Translate

Friday, December 28, 2018

ප්‍රථමාධාර

බාලදක්ෂයන්ට ප්‍රථමාධාර පුහුණුව

අනපේක්ෂිත අවස්ථාවක අනතුරක් උනොත් රෝගියාව රෝහලට ගෙනියන්නට කලින් කලයුතු වත් පිළිවෙත් කියන එකටයි. 

ප්‍රථමාධාර යනු යම් හදිසි අනතුරකදී හෝ රෝගී තත්ත්වයකදී, පුහුණු ප්‍රථමාධාරකරුවෙකු විසින්, පිළිගත් ක්‍රම සහ න්‍යායයන්ට අනුකූලව, පරිසරයේ ඇති සුදුසු සම්පත් උපයෝගී කරගනිමින්, රෝගියාට වෛද්‍යාධාර ලබාදීමට පෙර ලබාදෙන තාවකාලික ආධාරයයි.

"First Aid for Life - එදිනෙදා දිවියට ප්‍රථමාධාර" ක්‍රියාත්මක කරන්න නම් ප්‍රථමාධාර සම්බන්ධයෙන් මනා දැනුමක් සහ කුසලතාව තියෙන්නම ඕනෙ. ගම් නගර වල ඉන්න අපේ ජනතාවට ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් කරන්න ගියාම අපි දකින දෙයක් තමයි, අපේ 80% ක් විතර මිනිස්සු ප්‍රථමාධාර කියල කරන්නෙ, ඒ රෝගියාට කරන්න සුදුසුම නැති දේවල්. ප්‍රථමාධාර කියලා හිතාගෙන වැරදි දෙයක් කරල ලෙඩාගෙ ජීවිතේ තවත් අනතුරේ දානවට වඩා හොඳයි මොකුත් නොකර ඉන්න එක. ඒ නිසා ප්‍රථමාධාරය ක්‍රියාත්මක කරන කෙනාට ප්‍රථමාධාර පිළිබඳව මනා දැනුමක් සහ පුහුණුවක් තිබීම අනිවාර්යයි. ඒ වගේ පුද්ගලයෙක්ව තමයි අපි "පුහුණු ප්‍රථමාධාරකරුවෙක්" කියල හඳුන්වන්නේ. එහෙනම් හදිසි අනතුරකදී හරි රෝගී අවස්ථාවකදී හරි ප්‍රථමාධාර කරන්නෙ කවුද? පුහුණු ප්‍රථමාධාරකරුවෙක්.

*සැලකිය යුතුයි – ප්‍රථමාධාර පිළිබඳ නිසි දැනුමකින් තොරව ප්‍රථමාධාර ලබාදීම රෝගියාට හානිකර විය හැකි බව සිහිතබාගන්න. 


බාලදක්ෂයෙකු ලෙස ප‍්‍රථමාධාර ක්‍රම ගැන ඔබ දැනුවත්ද ?

මඟ තොටේදීත්, නිවසේදීත්, ඇතැම් විට රැකියාව කරන ස්ථානයේදීත් අප බොහෝ විට විවිධ හදිසි අනතුරුවලට මුහුණ දෙනවා. මෙවැනි අවස්ථාවල දී ගත යුතු හදිසි ප‍්‍රථමාධාර පියවර පිළිබඳ අප නිවැරැදි ව දැනුවත් වී සිටී නම් අනතුරුවලින් මතුවන ජීවිත අවදානම මඳක් හෝ අඩුකර ගැනීමට එය මහත් පිටිබලයක් වෙනවා. 

* ඇතැම් හදිසි අනතුරුවල දී අප විසින් අනුගමනය කරනු ලබන වැරැදි කි‍්‍රයාකාරකම් සමහරක් සහ ඒ වෙනුවට අනුගමනය කළ යුතු නිවැරැදි ප‍්‍රථමාධාර පියවර කෙරෙහි අවධානය යොමුකලයුතුයි.

හදිසි ආපදාවකදී ප්‍රථමාධාර

ක්‍රීඩා කිරීමෙදි උලුක්කු වූ විට

  • වි‍‍වෙකීව තබන්න
  • සීතල කරන්න
  • සිසිල් රදවනයක් යොදන්න
  • ඔසවා තබන්න

අස්ථි භග්නයක් වූ විට

  • ස්ථානය නො‍සොල්වා තබන්න 
  • උරමාවක් යොදන්න
  • රුධිර වහනය ඇත්නමි නවත්වන්න
  • ආහාරපාන නොදෙන්න
  •  රෝහළ වෙත රැගෙන යන්න

සර්පයෙකු දෂ්ඨ කිරීම

  •  රොගියා බිය නොකරන්න
  • දෂ්ඨ කළ ස්ථානය නිශ්චල කරන්න
  •  රොගියා ඔසවා ගෙන යන්න
  • ජලය වත් කරමින් සෙමෙන් සෝදන්න
  • දෂ්ඨ කල කොටස හෘදයට වඩා පහත් කර රෝහළ වෙත රැගෙන යන්න

ක්ලාන්තය

  •  රෝගියා හාන්සිකර පාද දෙක ඔසවා හිස පසෙකට හරවන්න
  • තද ඇදුමි බුරුල් කරන්න
  • පිරිසිදු වාතාශ්‍රය ලබා දෙන්න
  • පවන් සලන්න
  • මුහුණ සිසිල් කරන්න
  • සිහිය නැති වුවහොත් රෝහළ වෙත ගෙන යන්න

උගුරේ යමක් හිරවීම

  • රෝගියාට කහින ලෙස උපදෙස් දෙන්න
  • රෝගියාට සිට ගැනීමට සලස්වා උරහිස් පෙදෙස ඉදිරියට නමා උරපතු අතර මැදට සාමාන්‍ය පහරවල් 4 ක් හෝ 5 ක් තටිටු කරන්න
  •  රෝ/ියා පිටු පසින් සිට තමාගේ දෑත් රෝගියාගේ බද වටා තබා පපු අස්ථියේ කෙළවර 4 වරක් හෝ 5 වරක් ඉහළට තෙරපන්න
  •  රෝගියා සිහිමුර්ජා වී ඇත්නමි ආරක්ෂිත ඉරියවිවෙන් තබා රෝහළ වෙත රැගෙන යන්න

රසායනාගාරයේදී පිළිස්සීම

  • අනතුරින් මුදවා ගන්න
  • බිය දුරු කරන්න
  • විනාඩි 12 - 15 ක් ගලා යන ජලයෙන් සිසිල් කරන්න
  • ඇසිඩි තැවරී ඇති ඇදුමි කපා ඉවත් කරන්න
  •  රෝහල් ගත කරන්න
 ---------------------------------------------

කැපීමක් හෝ සීරීමක් හෝ සිදු වූ විට

මෙවැනි අවස්ථාවල තුවාලය මතට හයිඩ‍්‍රජන් ෆෙරොක්සයිඩ් වැනි විෂබීජ නාශකයක් දැමීමට අප බොහෝ විට උත්සුක වෙනවා. සැබවින්ම මෙමඟින් කැපීම් තුවාලය මත ඇති විෂබීජ විනාශ වීමෙන් සිදුවන යහපතට වැඩි අයහපතක් සිදුවන බව ඔබ දැන සිටියා ද?
හයිඩ‍්‍රජන් ෆෙරොක්සයිඩ් මඟින් තුවාලය මත ඇති විෂබීජ නසන අතර ම තුවාලය සුව වීමට මුල්වන අලුත් නිරෝගි සෛල ද විනාශ කර දමනවා. එමඟින් සිදුවන්නේ තුවාලය සුව වීම තවදුරටත් පමා වීමයි. එහෙයින් සම මත කැපීමක් හෝ සීරීමක් සිදු වූ විට අනුගමනය කළ යුතු නිවැරැදි ම පිළිවෙත වන්නේ, හැකි ඉක්මණින් සබන් සෝදා පිරිසුදු ජලයෙන් මෘදු ලෙස තුවාලය සෝදා හැරීමයි. ඉන් පසුව දූවිලි හා විෂ බීජ ඇතුළු වීම වැළැක්වීමට පිරිසුදු රෙදි පටකින් හෝ බැන්ඩේජ් පටියකින් හෝ ආවරණය කිරීමත් වැදගත්. එසේ කිරීමෙන් අනතුරුව දින දෙක තුනක් යනතුරු නියෝස්පරින් [Neosporin] වැනි ප‍්‍රතිජීවක ඖෂධයක් තුවාලය මත ආලේප කිරීම එය සුව වීම සඳහා හොඳට ම ප‍්‍රමාණවත්.

ආහාර ස්වාස නාලයේ සිර වූ විට

සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘ඉස්මොල්ලෙ යාම’ ලෙස හඳුන්වන මෙබඳු අවස්ථාවක අදාළ පුද්ගලයා ගේ පිට ප‍්‍රදේශයට අත්ලෙන් තදින් පහරදීම සිදුකෙරෙනවා. මෙලෙස තදින් පහරදීමෙන් බලාපොරොත්තු වන්නේ ස්වාස නාළයේ සිදුව ඇති අවහිරතාව ඉවත් කිරීමයි.
නමුත් මේ ක‍්‍රමය වැරැදි ප‍්‍රථමාධාර ක‍්‍රමයක් බවයි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප‍්‍රථමාධාර පිළිබඳ උපදේශකවරුන් පවසන්නේ. මෙවැනි ඉස්මොල්ලෙ යාමක් සිදු වූ අවස්ථාවක අනුගමනය කළ යුතු හාඳම ක‍්‍රමය වන්නේ ඔහු හෝ ඇය හෝ පහසුවෙන් දිගා කරවීමයි. ඉන් පසු උදරය තෙරපීම මඟින් ස්වාස නාළයේ සිරවූ ආහාර කැබලි හේතුවෙන් සිදුවන හුස්ම ගැනීමේ අවහිරතාව වළකා ගත හැකියි.

සිහි මුර්ජා වූ විට දී

යම් පුද්ගලයකු සිහි මුර්ජා වීමකට ලක්වූ අවස්ථාවන් වලදී මෙම ‘දිව ගිලීමේ’ තත්ත්වය ඇතිවිය හැකියි. එවන් අවස්ථාවක අසල සිටින අය කරන්නේ, සිහිසුන් වී ඇති තැනැත්තා ගේ මුවට හැන්දක් හෝ වෙනත් එවැනි මිටක් සහිත යමක් හෝ ඇතුළු කිරීමට උත්සහ කිරීමයි. මෙයත් අනුමත කළ හැකි අන්දමේ ප‍්‍රථමාධාර ක‍්‍රමයක් නම් නො වේ. මෙවැනි අවස්ථාවක් උද්ගත වූ විට පළමුව කළ යුතු වන්නේ රෝගියා පැළඳ ගෙන සිටින හිස්වැසුම් ආදිය ඉවත්කොට, හිසට පහසුවක් ඇතිවන ආකාරයට කොට්ටයක හෝ කුෂන් එකක් මත හෝ සැහැල්ලු ලෙස දිගාකර වීමයි. අනතුරුව දිව අවහිර වීමෙන් ඇති විය හැකි හුස්ම ගැනීමේ අපහසුතා මඟ හැරවීමට නිකට මඳක් උස්සා තැබිය යුතුයි. මේ සියලු ප‍්‍රථමාධාර කටයුතු කි‍්‍රයාත්මක වන අතර අවශ්‍යයෙන් ම කළ යුතු වන්නේ රෝගියා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුකර වීමයි.

මී මැස්සකු දෂ්ඨ කළ විට

කොස්සක් වැනි යමක් වේදනාගෙන දෙමින් සම මත ඉතිරි වේ. මේ බූව ඉවත් කිරීම සිදුකළ යුතු අතර විෂ බීජ ඇතුළු නො වන පරිදි නියපොත්තෙන් හෝ වෙනත් ඊට සුදුසු උපකරණයක් ආධාරයෙන් හෝ එය ඉවත් කිරීම වඩා සුදුසුයි. ඉන් අනතුරුව අයිස් පොට්ටනියක් යොදාගෙන මී මැස්සා දෂ්ඨ කළ ප‍්‍රදේශය තැවීම, වේදනාව අඩුවීමට ඉවහල් වේ. එසේ ම සම මත එම සතා දෂ්ඨ කළ ප‍්‍රදේශය ආශි‍්‍රත ව යම් කිසි ආසාත්මිකතා ලක්ෂණයක් මතු වේ දැයි විමසිල්ලෙන් සිටීම ද වැදගත්ය.

හයිපොත(ර්)මියා තත්ත්වයක් ඇති වූ විට

හයිපොත(ර්)මියා ලෙස හඳුන්වන්නේ ශරීර උෂ්ණත්වය නියමිත ප‍්‍රමාණයට වඩා එකවිටම අඩුවීම නිසා ඇතිවන රෝගි තත්ත්වය යි. විදෙස් රටවල නම් ශීත ඍතුවේ දී මෙම රෝගි තත්ත්වය බහුලව දැකිය හැකි අතර අප රට වැනි උණුසුම් දේශගුණයක් පවතින රටවල පුද්ගලයන්ට මෙම රෝගයට මුහුණ පෑමට සිදුවන්නේ බොහෝ වේලාවක් ජලාශවල හෝ නාන තටාකවල බැස සිටීම නිසයි. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට මේ හදිසි හයිපොත(ර්)මියා අවදානම ඇතිවීමේ ඉඩ කඩ ඉතා වැඩියි. මෙවැනි අවස්ථාවකට මුහුණදීමට, ඒ සඳහා වන ප‍්‍රථමාධාර පිළිවෙත් ගැන දැනුවත් වී සිටීම ඉතා වැදගත් වෙයි. මෙහි දී අප මුලින් කළ යුතු වන්නේ රෝගියා හැඳ පැළඳ සිටින සියලු තෙත ඇඳුම් පැළඳුම් ඉවත් කර ඒ වෙනුවට උණුසුම් සහ වැඩි ගනකමින් යුතු ඇඳුම් මෙන් ම පොරෝනා වලින් ද ඔහුව උණුසුම් කිරීමයි. තදින් ම හයිපොත(ර්)මියා රෝගි තත්ත්වයට ලක් වූ කුඩා දරුවන්ට, සිය මවගේ, පියාගේ හෝ වෙනත් වැඩිහිටියකු ගේ සිරුරින් උණුසුම ලබා දීම, වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙන තෙක් ඔහුට හෝ ඇයට ලබාදිය හැකි වඩාත් හොඳ ප‍්‍රථමාධාරයක් වනු ඇත.

හදිස්සියක අවස්ථාවක දී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේරා ගැනීමට හැකි වේවි!

ප්‍රථමාධාරයක් රෝගියකු හට ලබා දෙන විට අනතුරේ ස්වභාවය, රෝගියාගේ ස්වභාවය වැනි කරුණු සැලකිල්ලට ගත යුතුයි. ප්‍රථමාධාරය ලබා දෙන පුද්ගලයා සැම විටම හොඳ සිහි කල්පනාවෙන් සිටීම අත්‍යවශ්‍යයි. එමෙන්ම තම දැනුම නිවැරැදිව භාවිත කර ප්‍රථමාධාරය ලබාදිය යුතුයි. හදිසි අනතුරක් නිවෙසක් තුළ හෝ මහමඟ හෝ සිදුවූ විට මිනිසුන් ඉතා උද්වේගයෙන් හැසිරෙනවා. මහ හඬින්, කෑ ගහනවා; හඬනවා. මෙම තත්ත්වයන් කළමනාකරණය කරගැනීමේ හැකියාවක් ද ප්‍රථමාධාර ලබා දෙන පුද්ගලයා සතු වීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම හදිසි අවස්ථාවකදී තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ප්‍රථමාධාර ලබා දෙන තැනැත්තාට හැකියාවක් තිබිය යුතුයි.

1. උගුරේ කුමක් හෝ සිර වුනොත්

First Aid

a. කිහිප වරක්  කහින ලෙස උපදෙස් දෙන්න.
b. රෝගියා සිටවා උරහිස් ඉස්සරහට නවා උර පත්ත මැද්දට හෙමිහිට සාමාන්‍ය වේගයෙන් පහරවල් කිහිපයක් තට්ටු කරන්න.
c. රෝගියාගේ පිටුපසට ගොස් තමාගේ දෑත් බැඳ වටේට දමා පපු අස්ථියේ කෙලවරට පහතින් කිහිප වරක් ඉහලට තෙරපන්න. ළදරුවන් සඳහා මේ ක්‍රම වේදය භාවිතා කරන්න එපා.
වැඩිහිටියෙක් හට මේ ක්‍රමවේදය භාවිතා කරන ආකාරය මේ වීඩියෝවෙන් පැහැදිලිව දැක්වෙනවා.

 https://youtu.be/7CgtIgSyAiU

උගුරේ යම් යම් දේවල් වැඩිපුර සිරකරගන්නේ කුඩා දරුවන් බැවින් ළදරුවෙකුට මේ ප්‍රථමාධාරය දෙන ආකාරය ගැන මේ වීඩියෝවෙන් දැනගන්න

https://youtu.be/aXaLc-AwX2g

ඔබ තනිවම සිටින වේලාවක මේ වගේ අණතුරක් සිදුවුණොත් ඒ සඳහා අනුගමනය කරන්න පියවර කීපයක් තිබෙනවා. පහත වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඔබේ උදරය පුටුවකට තෙරපීමෙන් ඔබට ඒ ප්‍රථමාධාරය ලබාගත් හැකියි. මේ වගේ අවස්ථාවක කලබලයට පත් නොවී සිටීමට උත්සාහ කිරීම ඉතා වැදගත්.

https://youtu.be/FEr9jjZ6fi8

මේ කිසිවක් කලත් ප්‍රතිඵල නැතිනම් සිරුර ඉහල පහල නොයන ලෙස තබා ලඟම ඇති රෝහල වෙත රැගෙන යන්න.

2. සර්පයෙකු දෂ්ඨ කල විට


Source – howstuffworks.com
Source – howstuffworks.com
a. රෝගියාව බය කරන්න එපා. ඔහුව සන්සුන් කරන්න. සර්පයාගේ දලින් සිරුරට එකතු වෙන්නේ විෂ. ඉතින් අපි රෝගියාව කලබල කරොත් රෝගියාගේ හර්ද ස්ඵන්ධනය වැඩි වෙලා ඒ විෂ ශරීරාංග වෙතට යන්නට ගතවෙන්නේ සුළු වෙලාවයි.
b. දෂ්ට කල ස්ථානය නිසල කරවලා ඊට ඉහලින් රෙදි පටියකින් තදින් ගැට ගසන්න.
c. ඔහුට ඇවිදින්නට දෙන්න එපා. ඔහුව හාන්සි කරවලා ඔසවාගෙන යන්න.
d. ඒ වගේම රැගෙන යන විට දෂ්ට කල ස්ථානය හැම විටට හදවතට පහල ස්ථානයකින් තිබීම වැදගත්.
(නිද: දෂ්ටකලේ කකුලට නම් කකුල හදවත තියෙන උසට වඩා අඩු උසකින් ඔසවා රැගෙන යා යුතුයි.)
රෝගියාව සන්සුන් කරන්න උත්සාහ කරන්න. හැකිනම් දෂ්ට කල සර්පයාගේ වර්ණය, හැඩරුව ගැන විමසා දැනගන්න උත්සාහ කරන්න. සර්පයා සොයා යන්න උත්සාහ කරන්න එපා.
කැෆීන් සහ මධ්‍යසාර අඩංගු කිසිවක් බීමට දෙන්න එපා එය ශරීරය පුරා විෂ පැතිරීම ඉක්මන් කරයි.
පුළුවන් තරම් ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යන්න.

3. ක්ලාන්තයක් සිහිමුර්ජාවක් වුනොත්


Source – recert911.work
Source – recert911.work
a. රෝගියා නිදිකරවන්න. පාද දෙක ඉහලට ඔසවා හිස පැත්තකට හරවන්න.
b. රෝගියා ඇඳගෙන ඉන්නේ තද ඇඳුමක් නම් හොඳින් සිරුරට නිදහස ලැබෙන සේ තද ඇඳුම් බුරුල් කරන්න.
c. පිරිසිදු වාතය ලැබෙන්නට සලස්වන්න. කෙනෙකුට ක්ලාන්ත වී ඇති විට වටවෙලා ඔහු දිහා බලන්න ගියාම ඔහුට පිරිසිදු වාතයක් ලැබෙන්න ඉඩකඩක් නැහැනේ. ඒ නිසා ඔහුට ඒ නිදහස ලබා දෙන්න.
d. මුහුණට පවන්සලන්න, වතුර බිඳක් ඉස මුහුණ සිසිල් කරන්න.
e. සිහි නැති බව දැනුන හොත් වහාම අසල පිහිටි රෝහලට රැගෙන යන්න.

 https://youtu.be/LIiuqzvX4vs

4. සෙල්ලම් කරන විට කකුල උලුක් වුනොත්


මේවට නම් ප්‍රථමාධාර නැහැ හොඳේ!Source - Giphy.com
මේවට නම් ප්‍රථමාධාර නැහැ හොඳේ!
Source – Giphy.com
a. මිතුරාව ඔසවාගෙන සිසිල් සෙවනකට අරන් යන්න.
b. ඉදිමි ඇති ස්ථානය සිසිල් කරන්න.
c. උලුක් වූ තැන ඔසවා තියාගන්න.
d. වෙළුම් පටි වලින් ඔතන්න එපා. එතනට ලේ ගමනාගමනය නිසිපරිදි වන්නට ඉඩ දෙන්න.
e. කලබල වෙලානම් ඉන්නේ ඔහුව සන්සුන් කර අස්වසන්න. කලබල වෙලා දඟලනකොට මේ ඉදිමුම තවත් නරක අතට හැරෙන්න පුළුවන්.
f. වහාම වෛද්‍යවරයෙකු ලඟට අරන් යන්න.

 https://youtu.be/LIiuqzvX4vs

5. අස්ථි භග්නයක් (Fracture) වුනොත්


Source - radiologyassistant.nl
Source – radiologyassistant.nl
a. භග්නය වූ තැන සොලවන්න එපා.
b. භග්නය වී ඇත්තේ අතක නම් “උරමාවක්” යොදා ඇත ඔසවා තබන්න. නැතිනම් රෝගියාට ඔසවා සිටින්න කිවහොත් ඔහුට වෙනම වෙහෙසක් ඒ සඳහා දරන්නට වේවි.
c .ලේ වහනය වෙනවා නම් වහාම එය නතර කරන්න පිළියම් යොදන්න.
d. භග්නය සිදුවී ඇති අවස්ථාවේ කවන්න පොවන්න යන්නට එපා, කෙටියෙන් කියනවා නම් ආහාර පාන දීමෙන් වලකින්න.
ඉදිමුමක් ඇත්නම් තුවායක ඔතාගත් අයිස් තබන්නට පුලුවන්
e. වහාම රෝහලක් වෙත අරන් යන්න.

 ---------------------------------------------

ජීවිතාරක්ෂක මෙවලම් මල්ලක් සූදානම් කර තබන්න

වර්තමාන ලෝකයේ ස්වාභාවික විපත් බහුල වී ඇත. ශ්‍රී ලංකාවේ ද දින දෙක තුනක් නොකඩවා වර්ෂාවක් ඇති වූ විට ගංවතුර තත්ත්ව ඇති වෙයි. සෑම ළමයෙක් ම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුමය. එහිදී බාලදක්ෂ නායකයින් තමන්ගේ බාලදක්ෂයින් වෙත සපයන උපදෙසක් ඇත. එය ඔබටත් ප්‍රායෝගිකය. එළිමහන් ගවේෂණයක, පා ගමනක, එළිමහන් කඳවුරක ඔබ නොදන්නා පරිසරයකට යන ඔබගේ ගමන් මල්ලෙහි “ජීවිතාරක්ෂක මෙවලම් මල්ලක්" තිබිය යුතුබවය. ජීවිතාරක්ෂක මෙවලම් මල්ල “කුඩා වැඩමල්ලක්" ලෙස නිර්මාණය කරගත හැකි යි. එහි තිබිය යුතු අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් ඇත. 
 
1. මාලිමා යන්ත්‍රය‍
2. බාලදක්ෂ පිහිය
3. ගිනිපෙට්ටිය හෝ ලයිටරය
4. පෞද්ගලික ඖෂධ හා ප්‍රථමාධාර
5. නයිලෝන් නූල් බෝලයක්
6. බිලී කොක්කක්
7. හැඳුනුම්පත, උප්පැන්න සහතිකය හෝ ගුවන් ගමන් බලපත්‍රය.

එළිමහන් ක්‍රියාකාරකමකට සහභාගි වන සැම විටම ගමන් මල්ලේ කුමන හෝ ස්ථානයක “ජීවිතාරක්ෂක මෙවලම් මල්ල" සංචිත කළ යුතුය. එසේ නොවන සෑම අවස්ථාවක දීම ඔබ නිවසේ සිටින අවස්ථාවක ඔබගේ පොත් මේසය අසල එල්ලා තැබිය යුතුය. හදිසි ඕනෑම අවස්ථාවක ඔබ නිවසින් පිටත් වෙද්දි ජීවිතාරක්ෂක මෙවලම් මල්ල රුගෙන යාමට වගබලා ගත යුතුය. මල්ලේ ඇති උපකරණ ඔබගේ අවශ්‍යතාව අනුව ප්‍රයෝජනයට ගැනීමට හැකි වේ.

බාලදක්ෂයන්ට හදිසි අනතුරකදී බෙහෙවින් උපකාර වන ප්‍රථමාධාර පෙට්ටිය

හදිසි අවස්ථාවකදී ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව මෙන්ම ප්‍රථමාධාර ලබාදීම සඳහා අවශ්‍ය වන යම් යම් ද්‍රව්‍ය අඩංගු ප්‍රථමාධාර පෙට්ටියක් ද (First Aid Box) නිවෙසේ, බාලදක්ෂ කුටියේ, කඳවුරේ තබා ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. බලාපොරොත්තු නොවන ඕනෑම මොහොතක වන අනතුරකදී එම පුද්ගලයා රෝහල් ගත කිරීමට ප්‍රථම හෝ වෛද්‍ය උපදෙස් කරා යාමට පෙර ලබා දෙන ප්‍රථම සහ පළමු ආධාරය ප්‍රථමාධාරය ලෙස හඳුන්වනු ලබනවා. ප්‍රථමාධාර ලබාදීමේ අරමුණු කීපයක්ම තිබෙනවා. ඉන් පළමුවැන්න රෝගියාගේ ජීවිතය බේරා ගැනීමයි. හදිසි අනතුරකදී දැඩි රුධිර වහනයක් සිදුවුවහොත් එම රෝගියා මරණයට පත්විය හැකියි.

රුධිරය වහනයවීම වැළැක්වීමට ප්‍රථමාධාර ලබාදීමෙන් එය වළක්වා ජීවිතය බේරාගත හැකියි. දෙවැන්න කිසියම් හදිසි අනතුරකින් යමෙකු අසාධ්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීමයි. එසේම හදිසි අනතුර නිසා රෝගියා කිසියම් වේදනාවකින් හෝ වෙන යම් තත්ත්වයකින් පෙළෙන්නේ නම් එයින් මුදවා ගැනීම ප්‍රථමාධාර ලබාදීමේ තුන්වැනි අරමුණයි. ඊට අමතරව ළඟ තිබෙන සම්පත් කළමනාකරණය කරගනිමින් රෝගියාගේ ජීවිතය අනතුරට පත්වීමට ඉඩ නොදී හැකි විගස වෛද්‍යවරයකු වෙත යාම රෝගියකුට ප්‍රථමාධාර ලබාදීමේ අරමුණු අතර වෙනවා.


බි‍ඳෙන්නේ නැති, ජලය කාන්දු වන්නේ නැති, දිරන්නේ නැති, පෙ‍ඟෙන්නේ නැති ද්‍රව්‍යයකින් තැනූ ප්‍රථමාධාර පෙට්ටියක් වෙළෙඳ පොළෙන් ලබාගත හැකියි. නැතිනම් තමන්ටම සාදාගත හැකියි. එම ප්‍රථමාධාර පෙට්ටිය තුළට දූවිලි නොයා යුතුයි, ජලය නොයා යුතුයි. විශේෂයෙන්ම මෙම ප්‍රථමාධාර පෙට්ටිය යතුරු දමා වසා තැබීමේ හැකියාව තිබිය යුතුයි. එමෙන්ම එම යතුර වැඩිහිටියනට ඕනෑම මොහොතක ගත හැකි වන සහ කුඩා ළමයින්ට ගත නොහැකි ස්ථානයක තැබීමත් ඉතාම වැදගත්. ප්‍රථමාධාර පෙට්ටියේ යතුර සොයාගත නොහැකි ස්ථානයක තැබුවහොත් යතුර සොයාගන්නා විට රෝගියාගේ ජීවිතය අනතුරට පත් විය හැකියි. එසේම කාටත් පෙනෙන කෑම කාමරය වැනි නිවසේ සැම දෙනාම ගැවසෙන ස්ථානයක බිත්තියේ සවි කිරිමත් වැදගත්. ප්‍රථමාධාර පෙට්ටියක මෙන්න මේ ද්‍රව්‍ය අඩංගු විය යුතුයි.

  1. සරලව සහ කෙටියෙන් ප්‍රථමාධාර පිළිබඳව සඳහන් වන කුඩා පොතක්. (මෙවැනි කුඩා පොත් අද වෙළෙඳපොළෙහි විකිණීමට තිබෙනවා.)
  2. විවිධ ප්‍රමාණයේ (අඟල් 1, 2, 3, 4 ප්‍රමාණයේ) වෙළුම් පටි (බැන්ඩේජ්) අතේ ඇඟිල්ලක කිසියම් තුවාලයක් සිදු වී රුධිරය ගැලීමක් සිදුවූවොත් අඟල් 4ක් පළල ලොකු වෙළුම් පටියකින් එම තුවාලය වෙලිය යුතු වන්නේ නෑ. ඒ සඳහා සුදුසු වන්නේ අඟලක පළලින් යුතු වෙළුම් පටියක්. අතක වෙලීමක් කරන විට අඟල් 2ක් පළල වෙළුම් පටියක් භාවිත කරන්න පුළුවනි. එහෙත් වෙලීම සඳහා භාවිත කළ යුත්තේ තුවාලයට වඩා මඳක් විශාල වෙළුම් පටියක්.
  3. අතක හෝ පයක කටුවක් ඇනී ඇති විට, ගැලවීමට යොදාගන්නා උපකරණයක් (Twicer)
  4. තුඩ මොට්ට කතුරක්. තියුණු තුඩක් සහිත කතුරක් භාවිත කරන විට එය මඟින් තවත් අනතුරක් සිදුවීමට ඉඩ තිබෙනවා.
  5. අඟල් 2, 3, 5 වැනි විවිධ ප්‍රමාණයේ ක්‍රේප් බැන්ඩේජ්.
  6. කුඩා ප්ලාස්ටර් රෝලක්.
  7. ත්‍රිකෝණාකාර වෙළුම් පටි කීපයක්.
  8. ආයා කටු කීපයක්.
  9. අඟල් 3ක් පමණ පළල සවිමත් කාඩ්බෝඩ් කැබලි කීපයක් (අඟල් 6 ක් 7 ක් පමණ දිග) ගෙදර දී සිදුවන වැටීමකදී කුඩා දරුවන්ගේ අත්පා බිඳී යා හැකියි. රෝහලකට දරුවා රැගෙන යා යුත්තේ බිඳීමට ලක්වී ඇතැයි සැලකෙන ස්ථානයට කාඩ්බෝඩ් කැබලි තබා වෙළුම් පටියකින් වෙලීමෙන් පසුවයි.
  10. කුඩා ටෝච් එකක්.
  11. උණ කටුවක් (Thermometer)
  12. තුවාල පිරිසුදු කිරීමට යොදාගන්නා සේලයින් දියරය වැනි දියරයක්.
  13. අත් වැසුම් කීපයක්.
  14. මුඛ වැසුම් කීපයක්
  15. පිරිසුදු ඉටි බෑග් කීපයක්.
එසේම ඇඟිල්ලක් හෝ අතක් හෝ වෙන්වී ගියොත් ඉටි බෑගයක දමාගෙන ක්ෂණිකව රෝහලට ගියහොත් ඇතැම් විටෙක එම වෙන්වූ කොටස නැවත සවි කළ හැකි වනු ඇති.
  • තුවාලවලට බෙහෙත් දැමීමේදී සැරව ඉවත් කිරීමට උපකාරී වන Procep උපකරණයක්
  • Povidone Iodine ඖෂධ අඩංගු ටියුබයක්. මෙම ඖෂධය බැක්ටීරියා, වෛරස, වැනි ක්ෂුද්‍ර ජීවින්ගෙන් තුවාලය ආරක්ෂා කරගැනීමට උපකාර වෙනවා.
  • පැරසිටමෝල් වැනි වේදනා නාශකයක්.
ඒ ප්‍රථමාධාර පෙට්ටියක අඩංගු විය යුතු ද්‍රව්‍ය. ප්‍රථමාධාර පෙට්ටියේ අඩංගු ද්‍රව්‍ය කල්ඉකුත් වන දිනයන් පිළිබඳව අවධානයෙන් සිටීමත්, කඳවුරේ අධික උණුසුමේ බෙහෙත් තබා ගැනීමත් නොකලයුතුයි. කල් ඉකුත් වූ පසුව ඒවා ඉවත් කර නැවත අලුත් බෙහෙත්වලින් ප්‍රථමාධාර පෙට්ටිය පිරවීමත් වැදගත්. නිතර, නිතර උදේ සවස ඖෂධ ගන්නා අයෙක් බාලදක්ෂ කඳවුරු වල සිටීනම්, එම පුද්ගලයාගේ ඖෂධ ප්‍රථමාධාර පෙට්ටියේ තැබීම සුදුසු වන්නේ නෑ. 

ප්‍රථමාධාර මෙන්ම ජීවිතාරක්ෂක වැඩ කටයුතු සඳහා පෙර සූදානම

Image result for බාලදක්ෂ ප්‍රථමාධාර

කලුතර ආදී දිසා බාලදක්ෂ කන්ඩායම් විසින් වාර්ෂිකව ප්‍රථමාධාර කඳවුරු පැවැත්වීමද අගය කලයුතුයි. බාලදක්ෂයන්ගේ කාණ්ඩ නායක පුහුණුවේදී මෙන් ම සාමානය ජීවිතයට ද වැදගත් පාඩමක් වේවි.

No comments:

Post a Comment