Translate

Sunday, November 15, 2015

32 වැනි ජාතික මානවක බාලදක්ෂ සමුළුව

 "එක්සත් United We Stand" තේමාව යටතේ 32 වැනි ජාතික මානවක බාලදක්ෂ සමුළුව මන්නාරම ලා ඩිලාසාල් විදුහල් ක්‍රීඩාංගණයේදී සාර්ථකව ආරම්භ කෙරුණු අතර දිවයිනේ සියලුම දිසාවන් නියෝජනය කරමින් බාලදක්ෂයේ මීට සහභාගී විය. මෙවර මානවක බාලදක්ෂ සමුළුව 2016 නොවැම්බර් 03-06 දක්වා පැවැත් වේ.

 
































Friday, November 6, 2015

බිල්ගේට්ස් නැමති බාලදක්ෂයා

යුගයක් වෙනස් කල බාලදක්ෂයා

ලොව විශාලතම මෘදුකාංග සමාගමක් මෙන්ම වර්තමානයේදී ඊටත් එහා ගිය විශ්මිත නිර්මාණ කරමින් තාක්ෂනය අතින් මුළු ලෝකයම ඉදිරියට රැගෙන යන, ලෝක ප්‍රසිද්ධ Microsoft සමාගමේ නිර්මාතෘ ඔහුයි. නමින් ඔහු Bill Gates වෙයි.

1955 වර්ෂයේ ඔක්තෝම්බර් 28 වන දින Seattle, Washington හි උපත ලැබූ Bill Gates, සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා විය. අන් යට වඩා ටිකක් වෙනස් චරිතයක් වූ Bill දවසින් සැලකිය යුතු ප්‍රමාණයක් පොත් සහ Encyclopedia සමග කාලය ගත කරන්නට විය. Seattle’s Lakeside පාසලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු ගණිතය, විද්‍යාව වැනි විෂයන් වලට ඉතාමත් දක්ෂයෙක් විය. එකල Seattle computer company විසින් සිසුන් සදහා පරිගණක දැනුම ලබා දීමේ වැඩසටහනක් මගින් Gates ට terminal එකක වැඩ කිරීමට අවස්තාව ලැබුණි. එහිදී ඔහු BASIC පරිගණක භාෂාවෙන් tic-tac-toe program එකක් හරහා usersලාට පරිගණකය සමග ක්‍රීඩා කිරීමට අවස්තාව සැලසුවේය. අද පවතින Microsoft සමාගම නිර්මාණය කිරීමට Bill සමගම සිටි Paul Allen ව, Bill ට හමුවන්නේ මේ අවස්තාවේදීය. දෙදෙනා ඉතාමත් ඉක්මනින් සමීපතම යාළුවන් බවට පත්විය. පාසල් කාලය තුලදීම Bill, Seattle computer company එක සදහා payroll program එකක් නිර්මාණය කළේය.


childage bill

220px-Popular_Electronics_Cover_Jan_19751970 වර්ෂයේදී Bill Gates, Paul Allen සමගින් ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔවුන් Seattle හි traffic එක අධ්‍යනය කිරීමට “Traf-o-Data” නමින් පරිගණක වැඩසටහනක් නිර්මාණය කර ඉන් ආදායමක්ද උපයා ගත්හ. 1973 වසරේ දී Lakeside පාසලෙන් තම උපාධිය ලබාගත් Bill Gates, වැඩිදුර අධ්‍යාපනය
ලබාගැනීමේ අරමුණින් Harvard විශ්වවිද්‍යාලයට ඇතුලත් විය. මේ අතර කාලය තුල ‘Altair 8800 mini-Computer kit’ ගැන Popular Electronics යන සගරාවට ලියන ලද ලිපියක් Allen විසින් Gates ට පෙන්වූයේය. ඔවුන් දෙදෙනාටම සිතුනේහැ එකම දෙයකි. ඒ මෙම Altair 8800 mini-Computer එක තමන් දන්නා BASIC පරිගණක භාෂාව පාවිච්චි කර වැඩිදියුණු කරීමට හැකි බවයි. පසුව ඔවුන් දෙදෙනා මෙම Altair 8800 නිපදවන සමාගම වන Micro Instrumentation and Telemetry Systems (MITS) සමග එකගතාවයකට පැමිණියහ. MITS සමාගමේ හිමිකරු වන Ed Roberts මහතා මේ දෙදෙනාට demonstration එකක් කිරීමට ආරාධනා කළේය. ඊළඟ මාස දෙකම Harvard විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයේ ගතකරමින්, අවසානයේදී ඔවුන් සාර්ථක මෘදුකාංගයක් නිමවීය.

මෙම සිද්ධියෙන් පසුව 1975 වර්ෂයේදී Bill Gates සහ Paul Allen දෙදෙනා “Micro-Soft” නමින් හවුල් සමාගමක් ආරම්භ කෙරිණි. මෙයින් අවුරුද්දකට පමණ පසුව “Micro-Soft”, “MicroSoft” බවට පත්විය. දිගින් දිගටම විවිධාකාර formats වලින් වෙනත් පරිගණක සමාගම් වලටද මෘදුකාංග නිර්මාණය කරමින් Microsoft සමාගම දිනෙන් දින දියුණු විය. Bill Gates අවුරුදු 23 වන විට (1978) සේවකයන් 25 දෙනෙකුගෙන් යුත් සමාගමක හිමිකරුවෙක් විය. තවද එම වර්ෂයේදී ආදායම ඩොලර් මිලියන 2.5 ක් විය. ($2.5 million).

මෘදුකාංග නිර්මාණයට අමතරව ව්‍යාපාර දැක්මක් ද, නිසි තීරණ ගනිමින්ද Microsoft සමාගමට මග පෙන්වූ Gates, එය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. 1978 – 1981 කාලය තුල සේවකයන් ගණන 25 සිට 128 දක්වා වැඩි විය. සමාගමේ ආදායම ඩොලර් මිලියන 4 සිට ඩොලර් මිලියන 16 දක්වා වැඩි විය.

1986 දී , Bill Gates විසින් Microsoft සමාගම, කොටසක් $21 ලෙස කොටස්කරුවන් සඳහා යෝජනා කිරීමට ඉඩ ලබාදිය. Gates සියලුම කොටස් වලින් 45% ටමන් සතු කරගත්තේය. එයින් ඔහු එකවරම $ 234 million වැනි විශාල ආදායමක් උපයන ලදී. 1993 සිට 2007 දක්වා ලොව ධනවත්ම මිනිසා ලෙස නොකඩවා පලමුවන ස්ථානයේ ඔහුගේ නම සටහන් වී තිබිණි.
Gates ගේ සහකාරිය වශයෙන් Microsoft සමාගමේම සේවය කල කාන්තාවක් වන Melinda තෝරාගත් Gates 1994, ජනවාරි 1 වන දින ඇයත් සමග Hawaii වලදී විවාහ විය. විවාහයෙන් පසුව gates සමගින් ඔහුගේ බිරිද විශාල වශයෙන් සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කළේය.

2014 පෙබරවාරි මාසයේදී, තමන් Microsoft සමාගෙමේ CEO තනතුරෙන් විශ්‍රාම ගන්නා බවත්, ඒ වෙනුවට සමාගමේ තාක්ෂණික උපදේශක වශයෙන් රැඳීසිටින බවත් දැනුම් දුන්නේය. පසුව ඔහු වෙනුවට CEO වශයෙන් Steve Ballmer මහතා පත්විය. මෙම නික්මයාමෙන් පසුව Bill Gates වැඩි වශයෙන් ‘Bill and Melinda Gates Foundation’ හරහා සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී සමාජ සත්කාරයන්හි යෙදෙමින් සිටි.

ලොව බලවත්ම කතුන් අතරින් #3 Melinda Gates


malinda
Melinda French Gates යනු අමෙරිකාවේ ඉතා බලවත් ව්‍යාපාරික කාන්තාවකි. ඇය Microsoft සමාගමේ පුරෝගාමී බිල් ගේට්ස්ගේ ප්‍රිය බිරිඳයි. 1964 දී ටෙක්සාස් ප්‍රාන්තයේ ඩැලස් හී මෙලින්ඩා ඈන් ෆ්‍රෙන්ච් නමින් ඇය උපත ලබයි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ ඇයට වැඩිමහල් සොයුරියක් සහ බාල සොයුරන් දෙදෙනෙක් සිටිනවා. මෙලින්ඩාගේ පියා අභ්‍යවකාශ ඉංජිනේරුවරයෙකි. මව ගෘහණියකි. ඇය පාසල් ගියේ ශාන්ත මොනිකා කතෝලික පාසලටයි. පාසල් වියේදී ද කැපී පෙනෙන සිසුවියක් වූ මැය තම පන්තියේ ද දක්ෂතම සිසුවියයි. 1982 වර්ෂයේදී Ursuline Academy of Dallas හී Valedictorian වරිය වශයෙන් ඇය උපාධිය ලබනවා (එනම් අධ්‍යයන කටයුතු වලදී ඉහළම සාමාර්ථයක් ලබා ගත් ශිෂ්‍යාවට/ශිෂ්‍යයාට උපාධි ප්‍රදානෝත්ස්වයේදී ලැබෙන සම්මානයකි ). 1986 දී පරිගණක විද්‍යාවෙන් හා ආර්ථික විද්‍යාවෙන් උපාධි ලබන ඇය 1987 දී Duke හී Fuqua School of Business හී Master Of Business Administration (MBA) ලෙස තවද උපාධියකට හිමිකම් ලබයි. මැය Duke විශ්ව ව්ද්‍යාලයේ Kappa Alpha Theta කාන්තා සමාජයේ සහ Beta Rho සමාජයේ සාමාජිකාවක් ද වනවා.

සරසවි දිවියෙන් පසු ඇය ඇතුලු වන්නේ IBM සමාගමේ ආධුනිකයෙක් වශයෙන් සේවය කිරීමටයි. ඉන්පසු Microsoft සමාගමට සම්බන්ධ වී Publisher, Microsoft Bob, Encarta ඇතුලුව තවත් බොහෝ නිශ්පාදන සඳහා දායක වනවා. මේ අතර ඇයට බිල් ගේට්ස් මුණ ගැසෙයි. ඔහු වඩාත්ම ඇය කෙරෙහි ආකර්ෂණය වූයේ ඇයගේ ඇති ඍජු ස්වාධීන ස්වභාවයටයි. තම සමීපතමයන්ට පමණක් ආරධනා කරමින් එතරම් ප්‍රසිද්ධියට පත් නොකර 1994 දී හවායී හී ලනායී දූපතේ මොවුන් දෙදෙනා විවාපත් වෙයි. කොටින්ම ඇය පවුලේ සුභසිද්ධිය උදෙසා දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට Microsoft සමාගමෙන් ද සමු ගනියි. General Manager Of Information Products ඇය ඒ වන විට ලබා තිබූ අවසාන ධූරයයි. බිල් සහ මෙලින්ඩා යුවලට පිරිමි දරුවෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටින අතර Seattle හී Lake Washington වෙරළ තීරයේ ඉතා සුඛොපභෝගී නිවසක මොවුන් වාසය කරති.

Bill & Melinda Gates Foundation ලෙස 2000 වර්ෂයේදී ආරම්භ කල සුභසාධන සේවය සඳහා මේ වන විටත් ඔවුන් දෙදෙනා ඇ.ඩො. බිලියන 36කටත් අධික ප්‍රමානයක් යොදවා ඇත. මෙහි අරමුණ නම් සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමත්, දරිද්‍රතාවය අවම කිරීමත්, අමෙරිකාව පුරා අධ්‍යාපන අවස්ථා වැඩි කර තොරතුරු තාක්ෂණයට ප්‍රවේශ වීමේ මාර්ග වැඩි දියුණු කිරීමත් වේ. ලොව විශාලතම පුද්ගලික පදනම වන මෙය නොයෙකුත් රාජ්‍යයන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, UNICEF, අන්තර්ජාතික රොටරි සමාජය හා අත්වැල් බැඳගෙන කටයුතු කරයි. මෙම පදනම මගින් පුස්තකාල ඉදිකිරීම්, ශිෂ්‍යත්ව ලබා දීම්, පාසල් සඳහා ආධාර ලබා දීම්, නිවාස නොමැති අය සඳහා නිවාස ලබා දීම්, සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම් වැනි සමාජීය කටයුතු කරගෙන යයි (පසුගිය වසර තුල ඉන්දියාව පෝලියෝ රහිත රටක් බවට සහතික වුනා ). මෙය ලොව පුරා සහයෝගීතාවය වර්ධනය කිරීමටත් මහත් පිටුවහලක් වේ.
මේ වන විට ඇය ලබා ඇති සම්මාන වලින් කිහිපයක්,

2002- Greatest Public Service Benefiting the Disadvantaged
2005- Named as Persons of the Year alongside Bono
2006- Received the Spanish Prince of Asturias, Award for International Cooperation, Insignia of the Order of the Aztec Eagle
2009- Received honorary degrees from the University of Cambridge
2013- Awarded an honorary Doctor of Humane Letters by Duke University, Appointed an honorary Dame of the British Empire
2015, Received India’s third highest civilian honor Padma Bhushana

0215_tbtpaulandbill


Wednesday, November 4, 2015

21st World Scout Jamboree in London


The 21st World Scout Jamboree of the World Organisation of Scouts hosted by the United Kingdom Scout Association, will be held at Gilwell Park, London, England from July 27 to August 8. The biggest ever World Scout Jamboree has been organised by the World Scout Bureau to celebrate the founding of Scouting by Robert Baden-Powell, 100 years ago in 1907 at Brownsea Island, England. According to National Training Commissioner of the Sri Lanka Scout Movement, Shantha K. M. Madurawe, 40,000 Scouts from 155 countries will be participating at this Jamboree.
Jamboree badge

The Sri Lankan contingent comprises 136 Scouts from all the Scout Districts of Sri Lanka. The Jamboree's theme is 'One World - One Promise'. "The meaning of the Jamboree is togetherness, so we need to bring all the countries together and make them as one.


"We live in One World and we have all made One Promise to help improve it. The Global Development Zones help Scouts to understand more about the challenges and opportunities facing our world, through practical workshops and activities," Madurawe said.


"At the centre of Jamboree life are the 16 sub-camps, each hosting two thousand Scouts from many different countries. This is where they will live, work and relax together, sharing meals, building understanding and making friends."
"Scouting brings together young people from every religion, ethnic community and society. The Jamboree offers the chance to find out more about Scouts' faith and to learn more about the beliefs of their new friends from around the world.

The Jamboree just goes to show that peace is possible in the world; it goes to show that people can live in harmony if they put their minds to it; it's just like the whole world being in one village", Madurawe further explained.
"Our Scouts can enjoy a non-stop day of activities and adventures at Gilwell Park, the United Kingdom Home of Scouting. There is also a chance to take part in sailing, rafting and canoeing and learn more about water and environment activities.

"It will be a full day's activity, away from the Jamboree site. They will also get an opportunity to learn new skills and try out a wide variety of activities in the Energise Zones at the Jamboree site which will excite, motivate and challenge them," he said.

Monday, November 2, 2015

රොහාන් ශාන්ත බු‍ලේගොඩ නැමති පෝතක බාලදක්ෂයා

සම්භාව්‍ය ගණයේ පළමු පුරුකට අයිති එච්.ඩබ්ලිව්. රූපසිංහයන්, රුක්මණි දේවියගෙන් පසුව වර්ෂ 1945 යුගයට අයත් ලතා වල්‍පොල, ඩබ්ලිව්.ඩී. අමරදේවයන්, නන්දා මාලිනියන්ගේ සිට වික්ටර් රත්නායක, සනත් නන්දසිරි දක්වාත්, ඊළඟ පරපුරට අයිති එඩ්වඩ්-චරිතා යුවළ හඳුන්වා දෙද්දී පස්වැනි පරම්පරාවේ සම්භාව්‍ය ගායකයකු ලෙස රොහාන් ශාන්ත බු‍ලේගොඩයන්ව හඳුන්වා දිය යුතුමයි.

සංගීතය මොකක්ද යනුවෙන් හඳුනාගෙන අරුත්බර ගීත ඕනෑම තාලයකට ගැයීමේ දක්ෂතාවක් ඔහු සතුයි. ශාස්ත්‍රීය, බටහිර දෙකම අයිති ගීතයක් වුව වේග රිද්මයෙන් පටන්ගෙන ඕනෑම රිද්මයකට ඒ හඬ ඔහුට ගෙන යා හැකිය. හොඳම නිදසුන ‘නිහඬ අරණ’ ගීතයයි. කෝරස් එකක් සමග වෝල්ට්ඛ (Pentonic)  තාලයේ උච්ච ස්වරයටම (Threepart harmony) ගායනා කිරීමේ හැකියාව ඒ ගීතයෙන් ඉස්මතු වේ. සංගීත ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන් දස දහසක් හිටියත් එවැනි දක්ෂතාවක් ඇත්තේ අතලොස්සකටයි. එනිසා අපි ඔහුව දකින්නේ ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කළ ගායකයෙක් හැටියටයි. ප්‍රමිතිකරණයට යටත්ව නිර්මාණකරණයේ යෙදෙන රොහාන්ව එනිසාම මෙවර රිවිසරසි කතාබහකට එකතු කරගන්න අපි කල්පනා කළා. පුවත්පත් කලාවෙන් කලා ජීවිතය ආරම්භ කළ ඔහු ගැනයි මේ.

සංගීත ක්ෂේත්‍රයේ පවතින රැළි ඔබේ සංගීත රටාවට නොගැළපෙන නිසාද දැන් දකින්න නැත්තේ? මුලින්ම ඒ ගැන කියමු?
මම 2011 අවුරුද්දේ ගීත එකතුවක් කළා. රූප මවනා ගීත රචනා කියලා. ඒ ගීත එකතුවෙන් පස්සේ නිර්මාණ බිහි කළේ නැහැ. මට ගීතයක වැදගත් වෙන්නේ පද රචනය. එය අරුත්බර විය යුතුයි. ගීතයේ පැවැත්ම රැඳෙන්නේ එතැන. එනිසා මම හිතනවා අරුත්සුන් ගීත මිනිසුන්ගේ කාලය වැය කරවන කටයුත්තක් කියලා. ඒක අනිසි බලපෑමක්. අපි බුද්ධියට ගරු කරන්න ඕන. ඕනෑම ගීතයක් නිර්මාණය කරලා ප්‍රසිද්ධ වෙන්න මුදල් හම්බ කරන්න පුළුවන්. ඒත් රසිකයා ගොනාට අන්දවලා මුදල් හම්බ කරන්න මම කැමැති නැහැ.

ඒ වගේම අපි ගීත කළාට ඇහැන්නේ නැහැ. සංගීත ක්ෂේත්‍රයේ මාව නොදකින්නත් නැති අඩුව දැනෙන්නේත් ඒ නිසා වෙන්න ඇති. සම්භාව්‍ය ගීත හෝ අපේ රටාවේ ගීතවලට මාධ්‍යයක් නොමැතිකම එක හේතුවක්. එහෙම නැතිනම් උනන්දුවක් නොමැතිකමත් හේතුවක් වෙන්න පුළුවන්. එහි දෝෂය සියයට හැත්තෑ පහක් මා වෙත හරවාගන්න වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මගේ ගීත ප්‍රචාරය කරන්න කියලා කියන පුරුද්ද මට නැහැ. දැන් බිහිවන ගීත රටාවට ගී ගැයීමේ අකැමැත්තක් තියෙනවා. මේ හැම හේතුවක්ම මාව නොදකින්න හේතු වෙන්න ඇති.

සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රසාදය හිමිකර ගන්න ගීතයකට රූප රචනා භාවිතය වැදගත් කියලා මතයක් තියෙනවා. ඔබ ඔබේ ගීතවලට මතෛක් රූප රචනා භාවිත කර නැහැ?
මම සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණවෙලා වසර දහඅටක් වෙනවා. ඒ කාලය තුළ මම එළිදැක්වූයේ ගී තැටි තුනයි. 96-2000 හා 2011 කියන වර්ෂවල. අන්තිමට කළ ගීත එකතුවට රූප මවනා ගීත රචනා කියලා නම් කළෙත් ඔය හේතුව නිසයි. ගීතයේ ප්‍රබල බව ඉස්මතු වෙන්නේ පද රචනාවෙන්. එහි ජීව ගුණය දැන් බිහිවෙන ඇතැම් රූප රචනා පදවලට ගැළපෙන්නේ නැහැ. ඕලාරිකයි. සුන්දරත්වයක් නැහැ. රූප රචනාව නිසා නැතිවෙන්න පුළුවන්. ඇත්තටම අද රූප මාධ්‍ය ඉස්සරටම ගිහින් තියෙනවා. නමුත් මගේ ප්‍රාර්ථනය අනුව කවදාක හෝ රූපවලින් හෙම්බත් වුණු දවසක මිනිස්සු නැවත හැරී බැලීමක් කරාවි අරුත්බර ගීත දිහා. ගීතයක් අහලා මනස් රඟහල තුළ රූප මවාගන්න කාලයක් ඒවි. එනිසා මම රූප රචනා කරන්නේ නැහැ. මට මතකයි විවිධ ආයතන මගින් ඉස්සර ‘සඳක් නම්’ කියන මගේ ගීතයට රූප රචනා හයක් විතර කරලා තිබුණා. නමුත් ඒවා කළේ මම ‍නෙවෙයි.

ඔබ අතිශයින් ජනප්‍රිය වුණේ සඳක් නම්, නිහඬ අරණ, එක්පෙති මලක්, කල්බලා වැනි ගීත ඔස්සේයි. ඒවා අරුත්බරයි. එදා ලැබුණ ජනප්‍රියත්වය අදත් ඔබට ලැබෙනවාද?
පද තුළින් කම්පනයක් ඇති කරනවා. ඒ නිසා මගේ අංක එක වෙන්නේ පද. මගේ ගීත රස විඳින, ඇළුම් කරන පිරිසක් ඉන්නවා. ජනප්‍රියත්වය පසුපස හඹා යන්න අවශ්‍ය නැහැ. අපේ ගීත හොඳ නම් ඒ ජනප්‍රියත්වය අප කරා එනවා. ජනප්‍රිය වෙන්න හිතාගෙන ප්‍රචාරක උපක්‍රම මම භාවිත කරන්නේ නැහැ. මම සංගීතයට ආවේ සමාජයට පින් සිද්ධ වෙන්න. ඒ නිසා සමාජයෙන් මගේ ගීත ප්‍රතික්ෂේප වුණු දවසට ජනප්‍රිය වෙන්න විවිධ උපක්‍රම භාවිත කරනවාට වඩා හොඳයි ගායනය නතර කරන එක.

ඔබේ හඬ රසිකයන්ට සංගීත ප්‍රසංග ඔස්සේ අහන්න ලැබෙනවාද?
ඇත්තටම කිව්වොත් අවුරුදු දෙක තුනක ඉඳලා මම සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙන්නේ නැහැ. හුඟක් සංවිධායකයන් මගෙන් අහනවා ‘කීයක් ඕනද’ කියලා. ඒ අහද්දී තමයි මගේ වටිනාකම මට දැනුණේ. ඒත් මට මේ තරම් මුදලක් ඕන කියලා ඉල්ලන්න දිව නැවෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ආරාධනාවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ‍පොදු රසික ජනයා පිනවන්න ගීයක් දෙකක් කියන්න තිබුණොත් ඇති. ආරාධනා ලැබුණත් ගැළපෙන දෙයකට හෝ නොමිලයේ පවත්වන ඒවාට සම්බන්ධ වෙනවා.

 
ඔබ කලා ජීවිතය ආරම්භ කළේ පුවත්පත් කලාවේදියෙක් හැටියට. ඒ අතීතය ගැන නොකියාම බැහැ නේද?
මම ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. පාසල් යන කා‍ලේ ඉඳලාම මම පුවත්පත්වලට ලිව්වා. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් මගේ පාසල් මිතුරෙක්. ඔහු තමයි මාව ඒ දේට යොමු කළේ. ඊට පස්සේ බන්දුල පද්මකුමාර මහතා සුමති ප්‍රකාශනයට මාව සම්බන්ධ කරගත්තා. පූර්ණකාලීන පුවත්පත් කලාවේදියෙක් වුණේ 1989දී. පසුව පුවත්පත් බෙදා හැරීමේ අංශයට සංක්‍රමණය වෙනවා. බෙදාහැරීමේ කළමනාකරුවෙක් හැටියට.

රොහාන් ශාන්ත බු‍ලේගොඩ යන නම ඇසූ සැණින් කාටත් මතක් වෙන්නේ පුවත්පත් කලාවේදියාව නොවෙයි. ගායන ශිල්පියාව. ඔබේ හඬ ප්‍රසිද්ධ වේදිකාවට මුදා හරින්න පාසල තිඹිරිගෙය වෙන්න ඇති. ඒ ගැනත් මතක් කරමු? 

මම මූලික අධ්‍යාපනය ලැබුවේ මාතර, කඹුරුපිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය පාස් වුණාට පස්සේ කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වුණා. වයස අවුරුදු හතේදී පෝතක බාලදක්ෂයෙක් විදිහට කණ්ඩායම එක්ක කඳවුරු ගියා. එතැනදී මාව අමරදේව මහතාගේ ‘වඳිමි ශක්‍යා’ ගීතය ගායනා කරන්න ලැබුණා. ඒ තමා ගීතයක් ගයපු මුල් අවස්තාව
ඊට පස්සේ නාලන්දාවේ සංගීත ගුරුවරයා වුණේ එඩ්වඩ් ජයකොඩි මහතා. එතුමා මගේ හැකියාවට ඉඩක් ලබාදුන්නා. ඇතැම් අවස්ථාවල ගුවන්විදුලි වැඩසටහන්, භක්ති ගීතවලට එහෙම. එතැනදී තමයි ගායනයට ඇල්මක් ඇතිවුණේ. ඊට පස්සේ අනෝමා පෙරේරා මහත්මිය නිෂ්පාදනය කළ ‘තුරුලිය’ කියන වැඩසටහනට සම්බන්ධ වුණා. පසු කාලයේ ගුවන්විදුලියේ සරල ගීවලින් සමත්වෙලා ඒකට සම්බන්ධ වුණා. මගේ මුල්ම ගීත එකතුව කළේ බන්දුල නානායක්කාරවසම් මහතාගේ මැදිහත් වීමෙන්. ඒ විදිහටයි මගේ සංගීත ගමන ආරම්භ වුණේ.

පාස‍ලේදී යාළුවන්ට සින්දු අහන්න ඕන වුණු වෙලාවට රොහාන්ට මාළුපාන් දීලා සින්දු අහගන්නවා කියන්නේ ඇත්තද?
ඒ ජීවිතේ හරිම සුන්දරයි. එදා වගේම අදටත් මට සුන්දර මිනිස්සු මුණ ගැහෙනවා. ඉස්කෝ‍ලේ යන කාලෙත් එහෙමයි. මගේ පුංචි කා‍ලේ ගෙවුණේ බෝඩිං කාමරවල. ඒ කා‍ලේ යාළුවන්ගේ ආදරෙත් ලැබුණා. යාළුවෝ මට කියලා සින්දු කියවා ගත්තේ මාළුපාන් දීලා. සමහර දවස්වලට සල්ලි දුන්නා. යාළුවෙක්ගේ ගෙදරකට ගියොත් කෑමබිම වරදින්නේ නැහැ. ඒ කා‍ලේ හරිම සුන්දරයි. ඇත්තටම කිව්වොත් ජීවිත තක්සලාවෙන්ම ජීවිතය ගැන ඉගෙන ගත්තා.

රොහාන් වගේම රොහාන්ගේ පවු‍ලේ අයත් සංගීතයට ලැදිකමක් දැක්වූවාද?
මම පවු‍ලේ බාලයා. මගේ තාත්තා අබේසේන බු‍ලේගොඩ. මට වයස අවුරුදු නවයක් තියෙද්දී මගේ තාත්තා නැතිවුණා. මට මතකයි තාත්තා සින්දු මුමුණනවා. මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. අම්මගේ නම ශ්‍රියා වීරසිංහ. අම්මාට වයලීන් වාදනය පුළුවන්. මමත් ඒ වයලීනය වාදනය කරලා තියෙනවා. මගේ පවු‍ලේ මට හිටියේ අක්කයි, අයියලා දෙන්නයි. ඒ තුන්දෙනාත් සංගීතයට ලැදියි. රේඩියෝ එකේ යන සින්දු අහන ගමන් ඒවා ලියා ගන්නවා. ඊට පස්සේ ගීත එකතුවක් විදිහට ‍පොත් හදාගන්නවා. ඒ ‍පොත්වල ගායක ගායිකාවන්ගේ රූපත් අලවනවා. නමුත් ඒ කවුරුත් ප්‍රසිද්ධ සංගීතයට යොමු වුණේ නැහැ.

ඔබට බිරිඳගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා ඇති. ඇයව ඔබට මුණ ගැහෙන්නේ පාසල් කාලයේදී. කුටුම්භය රැක ගන්න ඔබට ඇය දක්වන සහයෝගය කොයි වගේද?
මගේ පවුල් ජීවිතයට ලොකුම සහයෝගය ලැබෙන්නේ ඇයගෙන්. ඇය යශ්මින් බන්දුලා. මම නාලන්දයට යනකොට එයා ගෝතමී විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඒ දැන හැඳුනුම්කම ප්‍රේමයට පෙරළුණා. පසුව අපි විවාහ වුණා. ඇය තරම් හොඳ කෙනෙක් ලබන්න තරම්ම මම වාසනාවන්ත වුණා. දැන් රැකියාවක් කරන්නේ නැහැ. ගෘහණියක් විදිහට ගෙදරදොරේ වැඩකටයුතු කරනවා.

ඔබේ පුතනුවන් දෙදෙනා කවදා හෝ දිනක ඔබ වැනි කලාකරුවෙක් වෙන්න ඕන කියලා හිතනවාද? ඒ ගැන කියලා අපි කතාබහට සමුදෙමු?
ලොකු පුතා සලමුතු. වයස අවුරුදු දොළහයි. ‍පොඩි පුතා නලමුදු. එයාගේ වයස අවුරුදු අටයි. දෙන්නාම ඉගෙන ගන්නේ නාලන්දා විද්‍යාලයේ. ලොකු පුතා ගිටාර් වාදනය කරන්න දක්ෂයි. නමුත් මම ඒ දෙන්නට බලකිරීමක් කරන්නේ නැහැ. මේ දේ කළ යුතුයි කියලා. මම කොළඹට ආවේ තනියම. ඒ ගමනේදී මම අතරමං වුණේ නැහැ. මගේ දරුවෝ දෙන්නත් ඒ ඒ අයගේ ගමන කැමැති විදිහට හදාගන්න ඕන. හරි මග මමත්, බිරිඳත් පෙන්වනවා. ඒ හැරුණාම බලකිරීම් කරන්නේ නැහැ.

විශේෂ ස්තූතිය
රිවිර පත්තරේ හර්ෂණී වීරරත්න සහ මැන්කන් ගුණසේකර