Translate

ON-AIR 🔴 SCOUTING 📻

'බාලදක්ෂ හඬ'

බාලදක්ෂ ගීත, විරිඳු, සී පද, යාන්හෑලි, රස කතා, බාලදක්ෂ පුවත්, කඳවුරු කතාන්දර සදහා වෙන්ව තිබුණු මෙම ඉඩකඩ පූර්ව පටිගත කිරීමක් ලෙස සකස් වූ බව පැවසේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් (ශ්‍රී. ලං. ගු. වි. සං.) සුමනසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ජෝර්ජ් වීදාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතර ඩයස් ගුණ‍රත්න මහතා එහි පූරක විය. සමකාලීන ජම්බෝරි හා කඳවුරු පුරා ඇසුණු ශබ්ද විකාශන හ‍ඬෙහි ඩයස් ගුණ‍රත්නගේ චතුර වාග් විලාශය කිසිවෙකුටත් අමතක නොවේ. 1972දී විහාරමහාදේවි උද්‍යානයේ පැවැත් වු  කොළඹ දියමන්ති ජුබිලි කැම්පෝරියේදී ගුණ‍රත්න මහතා සමග හිටපු කොමසාරිස්වරයෙකු වන නන්දා අබේනායක මහතා විසින් විශේෂ 'බාලදක්ෂ හඬ' වැඩසටහනක් ඉදිරිපත් කලේය.


බොහෝ කාලයක් නිහඬව තිබී 1990 පමණ මෑත ඉතිහාසයේ දී නැවතත් අබේරත්න, වල්ගම්පාය, ශාන්ත මදුරාවේ, බී.එන් කුරේ මහතා විසින් ද මෙම  'බාලදක්ෂ හඬ' සඳහා දායකත්වය දැක් වූ බව වර්තමාන Scouting සඟරාවේ ප්‍රධාන කර්තෘ චමින්ද වාරියප්පෙරුම මහතා අප වෙත දන්වා සිටි අතර එතුමා ද කීප අවස්ථාවක ඒ සඳහා සහභාගී වූ බව දන්වන ලැබීය.

කඳුරට ගුවන් විදුලියේ 'බාලදක්ෂ හඬ'

ශ්‍රී ලංකාවේ පළමු ප්‍රජා ගුවන්විදුලි සේවය “මහවැලි ප්‍රජා ගුවන්විදුලිය” නමින් ආරම්භ කිරීමෙන් අනතුරුව 1983.04.13 දී තෙවන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය ලෙස මහනුවර දී “කඳුරට සේවය” නමින් ආරම්භ කිරීම සිදුවිය. කඳුරට ගුවන් විදුලිය මහනුවර පටන්ගත් වකවානුවේදී ම මහනුවර බාලදක්ෂයන් විසින් සහභාගී වූ  'බාලදක්ෂ හඬ' වැඩසටහන් සති දෙකකට වරක් එම සේවයෙහි විකාශය වූ බවත් සදහන්. එහි පළමු සංස්කාරක ලෙස විජිත දැරණියගල මහතාත් එතුමාගෙන් පසු එවකට ජත්‍යන්තර කොමසාරිස් සී.එම්.පි.වනිගතුංග මහතාගේ නියමයෙන් සංචාරය කොමසාරිස් සාලිය රාජකරුණා මහතා විසින් ද මෙහෙයවනු ලැබූ අතර පසුකාලයක දී මහනුවර කිංස්වුඩ්  විද්‍යාලයේ ආචාර්ය පෝතක බාලදක්ෂ නායිකා කොඩිකාර මහත්මිය විසින් ද පසුව කිංස්වුඩ් විද්‍යාලයේ ආචාර්ය බාලදක්ෂ නායිකා නීටා ඇල්ලේපොල මහත්මිය විසින් ද කාලයක් 'බාලදක්ෂ හඬ' සංස්කරණය කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව පුරා සිටි පෝතකයින් බාලදක්ෂයන් රටට හදුන්වාදෙමින් විකාශනය කොට පවත්වාගෙන යනු ලැබූ මෙම බාලදක්ෂ හඬ වැඩ සටහනෙහි ආලෝකය ලැබූ බොහෝ දක්ෂ දරුවන් වර්තමානයෙහි ද බාලදක්ෂ ව්‍යාපාරයෙහි සේවය කරනු දැකිය හැකිය.

scouting Radio 

 නිහැඬියාව බිඳිමින් අවදිවන අන්තර්ජාලයේ 'බාලදක්ෂ හඬ' රේඩියෝ විකාශය

බාලදක්ෂ රේඩියෝව! අන්තර්ජාලයේ මෙතෙක් දේශීය බාලදක්ෂයන් අත නොගැසූ නවමු මානයන් කරා SCOUTING සඟරාවේ අපි, නිඹඳව ඔබ රැගෙන ගිය බවට අපත් සමඟ එක්ව යන බාලදක්ෂ සහෘදයන් හොඳින් දන්නා කරුණකි.

මෙවර 2019 ජොටා ජොටී ජම්බෝරිය වෙනුවෙන් තවත් පියවර කීපයක් ඉදිරියට පිය නැගීමට අප මෙවර අදිටන් කර ගත්තෙමු. පර්යේෂණ විකාශයක් ලෙස ජාත්යන්තරය වෙත මෙවර දෙස් විදෙස් බාලදක්ෂ, බාලදක්ෂිකා ගීත අන්තර්ජාලව සිසාරා ගීතවත් කරමින් ඩිජිටල් කඳවුරු ගිනිමැලය අප මේවන විට දල්වා තබන්නෙමු. ඔබේ විවේක කාලය අපේ බාලදක්ෂ වෙබ් අඩවියට බ්ලොග් අඩවිය කරා පැමිණ දිරි ගැන්වීමට කැමති නම්... එක්වන්න... මේ ඊට සුදුසුම හෝරාවයි... 




 
ඔබේ අදහස් අප හා බෙදා ගනු ඇතැයි බලා පෙරොත්තු වෙමු.


මීට අමතර ව සැමගේ පහසුව තකා off line  රේඩියෝවක් ද අප විසින් හඳුනවා දී තිබෙන්නෙමු.

Image result for soundcloud logo
 
  • https://soundcloud.com/scoutingmagazine



 

No comments:

Post a Comment