Translate

Wednesday, July 14, 2021

ලෝක බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය (WOSM)

ලොව විශාලතම තරුණ සංවිධානය හා රාජ්‍ය නෙවන සංවිධානය ලෙස ලෝක බාලදක්ෂ සංවිධානය හැදින් වේ.(World Organization of the Scout Movement). සංවිධානය කෙටි නාමය WSOM ලෙස හදුන්වන අතර 1922 වසරේ දී ස්විට්ස්ර් ලන්තයේ ජිනිවා නගරය කේන්ද්‍ර කරගනිමින් මුලස්ථනය ආරම්භකරන ලදි. WSOM සතු මූලික ම වගකිම වනුයේ බාලදක්ෂ පෙරොන්දුව හා නිතිය යන අගයන් මත පදනම් වු ස්වයං පරිසමාප්ත පුද්ගලයන් වශයෙන් සමාජයට ඵලදායි කාර්යභාර්යක් ඉටුකරමින් යහපත් ලොවක් ගොඩනැගිම සඳහා සහය විමට අවශ්‍ය වන තරුණ මිනිසුන් උදෙසා වන අධ්‍යාපන මෙහෙවරක යෙදිම වේ. 

ලෝක බාලදක්ෂ සංවිධානය

ලෝකයේ රටවල් 216ක් අතරින් 169කට ආසන්න ජාතික සංගම් ප්‍රමාණයක් ලෝක බාලදක්ෂ සංවිධානයයේ සාමාජිකත්වය පිලිගෙන තිබේ. අසර්බයිජාන් හි පැවැත්වූ 41 වැනි ලෝක බාලදක්ෂ සමුළුවේ දී, ලෝක බාලදක්ෂ සංගමය සමග නිල වශයෙන් ලියාපදිංචි වූ රටවල් 9 කට ලෝක බාලදක්ෂ සාමාජිකත්වය පිරිනමන ලදී. ඒ අනුව දැන් ලෝකයේ රටවල් 178 ක බාලදක්ෂ ව්‍යාපාරය ස්ථාපිත වී ඇති බව ලෝක බාලදක්ෂ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. මිලියන 52කට ආසන්න පිරිසක් තම රටවල ඇති ජාතික සංගමයන් ඔස්සේ බාලදක්ෂ සමාජිකත්වය ලබාගෙන ඇත. වර්ථමානයේ දී පරිපාලන පහසුව සඳහා WSOM ආයතනයේ මුලස්ථානය මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර පිහිටුවා ඇත. ආරම්භයේ සිටම WSOM හි අනුබද්ද ආයතනයක් ලෙස ලෝක බාලදක්ෂිකා සංගමය (World Association of Girl Guides and Girl Scouts – WAGGGS) ද පවත්වාගෙන යනු ලැබිය.

ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය (WOSM) 

WSOM සතු මූලික ම වගකිම වනුයේ බාලදක්ෂ පෙරොන්දුව හා නිතිය යන අගයන් මත පදනම් වු ස්වයං පරිසමාප්ත පුද්ගලයන් වශයෙන් සමාජයට ඵලදායි කාර්යභාර්යක් ඉටුකරමින් යහපත් ලොවක් ගොඩනැගිම සඳහා සහය විමට අවශ්‍ය වන තරුණ මිනිසුන් උදෙසා වන අධ්‍යාපන මෙහෙවරක යෙදිමයි.

WSOM ආයතනය WAGGGS සමග එක්ව සෑම අවුරුදු 4කටම වරක් ලෝක බාලදක්ෂ ජැම්බරි, (බාලදක්ෂයන් උදෙසා) ලෝක මානවක සමුලු(Rover Moot)හා නායකයන් උදෙසා ජාත්‍යන්තර ඉන්ඩාබා කඳවුරැ සංවිධානය කරනු ලැබේ.එසේම ස්ව්ට්සර්ලන්තයේ පිහිටි Kandersteg International Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානය. Cairo International Scout Centre ඊජිප්තුවේ පිහිටි ජාත්‍යන්තර මධ්‍යස්ථනය,දකුණු ඇමෙරිකාවේ චිලි හි පිහිටා ඇති Picarquín World Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථාන හි පාලන කටයුතු ද සිදුකරනු ලබයි.

ලෝක බාලදක්ෂ සමුලුව – World Scout Conference (WSC)

මෙය බාලදක්ෂ ව්‍යාපාරයේ මහ සභාව ලෙස හැදින්විය හැක. සෑම වසර 3කට වරක්ම ලෝක තරුණ බාලදක්ෂ සමුලුව පැවැත්විමෙන් පසුව රුස්වේ. ලෝක බාලදක්ෂ කාර්යංශය තුල WSOM හා WAGGGS කලාප 6 යට අයත් සාමාජික සංගම් වලින් නි‍යෝජිත වරු තෝරා පත්කරගනු ලැබේ. යම් රටක බාලදක්ෂ සංගම් එකකට වඩා පැවතියහොත් එම සංගම් දෙක සහයෝගයෙන් ක්‍රියා කරමින් WSL සඳහා නියෝජිතයන් තොරා යැවිම සිදුකලය යුතුය. වසර 3කට වරක් WSOM හි සාමාජික රටක මෙම සමුලුව පවත්වනු ලැබේ. එම රට සමග එක්ව සම-සම්බන්දීකරනයක් පවත්වා ගනිමින් මෙය සංවිධානය කිරිමට ලෝක බාලදක්ෂ සංවිධානය බැදි සිටියි.

ලෝක බාලදක්ෂ කමිටුව – World Scout Committee

මෙය ලෝක බාලදක්ෂ සමුලුවේ විධායක සභාව වන අතර මේ සදහා ස්වෙච්චා සාමාජිකයන් අතර පවත්වන ඡංදයකින් පසු නිලතල සදහා පුද්ගලයන් තෝරා පත්කරගනු ලැබේ.මෙහි වගකිම් වනුයේ ලෝක බාලදක්ෂ සමුලුවේ දි ගනු ලැබු තින්දු තීරණ ආදි ක්‍රියාත්මක කිරිමයි.මෙම සභාව වසරකට දෙවතාවක් රුස්වේ.එයට අමතරව අත්‍යවශ අවස්ථාවල දි සභාපති,උප සභාපති වරැ දෙදෙනා,හා මහලේකම් වරයාගෙන් සමන්වි විශේෂ මෙහෛයුම් කමිටුව රැස්වී අවශ්‍ය තින්දු තීරණ ගනු ලබයි. 

කමිටුවේ මලු නිලධාර් මණ්ඩලය 14 ක වන අතර ඉන් 12 දෙනෙකු විවිධ රටවල ජාතික සංගම් නියෝජනය කරමින් පැමිනි සාමාජිකයන් තුලින් ඡංදයක් පවත්වා වසර 3ක කාල සීමාවකට තෝරා පත්කරගනු ලබයි.නමුත් ඔවුන් තම රටේ අවශ්‍යතා නොව ව්‍යාපාරයේ අවශයතා නියොජනය කරයි.නමුත් මහලේකම් වරයා හා භාණ්ඩාගාරික වරයා WSOM හි පත්වු නිලධාරින් දෙදෙන ම වේ.එසේම කලාප වල පිහිටුවා ඇති කමිටුවල සභාපති වරුන් මෙම ලෝක බාලදක්ෂ කමිටුවේ උපදේශක මට්ටමේ නිලධාරින් ලෙස සහභාගි විය හැක.

ලෝක බාලදක්ෂ කාර්යංශය – World Scout Bureau

  1. යුරෝපා කලාපය.
  2. අරාබි කලාපය.
  3. අප්‍රකානු කලාපය.
  4. ආසියා පැසිපික් කලාපය. (ශ්‍රී ලංකාව අයත් වනුයේ මෙම කලාපයටයි.)
  5. ඇමරිකානු කලාපය.
  6. යුරේසියානු කලාපය.

ආසියා පැසිපික් බාලදක්ෂ කලාපය

ශ්‍රී ලංකාවේ බාලදක්ෂයන් අයත් වන්නේ ආසියා පැසිපික් බාලදක්ෂ කලාපයටයි. එම කලාපයට රටවල් තිහක් ඇතුළත්ය. එක් එක් රට වෙන වෙනම හඳුනා ගැනීමට හැකි පරිදි බාලදක්ෂ ලාංඡනය ඇසුරින් සකස් කළ ඒ ඒ රටවල දේශිය බාලදක්ෂ සාමාජික පදක්කම් මේ පරිදි වේ.

ලොව වැඩිම බාලදක්ෂ සමාජිකයන් සංඛයාවක් ඇති කලාපය ආසියා පැසිපික් කලාපයයි. කලාපයේ වැඩිම සාමාජික සංඛයාවක් ඇති සංගමය වනුයේ ඉන්දුනිසියා බාලදක්ෂ සංගමය වන අතර එය Gerakan Pramuka Indonesia යන නමින් හදුන්වයි, එහි සාමාජිකත්වය මිලියන17ට ආසන්වේ. එසේම උතුරු කොරියව හා ලාඹ්සය යන රට වල බාලදක්ෂ ව්‍යාපාරය පිලිගැනිමකට ලක්ව නොමැත. සහකාර සමාජිකයන් (Associate Members) ලෙස මැකවු හා පොලිනිෂියා රටවල් හැදින්වේ. 

කලාපීය බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය

කලාපය ආසියා පැසිපික් කලාපයේ සමාජික රටවල් 24 මිලියන 29යකට ආසන්න සාමාජික පිරිසක් ඇත. ශ්‍රී ලංකාව අයත් වනුයේ මෙම කලාපයටයි. වර්ග කිලෝමිටර් මිලියන 21ක් පුරා උතුරින් මොන්ගොලියාවත් දකුණින් නවසීලන්තයත් නැගෙනහිරින් ප්‍රෙන්ච් පොලින්ෂියාවත් බටහිරින් පාකිස්ථානයත් මෙහි සීමා මායිම් වේ.

කලාප මහා සමුලුව සඳහා සෑම සාමාජික රටකින්ම සමාජිකයන් 6දෙනෙකුට හා නිරික්ෂන මට්ටමේ නියෝජිකයන් ට මෙයට සහභාගි වේ. මෙම කලාප සමුලුවට සමාන්තරව කලාපිය තරුණ සමුලුව පැවැත්වේ. එයින් ඉලක්ක කරනුයේ සංවිධානයේ තීරණ ගැනිමේ දි තරුණයන් සදහා වැඩි අවස්ථවක් සැලසා ගැනිමය. එසේම කලාපයේ වැඩිහිටි නායකයන් පුහුණු කිරිමේ වැඩසටහන් වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරිම සදහා නායක පුහුණුකිරිමේ පාඨමාලාවද පැවැත්විම සිදුකරයි.
 
කලාපීය කමිටුව වසර 6ක කාලයක් උදෙසා සාමාජිකයන් 10දෙනෙකු සාමාජිකරටවල ඡන්දයෙන් තොරාපත්කරගනු ලබයි. එම 10දෙනාට අමතරය තරැණ සමුලුයෙන් තේරිපත් වු නියෝජිතයන් 6 දෙනාද මෙයට ඇතුලත් වන සාමාජිකරටවල ඡන්දයෙන් තොරාපත්කරගනු ලබයි. එම 10දෙනාට අමතරය තරුණ සමුලුවේ තේරිපත් වු සභාපතිවරයාද ඡන්ද බලය සහිතවම මෙහි සාමාජිකත්වය හිමිවේ.