Translate

Thursday, May 12, 2016

පෝතක සියවස් සමරුව

දස දෙසින් පෝතක බාලදක්ෂයෝ - සියවස් සැමරුම් කබෝරියට

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 100ක් ගත වන 2012 වර්ෂය ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට සුවිශේෂී සන්ධිස්ථානයක් විය. 1907 එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ දී බේඩන් පවල් සාමිතුමා විසින් ආරම්භ කරන ලද ලෝක බාලදක්ෂ ව්‍යාපාරය 1912 වැනි කෙටි කලක් තුළ ෆ‍්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන් මහතා විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණ. 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා සේවය කළේය. ඉංජිනේරු නිල නිවසට යාබඳව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය තෝරා ගත්තේ ය. ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම බිහිවූයේ මාතලේ ක්‍රිස්තුදේව විදුහලෙනි. මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ විදුහල්පති ඩී. ඇල්ප්‍රඩ් ජයසිංහ මහතා සමග ද සාකච්ඡා කොට නියම කරගත් දිනක දී විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් අමතා බේඩන් පවල් සාමිවරයා හා බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව තමා දන්නා අන්දමින් කරුණු ඉදිරිපත් කරමින් දේශණයක් ද පවත්වනු ලැබිණ.

එතෙකින් නොනැවතුණු ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා මෙවැනි දේශණ මාලාවක් රට පුරා පැවැත් වූයේය. ඒ අනුව බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර 1913 දී 1වැනි මහනුවර ධර්මරාජයේ ද, 1914 දී 1වැනි ගාල්ල මහින්දයේ ද 1වැනි කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ ද ආරම්භ කළේ ය. ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. මින්පසු සෙසු දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පුරා බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරන ලදී.


1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළක් ආරම්භ කරන ලද්දේය. ඒ අනුව එවකට දීප්තිමත් ම බාලදක්ෂ සමූහය වූ 2 වැනි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙහි පෝතක බාලදක්ෂයන් 50 දෙනෙකුගෙන් යුත් රැළක් පිහිටවනු ලැබිණ. එවකට රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්‍ෂ ආචාර්ය ඡේ. වී. මෙන්ඩිස්‌ සහ එහි සහාය බාලදක්‍ෂ ආචාර්ය මෙන්ම වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්ය එස්‌. සී. වික්‍රමරත්න, සහාය වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්යවරුන් වූ ටී. යූ. ද සිල්වා සහ එස්‌. විඡේසූරිය යන මහත්වරු කටයුතු කළහ. 


1966 පෝතක බාලදක්‍ෂ ස්‌වර්ණ ජයන්ති වර්ෂය පැවැත් විය. නොයෙක්‌ උත්සව සංවිධානය කරනු ලැබූ අතර ස්‌වර්ණ ජයන්ති අවසන් උළෙලේදී 'වුල්ෆ් කබ් ටැටු' නමින් රැඟුම් දර්ශනයක්‌ ඉදිරිපත් කෙරිණි. පියවරෙන් පියවර වර්ධනය වූ පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරයෙහි ප්‍රථම කබෝරිය පෝතකයෝ දෙදහසක්‌ පමණ සහභාගිත්වයෙන් ගාලු නගර සභා පිට්‌ටනියේදී 1975 මාර්තු 14 - 16 දක්‌වා පවත්වනු ලැබිණ. මෙම කබෝරියේ මාර්ගෝපදේශකයා ආර්. ඒබ්‍රහම් මහතා ය. ඒ. බී. ආරියපාල මහතා සංවිධායකවරයා විය. සංචාරක කොමසාරිස්‌ව සිටි ඡේ. ලයනල් සිල්වා මහතා අතින් වැඩසටහන් නිර්මාණය කළේය. 
රිච්මන්ඩ් විදුහල් පෝතක බාලදක්ෂ සමූහයට වසර 100ක් පිරීම නිමිත්තෙන් ද 'කබෝරිච්' යනුවෙන් සිය සියවස් සමරුව ද මීට සමගාමී ව පාසල් භූමියෙහි පවත්වනු ලැබේ.

ගතවූ වසර 100 තුළ ශ්‍රීී ලංකාවේ පෝතක කබෝරි 10ක් පවත්වා තිබේ. මෙවර 11වැනි ජාතික කබෝරිය 2016 මැයි මස 13 සිට 15 වැනිදා දක්‌වා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත. එහි සමාරම්භක උත්සවය 13 දා (අද දින) පස්‌වරු 4.00 ට දකුණ පළාත් ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර මහතාගේ ප්‍රධානත්වයෙන් රිච්මන්ඩ් විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත ය. මේ සඳහා පෝතක බාලදක්‍ෂ දරු දැරියන් 5000 සහ ආචාර්ය මහත්ම මහත්මීන් 500 පමණ සහභාගීවීමට නියමිත ය. ප්‍රධාන බාලදක්‍ෂ කොමාසාරිස්‌ මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ පූර්ණ උපදෙස්‌ පරිදි සංවිධානය කෙරෙන මෙම කබෝරියේ කබෝරි සංවිධායක කොමසාරිස්‌ ලෙස කටයුතු කරන්නේ සහාය ප්‍රධාන කොමසාරිස්‌ ගීතා පෙරේරා මහත්මියයි.

එතැන් පටන් ගතවූ වසර 100 තුළ ශ්‍රීී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඉතා ශීඝ්‍රයෙන් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට 46000කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් විශාලතම ස්වේච්ඡා ළමා ව්‍යාපාරය බවට පත්ව ඇත. මෙහි නිරත සියලුම නිලධාරීන් ස්වේච්ඡාවෙන් කටයුතු කිරීම අනෙකුත් ස්වේච්ඡා ව්‍යාපාර අතර බාලදක්ෂ ව්‍යාපාරයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. 


100 years of Cub Scouting in Sri Lana

11th National Cuboree - 2016 ‘Towards another beautiful century’
 
The 11th National Cubboree was held from May 13 – 15 at Richmond College in Galle. It was opened by the Chief Guest, Governor of Southern Province, Hemakumara Nanayakkara. The Cubboree also celebrates 100 years of cub scouting in Sri Lanka. Gita Perera (Assistant Chief Commissioner (Cubs), the Organising Commissioner delivered the welcome address followed by a talk by the Chief Scout Commissioner Prof. Nimal de Silva. 
The Chief Guest recalled the days when he was a scout at Richmond College and related incidents of his scouting career and referred to the present Chief Commissioner as his Scout Leader when he was a scout. He said that he learnt how to lead a good life through scouting. He said children will become useful citizens of the country through the scout movement.
The principal of Richmond College, Sampath Weragoda and District Scout Commissioner of Galle, Ananda Alwis also addressed the gathering. A special commemoration stamp was issued to mark 100 years of cub scouting in Sri Lanka and the world. Cub teachers who had completed over 25 years of service were given awards recognising their longstanding services to Cub Scouting.
Six-thousand cub scouts and 800 Akelas from 29 Scout Districts participated. Arrangements were made to accommodate the cubs in schools provided with all basic amenities. During the Cubboree the Cubs took part in art, singing and other activities. An exhibition was also held. A colourful arena display was followed by the Red Flower. 

 
13th May 2016 on Friday
4.00 p.m - The Opening Ceremony
14th May 2016 on Saturday- Main Rally
11.30 a.m - activities
4.00 p.m - A colorful Arena Display
6.30 p.m - Red Flower
15th May 2016 on Saturday
9.00 a.m - Closing Ceremony
During the 11th National Cubboree the Cubs will take part in various activities of Skills, Art, Singing and a host of other activities. An Exhibition also has been arranged.

We are Celebrating 100 years of Cub Scouting of Sri Lanka in this Year. In 2016 we will commemorate one Hundred years of the Cub Scout section with local and international Celebrations. The 11 th National Cubboree will be held from 13th – 15th May 2016 at the Richmond College premises in Galle. The Cubboree also coincides with 100 years of Cub Scouting in Sri Lanka and World. Mrs Geetha Perera (Assistant Chief Commissioner – Cubs ) is the Organizing Commissioner. 6000 cub scouts and 800 Akelas are expected to participate from 29 Scout Districts. Arrangements are being made to accommodate the cubs in schools.

පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරයේ ඉතිහාසය ගැන වැඩි විස්තර සදහා  SCOUTING MAGAZINE බලන්න...
Scout Media Partner: SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර, විජායි දමිල මාධ්‍ය බාලදක්ෂ කදවුර