේ ගැන හරිම කනගාටුයි. එදා මේ රට පාලනය කරපු රටේ මහත්තුරු හැමකෙනාම මෙහ නවාතැන් ගෙන තිබෙනවා. අපි හැදුණෙ වැඩුණෙ මේ වලව්වෙ.

එදා අගමැති වුණ දහනායක මහත්තයා ඡන්දය ඉල්ලන්න බිබිලට ඇවිත් නතර වුණේ අපේ වලව්වෙ. එතුමා එදා වෙල්ලස්ස, බින්තැන්න, වියලුව කියන හැම ගමකම පයින් ඇවිද්දා, උදේට ගෙදරින් ගියාම ඇවිදලා එන්නෙ හවස. අපිත් උදව් කළා. වලව්ව ආරක්ෂා කරලා ඉදිරි පරම්පරාවට දායාද කරනවා නම් හොඳයි"යනුවෙන් ඒ මහතා මතකය අවදි කරයි.

ප්‍රෞඪ ඉතිහාසයක් ඇති මෙම වලව්ව අනුස්මරණීය ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීම දැයේ වගකීමක් සහ යුතුකම් බව වෙල්ලස්සේ ජනතාව අවධානය කරති. සේනක බිබිලේ නම් වූ ඒ යුග පුරැෂයා අද මියගොසිනි. ඔහු දිවි හිමියෙන් තැනූ ඖෂධ ප්‍රතිපත්තියද ලංකාවේ භූමිය තුල මියගොසිනි. ඔහුට සෙවණ දුන් ඒ ඓතිහාසික වලව්වද මිය යාමට ආසන්නව පවතී.

https://www.facebook.com/Lee-Dasanayaka-Scout-Training-Center-332291620169247

මීරිගම විත්ති - 02

බෝතලේ වලව්ව - දෙවන කොටස

අප රටේ උඩරට ප්‍රදේශයේ ආසන බොහොමයකත් පහතරට ප්‍රදේශයේ ආසනවලත් ප්‍රභු බලයට, තනි භුක්තිය හිමි වූ අතර පහතරට ඇතැම් ආසනවල කුලභේදය මැතිවරණ ව්‍යපාරයට අරක්ගෙන තිබිණ. මෙසේ කුලභේදය බලපෑ ආසන අතර මාතර, වැලිගම, බලපිටිය, කළුතර, මීගමුව හා හලාවත ද විය.

පවුල්වාදයේ උපත කෙසේ සිදුවීද?

මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ එකිනෙකට යාබද මැතිවරණ කොට්ඨාස විය. මේ ආසන දෙකට නිතරගයෙන් පත්වූ දෙදෙනෙක් වූහ. එක්කෙනෙක් මිනුවන්ගොඩ බෝත‍ලේ වලව්වේ ඩී.එස්. සේනානායක මහතාය. අනෙක් තැනැත්තා වේයන්ගොඩ හොරගොල්ල වලව්වේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණඩාරනායක මහතාය.

මේ දෙදෙනා පවුල්වාදයේ උපත සෙවීමට කදිම ප්‍රවේශයකි. තම කීර්තිමත් වැඩිමහල් සොහොයුරු එෆ්.ආර්. සේනානායක මහතාගේ අකල් අභාවය නිසා දේශපාලන කරළියට අවතීර්ණ වූ ඩී.එස්., කලින් පැවැති සීමිත ඡන්ද මත තෝරාගන්නා ලද ව්‍යවස්ථාදායක සභාවේදී මීගමුව ප්‍රදේශය නියෝජනය කළේය.

දොන් ස්ටේපර් සේනානායක මුදලිතුමා සහ ‍දෝන කැතරිනා එලිසබෙත් පෙරේරා ගුණසේකර ළමාතැනී

සේනානායක පරපුරේ ඉතිහාසය

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා දීප්තිමත් වාර්තාවක් සහිතව ලංකාවට පැමිණි තරුණ බණ්ඩාරනායක කෙළින්ම දේශපාලන ‍පොරපිටියට අවතීර්ණ විය. ඔහු මුලින්ම (1929) කොළඹ නගර සභාවේ මරදාන ආසනයට තරගකොට එය ජයගත්තේ කම්කරු පක්ෂ නායක ඒ.ඊ. ගුණසිංහ පරදවමිනි. ඔහුට එවැනි හපන්කමක් කළහැකි වූයේ නගර සභා මැතිවරණයේදී සර්වජන ඡන්දය බලනොපෑ බැවිනි. ඡන්ද බලයට සීමාවක් තිබූ හෙයින් ගුණසිංහ මහතාගේ ආධාරකාර කම්කරුවන්ට ඡන්ද බලයක් නොතිබිණි. ඉනික්බිති 1931දී වේයන්ගොඩ අසුනෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූ චතුර කථික බණ්ඩාරනායකගේ දේශපාලන ගමන ස්ථීරසාර එකක් විය.

ඩී.එස්. සේනානායක පළමු මන්ත්‍රණ සභාවේදීම ඉඩම් හා කෘෂිකර්ම ඇමැති ලෙස පත්වූ නමුත් බණ්ඩාරනායකට එම වාසනාව අහිමි විය. එහෙත් ඔහු එයින් දිරිමත් වූවා මිස දිරි සිඳ ගත්තේ නැත. ඩී.එස්. කෙළින්ම වැඩට බැස්සේ කෘෂිකර්ම ඇමැති වශයෙනි. මින්නේරිය මහ වනාන්තරයෙන් තම සටන ඇරඹුවේ ඇමැති පදවිය ලබා වසර දෙකක් ගතවීමටත් පෙරාතුවය. වියළි කලාපයේ ගොවි ජනපද රාශියක් ඇරඹීමට මුල් අත්තිවාරම දැමුණේ එහිදීය. ඔහුගේ උදාර තේමා පාඨය වූයේ රට සහලින් ස්වයං ‍පෝෂණය කිරීමත්, රජරට යළි පැරකුම් යුගයක් ඇරඹීමත්ය. ඇමැති පදවියක් ලැබූ තම දෙටු අසල්වැසි මන්ත්‍රීවරයා මෙසේ නව මගක් තෝරාගන්නා විට බණ්ඩාරනායක එකත්පස්ව සිටියේ නැත.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැතිවරුන් පත් කරන ලද්දේ කාරක සභා ක්‍රමයටය. මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් හෝ අට දෙනෙකුගෙන් සමන්විත කාරක සභා 7ට මන්ත්‍රීවරු 55ක් බෙදී වෙන්වී සිටියහ. එම කාරක සභාවේ මන්ත්‍රීන්ගේ වැඩි ඡන්දයෙන් තම සභාපති වශයෙන් තෝරා ගැනෙන මන්ත්‍රීවරයා ඇමැතිවරයෙකු බවට පත්වෙයි. මේ අනුව පළාත් පාලන ඇමැති ධුරය ලැබුවේ කළුතර මන්තී චාල්ස් බටුවන්තුඩාව මහතාය. ඇමැතිවරුන් හත් දෙනා අතරින් දුර්වලම තැනැත්තා වශයෙන් සැලකුණේ ඔහුය. මේ නිසා එම අමාත්‍යාංශයේ ජීවනාලිය බවට පත්වුණේ බණ්ඩාරනායක මහතාය. ඔහුට ඒ සඳහා කිසිවකුගෙන් කිසිදු බාධාවක් ඇති නොවීය. ක්‍රියාශීලී ඒ මහතා නිල නොලත් පළාත් පාලන ඇමැතිවරයා වශයෙන් වැඩ පෙන්නුවේය.

බණ්ඩාරනායක, සේනානායක මහතාගේ පැරකුම් යුගයක් වෙත යන ආකාරයට වඩා බණ්ඩාරනායක ඊටත් වඩා පැරණි ඉලක්කයක් අල්ලා ගත්තේය. ඔහු පවසන්නට පටන් ගත්තේ පණ්ඩුකාභය රජ දවසේ පටන් ලංකාවේ ගම්සභා ක්‍රමයක් පැවැති බවය. එය යටත්විජිත පාලන හේතුවෙන් අඩපණ වී ගිය බවත්ය. පළාත් පාලන කාරක සභාවේ උද්වේගශීලී මන්ත්‍රීවරයා වූ බණ්ඩාරනායක ගම් සභා ක්‍රමයට නව පණක් දීමට අදිටන් කරගත්තේය. එතැන් සිට ඔහු ක්‍රියාත්මක වුණේ ඒ අරබයාය. ඔහු මුලින්ම සියනෑ කෝරළේ එගොඩ‍පොතපේරුවේ ගම්කාර්ය සභාව ප්‍රතිසංස්කරණය කොට එහි සභාපති ධුරය පිළිගෙන අනෙක් සභිකයන් සමග එක්ව ක්‍රියාකළේ තමාට තමා ආදර්ශමත් විය යුතු බව පවසමිනි.

වැඩි දිනක් ඉක්ම නොගියේය. ඔහු සමස්ත ලංකා ගම් සභා සම්මේලනය ඇරඹීය. ඒ දහස් ගණන් ගම් සභිකයන් හොරගොල්ලට ගෙන්වා විශාල රැස්වීමක් පැවැත්වීමෙනි. ඒ සමගම ඔහු ‘ගම්සභා පුවත්’ නමින් සඟරාවක් ද පළ කළේය. රට පුරා සංචාරය කරමින් ගම් සභා ප්‍රතිසංස්කරණය කළේය. ගම්වලින් නියෝජිතයන් ඡන්දයෙන් තෝරා ගැනීමට හා සභාපතිවරුන් තෝරාගැනීමට ව්‍යවස්ථා සංශෝධන ද සම්මත කර ගත්තේය.
ඔහු මීට අමතරව තවත් පෙරමුණක් විවෘත කළේය. එනම් ගම් සභා මාර්ගයෙන් ගෘහ කර්මාන්ත, විශේෂයෙන්්ම නූල් කැටීමේ හා රෙදි විවීමේ කර්මාන්ත ආරම්භ කළේය. එය දිරිගන්වනු වස් ‘චර්කය සහ ගොයම් කෙත්’ යන නමින් ‍පොතක් ද ලියා පළ කළේය. සෑම උක්සවයකටම සහභාගිවන විට අතින් වියන ලද රෙදිවලින් මැසූ ජාතික ඇඳුමක් ඇඳීම සිරිතක් කරගත් ඔහු පසුකලෙක ඇමැතිවරයෙකු වී සිරිමාවෝ රත්වත්තේ මෙනෙවිය සමග විවාහ විය. එවිටද ‍පෝරු මතට නැගුණේ වේයන්ගොඩ පෙහෙකම්හ‍ලේ අතින් වියන ලද රෙද්දකින් මැසූ බැනියමකින් හා සාටකයකින් සැරසීගෙනය.

අප කතා කරමින් සිටියේ පවුල් වාදය ඇරඹුණු සැටිය. යළි ඒ දෙසට හැරෙමු. පවුල් වාදය ඉදිරියට පැමිණියේ අනාගත බලා‍පොරොත්තු හා සැලසුම් සහිතවය. ඒ, 1936 මැතිවරණයේදීය. මේ පිළිබඳ විස්තර කිරීමට පෙර පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තිබූ සංයුතිය තරමක් දුරට පැහැදිලි කරගැනීම උචිතය.

ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තේරී පත්වූ ඇමැතිවරුන් 07 දෙනා මෙසේය.
ඩී.බි. ජයතිලක (ස්වදේශ කටයුතු හා සභානායක), ඩී.එස්. සේනානායක (කෘෂිකර්ම හා ඉඩම්), චාල්ස් බටුවන්තුඩාවේ (පළාත් පාලන), සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර (අධ්‍යාපන) පෙරියසුන්දරම් (වෙළෙඳ හා කම්කරු), මාකන් මාකර් (කර්මාන්ත හා ප්‍රවාහන) සහ ටී.බි. පානබොක්කේ (සෞඛ්‍ය) වශයෙනි. මේ සත්දෙනා අතරින් සභානායක ඩි.බි. ජයතිලක, අධ්‍යාපන ඇමැති කන්නංගර හා පළාත් පාලන ඇමැති බටුවන්තුඩාවේ යන තිදෙනා ඉතාම සමීප ඥාතීහු වූහ. එහෙත් අවංකභාවයෙන් පරිපූර්ණ, සිහිනෙන්වත් කුමන්ත්‍රණ නොකළ ජයතිලක මහතාට ලංකාව තම පවුල්වල පරවේණියට හිමිකර දීමට කිසිදු ච්ෙතනාවක් සිහිනෙන්වත් නොතිබිණ. 1936 මැතිවරණයේදී පෙරී සුන්දරම් හා මොහොමඩ් මාකන් මාකර් යන මන්ත්‍රීවරු ආසන සඳහා තරග නොකළහ. ටී.බි. පානබොක්ක මහතා ගම්පල ආසනයෙන් පරාජයට පත්විය.

තම පුතුන් දෙදෙනා උපාලි හා ආනන්ද චෙක්පත් වංචා නඩුවකට වරදකරුවන් වී බන්ධනාගාර ගතවීම නිසා සිත් තැවුලට පත්ව සිටි චාල්ස් බටුවන්තුඩාවේ මහතා 1936දී ආසනය ජයගත් නමුත් ඇමැති පදවියක් හඹා නොගියේය. එහි ප්‍රතිඵලය වූයේ නිලනොලත් පළාත් පාලන ඇමැතිවරයා වූ බණ්ඩාරනායක මහතා පළාත් පාලන ඇමැති ධුරයට පත්වීමය.

දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසු පරිපූර්ණ සිංහල ඇමැති මණ්ඩලයක් පත්වන අන්දමින් කාරක සභාවලට මන්ත්‍රීන් බෙදීමේ ඉලක්කම් හරඹයක් සිදුවූ බවත්, එනමුත් ෙදෙවයේ සරදමකින් මෙන් එම ඉලක්කම් හරඹය සංවිධානය කළේ එවකට තරුණ සිවිල් නිලධාරියෙකු වූ පසුකලෙක ජාතිභේද විරෝධී දේශපාලනඥයකුව සිට පසුව අන්ත දෙමළ ජාතිවාදියකු වශයෙන් සැලකුණු ජීවිතාන්තය දක්වා උද්ඝෝෂණය කළ සී. සුන්දරලිංගම් මහතා බැව් කියනු ලැබේ.ඒ අනුව දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැති මණ්ඩලය මෙසේ විය.
D.S.Senanayake (1st Prime Minister in Sri Lanka) Momento at Botale Walawwa Premises

ශ්‍රීමත් ඩී.බි. ජයතිලක (ස්වදේශ කටයුතු හා සභා නායක), ඩී.එස්. සේනානායක (කෘෂිකර්ම හා ඉඩම්), සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර (අධ්‍යාපන), එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක (පළාත් පාලන), ජේ.එල්. කොතලාවල (මංමාවත් හා කර්මාන්ත), ඩබ්ලිව්. ආතර් ද සිල්වා (සෞඛ්‍ය) හා ජී.සී.එස්. කොරයා (කම්කරු හා වෙළෙඳ) වශයෙනි.

කථානායක පදවියට කයිට්ස් මන්ත්‍රී වෛනපලිංගම් දොරේසාමි මහතා තේරී පත්වූයේ තියුණු තරගයකිනි.
අප රටෙහි මැතිවරණ දේශපාලන පක්ෂ ක්‍රමය යථාර්ථවාදීව ඇරඹුණේ 1936 මැතිවරණයේදීය. මේ මැතිවරණයේදී තරග වැදුණු පක්ෂ වූයේ කම්කරු පක්ෂය (ඒ.ඊ. ගුණසිංහ මහතා - මැදකොළඹ), ලංකා සමසමාජ පක්ෂය (දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා - මොරවක) වශයෙනි.

පවුල් වාදයේ සෙවණැල්ල ලාංකේය දේශපාලන ක්‍ෂේත්‍රය මත පතිත වූයේ 1936 දෙවන මැතිවරණයේදීය. මූලික වශයෙන් එය විහිද ගියේ බෝත‍ලේ වලව්වෙනි. බෝත‍ලේ සේනානායක පවුලට සම්බන්ධ මන්ත්‍රීවරු තිදෙනෙක් 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළහ. එනම් පවු‍ලේ අධිගෘහිත වූ ඩී.එස්. සේනානායක මහතා සහ එෆ්.ආර්. සේනානායක මැතිනියගේ සොහොයුරියගේ පුත් ජෝන් කොතලාවල මහතාත්ය. 1936 මැතිවරණයේදී තම අවශ්‍ය ඥාතීන් කිහිප දෙනෙකුම තරග බිමට ගෙන ඒමට ඩී.එස්. සේනානායක මහතා ක්‍රියා කළේය. සිය 24 හැවිරිදි දෙටු පුත් ඩඩ්ලි දැදිගම ආසනයටත්, එෆ්.ආර්. සේනානායක මහතාගේ බෑනණුවන් වූ සිරිපාල සමරක්කොඩි මහතා නාරම්මල ආසනයටත් ඉදිරිපත් කිරීමට විධිවිධාන යොදන ලදී.

කොතලාවල මහතාට 1931 කුරුණෑගල ආසනය තරග කිරීමට තිබූ එකම සබඳතාව වූයේ සේනානායක හා කොතලාවල පරම්පරාවට හිමි දවටගහ ඇතුළු මිනිරන් පතල් රාශියක් දොඩංගස්ලන්ද ප්‍රදේශය පුරා විසිර තිබිමය. එසේම 1936 දැදිගම ආසනයට තරග කිරීම සඳහා ඩඩ්ලි සේනානායක මහතාට තිබූ එකම සම්බන්ධතාව සේනානායක පවුලට අයත් නාරංගොඩවත්ත එම මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටා තිබිමය. සිරිපාල සමරක්කොඩි මහතාටද එපමණය. ඔහු ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූයේ සේනානායක පවුලට අයත් නාරම්මල කොවුල් වැව වත්තේ හිඳිමිනි.

මහජනයාගෙන් ඈත්වූ වලව්වක සම්බන්ධකම් තිබූ හිටපු දුර්වල රාජ්‍ය මන්ත්‍රීවරයකු වූයේ ඩබ්ලිව්.එච්.ආර්.එස්. ජයසුන්දර මහතාය. ඔහු පරදවා වැඩි ඡන්ද දස දහසක පහසු ජයක් ලබාගන්නට සිරිපාල සමරක්කොඩි මහතා සමත් විය. ඉතා ප්‍රගතිශීලී මන්ත්‍රීවරයකු වූ සිරිපාල සමරක්කොඩි මහතා (ඔහු අවංක මාක්ස්වාදියෙකු වූ එඩ්මන් සමරක්කොඩි මහතාගේ වැඩිමහල් සොහොයුරාය) මන්ත්‍රී පදවිය ලබා නොබෝ කලකින් කළ ප්‍රධාන කටයුත්ත වූයේ ප්‍රදේශයේ කින්නර කුලයට’ අයත් ගම්වල දරුවන්ට පාසල්වලට ඇතුළුවීමට තිබූ බාධකය ඉවත් කරමින් තමාගේ ප්‍රධානත්වයෙන් අපූරු පෙරහරක් පවත්වා, සත්‍ය ග්‍රහයක් කොට ඉන් ජයග්‍රහණය ලැබිමය.

විශේෂ ස්තූතිය
ඇස්. පියසේන

උපකාරක මූලාශ්‍ර

  • 1945 දී ජී.පී.ඩී. ජිනදාස මහතා විසින් රචිත එෆ්.ආර්.සේනානායක චරිතය ග්‍රන්ථය (සේයාරූ සමහරක් මෙයින් ලබා ගන්නා ලදි)
  • ටී.එස්. ධර්මබන්ධු මහතා විසින් සම්පාදනය කරනා ලද සිංහල වීරයෝ ග්‍රන්ථය

මීරිගම විත්ති - 01

බෝතලේ වලව්ව - පළමු කොටස

මේ නොබෝදා මා කළ සංචාරයකදී මට අඹේපුස්‌ස තලගමදී එක්‌ වයෝවෘද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්‌ මුණගැසුනි. නමින් අබේරත්න බණ්‌ඩා නම්වූ ඔහු සමඟ කතාබහට වැටුනේ බස්‌රථයේ ප්‍රමාදය නිසාය. මීරිගම දක්‌වා දිවෙන බස්‌රථය බෝතලේ වලව්ව අසලින් යන නිසා බෝතලේ වලව්ව පිළිබඳ අප දෙදෙනා කළ කතාබහේදී සිදුවූ ඉතිහාසය ස්‌මරණය කිරීම තුළින් අදහසක්‌ මතුවිය. එය නම් ඩී. එස්‌, සේනානායක මැතිතුමා අමාත්‍ය මණ්‌ඩලයෙන් ඉල්ලා අසවූ බවයි. මම යළිත් ඔහුගෙන් කීවේ කුමක්‌දැයි ඇසීමී. 1940 වර්ෂයේ පෙබරවාරි 27 වැනිදා ඩී. එස්‌. සේනානායක මහතා අමාත්‍ය මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌වූ බව ඔහු යළිත් කීය. පසුව එහි සත්‍ය අසත්‍යතාව පැරණි තොරතුරු හා ඉතිහාසගත කරුණු හැදැරීමේදී මට දැනගන්නට හැකිවිය. අප බොහෝදෙනා මේ පිළිබඳ වැඩි යමක්‌ කතා නොකිරීම නිසා මෙවැනි තොරතුරු අපේ කතාවලින් දුරස්‌ථ වී ඇත.

1936 පැවැති මන්ත්‍රී තරගයෙන් මිනුවන්ගොඩ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී වශයෙන් තේරී පත්වූ ඩී. එස්‌. සේනානායක මහතා එම රාජ්‍යමන්ත්‍රණ සභාවේ සභානායක වරයා ලෙසින් ද තේරී පත්විය. එම අමාත්‍ය මණ්‌ඩලයේ උප සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කරද්දී. රටේ නොයෙකුත් ප්‍රශ්න පිළිබඳ එතුමා කතාකළ අතර බොහෝ ප්‍රශ්නවලට නිසියාකාර විසඳුම් නොලැබින, ඊට විරෝධය පෑමක්‌ ලෙසින් ඩී. එස්‌. සේනානායක මහතා ඉල්ලා අස්‌වූ බව කියෑවේ. මෙහිදී එවක ආණ්‌ඩුකරුට එතුමාගේ විරෝධතා ඉදිරිපත්කළ බවද සඳහන්ය. පසුව සාමකාමී සාකච්ඡාවකින් පසුව ආණ්‌ඩුකරු සමඟ හිතවත්වී වැඩිදෙනාගේ ඉල්ලීම පරිදි නැවතත් අමාත්‍යමණ්‌ඩලයට ඇතුළත්ව කටයුතු කර ඇත. එම එකතුවීම සිදුව ඇත්තේ 1940 මාර්තු 13 වනදාය. ඉල්ලා අස්‌වීමක්‌ පිළිබඳ අපට වාර්තා වන මුල් සිද්ධිය මෙය බව සිහිපත් කළ හැකිය.

මෙසේ ඉල්ලා අස්‌වීම් පිළිබඳ මුල පිරූ ඩී. එස්‌. සේනානායක මහතා 1943 වර්ෂයේදී ලංකා ජාතික සංගමයේ මතුවූ අර්බුද කීපයක්‌ නිසා එයින්ද ඉල්ලා අස්‌විය. එම යුගයේ ලංකා ජාතික සංගමය අපේ රටේ දේශපාලන පක්‍ෂයක්‌ මෙන් ප්‍රබලවූ සංවිධානයකි. එම සංගමයේම සාමාජිකත්වය දැරූ ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ඡේ. ආර්. ජයවර්ධන හා ඩඩ්ලි සේනානායක යන මහත්වරු පසු කලෙක මේ රටේ අගමැතිකම් දැරූ අතර ඡේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපතිවරයා ලෙසින්ද මේ රටේ සේවය කළේය.

1940 අමාත්‍ය මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌වී නැවත ඇතුළත්ව එහි සේවය කරද්දීම 1941 වර්ෂයේ මිනිපේ ඇළ සංවර්ධනය ඇරඹීය. මෙය ඉතා පැරණි රාජකීය නිර්මාණයකි. එය ගරා වැටුන පසුව යළිත් පණ ලැබුවේ මේ අප කතාකරන ඩී. එස්‌. සේනානායක යුගයේ දීය. ඩී. එස්‌. සේනානායක මහතා නියම ගැමියෙකි. එතුමා දේශපාලනය කළේ ගැමිජනතාවගේ අදහස්‌ සම්පූර්ණ කරමින්ය. රටේ ප්‍රධාන නිෂ්පාදකයා ගොවියා ලෙසින් සැලකූ එතුමා හැමවිටම ගොවියාට යහපතක්‌ වන පරිදි කටයුතු සිදු කළේය. හිඟුරක්‌ගොඩ, ඇළහැර, බකමූණ වැනි අතිශය දුෂ්කර ප්‍රදේශ සංවර්ධනය කරද්දී එතුමා හකුරු කෑල්ලක්‌ සමඟ පිළිගැන්වූ බෙලිමල් කෝප්පය ගොවිජනතාවගේ අතින් ලබාගෙන බීවේ ඉතා ආදරයෙනි. විඩාවට එතුමා ගිමන්හැරි මහ රුක්‌ අදත් හිඟුරක්‌ගොඩ දී දැකිය හැක. එතුමා මැදිරිගිරිය ආදී ප්‍රදේශවල සංචාරය කරන විට මදක්‌ විවේක ගත් තැනක්‌ වූ කවුඩුලු ඔයේ කලගෙඩි පාලම අසල ගල්තලාව අදත් ඒ පැරණි සිද්ධි අපගේ සිහියට නංවයි.

දැවැන්ත බුල්ඩෝසර් පැරණි කුඹුරු යායන් නැවත අස්‌වද්දන විට එහි ගොස්‌ ඒවා සියසින්ම දැකගත් එදා කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඩී. එස්‌. සේනානායක මහතාට "කැලෑජෝන්" යන නම ගැමියන් පටබැන්දේ එතුමාගේ කැලෑ සංචාර නිසාය. නිලධාරීන්ට ඉතා හොඳින් සැලකූ ඩී. එස්‌. සේනානායක මහතා නිලධාරීන්ගේ වැරදි දුටු තැන සමාව දුන්නේ නැත. එතුමා නිතර කීවේ රටේ වෙනත් පළාතකින් ගෙනත් පදිංචි කළ මේ අසරණ ගොවි පවුල් අප දැස මෙන් රැකබලාගත යුතු බවයි.

ඩී. එස්‌. සේනානායක මහතාගේ ක්‍ෂේත්‍ර සංචාරවලදී අවශ්‍ය සියලු නිලධාරීන් එහි සිටිය යුතුමය. නැතිනම් දෙපාර්තමේන්තු ප්‍රධානියා ඊට වගකිවයුතුය. හතළියේ දශකයේ හා පණහේ දශකයේ මුල්භාගයේ මෙරට ගොවිජනපද ව්‍යාපාර සියයට සියයක්‌ සාර්ථක වූයේ ඉහතින් සඳහන් කරන ලද එම විනය නීති අකුරට ක්‍රියාත්මක වූ බැවිනි.

එතුමාගේ වචනයෙන් ප්‍රකාශ වන පරිදි ඒ මෙසේය. "අපගේ පළමු කටයුත්ත මේ රටේ නිදහස ස්‌ථිර කරගැනීමයි. පෙබරවාරි මස හතර වැනිදා අප රටේ සියලු දෙනාම අවුරුදු 450 කින් පසු නිදහස්‌ විය. දැන් අපේ කටයුතු අපේ කැමැත්තේ හැටියට අපටම කරගන්නට පුළුවන්" මේ එතුමාගේ අව්‍යාජ ප්‍රකාශනයකි.

ඩී. එස්‌. සේනානායක චරිතය එඩිතර ගතිය ඉස්‌මතු කරන්නකි. එතුමා තනතුරුවලින් ඉල්ලා අස්‌වූවා සේම තම ජීවිතයේදීද නිර්භීත ක්‍රියාවන්ට පෙළඹුන අයෙකි. ශාන්ත තෝමස්‌ විදුහලේ ඉගෙන ගන්නා කාලයේ එහි ගියේ ආවේ වැඩිපුර දුම්රියෙන්ය. ගෙදර එන ගමනේදී දුම්රියෙන් විත් දුම්රිය නැවතුමට යන්නට පෙර ලයින් මාරු කරන ස්‌ථානයේදී දුම්රිය වේගය අඩු වූ විට එයින් වහා පැනගන්නා ඩී. එස්‌. ගෙදර බලායයි. එදා තිබූ වාෂ්ප දුම්රිය ඇන්ජින් ධාවනය හිමින් සිදුවූ නිසා මෙසේ දුම්රියෙන් පැන ගිය අතර ඒ පිළිබඳ අවවාද ද ලබා ඇත. මියෑදෙන තුරුම තමන් සතුව පැවති එඩිතර ගති අත් නොහළ ඩී. එස්‌. සේනානායක මහතා රටට ආර්ශයක්‌ ගෙනදුන් ජන නායකයෙක්‌ විය.

විශේෂ ස්තූතිය
ධර්මරත්න තෙන්නකෝන්

-----------------------------------------------------
 ඉතිරි කොටස වෙනත් අැසකින්


Sunday, September 13, 2015

2nd National INDABA -Sri Lanka Scouts

2nd National INDABA, Organized by Sri Lanka Scout Association was held from 11-13th September 2015 at the Lee Dassanayake Scout Training Center-Mirigama Sri Lanka. The INDABA 2015 theme was “Towards 20/Twenty” 
 
An Indaba is a Gathering of Scouters/ Adults in Scouting, its dedicated for them to experience the Scouting Spirit in diversity through an enjoyable manner, of course it is a nice platform to bring some issues but the fact is solutions are coming thorough the FUN Mood, someone can come with the sack of crisis but those will be answered with Smiles, an indeed it is a get together with old and new comrades, a fantastic opportunity to meet with old buddy’s and make new ones.
 
Apart from that all its creating a nice atmosphere to make a celebration with each other about their tremendous volunteering commitments throughout the year & the Indaba will allowing them to relax and unwind in a fun, relaxed mood in their style in Scouting.
 
The 2nd National INDABA was attended by 150 Scouters from 22 Districts and popular veteran actor and author Kalasuri Mr. Sathischandra Edirisinghe graced the opening ceremony as the Chief Guest. (Mr. "Satis", as he is popularly known possesses a high-profile-personality - 'high' in a whole series of senses. He is quite tall in physique. He stands ramrod - straight. He is very much 'visible' in various meetings and gatherings. In an average crowd his presence is prominent. Among activists for social, religious and cultural causes, he is in the forefront.)



The President of SLSA Mr C. Batuwangala, Chief Commissioner Prof. Nimal De Silva, Deputy Chief Commissioner Mr. Shiraz Salih, National Training Commissioner Mr. Sararth Godakanda Arachchi, INDABA Coordinating Commissioner and Asst Chief Commissioner Attorney –at-Law Mr.Kapila K.Perera, INDABA Director & Special Commissioner Mr.M.E.S.Jayasinghe, Deputy INDABA Director Mr.Sirisena De Silva, Asst. Chief Commissioner Mr. Damian Silva, Asst. Chief Commissioner Mr. Sarath Matara Arachchi, & Headquarters Commissioners, Members of the Organizing Committee were also present at 2nd INDABA 2015.

Sunday, September 6, 2015

Facebook බාලදක්ෂයාේ

Facebook නිර්මාතෘ Mark Zuckerberg නම් බාලදක්ෂයා

මොකක්ද මේ ෆේස් බුක් කියන්නේ? ඔබත් ෆේස් බුක් එකේ ඉන්නවා ද?  ඔය මොන කතා කිව්වත් ෆේස් බුක් තියන එක හොඳයි.

ෆේස් බුක් නම් තහනම් කරන්න ඕන. ඔයා ෆේස් බුක් එකට ෆොටෝ දැම්ම ද? අපේ කාර්යාලයේ නම් ෆේස් බුක් යන එක බ්ලොක් කරලා තියෙන්නේ.

මීට අවුරුදු දෙක තුනකට කලින් ඉඳලා ෆේස් බුක් සම්බන්ධ විවිධ කතා නිතර නිතර අපිට අහන්න ලැබෙනවා. තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කිහිපදෙනෙක්ගේ හිතුවක්කාරකමකින් බිහිවුණ විශිෂ්ට නිර්මාණයක් වෙන ෆේස් බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවිය ලෝකයේ බිලියන එකක් මිනිසුන්ගේ ජීවිත වෙනස් කළා කීවොත් එක පාරට ම විශ්වාස කරන එකක් නෑ. නමුත් මිත්‍රත්වයට, ආදරයට, විනෝදයට, දැනුමට සහ අලෙවිකරණයට මෙන්ම එකී මෙකී නොකී ගොඩක් දේවලට සයිබර් අවකාශය තුළ ඉඩක් වෙන්කර දුන් 'ෆේස් බුක්' සම නිර්මාතෘ මාක්ර්ස් එලියට් සකර්බර් බාලදක්ෂයෙක් බව දන්නේ බොහොම සුලු පිරිසක්.

වසරේ මිනිසා

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) ගැන නොදන්න කෙනෙක් නැති තරම්. 1984 මැයි 14 දින ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙලොව එළිය දකින මාර්ක් සකර්බර්ග් යුදෙව් සම්භවයක් තියෙන පුද්ගලයෙක්. දන්ත වෛද්‍යවරයෙක් වෙන පියාත් මනෝ වෛද්‍යවරියක් වන මවත්, සැලකිය යුතු උසස් වෘත්තීයවල යෙදෙන නිසා මනා අධ්‍යාපනික පසුබිමක් සහිත පවුලක උප්පත්තිය ලැබීමට වාසනාවන්ත වන මාර්ක්ට තවත් සහෝදර සහෝදරියන් තුන් දෙනෙක් සිටිනවා.

සමාජයේ වෙසෙන බොහොමයක් දෙනෙක්ට තමාට වඩාත් දක්‍ෂකම් පෙන්වලා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ක්ෂේත්‍රය හඳුනා ගන්න ගොඩක් කල් ගතවෙනවා. සමහර වෙලාවට මැරෙන තුරුම ඔවුන්ගේ ඇඟ ඇතුළේ තියෙන දක්‍ෂකම හඳුනාගන්න ඒ අයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. 2%ක් තරම් ඉතා සුළු පිරිසක් තමයි ඒ අය හදවතින්ම දක්‍ෂතා දක්වන්න කැමැති ක්ෂේත්‍රය ආදරයෙන් වැලඳගෙන ඒ තුළින් ලෝකයම වෙනස් කරන්න උත්සාහ කරන්නේ. මාර්ක් ගේ පියාගේ කාර්යාලයීය කටයුතු පහසු කරගන්න ඔහු වයස ‍දොළහේදී Zucket නම් පරිගණක වැඩසටහන නිර්මාණය කරනවා. ඒ වගේ ම මාර්ක්ගේ ඒ පරිගණක වැඩසටහන ඔවුන්ගේ ගෙදරදොර සන්නිවේදන කටයුතුත් පහසු කරනවා.

'මගේ සමහර යහළුවන් චිත්‍ර අඳින්න ගොඩක් දක්‍ෂයි. ඉතින් ඒ අයගේ එම හැකියාවත් උපයෝගී කරගෙන නිකන් ඉන්න වෙලාවට අපි පරිගණක ක්‍රීඩා නිර්මාණය කරනවා. ඔහු පුංචි කාලේ අත්දැකීම් ගැන අද දවසේදී කියන්නේ එහෙමයි.' 

දවස තිස්සෙම පරිගණකයේ එල්ලිලා ඉන්න මාර්ක්ට බැනලා පොත ගන්නවා කියනවා වෙනුවට මාර්ක්ගේ දක්‍ෂතාව හඳුනාගත් ඔහුගේ බුද්ධිමත් මවුපියන්, සකර්බර්ග්ට හොඳ පරිගණක අධ්‍යාපනයක් ලබාදෙන්න හිතලා පරිගණක ගුරුවරයෙක් වන ඩේවිඩ් නිව්මන් (David Newman) ගෙදරටම ගෙන්වනවා. පුංචි කාලෙ ඉදන්ම පරිගණකවලට පමණක් සීමා නොවන මාර්ක් සාහිත්‍යයට සහ ක්‍රීඩාවටත් මනා දක්‍ෂතාවක් පෙන්වනවා. පරිගණක විද්‍යාව සහ මනෝ විද්‍යාව හැදෑරීම සඳහා 2002 වසරේදී ලොව විශිෂ්ටතම හාවර්ඩ් සරසවියට ඇතුළුවීමේ වාසනාව මාර්ක්ට හිමිවෙනවා. ප්‍රථම වසරේදීම වැඩසටහන් නිර්මාණය සම්බන්ධයෙන් දක්වන දක්‍ෂතා නිසා විශ්වවිද්‍යාලය තුළ පරිගණක වැඩසටහන් නිර්මාණකරුවෙක් විදියට යම්කිසි ප්‍රසිද්ධියක් මේ කාලයේදී ඔහු ලබනවා. ඔහු ෆේස් බුක් නිර්මාණය කරන්න පෙර නිර්මාණය කරන ෆේස්මෑෂ් (Facemash) වෙබ් අඩවියද සැලකිය යුතු ජනප්‍රියතාවක් ලබන්නේ ඒ හරහා සරසවියේ මිතුරන් දෙදෙනකුගේ ඡායාරූප දෙකක් සසදා එහි ගැළපීමට අදාළ කැමැත්ත ඡන්දය ඔස්සේ ප්‍රකාශ කරන්න අනෙක් මිතුරන්ට අවස්ථාව ලැබෙන නිසා. නමුත් විශ්වවිද්‍යාල පරිපාලනය එම වැඩසටහන විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කරවීම තහනම් කර එය නවතා දමන්න තීරණය කරනවා. ඔහුත් සාමාන්‍ය ශිෂ්‍යයෙක් වුණා නම් විශ්වවිද්‍යාල බලධාරීන් තහනම් කළ වැඩසටහනක් අලුත් මුහුණුවරකින් යළිත් කරළියට ගේන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. නමුත් නිශ්චිත අරමුණක් හඹාගිය මාර්ක් සකර්බර්ග් සාමාන්‍යයෙන් අසාමාන්‍ය තරුණයෙක් වුණ නිසා ෆේස්මෑෂ් ඔස්සේ තව තවත් අලුත් දේ හිතන්න පටන් ගත්තා. ඔහු ෆේස්මෑෂ් තහනම තර්ජනයක් විදියට දැක්කේ නැහැ. ඔහු ඒක අලුත් දේ තව තවත් හොයන්න ලැබුණ අවස්ථාවක් කියලා හිතුවා. මාර්ක්ගේ ක්‍රමයට කැමැති අය ඔහු වටා එක් රොක් වුණේ සමාජයට දැනෙන යමක් දෙන්න හිතාගෙන. මෙහෙම එකතු වුණ මහ මොළකාරයන් පස් දෙනෙක්ගේ දක්‍ෂතාවයේ සහ බුද්ධියේ ප්‍රතිඵලයක් විදියට තමයි ෆේස් සමාජ සම්බන්ධතා ජාලය නිර්මාණය වෙන්නේ. ඔවුන් සියලු දෙනා හාවර්ඩ් සරසවියේ දෙවැනි අවුරුද්දේ ඉන්න සමයේදී ඒ අනුව ෆේස් බුක් සම නිර්මාතෘවරුන් විදියට Eduardo Saverin, Andrew McCollum,   Dustin Moskovitz සහ Chris Hughes ඉතිහාසගත වෙනවා.

මුහුණු පොත නිර්මාණය වේ.

2004 වසරේ පෙබරවාරි මාසයේදී ෆේස් බුක් (The Fecebook) නමින් අරඹන මෙම ජාලය ටික කාලයක් යද්දී ඔවුන් එය ෆේස් බුක් (Facebook)  විධියට සන්නම පවත්වාගෙන යන්න තීරණය කරනවා. ෆේස් බුක් වෙනුවෙන්ම කැපවෙන්න හිතන මාර්ක් දෙවැනි වසරේදී හාවර්ඩ් සරසවියෙන් ඉවත් වෙනවා. අනාගතය පිළිබඳ දිගු කාලීන දැක්මක් හිතේ තියාගෙන අතරමඟ දී සරසවි අධ්‍යාපනය නතර කිරීම ඉතා අවදානම් තීරණයක් වෙනවා.

නොසිතූ විදියට 2004 අවසාන වනවිට ෆේස් බුක් ජාලයේ සාමාජිකයන් සංඛ්‍යාව මිලියනයක් දක්වා ඉහළ යනවා. 2005 වසර වන විට ෆේස් බුක් සමාජ සම්බන්ධතා ජාලයේ දියුණුව වටහාගත් ACCEL සමාගම ඩොලර් මිලියන 12.7ක් ෆේස් බුක් සමාගමේ ආයෝජනය කිරීම නිසා දැවැන්ත පෙරළියක් බවට පත් වෙනවා. 2005 වසර අවසාන වෙන විට සාමාජික සංඛ්‍යාව මිලියන 05ක වර්ධනයක් කරා යන්න අවස්ථාව ලැබුණේ පාසල් ශිෂ්‍යයන් සහ සරසවි සිසුන් ෆේස් බුක් වෙත ඉතා ඉක්මනින් ඇබ්බැහිවීමෙන්.

ෆේස් බුකිය

Facebook වෙබ් අඩවිය යනු මේ වන විට ලොව වැඩියෙන්ම ජනප්‍රිය වෙබ් අඩවිය කිවහොත් නිවරැදිය. සංඛ්‍යා දත්ත අනුව එය දෙවැනි වන්නේ ගූගුල් වෙබ් අඩවියට (සෙවුම් යන්ත්‍රය) පමණි. ෆේස් බුක් වෙබ් අඩවිය දක්වන ආකාරයට ඔවුන් සතුව මිලියන 500 ක සාමාජියකින් ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ගෙන් අඩක් සෑම දිනකම සිය අඩවිය වෙත පිවිසෙති. එක් සාමාජිකයෙකුට සාමාන්‍ය වශයෙන් 130ක පමණ මිතුරන් ප්‍රමාණයක් සිටින අතර මාසයකට විනාඩි බිලියන 700 ක කාලයක් සිය සාමාජිකයින් පිරිස එහි රැ‍ඳෙති.  C++ ~ƒ PHP කියන පරිගණක භාෂාවලින් ලියැවුණු ෆේස් බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවිය ලෝකය පුරාම ව්‍යාප්ත වී අවසානයි. බොහෝ දෙනාගේ ජීවිතයේ පිටු අලුතෙන් ලියන්න තරම් සමත්කමක් ඒම නිර්මාණය සතු වුණා. මේ නිසාම, ලෝක ප්‍රකට ටයිම්ස් සඟරාව 2010 වසරේදී වසරේ මිනිසා (The Person of the Year) ලෙසට මාර්ක් සකර්බර්ග් නම් කරනු ලැබුවා. වයස විසිහයක් තරම් අයෙක් මෙතරම් සමත් කමක් දක්වාවි යයි  කිසිවෙකුත් නොසිතන්නට අැති.

දැවැන්ත චෝදනා රැසක්

මේ කාලයේදීම සකර්බර්ග්ට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවුණා. ෆේස් බුක් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු අනිසි විධියට භාවිත කරනවා කියන ප්‍රධාන චෝදනාව වුණේ දැඩිව එල්ල වුණා. ඔබත් ෆේස් බුක් සාමාජිකයෙක් නම් ඔබට මම කියන දේ වැටහෙයි. අපි ඇතුළත් කළ ඡායාරූප පණිවුඩ හා වෙනත් තොරතුරු මකා දැම්මත් ඒවා ඇත්තටම මැකෙනවාද නැත්නම් ෆේස් බුක් ආයතනය ඒවා වෙනම තැනක ගබඩාකර තබනවාද කියලා ගැටලුවක් තියෙනවා. මාධ්‍යවේදීන්, මානව හිමිකම් සංවිධාන, සරසවි ඇදුරන් ආදී බොහොමයක් දෙනා සකර්බර්ග්ට මේ සම්බන්ධව චෝදනා රැසක් එල්ල කළා. ඒ වගේම ඔහුට එල්ල වුණ තවත් දැවැන්ත චෝදනාවක් වෙන්නේ සකර්බර්ග් ඇතුළු පිරිස Harvard Connection සමාජ සම්බන්ධතා ජාලයේ සංකල්ප හොරකම් කරලා ෆේස් බුක් නිර්මාණය කරලා තියෙනවා කියලා. හාවර්ඩ් කනෙක්ෂන් කියන්නෙත් සකර්බර්ග් වගේම හාවර්ඩ් සරසවියේ සිසුන් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු සමාජ සම්බන්ධතා ජාලයක්. එම ජාලය නිර්මාණය කරන මුල් අවධියේදී මාර්ක් සකර්බර්ග්ද එම පිරිස සමඟ එකතු වෙලා වැඩකරලා පසුව එම කණ්ඩායමෙන් ඉවත් වෙලා හාවර්ඩ් කනෙක්ෂන් නිර්මාණය කරන්න මූලික වුණ සංකල්පයන් ඔස්සේ ෆේස් බුක් නිර්මාණය කළ බවට දැවැන්ත චෝදනාව දිගින් දිගටම ඔහුට එල්ල වුණා.

කෙසේ වෙතත් අදාළ නඩු විභාගය අවසානයේ දී මාර්ක් සකර්බර්ග් හාවර්ඩ් කනෙක්ෂන් වෙබ් අඩවියේ බුද්ධිමය දේපොළ යම් තරමකට හොරකම් කරලා තියෙන බව තීරණය කෙරෙනවා. ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්නත් ඔහුට සිදු වුණා. ඒ වගේම ඔහු ෆේස් බුක් සාමාජිකයන්ගේ පෞද්ගලික පණිවුඩවලට රහසිගත බව යම් තරමකට පිටතට කාන්දු කර ඇති බවටත් හෙළි වුණා. තමා දැන් අත්දැකීමෙන් පරිණත වෙමින් යන බවත් නැවත ඒ වගේ දේවල් සිදු නොවන බවත් කියමින් අදාළ දෙවැනි චෝදනාව සම්බන්ධව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින සකර්බර්ග් ෆේස් බුක් සමාගමේ දිගු කාලීන දැක්ම වන "මුළු ලෝකයටම විවෘත ජාලයක් බවට කිරීම" විනා මිනිසුන්ගේ පෞද්ගලිකත්වය විකුණීම නොවන බව පැවසෙනවා.


තරුණ ව්‍යාපාරිකයා

ෆේස් බුක් ඔස්සේ ප්‍රකෝටිපතියෙක් දක්වා ගිය ගමන පහසු එකක් නාෙවුණ බව පැහැදිලිවනුයේ විවිධ හේතු නිසා නඩු පිට නඩුවලට මුහුණ දීමට සිදුවීමෙන්. මේ හේතුවෙන් ඉතාම කෙටි කාලයකදී මාර්ක් ලෝකයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වුණ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. සකර්බර්ග්ගේ ජීවන කතාව ඇතුළත් කර ලියූ The Accidental Billionaires කෘතිය ඔස්සේ බෙන් මෙස්රිච් (Ben Mezrich) ගේ  The Social Network සිනමාපටය නිර්මාණය වෙනුවෙන් ඇකඩමි සම්මාන අටක් දිනාගත් ගන්නවා.

Scout Spirit Award, and this time it's going to Facebook founder Mark Zuckerberg who has donated $25 million to help combat the Ebola virus in West Africa
ලෝකයේ ප්‍රබල ව්‍යාපාරිකයන් රැසක් බිහිකළ සිලිකන් නිම්නයෙන් බිහිවුණ මෙම තරුණ ව්‍යාපාරිකයා සරසවි සමයේ සිට ඇතිකරගත් දිගු කාලීන ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ප්‍රිස්සිලා චෑන් සමඟ විවාහ වෙනවා. වයස සහ අඩු අත්දැකීම දැවැන්ත ව්‍යාපාරයක් පටන්ගන්න ගැටලුවක් නෙවෙයි කියන කාරණය ඔස්සේ තවමත් තුරුණු වියේ පසුවෙන මාර්ක් සකර්බර්ග් තරුණ ව්‍යාපාරිකයන්ට හොඳ පාඩමක් උගන්වන්වා තිබෙනවා. ඔහු ජාත්‍යන්තර ව්‍යාපාරික ලෝකයට පිවිසෙන විට බොහොමයක් දෙනා පැවැසුවේ ඔහුට ව්‍යාපාර කටයුතු සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක් නොමැති නිසා අනිවාර්යෙන්ම වැඩිකාලයක් නොමැති බව පැවසුවත් සකර්බර්ග් වැටි වැටී අත්දැකීම් ලබා ඉදිරියටම යනවා. ඒ නිසාම වසර කීපයක් ඇතුළත ෆෝර්බ්ස් සඟරාවට අනුව ලෝකයේ බලවත්ම පිරිමින්ගේ ලැයිස්තුවේ නව වැනි තැනටත් ඇමෙරිකාවේ ධනවත්ම පිරිමින්ගේ ලැයිස්තුවේ 36 වැනි තැනටත් පත්වෙනවා.

සයිබර් විජිතය

බිලියන එකක් සාමාජිකයන්ට තත්පරයක් යන්න කලින් පණිවුඩ, මතයන් සහ තොරතුරු ගෙනියන්න තියෙන බලය නිසා ෆේස් බුක් වෙබ් අඩවිය ඔස්සේ මාර්ක්ට ලැබුණේ සීමිත සිවිල් බලයක්. සමහර රටවල දේශපාලන මතයන් ගෙනයෑමේ ප්‍රධාන මාධ්‍යය විධියට ක්‍රියා කළේ ෆේස් බුක් සම්බන්ධතා ජාලය. අරාබි වසන්තය ෆේස් බුක්වලට යටින් දිවෙන අසීමිත බලය පෙන්නපු හොඳ අවස්ථාවක්. දේශපාලනික වෙනස්කම් කරන්න ෆේස් බුක් අවියක් විධියට භාවිත කරන බව පෙන්වීම නිසා චීනය, පාකිස්තානය, උස්බෙකිස්තානය, සිරියාව වගේ රටවල ෆේස් බුක් සම්පූර්ණයෙන්ම තහනම් කර අවසානයි.

ෆේස් බුක් සමාගමේ සභාපති සේම ප්‍රධාන විධායක නිලධාරියා වෙන මාර්ක් තාමත් කාර්යාලයට එන්නේ සරසවි සමයේදී ඔහු අඳින්න වඩාත් ප්‍රිය කළ ඩෙනිම් කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසිලා ඉතාම සරල සහ සැහැල්ලු ආකාරයටමයි. ෆේස් බුක් සමාගමේ සාර්ථකත්වයට අවශ්‍ය දක්‍ෂ මානව සම්පතක් රැස්කරගෙන නොතිබෙන්නටත් එහි අලෙවිකරණ සහ මෙහෙයුම් කටයුතු සඳහා සහ නම් දැරූ දක්‍ෂ කළමනාකරුවන් යොදා ගැනීමටත් ඔහු බුද්ධිමත් වුණා. ඒ ඔස්සේ ඔහුගේ නොමේරූ ගතිය තවදුරටත් අඩුකර ගනිමින් සෙමෙන් සෙමෙන් පරිණත වෙන්න හැකියාවද ලැබුණා.

සයිබර් අවකාශයේ ව්‍යාපාර විජිතයක් බවට පත්කළ සකර්බර්ග් 21 වැනි සියවසේ ජීවත්වන නවීන මිනිසාගේ අවශ්‍යතාවන් සහ වුවමනාවන්ට ගැළපෙන සේවාවන් දුන්න නිසා ෆේස් බුක් ජාලය ලෝකය පුරා උන්මාදයක් කළ බව නිසැකයි.  වොරන් බෆට් වගේම මාර්ක් සකර්බර්ග්ද සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් මිලියන ගණනින් වියදම් කරන ව්‍යාපාරිකයෙක් විදියටත් ප්‍රසිද්ධයි. තවදුරටත් අනාගතයේදී ඔහුගේ ධනයෙන් 50%ක් සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් යොදන්න ඔහු සූදානම් බව ප්‍රසිද්ධ පොරොන්දුවක් දෙමින්ද කියලා තියෙනවා. බිල් ගේට්ස්, ස්ටිව් ජොබ්ස් පරම්පරාවේ තවත් පුරුකක් වෙන මාර්ක් සකර්බර්ග් ලෝක ඉතිහාසයට අරුතක් දුන් බාලදක්ෂයෙක් කියලා කට ඇරලා කාටත් කියන්න පුළුවන්.

විශේෂ ස්තූතිය කැළුම් වැලිගම

Friday, September 4, 2015

22nd World Scout Jamboree

Sri Lankan Scouts attending 22nd WSJ at Sweden

The Scout movement started with 24 young people 104 years ago by now grown as a world body with over 29 million members all over the world.  22nd world scout Jamboree was held in Kristianstad, Sweden from 27 July to 7 August 2011. 38,000 scouts from 150 countries participated the Jamboree. Sri Lanka contingent consisted 120 scouts and leaders. The Sri Lankan Contingent leader Attorney at Law Mr. Janaprith Fernando said that king gave patient hearings when they pointed out the relevancy of his present to the Asia Pacific Jamboree in Sri Lanka. He also said that the official invitation through diplomatic channel will be extended in due course.

The Leaders of Sri Lanka Scout contingent who attends the 22nd World Scout Jamboree currently in progress in Sweden presented the letter of Invitation by the Sri Lanka Scouts movement to His Majesty the King when he visited the Jamboree. 

The King of Sweden His Majesty Carl XVI Gustavwho is also a scout and the President of the World Scout Foundation drew himself in his car to the Jamboree and met the leaders of World Scout contingents at the make shift reception centre at the Jamboree site.

The King of Sweden gives a patient hearings to Sri Lanka
The King of Sweden is playing a leading role to educate the younger generation of their rights and obligations in the society through scout movements. The Royal family the King and Queen SIlvia spent the whole day meeting Scout leaders of various countries and stressed the importance of promoting more inputs to develop the scout movement to promote people to people contact.

Prabath Kularathna presented theletter of invitation to King of Sweden to visitSri Lanka for the centenary celebration in April 2012 in Dambulla.
Sri Lanka is to celebrate the centenary celebration of the Sri Lannka Scout movement in Dambula from 1-6 April 2012 where the Asia- Pacifi Region Jamboree will also be held. Around 7000 scouts are expected to take part from the regional countries this jamboree. The Sri Lankan Contingent leader Attorney at Law Mr. Janaprith Fernando said that king gave patient hearings when they pointed out the relevancy of his present to the Asia Pacific Jamboree in Sri Lanka. He also said that the official invitation through diplomatic channel will be extended in due course.


The 122 Scouts from Sri Lanka clad in gray uniform with national flag have been praised and revered by all the scouts at the 22nd World Scout Jamboree in Sweden.

Scouts from various countries gathered to taste the food and culture of this island of paradise at this Jamboree, where 39000 scouts from 160 countries are camping in Rinkaby, Southern Sweden, 800 km away from Stockholm.

Lions of Sri Lanka making friends
Though numerous activities and events going on are making it nearly impossible to experience all the camp has to offer in 10 short days, a sizeable number of scouts from many countries had shown interest in tasting the Sri Lankan food. 




Traditional Perahara
 

scout contingent from Italy and Germany enjoy the SL foods
Various nationals who visited the camp site daily

'' Camping in Camp is  one of the important activity of the Jamboree. Here the Lankan contingent gets briefed from the Contingent leader Attorney at Law Janaprith Fernando before they leave for camp in Norway.''

 

Jamboree Mondial

The World Scout Jamboree will be a gathering of Scouts from around the world for 12 days from 27 July to 7 August 2011.
The theme of the 22st World Scout Jamboree in 2011 is “Simply Scouting” – which will capture the traditions of Scouting: Meetings, Nature, Solidarity.
40,000 young people will camp, live and work alongside each other.  They will come from a variety of different cultures, backgrounds, and religions.  Together they will celebrate what unites them, and learn what they can do together to help build a better world.
Where there are travelers, there is bound to be lots of mail!  Our Salute shows some philatelic examples from WJ of the past as our contribution to Join-in-the-Jamboree.  Enjoy the show!
Other Online Resources

22nd WSJ Event Card from - Asian Tribun

The World Scout Jamboree in Sweden with 39,000 participants runs a cash free Jamboree. throughout its ten day programme. Everyone in the Contingents and the Planning Team are issued an ID-card when they check-in on the campsite. The same card has a cash function which is called the Event Card.

Sri Lankan contingent being instructed about their camp out activities by Swedish instructor at the 22nd Jamboree site in Sweden
Participants can load their card with money before coming to the Jamboree and use this card to pay with during the Jamboree. Card is the life line within the Jamboree, whether you want an ice cream or buy a postcard to send to your family, you can pay for it with your Event Card.

One of the goals of the 22nd World Scout Jamboree is to minimize the usage of cash. The announcement of the Event Card is part of the plan, but what is it and how does it work?
Every shop and cafe will accept the Jamboree Event Card in addition to Visa, Visa Electron, MasterCard, Maestro, JCB and American Express. This is the part of multitudes of prohramme introduced to the scouts.

Sri lankan scouts introducing a traditional game 'kottapora' for 22nd WSJ
This is also a new experience to many of our young scouts. As they are students and even some of them are from villages in Sri Lanka they are yet to be exposed to handling credit cards with banks.
An organizer when asked said that there are several ways of loading your card with money. The easiest way is to do it before you arrive to the Jamboree by using a credit or debit card. During the Jamboree the parents can check the balance and reload the card over the Internet, or you can do it yourself at one of the Internet cafes on the Jamboree. You can also go to the bank and use cash to load the card.

The Event Card is personal and enables all participants to enjoy the Jamboree in a safer way. If someone loses his or her Event Card they can block it and get a new card and the remaining balance will be transferred to the new card. This Card and normal electronic cards are accepted everywhere on the campsite.

"The Jamboree will show the world that cash is a thing of the past. Tomorrow will be cash free" an administrator of the Jamboree said.

If you want to load your card with money, or just curious about the details, you can find more information here: http://www.worldscoutjamboree.se/eventcard.