Translate

Monday, August 29, 2016

'One Million Trees' Nature Force Manusath Derana with Scouting

Come, Join Nature force and become a Nature Warrior.


Today I take a pledge to be a part of the Nature force, I will love, care and respect each and every plant in the motherland as I love, care and respect my family and friends. I promise to safe guard the environment at any cost. I'm proud to be a nature warrior, and this is a promise I want to keep for life.



Nature Pledge
ONE MILLION TREES
MANUSATH DERANA NATURE FORCE with SCOUTING


The first step of MANUSATH DERANA "ONE MILLION TREES" Project, initiated the biggest environmental project in the country launching “Nature Force” during an event held at the Sri Maha Viharaya in Pepiliyana on Sunday (28).
 
One Million trees will be planted around the country as the first stage of the project. aims to raise community awareness of the Earth’s precious environment while focusing on steps individuals can take to lessen their negative impact on the natural world.The project gives individuals and organizations an opportunity to fight climate change by planting oxygen-producing trees. It also encompasses true capacity building as the local population is intimately involved with, and benefits from, every step of planting, maintaining and monitoring the trees.
Miss Earth (Angelia Ong) and Miss Earth Water ( Brittany Payne), the two World Ambassadors of environment were the Chief guests at the event.

MANUSATH DERANA NATURE FORCE with SCOUTING Magazine, Sri lanka.





එන්න. අපිත් එක්ක එකතුවන්න. මිහිකුසින් උපන් කෘතවේදි මිනිසුන් ලෙස සොබාදහම වෙත - අපගේ මනුෂ්‍යත්වයේ ලෙන්ගතුකම පළ කරමු. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක ඇටයක් හිටවලා, පැලයක් වවලා, ඒ හැදෙන ගහට, තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු. එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු.

ආදිවාසී වන්නිලැත්තෝ


"සොබාදම් බලකායේ කොටස්කරුවෙකු වන බවට මම අද දිනයේ ප‍්‍රතිඥා දෙමි. මම මාගේ පවුලට, මිතුරන්ට මෙන් මාතෘභූමියේ ඇති සියළුම ගහකොළට ආදරය කරමි, රැකබලා ගනිමි, ගෞරව කරමි. ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමි. මා සොබාදම් බලකායේ විරුවෙක් වීම ගැන ආඩම්බර වන අතර මම මාගේ සම්පූර්ණ ජීවිත කාලය තුළම මේ ප‍්‍රතිඥාව රැකීමට දිවුරා පොරොන්දු වෙමි"

මනුසත් දෙරණ "පැළ ලක්ෂ 10ක් සිටුවීමේ වැඩසටහනට" සමගාමීව 2015 මිහිකත රූ රැජින ලෙස කිරුළු පැළදි ඇංජලියා ඔන්ග් දෙරණ මාධ්‍ය ජාලයේ ආරාධනයෙන් ලංකාවට පැමිණ තිබේ. 2015 මිහිකත රූ රැජින තරගයේ තෙවන ස්ථානයට පත් අමෙරිකානු ජාතික බ්‍රිට්නි පෙයෙන් ද, ඇංජලියා ඔන්ග් සමග මෙම අවස්ථාවට එක්ව තිබේ. මනුසත් දෙරණ රුක් රෝපණ වැඩසටහන අද(28) දිනෙන් ආරම්භ වුණි. පැළ ලක්ෂ 10ක් සිටුවීමේ මනුසත් දෙරණ ක්‍රියාන්විතයට ඔබටත් සහභාගීවිය හැකියි... පැළයක් සිටුවා අපේ දෙරණට අපෙන් ඉටුවිය යුතු යුතුකම ඉටුකරමු.
















join with https://www.facebook.com/251505728280444 / https://www.facebook.com/baladaksha.srilanka


Saturday, August 20, 2016

රතු ඉන්දියානු නායක සියැටල්ගේ ප්‍රකාශය

ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල් පිළිබධව ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. ඔහු ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ලියු ලියමනෙහි  පරිසරය සම්බන්ධයෙන් දැක්වූ අදහස් නිසා අදත් ලෝකයේ සම්භාවනාවට පත්‍ර වනු නිසැකයි. මෙම ලිපිය වරක් හෝ ඔබ කියවා ඇති නම් නිසැකව ම බාලදක්ෂ ඔබත් ඔහුගේ මතය අගය කරන්න ඇති. රතු ඉන්දියානු නායක සියැටල් විසින් තම නිජභූමිය මිලට ගැනීමට තැත් කළ  14 වන ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් පියර්ස් ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් 1854 මාර්තු 11 කළ ප්‍රකාශය මෙතෙක් ලෝකයේ පරිසරය පිළිබඳව සිදුකළ හොඳම ප්‍රකාශයක් ලෙස සැලකිය හැකිය... ප්‍රථමයෙන් මෙම ප්‍රකාශය Lushootseed නම් භාෂාවකින් සිදුකළ බව පැවසෙන අතර පසුව එය Chinook Jargon නම් තවත් භාෂාවකට පරිවර්තනය කර ඇත. පසු කලෙකදී Dr. Henry A. Smith නම් තැනැත්තෙක් එය ඉංග්‍රීසි බසට හරවා ඇති අතර මෙහි දැක්වෙන්නේ ඉන්පසුව සංස්කරණ කිහිපයකට භාජනය වූ ලිපියකි..

රතු ඉන්දියානුවන් ඔවුන්ගේ නිජ බිම්වලින් අවි බලයෙන් පලවා හැර ඒවා අත්පත් කරගැනීමට සමත් යුරෝපීහු රතු ඉන්දියානුවන්ගේ නිරන්තර ප්රහාරවලට ලක්වූහ. මේ ගැටුම සමථයකට පත් කරනු සඳහා එවක ඇමරිකානු ජනාධිපති වූ ෆ්රෑන්ක්ලින් පියර්ස් තම භූමිය ඇමෙරිකානු රජයට විකුණන ලෙස රතු ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

වොෂිංටන් නගරයේ සිටින ශ්රේෂ්ඨ නායකයාණන් අපගේ ජන්ම භූමිය මිලදී ගැනීමට කැමැත්ත ප්රකාශ කරමින් අප වෙත හසුන්පත් එවා ඇත. එතුමා අපට සුබ පතන අතර මිත්රත්වයේ දෑතද දිගු කරයි. අපගේ මිත්රත්වයෙන් එතුමාට අල්ප වූ හෝ ප්රයෝජනයක් නැති බව අපි දනිමු. එහෙත් එතුමාගේ කාරුණිකභාවය අපි අගය කරමු.
කෙසේ වුවත් අපි ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු. මක්නිසාදයත් මේ භූමිය අප ඔබට විකුණන්නේ නැත්නම් ඔබගේ සුදු මිනිසුන් තුවක්කු අමෝරාගෙන විත් අපගේ භූමිය උදුරා ගන්නා බව අපි දනිමු. නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත.
මේ මිහිතලයේ සෑම බිම් අඟලක් ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වස්තූහු වන්නෝය. ගස් අතරින් විහිදී යන සෑම අඩිපාරක්ම මිනිසා පිළිබඳ ස්මරණය රැගෙන යන්නේය. සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු තම මව්බිම අමතක කොට දෙව්ලොව සැරිසරති. මහ පොළොව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මළගිය ඇත්තෝ මේ සුන්දර මිහිතලය අමතක නොකොට මෙහිම රැඳෙන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලයද අපගේම කොටසක් වන්නේය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. පිනිමුවා, අශ්වයා, මහරාජාලියා, මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිඛරද, තණ බිම්වල තෙතමනයද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුමද යන මේ සියල්ලම එකම පවුලකට අයත් වන්නේය.
වොෂින්ටනයේ ශ්රේෂ්ඨ නායකයාණන් අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් කරන ඉල්ලීම අපට දරාගන්නට නොහැක්කකි. ශ්රේෂ්ඨ නායකයාණෝ අපට සුවපහසුවෙන්, සැනසිල්ලේ ජීවත්වීමට ස්ථානයක් ලබා දෙන බව දන්වා සිටිති. එතුමාණන් අපගේ පීතෘවරයා වනු ඇත. එවිට අපි ඔහුගේ දරුවන් බවට පත්වෙමු. එනිසා අපගේ භූමිය මිලදී ගැනීම පිළිබඳ ඔබතුමාගේ යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. එය අපට එතරම් සුවදායී කාර්යයක් නොවන්නේ මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන හෙයිනි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට අපගේ භූමිය විකුණුවහොත් එය අපට ශුද්ධ වස්තුවක්ව තිබූ බව ඔබගේ මතකයේ තබා ගත මැනවි. පොකුණුවල පැහැදිලි ජලතලාවේ පතිත වන සෑම අඳුරු ඡායාවක්ම කියාපාන්නේ මගේ වර්ගයාගේ ජීවන සිදුවීම් හා ස්මරණ බව ඔබේ දරුවන්ට වටහා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන්මිත්තන්ගේ කටහඬ වන්නේය.
ගංගාවෝ අපගේ සොහොයුරෝ වෙති. ඔවුහු අපගේ පිපාසය සංසිඳවති. අපේ ඔරුද පාරුද ගෙන යති. අපගේ දරුවන් පෝෂණය කරති. අපි මේ භූමිය ඔබට විකුණුවහොත් මේ ගංගාවන් අපගේත් ඔබගේත් සහෝදරයන් බව අමතක නොකරනු මැනවි. ඔබේ දරුවන්ටද එය කියාදෙනු මැනවි. එතැන් සිට වෙනත් ඕනෑම සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලටද දක්වනු මැනවි.
ගිරි ශිඛරය වසා සිටින හිමිදිරි මිහිදුම, උදාවන හිරු ඉදිරියේ පලා යන්නාසේ සුදු මිනිසාගේ ආක්රමණය ඉදිරියේ රතු මිනිසා හැමවිටම පලා ගොස් ඇත. එහෙත් අපගේ පියවරුන්ගේ භස්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන්බිම් අපට පූජනීය බිම් වන්නේය. එහෙයින් මේ කඳු මේ තුරුලතා සහ මේ බිම අපටම කැපවූ භූමියකි. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දනිමු. ඔබට එක් බිම් කඩක් තවත් බිම් කඩකට වඩා වෙනස් නොවේ. රාත්රී කාලයේ පැමිණ භූමියේ තිබිය යුතු දේ පැහැර ගෙන පලායන ඔබගේ මිනිස්සු මේ භූමියට පිටස්තරයෝ වන්නාහ. පොළොව ඔවුනට සහෝදරයෙකු නොව සතුරෙකි. භූමිය අත්පත් කරගැනීමෙන් පසු ඔවුහු එය අමතක කොට තවත් බිම් පෙදෙස් යටත් කරගනිමින් ඉදිරියට ඇදෙති. ඔවුහු තම පියවරුන්ගේ සුසාන කිසිදු තැකීමකින් තොරව පසුකර යති. ඔවුහු දරුවන්ගෙන් පොළොවද උදුරා ගනිති. ඔවුහු තම පියවරුන්ගේ සුසානද තම දරුවන්ගේ ජන්ම උරුමයද අමතක කරති. ඔවුන් තම මවටත්, සහෝදරයාටත් මහ පොළොවටත්, ඔහුගේ අහස් තලයටත් සලකන්නේ මිලට ගතහැකි, කොල්ලකෑමට හෝ විකිණීමට හැකි බැටළුවන් හෝ දීප්තිමත් පබළු වැනි දෑ ලෙසිනි. ඔවුන්ගේ කෑදරකම විසින් මේ භූමියෙහි සාරය උරා බොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි. අපගේ සිරිත් විරිත් ඔබගේ සිරිත් විරිත් වලට වඩා වෙනස් වන්නේය. ඔබගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන දෙන්නේය. එසේ වන්නේ රතු මිනිසුන් වන අප වනචාරී ම්ලේච්ඡයන් වන නිසා විය හැකිය. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයාගත නොහැකිය. ඔබගේ නගරයන්හි වසන්ත සමයේ තුරුලතාවල දළු කොළ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාපත්වල සිලි සිලි හඬ සවනත වැකෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණකි. එය දෙසවනට මහත් හිරිහැරයක්ම වන්නේය.
මට එසේ හැෙඟන්නේ මගේ නොතේරුම්කම නිසා විය හැකිය. ම්ලේච්ඡයන්ට එබඳු දේ වටහාගැනීම අපහසු වන්නේය. එහෙත් උලමා ගයන හුදකලා ගීතය හෝ රාත්රියේ පොකුණක් අසබඩ මැඩියන්ගේ තර්ක විතර්ක වැනි දෑ ඇසීමට නොලැබෙන ජීවිතයේ හරයක් ඇත්තේද? මම නූගත් රතු ඉන්දියානුවෙක්මි. එනිසා මට මේවා තේරුම්ගත නොහැකිය.
සිරිපොද වැස්සේ තෙමෙන දේවදාර තුරු මුදුනින් නැගෙන සුවඳ, මඳ මුදු පවනේ පාවී අපගේ ගත සිත සනසන්නේය. සුළඟ රතු මිනිසාට බෙහෙවින් අගනේය. සත්තු, තුරුලිය, මිනිස්සු යන අපි සියලූදෙනාම එකම ආශ්වාස ප්රාශ්වාස කරන වාතය ගැනවත් නොදන්නෝය. මියැදෙමින් සිටිනවුන් සේ ඔවුහු සුළෙඟ් සුවඳ නොදනිති. අප අපගේ භූමිය ඔබට විකුනුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් වටිනා එකක් වූ බව අමතක නොකළ මැනවි. අපගේ මුතුන්මිත්තන්ට ජීවය ලබාදුන් සුළඟම ඔවුන්ගේ අවසාන හුස්ම ආපසු ලබාගත්තේය. ඒ සුළඟම අපගේ දරුවන්ගේ ප්රාණ වායුව වන්නේය. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය. තණපත් අතර පිපි කුසුමින් මකරන්දය උරාගෙන තණ බිම් හරහා හමන මඳ සුළෙඟ් පහස විඳීමට ඔබටද හැකිවනු නොඅනුමානය.
එසේ නම් අපගේ භූමිය මිලට ගැනීම සඳහා ඔබ කරන යෝජනාවට අපගේ අවධානය යොමු කරන්නෙමු. ඒ එක් කොන්දේසියක් යටතේය. සුදු මිනිසුන් වන ඔබ මේ භූමියේ ජීවන් වන සියලූම සතුන් ඔබගේම සහෝදරයන් ලෙස සලකන බවට පොරොන්දු විය යුතුය.
මම වනචාරී ම්ලේච්ඡයෙක්මි. ඉන් බාහිර කිසිවක් මට නොවැටහේ. ප්රෙයරි තණ බිම් හරහා ගමන් කරන දුම්රියක සිට වෙඩි තබා මරා දමන ලද, කුණු වී යන දහස් ගණන් මී හරකුන්ගේ මළ සිරුරු මම දැක ඇත්තෙමි. මී හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත.
තිරිසන් සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජීවත් විය හැක්කේද? සියලූ තිරිසන් සතුන් විනාශ වී ගියහොත් ජීවිතයේ දැඩි හුදකලා බවින් මිනිසාද විනාශ වී යනු ඇත. ඒ තිරිසනුන්ට සිදුවන කුමක් වුවත් මිනිසාටද ඉක්මනින්ම සිදුවන නිසාය. ලෝකයේ පවත්නා සියලූ දේ අතර ඇත්තේ එකිනෙකට බැඳුනු ඥාතිත්වයකි.
ඔබගේ දරුවන් දෙපයින් නැගී සිටින්නේ අපගේ මුතුන්මිත්තන්ගේ භස්මාවශේෂයෙන් පෝෂණය වූ භූමියක බව ඔවුන්ට පහදා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. මව්බිමට සිදුවන ඕනෑම හොඳක් හෝ නරකක් එහි ජීවත්වන දරුවන්ටත් උරුම වන්නේය. මිනිසා භූමියට කෙළ ගැසීමෙන් කරන්නේ තමාටම කෙළ ගසාගැනීමකි. අප දන්නා පරිදි මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. පවුලේ සියලූදෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෙයම එකට බැඳී තිබෙන බව අපි දනිමු.
ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරතොත් ඒ තමාටම කරගන්නා උපද්රවයකි.
අප වර්ගයා වෙනුවෙන් පිහිටුවන්නේ යැයි ඔබ විසින් කියනු ලබන්නේ රක්ෂිත භූමියට යාම පිළිබඳව අපි ඊළඟට සලකා බලන්නෙමු. අපි එහි සාමයෙන් ජීවත් වන්නෙමු. මේ ඉතිරි වී ඇති සුළු කාලය කොතැනක හෝ ජීවත් වුවද අපට කම් නැත. අපගේ පරපුරේ වැඩි දෙනෙකු දැනට ඉතිරිවී නැත. තව ශීත ඍතු කීපයක් ගෙවී ගිය කල මේ මහා පොළොවේ ඔබ මෙන් බලසම්පන්න වීර ගෝත්රිකයන් වෙනුවෙන් වැලපීමට අප පරපුරෙහි කුඩා දරුවකු හෝ ජීවත් නොවනු ඇත. එය එසේ නම් මගේ මිනිසුන් වෙනුවෙන් දුක්වන්නේ ඇයි? ගෝත්ර සැදී තිබෙන්නේ මිනිසුන්ගෙනි. මිනිස්සු ජීවත්වී මියයති.
අන්තිම රතු මිනිසාත් මේ පොළෝ තලෙන් අතුරුදන් වූ විට ඔවුන්ගේ මතකය තණබිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත්වූ විට මෙම තැනිතලා වන පෙත මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවාගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවක් තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි.

රතු ඉන්දියානු නායක සියැටල්
(1854 දී පවත්වන ලද කථාවේ සිංහල අනුවාදය )

 -------------------

ශ‍්‍රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ප්‍රකාශය

ලෝක ආදිවාසීන්ගේ අන්තර් ජාතික දිනය අද (09 වැනිදා) ට යෙදී තිබේ. අද වනවිට ලෝකයේ ආදිවාසී ප්‍රජාව  මිලියන 300 ක්‌ හෙවත් ලෝක ජනගහනයෙන් 4% ක්‌ නියෝජනය කරනු ලැබේයි. (දෙසැම්බර් 23 හා 24 දෙදින මහනුවරදී ස්වීඩන් සමුපකාර මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවති ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ශ‍්‍රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කළ දේශනය ඇසුරින් සකස් කළේ සිසිර යාපා විසිනි.)

මගේ වයස අවුරුදු 62 යි. මේ 62 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.

එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.

අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.

ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.

ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැඩ තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.

අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.

අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. අපි දඩයම් කළෙත් ක‍්‍රමේකට. කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්
ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම. අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව. ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ. වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.

අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප‍්‍රමාණ ප‍්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.

මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප‍්‍රතිඵල වලින් මිදෙන්න ක‍්‍රමත් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.

"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.

ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා. මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා. පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප‍්‍රකෝටි ගානක් මරනවා.

මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. කහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.

දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.

දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි.

මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු. අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු. අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.

මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු. එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු.



Friday, August 12, 2016

51st Colombo district Scouts Camporee - 51වෙනි කොළඹ කැම්පෝරිය

51 වෙනි කොළඹ කැම්පෝරිය අගෝස්තු මස 10 වෙනිදා සිට 14 වෙනිදා දක්වා පැවැත් වෙන අතර මෙවර කැම්පෝරිය සුවිශේෂත්වය වන්නේ එහි තේමාවයි. එය ලෝක සංවර්ධන අරමුණු වලට අනුව H2O – Life “ Preserve For Future” යන තේමාවයි. එහි මූලික පරමාර්ථය වන්නේ බාලදක්ෂයින් හරහා පිරිසිදු ජලයෙහි වටිනාකම මහජනයාට දැනුවත් කිරීමයි. මෙවර කැම්පෝරියේ කඳවුරු නායක කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුරේන් වික්‍රමතිලක මහතා සහ එහි සංවිධායක කොමසාරිස්, සහාය කොමසාරිස් උපුල් රණසිංහ මහතා යටතේ බාලදක්ෂ කණ්ඩායම් 77ක් විහාරමහදේවි උද්‍යානයේ කඳවුරු බැඳ සිටින අතර කොළඹ දිසාවේ සිඟිති බාලදක්ෂයින් 575ක් පෝතක බාලදක්ෂයින් 175ක් සහ බාලදක්ෂයින් 2300කින් සමන්විත වේ. 


 
විහාරමහාදේවි උද්‍යානය බාලදක්ෂයන් සඳහා වෙන් වුණේ වසර තුනකට පසුවය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා යුද හමුදාව ද සහයෝගය ලබා දුන්හ. 51 වෙනි කොලඹ කැම්පෝරිය වෙනුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ පාසල් 58 ක් නියෝජනය වන අතර මෙහි දී ගිනිමැල සංදර්ශන, විනෝදාත්මක ක‍්‍රීඩා, වාරිමාර්ග ප‍්‍රදර්ශන, ඔවුනගේ දක්ෂතා එළිදැක්වීම ඇතුළු විශේෂාංග රාශියක් දැකබලා ගැනීමට හැකියාව ලැබිණි. කැම්පෝරියේ සමාරම්භක උත්සවය අගෝස්තු මස 11 වන දා සවස 4.30ට පැවැත්වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිතුමා වෙනුවට උසස් අධ්‍යාපන අමාත්‍ය සරත් අමුණුගම මහතා සහභාගි විය. අගෝස්තු 12 වන දින පෝතක බාලදක්ෂ දිනය වූ අතර උත්සවයේ ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවිය. කාලයක් තිස්සේ අධ්‍යාපනයේ අරමුණ බවට පත් වී තිබුණේ අධ්‍යාපනය දියුණු කිරීම නොව ඒ තුළින් දේශපාලනය කිරීම බවත්, දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීමට ගියහොත් අධ්‍යාපනය දියුණු කිරීමට නොහැකි බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.


එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද අදහස් පළ කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ 51 වෙනි බාලදක්ෂ කැම්පෝරියට ආරාධනා කිරීම පිළිබඳ මා ස්තූතිවන්ත වෙනවා. විශාලතම පෝතක බාලදක්ෂ කණ්ඩායම තිබුණේ මගේ පැරණි පාසල වන කොළඹ රාජකීය විද්‍යාලයේ යි. එකල රාජකීය විද්‍යාලය සහ රාජකීය ප්‍රාථමිකය යනුවෙන් කොටස් දෙකක් තිබුණා. අප රාජකීය ප්‍රාථමික විදුහලේ ඉගෙනගත් සමයේ පෝතක ව්‍යාපාරයට එක්වන ලෙස අප උනන්දු කරනු ලැබුවා.

මමත් මීට වසර 52 කට පෙර පෝතක ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කළා. අප එකල අධ්‍යාපනයට මෙන්ම මෙවැනි කටයුතු සඳහා ද උනන්දු වුණා. පස්වැනි ශ්‍රේණියේ විභාගය තිබෙනවා යැයි කියා මෙවැනි කටයුතුවලට සම්බන්ධ වෙන්න එපා යැයි අපට කිසිවෙකුත් පැවසුවේ නැහැ. අප අධ්‍යාපන කටයුතු සිදුකරන අතර තුරම ක්‍රීඩා ආදියට සහභාගී වෙමින් පෝතක ක්‍රියාකාරකම්වලද යෙදුණා.

'මම අද උදෑසන 51 වැනි කොළඹ බාලදක්ෂ ජම්බෝරිය සදහා සහභාගී වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල පෝතක බාලදක්ෂයින් විශාල ප්‍රමාණයක් මේ සදහා සහභාගී වී සිටියා. දරුවන් කුඩා කාලයේදීම රටේ වගකිව යුතු පුරවැසියන් බවට පත් කිරීමට හා අනාගතයේ මේ රට මුහුණ දෙන ගැටලු වලට විසදුම් සෙවීමට පුහුණු කිරීම අපගේ මූලික අරමුණයි. නිදහස් අධ්‍යාපනය ලබාදීම තුළින් බිහිවන දරුවන් රටේ ප්‍රශ්න වලට විසදුම් සොයනු ඇතැයි අපේ ආණ්ඩුවේ අධ්‍යාපනය සම්බන්ධ අධිපති මතයයි.'

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

(I attended the 51st Colombo Scout Jamboree this morning. This event was attended by a large number of Cub Scouts from the Colombo District schools. Our primary intention is to train children to become responsible citizens of the country, and find solutions to the problems facing the country in the future.
The dominant opinion of our government is that children who emerge from the provision of free education, will strive to find solutions to their Nations problems.)
 


පෝතක ව්‍යාපාරය මගින් කුඩා කාලයේ අපේ ජීවිතයට හොඳ අත්දැකීමක් ලැබුණා. ඔබ සියලූ දෙනාම දැන් ලබාගන්නේ එවැනි අත්දැකීමක්. වර්තමානයේ දී පාසල් කීයක පෝතක ව්‍යාපාරය තිබේ දැයි මා අද කොමසාරිස්තුමාගෙන් විමසුවා. පාසල් දහසක පමණ පෝතක ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවා. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් 8000 - 9000 ක් පමණ තිබෙනවා. ඉතිං එම පාසල්වලට බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරන්නට නොහැකි වන්නේ ඇයි? මේ සඳහා ගුරුවරුන් හිඟකමක් තිබෙන බව පවසනවා. එසේ නම් අපට යෝජනා ලබාදෙන්න. 

ඉදිරි කාලයේ ගුරුවරුන් බඳවා ගැනීමේ දී බාලදක්‍ෂ ව්‍යාපාරයට සහ ශිෂ්‍යභට ව්‍යාපාරයට සම්බන්ධ වූ අය සඳහා විශේෂත්වයක් ලබාදීමට අප කටයුතු කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මුණගැසී ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටිනවා. විෂය මාලාවලටත් මෙවැනි දේ ඇතුළු කිරීම පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කොට පෝතක බාලදක්ෂ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගත් පියවර පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. 


කාලයක් තිස්සේ අධ්‍යාපනයේ අරමුණ බවට පත් වී තිබුණේ අධ්‍යාපනය දියුණු කිරීම නොව ඒ තුළින් දේශපාලනය කිරීමයි. දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගන්නට ගියහොත් අධ්‍යාපනය දියුණු කරන්නට බැහැ. එවිට අධ්‍යාපනය සාර්ථක වන්නේ නැහැ. මෙම තත්ත්වය නිසා අප රටේ සිසු සිසුවියන් ගණනාවක් පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත්වුණා. එලෙස ඉවත් වී අනාගතයක් නැති කරගත්තා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් පිහිට වූ ආණ්ඩුවේ මූලික අරමුණ බවට පත්වී ඇත්තේ අධ්‍යාපනය දියුණු කොට සිසු පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. අප මේ අරමුණෙන් අද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. 2018 වසර වන විට කිසිම සිසුවකු සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වී පාසල් අධ්‍යාපනය අවසන් කළ යුතු නැහැ. වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනයක් ලබාදීම අපේ අරමුණයි. වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වශයෙන් විද්‍යා  සහ ගණිත අධ්‍යාපන ගුරු හිඟයක් පවතිනවා. වර්තමානයේ සිටින ගුරුවරුන්ට අමතරව ගුරුවරුන් 5000 ක් බඳවා ගෙන පුහුණු කිරීමේ වැඩසටහනක් පිළිබඳව අප දැන් සාකච්ඡා කරනවා. එම  පිරිස දුෂ්කර පාසල් සඳහා යොමු කර එම ප්‍රදේශයේ ගුරු හිඟයට පිළියමක් ලබාදීම අපේ අරමුණයි.

බාලදක්‍ෂ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ද ගුරුවරු බඳවා ගැනීම අපේ අපේක්‍ෂාවයි.
 


එසේම කුඩා දරුවන් පැය ගණනක් අව්වේ තබාගෙන සිටීම සුදුසු නැති බැවින් තම කතාව මිනිත්තු කිහිපයකට පමණක් සීමා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පැවැති උත්වසයේදී පැවසීය. කොළඹ දිස්ත්‍රික් 51වන බාලදක්ෂ කැම්පෝරියේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අගමැතිවරයා එසේ ප්‍රකාශ කරමින් පෝතක බාලදක්ෂයින් අමතා කළ කතාව විනාඩි 4කට සීමා කිරීමට කටයුතු කළේය. මීට වසර 52කට පෙර පෝතක බාලදක්ෂයෙකු ලෙස සිටි අවධිය සිහිපත් කළ අගමැතිවරයා අව්වේ සිටීමේ ආදීනව පිළිබඳව තමා හොඳින් දන්නා බවද පෝතක බාලදක්ෂයින්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ප්‍රකාශ කරමින් සිය කතාව මෙසේ අවසන් කළේය.

මමත් කාලයක් පෝතක බාලදක්‍ෂයෙකු වී සිටින නිසා එක් කරුණක් සිහිපත් කරනවා. අව්වේ ඉන්න කිසිවෙකුත් කැමති නැහැ. මේ පෝතක පිරිස මේ මොහොතේ ගස් සෙවණට වී සිටිනවා. පෝතක බාලදක්‍ෂයින් අව්වේ තැබිම සුදුසු නොවන නිසා බාලදක්‍ෂ ව්‍යාපාරයට සුබ පතමින් මා කතාව අවසන් කරනවා.

අගෝස්තු 13 උදේ 9.30 ට පැවැති සිඟිති බාලදක්ෂයන්ගේ සමාරම්භක උත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝසි සේනානායක මහත්මිය සහභාගි වූවාය.
 
කැම්පෝරියේ සුවිශේෂත්වය වූයේ කඳවුරු කාලීන උපකරණ භාවිත කරමින් පරිසර පද්ධතිය සුරක්ෂිත කරගැනීමයි. එමෙන්ම මෙවර තේමාව වූයේ ජලය ජීවිතය හා සමානයි - එය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරමුයන්නයි. ලංකාවේ තිබෙන විශාලතම මනස්කාන්ත හා නාගරික උද්‍යානයක් වීම නිසා විහාරමහාදේවි උද්‍යානය බලදක්ෂයන්ට සිය දක්ෂතා එළිදැක්වීමට ලැබුණු කදිම තෝතැන්නක් විය. තව ද බාලදක්ෂයන් සමාජයට මෙන්ම පරිසරයට ද ආදරය කරන පිරිසක් නිසා පරිසර පද්ධතියට සිදු වන හානිය අවම කරගැනීමට අත්‍යවශ්‍ය සියලූ ක‍්‍රමවේද ඔවුන් අනුගමනය කර තිබිණි. එසේම බාලදක්ෂයන් සඳහා අවශ්‍ය ගේට්ටු, මුරකුටි, ඇතුල්වීමේ දොරටු, ඇඳුම් රාක්ක, කණ්ණාඩි මේස, කෑම මේස ඇතුළු සියලූ අවශ්‍ය දෑ විහාරමහාදේවි උද්‍යානයේ පරිසර පද්ධතියට හානි නොවන පරිදි දරුදැරියන් සියල්ල සකසා රැගෙන ඒම ද සුවිශේෂත්වයකි.