Translate

Thursday, October 9, 2014

57th JOTA~18th JOTI~6thJOTS~2014

57th JOTA~18th JOTI~6thJOTS~2014

GET READY TO PARTICIPATE IN JOTA-JOTI-JOTS
BETWEEN 19-20 OCTOBER 2014!
Sri Lankan Contingent - Official Operating Main Hub | Sri Lanka Scout Association, Colombo 02 | 4s7VK - The Radio Society of Sri Lanka (RSSL) | JOTA/ JOTI / JOTS Camp Chief | Archt. Prof. T.K. Nimal P De Silva | JOTA/ JOTI / JOTS National Organizer | Chaminda Wariyapperuma |
වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර හා අන්තර්ජාල ජම්බෝරිය මෙවර ද ලෝක බාලදක්‍ෂ සංගමය විසින් 57 වෙනි ගුවන් හා 18 වෙනි අන්තර්ජාල ජම්බෝරිය වශයෙන් ලොව පුරා පැවැත්වීමට සියලූ ම කටයුතු සූදානම් කර තිබේ.
ශී‍්‍ර ලංකා ආධුනික ගුවන් විදුලි සංගමයේ පූර්ණ සහයෝගය ඇතිව 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මස 18 දවස පුරා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඇතුලූ ව රට පුරා ගුවන් විදුලි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා අන්තර්ජාල මෙහෙයුම් මධ්‍යස්ථානක් පවත්වා ගැනීමට කැමති ඕනෑ ම බාලදක්ෂ කණ්ඩායමකට අවස්ථාවක් ලබා දීමට ජාතික බාලදක්ෂ මූලස්තානයේ අවධානය යොමු වී ඇත.
අවට සිටින සෙසු බාලදක්ෂ, බාලදක්ෂිකා කණ්ඩායම් සමග වඩාත් හොද සම්බන්දතාවයක් සහිත සහයෝගයෙන් යුක්ත ව කටයුතු කළ හැකි ශක්තිමත් කණ්ඩායම් වශයෙන් හෝ දිසා මට්ටමින් කි‍්‍රයාත්මක විය හැකි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙහි, ගිනිමැල, සංගීත කණ්ඩායම්, ආදි විවධාකාරයේ කි‍්‍රයාකාරකම් සහිත ව ඔක්තෝම්බර් 18 දිනයේ දවස පුරා සජීවී ලෙස පවත්වා ගෙනයෑමට හැකියාවක් ඇති සම්පත්දායකයින් හා සමූහයන් හැකි ඉක්මනින් මෙම මහගු අවස්තාවෙන් ප‍්‍රයෝජන ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු.
විමසන්න
චමින්ද වාරියප්පෙරුම - (0774 52 62 62)
මූලස්ථාන කොමසාරිස්
ජාතික සංවිධායක
ජාතික බාලදක්ෂ මූලස්ථානය
කොළඹ 02
more on https://www.facebook.com/events/673764669386584/685265881569796